නිදිමත නැති වී හිරු පායා ඇත, උමතු ලෙසින් මහ රෑ යාමේ! Will that ever happen?


පෙරේදා වැඩට යන ගමන් පොඩි පුතාගේ පෙරන්ට්-ටීචර්-ස්ටුඩන්ට් තුන් කොන් ඉන්ටර්විව් එකට කලින් කාලය වෙන් කර ගත් පරිදි ගියා. අප තුන් දෙනා විනාඩි විස්සක් කතා කළා. පොඩි එකා, එයාගේ වැඩ ගැනත්, දුර්වල කම් ගැනත්, හපන්කම් ගැනත්, දුර්වල තැන් කොහොමද හදා ගන්නේ කියන එකත් මට විස්තර කළා. ගුරුතුමිය එයා, අපේ දරුවා වැඩකරන හැටි විස්තර කෙරුවා. මාත් අහගෙන ඉන්නවට අමතරව මගේ අදහස් ඉදිරිපත් කෙරුවා. මෙයා වැඩිපුර කරන්නේ ගේම් ගහන එක වුනත්, දරුවා ගැන මට සතුටුයි (හරියට ගේම් ගහන්න ඉගෙන ගත්තා නම් අපිත් අද ගොඩ).

පසුගිය නිවාඩුවේදී, මට මගේ පරණ රිපෝර්ට් කාඩ් නැවත කියවන්න ලැබුනා. ඒවා මා ගෙනාවේ නැහැ. ඔය තුනේ හතරේ පන්ති වල ඒවා. ලකුණු අරන් තිබුනේ අර අවාරෙට පොල් වැටෙනවා වාගේ. මා කලින් ලියල ඇතිනේ. ඕවා සේරම එකතු කරලා, මට පන්තියේ වෙනියෙකුත් දීලා තිබුනා (ඒවා වැඩක් නැහැ පුතේ දැන්).

අපේ පුතාගේ ගුරුතුමියත්, වාරය මුල තිබ්බ පරීක්ෂණ වල ප්‍රතිඵල ඇතුලත් ප්‍රස්තාරයක් දුන්න. එහි වෙනියෙකු නම් ලකුණු කරලා තිබුනේ නැහැ. හැබැයි පුතා, පන්තියේ අනික් ළමයින්ට සාපේක්ෂව ඉන්න තැන මට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ළමයින්ගේ සාමාන්‍යය හා මගේ දරුවා ඉන්න තැන. අමර එකද? සාමා දෙකද? මා අන්තිමයද කියල නම් කිසි කෙනෙකුට හොයා ගන්න බැහැ.

අපේ අයියල අක්කල වෙන රටවල් වලට ඇවිල්ලත් ඔය දහම් පාසල් දාගෙන මේවායේ වෙනියන් හොයනවා. දහම් පාසල මා නරකයි කියන්නේ නැහැ. දහම තමන්ගේ දරුවන්ට උගන්වන්න කැමති දෙමාපියන්ට එසේ කරන්න පුළුවන්. මා නම් දරුවන්ට ලොකු වුනහම, කැමති ඕනෙම ආගමක් අදහන්න, නැත්නම් කිසිවක් නොඅදහන්න කියලයි උගන්වන්නේ. එයාල ඒ තීරණය ගනීවි. හැබැයි, මා නම් මගේ දරුවන් වෙන, දරුවන් සමග සංසන්දනය කරන්නේ නැහැ. එහෙම සංසන්දනය කරන තැනකට, ඔවුන්ව මා ඉගෙන ගන්න යවන්නෙත් නැහැ.

ලංකාවේ ඔය උපාධි ගත්තු සාහිත්‍ය විවේචකයන් විසින් නිර්දය ලෙස විවේචනය කරපු ජී බී සේනානායක ඉගෙන ගෙන තිබෙන්නේ හත් වෙනි පන්තිය දක්වා පමණයි. ඔහුට ගරහපු එක කරුණක් තමා ඒක. ජිවිතයේ අග, දෑසම අන්ධ වෙලා, ශරීරය කොර වෙලා, අනුන්ගේ උදව්වෙන් ජිවත් වෙමින් ලියපු පොතක් තමා ඔහුගේ “මගේ සිතුම් පැතුම් හා ජීවිතය”. ජිවිතයේ මරණය බලාපොරොත්තුවෙන් ඉන්න එවැනි කෙනෙක් ලියන දේවල් වඩාත් අවංකයි කියා අපට හිතන්න පුළුවන්. මොකද ඒවායින් ඔහු යමක් බලාපොරොත්තු නොවන නිසා. අප මේ ලියන දෙයින් වුනත් යමක් අප බලාපොරොත්තු වෙනවා. ස්වයං වින්දනය හරි. නමුත් දෑසත් නොපෙනේ නම්, ජිවත් වීම කරදරයක් විතරක් නම්, ඒවා නිකම්ම සිතිවිලි විතරයි. මා ඔහුගේ පොත එන්ජෝයි කෙරුවේ අන්න ඒ අර්ථයෙන්. ඇත්තටම ඔහුගේ පොත ඒ වගේ.

