සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ? I am still here!


මා වැඩ කරන්න කැමති වගේම, විවේකයක් ගන්නත් කැමතියි. තුන්සිය හැටපස් දවසම එක වගේ වුනොත් අපව පිස්සු වැටේවි. මේ බටහිර රටවල් වල තියන හොඳ දෙයක් තමා, පැහැදිලිව හඳුනා ගත හැකි සෘතු හතරක් තිබීම. සමකය  අවට රටවල් වලට නැති මේ ගුණාංගය, මා නම් දකින්නේ හරිම හොඳ දෙයක් ලෙසට. අප හැම විටම ඊළඟ සෘතුව ගැන මහා බලාපොරොත්තුවකින් ඉන්නේ. ඒ වගේම  අපේ ක්‍රියාකාරකම් ඒ අනුව වෙනස් වෙනවා.

යන්ත්‍ර වගේ ජිවත් වනවායි, කියන බටහිර මිනිසුන් කරන එක දෙයක් තමා නිවාඩු ගැනීම. සමහරුන් මෙය අවුරුද්දේ ප්‍රධානම දෙය ලෙස කරන්න මුදල් එකතු කරනවා. එය ජිවිතයට හරිම වැදගත්. මේක හරියට හඳුනා ගන්න පුළුවන් වන්නේ එවැනි සංස්කෘතියක් නැති රටක කෙනෙකු හා කතා කිරීමෙන්. ගොඩක් දෙනා මුළු වැඩකරන දිවියම නිවාඩු කාලයක් ලෙස ගත කරන අතරේ, ඇත්තටම වැඩ කරන ටික දෙනාට දවස් තුන්සිය හැට පහම වැඩ කරන්න වෙලා තිබීමත් එක හේතුවක් වන්න පුළුවන්. මොක වුනත්, එවැනි ජිවන රටාවක් පරමාදර්ශී තියා සෞඛ්‍ය සම්පන්න වන්නේත් නැහැ, ශාරීරිකව නොවේ, මානසිකවත්.

ඒ කතා පැත්තක තියමු. පසුගිය වසරේ දෙසැම්බර අග වලින් පස්සේ, මා මේ සතියේ තමා “හරියට” වැඩ කරන්න පටන් ගත්තේ. මා කලිනුත් කියුවනේ, මේ වගේ විවේකයක් අපට ඕනේ. පසුගිය කාලය තුල මා ගත කළ ජීවිතය, මගේ ජිවන විලාසිතාව කර ගත්තොත් මට ඉක්මනින් දෙව්ලොව හෝ යමලොව යන්න පුළුවන්. කලාතුරකින් ලැබෙන මෙවැනි කාලයක් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම්, අවුරුදු සියයක් ජිවත් වුනත් මොනවාටද? මට රැකියාව, ගෙදර, පුතාලගේ ඉගෙනීම් යන මේ කිසිවක් මතක් වුනේ නැහැ.

තමන්ගේ පවුලේ කට්ටියට වඩා අප ආදරය කරන පිරිස් මෙලොව නැහැ. අපට සිදුවන කරදරයකදී දුක් වන්නේ එවැන්නන් විතරයි. ඒ වගේම තමා අපත් වැඩියෙන්ම සතුටු හෝ කනගාටු වන්නේ ඔවුන්ගේ දිනුම් හෝ පැරදුම් වලදී. සංක්‍රමණික ජිවිතයේ තියන ප්‍රධාන දෙය නම්, මෙවැනි සම්බන්ධතාවයන්ගේ ගිලිහීමයි.

නමුත් ඉතා කුඩා කාල පරාසයකදී කළ හැකි දේවල් සීමිතයි. ඒ වගේම මා පවා දැන් වෙනස් වී ඇති දැනෙන්නේ, යලි පරණ පරිසරයට ගිය විටදී. යලි අතීතයට යන්න පුළුවන් වුනොත්, මොනවාද අප වෙනස් කළ යුත්තේ කියන දේ ගැන ඔබ කිසිදා කල්පනා කළාද?

