TB සහ TA


images (1)

 

සාමාන්‍ය මිනිසුන් ශාරීරික සෞඛ්‍යය මනින විදිහත් රට රට වල තියන සංස්කෘතික තත්ත්ව අනුවත් වෙනස් වෙනවා. මේ බව මට පෞද්ගලිකවම අත්විඳින්න ලැබුනේ පසුගිය දවස් වල. ඔය සමහර විට කියන්නේ “අනේ, හරි සනීපෙට චබියට ඉන්නවා” කියල. ඒ වගේම තමා ” ඇයි පුතේ, කන්න අඩු පාඩුවක් තියනවද”. ඒ කියන්නේ කෙනෙකු දිහා බලල තමන්ට එන හැඟීම.

මා කලින් සටහන් දෙක තුනක ලියුව කරුණක් තමා, නුතන මිනිසාගේ ජිවන විලාසිතාව වෙනස් වුන නිසා, අද ඉස්සර කරපු සමහර කාර්යයන් අප අතින් කෙරෙන්නේ නැති බව. ඒ වගේම එවැනි නොකෙරෙන දේවල් වල අඩුව පිරිමහන්න, අද වෙනත් දේවල් කරන්න පුළුවන්. මේක තමා අපේ වෙනස් වීම.

අද සමහර විට පිටි මුට්ට නැත්නම් වංගෙඩි වගේ ඉන්නේ ගැහැනුන් පමණක් නොවේ, ඔය සමහර මැඩම්ලගේ, මඩම් වල කරක් ගහන පිරිමි අයියලත් පිටි මුට්ට වගේ. බෙල්ලයි කඳයි අතර වෙනසක් නැහැ. හැබැයි තමන්ව කන්නාඩියක් ඉදිරියට ගිහින් බලා ගන්නේ නැතුව, ගොන් කතා කියන්න හරි දස්සයි. අර මොකක්ද ක්‍රීඩාව මෙයාල එක්ක කලොත්, සි සෝ පදින්න තමා වෙන්නේ.

කොහොම වුනත් සෞඛ්‍යමත් දිවියක් ගත කිරීමට අප හැම දෙනාම උත්සුක වෙනවා නම් එය යහපත් දෙයක්. එයට ගැහැණු පිරිමි කියා බේදයක් නැහැ. අනුන්ගේ අමුඩ වල හිල් හොයන්න කලින්, තමන්ම යහපත් හා සෞඛ්‍යමත් දිවියක් ගත කිරීමෙන්, අනුන්වත් එයට ඈඳා ගන්න පුළුවන් ආදර්ශයෙන්.

ප්‍රසිද්ධ චරිත ගත කරන ජිවන විලාසිතා අපට මාධ්‍ය මගින් නිතර දකින්න ලැබෙනවා. ඒ නිසාම එවැනි චරිත සමාජයට වැඩි බලපෑමක් කරනවා. ඕස්ට්‍රේලියානු  අගමැති ටෝනි සමග එකඟ නොවෙන කරුණු චන්ද දායකයෙකු හැටියට මට ඕනේ තරම් තියෙන්න පුළුවන්. හැබැයි, ඔහු මන්ත්‍රී වරයෙක්, ඇමතිවරයෙක්, විපක්ෂ නායකයෙකු හැටියට පමණක් නොවේ අගමැති හැටියටත් සෞඛ්‍යමත් දිවියකට දුන්න හා දෙන ප්‍රායෝගික ආදර්ශය මා හැමදාම ඉහලින්ම අගය කරපු හා තවමත් අගය කරන දෙයක්.

 

Advertisements

13 Comments

Filed under Lifestyle

13 responses to “TB සහ TA

  1. මේ කොමෙන්ටුව මෙතනට අදාල නෑ..

    එයා මේ තරම් දුවලා වෙන්ට ඇති ලස්සන දුවලා ටිකක් ඉන්නේ..

    • ඔබගේ මේ “අදාළ නැති” ප්‍රතිචාරය මා කියන්න හදන දේ කැටි කරන්නක්. දෙමාපියන් තරම් දරුවනට ආදර්ශය සපයන කෙනෙකු මෙලොව නැහැ. මොකද දරුවන් ඉතා කුඩා කාලයේ පටන් හැදෙන්නේ ඔවුන් ළඟ නිසා (සමහර දෙනාට හැර). to be continued…..
      ………ඉතිරිය තමා ඊළඟ සටහන මාතලන්!

