සිංහලෙන් ඉගෙනීම නිසා කොට උඩ ගිය මා! The prisoners of their own success!


මේ සංකීර්ණ කතන්දර ලියන එකේ තේරුමක් නැති හින්ද, සරල කතාවක් කියන්න ඕනේ. නොයෙක් දෙනා කියන්නේ 1956යෙන්  පසුව ඇතිවුන වෙනස්කම් සමග සිංහලයෙන් උගන්නන්න පටන් ගත්ත නිසා තමයි අප හැමටම කෙල වුනේ කියල. එහෙම කෙල වුන කෙනෙක් තමා මාත්.

මේ අයියල එහෙම කලේ නැත්නම්, අද මාත් යසට කුඹුරක් කොටාගෙන බුලත්විටක් කාගෙන, ඔය කසිප්පු වඩියකුත් අරන් අගේට ඉන්න තිබුනා. මේක කෑවනේ, මේ අයියල අපට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමෙන්. චික් විතරක්! එහෙම නොවුනා නම්, ඔය ඉස්සර ප්‍රභූ කියුව වලවූවල කට්ටියගේ පිළිකන්නේ නැත්නම් කාමර ඇතුලේ රුකුලේ පදින්න යන්නත් තිබුණා. රුකුලේ පදින්න යන්න තිබුනා නම් කොච්චර දෙයක්ද?

ඔන්න පුතේ, මා පාසල් අධ්‍යාපනය, ඒ කියන්නේ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය නම් ලැබුවේ සිංහල මාධ්‍යයෙන්. ඉන් පස්සේ තෘතියික අධ්‍යාපනය ලැබුවේ තවත් භාෂා මාධ්‍යයකින්. ඉනුත් පස්සේ පස් තාච්චි ඇද්දේ තවත් භාෂා මාධ්‍යයකින් (සර්පයා දුටුවාද ආනන්ද?).

අපට ඇති කරපු අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම නිසා මා විතරක් නොවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජිවන තත්ත්වය උසස් කර ගැනීමට විතරක් නොවේ, ලෝකය “දැකීමට” ත් අවස්තාව ලැබුනා. මෙහෙම අවස්තාව ලද පිරිස්ම තමා අද වෙන කොට ප්‍රශ්න කරන්නේ “ඇයි අපට ඒ අවස්තාව ලබා දුන්නේ?” කියල. ඔවුන්ට එහෙම හරි ප්‍රශ්න කරන්න අවස්තාව ලැබුනේ, ඔවුන් ලබපු මේ “කුණු සිංහල අධ්‍යාපනය” නිසා කියන සිතිවිල්ල අපට සහනයක් ගෙන දෙනවා. මොකද නැත්නම් ගමේ කුඹුරු කොටන කොට ඔය වගේ දේවල් බ්ලොග් වල ලියන්න වෙලාවක් හොයා ගන්න පුළුවන් කාටද?

ගිය (2013) වසරේ Australian Life Scientist සඟරාවේ ජනවාරි-පෙබරවාරි කලාපයේ Sir Gustav Nossal සමග කරපු සාකච්ඡාවක් පළ වී තිබුනා. Gustav කියන්නේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරපු කෙනෙක්. සඟරාවේ සංස්කාරක තමයි ප්‍රශ්න අහපු කෙනා. ඔහුගේ එක ප්‍රශ්නයක් තමා ඔබ (ගුස්ටාව්) ප්‍රතිශක්තිකරණය ප්‍රචලිත කිරීම පිළිබඳව දිග කාලයක් තිස්සේ කැප වුන අයෙක්. ඔබට මොකද හිතෙන්නේ අද මේ ප්‍රතිශක්තිකරණයට එරෙහිව ඇතිවෙලා තියන සමාජ හා සංස්කෘතික ප්‍රතිවිරෝධයන් ගැන? අප කොහොමද මේ ප්‍රවණතා ආපසු හරවන්නේ? මෙන්න ගුස්ටාව් දුන්න දීර්ඝ පිළිතුරේ මුල කොටස  “It’s very paradoxical thing. In fact, vaccines become the prisoners of their own success. The very fact that vaccines have been so successful means that mums and dads no longer have any first-hand evidence of what the epidemics of the past were like. They don’t see a hundred beds in an infectious disease hospital with kids with infantile paralysis in iron lungs. They don’t see the complications that arise from measles, which is a disease that everybody got when it wasn’t immunised. Until quite recently, they didn’t see whooping babies on their television sets. They certainty don’t see the devastation of meningitis today because it’s all but gone because of vaccines……….”

අර මගේ කලින් කතාවට මේක අදාලයි. ඒ කියන්නේ යමක යහපත් කම අපට නිකම්ම අමතක වෙනවා, කලින් තිබුන තත්වය පිළිබඳව අත්දැකීම් නැතිකම හෝ වැටහීමක් නැතිකම නිසා. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය තවමත් තිබුනා නම් අනේ කොච්චර හොඳද කීමත් මින් එකක්. සිංහලයෙන් ඉගැන්වීම ආරම්භ කරපු නිසා ලංකාව කාල දැම්මාය කීම තවත් එකක්. මේ දෙකම ගැන මා මෙයට කලින් ලියා තියනවා.

