මිරිකන්නට වශී බෝලයක් නොමිලේ! Known unknown and unknown known!


යලි යලිත් එකම දේ ලියන එක මගේ දැන් පුරුද්දක් වෙලා. මොකද එයින් එහාට යන්න නොයෙක් හේතු නිසා අපහසුයි. ලෝකයේ සිදුවන දේවල් ගැන අපට ඕනේ තරම් උපකල්පන කරන්න පුළුවන්. හැබැයි, ඒ ගැන පිළිගන්න පුලුවන් විදිහට ඇතිය හෝ නැතිය කියල ඔප්පු කරලා තියන විට අපට නිකම් තර්ක කර කර ඉන්න එකේ තේරුමක් නැහැ.

පසුගිය නිවාඩුවේදී මා අවුරුදු ගණනාවකට පසු දුම් බට කිහිපයක්ම ඇද්ද. අද වුනත් දුම් පානයෙන් මට ආශ්වාදයක් ලැබෙනවා. හැබැයි අද දුම් උර උර ඉන්න මට පට්ට ආසාවක් නැහැ. මා කැමතියි මගේ දරුවන් ලොකු මහත් වෙලා රස්සාවල් වලට යනකම් ජිවත් වෙන්න. ඒ වගේම මා කැමති නැහැ සුව කරන්න බැරි පිළිකාවක් වගේ දෙයක් හැදිලා අන්තිම කාලේ දුක්විඳිමින් මැරෙන්න (ජීවිතය අපට මොන මොන දේවල් සුදානම් කර තියනවා ද කියල මා දන්නේ නැහැ තමා. ඒක වෙනම කරුණක් ). ඒ නිසා දුම්බිමේ ආශ්වාදයට වඩා මගේ දෙවන ආශාවන් ලොකුයි. මා දුම් උරන් නැත්තේ අන්න ඒ නිසා.

හැබැයි, අපේ සමාජයේ බොහෝ පිරිසක් මා වගේ නොවේ. ඔවුන්ට සිතිවිලි හා ආශාවන් තර්කානුකුලව හසුරවන්න බැහැ. එය තමා මිනිස් ස්වභාවය. මේ නිසාම තමා අප ගහනයක් වශයෙන් නොයෙක් නීති-රීති දාගෙන ඉන්නේ. ලිංගික සේවා සැපයීම නීතිගත සමාජයන්හි පවා, එවැනි සේවා ලබා දෙන්න හැම තැනම බැහැ. කැසිනෝ වැනි සුදූ ක්‍රීඩා සඳහා පහසුකම් ඕනෙම කෙනෙකුට, ඕනෙම ප්‍රදේශයක පිහිටුවන්න අවසර නැහැ. අඩුම ගානේ බාර් එකක් දා ගන්නත්, විකුණන වෙලාවල් සඳහාත් සීමා කිරීම් තියනවා (අයියෝ ඒකීය පුද්ගලයා!).

ඕස්ට්‍රේලියාවේ ඇස්බැස්ටෝස් පාවිච්චිය තහනම්. ලෝකයේ රටවල් 44 ක මේ තහනම තියනවා. හැබැයි ඉන්දියාව ඇතුළු ලෝකයේ බහුතරයක් රටවල ඇස්බැස්ටෝස් නිෂ්පාදන තවමත් ගොඩනැගිලි ඉදිකිරීමේදී යොදා ගන්නවා. එක කාලයකදී, කාන්තාවන් ගර්භනී වුන සමයේ ඇතිවන මෝර්නින් සික්නස් වලට දුන්න බේතක් නිසා බිහි කළ දරුවන් අංගවිකල වී ඉපදුණා. මේ ගැන පර්යේෂණ මගින් තහවුරු  වුන පසුව අර “බේත” තහනම් වුණා. දැන් මේ බේත නිපදවන්න විශාල මුදල් ප්‍රමාණයක් යෙදවුණ නිසා, එම සමාගමේ නිෂ්පාදනය තහනම් කිරීම, පෞද්ගලික විව්‍යසායකයාට වැට බැඳිමක්ද?