ඔහු එක තැනක මෙසේ කියනවා ” පාඨශාලාවල පංතිවල ශිෂ්‍යයන්ට තම සමර්තකම්වලට අනුව පළමුවැනි දෙවැනි ආදී තැන දීම නුසුදුසු යයි දාර්ශනිකයන් විසින් කියනු ලැබේ. එය පාසලේදී ම ශිෂ්‍යයන් ඔවුනොවුන් හා තරග කිරීමට පුහුණු කිරීමකි. ශිෂ්‍යයන් පුහුණු කළ යුත්තේ ඔවුනොවුන් හා සහයෝගයෙන් ක්‍රියා කරන්ට ය”.

මේ කරුණ මා නිතර ලියන දෙයක්. මට තාම මතකයි පන්තියේ අන්තිමයෙක් වුන මට ගුරුවරුන් පොදුවේ සලකපු ආකාරය. අනෙක් ළමයිනුත් මට මතක නැති වුනත් එසේම වෙන්න ඇති සලකන්න ඇත්තේ. අර මිනුම් හරි නම්, මා අද කොහෙද කියා ඔබට හිතන්න පුලුවන්ද? උඹට කියන්න ගුරුන්නාන්සේ මා වත් දන්නේ නැහැ!

 

 

 

 

Advertisements

27 Comments

Filed under Education

27 responses to “නිදිමත නැති වී හිරු පායා ඇත, උමතු ලෙසින් මහ රෑ යාමේ! Will that ever happen?

  1. නියම ලිපියක් . . . මේක මගේ ෆේස් බුක් එකේ ශෙයාර් කරනවා හොඳේ . . මගේ දරුවා ගැනත් උගේ පන්තියේ වෙනියා වීමත් (ඌ තාම ග්‍රේඩ් වන්) ගැන වෙනස් විදියකට හිතන්න කියලා මේ ලිපිය මගේ හිතට කිව්වා .. බොහෝම ස්තූතියි

    • ඔබට තුති. දුකා දෛවයේ සරදමකට වගේ අද උදේ මා ඔබේ බ්ලොග් පොස්ට් එක කියෙවුවා. අර දරුවන් ඇඳුම් ඇඟලුම් සිඹිනවා කියන එක. මගේ සුදු හාමිනේ ඔබ කොතනද අද දවසේ කියන සටහන කියෙවුවද?

      ඒ ගීතය ගැන මා හිතන අයුරු කකා ලියල තිබුන නිසා මා නිකම් හිටිය. අහන්න පටන් ගන්න කොට ශෝකියි. හැබැයි මෙන්න පුතෝ ටිකක් වෙලා යනකොට, අර “තනිවම ඉන්න ගෙදර” වක ගහගෙන තාත්තත් ඉන්නවා. මුන් දෙන්නා නාකි වෙලත් කතා කරන එවුන් දෙන්නෙක් නොවේ වගේ. නැත්නම් ටිපිකල් ලාංකීය යුවලක්. ගුටි කෙල ගනිමින් තමා ජිවත් වෙනවා ඇත්තේ. එකෙක් ගෙදර ඉන්නවද කියල, අනික දන්නේ නැහැ. 😀

