ඉර මා ගාවයි, නෑ මා සිතුවේ නෑ! Going solar!


අද අපට ඩේ ලයිට් සේවින්ග්ස් (Daylight savings) පටන් ගත්තා. පැයක් “වැඩිපුර” නිදා ගන්න තිබුනත් මා නම් වෙනදා වෙලාවට, එනම් පැයකට “කලින්” ඇහැරුනා. ඇත්තටම මේ කෙරුවේ, ගිය වසරේ කරකවපු ඔරලෝසුව ආපසු හැරවීමයි. ගිම්හානයේ හවස වැඩි කාලයක් හිරු එලිය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් ගතකිරීමට යොදා ගන්න කියලයි සරලව මේ වෙලාව කරකවන්නේ.

විදුලි බලය නැති පලාත්වල ජනගහන වර්ධන වේගය වැඩිය කියල “පර්යේෂණ” වලින් කියවෙනවා. මොකද ආලෝකය නැතුව කරන්න පුළුවන් ක්‍රීඩා අතලොස්සයි තියෙන්නේ. අර ඩේ ලයිට් සේවින්ග්ස් වලින් බලාපොරොත්තු වන එක දෙයක් තමා හවස් කාලයේ වැඩ ඇරිලා ඇවිත් කරන රෙක්රියෙෂනල් ඇක්ටිවිටි වලට අවස්තාව ලබා දීම.

අපේ හිරු හා පෘථිවිය පිහිටා තියන දුරෙහි තියන ප්‍රශස්ත කම  තමයි මෙහි ජීවය උත්පාදනය වීමට එක හේතුවක්. ඒකනේ අප ඔය කියන්නේ ඉර මා ගාවයි, නෑ මා සිතුවෙ නෑ කියල. ඉර මෙයට වඩා අපට ලං වුනොත් විනාශයි. හැබැයි අදටත් අපට හිරු නැතුව ජිවත් වෙන්න හැකි වැඩිම වුනොත් දවසක් හෝ දෙකක් පමණයි. ඒ කියන්නේ “හිරු” නැතිවූවොත් සිංදු ලියල විතරක් නොවේ, කේක් කාලත් හමාරයි.

ඒ විතරක් නොවේ ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලිය නැති නම් හරක් මස් කාල හමාරයි විතරක් නොවේ හොර එතනෝල් ගෙන්නලත් ඉවරයි.  එතනත් බලශක්තිය සපයන්නේ හිරු. එහෙම හදපු දේවල් තමා අප කන්නෙත්, ඔය හාරලා ගන්නෙත්. හිරු නිසා අපට එකතු වුන බලශක්තිය තමා ඔය භූමි තෙල්, ප්‍රමිතියට නැති පෙට්‍රල්, ගල් අඟුරු කියා අද පාවිච්චි කරන්නේ. චීනෙන් යකඩ ගොඩක් හරි ගෙනල්ල බලාගාර අටවගන්න පුළුවන් මේ ගල් අඟුරු අපට එකතු කරලා තියන නිසා. නැත්නම් පුතේ ඔය යකඩ ගොඩවල් සුදර්මන්ට “නිකම් විකුනලා” ඉන්න තමයි වෙන්නේ..

කොහොම හරි මැවුම් කරුවා මේ බලශක්තිය අපට එකතු කරලා තියෙන්නේ අපට කෙලින්ම හිරු එලිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් තරමට මොලේ පාවිච්චි කරලා තාක්ෂනය නිපදවා ගන්න තුරු පමණයි. ඔහු කුසීත මිනිහෙක් බලාපොරොත්තු වෙලා නැහැ. නිකම්ද කියන්නේ මැවුම් කරුවා සියල්ල ගානට ප්ලෑන් කරලයි තියෙන්නේ කියල. ඕකට තමා පුතේ මා කියන්නේ, උන්නතිකාමය අපට අවශ්‍යයි කියා. සුළඟ, මුහුදු රැල්ල යනාදිය කියන්නේ හිරුගේ බලශක්තිය නිසා ඇතිවන දේවල්. හිරු එලිය හා ඉහත කියුව දේවල් තමා අපේ අනාගත බලශක්ති ප්‍රභව වනු ඇත්තේ.

ඕස්ට්‍රේලියාව වසර 2020 වන විට තම බලශක්ති අවශ්‍යතා වලින් 20% ක් පුනර්ජනනීය ප්‍රභව වලින් ලබා ගන්න ට බලාපොරොත්තු වනවා. ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටෝරිය නැත්නම් කැන්බරා මේ ප්‍රතිශතය 90% ක් ලෙස ඉලක්ක ගත කරලා තියනවා. වසර 2012 දී ලෝකයේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන සඳහා ඩොලර් බිලියන 260 ක් ආයෝජනය කර තිබෙනවා. ඒ ගාණ ප්‍රථම වරට පොසිල ශක්ති ප්‍රභවයන් වෙනුවෙන් වසරකට යට කල ගානට සමාන වී තියනවා.

