දොළ ළඟ ගුරු පාර දිගේ, සිනහ පපා ටිකිරි නගා! Arjuna and Sri Lanka Cricket!


පසුගියදා මාතලන් අර්ජුන රණතුංග ක්‍රිකට් වල මොකවත් කෙරුවේ නැහැයි කියල ලියා තිබුනා. අර්ජුන ක්‍රිකට් වලින් සමුගැනීම පමා කිරීම ගැන මට එතරම් පැහැදීමක් නැහැ. කවදද, කොහොම, කොයි විටදී ද සමු ගන්නේ කියන එක ක්‍රීඩකයන්ට විතරක් නොවේ, මහ රජ වරුන්ටත් එකසේ අදාලයි. පසුගිය සතියේ ඩොලර් තුන්දාහක වයින් බෝතලයක් නිසා ඉල්ලා අස් වුන නිව් සවුත් වෙල්ස ප්‍රාන්ත අගමැති ගැන කොලමක් ලියපු ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීනි ඇනිබෙල් ක්‍රැබ් මෙහෙම කියා තිබුනා.

“Of all the judgment calls political leaders make in their careers, the last one – how to quit – is the one they most regularly bungle.

Most of the time they stay around too long, their brains so encrusted with the scar tissue of blunt political trauma that – like broken-down boxers or creaking footy players – they demand to play on, incorrectly believing they’ve still got it in them.

This happens both in leaders who have genuinely aged (Howard) and those who have aged prematurely (Gillard, Rudd)……..”

(Read more: http://www.smh.com.au/comment/barry-ofarrell-and-the-art-of-the-graceful-exit-20140418-zqw9j.html#ixzz2ztaohum6).

යලිත් අර්ජුන ගැන කතාවට ආවොත්, ඔහු  සමහර ක්‍රීඩකයන්ට වැඩිපුර කැමැත්තක් දක්වන අතරේ, තව සමහරුන්ට කැපිල්ල කරපු වගත් අප්‍රසිද්ධ කාරනා නොවේ. ඒවා ගැන මා එතරම් තකන්නේ නැත්තේ, මාත් එවැනි තැනක සිටියා නම් කරන්නේ සමහර විට එයම වෙන්න පුළුවන්. මා නායකයා නම් තෝරා ගන්නේ මට ගැලපෙන කණ්ඩායමක්. ඒ වගේම අද අමතක වෙලා තිබුනත්, අර්ජුන තමා ප්‍රාදේශීය ක්‍රීඩකයන්ව මුලින්ම තැනකට ගෙනාවේ.

ලංකාව ලෝක කුසලානය දිනුවයින් පස්සේ, ලංකාවේ ක්‍රිකට් උඩු යටිකුරු උනා. ඉස්සර ක්‍රීඩකයන්, ගෙවී ගිය සපත්තු දාගෙන, එකම බැට් එක හුවමාරු කර ගනිමින් ගහපු “ඉන්ටර්නැෂනල් ටෙස්ට් ක්‍රිකට්”, තමන්ගේම සපත්තු, බැට් විතරක් නොවේ වෙනත් දේවල් දක්වාද ඇදී ගියේ මේ මහා විප්ලවයෙන් පස්සේ. එයට දායක වුනේ කවුරුන්ද කියන එක අද ලොකු ප්‍රශ්නයක් නොවේ. මොකද එය සාමුහික ප්‍රයත්නයක්.

හැබැයි අර්ජුන දේශපාලකයෙක් වශයෙන් පත් කර ගත්තේ අපේ ජනතාව. දේශපාලනයේදී ඔහුගේ ක්‍රියාකාරකම් දෙස බලා තීරණයක් ගැනීමේ අවස්ථාවත් ජනතාවට මේ වන විට කිහිප වරක්ම තිබුනා. ඒ වගේම ලංකා ක්‍රිකට් මුදල් කාබාසිනියා කර දැමීම සඳහා “ප්‍රජාතාන්ත්‍රික එංගලන්තයේ” සිට ආපු ඩි. එස්. ද සිල්වලා, මුනුපුරු දන්දෙනියලා, අර්ජුනගේ මල්ලි, නිශාන්ත හා කොමිස් කුට්ටි බෙදා ගත් යයි සැක කරන්න පුළුවන් මහරජ ඇතුළු සියලුම ආණ්ඩු පක්ෂ දේශපාලකයන් වග කියන්න ඕනේ. මේ පිරිසට වග කියන්න චන්ද අයිතිය තියන ජනතාවට පුළුවන්.

