යලි යලිත් එකම දේ ලියන එක මගේ දැන් පුරුද්දක් වෙලා. මොකද එයින් එහාට යන්න නොයෙක් හේතු නිසා අපහසුයි. ලෝකයේ සිදුවන දේවල් ගැන අපට ඕනේ තරම් උපකල්පන කරන්න පුළුවන්. හැබැයි, ඒ ගැන පිළිගන්න පුලුවන් විදිහට ඇතිය හෝ නැතිය කියල ඔප්පු කරලා තියන විට අපට නිකම් තර්ක කර කර ඉන්න එකේ තේරුමක් නැහැ.
පසුගිය නිවාඩුවේදී මා අවුරුදු ගණනාවකට පසු දුම් බට කිහිපයක්ම ඇද්ද. අද වුනත් දුම් පානයෙන් මට ආශ්වාදයක් ලැබෙනවා. හැබැයි අද දුම් උර උර ඉන්න මට පට්ට ආසාවක් නැහැ. මා කැමතියි මගේ දරුවන් ලොකු මහත් වෙලා රස්සාවල් වලට යනකම් ජිවත් වෙන්න. ඒ වගේම මා කැමති නැහැ සුව කරන්න බැරි පිළිකාවක් වගේ දෙයක් හැදිලා අන්තිම කාලේ දුක්විඳිමින් මැරෙන්න (ජීවිතය අපට මොන මොන දේවල් සුදානම් කර තියනවා ද කියල මා දන්නේ නැහැ තමා. ඒක වෙනම කරුණක් ). ඒ නිසා දුම්බිමේ ආශ්වාදයට වඩා මගේ දෙවන ආශාවන් ලොකුයි. මා දුම් උරන් නැත්තේ අන්න ඒ නිසා.
හැබැයි, අපේ සමාජයේ බොහෝ පිරිසක් මා වගේ නොවේ. ඔවුන්ට සිතිවිලි හා ආශාවන් තර්කානුකුලව හසුරවන්න බැහැ. එය තමා මිනිස් ස්වභාවය. මේ නිසාම තමා අප ගහනයක් වශයෙන් නොයෙක් නීති-රීති දාගෙන ඉන්නේ. ලිංගික සේවා සැපයීම නීතිගත සමාජයන්හි පවා, එවැනි සේවා ලබා දෙන්න හැම තැනම බැහැ. කැසිනෝ වැනි සුදූ ක්‍රීඩා සඳහා පහසුකම් ඕනෙම කෙනෙකුට, ඕනෙම ප්‍රදේශයක පිහිටුවන්න අවසර නැහැ. අඩුම ගානේ බාර් එකක් දා ගන්නත්, විකුණන වෙලාවල් සඳහාත් සීමා කිරීම් තියනවා (අයියෝ ඒකීය පුද්ගලයා!).
ඕස්ට්‍රේලියාවේ ඇස්බැස්ටෝස් පාවිච්චිය තහනම්. ලෝකයේ රටවල් 44 ක මේ තහනම තියනවා. හැබැයි ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල ඇස්බැස්ටෝස් නිෂ්පාදන තවමත් ගොඩනැගිලි ඉදිකිරීමේදී යොදා ගන්නවා. එක කාලයකදී, කාන්තාවන් ගර්භනී වුන සමයේ ඇතිවන මෝර්නින් සික්නස් වලට දුන්න බේතක් නිසා බිහි කළ දරුවන් අංගවිකල වී ඉපදුණා. මේ ගැන පර්යේෂණ මගින් තහවුරු වුන පසුව අර “බේත” තහනම් වුණා. දැන් මේ බේත නිපදවන්න විශාල මුදල් ප්‍රමාණයක් යෙදවුණ නිසා, එම සමාගමේ නිෂ්පාදනය තහනම් කිරීම, පෞද්ගලික විව්‍යසායකයාට වැට බැඳිමක්ද?
මෙන්න අලුත්ම කතා.
ඕස්ට්‍රේලියාවේ සරල සිගරට් දවටන නීතිය වැඩ කරයි!