ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය වලට! බැරිවීරිය ගන්න එපා මගෙන් දිනන්ට!*


Russian

රුසියානු ළමා කතා පොතකින්

රාදුගා ප්‍රකාශකයන්ගේ රුසියානු ළමා කතන්දර පොතක තිබුණු ගෙම්බෙක් ස්ට්‍රෝබෙරි කිනිත්තක් නවන විශාල පින්තුරය මගේ මනසේ තවම ඇඳ ගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි කියන්නේ කුඩා පැලෑටියක් වග මා දැන ගත්තේ වයසින් මුහුකුරා ගිය පසුව. ඒ ළමා කතා වල තිබුන හිම වැටුණු පරිසරය, බිරියෝසා ගස් පසු කලෙක මට දෑසින් දැක ගන්නට ලැබීම අපූරු අත්දැකීමක් වුනා.

අපට පාසල් අධ්‍යාපනය සිංහලෙන් දීම නිසා කොට උඩ යාම ගැන මා ලියුව සටහනට මිතුරන් උරණ වුන වගක් දක්නට ලැබුනා. මා නිතරම කියන්නේ, මා ලියන්නේ මගේ අත්දැකීම් ඇසුරින් කියා. ඔබට වෙනත් අවබෝධයන් තිබෙන්න පුළුවන්.

මේ දිනවල ඇදහැළුණු වර්ෂාව නිසා පරිසරය මනස්කාන්තයි. අද අපට මහා සිකුරාදා නිසා නිවාඩු. අවට තියන තණකොළත් වෙනදා නොමැති හරිත වර්ණයකින් හැඩ වෙලා.

අපේ ඉගෙනුම් වලින් ජිවිතයට වැඩක් නැත්නම්, ඒ ඉගෙනුම් වලින් ඇති වැඩකුත් නැහැ. අපේ පාසල අධ්‍යාපනය සිංහල වීම නිසා, පරිසරය හා ඉගෙනීම් සමපාත වුනා. තාත්තල අම්මල කතා කරපු දේවල්, පරිසරයේ තිබුන දේවල් අපට ආගන්තුක දේවල් වුනේ නැහැ. කොටින්ම කියනවා නම්, දෙලොවක් අතර තනි වුනේ නැහැ. මෙය ලොකු කතාවක් කියනවා. අපට හරක් කියා ගරහන බොහෝ දෙනාට මෙය තේරෙන්නේ නැහැ.

සමහර සංක්‍රමණික දෙමාපියන් දරුවන් දෙලොවක් අතර ජිවත් කරවන්න වෙහෙසෙනවා. අප දෙදෙනා දරුවන් හදන්නේ මේ රටේ ජිවත් වීම පිණිස. ඔවුනුත් අප වගේ කොතනින් නතර වේ දැයි කියන්න බැහැ. එයටත් අප සුදානම්.

පොඩි කාලේ ගල් ලෑල්ලේ ඇඳපු චිත්‍ර ගැන කකා ලියුව සටහනක අප පොඩි කාලේ තිබුන පැලෑටියක් ගැනත් කතාවක් ඇදිල ආවා. අප ඒවාට කියුවේ දිය තිප්පිලි කියල. මා ලියපු සටහනකත් මොණර කුඩුම්බිය ගැන සඳහනක් තියන කොට, කියවපු කිහිප දෙනා ඒ මොනවගේ පැලෑටියක් ද කියා දැනගෙන හිටියේ නැහැ. මොකද මේවා අද පරිසරයේත් නැතුව ඇති. ඒ වගේම සමහරවිට අධ්‍යාපනය හා පරිසරය අතර පරතරය තවත් වැඩි වෙලා ඇති.

