හිතුවත් වැඩක් නැහැ! I’m Saddam Hussein, I’m the president of Iraq and I’m willing to negotiate’


සදාම් හුසේන්ගේ පාලන කාලය අරන් බැලුවොත්,  ඔහු හා ගනු දෙනු කරපු ලෝක නායකයන් හා රටවල් ගැන වැටහීමක් ගන්න පුළුවන්. ගඩාපිත් මේ වගේමයි. අන්තිම දවස් වලත් බ්‍රිතාන්‍ය සමාගම් කරන්න ගිය ගනු දෙනු ගැන ඔය තිබුනේ.  සදාම් අන්තිමට බටයක හැංගිලා ඉන්න විට එලියට ඇදලා ගන්න විට කිවේ මොකක්ද? Lets negotiate! කියලා. අර පරණ පුරුද්දට. නමුත් ඒ වෙන කොට එයාගෙන් වැඩක් නැහැ කියල ඔහුටම තේරුමක් නැහැ. එතකොට දත් ටික පෙන්වන්න විතරයි ඉතුරු වෙලා තිබුනේ. 

ඉරානයට වුනත් කියන්න පුළුවන්, උඹලට න්‍යෂ්ටික අවි තියනවා නම්, අපට හදා ගත්තහම මොකද කියල. බොරුවට හෝ ඇත්තට හෝ ඔවුනුත් කතාවට එන්නේ, එහෙම කරන්න ඕනේ කම තිබුනත් බැරි නිසා. ඉරාකය හා ලිබියාව වැනි රටවල් අද තියන තත්වයට පත් කරන්න ඒ රටවල් පාලනය කරපු ඒකාධිපතියන් තමා වැඩිම දායකත්වය දුන්නේ.

හැබැයි එකක් පැහැදිලියි, මේ ලෝකය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක නම් ලෝකේ ඉන්න ගොඩක් දෙනාට වැටහීමක් නැහැ. බටහිර රටවල් වල ඉඳන් ලංකාව හදන්නත් බැහැ, ඒ වගේම ලංකාවේ ඉඳන් බටහිර රටවල් හදන්නත් බැහැ. ඒ විතරක් නොවේ බටහිර රටක හිටියත්, ලංකාවේ හිටියත් ඒ ජිවත් වන රට හදන්නත් ඒකීය පුද්ගලයාට තියන හැකියාව හරි සීමිතයි.

අර ඩි ගෝල් කියපු ප්‍රසිද්ද කියමනක් තමා ප්‍රංශයට මිතුරන් නැහැ, තියෙන්නේ උවමනාකම් විතරයි කියන එක (France has no friends, only interests). අපේ ඇබට් අයියා වගේම කැමරන් ගොයියා හා අල්ලපු රටේ සිං මාමද සනාත කළේ එම ප්‍රසිද්ධ කියමනයි.

“අනේ ප…., මේක අපේ රට. කොහොම වුනත් ඒ අපේ ජනාධිපති. අපි අපේ රටට ආදරෙයි.මොනවත් කියන්න එපා. චෝගම් එක හොඳයි. මම දැනුත් මේ ඒක බලබල ඉන්නේ. චෝගම් එක නිසා අපේ ලංකාව ලෝකේ ප්‍රසිද්ධ වෙනවා. ලංකාව ගැන මුළු ලෝකෙම දැන ගන්නවා. ඉන්දියාව තරම් අපි ජනප්‍රිය වෙනවා ප…” මේ තියෙන්නේ අර කළා මැදිරියා ගේ සටහනකට ආපු ප්‍රතිචාරයක්. එය සෝපහාසයෙන් දමපු එකක් වෙන්න පුළුවන්. නමුත් පටන් ගත්තු හා ඉවර කරපු හැටියට දේශප්‍රේමිය අව්‍යාජ හෙලයෙකුගේ අවිහිංසක සිතුවිල්ලක් වෙන්න ඉඩ තියනවා. ඔහු කියන දේ ඇත්ත මෙවැනි සමුළු, ක්‍රීඩා උත්සව වලින් බලාපොරොත්තු වන එක දෙයක් තමා, ලෝකෙට ප්‍රදර්ශයනය වීමට අවස්තාවක් උදා කර ගැනීම. කෙටි කාලිනව විතරක් නොවේ, දිගු කාලින ප්‍රයෝජන එමගින් මතු කර ගන්න පුළුවන්. 

