මුහුණේ ලේ කඳුලක් නැත්නම් හොඳ ලක්ෂණයක්! The artificial World!


blood

මේ කතාව මා කලින් ප්‍රතිචාරයකට කියල තියනවා. පොඩි කාලේ කියවපු චිත්‍ර කතා කෑල්ලක තිබුන දෙබසක කොටසක් තමා “මල්ලි, ඔය මූණේ ලේ කඳුලක් නැති මිනිස්සුන්ගේ තමා, පපුවේ ලේ පොදක් හරි තියෙන්නේ” කියන එක. ලේ කියන්නේ අපේ පැවැත්මට අත්‍යවශ්‍ය ශරීර පටකයක්. සමහර රටවල් වල පාලකයන් ජනතාවගේ ලේ උරා බොනවා කියන්නේ ලොකු තේරුමක් ඇතුව. මොකද අන්තිමට ලේ නැති නම්, පැවැත්ම ඉබේම නැතුව යනවා.

රෝහල් වල ජිවිත බේරා ගැනීමටත් ලේ බොහෝ වෙලාවට උපකාරී වෙනවා. හැබැයි ඒ පාරිවිලයනය කරන්න ලේ තියනවා නම්. එතන තමා ප්‍රශ්නය තියෙන්නේ. අප ලෝකය බේරා ගන්න ජිවිත පූජා කරන්න ලැහැස්තියි කියනවා. නමුත් දීමෙන් ශරීරයට හානියක් නොවන ලේ ටිකක් දෙන්න යන්නේ කලාතුරකින්, නැත්නම් කොහෙත්ම නැහැ. උඹට කියන්න ගුරුන්නාන්සේ මාත් සිරිතක් ලෙස එය පටං ගත්තේ වසර කිහිපයකට පෙර. එයත් කරන්නේ වැඩ කරන කාලය තුල. මොකද කියනවා නම්, ඇත්තටම විනාඩි විස්සක වගේ වැඩක් වුනාට, ඒ සඳහා පැය දෙකක්වත් අඩුම ගානේ වෙන් කරන්න ඕනේ.

ප්‍රශ්න ගැන කතා කරන බොහෝ පිරිස්ගෙන් මොකක්ද උත්තරය කියල ඇහුවොත් එක්කෝ ගොළු වෙනවා, නැත්නම් වෙන බයිලා කියනවා. ගොඩක් වෙලාවට එයාලට මේවට විසඳුම් සොයන්න දුන්නොත්, වැඩේ තවත් වන කරලා තමයි පස්ස බලන්නේ.

අද උදේ වැඩට එන අතරේ තමයි, මා ප්‍රථම වරට ලෝකයේ ලෙඩෙකුට දෙන්න තරම් ප්‍රමාණයක් කෘතීම රතු රුධිරානු නිපදවා තියන ප්‍රවුර්තිය ඒබීසී ගුවන් විදුලියෙන් ඇහුවේ. එය අද ජන මාධ්‍ය වල එක ප්‍රධාන පුවතක්. කෘතීම කියුවට, මගේ කල්පනාව අනුව මේ ලෝකේ කිසි දෙයක් කෘතීම නැහැ. තියන දෙයකින් තමා අප “නව” නිපැයුම් තනා ගන්නේ.

හැබැයි මෙම කෘතීම රුධිරයේ “මනුෂ්‍ය පර්යේෂණ” තව වසර දෙකකින් තමා කෙරෙනවා කියන්නේ. එයත් සාර්ථක හෝ අසාර්ථක වේදැයි දැන්ම කියන්නට බැහැ. සාර්ථක වුනත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට වෙළඳපොළට එනු ඇත්තේ තව දශකයකින් පමණ. ඒ ආවත් දියුණු වෙමින් රටවල මිනිසුනට ගන්නට පුළුවන් තරම් මිල පහල තියේ දැයි අපට උපකල්පනය කරන්න දැනට බැහැ.

ඒ මොනවා වුනත් මෙවැනි සොයා ගැනීම් කාලයක් ගිහින් හරි මුළු මිනිස් සංහතියටම එකසේ ප්‍රයෝජන වන බව, මෙයට කලින් කරපු සොයපු මෙවැනි සොයා ගැනීම් වල අද භාවිතය අපට පෙන්නා දෙනවා. ඒ ධනාත්මක සිතිවිල්ලේ ඉන්න අතරේ, ඔබට කරන්න පුළුවන් ටිකක් අපහසු, නමුත් එතරම්ම අමාරු නැති දෙයක් තියනවා. එනම් නැවත වර්ධනය වන ලේ ටිකක් අවුරුද්දකට සැරයක් වත් පරිත්‍යාග කිරීම.

එයට ප්‍රතිවිරුද්ධ එක විකල්පයක් තමා අධිරාජ්‍ය වාදී රටවල් ලෝකය සූරා කන්න කරන මෙවැනි සොයා ගැනීම් වලට දෙස්දෙවොල් දෙමින් කාලය ගත කරන එක.

 

(පින්තුරයේ ප්‍රභවය සහ වැඩි විස්තර සඳහා : http://www.forbes.com/sites/paulrodgers/2014/04/14/first-artificial-red-blood-cells-made/)

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “මුහුණේ ලේ කඳුලක් නැත්නම් හොඳ ලක්ෂණයක්! The artificial World!

  1. Pingback: මුහුණේ ලේ කඳුලක් නැත්නම් හොඳ ලක්ෂණයක්! The artificial World! | Syndi.us

  2. Pingback: මුහුණේ ලේ කඳුලක් නැත්නම් හොඳ ලක්ෂණයක්! The artificial World! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඔබා මාමා වෙනුවෙන් අන්තිම පේලිය සංවිධානය කරන ලේ දන් දිම මේ 27 දා තියනවා. මාත් යනවා

    • ඔන්න ඕක තමයි හොඳේ නලින්. එලොව ගැන විස්වාස කරන අයටත්, මෙලොව ගැන විස්වාස කරන අයටත්, ඒ දෙකම විස්වාස නොකරන එනම් තමන් ගැන පමණක් විස්වාස කරන අයටත් එක සේ කරන්න පුළුවන් වැඩක්.

  4. කෘතිම ලේ? මට ඒ ප්‍රවෘතිය මිස් වෙලා. ඒක හොඳ ආරංචියක්. ඒකෙන් ඔය සුලභ ලේ වර්ග වලටත් වඩා, දුර්ලභ ලේ වර්ග තියෙන අයට හොඳ ආරංචියක් වේවි.

    මූණේ ලේ කඳුලක් නැති එකාගේ පපුවේ තමයි ලේ පොදක් හරි තියෙන්නේ කියන එක මම සලකලා බැලුවා උදාහරණ කීපයක් එක්ක. මම ඒ කතාව බොරුවක් කියලා නිගමනය කලා. 😀

    • ඒ මාතෘකාව අඩුම ගානේ හයිපොතිසිස් එකක් වත් නොවේ බං. කතාවකින් පටන් නොගාත්තා නම් කිසිවෙකු කියවන්නේ නැහැ. 😀

      කිසිවෙකු කියවන්නේ නැති දේවල් ලියා ප්‍රසිද්ධ කලත් වැඩක් නැහැ. ඒ වගේම අර “උසස් රසවින්දන” තියන පිරිස් වගේ “සාහිත්‍යයෙන්” කුණුහරුප හා මොහාන්දකාරයටත් යන්න මගේ බලාපොරොත්තුවකුත් නැහැ. ප්‍රඥාවට බැරිම නම්, අඩුම ගානේ මරදානටවත් යමු මචං!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s