    • මෙතන තියෙන්නේ වේශ නිරූපන ශිල්පීන්ගේ හා අධ්‍යක්ෂක ගේ දුර්වලතාව හෝ කළා විහීන කම නේද තිසර? නළුවාගේ රංගනයත් හොඳ මදි. කවුද පසුබිම් තලය තේරුවේ?

  2. Kenji @ Japan

    ඒ කාලේ පුච් චයිකලයක්වත් නැතිව හිටපු පොරවල් දාස් ගණන් වටින මවුන්ටන් චයිකල් වල වාහන දෙක තුනේ ගාඩ් එක දාගෙන ව්‍යායාම් කරන අයත් එකෝමත් එක අයිස්චයිරමත් රටක ඉන්නේ.

    • තිසර

      මෙයාද? ඒ අතින් බලනකොට ඇබට්ට ලංකාව එක්ක හැරෙන්නවත් බෑ.

      • Thisara, you’ve got everything at hand. 🙂

      • ඔබේ පින්තුර දෙකම මගේ සටහනේ අඩුව සම්පුර්ණ කරනවා තිසර. co-blogging කියන්නේ මෙවාටයි. ටෝනි ගේ දිවීම චන්දය ගන්න මහා බලපෑමක් කළාය කියන්න අමාරුයි. මොකද ඕවා සාමාන්‍ය දේවල් නිසා. අනික බොරුවට හා ඇත්තට කරන ව්‍යායාම් ඇඟ දිහා බැලුවම කියන්න පුළුවන්.

    • මේවා මාකට් කරන්න පුළුවන් කෙන්ජි!

  3. ෆිට් එකේ ඉන්නවා කියන්නේ ,,හිතින් විතරක් නෙමේ ගතින් වෙන්නත් එපැයි. ඒක හරි. ඩේවිඩ් කැමරන් ලොක්කාත් හරියට ෆිට්නස් ගැන හිතන බව මාධ්‍යයෙන් පෙනෙනවා.

    TB & TA තේරුනේ දැන් තමයි..

    • ඕකනේ මචං ඉස්සරත් කියල තියෙන්නේ “මේ දෑස මගේ පිංවන්තයි! තේරුනේ දැන් තමයි!!” කියලා

  4. ඇබට් ලංකාවට ආ වෙලාවේ උදේ ගෝල්ෆේස් සිට නව වරාය තෙක් දිවගියා. ඒ අවස්ථාවේ ඔහුත් එක්ක දුවන්න අපේ හමුදාපතිත් එක් වුණා. ආරක්ෂකයෝත් දුවන්න හදපුවාම ඇබට් කියලා තියනවා මං දුවන්නේ ලංකාවේ හමුදාපතිත් එක්ක ඒ නිසා ආරක්ෂකයෝ අවශ්‍ය නැ කියලා. අනේ ඒත් කිලෝමිටර් දෙක තුනක් දුවලා හමුදාපති තුමා නැවතිලා. ඇබට් එකක්ක අවසානය දක්වා කිලෝමිටර් අටක් විතර දුර දුවලා තියෙන්නේ අන්තිමට නාමල් රාජපක්ෂ විතරයි.

    • එය බොරුවක් කියා මා හිතන්නේ නැහැ. පසුගිය මැතිවරණ සමයේ එක දිනෙක ටෝනි උතුරු පළාතේ හමුදාවේ කඳවුරක උදේ ව්‍යායාම විනාඩි 45 හම ඔවුන් (හමුදාව) සමග කෙරුවාය කියල ප්‍රවුර්ති පළ වුනා. මේ කියන්නේ අප කරන සාමාන්‍ය ව්‍යායාම් නොවේ. එහි තරුණ සොදාදුවන් වයස 56 ක් වන ටෝනිගේ ශරීර ශක්තිය ගැන, එයින් පසුව පළ කරපු අදහස් වලින් ඔහු බොරුවක් නොකරන වග පෙනුනා. (අද අපේ ක්‍රිකට් කණ්ඩායමේ සමහරුන්ගේ ඇඟවල් දැක්කත් කනගාටුයි).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s