අන්තර්ජාතික ක්‍රීඩා පිටිය ක්‍රිකට් වේවා, පාපන්දු වේවා, රග්බි වේවා වෙනත් ක්‍රීඩාවක් වේවා හරිම කුරිරුයි. දේශපාලනය, ජාති වාදය, වර්ණ බේදවාදය හා අනිකුත් වාද නිරතුරුවම තියන තැනක්.

අර්ජුන ක්‍රිකට් වලට මොකුත් කළේ නැතිය කියන පිරිසට මා යමක් මතක් කරන්න කැමතියි. එනම් ඉස්සර හික් මියන් මෙන් අන්තර් ජාතික තලයේ ක්‍රීඩා කළ අපට, බය නැතුව කතා කරන්න ඉගැන්වුයේ අර්ජුනයි.

අර්ජුන ක්‍රීඩාවට කරපු අනෙක් කටයුතු සේරම අමතක කළත්, මෙය නම් අමතක කරන්න බැහැ. අද වුනත් මෙහෙ එන ක්‍රිකට් ක්‍රීඩකයින් ආඩම්බර කම් පෙන්වන්නේ වැඩිපුර අපට. හැබැයි ඔවුනුත් ඉස්සරට වඩා පිටියේදී හික් මියන් ලෙස හැසිරෙනවා අඩුයි. හැබැයි තවම මදි. ඒකයි පසුගිය තරඟවාර බැලුව අපේ මිත්‍ර සුද්දෙකු කියුවේ, උඹලා ලාමක වැඩිය කියලා.

ඔබලාට මොන දේශපාලන මතිමතාන්තර තිබුනත්, ලංකාවේ ක්‍රිකට් වල අර්ජුනගේ  සුවිශේෂී සලකුණ නම් මකන්න බැහැ.

ප ලි

උපන්දා ඉඳල අනුන්ට දණ ගහලා, වැඳගෙන ජිවත් වන්න උගන්වන අප සංස්කෘතියේ තියන පසු ගාමී බවක් තමා කොන්ද නැති වීම. බස් රියේ කොන්දොස්තර ගේ ගෝරනාඩුවට බයේ නකුට දෙපරැන්දේ ගහ ගන්නේ ඒ නිසා. මට අතීතයේත්, අදත් නොයෙකුත් කතා කියන්න පුළුවන්. අද ඉස්සරට වඩා, මා ටිකක් පරිස්සම් වුනත්, එදිනෙදා ජිවිතයේ බස් රියේත්, කඩපොලෙත්, වැඩ කරන තැන දීත්  යමක් කියන්න පසුබට වෙන්නේ නම් නැහැ. මෙයට තව දෙයක් මා එකතු කරන්න ඕනේ. මගේ දරුවන්ට මා උගන්වන්නේ මට හෝ මගේ ප්‍රියම්බිකාවටවත් දන ගහන්න එපා කියලයි. ඔවුන් ඉඳ හිට මගේ කපොලට දෙන තෙත හාදුව මට හොඳට ඇති.

 

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “දොළ ළඟ ගුරු පාර දිගේ, සිනහ පපා ටිකිරි නගා! Arjuna and Sri Lanka Cricket!