ප්‍රතිරූප වර්ධනය කෙරුව එක කෙසේ වුනත්, උතුරු කොරියාව වැනි වාරණ නැති රටක් වුනත්, මේ මගුලට සුදානම් වෙන දවස් වල කරපු දේවල් හා ඒ අතරතුරේ කරපු දේවල් මගින් එවැනි හැඟීමක් මේ රටවල් වල ඔය පොත් පත්තර කියවන සාමාන්‍ය ජනයාට ඇතිවුන බව මට තේරුම් ගියේ, දෙතුන් දෙනෙක් මගෙන් අහපු දේවල් වල හැටියට. ලෝකය ගැන දන්නා මිනිසුන්ට කොලේ වහන්න බැහැ. ඔවුන් දන්නවා මොනවාද වෙන්නේ කියා.  ඒ අයගෙන් කෙනෙක් කවදා හරි ලංකාවට යන්න හිතා ගෙන හිටියා නම්, දැන් දෙවරක් හිතනවා. එහෙම නොදන්නා කට්ටියට ඔය මොකුත් අවශ්‍ය නැහැ. කැසිනෝ විතරක් නොවේ, රටක සංචාරක කර්මාන්තය වුනත් රඳා පවතින්නේ සාමාන්‍ය ජනයාගේ සහභාගිත්වය මත. ලෝකේ විශාල සල්ලි කාරයන් කියා ගොඩක් නැහැ. ඒ වෙනුවට ඉන්නේ සාමාන්‍ය ආදායමක් තියන විශාල මිනිසුන් ප්‍රමාණයක්.

හැබැයි ලංකා රජයේ සැබෑ ඕනාකමත් එයමද දන්නේ නැහැ. උතුරු කොරියාව විතරක් නොවේ, ඒකාධිපති පාලන ක්‍රමයන් පවතින හා පවත්වාගෙන ගිය බොහෝ රටවල් වල පාලකයන් ජනතාවට පෙන්නුවේ, බාහිර බිල්ලන් නිසා එවැනි පාලන ක්‍රමයන් අවශ්‍ය බවයි.  අපේ “ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති” ක්‍රමයේදීත් ජනතාව දිනා ගන්නේ  බාහිර බිල්ලන් මාර්ගයෙන්. මේ ඕස්ට්‍රේලියාවේ ගොඩ වෙලාවට පෙන්වන බිල්ලෙක්  තමා බෝට්ටු සරණාගතයන්. එය බිල්ලෙක්ම නොවේ. බිල්ලෙක් වන්නේ ලෝකයේ අනෙක් රටවල් මුහුණ දෙන සරණාගතයන් ගණන හා සසඳන විට පමණයි. 

දේශ සීමා දොර පලු වගේ ඇරලා දාල, රටට ඇතුල් වන සියලුම දෙනා තියා ගන්න කිසිම රටකට බැහැ. හැබැයි සාපේක්ෂව කුඩා ප්‍රශ්නයක් විශාල කරනවා විතරක් නොවේ, එහි බර පටවන්න හදන්නේ අවට තියෙන, මෙයටත් වඩා ගොඩක් අමාරුවෙන් ජිවත් වන ජනතාවට.

අගමැති ටෝනි ඇබට්ගේ ලංකාගමනය ගැන මෙහෙ පුවත් පත් වල නම් හොඳ කතන්දර ගියා. ඩේවිඩ් කැමරන් දුෂ්ට හා උදච්ච්ඡ පාලකයෙක් කියා සිතන, ලාංකිකයෙකු ටෝනි ගැන නම් එහෙම සිතන එකක් නැහැ. හැබැයි මේ දෙදෙනාම ලංකාව වැනි රටක් දෙස බලන විදිහ පමණක් නොවේ සිතන අයුරෙත් කිසි වෙනසක් තියනවා යයි මා සිතන්නේ නැහැ.

එතකොට එක අයෙක් එතරම් මිත්‍රශීලි වන්නත් අනෙකා දුෂ්ට වන්නත් හේතුව ඔබ හිතුවාද ?ටෝනි ගැන සමහර වෙලාවට ලියන්නේ සංක්‍රමණික විරෝධී කියලා. ඕස්ට්‍රේලියාවේ කුසලතා සංක්‍රමණික ප්‍රතිපත්ති “එදා වේල් ප්‍රතිපත්ති” නොවේ. මෙහෙ දිගුකාලින ශ්‍රමික අවශ්‍යතා ඒ සඳහා සැලකිල්ලට ගන්නා බවට සැක කරන්න කාරනා නැහැ. අවුරුදු පතා ඉලක්ක කරන සංවර්ධන වේගයන් පවත්වාගෙන යන්න දේශීය ශ්‍රමිකයන් හා ජනගහන වර්ධන වේගයන් ප්‍රමාණවත් නැහැ.

