ඉන්දියාවෙන් එන්නේ නැත්ද? What is really going on?


කලින් සටහනේ හෙන්රි පළ කළ එක අදහසකට තුන් දෙනෙකු තුන් ආකාරයකට වෙනස් මතයක් කියුවා. එහෙම තමා වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපට බැලූ බැල්මට පෙනෙන දෙයයි, ඇත්තටම වෙන දේයි  අතරේ විශාල  වෙනස් කම් තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට අපට කරුණු දැන ගන්න, ඔය ගණන් හිලවු අවශ්‍ය වෙනවා. අරූ දමල තිබුනේ අන්න ඒ වගේ ගණන් හිලවු ටිකක්. මේකම කකා, තමන් නිරීක්ෂණය කරන දෙය ඇසුරින් කියුවා.

ඔය අරාබි කාරයන් මෙහෙ වැහි වැහැල. නැත්නම් චීන්නුන් වැහි වැහැල කියල අප සමහර වෙලාවට කියනවා. නමුත් ජනගහනයේ මොවුන් ඉන්න ප්‍රතිශතය අරන් බැලුවොත් ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම චීන්නුන් හා ඉන්දියානුවන් කියන්නේ ලෝක ජනගහනයෙන් 40% කට ආසන්න ගණනක්. ඉතිං මොවුන් හැම තැනම ඉන්න එකේ එතරම් පුදුමයක් නැහැ. අපත් (ලංකාවේ කට්ටියත්) ඔය හැම තැනම ඉන්නේ.

අපට යමක් විශ්ලේෂණය කරන්න හැකි කම තමා ඉගෙන ගැනීමේ එක අංගයක් වන්නේ. මා නිතරම ලියන අනික් විදිහ සිංහලෙන් කියනවා නම් rote learning යන්නයි. මේ විදිහට කට පාඩම් කරලා, නැවත නැවත කියවලා මතක තබාගෙන ඉගෙන ගන්න අවශ්‍ය දේවල් නැතුවා නොවේ. හැබැයි අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන්ම rote learning සංකල්ප මත රඳා තියනවා නම්,  අර කලින් කියුව විදිහට විශ්ලේෂණය කරන්න, වටහා ගන්න හෝ හේතුව සොයන්න පුළුවන් විදිහට මනස හැඩ ගැසෙන්නේ නැහැ.  ඡේද බලාගෙන උත්තර ලියන්න පුළුවන් වුනත්, නිරවුල්ව ඡේදයක් ලියා ගන්න හැකියාවක් ලබා ගන්න එවිට බැරි වෙනවා.

ඊයේ පෙරේද දකුණු ආසියාවේ විතරක් නොවේ, ලෝකේ දෙවෙනියට විශාල ජනගහනයක් ඉන්න ඉන්දියාවේ තෘතීය අධ්‍යාපන ලාභීන් ගැන කෙරුණ ප්‍රථම විගණනයේ සොයා ගැනීම් හෙළි කෙරුනා. එක දෙයක් තමා අවුරුදු පතා පිට කෙරෙන පනස් ලක්ෂයක් පමණ වන මේ උපාධි ධාරින්ගෙන් අඩක් (50%) කිසිම රැකියාවකට සුදුසු නැහැයි කියන එක.

එයට හේතු දෙකක් එම වාර්තාව කියනවා. එකක් තමා ඉංගිරිසි නොදැනීම (මගේ ඇඟට ගොඩ වන්න එපා). අනෙක තමා cognitive කුසලතා නොමැති වීම. ඉන්දියාව කියන්නේ දියුණු වෙමින් පවතිනවා යයි කියන ලෝකයේ, සීග්‍රයෙන් දියුණු වනවායි  ගැනෙන රටක්. අද ඉන්දීය වෙළඳ ඇමති වරයා කියුවෙත් අපේ තෘතිය අධ්‍යාපන ලාභින්ගේ හැකියාවන් ගැන ප්‍රශ්න තියනවා කියලයි.

මෙතැනදී මා පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ලක්ෂ පනහක පිරිසක් අවුරුදු පතා උසස් අධ්‍යාපනය ලබනවා කියන එක. ඒ කියන්නේ අවුරුදු හතරක් තුල බිහිවන මේ පිරිස ලංකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ මුළු ජනගහනයට සමානයි. මේ ලක්ෂ පනහෙන් 1% ක් විදේශ රටවලට ගියොත් එය වසරකට 50,000 ක පිරිසක්. ලංකාව වැනි රටක වසරකට කොතරම් පිරිසක් තෘතිය අධ්‍යාපනය ලබල පිට වෙනවාද?