      • හඃ හඃ හා . . කකාට මම දුන්නු ආන්සර් එක දැක්කද?
        සින්දු එක එක විදිහට හරෝගන රසවින්දින්න ඇහැකිනේ අප්පා . .
        මම ඒ නිසා ඒක මගේ හිතට දැනෙන විදිහර හරෙගෙන රසවිඳිනවා . .
        අපේ අම්මත් හිටපු ගමන් කියනවා මං විතරයි කියලා . .
        ඒ දෙන්නත් අර නයයි මුගටියයි වගේ තමා හැබැයි ඒ අපි ඉන්න වෙලාවට අනෙක් වෙලාවට බලන්න එපැයි මාර ලව් එක.
        ඒ දෙන්නගේ ලොකුම හොඳේ අපි කාටවත් නෙමේ ඒ දෙන්නා ආදරේ ඒ දෙන්නට සහ ඒ දෙන්නගේ නිදහස් වයසක ජීවිතයට ඒ නිසා අපි නාවත් ලොකුම අවුලක් නෑ . .
        හෙ හෙ හේ

        • හෙක් හෙක් හේ!
          මා දැක්කා. එහෙම තමා මාත් සිතන්නේ. සිංදු පමණක් නොවේ, අනෙක් කළා නිර්මාණත් තම තමන් කැමති ආකාරයට රස විඳින්න පුළුවන්. මේවා විද්‍යාත්මක පර්යේෂණ නොවේනේ දුකා. දැන් කෙනෙක් කියනවා නම්, ඔහොම රස විඳින්න හේතුව පැහැදිලි කරන්න කියල, එය ගොන් කතා වක් කියලයි මා කියන්නේ. එහෙම නියෝග කරන නිර්මාණශිලින් , නිර්මාණ ජනතාවට එලි දක්වන්නේ නැතුව පෙට්ටගම් වල තියා ගන්නවා නම් හරිම හොඳ දෙයක් කියල ඔබට හිතෙන්නේ නැත්ද?

  2. Pingback: නිදිමත නැති වී හිරු පායා ඇත, උමතු ලෙසින් මහ රෑ යාමේ! Will that ever happen? | Syndi.us

  3. අර තරගය ගැන කියල තියෙන කතාවට මම උඩින්ම එකගයි… අනිත් ඒවාටත් එසේමයි… ඒත් ඒ ගැන මට හිතෙන විදියත් ලියන්න ඕන කියල හිතුණ…
    ඉස්කෝල වල තියෙන නරකම දෙයක් විදියට මට හිතිල තියෙන ඔය වෙනිය තෝරන කේස් එක හා එක දෙක ගත්ත උන්ට තෑගි දීම අන් ලමයින්ව පොළබවනව වගෙම එවුනනෙ මානසිකත්වය කඩාවැටීමටත් හේතු වෙනව…
    අනික ඒකෙන් වෙන්නෙ අනිසි තරගයක් ඇතිවීම හා සමාජයට වැඩක් නැති පොතේ ගුරාලා බිහිවීම සහ කුහකයන් සමාජගත වීම…ඇත්තෙන්ම මිතුරු වෙසින් සිටින සතුරන් ඇතිවීමට ඒ ක්‍රමය උදව්වක්…
    මට මේ වෙලාවෙ මතක් වුනේ ඔය කට පාඩම් ක්‍රමය වෙනිය ක්‍රමයට තදින්ම පහර ගහදු ත්‍රී ඉඩියට්ස්..
    ඇත්තෙන්ම කොමඩියක් කියල හංවඩු ගැහුවට පාඩමක් ඉගෙන ගන්න එකෙක්ට ඒ තරං එකක් නෑ කියලයි මට හිතෙන්නෙ

    • කුඩා මනසට මෙසේ වෙනියන් තෝරා දීම නරක ලෙස බලපානවා කියල පර්යේෂකයන් කියන නිසා තමයි මේ ක්‍රම දැන් වෙනස් කරලා තියෙන්නේ. අපේ ගොන් වහන්සේලා වෙන රටවල් වලට ඇවිල්ලත් මේවා බදා ගෙන ඉන්නවා මහේෂ්. ඒකයි මා කියන්නේ, මේක රටේ ඇතුලත පමණක් තියන මෙන්ටලිටි එකක් නොවේ. ඔය පහතින් මියුරු කියල තියෙන්නේ අපේ අයියලාගේ අක්කලාගේ වැඩ.

  4. හැබයි අනුරපුරේ ගොවියොත් බ්ලොග් ලියනවා. වැඩි පිරිසක් ගම්බද උදවිය. ඒ කතාව පැත්තක් තියමුකෝ. මම ඉන්නෙත් රයිගම් ඉන්න මතයෙමයි. වෙනියා වැඩක් නෑ. උගතෙක් හදලත් වැඩක් නෑ. හදන්න ඕන “බුද්ධිමත් මනුස්සයෙක්”.

