Why are you silent සහන්?*


නිරතව හිටිය යමක අවසානයට ලඟා වුනහම දැනෙන හැඟීම, ඒ නිරතව හිටිය දෙය අනුව වෙනස් වෙනවා. දැන් මේක ඔය ක්‍රීඩා හා පටලවා ගන්න එපා. එවැනි අවසානයක් මා අද දුටුවා. එය සහනදායි හැඟීමක්. එවැනි බරපතල දෙයක් නොවුනත් මා සෙමින් කියවන පොතකත් අවසානයක් කරා ලඟා වෙමින් තියනවා. එය නම් ජී බී සේනානායකගේ මගේ සිතුම් පැතුම් හා ජීවිතය කියන පොත. මෙය මා මිලදී ගත්තු හේතුව හා එහි අන්තර්ගතය ගැන මගේ අදහස වෙන කාල වේලා තියන වෙලාවක ලියන්න උත්සහ කරන්නම්.

මේ උපුටා දක්වන්නේ ජීබී ගේ පොතේ එන එක්තරා කතාවක්. මෙය අප දන්නා එකක්. හැබැයි අප නිතරම අමතක කරන කතාවක්. අදම මෙය ලියන්නේ මොකද කියන එක ඔබම කල්පනා කරන්න. ඇත්තටම විශේෂ හේතුවකුත් ඕනේ නැහැ.

“…එංගලන්තයේ දාර්ශනික නාට්‍ය නමැති කෙටි නාට්‍ය වර්ගයක් කලකට පෙර රඟපාන ලදී. ඉන් එකක් දැන් මට සිහි වෙයි.

මිනිහෙක් මහා මග පහන් කණුවක් යට නැමී බිම පරික්ෂා කරයි. එතනට පොලිස් රාළහාමි කෙනෙක් එයි.

“මොනවාද හොයන්නේ?” පොලිස් භටයා ඇසී ය.

“මගේ රත්රන් පවුමක් නැතිවෙලා තියනවා. ඒක හොයනවා.”

එවිට පොලිස් භටයා ද නැමී පහන් කණුව යට සොයන්ට වූයේ ය. මෙසේ බොහෝ වේලා පරික්ෂා කළ ඔහු කෙලින් වි.

“හොඳට ම දන්නව ද මෙතන වැටුණ බව” මිනිසාගෙන් ඇසීය.

“මගේ රත්රන් පවුමක් නැතිවෙලා තියන බව නම් ඇත්ත. නමුත් මෙතන වැටිලා ද කියන්ට මම දන්නේ නෑ”

“එහෙනම් මෙතන හෙව්වේ?” යි පොලිස් භටයා ඇසී ය.

“වෙන පහන් කණුවක් නැති නිසා මෙතන හෙව්වා.”

පොලිස් භටයා කට පියාගෙන යන්නට ගියේ ය…….”

මේ වගේ නැතිවුනේ වෙන තැනක වුනත්, එළිය තියන තැනක් හින්දා පහන් කණු යට පවුම හොයන කට්ටිය මේ ලෝකේ විරල නැහැ.

*සටහනට අදාළ නොමැත.

16 Comments

Filed under Opinion

16 responses to “Why are you silent සහන්?*

  1. Kenji @ Japan

    ම්ම්ම්ම්ම්ම්……… ??????????????????
    පත්තු වෙන්නෙම නැහැ නොවැ ……………????????????????

  2. ලයිටරයක් දෙන්නද කෙන්ජි? 😀

  3. Kenji @ Japan

    හෙහ්…හෙහ්….සිගරට් එක නෙමේ රයිගම,,,,, 🙂
    බලුබ් එක…… හෙක්…..හෙක්…. 🙂 🙂

  4. මම මේ හතර වැනි වර කියෙව්වෙ රයිගම,,,
    හෙට උදේට තව සැරයක් කියවනව …

  5. //Why are you silent සහන්? pls COME BACK.

  6. Please forget about it Kenji. ඔබත් කවුරුහරි තමන්ගේ නැතිවුන පවුම පහන් කණු යට හොයනවා දුටුවත්, අර පොලිස් කාරයා කරපු දේම කරන්න. එනම් just walk away! 🙂

  7. //අදම මෙය ලියන්නේ මොකද කියන එක ඔබම කල්පනා කරන්න. //

    කල්පනා කලාට මටත් කල්පනා වෙන්නෑ… ටිකදෙනෙක් ඇත්තටමත්, ගොඩදෙනෙක් ටීවී එකෙනුත් හොයන අර නැතිවුන ෆ්ලයිට් එක ගැන සටහනක් කියලා මට හිතුනේ…

  8. If you are thinking what I’m thinking, I think this example is wrong. The guy who looked under the lamp post did so because there was the only available light: here, light “shows” are as illuminated+dark as those places where the lights are turned off.

