දැනට ගණන් බලා ඇති ජනගහන වර්ධනවේගය අනුව 2030 වසර වන විට අපේ ආහාර නිෂ්පාදනය දැනට වඩා 50% කින් වැඩි කළ යුතු වෙනවා. දැනට වගා කරන බෝගම දිගටම වගා කරනවා නම්, නිෂ්පාදනය වැඩි කිරීම පිණිස, වග කරන බිම් ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යයි. පොහොර හා අනෙකුත් කෘෂිරසායන භාවිතයත් ඉහල යවන්න වෙනවා. යොදා ගන්න ජලය වැඩි කරන්න වෙනවා. ප්රශ්නය තමා, මේවා කරන්න පුළුවන්ද? පසුගිය දශක දෙකක පමණ කාලය තුල ලෝකයේ ඒකක වර්ගඵලයකින් ලබා ගන්නා ධාන්‍ය අස්වැන්නෙහි සාමාන්‍යය ඉහල ගිහින් නැහැ.
දැනට වඩා වගා බිම් ප්‍රමාණය වැඩි වීමක් කෙසේ වෙතත් අඩු වීමක් තමා අපට බලාපොරොත්තු වන්න පුළුවන්. වැඩි වන ජනගහනයට අවශ්‍ය නිවාස හා අනෙකුත් අවශ්‍යතා පිරිමහ ගන්න දැනටත් වඩා බිම් යොදා ගනීවි. දැනට ඉතිරි වී තියන කැලේ ප්‍රදේශ මේ තරමින් වත් පවත්වාගෙන යා යුතුයි. අනෙක් අතට දැනට වගා වලට යොදා ගන්නා බිම්ද, සමහර ප්‍රදේශ වල ආම්ලික තාවය, පාංශු ඛාදනය, ලවණතාවය හා වෙනත් දුෂණ නිසා ඵලදායිතාවයෙන් අඩු වෙමින් යනවා.
ජලය කියන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ප්‍රශ්නයක්. එය එන්න එන්නම උග්‍ර වෙනවා මිස, පහසු වෙන්නේ නැහැ. බලශක්තියට වැය වන මිල ඉහල යමින් පවතින අතර, පොහොර විශේෂයෙන් නයිට්‍රිජන් පොහොර භාවිතය කියන්නේ මිල අධික කටයුත්තක් බවට පත් වෙමින් තියනවා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හා ඒ හා බැඳුනු කාලගුණික හා දේශගුණික විපර්යාස ගොවිතැනට නව අභියෝග එල්ල කරනවා. මේ සියලු අලකලංචි මැද ආහාර නිෂ්පාදනය ඉහල දැමීම ලෙහෙසි කටයුත්තක් නම් නොවේ.
කොහොමත් කෘෂිකර්මය කියන්නේ මිනිසා විසින් පරිසරයේ සමතුලිතතාවයට එරෙහිව කරපු බලවත්ම මැදිහත් වීමක්. අප පස කියල හඳුන්වන මාධ්‍යය බිහිවෙලා තියෙන්නේ වසට මිලියන ගණනක ක්‍රියාවලියක් මගින්. මේක හාන කොටම අප ඒ ක්‍රියාවලියේ සමතුලිත බව බිඳ දමනවා. කෘෂිකාර්මික පසක්, ස්වභාවික පසකට වඩා සීග්‍රයෙන් වෙනස් වන්නේ මිනිසාගේ මැදිහත්වීම නිසා. දීර්ග කාලයක් කෘෂිකාර්මික පසේ ඵලදායි තාවය පවත්වාගෙන යාම ලෙහෙසි නැහැ.
ලංකාවෙත් කෘෂිකර්මය කියන්නේ දල ජාතික නිෂ්පාදනයෙන් 11% කට දායක වන අංශයක්. වඩාත් වැදගත් වන්නේ එය රැකියා නියුක්තික පිරිසගේ 29 % ක් වැඩ කරන අංශයක්. මෙතනදීත් ඵලදායිතාවය ඉහල නැංවීම මා හිතන්නේ වඩාත් ක්‍රිටිකල් කරුණක්.