    • අනුරාධපුර කතාවට එකඟයි. ඒ කොටස මා අයින් කරනවා. එය මා නිතර වැඩිය සිතන්නේ නැතිව පාවිච්චි කරන උපහැරණයක්.

  5. //මා නම් මගේ දරුවන් වෙනදරුවන් සමග සංසන්දනය කරන්නේ නැහැ. එහෙම සංසන්දනය කරන තැනකට, ඔවුන්ව මා ඉගෙන ගන්න යවන්නෙත් නැහැ.//

    උපමාවකින් කිව්වොත් මට හිතෙන්නේ මේක සෝවාන්වීම වගේ බේසික්ම ලෙවල් එකක් කියලා… සකෘද්දාගාමී, අනාගාමී තව ඉස්සරහට තියේ..එහෙම නෙමේද..?

    උදාහරණයක් විදියට දරුවාගේ ලකුණු එයාගේ යාළුවන් සමඟ සංසන්දනය නොකරන අම්මා හෝ තාත්තා, සමහරවිට ඒ පේරන්ට්ස් මීටින් එක ඉවරවෙලා කෙටි සාමීචියකින් පස්සේ තමන්ගෙන් වෙන්වෙලා යන දරුවාගේ යාළුවාගේ දෙමව්පියන් නඟින්නේ මොන කාර් එකටදැයි හොරැහින් බලන්න පුළුවන් නේද..?

    • මේක නයෙක් නොවේ (අපට වාහනයක් කියන්නේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය දෙයක්. නෝ වාහන මීන්ස් නෝ ජිවිත). ඊයේ පෙරේදා පුතාව පාසලට දාල මා එතනින් යනවිට අපේ නෝනත් එතනින් ගිහින්, මට ගෙදර ඇවිත් බනිනවා අත වනනවා දැක්කේ නැත්ද කියා. කවුද බීට්ල් මේ කාන්තාවන් අත වනනවා බල බල යන්නේ? ඉතින් ඔබ කියන පරිදි වාහන ගැන කවර කතාද? (මා ඉඳ හිට සෝවාන් ඵලයත්, ඊටත් ඉඳහිට සකෘදාගාමී ඵලයත් ලබා ගන්නවා. ඉස්සර නම් අනාගාමී. 😀

  6. වෙනියා තෝරන කේස් එක මෙහේ නැති එක ගැන මමත් සතුටු වෙනවා… ඔය වැඩේ හින්දා කාලයකට ඉස්සරින් එක්තරා ළමයෙකුගෙ අම්මා කෙනෙක් කෑම වගයකට වස දාලා පන්තියේ ඉන්න ඉහළ වෙනියා කමක් ගන්න ළමයෙකුට දෙන්න කියලා තමුන්ගෙ දරුවගෙ අතේ එවපු සිදුවීමකුත් අහන්න ලැබුනු බව මතකයි…
    ඒ වගේම උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ටියුෂන් කෙරුවාවක් නැති එක ගැන ඊටත් වඩා සතුටුයි… ඒත් මෙහේ ඉන්න සමහරු නම් ඒවත් හදාගෙන… ඉහළ පන්තිවල නම් කමක් නෑ කියමු… පොඩි පන්තිවල ඉඳලම…
    අපේ ඒලෙවල් පන්තියේ හිටපු, එක කොපි පොතක් රෝල් කරලා සාක්කුවේ දාගෙන ඇවිත් ඔක්කොම විෂයයන් ටික ඒකෙ ලියාගත්තු එකා දැන් මහාචාර්යවරයෙක් මොරටුවේ…

    • අපේ මහා(මන්ත්‍රා)චාර්ය නලින්ද සිල්වා මැතිතුමා ත් ඔබ කියන අන්දමේ කෙනක්. එතුමා සිරා ඩයල් එකක්. පසුකාලෙක ජාතික චින්තන යක්ෂයා ඔළුවට ගැහුවට පස්සේ නම් වකුර් වුනා. ඉනුත් පස්සේ අර නාථ දෙවියෝ ඇවිත් තවත් කෙලෙව්වා.