ඉස්සර ලාංකික ගම් වල තිබුන තත්ත්වය යටි අරමුණු නැතුව ලියන ලද කෘති වලින් බලා ගන්න පුළුවන් (තිසරගේ ඇමුණුම කියවන්න). අපේ තාත්තලා පවා විද්‍යෝදය හා විද්‍යාලංකාර වැනි සරසවි ආරම්භ කරපු නිසා හා සිංහලයෙන් ඉගනීමට අවස්තාව ළද නිසා ජීවිතය වෙනස් කර ගත්තවුන්. සමාජයේ බහුතර පිරිසක් අකුරු හැකියාව නැතිව ඉන්න විට ඇතිවන තත්වය ගැන අපට අවබෝධයක් අද නැහැ. මේ සමාජය යහපත් එකක් නොවේ. නමුත්, මෙයට වඩා ගොඩක් නරක තත්වයන් පසු කරලා තමයි අප ඇවිත් ඉන්නේ.

එක භාෂාවකින් ඉගෙනීමට පටන් ගැනීම, තව භාෂාවක් ඉගෙනීමට බාධාවක් වන්නේ නැහැ. ඒ වගේම සංකීර්ණ සිද්ධි ක්‍රියාදාමයක (අපේ තේරීම් නිසාම ඇතිවුන) ප්‍රතිඵලයක් ලෙස බිහිවුන වත්මන් සමාජයේ තියන සියලු අයහපත් ලක්ෂණ එක කරුණකට හෝ එක පුද්ගලයෙක් මත ගොනු කර අතපිහදා ගන්නත් අපට පුළුවන් කමක් නැහැ (ලෝකයේ කොහේ සිටියත්).

Back to the future නොහොත් පරණ සටහන්: 

Man-made natural disasters!

ඉතිං ඊට පස්සේ

අනේ සුද්දන් අදත් අපව පාලනේ කළා නම්!

Advertisements

39 Comments

Filed under Opinion

39 responses to “සිංහලෙන් ඉගෙනීම නිසා කොට උඩ ගිය මා! The prisoners of their own success!

  1. Kenji @ Japan

    හ්ම්ම්ම්….මේ ඔබගේ අදහස නේ…
    මම තව සැරයක් කියවන්න ඕන.තේරුම් ගත්ත මදි වගේ හන්ද .

    • මොකද වැඩට යන්නේ නැත්ද කෙන්ජි? මේක නම් ලියුවේ ඔබගේ අන්තිම සටහනත් බැලුවට පස්සේ. මේ කලින් මා ලියපු දේවල්ම තමා, අලුත් සටහනක් ලෙස නැවත ලියුවේ. කොහොමත් යලි යලිත් ලියන්න වෙන්නේ එකම කරුණු ටිකම තමා. මොකද ඉන් එහාට යන්න අපට ඉඩක් නැහැ.

  2. kathandarakaraya

    මටත් පෙන්න බැරි දෙයක් තමයි ඔය 1959 රාජ්‍ය භාෂා පනතට බණින එක.

    ඒක නැත්තං, අපි හුඟ දෙනෙක් අද මේ ඉන්න තැන්වල නෑ.

    මේ ගැන නැවතත් ලිව්වාට ස්තුතියි. මාත් ලියන්නයි හිිටියේකෙන්ජිගේ ලිපියට පස්සේ. ලිව්වාම දාන්න තව ලින්ක් එකක් දැන් තියෙනවා.

    • ලඟදි ලියල තිබුනා වගේ හිඟන්නන්ට කෙළවන්නේ හිඟන කට්ටියමයි. අන්න ඒ වගේම තමා අද නිදහස් අධ්‍යාපනයට කෙල වන්නේත්, ඒවායින්ම බිහිවුන කට්ටියමයි. මෙහෙ ඕස්ට්‍රේලියාවෙත් වැඩි වෙනසක් නැහැ. මේ සිංහල නිසා කෙල වුනා කීමත් එයට සමානයි. අප මේ ඉන්න තැන් වල ඉන්නවා තියා හිටපු තැන් වලත් රූස්ස ගස් හැදිලා, අපට ඉගෙන ගන්න අවස්තාවක් නොලැබුණා නම්.
      අද මා ගෙදර. පොඩි පුතා ඊයේ පාසලේ පොඩි අනතුරක් කරගෙන නිසා අද ගෙදර තියා ගත්තා. එයාව දොස්තරට පෙන්නන්න දවල් ගිහින් මා ඉඳගෙන ඉන්න විට මගේ දකුණු පසින් ඇවිත් ඉඳ ගත්තේ ඉතාම සුන්දර යුවතියක්. ටික වේලාවකින් ඇය මට හුරු පුරුදු භාෂාවකින් අනික් අසුනේ ඉන්න ඇයගේ අම්මා හා කතා කළා. ඇය කතාව ඉවර කරපු පසුව මා ඔබලා රුසියාවෙන්ද කියා ඔවුනගේම භාෂාවෙන් ඇසුවා. ඒත් එක්කම මා සිනා වෙලා කියුවේ රහස් නම් ඔය භාෂාවෙන් මා ඉන්න තැන කතා කරන්න එපා කියල. ඇයත් සිනහ වෙලා මගේ විස්තර අහල කියුවේ, කොච්චර දෙයක්ද කියා. ඇයගේ අම්මත් අපගේ කතාවට හවුල් වුනා. මගේ වම් පස සිටියේ ඉංගිරිසි පමණක් දන්නා මගේ පුතා. දකුණු පස අර යුවතිය. මැද හිටිය මගේ අතේ තිබුනේ, මා කම්මැලි කමට (කල් මරන්න) කියවන්න ගෙනිහුන් තිබුන ලඟදි මිලදී ගත් ජී. බී. සේනානායක ජිවිතයේ අවසාන සමයේ ලියුව “මගේ සිතුම් පැතුම් හා ජීවිතය” කියන පොත.

    • මේක මටත් හිනා වෙන්නද අඬන්නද ඕන කියල හිතා ගන්න බැරි කතාවක්.