ටෝනිල තදින් ඉන්නේ නොකකපු ගල් ගන්න. තමන්ගේ මුදලින් හෝ රජයේ මුදලින් හෝ ඉගෙන ගත්තු, කුසලතා තියන කට්ටිය මෙයාල එපා කියන්නේ නැහැ. එයිට පිටින් ඔය බෝට්ටු වල නොවේ, ගුවනින් ආවත් ඔයාලගෙන් අපට වැඩක් නැතිය කියන එකයි මේ කියන්නේ. අපේ රටවල් වල මානුෂික අයිතිවාසිකම් රැකෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනවාද? කියන ඒවා ටෝනිලාට මහා ප්‍රශ්න නොවේ. ඒ අතරේ රටේ ඉන්න මහා ධන කුවේරයට අවුරුදු දහයක බදු සහන ලැබිල බිස්නස් එකකුත් කර ගන්න උදවු වෙන්න පුළුවන් නම් මොකටද නිකම් ඉන්නේ?

මෙතනම ඔහුගේ මැති වරණ පොරොන්දු දෙකක් තියනවා. එකක් තමයි බෝට්ටු වලින් එන සරණාගතයන් බින්දුවටම නැවැත්වීම. අනෙක තමා හැකි ඉක්මනින් අයවැය හිඟය පියවා, එය අතිරික්තයක් බවට පත් කිරීම. පත්තර කාරයන් මොනවා ලියුවත්, රටේ චන්ද දායකයන් ඔහුව ඊළඟ මැතිවරණයේදී, කිරා බලන්නේ කලින් දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියන විදිහෙන්.

මේ පොරොන්දු දෙකම අයහපත් ඒවා කියල මා හිතන්නේ නැහැ. ඒ දෙකට ඉටු කර ගන්න යන මාර්ගය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් චන්දය දෙන කෙනෙකුට, ලංකාවෙන් බෝට්ටු නොඑන්නේ, එහි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වීම හා ආර්ථිකය සමුර්ධිමත් වීම හින්දද, පැකර්ගේ ආදායම් වැඩි වීම මගින්, ඕස්ට්‍රේලියානු ආදායමට තව සොච්චමක් හෝ එකතු වන්නේ, ලංකාවට බදු ගෙවලද නැත්නම් දස අවුරුදු බදු සහනයක් අරගෙනද කියන ප්‍රශ්න නැගෙනවා කියල හිතන්න අමාරුයි. මෙවැනි දේවල් ඔය සාමාන්‍ය ඒකීය පුද්ගලයා හිතන දේවල්ද නොවේ. එතකොට කන්න අඬ ගහපුවම, කාලා එන්නේ නැතිව, නිකම් ගෝෂා කරලා, ඒ රටේ මිනිසුන්ව තරහා කර ගන්නෙත් නැතිව, තමන්ගේ චන්ද පොරොන්දුත් ඉෂ්ට කර ගන්න තියනවා නම්, කොතරම් හොඳද? වින්-වින් සිටුවේෂන් කියන්නේ පුතේ මෙන්න මේවට. ඒකනේ අතර අයියල ඊ මේල් එවුවහම අප ඒ විදිහටම ක්‍රියා කරන්නේ. 

ඒ  කෙසේ වෙතත්, සම්භාධක වල තත්වය නම් ඉරානයට දැනිලා වගේ. අපේ වැනි කුඩා රටවල් විතරක් නොවේ, තෙල් වැනි සම්පත් බහුලව තියන ඉරානයට හෝ ඉරාකයට, තමන්ගේ ඕනෑ කම් මතම ක්‍රියා කරන්න බැරිවීම ඇත්තටම අර කලින් කියුව රටවල් වලට මිතුරන් නොමැති වීමේ එක ප්‍රතිඵලයක් විතරක් නොවේ, අර අනෙක් රටවල් වල ඉන්ටෙරෙස්ට් කියන ඒවා හරියට කළමනාකරණය නොකර ගැනීමේ ඵලයක් කියා සරලව කියන්න පුළුවන්.