      • මනුෂ්‍යත්වයක් නොමැති මනුෂ්‍යයන් බිහි වන්නේ පරිසර බලපෑම, නැති බැරි කම හා සීමිත අවස්ථා ටිකට ඇති අධික තරඟය කියන එක නිෂ්ප්‍රභා කරන කරුණු තමා මියුරු ඔබ ඔය කියන දේවල්. මාතලන්ලා බනිනවා, ඒ රට හදන්න බැරිය කියලා. කුඩා දරුවන්ට පාසලෙන් පසුව විවේකිව කාලය ගෙවන්න අවස්තාව තියෙන්න ඕනේ. පැය හය හතක් කියන්නේ පොඩි වෙලාවක් නොවේ. මා අහල තියනවා සමහර මෝල්ලුන් විසින් තම දරුවන් එකම විෂයට ටියුෂන් පන්ති දෙක තුනකට යවනවා කියා (මේ භාෂාව වැරදියට ගන්න එපා. මෙයාලව හඳුන්වන්න මෙයට හොඳ වචන මා දන්නේ නැහැ). මේ දරුවන් මේ වැඩ නිසා අයින්ස්ටයිලා වෙනවාද? මේවා ළමා අපචාර ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්ත ඉහල පන්ති වල නම් කමකුත් නැහැ. මේ කුඩා දරුවන්.

    • නෑ රයිගම්… ඒ හැටි වයසකුත් නෑ… එයා දකුණෙ කෙනක්… යාළුවො දන්න තරමින් තවමත් අවිවාහකයි… අපි ඒ කාලෙ කිව්වෙ මිස්ටර් කූල් කියලා, එයාගෙ නමත් එක්ක යන එකක්…. හැකි නම් අනුමාන කරන්න… නම කියන්න නම් හැකියාවක් නෑ…. කෙට්ටු, උස හාදයෙක්… ඊයක් එවන්න පුළුවන් නම් මිනිහගෙ විස්තර තියෙන මොරටුවේ ලින්ක් එක දෙන්න පුළුවන්…
      miyuruw77@gmail.com

      • ඔබට ස්තුතියි මියුරු! ප්‍රසිද්ධියේ කියන්න බැරි විස්තරයක් මා ලබා ගත්ත වුනත් වැඩක් නැහැ නේද? මොකද මටත් එක යලිත් යමෙකුට කියන්න බැරි නිසා.

        • ප්‍රසිද්ධියේ කියන්න බැරි එයා මං ඔය කියන දේ දැන් මොන විදියට භාර ගනීවිද කියලා දන්නෙ නැති නිසයි රයිගම්… සමහරවිට ඒවා කියනවට දැන් කැමති නැද්ද දන්නෙ නෑනෙ…

  7. ඕ ලෙවල් කරන කාලේ අපේ පන්තිය බෙදිලා හිටියා…

    පාඩම් කරන සහ පාඩම් කරන බව පෙන්වන ළමයි
    පාඩම් නොකරන ඒ බව පෙන්වන ළමයි
    පාඩම් කලත් නොපෙන්වන ළමයි
    පාඩම් නොකර කරනවා වගේ ඉන්න ළමයි

    ඔය බෙදීම ඇති වුණේ වෙනියා තේරීම නිසා තමයි. කොටින්ම මගේ ඕ ලෙවල් ප්‍රතිඵල ඔවුන්ට වඩා හොඳ නිසා මාත් එක්ක තිබුණු මිතුරුකම අත හැරපු අර ඉන්නවා… ඒ නිසාම මම අර තුන්වෙනි කණ්ඩායමට අයිති කියලාත් කිව්වා.. සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්..

    • මේ කැටගොරි ටිකත් අර
      Known known
      Known unknown
      Unknown known
      Unknown unknown වගේනේ.
      මේ ගැන වැඩිපුර කතා කලොත් අර Weni ත් අපිත් එක්ක තරහා වෙනවා. 😀

  8. මේ වෙනියා කෙරුවාව මම නම් තදින්ම පිලිකුල් කරනවා. උඹ මේ ගැන කලිනුත් ලියලා තිබුනා වගේ මතකයි. ලංකාව මොහොතකට අමතක කරමු. එහෙන් මෙහාට ආපු සමහර උදවිය ළමයින්ව සංසන්දනය කරන හැටි දැක්කාම අප්පිරියයි. හැදෙන්නෙම නැහැ. අපේ දුව කාලයක් ගිටාර් එක පුරුදුවුනා. ඒක දැකපු කෙනෙක් එයාගේ දුවටත් ගිටාර් ගහන්න කිව්වා. ඒ ළමයා ආසම නැහැ කියනවා. නොකර බැරිවුනා ඒ ළමයාට..ටික කාලෙකින් අපේ කෙනා ගිටාර් ගැහිල්ල නවත්තලා බාස්කට්බෝල් ගහන්න ගියා. අර දරුවාවත් ගිටාර් නවත්තලා බාස්කට්බෝල් ගැස්සෙව්ව. අපේ දුවට වඩා බොහෝම වයසින් බාල ලමයෙක්. මොනවා කියන්නද මේ මිනිස්සුන්ට..ඒ ළමය හරිම දක්ෂයි ලියන්න. ඒ ගැන වගේ වගක් නැහැ අර අම්මාට.

