ගොවියාගේ හිත මිතුරා (4)! A friend or an enemy?


ඔබේ මිදුලේ මල් පාත්තිය මාසයක් දෙකක් නොසලකා තියන්න. වෙනස ඔබටම දකින්න ලැබේවි. මල් ගස් වට කරගෙන වැවුන ඔබට අවශ්‍ය නොවන වල් ගස් ඕනේ තරම් තියේවි. අවුරුද්දක් දෙකක් මෙහෙම තිබ්බොත් මල් නැතිවී ගිහින් වල් කැලෑවක්ම වේවි (ගොඩක් මිදුල් මෙහෙම තමා).

අප භෝගයක් වගා කරන්නට පෙර භූමියේ තියන සියලු  වල් ගස් ඉවත් කරනවා. කුඩා පැළයේ මුල් පහසුවෙන් ඇදීම පිණිස පස බුරුල් කරනවා. භෝගය වැවීමට අවශ්‍ය පොහොරත් මුල ඉඳන්ම සපයනවා. දැන් සේරම හරි. භෝගය සිටෙව්වුවහම හෝ ඇට ඉස්සම ඔන්න හැදෙන එක විතරයි තියෙන්නේ. අනික් පැළෑටි මොකුත් නැති නිසා දෙන්න බැරිය ඇට්ටි හැලෙන්න.

හැබැයි කුඹුරකට පැල වී ඉහල, දැන් හැදියන් කියා ගෙදරට වෙලා ඉඳල, මාස තුනකට හෝ හතරකට පමණ පසු ඇවිත් ඔබට අස්වැන්න කපා ගන්න පුලුවන්ද? මෙන්න වැඩේ, ඔබට දකින්න ලැබෙනු ඇත්තේ, රන්-වන් කරලින් බරවුන ගොයමක් වෙනුවට, වල් ගස් පිරුණු, අතරින් පතර ගොයමේ හැදුන කරල් ටිකත් කෘමින් හා වෙනත් පලිබෝධකයන් විසින් කා දමපු, කපනවට වඩා ගෙදර ගිහින් නිදා ගන්න හිතෙන කුඹුරක්.

දැන් අපි මුලින් වී ඉහින කොට මොන වල් ගහක්වත් තිබුනේ නැහැ. ඒ මදිවට අවශ්‍ය පොහොරත් දැම්මා. මේ වීත් දෙමුහුන් කරලා වැඩි දියුණු කරපු ඒවා. දැන් එහෙනම් කොහොමද මේ අවුල වුනේ?

අපට අතීතයට යන්න කතා කරන පිරිස් තේරුම් නොගන්නා කරුණ මෙයයි. අප සිටවන මල් වර්ග, භෝග හා අවශ්‍යතා සපයන වෙනත් පැලෑටි කියන්නේ පරිසරයේ තියන අනෙක් පැළෑටි හා ගස් වලට වැඩියම තරඟයක් දෙන්න පුළුවන් හෝ වැඩිම නොනැසී සිටීමේ ශක්තියක් තියන හෝ පලිබෝධකයන්ට අඩුවෙන්ම විවුර්ත ඒවා නොවේ. මේවා ගොඩක් වෙලාවට ඉහත කියපු සියලුම කරුණු වලදී ස්වභාවයෙන් මේ පරිසරයේ පරිනාමය වුන ශාක වර්ග වර්ග සමග තරඟයේදී පරදින්න පුළුවන්. හැබැයි, ඒවා අර ස්වභාවික පරිසරයේ තියන ශාක වර්ග වලට වඩා මුලික එක කරුණකින් වෙනස්. පාලනය කල තත්ත්ව යටතේ, ඒවා අපේ අවශ්‍යතා සපුරනවා.