  1. ඉතාම වටිනා අදහස් ගොන්නක්. මමත් ඔබ සමග එකඟ වෙනවා. මම මාතලන්ගේ අඩවියේදී අර්ජුන දුෂ්ඨ නළුවෙක් කිව්වේ හේතු ඇතිවයි. දේශපාලනයට පැමිණීමෙන් පසුවයි අර්ජුන දුෂ්ඨ නළුවෙක් වුණේ. ක්‍රීඩකයන් දේශපාලනයට ගිහින් තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලයත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හම්බ කලාට වඩා තවත් දහ පහළොස් ගුණයකින් වැඩි කරගැනීමේ ප්‍රවනතාව තියෙන්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානය යන රටවල් තුනේ විතරද මන්දා. සමහර විට බංගලි දේශයත් ළඟදීම එක්වෙයි.

    පුද්ගල ප්‍රතිරූප වන්දනය අපේ දේශපාලන රටාව තුලින් අපේ මිනිස්සුන්ගේ ඔලුවලට අවුරුදු 50 විතර කාලයක් තුල දැමීමේ අයහපත් ප්‍රතිඵල තමා අපි අත්විඳින්නේ. බස් කොන්දොස්තරයා සමග හරි දේට වාද කරත් ඒ මිනිහා දේශපාලකයකුගේ අතවැසියකු නම් අපි දේශපාලන බලයෙන් යටපත් වෙනවා.

    අපේ සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දෙන පුහුණුවට අනිවාර්යයෙන් ඇතුලත් වියයුතු අංගයක් තමා ජාත්‍යන්තර හැසිරීම කියන එක. හැඟීම් නොපෙන්වා පැතලි මූනකින් යුක්තව ක්‍රියාකිරීම, අරමුනෙහිම එල්බගෙන සිටීම, එසේ ක්‍රියාකරද්දී මානුෂිකත්වය තරමක් දුරට ගිලිහී ගියත් ස්ථාවරව සිටීම වැනි කරුණු දැනට වඩා මේ අයගේ ඔලුවලට පොම්ප කරන්න සිද්ද වෙනවා.

    • විචාරක, තැන්කිව් ඔබගේ දීර්ග ප්‍රතිචාරයට. මට තියන එක ප්‍රශ්නයක් තමා මෙවැනි ප්‍රතිචාර නොමැති කම.

      ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තමා කියුවේ, අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආත්ම විශ්වාසයක් නැතිය කියලා. ඔවුන් මොනවාද කරන්නේ, ක්‍රීඩයන්ගේ ආත්ම විස්වාසය දියුණු කරන්න? අප දැක්කනේ පහුගිය දවසක හිතෙන හැම දෙයක්ම කියන්න කියපු, වනාතේ සුනිල්ට වෙච්ච දේ. අනික තමා ඔබම කියන හැඟීම් නොපෙන්වා ජාත්‍යන්තර තලයේ ක්‍රියා කරනවා කියන එක. එතුමා ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් සමග කතා කරපු අවස්ථා, අපට විතරක් නොවේ ජාත්‍යන්තර ප්‍රජාවටත් දැනෙන්නේ තර්ජනය කිරීම් ලෙස (මා කලිනුත් ලියා ඇති තර්ජනාංගුලිය උරුක් කරන හැටි, මෙහෙ සාමාන්‍ය ජනතාව තේරුම් ගන්නේ කොහොමද කියා).

      විචාරක, මිනිසුන් සමහ ඔබටත් මටත් වෙනස් දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි සමහර මිනිසුන් එයිතිහාසිකව කළ කාරනා ලෙහෙසියෙන් අමතක කරන්න නම් බැහැ. එය රජතුමාටත් එක සේ පොදුයි.

      එය ඉතිහාසයට පමණක් අයිති දෙයක්ද කියා තීරණය කිරීමේ වරමත් තියෙන්නේ මහ ජනතාවට. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක(ජිල්-මාර්ට් අතරෙත්) රටක එය තියනවා.