    • මේක මචං අපටම ආවේණික නැහැ. මේ සබ්-කොන්ටිනෙන්ට් සින්ඩ්‍රෝමය කියන එක අපගේ දකුණු ආසියාවට පොදුයි. මාතලන්ලා ඉංගිරිසියෙන් ඉගැන්වුවා නම් හරියනවා කියනවා.

      මෙවැනි කතා මා දන්නවා. මා ගොන් වහන්සේලා කියුවේ ඒ නිසා. මා කලින් ලියුවා. නැවත ලියනවා. සමහරුන් කරන්නේ කල්පනාවක් නැති නිසා. නමුත් බහුතරය ඔලමොට්ටල කම නිසා.

      මා උඹේ අන්තිම සටහන කියවූවා. ලිබරල් කියන විවේචකයන්ගේ කොමෙන්ටු වලට ඉඩ දෙන්න ඕනේ නිසා මා කිසිවක් ලියන්නේ නැහැ. ඔන්න බලපන් එක වර මිනිසුන් අන්ධ වෙන හැටි. 🙂

  9. kathandarakaraya

    යකෝ මේ පන්තියේ අන්තිමයා වෙච්ච එවුන් මෙතන බ්ලොග් පවා ලියනවානේ?

    වෙන කාට කියන්නද මේ අවනඩු? අනේ සකෝ බල ලෝ!

    බ්ලොග් කරනවා මදිවට මුං ඒ උතුම් ක්‍රමයට විරුද්ධවත් ලිපි ලියලා, කමෙන්ට් කරලා!

    • කවුද ඩෝ, අන්තිමයා කියන්නේ? මේ රිපෝට් එක හැදුවේ අරාබි කාරයෙක්. යට ඉඳලයි පටන් ගන්නේ ඩෝ! 😀

  10. සියල්ලන්ටම ඉදිරියෙන් ඉන්න මානසිකත්වය පුරුදු කරන්නේ කුඩා කාලේ ඉඳන්මයි… මේක ඇත්තටම වැරදි අදහසක්…වෙන රටවලනම් පොත් කටපාඩම් කරන එක පමණක්ම නොවෙයි විශිෂ්ඨතමයා සොයන්න යොදා ගන්නේ… ක්‍රීඩා, කලා මේ සියල්ල ගැන පොදුවේ සලකනවා..මට ළඟදී හමුවුනා… වෛද්‍ය විද්‍යාලේ දෙවෙනි වසරෙදි ඒ ස්ට්‍රෙස් එක ආතතිය දරා ගන්න බැරුව අයින් වුන කෙනෙක්, ඊට පස්සෙ ඖෂධ වේදී පාඨමාලාවක් කරලා… දැන් එයා ෆාමසිස්ට් කෙනෙක්..එයා කිව්වෙත් මේ කරුම අධ්‍යාපන සිස්ටම් එක වෙනස් විය යුතුයි කියලා. වෙන රටවල මානසික තත්වයන් උනත් පිරික්සා බලනවා. ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවිද්‍යාලයට ඇතුල් වෙන්න ලකුණු ගත්තු දරුවන්ට වෙනම ආචාරධර්ම සහ සදාචාරාත්මක ගුණ ධර්ම පිරික්සීමට පරීක්ෂණයක් තියෙනවා ඒකෙන් ෆේල් උනොත් කොච්චර ඉහළ ලකුණක් ගත්තත් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න බැරිලු.. කියා අපේ මහාචාර්‍යවරයෙකුගේ මල්ලි කෙනෙක් මෙහි ආ දවස පැවසුවා. පොතේ පතේ උගත්කම මිසක් හැසිරීම්, ගුණ ධර්ම නොදන්නා පිරිස් අපි අතරේ කොයිතරම් නම් සිටිනවද… ඔබේ ලිපිය අනර්ඝයි… !