කුඩා රටවල් වලට රට අභ්‍යන්තරයේ දේශපාලනයේදී විතරක් නොවේ වෙනත් රාජ්‍යයන් හා ගනු දෙනුවලදිත්  හොඳට චන්ඩි වෙන්න ඕනේ හැටියේ පුළුවන්. හැබැයි මේ චන්ඩිකම් වලින් රට තුල ඉන්න ජනතාවට ඇතිවන අවසාන ඵලය නම්, යහපත් කියා පෙන්නුම් කරන්නේ නැහැ.  ඒ කිසිම වෙලාවක, කලින් දිව ගාගෙන හිටිය මිතුරන් සහයට එන්නේ නැහැ. මොකද ඔවුන් සේරටම තමන්ගේ අවශ්‍යතා වල ප්‍රමුඛතා තියනවා. අධිරාජ්‍ය විරෝධය, ඒකාධිපති  සමාජ වාදය, බටහිර විරෝධය කියන මේ සියලු දේවල් වලින් සාමාන්‍ය ජනයාගේ ජිවන තත්වය තවත් පහල යනවා නම්, එවැනි දේවල් වලින් තියන වැඩේ මොකක්ද?

මේවා ඒකීය පුද්ගලයාට වැදගත් වන්නේ ඉස්සර අපට ඉගෙන ගන්න තිබුන ඉතිහාස විෂයට (සරසවියේදී) විභාගේ ලියන විට වගේ  කලාතුරකින් වෙන්න පුළුවන්. මොකද කියනවා නම්, මේ සියල්ල තීරණය වන්නේ අපට අත පොවන්න බැරි, වෙනත් බලවේග වල සංකලනයකින් නිසා. ඒකීය පුද්ගලයා එම බලවේග අතරේ ඉතා කුඩා ඒකකයක් පමණයි. එය ඇත්තටම බලවේගයක් වන්නේ එකම විදිහට හිතන ඒකීය පුද්ගලයන් විශාල ගණනකගේ එකතුවකින්. 

Advertisements

14 Comments

Filed under Opinion

14 responses to “හිතුවත් වැඩක් නැහැ! I’m Saddam Hussein, I’m the president of Iraq and I’m willing to negotiate’

  1. ඒකීය පුද්ගලයා ක්‍රියාත්මක නොවෙන තාක් කල් බලවේගයක් වෙන්නේ නෑ.මොකද තමන් තනියෙන් අන්තර්ජාලයේ වීරයෙක් වෙනතරම් ලේසියෙන් මහ පොලව මත දේශපාලනය කරන එක පහසු නොවන නිසා.මලාලා යුසුෆ් වීරයෙක් වෙන්නෙ අන්න එතනදි,හුදෙක් අන්තර්ජාලය තුල මතවාදයක් ගොඩ නඟනවාට වඩා ඇය මතුපිට ලෝකයේ තමන්ට එල්ල වන තර්ජනයන්ට මුහුණ දෙමින් ඒ දේශපාලනය කරන්න සිදු වීම.(දේශපාලනය කියන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි)

    • මගේ නම, ඒකීය පුද්ගලයා හැම තැනම ක්‍රියාත්මකයි. කඩේට ගිහින් බඩුවක් ගන්න විටදී, බස් එකේ යන විට, වැඩ කරන තැන, පාසලේදී, සරසවියේදී, මේ බ්ලොග් වල, ගෙදරදී. එයාලගේ එකතුවෙන් සමාජය හැදෙනවා. පක්ෂ දේශපාලනයට කැපවුන මිනිසුන් සමහර දෙනා මේ “ඇත්ත ඒකීය ජිවිතයේ ” සහමුලින්ම වෙනස් අවස්ථාත් තියනවා. සමාජයේ පැවැත්ම හදන්නේ හැබැයි අර මා මුලින් කියුව තැන වලදී ඒකීය පුද්ගලයා වැඩ කරන හා හිතන හැටියට. එයට ලිප්ටන් වට රවුමේ පිකටිං ම අවශ්‍ය නැහැ.

      • අන්න එතන තමයි අනේ මාත් මතු කරන කාරණය.අද අන්තර්ජාලය තුල පුදුමාකාර සමාජ පුනරුත්ථාපන වාදීන් පිරිසක් ඉන්නවා.ඒ වුනාට අන්තිමේදී අර දූෂිත දේශපාලකයටම ජන්දෙත් දෙනවා.මං පුද්ගලිකව හඳුනන අයත් ඉන්නවා එහෙම.

