සේපාලගේ ගුවන් යානා හයි ජැක් සහ අපේ Amygdala hijack!


සේපාල ගුවන් යානයක් කොල්ල කාල, සල්ලි ටිකකුත් කඩාගෙන කොළඹ ඇවිත් ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයේ  ප්ලේන්ටියක් බොන කතාව දිවයිනේ මුල් පිටුවේම තිබුනා. හැබැයි ඒ ටික දවසකට.

ඉස්සර දිවයිනේ ගිය අර ගුරු සේවයේ රස කතා (පියසේන කහඳගමගේ ගේ) වල එක කතාවක් යන්තමට මේ වගේ. මේ පාසල් පරීක්ෂක වරයා සිංහල උගතෙක්. හෙළ හවුලේ පොරවල් පරාදයි. පාසල පරික්ෂා කරන්න ආවහම, ළමයින්ගේ සිංහල භාෂා ප්‍රවීන තාවය හොඳට බලනවා. දැන් මෙයා පිටිසර පලාතක පාසලකට ආවා. එදා ආපසු යන්න බැහැ. රාත්‍රිය විදුහල්පති සමග ගුරු නිවාසයේ නවතින්න යොදා ගත්තා. වතුර ගන්න හා නාන්න  තියන ලිඳ ගැඹුරු එකක්. මෙයාගේ ආවතේව වලට විදුහල්පතිවරයා විසින් පාසලේ හිටපු සිංහල වලට ටිකක් දක්ෂ සිසුවෙක් අල්ල ගත්තා. මෙයාගේ තරම අර දරුවට කියා දීල, ව්‍යාකරණ වරද්දන්නෙ නැතුව අහන දෙයකට උත්තර දෙන්න කියා ප්‍රධාන ගුරුතුමා උපදෙස් දුන්න.

දැන් පරීක්ෂකට හවස නාන්න ඕනේ උනා. අර දරුවා තමයි වතුර ඇදල දෙන්නට පන්ගාර්තු වුනේ. ඔන්න එක පනිට්ටුවක් එනවා. ඒක ඇඟට හලා ගන්නවා. දෙවෙනි පනිට්ටුව එනකොට, පළමුවෙනි එකේ වතුර ටික වේලිලා ගිහින්. මෙහෙම ටික වෙලාවක් “නාන” කොට මිනිහට තරහයි. දරුව, වතුර ඇදීම පමා වීමට හේතුව කිමෙක්ද? කියල ඇසුවා. පොඩි එකාට මහන්සියි. ඒ මදිවට දීපල්ලකෝ උත්තර ව්‍යාකරණයෙන්ම. පොඩි එකා වචන හොයනවා. පරික්ෂකතුමනි, ලිඳ ගැඹුර බැවින්ද………, කඹය කොට බැවින්ද………. පරික්ෂකට යකා නැග්ගේ, පොඩි එකා විහිළු කරනවා කියලයි. ඉන්පසු වුන දේ මට මතක නැහැ. ඉන්පසු පොරට දාපු විහිළු නම වුනේ “ලිඳ ගැඹුරු බැවින්ද_කඹය කොට බැවින්ද” කියන එක.

ඔය වගේ කඹය කොට බැවින්ද ලිඳ ගැඹුර බැවින්ද කියල හිතන එකේ තව කතාවක් තියනවා. අපේ මොලයේ තැලමසේ ඉඳල සංවේදනයන් මොලයේ කොටස් දෙකකට යැවෙනවා. එකත් තමා amygdala කියන කොටස, අනික තමා  neocortex.  පසුව කියන කොටස තමා අපේ තාර්කික සිතුවිලි පාලනය කරන්නේ. අපට තර්ජනයක් ආපු වෙලාවට අර මුල් කොටස අමිග්දල තමා තීරණය ගන්නේ මොකද කරන්නේ කියා. ඒ කියන්නේ අනෙක් කොටසට සංවේදනයන් ගිහින් තීරණය කරන්න පෙර මේ කොටසින් ආපසු පණිවුඩ යැවෙනවා ක්‍රියා කරන්න. එක්කෝ පලා යන්න, නැත්නම් ගල් වෙන්න නැත්නම් සටන් කරන්න. මේ කොටස අපේ භාවාත්මක හැඟීම් පාලනය කරන කොටස කියලත් කියනවා.  අර වගේ තර්ජනයක් ඇති අවස්තාවක අපේ තර්කානුකුලව සිතන කොටසට ඉඩ නොදී ක්ෂණික ක්‍රියා මාර්ග ගන්න එක තමයි මේ භාවාත්මක අමිග්දල කරන්නේ. මේකට අමිග්දල හයිජැක් කියනවා. ඒ කියන්නේ, එක වරම එන තර්ජනයකදී අප ක්‍රියා කරන්නේ වෙනස්ව.