      දැන් මුන්ට ඉංග්‍රීසි බැරි උනේ සිංහලෙන් උගන්නපු නිසා නම්, අනික් සබ්ජෙක්ට්ස් බැරි උනේ මොකද දන්නෑ. ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන සිංහල බැරි උන් නෙවෙයි නෙ බහුතරය, සිංහලෙන් ඉගැන්නුවම ඉගෙන ගන්න බැරි වෙන්න. අනිත් පැත්තට අනික් වැඩ ඔක්කොම ගොඩ දා ගන්න පුලුවන් එකෙක් ට නම් ලංකාවෙ ඉස්කෝලෙකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි කමක් නෑ, මොන ඉස්කෝලෙකටවත් භාශාවක් පොවන්න බෑ තමන්ගෙ උත්සාහය තමයි වැදගත්ම භාශාවක් ඉගෙන ගන්න.

      ඕක කියන ගොඩක් උන් තමන් කියන දේ මුල මැද අග තමන් වත් තේරුම් අරන් කියන කතාවක් නෙවෙයි මට නම් හිතෙන්නෙ. හම්බ කර ගෙන කන්න කම්මැලි කමේ ආණ්ඩුවෙන් කන්න දෙනකන් බලන් ඉන්න එකේ අනික් එක තමයි තමන්ගෙ කම්මැලි කමෙන් බැරි උනු දේටත් ආණ්ඩු වලට බනින එක.

      • හා හා අනෝ වැඩිය කේන්ති ගන්න එපා. නොයෙක් අදහස් තියන පිරිස් අප අතර සිටිනවානේ. අනුන්ගේ මත නොඉවසීමත්, සුළුතර පිරිස් වලට අඩම්තේට්ටම් කිරීමත් මේ දිනවල හැමතැනම තියන නිසා අපි ඒවායින් ඈත්ව ඉන්න බලමු. 🙂

        අනෝ ඔබ කියන එක ඇත්ත, අර කතාවටත් කියන්නේ ගිය ලූලා තමයි මහා එකා කියල. ඉංගිරිසි භාෂාවෙන් ඉගැන්නුවත්, ඔය ඥාන අසාර කට්ටිය අද නටන නාඩගම් නම්, ඉන්ගිරිසියෙන්ම එහෙමම නටයි කියල මට ලොකු විශ්වාසයක් තියනවා. දැන් ඔය ප්‍රභූය කියන කට්ටිය නේද මේ රට නිදහසින් පසු වැඩි කලක් පාලනය කරලා තියෙන්නේ. එහෙම නැති දෙන්නෙකුට ඉන්නේ ජනපති ප්‍රේමදාස හා ජනපති රාජපක්ෂ පමණයි නේද (ජනපති රාජපක්ෂත් වලවූ නේද?) (ජනපති විජේතුංග හැලුවා චන්දයකින් පත් නොවුන නිසා).

  3. //ඔය ඉස්සර ප්‍රභූ කියුව වලවූවල කට්ටියගේ පිළිකන්නේ නැත්නම් කාමර ඇතුලේ රුකුලේ පදින්න යන්නත් තිබුණා. රුකුලේ පදින්න යන්න තිබුනා නම් කොච්චර දෙයක්ද?//

    සර්පයා නම් දුටුවා…මේ මොකක්ද රයිගම? 😀

    • ප්‍රවීනලගේ වලවුවේ හැර කියලා වරහන් ඇතුලේ දාන්නද? 😀

      මේකයි කතාව ප්‍රවීනා, ඉස්සර ඔය වලවුවල හාමුදුරුවන් ගමේ කරක් ගහන කොට හැඩට පේන ලමිස්සියක් දැක්කොත් “හරමානිස් උඹේ ලොකු කෙල්ලව වලවුවට එවපන්කෝ. කෙල්ල උයන්න දස්සයි නොවැ. අතු පතු ගා ගන්නත් තියනවා” කියල කියනවා. හරමානිස් දන්නවා හරක හැරෙන්නේ කොයි පැත්තටද කියල. නමුත් තියන භය හා ගෞරවය නිසා යන්තම් ලොකු ළමයෙක් වුන දුවව වලවුවට යවනවා. මෙහෙම යන දරුවන්ට අර වලවුවේ හාමුදුරුවන් “කෙල්ලේ මට තේකක් හදාගෙන වරෙන් කියා” තමන්ගේ කාමරයට යනවා (එයාගේ නෝනා අම්මලාගේ ගෙදර ගිහින්/නැත්නම් බැඳපු එකෙක් නොවේ). අර දරුවා තේක හදාගෙන යන විට, සාළුවක් දාගෙන ඉන්න හාමුදුරුවන් කරන දෙය ඔබට හිතා ගන්න අරින්නම්. මේ වගේ, තමන්ගේ දරුවන් වලවුවේ වැඩට යවන එකට සමහර පලාත්වල ගැමියන් කියුවේ රුකුලේ පදින්න යනවා කියා. ඔවුන් දන්නවා දරුවන්ට වෙන දෙය. නමුත් එයට එරෙහි වෙන්න ශක්තියක් නැහැ. ඔන්න කතන්දරේ. 😦

      • තිසර

        මේකෙ තියන හැටියට ලොකු ළමයෙක් වෙන්නත් කලින් ඕක වෙන්නේ….