        • මෙයට පිළිතුරු සොයා ගන්න හරි අමාරුයි. බ්ලොග් වලින් නම් කොහොමටත් බැහැ. පසුගිය මාස හය තුල එයාර් ලංකා විඳපු පාඩුව රුපියල් බිලියන 16ක් කියා කොහෙද තිබුනා. මේස සාමාන්‍ය මිනිසෙකුගේ සිතට දනවන්නේ මොනවගේ දෙයක්ද කියා මා නම් දන්නේ නැහැ මගේ නම. හැබැයි ඕස්ට්‍රේලියාවේ පසුගිය රජය වියදම් කරපු ආකාරය හොඳ නැහැ කියන එක, අලුත් ආණ්ඩුව දිනීමේ ප්‍රධාන හේතුවක් වුනා. එයට හේතුව ඔය සාමාන්‍ය මිනිසුන්ගේ හිතුවිලි වලට එවැනි දෙයක් යන්තමින් හෝ බලපාන නිසා.
          පසුගිය රජයේ හිටපු වෘත්තීය සමිති මුදල් වලින් ගණිකා මඩම් වල කරක් ගහපු පොර ස්වාධීනව ඉල්ලුවත්, ලැබුනේ 2% ක පමණ චන්ද ප්‍රතිශතයක්. දුෂණ තියනවා තමයි. ඒවාට මහජන අනුග්‍රහයක් තියනවා කියන්න අමාරුයි.
          අන්තර්ජාලයේ පමණක් නොවේ, අපේ පල්ලි පන්සල් යන මිනිසුන්ගේ ඒ ඉගැන්වීම් දකින්න නැත්තේ ඇයි?

          මා පොඩි කතාවක් කියන්නම්. ධනවාදී සමාජයක ජිවත් වෙන ගමන්, සමාජවාදී සිහින මවන කෙනෙක්, තමන්ගේ බිරිඳ රැකියාවක් කළත්, ඇයට මුදල් පරිහරණය කරන්න දෙන්නේ නැතැයි කියන කතාවක් මා කලකට ඉහත ඇසුවා. බැංකු කාඩ් ඔහුට පමණයි තියෙන්නේ. ඔන්න හැටි. එතකොට මේ ක්ෂුද්‍ර පරිසරයේ නොමැති සමාජවාදය නොවේ, කුඩාවට හෝ යුක්තියක් මහා සමාජයක ගොඩ නගන්නේ කොහොමද? එතැනදී ඔහුගේ බිරිඳත් එකසේ වැරදි කාරයන් නොවේද?
          මෙවැනි දේවල් හදන්නේ කොහොමද? කුඩා ප්‍රශ්න වුවත් විශාල විසඳුම් ඕනේ!

  2. ලංකාවේ දෙසරයක් දකුණෙත්, ඊළඟට උතුරෙත් උනේ ඒක. නමුත් අපේ වගේ රටක විප්ලවයක් ජය ගන්න බෑ. අනික ජයගත්තයි කියමු. ඒක තියෙන ක්‍රමයටත් වඩා අන්ත නම් මොකක්ද ඇති වැඩේ. සාර්ලා මරලා ලෙනින්ලා මොකක්ද කලේ, ලෙනිනුත් සාර් කෙනෙක් උන එක විතරයි. ලෙනින් මරන්න බැරි නිසා තමයි, ලෙනින්ගේ පිලිම කුඩු කලේ.

    මේ රටේ නම් උනේ මේ කාළකන්නි ඡන්ද ක්‍රමය වෙනස් කිරීම. නැත්නම් අපේ මිනිස්සු අවුරුදු පහෙන් පහට බයිලා කාරයෝ ගෙදර යැව්වා. සමහර උන්ට අවුරුද්දක් වත් කර ගන්න බැරි උනා.

    මට තියෙන දුක. දැන් දේශපාළණය කරන එකෙක්වත්, මේ සිස්ටම් එක වෙනස් කරන්න කිසිම උනන්දුවක් නෑ.

    • මාතලන්, ඔක්තෝබර් විප්ලවය සමග ජවිපෙ කෘතීම විප්ලව සසඳන්න බැහැ. ඔක්තෝබර් විප්ලවය කියන්නේ popular uprising එකක් කියා කියන්න පුළුවන් වගේම, එය මිනිස් ශිෂ්ටාචාරයේ එක සංදිස්ථානයක්. ලෙනින්ලා ප්‍රතිෂ්ඨාපනය කලේ තිරස්චින ඒකාධිපති පාලනයක්. සෝවියට් ක්‍රමය කලින් තිබුන ඒකාධිපති ක්‍රමය නොවේ. එය ජනතා සහභාගිත්වය සහිත පාලන ක්‍රමයක්. මෙය පසු කාලයක ඒකාධිපති ක්‍රමයක් දක්වා වර්ධනය කෙරුවේ ස්ටාලින් විසින්. අද චීනයේ පවතින්නේ පුර්ණ ඒකාධිපතිත්වයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මහදෙවොල වන ඇමෙරිකාවේ, ප්‍රජතන්ත්‍රවාදයෙත් හිල් තියනවා. එහිදීත් හැම දෙනාටම සහභාගී වන්න හැකියාවක් නැහැ. මේවා නිරපේක්ෂ කරුණු නොවේ. සාපේක්ෂයි.