    Where one looks is a matter of one’s estimate of likelihoods, not a one of convenience.

  9. We may be talking about two different things here or my example is wrong. Probably, we have different approaches to the same thing. These are just speculations Ano! 🙂 However, I am sure about one thing. You’ve been there. I do not express my opinion/s to the people whose minds are programmed to ignore things that they do not want to hear.

  10. බීට්ල්, මෙය කුඩා කතාවක් හෝ විහිළු කතාවක් විදිහට වුනත් කියවා රස විඳින්න පුළුවන්. ඔය මනස්ගාත අමතක කරන්න.

    දැන් ගුවන් යානය හොයන්න පෙරමුණ අරන් තියෙන්නේ ඕස්ට්‍රේලියාව නිසා, ඇබට් කියුවා වගේ යමක් තියනවා නම් ඒ හරියේ හා ඒ දෙයට මිනිස් හැකියාවන් වලට අතපොවන්න පුළුවන් පරාසයේ නම් අනිවාර්යයෙන් හොයා ගනීවි. එය කාලයේ ප්‍රශ්නයක් විතරයි. මගේ කතාව ඒ ඛේදවාචකය ගැන නම් නොවේ.

  11. kathandarakaraya

    මං නං දන්නේ පහන් කනුව මුල අඳුරුයි කියලයි.

    එතැන හොයලා වැඩක් නෑ!

  12. ඒ තවත් කට්ටියක් කකා. එයාල පහන් කණුව මුල තමයි අතපත ගාන්නේ. එය වඩාත් ශෝක ජනකයි. මේ කියන්නේ ආලෝකය වැටෙන හරියේ හොයන මිනිසුන්.

  13. මට හිතෙනවා රයිගම් මේ කියන්නේ අද ජිනීවාවල සිදුවුනුදේ හා සම්බන්ධ කරලා කියලා. නැතිවුනු තැන නෙමෙයි හොයන්නේ කියලා මටත් හිතෙන්නේ. මම හරිද මන්දා.

  14. Indika Upashantha

    නැතිඋනා කිව්වට ඇත්තටම නැතිවෙලාද කියල කොහොමද කියන්නෙ? හොයන්න ගිය කවුරුත් ඒ ගැන හිතුවද?

  15. මචං දැන් මේක දොස්තොවුස්කිගේ නවකතාවක් වගේ වෙනවා. ඒවා අමතක කරපං. මා නම් සංක්‍රමනිකයෙක්. අපට ඕවා ගැන අදහසක් වත් කියන්න බැහැ. අපි පොල් පොට් ගැන කතා කරමුද? නැහැ බං මේ ඒ ගැන නම් නොවේ.

  16. මෙහෙමනේ ඉන්දික, තමන් ගාව තිබුණු පවුම නැතිවුනාද නැත්ද කියල තමන් දන්නේ නැත්ද? (ඔබගේ කතාව මට තේරෙනවා ඉන්දික. නැති වෙන්න දෙයකුත් තිබුනේ නැහැයි කියලත් ඔබට යෝජනා කරන්න පුළුවන්. මා ඒ කතාව ඉන් එහාට ගෙන යන්නේ නැහැ).

    මගේ කතාවට ඇවිත් දාර්ශනිකව බැලුවොත් ඔබ කියන දේ තමා ඇත්ත. නැතිවුන දෙයක් නැහැ. ඉතින් පහන් කණු යට නොවේ, කොහේ බැලුවත් හොයා ගන්නත් බැහැ. මෙය තමා හරි ඇත්ත. මේ සිංහලෙන් ඉගෙන ගත්ත හින්ද විනාශ වුනා, සුද්ද දාල ගිය නිසා කෙල වුනා, ලංකාව දාල ගිය සංක්‍රමනිකයන්ගේ දැන් පිට රටවල ඉඳන් කරන ක්‍රියා කලාප නිසා කෙල වෙනවා යනාදී වශයෙන් කෙරෙන චෝදනා වල ඇත්ත තත්වය තමා, ඔබ කියන දෙය. එනම් මොකුත් නැති වෙන්න තිබුනේ නැහැ. මේ කියන දේවල් නිකම් බැරිකම වසා ගන්න කියන කරුණු. මේ කියන කරුණු එයාල කියන අයුරින් තිබුනත්, ඒ කියන්නේ ඉංගිරිසියෙන් ඉගැන්වුවත්, සුද්ද හිටියත්, මේ රට දාල ගිය පිරිස රටේ හිටියත්, මේ සන්ගෙදිය මේ විදිහට සිදුවෙන එක වලක්වන්න පුළුවන් කියා හිතන්න සාධක නැහැ.