මං විතරයි තනිවම දැන්? The untold story!


ඇත්තටම මේ කතාව මා කලින් කියල තියනවා. අපේ කකා එයට කලින් කියල තියනවා. හැබැයි මේ ප්‍රශ්නය මට යලිත් එක කතා බහකින් පසු සිතන්න සිදු වුනා. එය ඔබ මට කාටත් පොදු කතාවක්.

මා මගේ ප්‍රියම්බිකාවගෙන් ඇසුවේ, ඔබ මා ඉන්න ගෙදර “මන් විතරයි තනියම දැන් මගේ නිවසේ” කියල කියන්න හිතෙනවද කියලා. මොකද ඇය ඉන්න ගෙදර මට එහෙම හිතෙන්නේ නැති වග මා දන්නා නිසා. ඇය ගත් කටටම කියුවේ, ඔයා ගෙදර ඉන්නවා නම් මා එහෙම හිතන එකක් නැහැ කියලා. එතකොට සුනිල් ආරියරත්න නොදැනද මේ ගීතය ලියා ඇත්තේ ?

නැහැ, මා නම් හිතන ආකාරයට මෙය හොඳින් සිතා බලා ලියුව ගීතයක්. මෙය අපේ ලාංකික විවාහ ජිවිතයේ පණ්ඩමෙන්ටල් ස්වරුපය හෙළි කිරීමට සුනිල් ගත්තු උත්සහයක් කියල මට හිතෙනවා.

තනි වූ කාන්තාවකගේ, ශෝකී ස්වරයෙන් පටන් ගන්න ගීතයේ, එක වරම තාත්තාත් මග බලා ඉන්නවා යයි කියන කොට ඔබ හොල්මන් වෙනවා.

මේකම නේද අපේ සාමාන්‍ය විවාහ ජීවිතය. ඒ කියන්නේ දෙදෙනෙකු එකම වහලක් යට ජිවත් වුවත්, ජිවත් වන්නේ ලෝක දෙකක කියන එක.

අවිවාහක සුනිල් මේ සත්‍යය ග්‍රහණය කෙරුවේ කොහොමද? කුඩා කාලයේ අත්දැකීම්ද? මනසේ මැවුන කල්පනාද? එසේත් නැත්නම් මගේ මනසේ මැවුන කල්පනාද?

ගියක අරුත ගැන කතා බහකදී, නියෝග කරන කාණ්ඩත් ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට ගීතය ලියපු අයත්. හැබැයි ඔවුන් අපට වඩා කුඩා ලෝකයක ජිවත් වන්නේ. මිනිසාගේ කාල්පනික ලෝකයට සීමා මායිම් දාන්න කිසිවෙකුට හැකියාවක් නැහැ. එහෙම පුලුවන් වුනා නම් අප අද ඉන්න ලෝකය මෙයට වඩා වෙනස්.

අද කකා ලියපු සටහනත් මේ ගැන වැඩිපුර හිතන්න ඔබව යොමු කරනවා.

 

 

Advertisements

20 Comments

Filed under Opinion

20 responses to “මං විතරයි තනිවම දැන්? The untold story!

  1. Pingback: මං විතරයි තනිවම දැන්? The untold story! | Syndi.us

  2. kathandarakaraya

    මේ සුනිල් ආරියරත්න ලියා ඇත්තේ නන්දා මාලනී තම දරුවෙකුට කිය කතාවද?

    මොකද ඇයගේ දරුවන් ගේ තාත්තා, සුනෙත් ගෝකුල, ඉන්නේ වෙන ගෙදරක නේ.
    නන්දා ගේ දරුවන් විවාහ වූ විට “මං විතරයි තනියම දැන් මගෙ නිවසේ” තමයි.

    • එතකොට කකා අර “වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්” කාටද ලියා තියෙන්නේ?

      මේ වැන්දඹුවක් වෙන්නත් පුලුවන්. ඇත්තටම තාත්තා බලා ඉන්නේ (එලොව සිට), අම්මා එනතුරු.

      • kathandarakaraya

        අම්මා එනතුරුද? කවදා දූ පුතුන් ඒ දැයි මග බලාගෙනද?

        මං හිතන්නේ මේ දුවන ගමන් ලියපු සින්දුවල තේරුම සොයමින් අපි අපරාදේ කාලේ කනවා!

        • මා බොරුවට කියුවේ කකා. මේ ජෝඩුව එක ගෙදර ඉන්න දෙන්නෙක්. මෙතැන ඔබ කියන පරිදි සුනෙත් ගෝකුල කෙනෙකුත් නැහැ කියලයි මට හිතෙන්නේ. 🙂
          ඒ කොහොම වුනත් මා කියන්නේ කකා ගුටි කෙල ගනිමින් මුළු ජිවිතයම ගෙවීම මෝඩ කමක් කියා. නන්දා-සුනෙත් ආදර්ශයට ගන්න පුළුවන්.