    • මා ඔබට වෙන කතාවක් කියන්නම්. අපේ වැඩ කරන තැන ඉන්න බංග්ලාදේශ කාරයෙකුගේ පුතා ගිය වසරේ 12 වසර ඉවර කෙරුවා. පොර ඉගෙනීමට එතරම් ආසාවක් නැහැ. ඇවරේජ් කියල කියන්න පුළුවන්. මේ පුතාට ඕනේ එයාර් ෆෝස් යන්න. එයාගේ බලාපොරොත්තුව එතන පැර-මෙඩික් කෙනෙක් වෙන්න. දැන් සම්මුඛ පරීක්ෂණ, ඔය කායික ශක්තිය ආදිය සේරම බලල ඒවායින් සමත් වුනහම කියුවලු, උඹලගේ දෙමාපියන් බංග්ලාදේශ කියල අපි දන්නවා. උඹලගේ සංස්කෘතියත් අපි දන්නවා. දැන් උඹව අපි තෝරා ගත්තොත් උඹේ අම්ම දීර්ඝ කාලයකට උඹව ගෙදරින් පිට අරින්න කැමති වෙයිද? උඹට මේක බාගෙට නවත්වන්න වේවිද? දැන් මේක අපිට ගන්න පුළුවනි ඒ දරුවාගේ පවුල් පසුබිමට කරපු වෙනස් කමක් කියා. නමුත් අනික් කොන, ඔවුන් පුහුණුවට වියදම් කරන නිසා ඔවුන් ෆුල්-කමිට්මන්ට් බලාපොරොත්තු වෙනවා.

      දැන් මේ දරුවා එයාට ගෙදරින් ගිහින් ඉන්න පුළුවන් කියල පෙන්වන්න සල්ලි එකතු කරනවා යුරෝපේ ගිහින් ටික කලක් ඉන්න. ගිය සතියේ මා ඇහුව කතාවක් මෙහෙ කැන්බරා යුවලක්, ඉහලින් සමත් වුන තම දුවනිය, එයා කැමති පාඨමාලාව කරන්න අල්ලපු ප්‍රාන්තයට යන්න නොදුන්න කතාවක්. අපි ලංකාවේ ගමේ හැදිලා, ලෝකේ අනික් කෙලවරට ගියා ඉගෙනීම වෙනුවෙන්. මේ අයියල යන්නේ ඉදිරියට නොවේ, ආපස්සට!

  11. මේ කතාවට අදාළ නැතත් යමක් ලියන්න හිතුණ. මේක කොහොමත් මගේ බ්ලොග් එකේ ලියන්න බැහැ. මෙහෙ ඉන්න වෙන කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්නත් බැහැ, මම නරක මනුස්සය වෙනව, ඒ නිසා මේක මම මෙතන ලියන්නේ මගේ හිත නිදහස් කරගන්ට.

    මම ඉන්නේ ලංකාවෙන් පිට. මෙහෙ පන්සලකට දානේ එහෙම අරගෙන අපි ගියාම හාමුදුරුවෝ අනුශාසනාව කළා. හාමුදුරුවෝ අනුශාසනාව තුලදී 100%ක් ම කිවුවේ, කැලයක් කපල පන්සල පටන් ගත්ත හැටි, ගොඩනැගිලි හදපු හැටි, තාප්පේ දාපු හැටි, ආධාර ලැබුණු හැටි, ජපන් ජාතිකයෙක් සතුව තිබුණු ඉස්සරහ ඉඩම පන්සලට ලැබුණු හැටි, ඒකේ පාකින් ඒරියා එකක් හදපු හැටි ආදී දේ. ඔක්කොම ටැන්ජිබල් දේවල් ගොඩ නගපු හැටි කියල, සාධුකාර දෙන්න කිවුවම, මට එහා පැත්තේ හිටපු කෙනා වැන්දේ නැහැ, ඔහු කතෝලික. මට ඇත්තටම ලජ්ජා හිතුන. රයිගම් මොන ආගමේද මම දන්නේ නැහැ, නමුත් නිර්මල දහමක් ලෙස සහ මෙලොව දියුණුවට වඩා ලෝකෝත්තර දියුණුව ගැන හිතන දහමක් ලෙස බුදු දහම පිළිබඳව ඔවුන් තුල ඇති ආකල්පය එක මොහොතින් සුණු විසුණු වී යන්නට ඇති යයි මට හිතුණ.