අතීතයේ තිබුන සුවඳල් වී වගාවට නැවත යන්න යෝජනා කරන මිනිසුන් තේරුම් නොගන්නා කරුණ මෙයයි. එම වී වැවුවොත් සිටින ජනගහනයෙන් සියයට කීයකගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්න පුලුවනිද? එවැනි අඹ වවලා ගෙඩි එන තුරු දශක ගණනක් බලා ඉන්න පුලුවන්ද? එවැනි ගස්ලබු කඩන්න ගස් යවන්න මිනිසුන් හොයා ගන්න පුළුවන් වේවිද? මෙවැනි වැවිලි වලට මුදල් ආයෝජනය කරන්න, එයාල වත් සුදානම්ද? එහෙම ආයෝජනය කළත්, කළ වියදමට වඩා අඩුවෙන් එම නිෂ්පාදන විකුනන්න එයාල සුදානම්ද? ඔය මොනවාවත් එපා, අහන්න අවුරුද්දකට සැරයක් ලේ ටිකක් පරිත්‍යාග කරන්න පුලුවන්ද කියා.

ලෝකයේ ජනගහනය වැඩි වීමට එක හේතුවක් තමා අපේ ආහාර නිෂ්පාදනය ඉහල යාම. ඔලමොට්ටල දේශනා කරන ගොඩක් දෙනා නිකම් කකා ජිවත් වන පිරිසක් නිසා මේවා ගැන කල්පනා කරන්නෙත් නැහැ. මේ ආහාර නිෂ්පාදනය සියවසකට එහා තිබුන ගානට අප ගෙන ගියොත්, දුර්භික්ෂයෙන් මුලින්ම මිය යන පිරිස අතර නිකම් කකා ඉන්න පිරිස ඉඳීවි.

මා කලින් ලිපියේ කියුවේ ජාන තාක්ෂණයේ එක නිෂ්පාදනයක්. ඒ වගේම දැනට වෙළඳ වගාවන් ලෙස වවන් තවත් මෙවැනි භෝග වර්ගයක් තියනවා. එනම් HT භෝගයි. හෙච්ටී කියන්නේ වල්නාශක වලට ප්‍රතිරෝධී (Herbicide Tolerant) කියන එක. බහුලව තියන HT භෝග වර්ගය  RR කියලත් හඳුන්වනවා. ඒ කියන්නේ Roundup Ready® කියන එක. රවුන්ඩප් කියන්නේ මොන්සන්ටෝ (Monsanto) නිපදවපු Glyphosate අඩංගු සර්ව ශාක නාශකයක් (Broad-spectrum Herbicide). ඒ කියන්නේ RR භෝග රවුන්ඩප් වලට ප්‍රතිරෝධියි.

ලෝකයේ ප්‍රථම RR සෝයාබෝංචි බීජ වෙළඳ පොලට නිකුත් කළේ 1996 වසරේ ඇමෙරිකාවේදී. ලෝකයේ දැනට තියන RR භෝග වර්ග කිහිපයක් නම්, කැනෝලා, සෝයාබෝංචි, ඉරිඟු, කපු, සීනි බීට් යනාදිය නම් කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියාව 2005 වසරේදී GM/RR කැනෝලා වගා කිරීම ආරම්භ කෙරුවා. මෙයට අමතරව දැන් බේයර් (Bayer Crop Science) විසින් නිපදවපු Glufosinate-Ammonium නම් සර්ව ශාක නාශකයට ප්‍රතිරෝධී Liberty Link® නම් HT භෝග වර්ග (බොහෝ විට ඉහත ඒවාම තමා) ගණනාවක් නිපදවා තිබෙනවා.

මෙම භෝග වල තියන විශේෂත්වය නම් අර කලින් කියපු සියල්ල නසන වල් නාශක වලට ප්‍රතිරෝධී වීමයි. එවිට එම වල් නාශක වගාව තියන විටත් ඉසින්න පුළුවන්. ප්‍රතිරෝධී භෝගය හැර, වගාව මධ්‍යයේ තියන වල් ගස් සියල්ල නසන්න පුළුවන්.