ප. ලි.
මගේ බ්ලොගය ඇත්තටම කියවන දෙතුන් දෙනෙක් මට මුහුණට, මුහුණ හමු වුනේ පසුගිය නිවාඩුවේදී. ඔවුන්ගේ අදහස් වලට මාගේ ගෞරවනීය ස්තුතිය. මා බ්ලොගය කිසිදා ප්‍රවර්ධනය කර නැහැ.  මෙය ප්‍රසිද්ද කිරීමට කියා මුලදී දන්වා යැවූ සින්ඩි කිහිපයකින්, දෙකක පමණයි පළ වුනේ (කොට්ටු හා ලාංකීය සිතුවිලි). ඒ ඇරුනහම මා ලියනවා කියුවේ එකම මිතුරෙකුට පමණයි. ඔහුත් කියවන කෙනෙක්  නොවේ. අනෙක් මාව දන්නා පිරිස් මෙය කියවන්නේ ඔවුන්ගේම සොයා ගැනීම් තුලින්.  ඒ විතරක් නොවේ, ඊ මේලයකින් හෝ දිගට ලියන්න කියා ඉල්ලන එක අයෙකු හෝ සිටීම මා සලකන්නේ, මෙය ලිවීමට ලැබෙන උත්ප්‍රේරකයක් ලෙස. වෙනදාට වඩා අඩුවෙන් වුවත්, මට ලියන්න ඕනේ දේ මෙහි දිගටම ලියන්න මා බලාපොරොත්තු වෙනවා.

Advertisements

35 Comments

Filed under Lifestyle, Opinion

35 responses to “සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ? I am still here!

    • දිනමිණ බ්ලොග් පිටුව වෙනුවෙන්

      • අන්න හරි, උස්සන්න තමයි මේවා ලියන්නේ.
        දැන් නලින් සම්ප්‍රදායික මාධ්‍ය වලින් එළියේ ලියන අපවත්, නැවත එම මාධ්‍ය වලටම දැම්මහම ලියන කරුනුත් ඒ මාධ්‍ය වල තියන දේවල්ම වේවිද අන්තිමට? 🙂

        • එහෙම වෙන එකක් නෑ රයිගම් නිදහස්ම මාධ්‍යයක් වූ බ්ලොග් වෙත ලාංකිය පාඨකයා වඩවඩාත් යොමුකරගැන්මට තමයි ඒ පිටුවෙන් මං උත්සාහ කරන්නේ

          • තරහ වෙන්න එපා නලින්, හිතන දේ කියන්න ඕනෙනේ. ඕක නිරර්ථක වෑයමක්. තව දුරටත් “නිදහස් නොවන” මාධ්‍ය මතම යැපෙන පාඨකයන්, මේවට බලෙන් අද්දවා ගැනීමට උත්සහ කිරීමම නිෂ්ඵල කාර්යයක්. මේවා සොයා විත් කියවන්නේ, එම මාධ්‍ය එපාවුණ පිරිස්. එහි අනෙක් පැත්ත කිරීමට උත්සහ කිරීමෙන් පෙනෙන්නේ, මේ සමාජ ජාල ජනප්‍රිය වීමේ අර්ථය තේරුම් නොගැනීමයි කියාත් කියන්න පුළුවනි.

  1. සෘතු හතරක් තියෙන එකට මමත් කැමතියි රයිගම්. ඒකෙන් ජීවිතයට වගේම ජීවන රටාවටත් විවිධත්වයක් එක්කරනවා. අනික ශීත සෘතුව නැතිනම් වසන්තයේ අගය දැනෙන්නේ අඩුවෙන්, නැද්ද?

    ඒක නෙවෙයි. මම උඹට මොනවා වෙලාද කියලා මේ අහන්න හිටියේ. නොවැම්බරයේ ගෙදර ගියාට පස්සේ ජනවාරි වෙනකල් බ්ලොග් එක්ක සම්බන්ධයක් තිබ්බේ නෑ. ඒ අතරේ උඹත් අතුරුදහන් වෙලා. මමත් තවම පෙරසේ ලියන්න කියවන්න පටන් ගත්තේ නෑ. පොඩී කම්මැලිකමක් තියෙනවා,

    • නිවාඩු කාල දිග වුනහම නරක දේ තමා, යලිත් ප්‍රකුර්ති දිවියට ලඟා වීමට අපහසු වීම. ලෙඩේට වඩා බෙහෙත සැරයි කියනවනේ. මා නම් මචං තාම ශාරීරික වශයෙන් යථා තත්ත්වයට පත් වීමට උත්සහ කරනවා.
      ශීත සෘතුව අමාරු තමා. අද මේ අංශක පහත් අමාරුයි කියන මා, සෘණ විස්සේත් එදා නම් කරදරයක් නැතුව සිටියා. මොක වුනත් මචං එක සෘතුවක අන්තිම වෙනකොට අනික පටන් ගන්නේ කවදාද කියන බලාපොරොත්තුව ඇති වෙනවා.