  2. අර්ජුන තුල නරක ගති තිබුනා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයින්ට අසමානව සලකන්නත් ඇති. අර්ජුනට අයිති බලාගාර තිබෙනවා. නමුත් අර්ජුන එදා සිට අද දක්වාම චරිතයක්. මොන මහත්මයාට වුනත් කාලයක් යනකොට ජනප්‍රියත්වය අඩු වෙනවා. නමුත් අර්ජුන ලංකාවෙ මොන දිස්ත්‍රික්කෙන් ඉල්ලුවත් මහජන ඡන්දය දිනන්න පුලුවන් මනුස්සයෙක්. ඒක ලෝක කුසලානෙ දිනලා කාලයක් ගියත් තාමත් අර්ජුන සතුව තිබෙනවා.

    කෙනෙක්ට බොහොම සරලව විග්‍රහ කරන්න පුලුවන් වුනත් හිතුවක්කාර ගතිය කියන එක අපේ රටේ දුර්ලභ දෙයක්. නිශාන්ත රණතුංග මොන විදියෙ කෙනෙක්ද කියලා පාලක මන්ඩලයේ ඉන්න වැරදි අඩු කෙනෙකුගෙන් අහලා දැනගන්න පුලුවනි.

    අර්ජුන තමුන්ගේ සහෝදරයට පවා විටෙක බැනවදිනවා. අර්ජුන නියෝජනය කරන්නේ වාසිය හා ලාභය නම් ද අර්ජුන කුහක පුද්ගලයෙකු නම්ද අර්ජුනට අද විපක්ෂයේ සිටීමින් නිතර කෑ ගැසිමට කිසිම හේතුවක් නැහැ. ඔහුගේ සහෝදරකේ අද මහ ඇමති. නමුත් විපක්ෂයේ ඉදගෙන ආන්ඩුව විවේචනය කරන්න ක්‍රිකට් විවේචනය කරන්න,කොටින්ම කවුරුත් ප්‍රශ්ණ නොකරන නාමල් රාජපක්ෂගේ ක්‍රීඩක විනය ප්‍රශ්ණ කරන්න අර්ජුන පෙළඹිලා තිබෙනවා.

    ක්‍රීඩකයෝ කියන්නෙ හැම අතින්ම දක්ෂයො නොමෙයි. ලෝකෙ හොද සද්ගුණවත් ක්‍රීඩකයො රට ජාතිය වෙනුවෙන් පෙනීසිටින සුදු ක්‍රීඩකයො නැහැ. ඒ අතර අර්ජුන කියන්නෙ අමුතු මිනිහෙක්. අපි ඒකට ගරු කරන්න ඕනි. අර්ජුනගේ යම් කිසි ඒකාධිපති ගතිගුණ එක්තරා කලකදී තිබුන නම් ඒකට ඇයි ඒ කාලෙ අනික් අය එරෙහි නොවී නිකං හිටියෙ?

    • අමිල බොරු කියන්නේ මොකද මා නම් දැන් සිංදු අහනවා.

      ක්‍රීඩකයන් විතරක් නොවේ, යම් ක්ෂේත්‍රයකදී වැඩි දස්කම් පෙන්වූවා කියල, ඒකෙන් උපකල්පනය කරන බැහැ, ඔහු හෝ ඇය සර්ව ක්ෂේත්‍ර දක්ෂයෙක් කියා. එය හඳුනා ගන්න අවස්තාව තියන විට වෙන කතා කීම නිෂ්පල දෙයක්. අර්ජුන ගැනත් මෙය පොදු කතාවක්.

      දේශපාලනයේදී විතරක් නොවේ සමාගම් පාලනයේදී වුවත් පවුල්වාදය යහපත් දෙයක් නොවේ. ජනතාවට තෝරා ගැනීමේ අවස්තාව තියන ක්‍රමයකදී පවුල් වාදයක් කරා රටක පාලනය දක්කාගෙන යාම, තේරුම් ගැනීමට අසීරු, මහා ගොන් කමක්. නමුත් මෙය අයිතිය තියන රටවල් වල විතරක් නොවේ, අයිතිය නැති උතුරු කොරියාව හා කියුබාව වගේ රටවල් වලත් තියන සංසිද්ධියක්.