IMG_0333

මෙන්න ලංකාවේ මොණර කුඩුම්බිය

කොහොම වුනත් ජිවත් වන පරිසරය හා බැඳී ජිවත් වීම හොඳ දෙයක්. එයින් බලාපොරොත්තු වන්නේ, වෙනත් වෙනස් පරිසරයක ජිවත් වීම සඳහා අත්දැකීම් එකතු කර ගැනීම. වෙනත් වචන වලින් කියනවා නම්, අනුවර්තනය වීම සඳහා නම්‍යශීලි වීම. මිනිසා ලෝකයේ ප්‍රමුඛ සත්ත්වයා වශයෙන් නැගී ආවේ මෙම අනුවර්තන හැකියාව නිසා.

ඒ වගේම අප ඉගෙන ගන්නෙත් පෙට්ටගම් පිරවිමටම නොවේ, එම ඉගෙන ගැනුම් නව තත්ත්ව, අලුත් රටවල් හා පරිසර වලට ගලපා ගන්නට. එහෙම නොහැකි නම් එයින් කියා වෙන්නේ හරියට ඉගෙන ගෙන නොමැති වගයි.

මා අපේ ගොවිතැන ඇසුරින් කියන්න උත්සහ කරන්නේ මෙයයි. අප ඉගෙනීම් කරන්නේ අලුත් ප්‍රශ්න සඳහා විසඳුම් සොයන්න. ඒවා ලෝක, රටේ හෝ තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වෙන්න පුළුවන්.

මේ මා අද ගත්තු පින්තූර කිහිපයක්.

IMG_1417

  පෙර සුදානම

IMG_1418

කැන්ගරු බොක්සිං

IMG_1419

 මිනිසාගෙන් “උගත් පාඩම්”

IMG_1415

අයියා මගේ බෙල්ල…

IMG_1394

කැන්ගරු රාවය

IMG_1399

කැන්ගරු බල සේනා!

IMG_1452

රාත්‍රී සටන් විරාමයක්

(මෙම චායාරුප ස්වභාවික පරිසරයේ ගන්නා ලද ඒවාය. විශාල කර ගැනීම සඳහා චායාරූප මත ක්ලික් කරන්න).

*මේවා කැන්ගරු (උසාවි) බයිලා, හිටගෙන අහුලගනිල්ලා!!

Advertisements

16 Comments

Filed under Lifestyle

16 responses to “ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය වලට! බැරිවීරිය ගන්න එපා මගෙන් දිනන්ට!*

  1. Pingback: ඉරිවේරිය හොඳ බෙහෙතකි කසාය වලට! බැරිවීරිය ගන්න එපා මගෙන් දිනන්ට!! | Syndi.us

  2. kathandarakaraya

    කැන්බරා ගුවන් තොට නිරීක්ෂණ පිග්මි අලි අධ්‍යාපන චාරිකා සහ අවට කැන්ගරුවන් කුපිතවීම සහිත ෆොටෝ නැද්ද?

    • ඔව්, ඒවත් තියනවා කකා. කුරු අලි දැන් වඳවෙමින් යන්නේ. කුපිත වූ කන්ගරුවෙක්, තම පැසෙන් පිතෝලයක් අදින දර්ශනයක් චායාරූප ගත කර ගන්න පුළුවන් වුවත්, “නීති උපදෙස් මත” පළ කරන්න බැහැ. 😀

  3. නියම ලිපියක්…

  4. hasithag

    කැන්ගරුවොත් හරි ෆන් ඩයල් ටිකක්නේ 😀

  5. ස්ට්‍රෝබෙරි කන ගෙඹි හාමි හිටපු පොතේ නම “මී හාමි දියට ගියා” ද?
    පින්තූර ටික නියමයි 🙂