  2. Kenji @ Japan

    ප්‍රථමයෙන් ඔබට තුති රයිගම සහෝදර….
    මෙම මාසයට අවුරුදු දෙකක් වනවා මා කමෙන්ට් කරන්න පටන් ගෙන ..
    ප්‍රථමයෙන් කමෙන්ට් කලේ ඔබේ ලිපියකට
    සිංහලෙන් අකුරු කොටන්න කියල දුන්නේ ඔබයි…
    අද සිහල බ්ලොග් අවකාශයේ මා ජනප්‍රිය කරවීමට මුල් වූ පුද්ගලයා ඔබය..
    ඔබට ස්තුතියි….රයිගම….

  3. Kenji @ Japan

    >> හඳුනා ගත හැකි ඉර්තු හතරක් තිබීම. <<
    මම හරිම කැමති දේ මෙය රයිගම…
    නන්ද අක්කිගෙ සින්දුව මටම කිව්වා වගේ දැනුන… 🙂
    Thanks අපිව බලන්න ආවට හොදේ…

  4. ඔබේ ලිපියේ කරුණු එක්ක මාත් බොහෝ දුරට එකගයි .. සමර් එකට තමයි මං නම් වැඩින්ම ආස . හොද ලිපියක්
    මම ඕමාගේ අඩවියේ apurvi

    • එහෙම තමයි අපූර්වි, මා “නරක ලිපි” ලියන්නේ නැහැ. මොකද මේ කුවේණිය වෙලා? මතකනේ විජය කරපු දේ?

  5. හිරැ

    ටයිප් කරන්න බැරි නිසා මාත් මේ මාස දෙකේම නෑ වගේ තමා… හි හි…

    • එතකොට මේ කොමෙන්ටුව අපේ මහත්තයගේ වැඩක්ද?

      • හිරැ

        මම මේ ටිකේ අම්මලගෙ ගෙදර.. ලැපේ කීබෝඩ් එක අප්සට්.. ඔන්ලයින් කීබෝඩ් එක වාතයක්…

  6. රයිගම් හුඟ කාලෙකට පස්සේ. මා හිතුවා ඔබ නිවාඩු ගත කරනවා වෙන්න ඕනෑ කියලා. පසුගිය අවුරුද්දේ ඔබේ පෝස්ට සියල්ලම පාහේ මගේ ඊ මේල් එකෙන් කියෙව්වා. ඒත් ඒ එකකටවත් කොමෙන්ට් කරන්න තරම් වෙලාවක් ලැබුණේ නෑ. මේ ලිපියේ අන්තර්ගතය එක්ක මා සියයට සියයක්ම එකඟ වෙනවා. යන්ත්‍ර වගේ වැඩකරනවා යැයි කියන බටහිර මිනිසුන් නිවාඩු ගන්නවා. ඒත් අපි මොකද කරන්නේ? අපි යන්ත්‍ර වගේ වැඩ කරනවා විනා විහිලුවකටවත් නිවාඩු ගැනීමක් ගැන සිතන්නේ නෑ. මා හිතන්නේ එය සංස්කෘතිය විසින් අප වෙත දායාද කළ දෙයක් වෙන්න ඕනෑ. හැබැයි මේ විවේකයක් නොගෙන අපි වැඩ කරන හැටියට අපේ රට සුරපුරයක් විය යුතුයි නේද?

    • ගණන් ගන්න එපා නිලුක. මාත් ඔබගේ පරිවර්තන කියවනවා. නමුත් මොකුත් ලියුවේ නැහැ. ඔබත් මෙය මුල පටන් කියවන කිහිප දෙනා ගෙන් අයෙක් වග මා දන්නවා. මගේ බ්ලොග් රෝල කෙටි කළා. දැන් තියෙන්නේ මේ බ්ලොගය එල්ලා තියන අනෙක් බ්ලොග් පමණයි. එයින් අදහස් වෙන්නේ නැහැ මේ මා කියවන බ්ලොග් ටික විතරයි කියා.