ජාන තාක්ෂණ භෝග නිපදවීම පහසු කරුණක් නොවේ. වියදම විතරක් නොවේ “ඉලක්ක කරන” විදිහේ භෝගය නිපදවා ගැනීමත් එක රැයකින් කරන්න හැකි දෙයක් නොවේ. ඒ තියා දෙමුහුන් භෝගත් වෙළඳපොළට එවන්න කලින් කරපු දීර්ග ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ජාන තාක්ෂණයෙන් නිපදවූ භෝගයක් වෙළඳපොළට එවන එක මේ සේරටම වඩා අමාරු කරුණක්. බටහිර නම් අදාළ බීජ අනුමත කර ගැනීමේ කොළ පුරවන ක්‍රියාවලියට පමණක් ඩොලර මිලියන දහයක් හෝ එයට වැඩි ගණනක් වැය වෙන්න පුළුවන්. එතනට එන්නට පෙර කොතරම් වියදම් කරන්න (කාලය හා මුදල්) ඕනේ දැයි කියල සිතන්න ඔබට භාර කරන්නම්.

එවැනි ආයෝජනයක් පෞද්ගලික සමාගමක් කරන්නේ ලාභ ලැබීමේ අරමුණින් කියල සඳහන් කිරීමත් අනවශ්‍යයි. හැබැයි අපට කියවන්න තියන බොහෝ කරුණු ඉදිරිපත් කරන අයට “vested interest” තියනවා.

(මතු සම්බන්දයි).

 

 

Advertisements

14 Comments

Filed under Agriculture

14 responses to “ගොවියාගේ හිත මිතුරා (4)! A friend or an enemy?

  1. maheshrathnayaka

    ම්ම්ම් හිතල බලන්න වටින කතාවක්…
    මුල ඉදලම මං කියෙව්ව… ඇත්තටම වටින ලිපිපෙලක්…
    මේක පුලුවං නං අපේ කුසිකරුම ඇමැතියාට යවන්න පුලුවංද… අම්මපා ඌ මේ රටටම කරුමයක්

    • ලංකාවේ පාලන සමාගමම මට නම් පේන්නේ රටට කරුමයක් හැටියට. නමුත් මහේෂ් ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අනුමත කරන එකක්. ඒ නිසා ලෝකේ මොන රටවල් දැඟලුවත් එතරම් වැඩක් නැහැ. මා නම් එහෙම දඟලන ගොඩට අයත් නැහැ.

      හැබැයි මහේෂ් ලංකාවේ කෘෂිරසායන භාවිතය තරම් අපයෝජනයට ලක් කරපු වෙන ක්ෂේත්‍රයක් නැතුව ඇති. මා පහුගිය කාලයේ ඇත්තටම ලංකාවේ කෘෂි රසායන ඉසීම ජීවිකාව කර ගත අයෙකු සමග කතා කෙරුවා. හරිම ඛේදනීයයි වගේම සමාජය ගැන හරි චිත්‍රයකුත් මවා ගන්න පුළුවන්. මේවා දේශපාලකයන්ගේ වැරදි තමයි. හැබැයි සමස්ථ සමාජය පුරා වසා ගත් නොමිනිස් කමට එකම හේතුව ඔවුන් නොවේ. මේවා සමාජවාදීන් විසින් ධනවාදයේ නියත කුරිරු කම යනුවෙන් පහසුවෙන් විග්‍රහ කරනවා. මාත් ජිවත් වෙන්නේ ධනවාදී සමාජයක මහේෂ්. මේ දැන් ටිකකට කලින් ඉවුව මල් ගෝවා එක මා සේදුවෙත් නැහැ. මා දන්නවා ඒවා වවන්නේ කොහොමද, කඩේට එන්නේ කොහොමද කියා. මෙය මා ඉදිරි සටහන් වලින් දිගට ලියන නිසා මෙතකින් නවතින්නම්.