      දැන් ලංකාවට ආවොත් විජේවීර ජේ ආර් සමග තරඟ කරපු ජනාධිපති වරණයේදී ඔහු ගත්තු චන්ද ප්‍රතිශතය ඔබ දන්නවනේ. අපේ මැතිවරණ දුෂිත වුනත්, ජනමතය සහමුලින්ම විකුර්ති කරනවා යයි කියන්න බැහැ. මෑත තිබුන උතුරු පළාත් සභාවරණය ඒ බව සනාත කරපු අන්තිම එකයි. මේ වගේම නිදහසින් පසුව ලංකාව පුර්ණ ඒකාධිපතිත්වයක් දක්වා කිසිදා ගිහින් නැහැ. අපේ මෑත විප්ලව සියල්ල, ජනප්‍රිය ජනමතයට එරෙහිව ගිය ඒවා. මේ විප්ලවකාරින් වැඩිපුර මැරුවේ, ජනතා කැමැත්තෙන් තේරුණ නියෝජිතයන් හා සමාජයේ ජනප්‍රිය පුද්ගලයන්. මේ හැදුවේ තියන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, ඒකාධිපති ක්‍රමයකින් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සහයක්.

      මා කලින් ලියපු දෙයකුත් මෙයට එක කරන්න හිතුනා ඔබේ අලුත් සටහන කියවීමෙන්. ලෙනින් ලාත් යුද අපරාධ ඝනයේ සැලකිය හැකි දේවල් කරලා තියන වග ඉතිහාසය කියවන විට දකින්න පුළුවන්. එයම නොවේ ප්‍රධාන ප්‍රධාන ප්‍රශ්නය මට නම්. ඔවුන්ට ඒ අරගලය වඩාත් යුක්තිසහගත සමාජයකින් කෙළවර කර ගන්න අඩිතාලම දාන්න නොහැකි වීම. අර L.P. Hartley නවකතාවක කියන “The past is a foreign country: they do things differently there” කරුණ අද රුසියාවට ගැලපෙන්නේ නැහැ. ඔවුන් තාමත් කරන්නේ අතීතයේ කරපු දේවල්මයි. වර්ගවාදය වැඩිම රටක්. සමාජයේ වෙනස් අදහස් හා ගති ලක්ෂණ සහිත පිරිස් වලට ගැරහීම නීතියෙන්ම අනුමතයි.

      මගේ සටහන ලියුවේ වෙන යමක් කියවල ආපු සිතිවිලි නිසා නොවේ. නමුත් මා දැන් කියවපු සමහර දේවල් වල මෙහි මතු කරපු කරුණුම වෙනත් ආකාරයකින් තියනවා දුටුවා. සුද්දන් දරුවන් බයිනේත්තුවල අමුනලා මරාපු කතාවන් වලට වඩා අද අප දන්නේ, දරුවන්ට පරාල ඇන ගහලා මරපු කතන්දර. පරණ කාලයේ නොවේ, අදත් අප දේවල් කරන්නේ වෙනස්ව නොවේ. මෙයයි මාතලන් වෙනස.

      ඇමෙරිකාව ගත්තත් එහි එක දිගට ගලාගෙන යන සමාජ ප්‍රගතිය, අපේ රටවල් වල තියනවද? අදත් අප වර්ගවාදය පිටු දැකීම, සමලිංගික නිදහස වගේ දේවල් වලට පෙර ගමන කරුවෙකු ලෙස දකින්නේ ඇමෙරිකානු සමාජය. අප්‍රිකානු රටකින් ඉගෙන ගන්නට ආපු මිනිසෙකුගේ දරුවෙකුට, රටේ ජනාධිපති පදවිය දක්වා යාමට තරම් සමාජය ප්‍රගතිශීලි වීම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ. ලංකාවේ අවුරුදු සියගණන් රටේ ජිවත් වුන සුළුතර ජනතාවට රටින් යන්න කියන අතරේ, ලංකාවේ ඉපදිලා ලොකු මහත් වෙලා සංක්‍රමණය වුන ජූඩ් පෙරේරා වික්ටෝරියාවේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පත්වීම ඔබ දකින්නේ කොහොමද? වෙනස් අයව ඉවසන (නොඉවසන පිරිස් තවම ගොඩාක් ඉන්නවා තමයි) සමාජයන් අතර ඉදිරියෙන්ම ඉන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රීය රටවල.