      නිවාඩු කතන්දරේට ගියොත් ඔය කකාල එහෙම කියන්නේ මෙහෙ (කැන්බරා) ඉන්න අයගේ නිවාඩුව පටන් ගන්නේ සඳුදා කියලනේ. අන්න ඒ වගේ අපේ උපන් රටෙත් බොහෝ දෙනා මුළු වැඩ කරන දිවියම නිවාඩුවක් ලෙස ගත කරන අතරේ වැඩ කරන ටික දෙනෙක් පමණක් සිටීමත් එක හේතුවක් වෙන්න පුළුවන් නේද? මේකත් අර සෘතු නැතුවා වාගේම වැඩක්. මොකද පැහැදිලි බෙදීමක් නැති නිසා (වැඩ කිරීම හා නිවාඩු ගැනීම අතර) නිවාඩු අවශ්‍ය කෙනාටත් එය ලැබෙන්නේ නැහැ කියා මට සිතෙනවා. සුරපුරක් නොවීමට එක හේතුවක් එය වන්න පුළුවන්.

  7. බොහෝ කළකට පසු සුපුරුඩු වින්දනය.. රයිගම ගෙන්..

    • මොකඩ මාතලන්, සුඩ්ඩෝ ආශ්‍රය වැඩි නිසාඩ, “ඉන්ග්ලිෂ් ඇක්සන්ට්” එකට ලියන්න හඩන්නේ?
      මා මේ කල්පනා කරන්නේ මාතලන් ආනන්දයෙන් මරදානට යනවද, නැත්නම් ප්‍රඥාවට යනවද කියලා.

  8. kathandarakaraya

    ඒ කියන්නේ බ්ලොගයට ඇබ්බැහි වෙලා නෑ!
    මටනම් නිවාඩු ගියත් ගැලවෙන්න බැරිවුනා.

    • එතකොට කකා මේ අඬබෙර ගහල test කරන්න හදන්නේ hypothesis එකක් ම නොවේ නේද? නිකම් දාඩිය දාගෙන, කන් රතු කරගෙන සතියක් ඉන්නේ නැතුව ඔන්න ඔහේ ලියන්න.

  9. අඩු වැඩි නැතුවම මේ මගෙත් ගීතයයි .නිතර අසමි . සිත රිදවා ගනිමි.

    • මගේ ශෝකය ඔබට 😦

      බොරු මොකටද බින්දී මගේ නම් ගීය නොවේ. තාම මෙයාල ඉස්කෝලේ යනවා. එයින් පිටතට ගියත්, මෙයාල අප ගාව සිටිවී කියල මගේ බලාපොරොත්තුවක් නැහැ. අප කියන්නෙත්, අපට සොයා යන්න බැරි වුන නිම් වළලු හා ක්ෂිතිජයන් සොයා යන්න කියා. ඔවුන් එසේ කරන බවට මට සැකයක් නැහැ. අප ජීවිතය හරියට පටන් ගත්තේ පමා වෙලා. අප ගත්තු උත්සාහයන්ගෙන් භාගයක්, අපේ දරුවන් ගත්තොත් ඇති කියා මා විශ්වාස කරනවා. අනාගත මිනිසා එක රටකට කොටු වුන එකෙක් නොවේවි.

  10. තිසර

    රයිගමගේ බ්ලොගය “අඹ ගහ යට” සින්ඩියේත් තියනවා, සාහිත්‍ය තීරයේ.

    • ස්තුතියි තිසර! මා දන්නවා. මාතලන්ගේ සින්ඩියෙත් තියනවා. එවැනි ඇතුලත් කිරීම් කරපු අය එසේ කර ඇත්තේ මෙය කියවීමෙනුයි.

      • මම බ්ලොග් එකක් කියෙවුවම ඒක අනිත් අයත් එක්ක බෙදාහදාගන්න හොඳයි කියන අදහසක් මට තියෙනවා නම් මම ඒක අඹගහයට ට එකතු කරනවා. බොහෝ අවස්ථාවල මම ඊමේල් එකක් දමනවා එහෙම එකතු කලා කරදරයක් නම් අයින් කරන්න දන්වන්න කියලා. ඒකේන් කාටවත් කරදරයක් නොවෙයි කියන බලාපොරොත්තුවෙනුයි මා එය කරන්නේ. මේ වෙද්දි සින්ඩි ගොඩක තියෙන්නේ ලිපි වලට වඩා ගෝසිප් සයිට්. ඒක මඟ හරවාගෙන කියවීම කරගෙන යන්න මම මේ එහෙම කරන්නේ.
        තිසර මීට කලිනුත් ඒ ගැන කියලා තිබුනා. බොහොම ස්තුතියි තිසර.