  3. ඔය සින්දුව ගැන කකා ඔහොම කියනකම් කවදාවත් මට එහෙම හිතිලා තිබුනෙ නෑ… ඒකත් එක්ක දැන් ඒ ගැන හිතලා බලනකොට, තමුන්ගෙ දුවට ගොඩාක් සමීපව හිටපු, දුව තමුන්ගෙ මුළු ලෝකයම වුනු අම්මා කෙනෙකුට දුව දීග ගියාට පස්සෙ තමුන් තනි වෙලා කියලා දැනෙනවා වෙන්න ඇතිය කියලා හිතුනා තාත්තා ගෙදර හිටියත්…

    • එතකොට මියුරු අර ලේලිය කැටුව ගිය පුතෙක් ගැනත් බෑඟිරි ගාන්නේ මොකද?

      • ඒ අම්මා පුතාට වැඩිය දුවට සමීප ඇති… ආදරේ ඇති…

        • අම්මල දුක කියන්නේ දුවලට . දුවෙකුට දුක කියන ගීතයක් මේක . දුලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්න අපේ අම්මා සතියකට හමාරකට මට මිස් කෝල් එකක් දෙනවා . මම ඒ කෝල් එක කට් කරලා මෙහෙන් ගන්නවා. ඔයිට ලේසියි අල්ලපු ගෙදර ඉන්න පුතාට කතා කරන එක .. නමුත් අම්ම කෙනෙක් [දුවෙක් ඉන්නවා නම් ] වැඩිය කැමතියි දුවෙක්ට දුක කියන්න . ඒ ගැහැණු කම . රයිගම් මතු කරලා තියෙන කාරණාව හරි . අපේ සමාජයේ ආදරය එළිපිට පෙන්නීමට අකමැති මොකක්ද එකක් තියෙනවනේ . වයසට යද්දී උන්නත් මලා වගේ ජෝඩු තමා වැඩි . ඉස්සරහට වෙනස් වෙයි. මටත් හිතෙන්නේ මැරෙන කම් දෙන්න ඉන්නවා නම් එච්චරයි කියලයි. හැබැයි දු දරුවන් නික්ම යාමේ හිස්බව නම් තියේවි .

          • බින්දී, මේක අංජබජල් සින්දුවක්. ගෙදර මිනිහත් එක්ක ඉන්න ගමන්, මං විතරයි තනියම, කියන කොටම, ඒ යකාව අමතක කරලනේ. අර කකා කියන්න වගේ දුවන ගමන් වෙන්න ඇති ලියන්න ඇත්තේ. මොක වුනත් ඕක තමයිනේ යතාර්තයත්. ගුටි කෙල ගනිමින් මුළු ජීවිතය ගත කරලා, බෑඟිරි ගානවා. මා කියන්නේ දරු දුක නොවේ. ඔබ මා කියන දෙය හරියට තේරුම් අරන්. අර උන්නත් මලා වගේ කෑල්ලෙන් එය හරියටම අදහස් වෙනවා. (කොහොමත් බින්දී ලේලිය සමග රහසින් වෙන්වුණේ, නැත්නම් කෙහෙවලු පටලවා ගන්නෙත්, ඔය ඇත්තෝම තමා 😀 )

            • දැන් නම් මචං දුවන ගමන් සින්දු ලියන එක හොඳයි..මොකද සමහරු දෙන අර්තකථන දැක්කාම ලියපු එකාට දුවන්නම තමයි හිතෙන්නේ 😀

              • මා දුන්න අර්ථකතනයත් ඒ වාගේ එකක් තමා බං! 🙂

                • සින්දුවලට වෙනත් අර්තකථන දෙන්න ගිහින් පොලෝසියෙන් පැන්නොත්…. ඕන අපි නම් නෑ ඔන්න….

                  • අරූ අදහස් කෙරුවේ මොකක්ද කියා මා දන්නේ නැහැ මාතලන්. ඇත්තටම මා හිතන අයුරුයි ලියුවේ. මුල් පදය ගැන විතරක් හිතලා මුළු ජීවිතේම මේ සින්දුව මේ වගේ එකක් යයි හිතල අහපු අය‍ට, මා කියන දේ වහ කදුරු වගේ ඇති. නමුත් ඇත්තම කතන්දරේ ඒකයි. එක්කෝ මේක අංජබජල් සින්දුවක්, නැත්නම් අංජබජල් ජෝඩුවක්.

                    අපට කුඩා කාලයේ සිටම විචාරශීලිව සිතන්න, ඉගෙන ගන්න පුරුදු පුහුණු කිරීමක් කරන්නේ නැහැ. “පොතට පිටින්” යමක් ඇසුවොත් “ළමයා, පණ්ඩිත නොවී ඉන්න” කියනවා. විචාරශිලි ළමා මනස වල් වැදෙනවා. එවැනි අය වැඩිහිටියන් වුන පසුව, විචාරයකින් තොරව දේවල් හා මිනිසුන් පසුපස “අන්ධ භක්තියෙන්” ගිහින් ජිවිතේ පසු කාලයත් “හද රිදවා” ගනිමින් ඉන්නවා. සාහිත්‍ය කළා ආදියටත් මේ සංගෙදියම වෙලා තියනවා. ඔය ජැක්සන් ඇන්තනි වගේ කලු-කඩ කාරයන් ඉතිහාසඥයන් වී තියෙන්නේ අන්න ඒ පරිසරය තුල. අපේ කුඩා දරුවන් මෙයිට වෙනස් මාර්ගයක යවන්න තමා මාතලන්, ඔබත් මාත් උත්සහ කරන්න ඕනේ.

                    • හරියට හරි. මේ මෑතකදි විශාල බ්ලොග් සංවාදයක් ගියේ ඔය ගැන තමා. අපිත් උන්නේ ඔය මතයේම තමයි. ඒත් මේ බ්ලොග් වලත් ඉන්නවා නේ පොලිස්කාරයෝ. උන් ජාලේ භාවිතා කලාට නොම්මර එකේ ගල් වැද්දෝ..

                    • අහා ඒකද මේ කතාව? මා කලින් කියවුවේ ඔබගේ සටහන පමණයි. එය ලිවීමට හේතුව සොයන්න ගියේ නැහැ. අද මගේ කාලය නිකම් නාස්ති වුනා ඔබේ මේ කොමෙන්ටුව හන්දා. 🙂

                      එතන තියෙන්නේ ගල් වැද්දන්ටත් එහා ගිය දෙයක්. මොකද ගල් වැද්දනුත් අද අප ඉන්න තැනට එන්න වැඩ කොටසක් කෙරුවා. මෙතන තියෙන්නේ පොලිස්කාර කමටත් වඩා, ලෝකයේ ඉන්න තමන්ට වඩා වෙනස් මිනිසුන්ව ඉවසීමට බැරිකම මාතලන්. තමන්ගේ නිර්මාණයක්, වෙනස් සිතුම් පැතුම් තියන කෙනෙකුට හෝ කාණ්ඩයකට රස විඳින්න පුළුවන් වීම ගැන වත් නිර්මාණ කරුවෙකුට සන්තෝෂ වෙන්න බැරි නම්, එයින් කියවෙන්නේ එම නිර්මාණ කරුවාගේ මානසික ස්වභාවයයි. මෙයාලම තමා මාතලන් ඔය සමාජවාදය, සුන්දර මනුෂ්‍යත්වය ආදිය ගැන අරක්කු අඩියක් ගහල කතා කරන්නේ. මා නිතරම කියන දෙපිටකාට්ටු කාරයන් මොවුන්ම තමා. මා ඔවැනි දේවල් කියවන්න හෝ වෙහෙසෙන්නේ නැහැ. මේ ලෝකයේ තව කියවීමට දේවල් තියනවා. ඒවාට වත් වෙලාවක් නැති කොට, මේ නිසරු කතා මොකට කියවන්නට වෙහෙසෙනවාද?

  4. එක එක පදයට අර්ථ කථන දෙන්නේ නැතුව සමස්තය දෙස බැලුවොත් හොඳයි නේද?

  5. //තනි වූ කාන්තාවකගේ, ශෝකී ස්වරයෙන් පටන් ගන්න ගීතයේ, එක වරම තාත්තාත් මග බලා ඉන්නවා යයි කියන කොට ඔබ හොල්මන් වෙනවා.//

    මම නම් ඊට කලින්ම හොල්මන් වුනා මොන ගීතය ගැනද මේ කියන්නේ කියලා..ඇටෑච් කරලා තියෙන්නේ “මා දැන් මහලු වියේ” නොවැ… හොයලා හොයලා ගීතය නම් හොයාගත්තා…

    මට දැනුන විදිය නම් තාත්තා සාංකාව නිසා සිහිමඳ ගතියකට පත්වෙලා… බලාගත්තු අත බලාගෙන ඉන්නවා කියලා අපි කියන්නේ… ගෙදර සිහියෙන් ඉන්න එකම ගෙනා තමන් විතරක් නිසා වෙන්නැති “මන් විතරයි තනියම දැන් මගේ නිවසේ” කියන්නේ… ඇත්තටම ඇයට වේදනාව වැඩිත් ඒ නිසාම තමයි… තාත්තාට වගේ ඇයටත් පිස්සු හැදුනානම් හොඳයැයි ඇය හිතනවා ඇති…

    ඔය මම ඒ සිංදුව කියවපු විදිය… “එහෙම නෙමේ හලෝ මෙහෙමයි හරි” කියලා කවුරු හරි කියනකොටනං මගේත් ඇඟ හිරිවැටෙනවා…

    • උම්මා! ඔය තියෙන්නේ තව වර්ෂන් එකක්. දැන් ඔබටත් පොලු අරන් එයිද? මේවා අර ප්‍රතිශක්තිකරණය නිසා, ඔර්ටිස්ම් ඇතිවෙනවා යයි පදනමක් නැතුව කියන බහු බූත කතා හා සසඳන්න බැහැ. කළා රසය කියන්නේ වෙන දෙයක්. එවැනි රස විඳීම් වලට හේතු ඉදිරිපත් කරන්න කියා නියෝග දෙන මහතුන් ඉන්නේ කුඩා ලෝක වල යයි මා කියුවේ අන්න ඒ නිසා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s