මේ ආයෝජන ඉහල යන්න යන්න, අර දුම් කොළ සමාගම් වගේම පොසිල වලින් බලශක්තිය උපයන ලොකු සමාගම්, පුනර්ජනනීය බලශක්තියට එරෙහිව එයාලගේ ප්‍රචාරණ වැඩි කරලත් තියනවා. එක දෙයක් තමා මේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ක්‍රම නිසා බලශක්තියට වැය කරන මිල ඉහල යනවා කියන එක. ඕස්ට්‍රේලියානු කාර්යක්ෂමතා කොමිසමට අනුව (2012) විදුලිය මිලට වැඩිම දායකත්වයක් සපයා තියෙන්නේ, මේ කණු හා වයර නඩත්තුවට. ඒ විතරක් නොවේ මොඩල වල ගණන් බැලීම් වලට අනුව ඕස්ට්‍රේලියාවේ 20% ඉලක්කය අපේ විදුලි බිල් පතට වෙනසක් කරන්නේ නැතිය කියනවා.

සුර්යයාලෝකයෙන් විදුලිය උත්පාදනයේ කැපී පෙනෙන වැඩි වීමක් පසුගිය වසර කිහිපය තුල ලෝකය පුරා සිදු වුනා. මේවායේ ගණන් හිලවු මා ලියන්නේ නැහැ. දකුණු ආසියාවට අදාළ තොරතුරු ටිකක් දැනට මාස කිහිපයකට කලින් චරිත රත්වත්ත විසින් ගොනු කර තිබුනා. සටහන අවසානයේ එහි ඇමුණුම ඇති (මාතලන් කියනවා වගේ ඔය සිංහල විතරක් කියවන්නේ නැතුව මේවත් කියවන්න).

මහා පරිමාන සුර්ය බලශක්ති බලාගාර වලට අමතරව, වහල  උඩ සුර්ය කෝෂ කියන ඒවායෙහි ආරම්භක වියදම පසුගිය වසර දෙක තුන තුල විශාල ලෙස පහල ගියා. අද වන විට ඕස්ට්‍රේලියාවේ නිවාස මිලියන දෙකක් පමණ මේ වහලය උඩ සුර්ය කෝෂ ඇති නිවාස කියා ඊයේ පෙරේදා ප්‍රවුර්තියක කියවුනා. කැන්බරා වල තුන් ලක්ෂයක් නිවාස මේ වගේ කියලත් කියවුනා.

එයට අමතරව ඕස්ට්‍රේලියානු රජය STC (Small-scale technology certificates) යටතේ මේවා හයි කරගන්න යන වියදම අඩු කර තියනවා. ඒ කියන්නේ ඔබ සවි කරගන්න සූර්ය කෝෂ වෙනුවෙන්, අදාළ සමාගමට ගානක් ගෙවනවා. සමාගම ඒ මුදල ඔබගේ වියදමින් අඩු කරනවා. හැබැයි තියන ආරංචි වලට අනුව මේ ප්‍රතිපාදන සපයන Federal Government’s Small-scale Renewable Energy Scheme (SRES) කියන ව්‍යාපෘතියට ආයුෂ අඩුයි කියවෙනවා. ඒ කියන්නේ අදාල ඉලක්ක දැන් සපුරාගෙන තියන නිසා, “මධ්‍යම පාන්ති සුබසාධන” අංගයක් වන මේක, ඉවත් කෙරෙන්නට ඉඩ තියනවා.

තව දෙයක් තමා, මේ සුර්ය කෝෂ වල මිල අඩු වීමත් සමග, බලශක්තිය නිවසට සපයන සමාගම්, මේ සුර්ය කෝෂ නිපදවන අතිරික්ත විදුලිය, එනම් පාවිච්චි නොකරන ටික ආපසු මිලදී ගන්නා මිලත්, ඔවුන් විදුලිය අපට විකුණන මිලට වඩා ගොඩක් අඩු කර තියනවා. උදා හරණයට ඔවුන් කිලෝ වොට් එකක් විකුනන්නේ ශත 20 ට නම් මිලදී ගන්නේ ශත 7 කට වගේ ගානකට. මෙය අනාගතයේ තවත් පහල යාවි. මිලවල් දෙකෙහි එනම් පරතරය තවත් වැඩි වේවි. මේක අවාසියක්.