        • ඔන්න බඩු. ඔබ නම් දෙයියෙක්. බැරිද මගේ කෝ-ඕතර් වෙන්න! 🙂

  4. කෙන්ජිගේ පෝස්ට් එකත් මෙතනටම ලින්ක් කලානං බස් ගාස්තු ඉතුරුයි 😀

    • මොනවා කියනවාද බිට්ල්? කෙන්ජිගේ සටහන් කියවන පිරිස් සමග සසඳන විට මේ බ්ලොගය කියවන්නේ නැහැයි කියල කියන්න පුළුවන්. 🙂

  5. වෑරද්ද ගෙන ආපු නීතිය නෙමේ. ඒ පනත නිසා අද්යාපනය හෑමෝටම වගෙ ලබාගන්න පුලුවන් වුනා. වෑරෑද්ද වුනේ attitude එකේ. සින්හලෙන් ඉගන ගත්තෙ ඉන්ගීසි එක්ක තරහින් වගේ. ඉන්ග්‍රීසි එපා කියන වගෙ සන්කල්පයක් (1977 ට පෙර ) තිබුන එක.
    ඉන්දියාවෙ වගෙ ද්වි බාශා ක්‍රමය හරියට නොකෙරුන එක.

    • ආකල්ප කියන ඒවා නම් ප්‍රා ජේ ගොඩක් තියනවානේ වෙනස් කර ගන්න. ඒත් මා කියන කරුණ එනම් අපට සිංහලයෙන් ඉගෙන ගන්න අවස්තාව සැලසුන නිසා තමයි මේ තරමින් වත් ගොඩ ගියේ කියන එක එයින් වෙනස් වන්නේ නැහැ.

    • /// සින්හලෙන් ඉගන ගත්තෙ ඉන්ගීසි එක්ක තරහින් වගේ. ඉන්ග්‍රීසි එපා කියන වගෙ සන්කල්පයක් (1977 ට පෙර ) තිබුන එක.///

      56 තිබුන ජාතිකවාදය මිස්ප්ලේස්ඩ් එකක් බව ඇත්ත.
      ඒ ජාතිකවාදයෙ පිටින් බණ්ඩාරනායක වගෙ තක්කඩියෙක් බලේට ආපු එකත් ඇත්ත.

      ඒ ඇරුනම “ඉංග්‍රීසි එක්ක තරහින් ඉංග්‍රීසි එපා කියන්න” බලවේගයක් එදා තිබුන කියන්න මොකුත් ඔබ්ජෙක්ටිව් සාදක තියනවද? මට හිතෙන විදියට නම් 56ට පස්සෙත් ඉංග්‍රීසි දැනුමට (වෙන ඕන උගත්කමකට වගේම) මිනිස්සු සැලකුවා. උගත්තු ඕනෙ නෑ වගේ දෙයක් වුනා නම් උනේ පසු කාලෙක (මම හිතන හැටියට 77 පස්සෙ වගේ තමයි නමුත් විවෘත ආර්තිකේ නිසා ම නෙවෙයි).

      • subjective පුද්ගලික අත්දෑකීම් සහ අහල කියවල විතරයි. 70 දශකයේ සහ 80 මුල් ගනන් වල කොළඹ ලොකුම සිංහල බෞද්ධ යයි අප කියා ගන්නා පාසලට යන කාලෙ ඉන්ග්‍රීසියෙන් කතා කරන එක එක්කො ලොකු කමට (සමහරුන්ටනම් ද්‍රෝහී කමක් තරමට සීරියස්)කරන දෙයක් ලෙස “වෑඩි” දෙනා සෑලකුව.
        දෑන් මම අහල තියන විදිහට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා

        • Sorry ” ලොකුම සින්හල බෞද්ධ යයි අපි කියා ගන්නා “ලෙස නිවෑරදි විය යුතුයි.
          මේකෙ ඩිලීට් නෑ නේ?

          • නැහැ මකන්න බැහැ. ඔබගේ අවසරය මත මා මුල් කොමෙන්ටුව සංස්කරණය කළා.

  6. උඩින්ම එකඟයි.
    ඉහලින් කතන්දරකාරය කියල තියනව වගේ 56-59ට බනින එකට මාත් මනාප නෑ. එදා එහෙම නූනනම් අද තත්වය මොකද්ද කියන එක උපකල්පනයක් විතරයි (රයිගම කිව්ව වගේ වලව් වල අතුගාන්න දරපලන්න තියන ඉඩකඩ වැඩියි).

    අධ්‍යාපනය පැත්තෙන් ඉහලටම ගිහිල්ල ලංකාවෙන් පිටත ඉන්න රයිගමට මෙහෙව් අදහස් තිබීම ගැන ආඩම්බරයි. (අර නිදහස් අධ්‍යාපනය ගැන තිබුන ලිපියත් පංකාදුයි)

    • ලංකාවේ අද තියන තත්වය නම් රාජ්, එක දිගටම සිදුවුණ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි මා දකින්නේ. මෙහිදී විවිධ පිරිස් තමන් තෝරා ගන්න පාලකයන් හා කාල වකවානු වලට තඩි බෑම අපේ මනාපයන් අනුව සිදු කරනවා.
      ඉහලට යාම කෙසේ වෙතත් රාජ්, මා නම් විධිමත් හා නිදහස් අධ්‍යාපනයේ යම් දුරක් ගිහින් තියනවා. 🙂

  7. මෙහෙමයි.අධ්‍යාපන අවස්ථා පුළුල් වීම සිද්ධ වුනේ නිදහස් අධ්‍යාපන පණත මඟින්.රාජ්‍ය භාෂා පණත ගෙනාවේ ප්‍රධාන වශයෙන් අධිකරණ හා පරිපාලන කටයුතු සිංහලකරණය කරන්න.සිංහලෙන් දිගටම ඉගෙන ගන්න එක හොඳයි,නමුත් ප්‍රශ්නේ සිංහලෙන් ලෝකයට නව දැනුම බිහිවීම සීමා වීම.එතකොට නව ලෝකය එක්ක සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ සීමා වෙනවා.
    සරසවිවල සිංහලෙන් උගන්වන්න ගත්තේ පස්සේ.එතනදිත් හරි අපූරු වැඩේ වුනේ කට්ටිය හිතුවා දේශකයින් එක්ක මුලින්ම සිංහල පරිවර්තකයින් යොදාගෙන පස්සේ ඒ පරිවර්තකයාව දිගටම තියාගන්න,මොකද ලොක්කො හිතුවේ උගන්වනවා කියන්නේ සටහන කියවන එක කියලනේ.
    මොනවා වුනත් අදටත් බාහිර උපාධි කරන අය ඇතුළුව සිංහල මාධ්‍යයෙන් උපාධි කරන අයට ‍රැකියා හොයාගන්න අමාරු ඔය ගැටළුව හින්දා තමයි.