ඉහත කියන ප්‍රශ්න වලට කෝකටත් තෛලයක් තියනවා කියල මා හිතන්නේ නැහැ. එහෙම තෛල කොයි ප්‍රශ්නයකට වත් නැහැ (තියන එකම තැන හොරණ සුගත රසායනාගාරයේ පමණයි). මේ හැම ප්‍රශ්නයකටම සමෝධානික විසඳුම් අවශ්‍යයි. ඒ කියන්නේ ප්රවේශයන් කිහිපයක්.
වඩාත් හිතකර භෝග වර්ග නිෂ්පාදනය මේ සමෝධානික විසඳුමේ එක අංගයක්. එයිනුත් ජාන තාක්ෂනය කියන්නේ තවත් කුඩා කොටසක්. මා කලින් සටහනේ ලියපු ලෙස ජාන තාක්ෂණයේ මෙතෙක් ආපු ගමනේ “සක්සෙස් ස්ටෝරි” දෙකයි තියෙන්නේ. එකක් තමා බීටී භෝග.
Bacillus thuringiensis කියන්නේ බැක්ටීරියාවක්. මෙයා නිපදවනවා ටෝක්සිනයක් ඒ කියන්නේ කෘමියන්ට නැත්නම් පලිබෝධකයන්ට විෂ වන ප්‍රෝටිනයක්. ගොඩක් වෙලාවට මේ ටෝක්සිනය නිසා ලෙපිඩොප්තරා සහ කොලියෝප්තෙරා කියන කාණ්ඩවලට (lepidopteran and coleopteran insect pests) තමයි කෙල වන්නේ. මෙයාලගෙන් (BT) ගත්තු ජාන ඛණ්ඩයක් එකතු කරලා තමයි “බීටී භෝග” නිපදවා තියෙන්නේ කියා සරලව කියන්න පුළුවන්. මේ ශාක වලට අර ප්‍රෝටීන කාණ්ඩය නිපදවා ගන්න පුළුවන් වීම නිසා, ඉහත කෘමි කාණ්ඩ වලින් වන අතවර (මූල පද්ධතියට) වලින් තමන්ටම ආරක්ෂා වන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න එක (ඔය සමහර රාජ්‍ය නායකයනුත් උපදෙස් දෙන්නේ එහෙම කර ගන්න). මුලින්ම මේ භෝග නිපදවූයේ 1995/96 කාලයේ. ඒවායින් සමහරක් කිසි දා වෙළඳපොළට ආවේ නැහැ.
දැනට සාමාන්‍යයෙන් වෙළඳ භෝග ලෙස වවන බීටී භෝග නම් අර්තාපල්, කපු, ඉරිඟු, සොයා බෝංචි, දුම්කොළ යනාදිය නම් කරන්න පුළුවන්. වම්බටු, කව්පී වැනි තවත් භෝග ගණනාවක් පර්යේෂණ මට්ටමේ තියනවා. කලින් සටහනේ හෙන්රි කියල තිබුන ආකාරයට මා දන්නා තරමට නම් තවම “BT වී” වෙළඳපොලේ නැහැ. ජාන තාක්ෂනය යොදා වැඩි දියුණු කරපු, වෙළඳපොළට නිකුත් කිරිමට ආසන්නයේ දැනට තියෙන්නේ පිලිපීනයේ වී පර්යේෂණ ආයතනය විසින් නිපදවා තියන “රන්වන් වී” (beta-carotene-rich Golden Rice) පමණයි.
දැනට ලෝකයේ වඩාත් ප්‍රචලිත බීටී භෝගය තමා කපු. දැන් දෙවන පරම්පරාවේ බීටී කපුත් ලෝකයේ වවනවා. ඉන්දියාව ගත්තොත් එහි කපු වවන මුළු බිම් ප්‍රමාණයෙන් 90% ක දැන් බීටී කපු තමයි වගා කෙරෙන්නේ. එහි කුඩා පරිමාණ ගොවියන් මිලියන පහක් පමණ මෙම කපු වවනවා. ඉන්දියාවේ කපු නිෂ්පාදනය හා අපනයනය වසරින් වසර ඉහල යමින් පවතිනවා.