  2. Pingback: ගොවියාගේ හිත මිතුරා (4)! A friend or an enemy? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ජාන තාක්ෂණය ගෑන කිසිවක් හරියට නොදෑන විරුද්දවන අයත් ගොඩක් ඉන්නව

    • ඔබ දන්නවද ප්‍රා, මෝහාන්දකාරය හා ගූට විශ්වාස ඉස්සරහ දොරින් එනවිට, ප්‍රඥාව හා විචාර බුද්ධිය පස්ස දොරින් පලා යනවා. මෙයත් එහි එක් අදියරක්. මෙය අද එතැන් සිට… යනුවෙන් ලියවෙන ලිපි පෙළක්. මා ලියන්නේ කියවන ටික දෙනාට.

  4. ”මේ ආහාර නිෂ්පාදනය සියවසකට එහා තිබුන ගානට අප ගෙන ගියොත්, දුර්භික්ෂයෙන් මුලින්ම මිය යන පිරිස අතර නිකම් කකා ඉන්න පිරිස ඉඳීවි.”

    අපෝ නැහැ උන් තමයි අන්තිමටම මැරෙන්නේ .

    • එතනත් කාණ්ඩ දෙකක් ඉන්නවා බින්දි. කටු කන අය සහ කටු දෙන අය. මේ දෙගොල්ලොම නිකම් කන අය. ඔබ කියනවා වගේ කටු දෙන අය කලක් අල්ලා හිටීවි.
      😦

  5. මේ ලිපිපෙළ කියවිය යුතු අය තමයි රටේ කෘෂි ප්‍රතිපත්ති හදන්නේ. ඒ අයට මේවා නිදහස් මනසින් කියලා දෙන්න අය ඉන්නවාද කියන එකත් ප්‍රශ්නයක්. මේකත් හරියට මහදැණමුත්තයි, ගෝල බාලයෝයි ඉන්න පාලනයක්. වෙනත් රටවල්වල හතරවෙනි පස්වෙනි තැන්වල තියෙන මාතෘකා අපේ රටේ පළවෙනි තැනට ඇවිත්. කට්ටියක් අතීතයට යනවා…එක සෙට් එකක් අභ්‍යාවකාශගත වෙන්න යනවා. වර්තමානය කුණු වෙනවා.

    • මචං ගෙඩි රුපියල් එකතු කරල නම්, අභ්‍යවකාශගත වෙන්න කාලයක් යාවි. හැබැයි සමහරුන් නම් ඩොලර් එකතු කරනවා කියල ආරංචියි. එයාල නම් කවද හරි අභ්‍යවකාශගත වේවි. අනෙක් සාමාන්‍ය ජනයා බඩු මිලත් එක්ක අභ්‍යවකාශගත වේවි.

  6. ඉක්මන් කොටයි..ඒත් ලේසි නිසා කොටි වලිගේ අල්ලා ගත්තා වගේ අත අරින්නෙත් නැ කවුරුත්..

    • පියවර දෙකක් ඉදිරියට-එක පියවරක් පස්සට! 🙂

      • ආපහු හිටපු තැනමයි.. වම් දක් වම් දක්….:)

        • නැහැනේ, පියවරක් ඉදිරියෙන්. බලමු.

          මා කලින් කියා තියනවා නිම්නි, අපගේ ශිෂ්ටාචාරය ඉදිරියට ගමන් කරනු ඇත්තේ යලි පසුපසට ගිහින් තමා. අද අප ඉන්න තැනට ඇවිත් ඉන්නේ කොහොමද කියන එක විශාල පිරිසකට තේරුමක් නැහැ. එයටත් වඩා අන්තර්ජාලය අද, හාන්සිපුටු විශේෂඥයන්ට හොඳ වේදිකාවක් තනා දී තියනවා.

          ලෝකයෙන්ම ඇහෙන්නේ නරක කතා වුවත් මනුෂ්‍ය අනාගතය ගැන මා සුබවාදියි!

          • ඔව්නේ.. ඔබ කියන දෙය හරි.. සුබවාදිව දකින එක කොයි තරන් දෙයක් ද..

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s