        • ඔව් රංගි, අප බ්ලොග් ලියන්නන් වශයෙන් මේවා (සින්ඩි) පසු පස, අනේ අපවත් ඇතුල් කර ගන්න කියා යාම නොවේ විය යුත්තේ. මේ සින්ඩි පවත්වාගෙන යන්නන් ඔවුනගේ නිර්ණායක අනුව ඇතුලත් කර ගත හැකි බ්ලොගයන් දමා ගැනීමයි. ප්‍රසිද්ධ බ්ලොගයක් මේ වගේ ඇතුලත් කර ගන්න ද කියා ප්‍රශ්න කිරීමත් අනවශ්‍ය දෙයක් ලෙසයි මා සිතන්නේ. ඒ වගේම ඔබ කියනවා වගේම බොහෝ සින්ඩි වල් පැලැටි වලින් ගහණ කුඹුරු වගේ. මේවාට යන්න සිතෙන්නේ නැහැ. මේවා පවත්වාගෙන යන්න නම්, යම් අවධිමත් බවක් ඕනේ. මා නිතර බලන්නේ කකාගේ බ්ලොගයේ තියන බ්ලොග රෝලයි (සොරි කකා, අනවශ්‍ය අන්දමින් හිට් ගාණ ඉහල යවනවාට). සින්ඩි යනු නිතර යාවත්කාලින කළ යුතු, ලියවෙන්නේ නැති බ්ලොග් ඉවත් කළ යුතු, ජාති වාදී, මානව විරෝධී අදහස් ප්‍රචාරණය නොකෙරෙන “ජීවී” අවකාශයක් විය යුතුයි.

  11. පසුගිය කාලේ ඔබගේ නිහැඬියාවේදි මම හිතුවෙ ඔබත් යන්නම ගිහින් කියලා. මගේ ශත පහ හැම වෙලේම නොදුන්නට මම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේක.

    • ලියන්නේ නැත්ද කියා අහන ඔබ වැනි පාඨකයන් සිටීම, ලිවීමට ලැබෙන උත්තේජනයක්. මේවා ආසාවෙන් කියවනවා කියා ඉඳහිට මෙහි සටහන් කිරීම හොඳටම ඇති. ඒ වගේම වෙනස් මත තියන අයටත් ලිවීමට පුළුවන්. සමහර තැන් වල කියවන දේවල් වලට පිළිතුරු වශයෙන් හා ඇත්තටම කොහේ වත් නොකියවන දේවල් ලිවිම පිණිසයි මා මේ බ්ලොගය පවත්වාගෙන යන්නේ. මා වෙනුවෙන් ready-made විසඳුම් ලබා දෙන්න අන් අයට නොහැකිවාක් මෙන්ම, අපටත් අන් අය වෙනුවෙන් විසඳුම් පිළියෙළ කර දෙන්න බැහැ.

  12. රයිගම්……ජනවාරි මාසේ නොදකින්න වෙයි කියලා කලින්ම ලියලා තිබුන නිසා හිතුවා නිවාඩු තමයි කියලා. මේ නිවාඩු ගැනිල්ල යුරෝපියයන් තරම් ක්‍රමවත්ව කරන අය තවත් කොහේවත් ඉන්නවාද කියලා. දවසට පැය තුන හතරේ පොඩි පාට් ටයිම් කරන අය පවා නිවාඩුව ප්ලෑන් කරගෙන තමයි වැඩ කරන්නේ. ඒ නිසාම තමයි කරන වැඩේත් ලැදියාවෙන් කරන්නේ.

    සිංදුවට මමත් කැමතියි….මම කිසිදාක දුව අපි සමග සිටිය යුතුයි කියා හෝ සම්ප්‍රදායික විවාහයකට ගොනුවිය යුතුයි කියා හිතන්නේ නැහැ. ඇය ඇයම විය යුතුයි. එවිට වඩා ස්වාධීන පුද්ගලයෙක් ලෙස ලෝකයට එකතුවෙයි.

    • කියන්නේ මචං අද එළියේ උෂ්ණත්වය සෙන්ට්රිගේට් 39 යි. හොඳ ගණන් නේද? මේ අවුරුද්දේ පෑවිල්ල නම් හරිම සැරයි.

      නිවාඩුව කියන දේ මොකක්ද කියන එක වැඩ කරන සංස්කෘතියේ එක අංගයක්. වැඩ කිරීම හා නිවාඩු ගැනීම කියන දෙක අතර පැහැදිලි බෙදීමක් සමාජයේ භෞතික සංවර්ධනය සමග පමණක් නොවේ, මානව සංවර්ධනය, ඒ කියන්නේ අනෙකුත් ඇදහිලි හා විශ්වාස සමගත් බැඳී පවතිනවා. ගෙදරින් එලියට බැහීමටත්, ගෙදර උළුවස්ස තියා ගැනීමටත් ගුඨ විශ්වාස වල පිහිට පතන විට නිවාඩුව මොකක්ද, වැඩ කිරීම කියන්නේ මොකක්ද කියන ප්‍රශ්න නගින්නෙත් නැහැ.