මිනිසා   ඉස්සර කැලේ යන විට කොටියෙක් පැන්නොත්, කඹය දිගද, හෙල්ල කොටද, මා ශක්තිමත් ද, මූ මාව කාවිද, මාව මූ කාවිද, මූට පහර දෙන්න ඕනේ මොන කෝණයකින්ද යනාදී වශයෙන් හිතන්න වෙලාවක් නැහැ. මොකද සියල්ල සිදු වන්නේ ක්ෂනිකයකින්. මොලයේ භාවාත්මක කොටස තීරණය ගන්නේ ඒ නිසා. එය ක්ෂනිකයි හැබැයි තර්කානුකුල නැහැ.

අපේ නූතන ජීවිතයේත් මේ හයිජැක් එක වෙනවා කියල යෝජනා වෙනවා. උදාහරණයකට ඔබේ බොස් රැස්වීමක ඔබට බොරු චෝදනාවක් කලොත්, මොලය මේ හයිජැක් අවස්ථාවට යන්න පුළුවන්. එහිදී තර්කානුකූල උත්තරයක් දෙනවා වෙනුවට, ඔබ ගල් වෙන්න පුළුවන්. ගෙදර බිරිඳ යමක් කියුවොත් ගල් වෙන්න හෝ ගහ ගන්න හෝ ගෙදරින් පිට වෙලා යන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා ගියහම ඔබට තේරෙනවා කලින් ගත්තු පියවර නිකම් අංජබජල්, කිසි තේරුමක් නැහැ, මට මෙහෙම කරන්නයි තිබුනේ කියා.

මෙය තේරුම් ගැනීමෙන් අපට ජිවිතයේ සමහර අවස්ථා වලට මුහුණ දීමේදී අප ක්‍රියා කරන ආකාරය වෙනස් කර ගන්න පුළුවන් කියා අද කියනවා.

(මේ ගැන තව දැන ගන්න පුළුවන් Amygdala Hijack  ගූගල් කිරීමෙන්. හැබැයි එවිටත් ඔබේ ක්‍රියාවන් හයිජැක් වෙන්න දෙන්න එපා).

Advertisements

10 Comments

Filed under Social

10 responses to “සේපාලගේ ගුවන් යානා හයි ජැක් සහ අපේ Amygdala hijack!

  1. හරිම අගෙයි. සරල එමෙන්ම සාර්ථක ලිපියක්. අපි වැනි හමුදා සෙබලුන්ටනම් බොහෝවිට සිදුවන්නේ ක්ෂණික තීරණ ගන්න තමා. හමුදා ගුවන් නියමුවන්ටත් එසේමයි. නමුත් මෙහි බරපතල තත්වය වන්නේ පෞද්ගලික ජීවිතයේ වැදගත් අවස්ථා වලදීත් හමුදා පුද්ගලයන් ‘අමිග්දල හයිජැක්’ තීරණ ගැනීමයි.

    • විචාරක, මේ ගැන වැඩිදුර ලියුවොත් හොඳ නැහැ. හමුදා පුද්ගලයන් විතරක් නොවේ, බොහෝ දෙනා ස්ථිර අමිග්දල හයිජැක් එකකට අහු වෙලා වගේ.

  2. හොදට විස්තර ඇතිව ලියපු ලිපියක්.
    >> හැබැයි ටිකක් වෙලා ගියහම ඔබට තේරෙනවා කලින් ගත්තු පියවර නිකම් අංජබජල්, කිසි තේරුමක් නැහැ, මට මෙහෙම කරන්නයි තිබුනේ කියා.<<
    මෙය නම් සහතික ඇත්ත රයිගම.

  3. තිසර

    මේක කියෙව්වහම මට හිතෙන්නේ සමහර මිනිස්සු මේ වගේ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්නෙත් සමහර අය අසාර්ථක වෙන්නෙත් ඇයි කියලා. උදාහරණයක් හැටියට, තව මොහොතකින් රියක ගැටෙන්න යන එක්කෙනෙක්, ක්ෂණිකව අහකට පනින්නෙත් තව කෙනෙක් ගල්වෙන්නෙත් තනිකර අහඹුවක් ලෙසද? හමුදා සෙබළු වගේ ක්ෂණික අවස්ථාවලට මුහුණ දෙන්න විශේෂ පුහුණුවක් ලබලා තියන අය ඒ වගේ අවස්ථා වලට මුහුන දෙනකොට වඩා සාර්ථක ද?

    වැදගත් ලිපියක් රයිගම්.. මේ ගැන වැඩි විස්තර හොයන්න හිතුණා මට…

    • නුතන පුහුණු කිරීම් වලදී මේ ගැන කියනවා. ඒ කියන්නේ දන්නා කෙනෙකුට හයිජැක් වෙන එක නවතා ගන්න පුහුණු වෙන්න පුළුවන් තිසර! 🙂

  4. මේ ලිපියේ මතුපිටින් පේනවට වඩා යමක් තියෙනවද කියලා මම තවම කල්පනා කරනවා. නමුත් හිතුනු දේවල් නොලියා ඉන්න එක හොඳයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s