මෙන්න අලුත්ම කතා.

ඕස්ට්‍රේලියාවේ සරල සිගරට් දවටන නීතිය වැඩ කරයි!

Back To The Future! (මේ නම් පරණ කතා ටිකක්)!

ත්‍රී රෝසස්, බ්‍රිස්ටල් හා ගෝල්ඩ් ලීෆ්, Not only they are all the same, they all look the same (from now on)!

දුම් පානයේ ඉතිරි කතාව! The rest of the smoking story!

ගින්නක් නොමැතිව දුම් පැතිරවීම තහනම් කෙරෙන ලකුණු! A move to ban cigarette sales!

රජ පව්ලට යටි මඩි ගහගන්න තවත් නීතියක්- රථවාහන වල ඉදිරි අසුන් වල පටි තද කර ගැනීමේ නිතිය ඔක්තෝබර පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි! Stupidity has no limit (No 2)

25 Comments

Filed under Opinion

25 responses to “මිරිකන්නට වශී බෝලයක් නොමිලේ! Known unknown and unknown known!

  1. kathandarakaraya

    මං නං හිතන්නේ ඉස්සෙල්ලා වශී කරගෙන පස්සේ බෝල සෙල්ලමට බහින එකයි හොඳ ක්‍රමය කියලායි!

  2. අනේ මංද කාගෙ කාගෙ හරි බෝල මිරිකන උං ලග තියෙන තරං වශියක් වෙන 1ක් ගාව වත් නෑ….
    Stupidity has no limit
    ලංකාවෙ දේසපාලුවො ගැන බලනකොට නං සම් කියමනට ඔයාගෙ කටට දෙන්න ඕන චොකලට් බෝල ටිකක්

  3. මොනවා වුනත් හැම වැදගත් කරුණක් කරලියට එන විටම මිරිකන්නට බෝලයක් අතට දෙන බවක් මේ ගැන හොඳින් නිරීක්ෂණය කරනවිට පෙනෙනවා. හැබැයි මුලින් වශී කර ගත්තහම එය මහා ලොකු දෙයකුත් නොවේ තමා.

  4. මා මහේෂ් අප-අප ගැන තමයි වැඩිපුර ලියන්නේ. ඔබ කියන අයත් බිහි වන්නේ අප අතරින්. පත් කර ගන්නේ අපමයි (ජිල් මාර්ට් ටිකකුත් දානවා තමයි). ලංකා ඉරිදා සංග්‍රහයේ වනාතේ සුනිල් හා ඇමෙරිකානු ජාතික ගෝටාභය ගැන ලියවුන ලිපියේ සුනිල් කියන්නේ මේ වගේ දෙයක්. “මම මැරෙන්න බය නැහැ. නමුත් මම ජීවිතේට ආදරෙයි. ළමයි එක්ක මම ජීවත් වෙන්න ආසයි.’’ එය අප හැමගේම ආසාව නේද? මේ ආසාව අහිමි කරපු දහස් ගණනක් දෙනා ලංකාවේ ඉන්නවා. නමුත් එම සිදුවීම් වලට කෙලින්ම මුහුණ දුන්න අයට මිසක්, අන් අයට සතපහක ගානක් තියනවාද? නැහැ. මේ හැම ජනමතයක්ම කියන්නේ එයයි. අප වගේ කෙනෙක් මේ ගැන කියුවොත්, දරුවන්ට පවා කුණුහරුප කියනවා. ඔය ඔබ කියන දේශපාලකයන් හැදෙන්නේ මේ අය අතරින්. එය අමෙරිකාවෙන් ඇවිත් නඩු ඇහුවත් හදන්න බැහැ. ආයිත් පරණ පිළිවෙලට යනවා. අප වෙනස් කර ගන්න ඕනේ මෙයයි. එය නම් පිටින් සක්කරයා ආවත් කරන්න බැහැ.