      තමන් එදිනෙදා ගත කරන දිවියෙන් දින දෙක තුනකට හෝ ඈත් වීම එක අතෙකින් ජිවිතයට detoxifying දෙයක්. අවුරුද්දේ තුන්සිය හැටපස් දවසම ජිවන අරගලය කරන පිරිසකට සමහර විට මෙවැනි අවස්තාවක් ගන්න හැටියක් නැහැ. මොකද ඔවුන්ට අරගල කරන්න සිදුවී තියෙන්නේ නොමැරී ඉන්නේ කොහොමද කියන එක ගැනයි. මා මේ කියන්නේ මේ බ්ලොග් බලන එහෙම නොමැති කාණ්ඩය ගැනයි.

      දරුවන් කුඩා කාලයේ අපට පුළුවන් මැදිහත් වීම් කළා, අදත් කරනවා. තෝරා ගැනීමට ඔවුනගේ ශක්තිය මුහුකුරා ගිය විට, අපගේ එම මැදිහත් වීම්ද ඔවුනට උපකාර වනු ඇති කියා මා විශ්වාස කරනවා. නමුත් ඔවුනගේ ජිවන විලාසිතාව කොයි වගේද කියන එක ඔවුන්ම තීරණය කරාවි. ඒ කියන්නේ උඹ කියන ලෙසට “ස්වාධීන පුද්ගලයෙක් ලෙස ලෝකයට එකතුවෙයි”.

  13. නිකං

    හුරේ රයිගම් ආපහු ඇවිත්. පහුගිය දවස් වල මේ පැත්තේ කැරකුනා ඇවිල්ලද බලන්න 🙂
    නිවාඩුවට ලංකාවට ආවැයි?
    //මොනවාද අප වෙනස් කළ යුත්තේ කියන දේ ගැන ඔබ කිසිදා කල්පනා කළාද?
    කල්පනා නම් කරලා තියනවා ඒත් කරලා තියන බුරු වැඩවලින් ඉගෙනගත්තු පාඩම් මඟ හැරෙනවා නොවැ රයිගම්

    • ගෙවල් පැත්තේ කවුරු හරි කැරකෙන කොට, උවමනාවක්ද කියල ඇහුවහම “නෑ මේ නිකං ආවා!” කියනවනේ. 😀
      ඔව් නිකං, නිවාඩුවක් ගත්තා. නිකම් හෝ ඇවිත් බලපු එකත් ලොකු දෙයක්. අන්න එහෙම තමා ඉන්න ඕනේ.
      මෙහෙමනේ නිකං රෑ වැටුණු වළේ දවලුත් වැටෙනවා කියන්නේ. හැබැයි ඉතිං කලින් කරපු මෝඩ කම් වලින් අප නොදැනීම පාඩම් ඉගෙන ගන්නවා. :මෝඩකම් නම් අප හැමදාම කරනවා නොවැ. 🙂

  14. කිසිම බැඳීමක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවනම් කොයි තරම් සනීපයක් වෙයිද අප්පා . . ඒත් ඒක එහෙම නොවෙන එකනේ දුක . .

    • දුකා දන්නවා ඇතිනේ විනෝද සමය.
      ඇනස්ලි: දැන් ඔහොම උනාට, බලන්න එපෑ පොඩි මහත්තය ඒ දවස්වල. අප්පා කුරුල්ලා වගේ හිටියේ.

      සැමුවෙල්: කුරුල්ල? ආ එහෙනම් ගම පුරා කොට-කොට යන්න ඇති නේද?

      ඇනස්ලි: මේ මොන මගුලක් කියනවද? නෑ ඕයි, කුරුල්ලා වගේ හිටියයි කියන්නේ හරිම විනෝදයෙන් හිටියා කියන එක. තමුසේ ඕක වත් දන්නේ නැත්ද?!
      ඔන්න ඒකෙ ගිය කෑල්ලක්.
      මන් ඔය දරුවන් ගෙදරින් ගිය, මෙහෙ බටහිර දෙමාපියන් සමග කතා කරන විට, ඔවුන් පවා කියුවේ, කුරුල්ලෝ වගේ ඉන්න නම් හම්බ වෙන දවසක් එන්නේ නැහැ කියල.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s