තම දරුවා ලංකාවේ හෝ ඉන්දියාවේ පාසලක ටික කලක් ඉගෙන ගෙන, මෙහෙ පාසලකට දාල ටික දවසක් යන කොට දෙමාපියන්ගේ දුක් ගැනවිල්ලක් තමා, උගන්වනවා අඩුය කියන එක. එය පුරවන්න මොකද කරන්නේ පන්ති යවනවා. මේ අමතර පන්ති වැඩිපුර වලදී භාවිතා වන්නේ  rote learning concepts. එවිට දෙමාපියනට හරි සන්තෝෂයි.

මා පසුගිය දා කියවපු ඉන්දියානු ප්‍රවුර්ති අඩවියක තිබුන කොමෙන්ටුවක් තමා මේ තියෙන්නේ  “This is true, even in my case, as long as I was in school till the 12th Grade,I was blinded by the notion that only memorization of the subjects will make me pass the exams, and our teachers never bothered to clarify that even factual knowledge is good enough for passing exams. And that thing is still going on which is very sad and disastrous.” මේ ඇත්ත කියල කියන්නේ අර cognitive skills නැතිය කියන එක ගැනයි.

මේ කටපාඩම් අධ්‍යාපනයට විරුද්ධ ක්‍රමයක්  වන්නේ constructive learning කියල සිංහලෙන් හැඳින්වෙන දෙයයි. එහිදී දැනටම දන්නා යමක් පදනම් කරගෙන ඊළඟ දැනුම ලබා ගන්න උගන්වනවා. ඕස්ට්‍රේලියානු පාසල් අධ්‍යාපනයේ ඉගැන්වීම් සඳහා මේ ක්‍රමය යොදා ගැනෙනවා. (මතු සම්බන්දයි).

Advertisements

8 Comments

Filed under Education

8 responses to “ඉන්දියාවෙන් එන්නේ නැත්ද? What is really going on?

  1. බැලූ බැල්මට පේන දේයි, ඇත්ත දේයි අතර වෙනසක් තියෙනවා තමයි රයිගම්. දැන් අපේ මේ වැඩ කරන දූපතේ තියෙන පාසැල් තුනටම ඉන්න ශ්‍රී ලාංකික ගුරුවරු සංඛ්‍යාව දෙකයි. මායි බිරිඳයි. ඉන්දියානුවෝ මම හිතන්නේ සීයකට ආසන්නයි හෝ ඊට වැඩියි. ගුරු වෘතිය පැත්තකින් තිබ්බොත් අපි ඇරෙන්න තව ශ්‍රී ලාංකිකයෝ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අක්ෂි වෛද්‍ය වරයෙක්. අනිත් දෙන්නා පෞද්ගලික සමාගමක කළමනාකාර සහ ගණකාධිකාරී වරයා. ඉන්දියානුවෝ කී දෙනෙක්ද මම දන්නේ නෑ දෙතුන් සීයක් ඇති. බංග්ලාදේශීනුත් ඒ වගේ.

    ඉන්දියානු උපාධිධාරීන්ගැන මම කතා කරන්න කැමති නෑ. ඒ මොකද මම මීට කලිනුත් එහෙම උත්සාහගත්ත වෙලාවක දෙකක මට මාව නිර්දය විවේචනයට ලක් වුනා.

    නමුත් මේ ගිය සතියේ කේරළ සහ තමිල්නාඩු ඉන්දියානුවොම දෙන්නෙක් මා ඉස්සරහම කිව්වා ඒ උපාධි ගන්න හැටි. මම කිසී දෙයක් නොකියා අහගෙන හිටියා.

    • ඉතිං හරිනේ මචං ඉන්දියානුවන් කියන්නේ ලෝක ජනගහනයෙන් 20% කට අආසන්න ප්‍රමාණයක්. ලාංකිකයන් කියන්නේ 0.3% ක විතර ගාණක්. උන්ගේ 200 කට අප දෙතුන් දෙනෙක් ඉන්නවා කියන්නෙත් ලොකු දෙයක්. හැබැයි අපට මීට වඩා පුළුවන්. උඹේ නිරීක්ෂණය වැරදි නැහැ.

      දැන් කොහෙද මචං මේ නිර්දය විවේචනයට ලක් වුනේ. කොහොමත් කට්ටිය ඉන්නේ අමිග්දල හයිජැක් එකට අහු වුන ගමන්. ඒක හින්ද ගණන් ගන්න එපා.

      උඹට තේරුම් ගන්න පුළුවන්නේ ලක්ෂ 50 කින්භාගයක් ඒ රටේ වත් කිසිම රස්සාවකට සුදුසු නැතිය කියල ඒ අයම කියනවා.