  5. අපි අනුන් හදන්න යන ජාතියක් මිස අපි හැදෙන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහැ. නීතිවලින් පමනක්ම සමාජය පවත්වාගෙන යන්නේ නොදියුණු සමාජ සංස්ථාවල කියලා තමයි මම හිතන්නේ. අපි සමාජයක් හැටියට එක තැනක හිරවෙලා ඉන්නේ. ඒ ඉස්කුඩිච්චිය බිමින් තියන්න තනි තනි පුද්ගලයා හැටියටවත් සුදානමක් නැති බවයි පේන්නේ.

    වශී බෝලේ නම් දැන් ජූනියරුත් පාවිච්චි කරනවා රැස්වීම් වල කතා කරනකොට. බෝල මිරිකීම ජානවලින් එන පුරුද්දක්ද රයිගම්?

  6. බෝල විතරක් නොවේ මචං, වෘෂණ කෝෂ පවා මිරිකීම අපේ ජාන වලින් එන පුරුද්දක්. මෙය පාර්ලිමේන්තුවේදී සහතික වුනා.
    අප වගේ ලංකාවේ ඉපදිලා, ජිවිතයෙන් භාගයක් පමණ එහි ගත කරපු කෙනෙක් ලංකාව ගැන අපේ අදහස ලියන කොට කුණුහරුපෙන් බනිනවා. හැබැයි ලිබියාව හෝ ඇමෙරිකාව ගැන ලියුවොත්, අපත් එක්ක හුරේ දානවා. මොකක්ද මේ? කියුවොත්, මේ අර අපේ මිසින් ලින්ක් එක නේද? මා කියන්නේ නියන්ඩතාල් හා හෝමෝ සාපියන්ස් සාපියන්ස් අතර මග හැරුණු!

    (මේ මචන් මා දැන් අහන ගීතය. ලඟදි සංයුක්ත තැටිය ගත්තේ. මේක දැම්මේ උඹේ අන්තිම සටහනින් ගීත අහනවා කියා දැනුනු නිසා. මගේ බ්ලොගය ලියවෙන්නෙත් මේ ගීත අහන අතරේ. නමුත් මට අනුන්ට ලියන එක දැන් එන්න එන්නම එපා වෙනවා. එයට මොකද කරන්නේ?

  7. ///නමුත් මට අනුන්ට ලියන එක දැන් එන්න එන්නම එපා වෙනවා. එයට මොකද කරන්නේ?///////// මචං උඹ උඹට ලියපන්.එතකොට උඹ රසවිඳියි සහ දිගටම ලියයි.

    උඹ දාලා තියෙන්නේ මම ආසා කරන ගායකයෙක් වගේම ආසම සින්දුවක්. මම ටිකක් අමුතු පන්නයේ සින්දු අහන්නත් කැමතියි. සමන් ලෙනින් කියන මේ පොර කියන මේ ගීතය කැමතිනම් අහපන්. ඒ එක්කම මම ලියපු සංගීතේ රසේ වෙලී කියන පෝස්ට් එකට සුනිල විල කියලා කෙනෙක් මහින්ද බණ්ඩාරගේ ගිටාර් වැඩක් දාලා තියෙනවා .ඒකත් මරු. එතනම මම විල්සන් ගුනරත්නගේ පොඩි ක්ලිප් එකක් දැම්මා .ඒක බලන්න වටිනවා. උඹ කැමති වෙයි.

    මෙන්න අර වී.අයි.ලෙනින් නෙමේ සමන් ලෙනින්ගේ සින්දුව.

  8. hasithag

    දැන් වශී බෝල එකක් නෙමේ දෙකක් තියෙනවා 😛

  9. ඒ වුනාට දුම්බට එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න එපා මචං.