මොකද කියනවා නම්, සුර්ය කෝෂ වලින් නිපදවෙන විදුලිය අපට ගබඩා කර ගන්න බැහැ. එක්කෝ එවෙලේම පාවිච්චි කරන්න ඕනේ, නැත්නම් ප්‍රධාන ධාරාවට එකතු කරන්න ඕනේ. අප ගොඩක් දෙනා සතියේ දවල් කාලයේ ගෙදර නොයින්නා නිසා, අර ප්‍රධාන ධාරාවට එකතු කිරීම තමා වැඩිපුර කරන්නේ.

මේ වසරේ පළමු කාර්තුවෙහි අපේ විදුලි බිල ගිය වසරේ එම කාලයට  වඩා 90% කින් පමණ අඩු වෙලා තියනවා. ඒ මොකද පසුගිය කාලය ග්‍රීෂ්ම සෘතුව නිසා. ඒ විදුලි බලයට ඒකකයට අප ගෙවන ගාණ වැඩිවෙලා තියෙත්දී. සුර්යකෝෂ වලට අපේ ආයෝජනයේ නැවත ලැබීම 15-20% විතර වෙයි කියා මා හිතනවා. ඒ කියන්නේ වසර පහකින් පමණ අපේ ආයෝජනය සම්පුර්ණයෙන් කවර්. ඉන්පසු අප කරන ඉතුරුව ශුද්ධ ලාභයක්.

මා දන්නා තොරතුරු වලට අනුව ලංකාවේ මේ තාක්ෂනය තවමත් ගණනින් ඉහලයි. මා කියන්නේ සාපේක්ෂව ජනතාවගේ ආදායම හා තාක්ෂණයට යන වියදම. ග්‍රීන් ලයිට් සොලර් ලංකා සවි කරන 0.5 කිලෝ වොට් සුර්යකෝෂ කට්ටලය ගෙඩි රුපියල් 190, 000 ක් වෙනවා, 1 කිවො 390,000ක් ද 1.5 කිවො 490,000 ක් ද වෙනවා (ලියුවේ මා ළඟ තියන පත්‍රිකාවට අනුව).  වෙනත් රටවල් වල විස්තර මා හෙවුවේ නැහැ. හැබැයි ලංවිම තාම ඔවුන්ට ලැබෙන අතිරික්ත විදුලිය සඳහා, ඔවුන් ඔබෙන් අය කරන ගාණම ගෙවනවා කියලයි මා හිතන්නේ (ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ ඕවටද?).

(මෙහි එන බොහෝ කරුණු මතකයෙන් ලියා ඇත).

What is an STC?

Future With Solar Power; Covert Moves To Sell Norochcholai Plant

Advertisements

8 Comments

Filed under Energy, Opinion

8 responses to “ඉර මා ගාවයි, නෑ මා සිතුවේ නෑ! Going solar!

  1. Pingback: ඉර මා ගාවයි, නෑ මා සිතුවේ නෑ! Going solar! | Syndi.us

  2. kathandarakaraya

    හරිම කාර්යක්‍ෂම සින්දුවක්.
    විනාඩි දෙකාමාරෙන් වැඩේ ක්ලෝස්!
    මරු!!

  3. මේ බලන්නකො බොහොම ඉක්මනට අපට වෙන වැඩේ…
    http://www.watoday.com.au/wa-news/perth-could-be-drinking-recycled-sewage-by-2015-20101129-18due.html

    • “Adding recycled water to drinking supplies remains a contentious issue in some states, with New South Wales, Victoria and South Australia placing a policy ban on it.”
      හු හු ! අපිට ප්‍රශ්නයක් නෑ නේද කකා ?? 😀

      • ගණන් ගන්න එපා මියුරු, රතුපස්වල ජනයා ඇසිඩ් වතුර බීල, වෙඩි කෑවේ!

  4. Anonymous

    I thought we finished the day light saving and come back to the standard time.

    Solar power is not not economical as it used to be. Electricity companies play this well and increase your unit price if you have solar panels on the roof. and unit calculation is going to base on time. which is a pain for people who consume lot in peak time.

    Solar is only worth (in Melbourne) now is somebody stay at home to consume it and only generate what need and not load it back to electricity companies.

    • Didn’t you see ඇත්තටම මේ කෙරුවේ, ගිය වසරේ කරකවපු ඔරලෝසුව ආපසු හැරවීමයි.
      Different jurisdictions have contrasting regulations. The ACT (state government) changed feed in tariff system since the beginning of this financial year. Whoever singed or installed panels before 1 of July 2013 are eligible for one to one buy back scheme which means that they buy at the same price that you pay for them per unit

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s