  2. //තම දරුවා ලංකාවේ හෝ ඉන්දියාවේ පාසලක ටික කලක් ඉගෙන ගෙන, මෙහෙ පාසලකට දාල ටික දවසක් යන කොට දෙමාපියන්ගේ දුක් ගැනවිල්ලක් තමා, උගන්වනවා අඩුය කියන එක. එය පුරවන්න මොකද කරන්නේ පන්ති යවනවා. මේ අමතර පන්ති වැඩිපුර වලදී භාවිතා වන්නේ rote learning concepts. එවිට දෙමාපියනට හරි සන්තෝෂයි//
    හෙහ් හෙහ්…. ඔය ඇරියස් එක කවර් වෙන්න තමයි මෙහේ තියෙන්නෙ ශිෂ්‍යත්වෙ ඉඳල උඩට තරගකාරී විභාග තියෙන්නෙ. අම්මලට ඇති පදං සතුටු වෙන්න පුළුවන්

  3. තිසර

    ගණිතය, චෙස්, පරිගණක මෘදුකාංග නිපැයුමට ඉන්දියානුවෝ වැඩි දස්කම් දක්වනවා නේද? නැත්නං ඒකත් අර “මෙහේ චීන්නු වැහි වැහැලා” වගේ නිරීක්ෂණයක්ද දන්නෙ නෑ. දැනට මා සේවය කරන ස්ථානයේ පරිඝණක තාක්ෂණික අංශයේ ඉන්නා ඉන්දියානුවන් ගණන ඉතා ඉහලයි.

    ඔය මම ඉහතින් කී ක්ෂේත්‍ර වල දැනුම ‘rote learning’ ක්‍රමයට ලබාගන්න අපහසුයි නේද?

    • අපේ ටැක්සි කාරයන් අතරත් ඉන්දියානුවන් ගණන ඉතා ඉහලයි තිසර!
      1. තමා සංක්‍රමණිකයන් කියන්නේ රටේ ජනතාවක සාමාන්‍ය නියැදියක් නොවේ.
      2. සුළුතර පිරිස් රටක ක්‍රියා කරන හැටි වෙනස්.
      3. කණ්ඩායමක හෝ රටක එක්සේප්ෂනලි දක්ෂ පිරිස් ඉගැන්වීමේ ක්‍රමය කුමක් වුවත් දක්ෂකම් පෙන්වනවා.
      4. දීර්ග පිළිතුරක් ලියන්න අද බැහැ. 🙂

  4. රයිගම් මට දුක මේ වගේ තැන් වල කටින් නරි වන්දන් දෙන අය ගැන… මස් කනවලු..හැබැයි මරන්නේ නැහැ… මස් මරණ අය දැක්කම අහක බලා ගන්නවා..
    හැබැයි රසට මස් කරි හදන රෙසිපි දානවා…

    අනේ මෙහෙම වැදගත් නෝනලා මහත්තුරු… හිනා යනවා නේද රයිගම් එහෙම දේවල් දකිද්දී.. 😦

    මන් ඔබේ කළින් පෝස්ටුව දිහා හොඳට බලන් හිටියේ… ඉන්නකෝ කට්ටියගේ පරස්පර කතා ටිකක් පෙන්වන්න ඔබට… නරි වන්දන් දෙන අයට රැවටෙන්න එපා රයිගම් …

    ” අනේ මම නම් කළු පාට කැත මිනිස්සුන්ට කැමති නැහැ. එයාල ඉන්න නිසා මම වාහනේ ඉස්සරහ සීට් එකේ යන්නත් කැමති නැහැ ලංකාවට ගියාම ”

    තව තියෙනවා … රැවටෙන්න එපා රයිගම් සුන්දර වචන වලට…

    • මොකද සහන් මට මේක නොතේරෙන්නේ? මාත් කටපාඩමින් “උගත්” නිසාද?
      හීන් නුලෙන් මට නේද ඔය කියන්නේ? මා නම් මස් කනවා, අරක්කු බොනවා. සතුන් මරන්නේ නැහැ. හැබැයි මා වෙනුවෙන් මරන්න කෙනෙක් නැති වුනොත් (උදා කාන්තාරයක තනි වුනොත්) මා සතුන් නොමරා නම් ඉන්න එකක් නැහැ.
      නරිවාදන් නේද හරි වචනය.
      කළු මිනිස්සුන්ට නම් මාත් කැමති නැහැ. ඉකේයිය, මට ඉස්සරහ සීට් එකේ යන්න හරි මොකක්ද වගේ මෙයා. අනේ ඩයිවර් අමුඩේ ගහගෙනද එළවන්නේ? චීයා!!!
      What is really going on here????

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s