    දැන් මට නම් ඇත්තටම දුම් අප්පිරියයි, මම කියන්නේ අනිත් එකෙක් දුම් බොන තැනක ඉන්න ගියාම හරිම අමාරුයි. ඒකත් හොඳයි කියලා මම හිතන්නේ.

  10. Prabath

    “එක කාලයකදී, කාන්තාවන් ගර්භනී වුන සමයේ ඇතිවන මෝර්නින් සික්නස් වලට දුන්න බේතක් …”
    http://dailymed.nlm.nih.gov/dailymed/lookup.cfm?setid=2eda833b-1357-4ed4-a093-194524fcb061
    Believe it or not, this drug, thalidomite, is never prohibited. It was simply withdrawn from market. See the difference? It is still available and used for some other indications. Click the link above to see the restrictions in place and other indications.

  11. Thanks Prabath for updating. I wrote by memory based on a documentary about this story.

  12. දෙකක් මිරිකන විට ස්වභාවික ගතියක් දැනෙනවා ඇති නේද හසිත?

  13. ගණන් ගන්න එපා මචං. ආයිත් පරණ පුරුදු වලට යයි කියල හිතන්න බැහැ. අප්පිරියා නම් හොඳයි.

  14. මා දිගටම ලියනවා, මට නම්. ඒවා ගොඩක් ප්‍රයිවට් සටහන්. මේක මට ජීවිතය දෙස ආපසු හැරී බලන්න පුළුවන් දින පොතක් වගේ.

    දැන් එහෙනම් ස්ටාලින් විතරක් නොවේ, ලේනිනුත් සින්දු කියනවා!

  15. Prabath

    Interesting story. Thanks.

  16. තිසර

    අරු, සමන් ලෙනින් මේ ගීතය ගායනා කලේ ස්වාධීන රූපවාහිනියෙන් කරපු ‘රජත රශ්මි’ තරඟයට. නමුත් මුල්ගීතය ඔහුගේ නෙමෙයි. මේ වීඩියෝවේ සඳහන් වෙනවා මුල්ගීයේ නිර්මාණ කරුවන්…

  17. තිසර

    රයිගම්…. ඔය මොනාද
    මාක්ස් හිටං සිංදු කියන එකේ…..

  18. තිසර

    අපේ රැකියාව කරන තැන නම් හැමෝටම මිරිකන බෝලයක් නොමිලේ දීලා තියෙන්නේ….

  19. මෙන්න තිසර රිචර්ඩ්ගේ මා කැමතිම ගීතය!

  20. පද වැල්
    My mother came to Hazard when I was just seven
    Even then the folks in town said with prejudiced eyes
    That boy’s not right …
    Three years ago when I came to know Mary
    First time that someone looked beyond the rumours and the lies
    And saw the man inside …
    We used to walk down by the river
    She loved to watch the sun go down
    We used to walk along the river
    And dream our way out of this town …
    No one understood what I felt for Mary
    No one cared until the night she went out walking alone
    And never came home …
    Man with a badge came knocking next morning
    Here was I surrounded by a thousand fingers suddenly
    Pointed right at me …
    I swear I left her by the river
    I swear I left her safe and sound
    I need to make it to the river
    And leave this old Nebraska town
    I think about my life gone by
    And how it’s done me wrong
    There’s no escape for me this time
    All of my rescues are gone, long gone
    I swear I left her by the river
    I swear I left her safe and sound
    I need to make it to the river
    And leave this old Nebraska town …

    Songwriters: MARX, RICHARD
    All of my rescues are gone, long gone! අපගේත් එහෙමද ?

  21. …sad and tragic too!

  22. අපගේ සේවාස්ථානයේ cost-cutting measures නිසා තම තමන්ම මෙවැනි හෝ එයිට සමාන බෝල සොයා මිරිකන්න යයි උපදෙස් ලැබුනා!

  23. තෑන්ක්ස් තිසර.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.