තාක්ෂනය යොදා ගන්නා ආකාරය තමා එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කෙරෙන්නේ. ප්‍රතිපත්ති සම්පාදනය හා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමත් මේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක්. එයට දැනුවත් සමාජයක්ද ඕනේ. ජනතාගේ අධ්‍යාපනයට බාදා කිරීමෙන් විප්ලවීය වෙනස් කම් කරන්න බැහැ. ඒ වෙනුවට අධ්‍යාපනයට ඇති බාදා හැකි හැම අයුරින්ම ඉවත් කරන්න ඕනේ. අපගේ මනස් විවුර්තකර ගැනීමත් එහි එක අංගයක්.
(මතු සම්බන්දයි)!
මේ කතාවේ කලින් කොටස්
ගොවියාගේ හිත මිතුරා! (1)
ගොවියාගේ හිත මිතුරා (2) A game changer?
මචං මෙහෙ විකුනනවා පාකිස්තානේ හදපු හාල් වර්ගයක් BT.මම බලන්නම් ගෙදර පරණ බෑග් එකක් තියෙන්වද කියලා. නැතිනම් කඩේකින් හරි බලලා ෆෝටෝවක් ගහලා මේකේ දාන්නම්.
බලපන් GM ද කියල. වෙන තේරුමකින් තියෙන්නත් පුළුවන්. මා දන්නා තරමින්, (මේක මචං ඉරිඟු හැර කියා නිවැරදි විය යුතුයි) තවම GM ධාන්‍ය වර්ගයක් වෙළඳපොලේ නැහැ.
An empty bag was there at home. It is called Sultan BT rice. If you want I send send a photo. I don’t know your email. Mine is henry_jayawardene@yahoo.com
එවපන්කෝ බලන්න. ජාන තාක්ෂණ භෝගයක් නම් මචං පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. හොරට විකුනන්න හැකියාවක් නැහැ (පකිස්ථානයට වුවත්).
http://www.blazelead.com/Parboiled-Deluxe-Ponni-Rice-Long-Grain-Bt-Raw-Rice/Laf-Lam-Impex/OP/883534-1292380/
http://www.indiamart.com/sm-puttappa/rice-grains.html#bt-rice
ඉහත BT Rice කියන්නේ හාල් වර්ගයකට හෙන්රි. GM වී නොවේ.
(Dear Readers, your comments always can be sent to raigamahandiya@gmail.com)
I sent it to you just now Raigam.
හෙන්රිලා කන හාල්/බත් ජාන තාක්ෂණයෙන් නිපදවපු ඒවා නොවේ. එම බීටී රයිස් යනු සහල් වර්ගයක් පමණයි. මෙයට පිළිතුරක් දැමීම මට අතපසු වුණා.
මචං හෙන්රි කෙලලා ඇරපන්, “බය” වෙන්න දෙයක් නැහැ. 😀
අැත්තටම කෘෂි රසායන ෙතාර ෙබා්ග වගා කරන්න පුලුවන් ඒ්ත් ලංකාෙව කාටවත් ඒ්ක ඔ්න නෑ…. ෙමාකද කම්මැලි කමයි නිහීන කමයි ඔක්කටම වඩා ෙලාකුයි
අප හැමවිටම පෙනී ඉන්න ඕනේ මහේෂ් කෘෂිරසායන භාවිතය නැති කිරීම සඳහා නොවේ. එවැනි ලොවක ජිවත් වෙන්න අපට අද බැහැ. මොකද අපිත් කන්න ඕනෙනේ. අප සටන් කරන්න ඕනේ කෘෂි රසායන භාවිතය ප්‍රශස්තකරණය වෙනුවෙන්.