    ඊට පස්සේ කියපු කතාව තමයි මට මේ කොමෙන්ටුව මෙහි කොටන්නට හේතු උනේ. හාමුදුරුවෝ පවත්වන දහම් පාසලට ළමුන් එවන ලෙස දෙමාපියන්ට අවවාද කරපු හාමුදුරුවෝ ඊළඟට කිවුවේ, “ඒ විදියට දහම් අද්‍යාපනය ලබා දුන්නොත් තමයි වයසට ගියාම දරුවෝ ඔබට සලකන්නේ, ඔබ මැරුණම දාන දීල පින් අනුමෝදන් කරන්නේ, ඒ නිසා දරුවොන්ට දහම් අද්‍යාපනය ලබා දෙන්න” කියල. එතකොට අපි ළමයි බිහි කරන්නේ අපට වයසට ගියාම බලාගන්න ඉන්ෂුවරන්ස් එකක් විදියට ද?

    ලංකාවේ ඉන්නකොට මම මගේ අම්මව බලාගත්ත එක ඇත්ත, ජීවතුන් අතර නැති තාත්තට පින් දෙන එකත් ඇත්ත. නමුත් එහෙමයි කියල මේ කතාවට මම එකඟ නැහැ. කවදාවත් දහම් පාසල් ගිහිල්ලත් නැහැ.

    • මන් දන්නවා ඔබ ඉන්න රට. මොකද ඔබේ බ්ලොගය මා කියවනවා. මගේ බ්ලොගය කියවන සියල්ලන්ගේ බ්ලොග් (කියවන නොවේ කියවන වග පිළිගන්න ලෙස නිවැරදි වෙන්න ඕනි) මා කියවනවා. සමහරවිට ඔබට මගේ බ්ලොගය හා මට ඔබේ බ්ලොගය කියවන්නට හැකි අප අතර සිතීමේ යම් සමානකම් කොහේ කොහේ හරි තියන නිසා වෙන්න ඇති.

      මා “උපතින් බෞද්ධාගමට අයත් වග” කියවුණත්, මා අද ආගම් සලකන්නේ මිනිසාගේ ප්‍රගතියට බාදා කරන කරේ බැඳගන්න බරකරත්ත ලෙස. මා පන්සල් යන්නේ යම් කෙනෙකුගේ කටයුත්තකට සහභාගී වීමට ඇරයුමක් ළදොත් විතරයි. එයිට අමතරව අනෙක් ආගම් ද ජිවිතයට වැද්ද නොගත යුතු දේවල් ලෙස සිතනවා.

      දරුවන් සඳහා ආගමක් තෝරා දී නැහැ. ඔවුන් ලොකු වූ විට තෝරා ගැනීමේ හෝ නොගැනීමේ කටයුත්ත තීරණය කිරීම ඔවුන් සතුයි.

      මානවිකා දන්නවද, ඔය කියන සංසාර චක්‍රය තියනවායි මොහොතකට සිතමු. දැන් මේ අයියල ඕකේ කෙළවරක් යම් දිනෙක දැක්කත්, කෙළවර කිසිදා දකින්න නොහැකි දෙයක් මා කියන්නද ඔබට?

      ඒක නම්, ඔය අපේ පන්සල් වල ගොඩ නැගිලි, මඩු, පිළිම යනාදිය හැදීමේ කෙළවරක් ඔබ දැකපු පන්සලක් තියනවද? ලංකාවෙත් එහෙමයි. ඔහෙත් එහෙමයි. මෙහෙත් එහෙමයි. ගොඩ නැගිලි වල තීන්ත ගාල, තව ඒවා අලුතින් හැදුවට, හදන්න හෝ හැදෙන්න ඕනි මනුෂ්‍යයා මේවා ඇතුලෙත්, ඉන් පිටතත් ක්‍රියා කරන හැටි ඔබත් දාන්නව ඇති. මොකද අඩුම අවධානය දෙන්නේ එයටයි. මා පුතාලව මෙයින් ඈත් කර තැබුවේ අන්න ඒ නිසාමයි. ඒ නැතත් ඔවුන් මේවට පටලවන්න කොහොමත් බැහැ. මොකද මේ විකාර මොනවාද කියා ඇහුවොත්, අපට උත්තර නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s