  6. මෙහෙ පලවුන සටහන් කීපයක් මගහැරිලානේ. ජීවිතේත් මගහැරෙනකොට බ්ලොග් සටහන් ගැන මොන කතාද නේද රයිගම්.
    කලින් පෝස්ට් එකේ රොකට් ලීව්ස් හෝ සැලඩ් නෙමෙයි වයිල්ඩ් චිකරි කියන්නේ ඒක මේ ස්ප්‍රින්ග් වලට දළු දාලා එන ඩැන්ඩේලියන් වර්ගයක්. තිත්තම තිත්තයි. ඒත් යම්තමට තම්බලා ගාලික් හා රතු මිරිස් කරළක් දාල කර කරගත් ඔලිව් තෙල් එකට දාලා පෑන් එකේ දෙපාරක් කරකවලා ගත්තම කෑවහැකි ගමක්. පාස්තා කන්ඩිමෙන්ට් එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්.
    මොණර කුඩුම්බිය දැන් මම දන්නවා.අපි කියපු නම් හෝ අපි මේ හැමදේටම කීවේ වල් පැලෑටි කියලා වෙන්න ඇති. අදටත් අපේ වත්ත පුරා ඒවා තියෙනවානේ. ෆොටෝ එකට බොහොම ස්තූතියි.
    අර කැන්ගරු මල්ලිලා ඔය වගේ අතින් අල්ලන් එන්නත් පුළුවන්ද? එයාලා වයිල්ඩ් නැද්ද? මගේ ආසම විනොදාංශයක් තමයි හැබෑ පරිසරයේ ජීවත් වන කැලෑ සතුන් බැලීම. ඒකෙන් උන්ටවත් මටවත් කරදරයක් නෑ නේ.

    • දෙයි හාන්දුරුවනේ රංගි, ජිවිතේ මග හැරුණත් මගේ සටහන් නම් මග හරින්න එපා! 😀

      ඩැන්ඩේලියන් වලිනුත් කෑම හදනවා. ඔය අරූ ලගේන් අහන්න. රොකට් කොලත් යන්තම් බැදලා ගන්න බලන්න. මොනර කුඩුම්බිය ගහගෙන ආවේ ඔබල වෙනුවෙන්මයි.

      මෙයාල කැන්ගරු අයියලා. මේ ටිකක් ඈතින් ඉඳන් චායාරූප අරන් තියෙන්නේ. සමහර පික්නික් වලට හදපු තැන් වල ඉන්න එවුන්ට අතින් කෑම දෙන්න වුනත් පුළුවන්. හැබැයි විස්වාශ කරන්න අමාරුයි. මේ අයියල නම් අපි ලඟට යනකම් ඉන්නේ නැහැ. ඈතට දුවනවා. අනික එහෙම යන එකත් භයානකයි. මුන්ගේ පා පහරක් වැදුනොත් හක්කවල් (අපේ) අලුතින් දාන්න වෙනවා.

  7. ////////ඒ වගේම අප ඉගෙන ගන්නෙත් පෙට්ටගම් පිරවිමටම නොවේ, එම ඉගෙන ගැනුම් නව තත්ත්ව, අලුත් රටවල් හා පරිසර වලට ගලපා ගන්නට. එහෙම නොහැකි නම් එයින් කියා වෙන්නේ හරියට ඉගෙන ගෙන නොමැති වගයි.////////

    කැන්ගරු සටන් රස විඳිමින් මම උඹේ මේ කියමන අගය කරනවා. මේ මගුළ කොච්චර පහදලා දෙන්න හැදුවත් වැඩක් නැහැනේ බං. හරියට ඉගෙන නොගත් මට තේරෙනදේ..අති පණ්ඩිතයින්ට තේරෙන්නේ නැහැ.

    • උඹ මොන අර්ථයකින් ඉගෙනීම ගැන ලියුවද මා දන්නේ නැහැ. මා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය තමයි පාවිච්චි කරන්නේ.
      Learn: Gain or acquire knowledge of or skill in (something) by study, experience, or being taught.
      මෙය අද ටිකක් ටපලගෙන තියනවා තමයි මචං. අද ඉගෙනීම කොළ එකතු කිරීමක් දක්වා වෙනස් වෙලා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s