      කිසිදා චන්දය දෙන්න එපා එකම පවුලේ කට්ටියකට. මොන විදිහේ සුරංගනා කතා කීවත්, අන්තිමට යන්නේ ඒකාධිපතිවාදයට පමණයි.

  3. ටිකිරි නගාගේ හිනාව අර්ජුනගේ කතාවට සම්බන්ධ උණේ කොහොමද? එයා ක්‍රිකට් ගහලත් නෑ. දොල ලඟ දියපාර දිගේ තමා හිනා වෙවී ඇවිත් තියෙන්නෙත්. 😀

    • අර ඇනිබෙල් කියන්න වගේ, ඔබේ තීරණ තමා පසු කාලයක නායකයෙකු වශයෙන් ඔබගේ කාර්යභාරය මොන වගේ එකක්ද කියා “තීරණය” වන්නේ, ප්‍රවීනා. නායකයෙක් ඒ ගන්න තීරණ “හරි” වෙන්නත් පුළුවන්. “වැරදි” වෙන්නත් පුළුවන්. අතීරණය තමා නායකත්වයක තිබිය හැකි නරකම ලක්ෂණය. සමහරුන් ප්‍රශ්න යට ගහන්න, කොමිසමක් දානවා. කොමිසම කරන ගොයියා ගාණක් කපා ගන්නවා. “වාර්තාව හා නිර්දේශ” එලියට එනවිට ප්‍රශ්නය “තවදුරටත්” නැහැ. ප්‍රොබ්ලම් සෝල්ව්ඩ්!

      ටිකිරි නගා නම් කාටත් සිනහා වෙමින් ඉන්න අවිහිංසක හා නිර්මල චරිතයක්.කුඩා දරුවන් අතර නම් එවැනි අය සොයන්න පුළුවන් ප්‍රවීනා. වැඩිහිටි පිරිස් අතර සොයන්න වෙහෙසෙන්න එපා! 🙂

  4. රයිගම්…..මචං මම මාතාගේ බ්ලොග් එකේ දිගින් දිගටම අර්ජුන වෙනුවෙන් පෙනී සිටියේ උඹ ඔය පෙන්වන අර්ජුන ක්‍රිකට් සලකුණ වෙනුවෙන්. අර්ජුන නොහිටින්න අදත් අපේ ක්‍රිකට් බොහෝ දුරට නගරයේ පාසල් කීපයකට සීමා වෙන්න ඉඩ තිබුණා. මම 1996න් පස්සේ ඒ ක්‍රීඩකයන්ගේ නම් වලින් පවා උදාහරණ පෙන්නුවා. අර්ජුන නොහිටින්න අද මුරලිත් නැහැ. සනත් තාම කියනවා අර්ජුනලා කරපු උදව් සහ මග පෙන්වීම්. වැරදි ඇති. වැරදි නැත්තේ කාගේද? නමුත් ඒ සලකුනට ක්‍රිකට්වලට ආදරය කරන මිනිසුන් යම්කිසි හෝ සැලකීමක් තිබිය යුතුයි.

    ////මගේ දරුවන්ට මා උගන්වන්නේ මට හෝ මගේ ප්‍රියම්බිකාවටවත් දන ගහන්න එපා කියලයි. ඔවුන් ඉඳ හිට මගේ කපොලට දෙන තෙත හාදුව මට හොඳට ඇති.//////

    විශ්වාස කරපන් මේකම තමයි අපේ ගෙදරත් තත්වය. අනිත් අයගේ දරුවන් මට වඳිනවාටත් මම කැමතිම නැහැ. නමුත් මට කරන්න දෙයක් නැහැ. ඒත් ඔවුන් දණ ගහන්න පෙර මම උන්ව උස්සලා අරන් කිස් එකක් දීලා සුභ පතනවා සහ ස්තූති කරනවා. ඒ වැඳවැටීම් චාරිත්‍රයක් වුනත් මට දිරවන්නෙම නැහැ.