    • මගෙනම, අධ්‍යාපනය (විශේෂයෙන් පාසල්) නිදහස් වීම නිසා පමනක් නොවේ, මාධ්‍යය සිංහල වීම නිසා තමයි අවස්ථා පුළුල් වීම සිදු වුනේ.
      ඔබ කියන අනෙක් කරුණු මෙතනට අදාළ නැහැ. මා විටින් විට එම කරුණු මෙහි ලියා තියනවා. මා රටවල් තුනක ලද අධ්‍යාපන අත්දැකීම් විතරක් නොවේ, අධ්‍යාපනය පිලිබඳව කෙරුණු නුතන පර්යේෂණ ඇසුරින් සරලව ලියන්න උත්සහ කළේ එම කරුණුයි. දරුවෙකු ඉගෙන ගන්න “පටන්” ගන්නා භාෂා මාධ්‍යය, අනෙක් භාෂා කුසලතාවයන් ලබා ගන්න හෝ අධ්‍යාපනයේ වෙනත් නිම් වළලු සොයා යන්න බාධාවක් වෙන්නේ නැහැ.
      විශේෂයෙන් අද අධ්‍යාපනය, නැත්නම් ඉගැන්වෙන, උගන්වන හා ඉගෙන ගන්නා ක්‍රමවේදයන් වෙනස් වී හා වෙනස් වෙමින් පවතිනවා. රටක ප්‍රතිපත්ති සම්පාදනය හරි හැටි නොවන අවස්තාවක පවා දෙමාපියන් ලෙස දරුවන්ගේ ඉගෙනීමට මැදිහත් වෙන්න පුළුවන් හැටි ගැනත් මා කලින් ලියා තියනවා.
      උපාධි-රැකියා-රැකියා නැතිකම, මේවා මා විටින් විට ලියන කරුණු. මේවා ගැන නොයෙක් අදහස් අප අතර තිබෙන්න පුළුවන්.

      • වෙනත් කරුණු කියා ඔයා අදහස් කළේ සරසවිවල ඛේදාන්තය නම් මං එය සඳහන් කරන්නේ ඔයා සරසවි ගැනත් යමක් ලියා තියපු නිසා.අර “ප්‍රංශ මහා හුටපටය” කියන යෙදුමක් සම්බන්ධ සරසවි කතාවක් ඔයා දන්නවා කියලා හිතනවා.(නැත්නම් මං ඒක පස්සේ දාන්නම්).
        ප්‍රාථමික අධ්‍යාපනය තමන්ගේ මවු බසින් දීමේ වැ‍රැද්දක් නෑ.නමුත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමයි නිදහස් අධ්‍යාපනයයි කියන්නේ දෙකක්.සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු අයගේ ළමයි ඉගෙන ගත්තේ කොහේද?අදටත් සිංහල පුවත්පතට වඩා කරුණු වලින් ඉංග්‍රීසී පුවත්පත සාරවත් වෙන්නේ කොහොමද?කෙටියෙන්ම කියනවානම් සමාජයේ ප්‍රායෝගික බෙදීමක් අමුතුවෙන් ඇති වෙන්න ඒ තීරණය බලපෑවා.

        • ඔබගේ කරුණු දැක්වීමට ස්තුතියි. මා කියුවනේ මේවා ගැන අපට නොයෙක් අදහස් තියනවා කියල. ඔය කියන පුවත්පත් වල සාරවත් භාවය පවා මට පෙනෙන්නේ වෙනස් හැටියකට. සමාජයේ බෙදීමත් ඒ වගේමයි. රටේ අද පවතින තත්වයට ඔය කියන ප්‍රභූන්ගේ දායකත්වය ගැන මගේ මතයත් වෙනස් (අද මේ කොම්පියුටරේ ඉස්සරහා ඉන්නෙත් කාලයකට පස්සේ!).

      • “අධ්‍යාපනය (විශේෂයෙන් පාසල්) නිදහස් වීම නිසා පමනක් නොවේ, මාධ්‍යය සිංහල වීම නිසා තමයි අවස්ථා පුළුල් වීම සිදු වුනේ.”
        එකග නොවන නිසා නොව දෑනගෑනීමට සහ for argument’s sake අහන්නෙ. ඈත්ත, සින්හල නිසා පහසු වුනා. ඒත් ඉන්ග්‍රීසියෙන් නිදහස් අද්යාපනය හෑමෝටම දුන්නනම් ඒත් අද්යාපනය අතින් (මීටත් වඩා සමහරවිට) දියුණු වෙනව නේද? ඉන්ග්‍රීසි වචනයක් වත් නොදන්න ගෙවල් වල ලමයි හොදින් ඉන්ග්‍රීසියෙන් අනිත් විශයන් ඉගන ගත්තනේද? සින්හල කරපු එකෙන් කම්මෑලි වුනේ නෑද්ද ඉන්ග්‍රීසි ඉගනගෑනීමට සහ උසස් අද්යාපනයේ ප්‍රමිතිය අඩු වුනෙ නෑද්ද? ඔබ වෑනි ඉගනීමට දක්ශයන් ගෑන නොව mediocre අය ගෑන හිතුවොත්?