      විජේවීර හා ප්‍රභාකරන් පවා දුප්පත් මිනිසුන් වෙනුවෙන් සටන් කරපු මිනිසුන් ලෙස සලකන්න පුළුවන් වුවත්, ඔවුන් දෙදෙනාම උග්‍ර වර්ගවාදීන්. ඔවුන්ගේ නායකත්වය යටතේ මෙම සටන් වලින් ඔවුන් ජය ගත්තත්, දැන් තියාන සමාජයට වඩා යහපත් එකක් ඔවුන් අතින් ගොඩ නැගේවි කියල මා නං මොහොතකට සිතන්නේ නැහැ.

      බලන්න අද පවා රජතුමාට 50-60% ක චන්ද ප්‍රතිශතයක් (මෙයින් 10% ක් හොරට ගත්තුවා යයි උපකල්පනය කලත්) ලැබෙන විටත්, බලය පවත්වාගෙන යන්න කොතරම් මර්ධනයක් තියනවාද? දැන් සමාජයෙන් 5% ක් වගේ චන්ද ගන්න කට්ටියක් බලය ගත්තොත් කොපමණ මර්ධනයක් මුදා හරින්න ඕනේ කියල ඔබට නිකමට හිතා ගන්න පුළුවන් නේද?

  3. මාර්තු වල මොකක් හෝ කෙහෙම්මලක් ලංකාව ගැන සම්මත වෙනවා
    ඉන් පස්සෙ ආන්ඩුවෙ හොරණෑ වලිං කියනවා අධිරාජ්‍යවාදය නැවත ලංකාවත් මහින්දත් ගිලින්න යනවා කියලා..
    අප්‍රේල් හෝ මැයි වලිං තියෙන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මියෙන තුරාවට නැවතත් පත්වෙනවා. මේ ධූර කාලය වසර හයකටත් වැඩියි මම හිතන්නෙ..

    • අන්න හරි අමිල. තිර පිටපත මුල ඉඳන්ම ලියාගෙන හිටියේ මෙවැනි අවසානයකට තමා. අර කරපු සේරම නාඩගම් එයට පසු බිම හදා ගන්න කියලයි මට හිතුනේ. හැබැයි, මෙහි රඟපාන්න නියමිත නළුවන්, කොයි ආකාරයකට හැසිරෙයිද කියා දැනට කියන්න බැහැ. මට හිතෙන්නේ, නළුවන් හැසිරෙන ආකාරයට තිර පිටපත වෙනස් කරන්න වෙයි. ඔය අද දිගට යන ටෙලි නාට්‍ය වල කරනවා වගේ.
      ඔය මොනවා ආවත්, ඉතිහාසය කියල දෙනවා වගේ, එවැනි කෙහෙම්මලක් මගින් මුලින්ම පිඩනයට පත්වන්නේ, සමාජයේ ඉන්න අඩු වරප්‍රසාද සහිත කට්ටිය. එය ටිකෙන් ටික ඉහල ගිහින්, රජ පවුලට දැනෙන්නේ අන්තිමට. හැම රටකම වුනේ එයයි. උදාහරණයකට බුරුමය ගන්න. එහි ජුන්ටාව වෙනස් වෙනවා තමයි. ඉතා හිමින්. නමුත් ජනතාව කබලෙන් ලිපට වැටිලා.

  4. රයිගම්…..එංගලන්තයේ දේශපාලනය තුල කැමරන්ව පාක්ෂිකයින් පවා බොහෝ දුරට හඳුන්වන්නේ උද්දච්ඡ පුද්ගලයෙක් හැටියට. හැබැයි චෝගම් ආපු කැමරන් හැසිරුණු අර්ථයෙන් හෝ සිංහල ඇසින් දකින අයුරින් නෙමේ. ඒ ඔහු විපක්ෂය හා ගනුදෙණු කරන ආකාරය සලකා බලා. නමුත් අපේ උදවිය එංගලන්තය දෙස බලා ක්‍රියාකරන ආකාරය දිහා බැලුවාම අපි තවත් ආගාධයට යනවා. කැමරන් පරාද කර ලේබර් ආණ්ඩුවක් බලයට එයිද කියා දැන්ම කියන්න බැහැ. ඒ ආවත් අපේ රටට ඇති වාසියක් නැහැ. අපි එහෙම ප්‍රතිපත්තිමය ගනුදෙණුවක යෙදිලා නැහැ. කැමරන් දැනටත් රට තුල මිලිබෑන්ඩ්ට වඩා ඉහලින් ඉන්නවා. ඔබ උඩින්ම කියා තිබෙන ලෙසම මේ රටවල් ගනුදෙණු කරන්නේ තම අවශ්‍යතාවයන් උඩ පිහිටා සිට පමණයි. බ්‍රිතාන්‍ය ලොකර්බි සැකකරු මෙගාබිව නැවත ලිබියාවට යැවු හැටි මතකයිනෙ.