    දොළ ලඟ ගුරුපාර දිගේ ගැන කකා ලියපු පෝස්ට් එකක් මේ.
    http://kathandara.blogspot.co.uk/2010/06/blog-post_2729.html

    • මචං දේශපාලක අර්ජුන වැඩ අනා ගත්ත පොරක්. අර ෆොන්සේකා වගේම තමා. තමන්වත් චන්දයට ලියා පදිංචි නොවී, සිවිල් පාලනය යනු කුමක්ද කියා වත් වැටහීමක් නැතිව, දේශපාලනයට එන විට ඔහොම වෙනවා. අර්ජුනත් ඒ වගේ, කියා මට හිතෙන්නේ. අර ප්‍රතිරුප වන්දනාව නිසා කොහෙන් ඉල්ලුවත් චන්ද ගන්න පුළුවන් ඇති තමා. නමුත් දේශපාලකයෙක් ලෙස ඔහු පෙන්නලා දීල තියන දේ අනුව, විචාරශීලි චන්ද දායකයන් ඉන්නවා නම් ගන්න ඕනේ තීරණය ඉතාම සරලයි. එතන වරද අර්ජුනගේ නොවේ. චන්ද දායකයන්ගේ.

      අර ගමේ බයියලට අධ්‍යාපනය දීම, සිංහලයෙන් ඉගැන්වීම නිසා ලංකාවට කෙල වුනා යයි කියන එකත් මේ අර්ජුන මොකුත් කලේ නැතිය කියන එක වගේම තමා. උඹ දන්නවා ඇතිනේ ඉස්සර ඔය ක්‍රිකට් ගැහුවේ කවුද, කොයි පවුල් වල අයද කියා. එහෙව් එකේ, කොළඹ පාසලකින් බිහිවුන අර්ජුන ක්‍රිකට් ප්‍රජාතන්ත්‍රවාදී කරණය කරන්න, එනම් කොළඹින් පිටට ගෙනියන්න සෑහෙන දායකත්වයක් දුන්නා කියන එක ප්‍රතික්ෂේප කරන්න හැකි අය සමග මා නම් වාදයට යන්නේ නැහැ. මේවා ඇස් පනා පිට අප දුටුව දේවල්. මා තැනක දැක්කා අර්ජුනට ගරු කරන සුද්දන් නැහැ කියල. එතකොට මේ අයියලා සලකන්නේ සුද්දන් කාට හරි සලකනවා නම් විතරයි.

      වන්දවා ගැනීම හා වැඳීම චාරිත්‍රයක් තමා මචං. චාරිත්‍ර වුවත් අවශ්‍ය ඒවා නොවේ යයි මට සිතෙන විට තව දුරටත් පවත්වාගෙන යන්නේ නැහැ. මා වැඩිහිටියෙකු නිසා කිසිම අයෙකු මට දන ගසා වැඳිය යුතුයි කියා, මා සිතන්නේ නැහැ. එසේම අනෙක් පිරිසත් වැඩිහිටියන් නිසාම ඔවුන්ට මා වැඳිය යුතුයි කියා මා සිතන්නේ නැහැ. මේ දරුවන් සමහර වෙලාවට බලෙන් වන්දවන කොට, ඔවුනගේ සිතේ මොන හැඟීම්ද තියෙන්නේ කියා, වැඩිහිටියන් සිතනවාද? කෙනෙකුට ආදරය ගෞරවය දක්වන්න, මෙයිට වඩා හොඳට, සිතන්න හැකි සත්වයෙක් වන අපට පුළුවන්.

      කකා නිවාඩු, ඒ අස්සේ කවද ඉඳන්ද උඹ කකාට කඩේ යන්න ගත්තේ? 😀

      අප පොඩි කාලේ රේඩියෝවේ ගියේ වසන්තා සන්දනායකගේ ගීතය. මා ළඟ අද සුප්‍රියා අබේසේකර හා නන්දා මාලිනි ගයන වර්ෂන් දෙකක් තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s