        • ප්‍රා ජේ මෙම කරුණත් මා කලින් ලියා තිබෙනවා. නමුත් ඔබ වැනි විචක්ෂණශීලි පාඨකයන් රඳවා ගන්න මා කැමතියි. ලංකාවේ දැනට පවතින ඔය කියන නිදහස් අධ්‍යාපනය මා කැමති එකක් නොවේ. අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිණිස මුදල් වියදම් කළ හැකි පිරිස් සඳහා වියදම් කර ඉගෙන ගැනීමේ පහසුකම මොන්ටිසෝරි වල සිටම ඇති කළ යුතුයි. විශේෂයෙන් මුදල් තිබෙන හා මුදල් වලට ඉගෙන ගන්න කැමති අය සඳහා එවැනි අවස්තා ඇති කිරීම, මගින් නිදහස් අධ්‍යාපනයේ ( ඇත්තටම එය ලැබිය යුතු පිරිස් සඳහා) තිරසාර බව ඇති කර ගන්න පුළුවන් වෙනවා පමණක් නොවේ අධ්‍යාපනයේ ගුණාත්මක බව රැක ගන්නත් ඉවහල් වෙනවා. මේවා ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලකයන් හා චන්ද දායකයන් සිතිය යුතු හා ඔවුන් විසින් ක්‍රියාමාර්ග ගත යුතු දේවල්. එයින් මෙහා මා නිතර ලියන්නේ, එක පුද්ගලයෙකු හැටියට අපට යම් පමණකින් වැදගත් යයි මා විශ්වාස කරන දේවල්.

          මගේ අත්දැකීම් අනුව ලියුවොත් ප්‍රා ජේ, මට ලැබුන එක ඉංගිරිසි ගුරුවරයෙක් වත් උගැන්වීමට දක්ෂ වුනේ නැහැ. එහෙව් එකේ සියලුම විෂයන් ඉංගිරිසියෙන් උගන්වන්න ගුරුවරුන් ප්‍රමාණයක් බිහිකර ගන්න පුළුවන් කම තිබුණාය කියන උපකල්පනය මා බැහැර කරනවා. අපට හිටපු අනෙකුත් විෂයන් උගන්වපු ගුරුවරුන් මහා ලොකුවට ඉංගිරිසි දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඔවුන් උගන්වපු විෂයය කරුණු විතරක් නොවේ, අපට කියා දුන්න අනෙකුත් සමාජමය කරුණු වලිනුත් පොහොසත් පිරිසක්. ඔබ කියන ඔය “ගුණාත්මක” අධ්‍යාපනය ඉංගිරිසියෙන් ලබා දෙන්න තිබුනා. හැබැයි ඒ සීමිත පිරිසකට. ජනගහනයේ සියලුම දරුවන්ට ඉංගිරිසියෙන් උගන්වන්න සියලු දේ හදා ගෙන එනකම් හිටියා නම්, අපට කෝච්චිය අහු වෙන්නේ නැහැ. එතැනදී හැලී යන්නේ ඔබ ඔය කියන “මා වැනි දක්ෂයන්” තමා.

          පාසලේ ලබපු අධ්‍යාපනයට ජිවිත කාලය තුලම බැන බැන ඉන්න එක වැඩිහිටියෙක් ලෙස සුදුසු දෙයක් නොවේ කියා මා නිතර ලියනවා. මෙය වඩාත් ඇත්ත වෙන්නේ අද පරිසරය තුල. අද “ඉගෙනීමට” පහසුකම් වෙන කවරදාටත් වඩා වැඩියි, භාෂාවන්ද ඇතුළුව. අන්තරජාලය පවා පරිහරණය කරන පිරිස් අනේ අපට පාසලේ ඉංගිරිසි ඉගැන්නුවේ නැතිය කීම ඇත්තටම කනගාටු වෙන්න ඕනේ දෙයක් ප්‍රා ජේ. ඒ වගේම වැඩිහිටි සරසවි සිසුන් පවා, තමන්ට ලැබෙන අධ්‍යාපනයේ අඩුපාඩු පමණක්ම දැකීමත්, ගොඩනැගිලි ආදිය කාබාසිනියා කිරීමත්, අගයක් නොදැනීමත් යන සියලුම කරුනුත් සමස්ත අධ්‍යාපනයේ පරිහානියට දායකත්වය සපයපු කරුණු. එපමණක්ම නොවේ, මව් බිම නැත්නම් මරණය කියා මෙම ආයතන තුල දීර්ඝ කාලයක් තිස්සේ අරක් ගත් නොමේරූ දේශපාලනයත් අපේ අධ්‍යාපනයේ පරිහානියට පාර කපපු දෙයක්. ඒ වගේම තමා සියල්ල සියලු දෙනාට නොමිලේ දෙන්න ඕනේ කියන සිතිවිල්ල. මේවා දිගින් දිගටම බ්ලොගයක ලියුවට වැඩක් නැහැ.

          • මම හිතන විදිහට ඔබ ඉගන ගන්න ඈත්තේ 56 ට අවුරුදු 15/20/25/30 පසුව නේද?
            “සියලුම විෂයන් ඉංගිරිසියෙන් උගන්වන්න ගුරුවරුන් ප්‍රමාණයක් බිහිකිරීමට” නොහෑකියාවට හේතුවත් සින්හල අද්යාපනය ට මුල්තෑන දෙමින් ඉන්ග්‍රීසිය නොසලකා හෑරීම නේද?
            ඔබ සහ මම මේ ගෑන විචක්ෂණශීලි හෝ objective විදිහට දෑන් බෑලුවත් ඉන්ග්‍රීසි නොහෑකියාව නිසා දියුනුව අඩාලවූ බොහෝ දෙනෙක් 56 ට බනිනව. ඔබ හරි ඔවුන් මහන්සි වුනා නම් ඔවුන්ට ඉගන ගන්න තිබුන. ඒත් සමහරු එතරම් දක්ශ නෑහෑ, සමහරුන්ට වෙලා නෑහෑ. එනිසා ඔවුන්ට හිතෙනව ඉන්ග්‍රීසි මාද්යය තිබුන නම් ඉබේම ඉගන ගන්න ව කියල. ඔවුන් ට පේනව ඉන්ග්‍රීසි ඉගනගෑනීමට පුලුවන් වුනු elite එකක්. හෑම දේම දෙපෑත්තක් ( සමහර විට ඊටත් වඩා ) තියනව. ඒ වගේම සමහර දේවල් ඉතා වෙනස් විදිහට වෙනත් අයට බලපානව තමන්ගෙ හෑකියාව සහ circumstances මත. 56 ලොකු විනාශයක් හෝ ලොකු සෙතක් කියන දෙකම නිවෑරදි නෑ නේද?

            දෑන් තියන නිදහස් අද්යාපනය ගෑන ඔබේ අදහසට 100% එකග වෙනව. ඔබ හරි මේවා දිගින් දිගටම බ්ලොගයක ලියුවට වැඩක් නැහැ.

            • ප්‍රා, මා කලින් ලියා ඇති මගේ අත්දැකීම් පුළුවන් නම් කියවන්න. මාත් මේ සිස්ටම් එකේ කළු බැටළුවෙක් තමා. /56 ලොකු විනාශයක් හෝ ලොකු සෙතක් කියන දෙකම නිවෑරදි නෑ නේද?/ අන්න හරි කතාව. මොකද එයින් පස්සේ උන දේවල් හැටියට දැන් එහෙම හිතන්න අපට පුළුවන්. එහි ආරම්භය 56 යි කියන කට්ටිය නොසිතන දෙයක් තමා, ඇයි අදවත් මේවා නිවැරදි නොකරන්නේ කියන එක. දැන් මේ සටහන හා මගේ පිළිතුරු මා සාමාන්‍යයෙන් ලියන සිමාවෙන් පිටතට ගියා ප්‍රා.

  8. ishani

    Can you explain why the free education reforms were not carried out to let people study in English,,,,, u have a point if u get the secondary and primary education in sinhala still u can catch up , however that story is not the same for everyone, my parents dont speak English and i struggled a lot to survive in the corporate world with out fluency in spoken english and it took a while for me to be confident enough to talk ,,, i have seen much more stupider people than me move up the ladder very fast due to their good communication skills, and in my point of view education to every one was good bt that could have been given in english,,

    • onna Ishani, Pra Jay maa venuven uththara dilaa. maa yanava nida ganna! 😀

      Why did you decide that I would be a suitably qualified person to be asked that kind of far-reaching question?

      The shortest answer is ishani, I do not know. I have similar conundrums. Why we couldn’t carry out reforms in the healthcare system? Why couldn’t we carry out reforms in the agriculture sector, industrial sector, fisheries sector, our political system, social security system and so on? These questions need to be asked from ourselves.

      I totally understand that every child is different. One of the major concepts in current learning and teaching systems is that you cannot compare an apple with an orange, or one size does not fit all. Learning a second language is not an easy task, especially, when you are surrounded by people who predominantly speak only their mother tongue. It will be harder to learn other subjects when they are delivered in a second language by incompetent teachers who do not know the language well. I had opportunities to meet Indian and Bangladeshi graduates who have been studying in English since their childhood with very poor knowledge in basic maths, chemistry, physics etc. Teaching in English does not make miracles. I would rather be a native language speaker who has a sound knowledge in all curriculum subjects, than a fluent second language speaker with poor basics. As Pra Jay suggests, we would have produced enough good teachers within a decade or two who can competently teach all the subjects in English. We may have not. These are only suggestions.

      My writings are based on my own experience. They wouldn’t necessarily apply equally to all of us. I did not excel in my studies at school. I could not speak or write in English when I left the school. I don’t think I am unique here. Many of us have similar experiences. Our school education system needed wide ranging reforms then and still does so now. However, I still believe that we were given really good education at our school.

  9. “Can you explain why the free education reforms were not carried out to let people study in English” ,,”my point of view education to every one was good bt that could have been given in english”

    The underlying reasons for 56 reforms were not really educational or even social. The political and nationalistic reasons (in some instances, slogans!) took precedence. As Raigam says those reforms did good. But only “some” good.
    If social equality took precedence over nationalistic and language based issues, free education in English would have been the best method to achieve it.
    But, I believe even the masses did not want it at the time. “Getting rid of imperialistic, elitist English and raising the mother tongue to the fore” was such a blindingly dazzling attractive concept. You can not blame the masses because at the time the euphoria of independence from the British rule would still have been there. Next step from independence would naturally be ridding the country of western dress, culture and language.
    The politicians should have known better and introduced a proper two/three language system but, (God forbid!) that would have reduced the number of votes at the next election.

  10. මේකනෙ ලොකු අය්යෙ වැඩේ… අපේ හුගක් අය ඉන්නව නේ දකින්නෙ වැරදිමයි… කොච්චර හොද දෙයක් කළත් ඒකෙ වැරැද්දක් මයි බලන්නෙ… එයාල හිතන්නෙ නෑ ඒකෙ තියෙන හොද පැත්ත…
    ඔක හුගක්ම අර ජෙප්පංගෙන් ඉගන ගත්ත දෙයක්නෙ… උන්නහැලත් එදා ඉදං කරන කිසි දේක හොදක් දැක්කෙ නෑනෙව…
    ඒ අවගතික මානසිකත්වය අපේ හුගක් අයටත් ඇබ්බැහි වෙලා…

    අවන්හල

    • මහේෂ් මේවා ජේවීපි වැරදි නෙවේ…අපේ ආකල්පවල පටු බව. හැම එකක්ම ජෙප්පන්ගෙන් ඉගෙනගන්නවා නම් අද ලංකාව සමාජවාදී වෙලා විජේවීර රාජ්‍ය නායකයා වෙන්න එපැයි නේද?

      • මහේෂ්, මා ඉෂානිට ලියුවා වගේ මේ ප්‍රශ්න අප, අපගෙන්ම අහන්න ඕනේ ඒවා. කලින් හිටිය පරම්පරාව “වැරදි” කළත්, ඇයි අප අද අලුතින් නොහිතන්නේ? මා කියුවනේ මෙම සටහන මගේ වපසරියෙන් පිටතට ගියා. මොකද කියනවා නම්, ඇත්තටම විසදුම් හොයන්න යන්තමින් හෝ දායක වෙන්න මට අද අවස්තාවක් නැහැ. අරූ කියන්නා වගේ, ජනගහනයෙන් 5% ක වගේ පිරිසකට මේවා පටවල අපට අතපිහදා ගන්න නොහැකියි.

  11. එක පීරියඩ් එකක් තිබුනු ඉංග්‍රීසි පන්තියත් කට් කරපු එකේ…ඉංග්‍රීසියෙන්ම ඔක්කොම ඉගෙන්නුවා නම් ඉස්කෝලේ නොගිහින්ම ඉඳියි 😀

    දොස්තර කෙනෙක් වෙන්න අවුරුදු 5ක් ඉගෙනගන්න එකේ…ඉංග්‍රීසි දවස් 5න් ඉගෙනගන්න බැහැනේ. කැපවීම සහ උනන්දුව තියෙනවානම් ඕන දෙයක් ඉගෙනගන්න පුළුවන්. තම මව් භාශාවෙන් ඉගෙනගෙන ප්‍රාථමික, ද්වීතියික අධ්‍යාපනය ලැබූ විශිෂ්ඨයන් වූ කොපමන අය ඉන්නවාද මේ ලෝකේ. එංගලන්තයේ, ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ වගේ ඉණ්ග්‍රීසිය මව්බසවූ රටවල්වල අද බොහෝමයක් ඉහල තනතුරු වල ඉන්නේ ඉංග්‍රීසි නොව, වෙනත් භාශාවලින් මූලික අධ්‍යාපනය ලැබූ අය.

    • එහෙම වෙන්න තිබුනා මචං! 😀

      විහිළු නොවේ මචං ඒ කතාවේ ලොකු අරුතක් තියනවා. මා මේ කතාවෙන් කියන්න උත්සහ කළේ එයයි. අපගේ දෙමාපියන් වැඩිහිටියන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට. ඔවුන්ට ඉංගිරිසි මහා දැනුමක් නැහැ. එතකොට අපට බලාපොරොත්තු විය හැක්කේ, අපේ ගෙදර ප්‍රධාන භාෂාව වන්නේ සිංහලයි කියලයි. හැබැයි ඉහල පන්තියේ හා සුද්දට කත් අල්ලපු පන්තියේ ගෙවල් වල මේ වන විටත් ප්‍රධාන භාෂාව ඉංගිරිසි. උගන්වන හා විභාගයට ලියන මාධ්‍යය ඉංගිරිසි වුනා නම්, එම පන්තියට කොම්පෙටිටිව් ඇඩ්වාන්ටේජ් එක නිකම්ම ලැබෙනවා. අප වචන හොයන කොට එයාල විභාගය ලියලත් ඉවරයි. එතකොට සමහරවිට විභාගය අසමත් වන්නේ විෂයය කරුණු නොදන්නා නිසාම නොවේ (විෂයය කරුනුත් අරුන්ට වඩා දන්නේ නැති වෙන්න පුළුවන්, මොකද ඉගැන්වන දේ තේරෙන්නේ නැහෙනේ) ලියා ගන්න බැරි නිසා. අර යව්වනයන්ගේ ආදරය වගේ. හිතේ තියනවා. එත් වචන වලට ගලපාගන්න බැහැ, පෙම්වතා හෝ පෙම්වතිය ඉදිරියේ. අන්තිමට වැඩේ set කර ගන්න බැරුව යනවා.සිංහල මාධ්‍යය වීම ගැන දොස් කියන අය මේ මුලික කරුණ අමතක කරනවා.

      ඔය මොනවා කියුවත් මචං, මා අත්දැකීමෙන් කියන්නේ මට භාෂා තුනකින් ඉගෙන ගෙන එකකින් එකකට මාරු වන විට ගොඩක් අමාරු වුනා. මගේ කාලයත් නාස්ති වුනා. ඒ මාරු වීම් අතර රිදී හුයක් වගේ තියෙන්නේ මා ලබා ගත් දැනුම. එයට කාටවත් අභියෝග කළ නොහැකියි.

      ඇත්තටම අප හිතන්න ඕනේ නොලැබී ගිය දේවල් නොවේ, අප ලබා ගත්ත දේවල් ගැන.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s