    • මචං උද්දච්ච නැත්තේ කවුද? අප වගේ සාමාන්‍ය මිනිසුනුත් ටිකක් හෝ උද්දච්ච නොවුනොත්, මේ ලෝකේ ජිවත් වීම අසීරුයි. උද්දච්ච කම හා ඔලොමොට්ටල කම කියන්නේ දෙකක්.

      අගමැති ටෝනි පවා උද්දච්චයි. මෙයට වසර තුන හතරකට කලින් දේශපාලන විචාරකයන් කියුවේ ටෝනි prime minister material නොවේ කියලා. නමුත් නැවතුන තැන බලන්න.

      අපේ දෙමල ජනතාව ඔය කම්කරු පාටිය බලයට ගෙන්න වෙහෙසුනා (මට නම් දැක්කත් කේන්තියි. ඇයි කියා මා කලින් සටහනක ලියුවා). ඔවුන් බලයට ඇවිත් වෙනසක් වුනාද? නැහැ. මොකද මචං මුන් හිතාගෙන හිටියට මේ වගේ රටවල් වල විදේශ ප්‍රතිපත්තිය, මේ ජනගහනයෙන් 2%කගේ අවශ්‍යතා අනුව සකස් වෙන්නක් කියා, ඔවුන් ඉන්නේ අඟහරු ලෝකේ. මේවා මතු පිටින් පෙනෙන විදිහට නොවේ. යටින් රිදී රේඛාවක් වගේ ඔවුනගේ නියම ප්‍රතිපාත්තිය ක්‍රියාත්මකයි. ඔය සට්ල් වෙනසක් දකින්න පුළුවන් රටේ අභ්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති වලදී විතරයි.

      කැමරන් විතරක් නොවේ ටොනිත් ලබන චන්දය දිනනවා.

  5. තිසර

    වර්තමාන ලංකාණ්ඩුව මේ බිල්ලන් බොහොම හොඳට කලමනාකරණය කරනවා. එක අතකින් ඔවුන් හෙළ උරුමය, බොදු බල සේනාව වැනි සංවිධාන අවශ්‍ය විදිහට පාලනය කරනවා, තවත් පැත්තකින් විපක්ෂයේ දුර්වල පැවැත්මට අනුබල දෙනවා. අමිල කියලා තියනවා වගේ, මහින්ද රාජපක්ෂ හොඳින් තේරුම් අරන් තියනවා, අන්තර්ජාතික පීඩනය යම් මට්ටමක තියාගැනීම, ජාතිවාදී සංවිධාන වලට ඉඩදීම බලය තියාගන්න පුළුවන් පහසුම ක්‍රම කියලා.

    • මුළු පාලනයම පවත්වාගෙන යන්නේ එම සාර්ථක කළමනාකරණ මත තිසර. හැමදාම මේ පැවැත්මට දුර්වල විපක්ෂය හා විපක්ෂ නායකයාගේ බලයට තියන කෑදරකම එයට තවත් රුකුලක් වුනා. ජනප්‍රිය නොමැති රනිල් හා ප්‍රජා අයිතිවාසිකම් අහිමි කරපු සිරිමා මේ විපක්ෂ නායක කමේ එල්ලී ඉඳීම මේ පාලන දෙකේම ඉරණමට එකසේ බලපෑවා. අදත් බලපානවා. අන්තරජාතික පපීඩනයත් බෝනස් එකක්. ඔන්න බලන්න ඔය රජ පවුලට බනින සියලුම දෙනාම එකට රොක් වන්නේ නැත්ද කියා.

  6. Kenji @ Japan

    >> එය ඇත්තටම බලවේගයක් වන්නේ එකම විදිහට හිතන ඒකීය පුද්ගලයන් විශාල ගණනකගේ එකතුවකින්. <<
    මේ දෙය ඉදිරියේදී ලෝකයේ කොහෙවත් වෙන එකක් නැහැ කියල හිතෙනවා.
    අරාබි වසන්තය එයට හොදම උදාහරණයයි කියල මට හිතෙනවා.

    • මේ ලෝකය ක්‍රියාත්මක වන්නේ එලෙසයි. එය අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැ.