ලියද්දේ තියන ගල ඉවත් කරන්නේ කෙසේද? A subtle difference between lenders and borrowers!


බත් කියන්නේ චීනයේ නම් 60% කත්, ලෝකයේ අඩකට වැඩි ජනගහනයකත් ප්‍රධාන ආහාරය. වී අස්වැන්න වැඩි කර ගැනීම ඒ නිසා වැදගත් වන්නේ ආහාර හිඟකම් ප්‍රශ්නය විසඳා ගන්න පමණක් නොවේ, ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්නත් දරිද්‍රතාවය පිටු දකින්නත්. චීනයේ අධික ජනගහනය හා ඒක පුද්ගල වගා බිම් ප්‍රමාණයේ සිමා සහිත බවත් නිසා, ආහාර වලට ඇති වන ඉල්ලුම සපුරා ලිය හැකි වන්නේ විද්‍යා හා තාක්ෂණය උපයෝගී කරගෙන, ඒකීය වර්ගඵලයකින් ලැබෙන අස්වැන්න වැඩි කර ගැනීමෙන් පමණයි. චීනය අස්වැන්න වැඩි කර ගැනීමේ ක්‍රියාවලියට උදවු වීම සඳහා දැනට ගෙන ඇති පියවර කිහිපයක් නම්, ජලය ගබඩා කර ගැනීමේ පහසුකම්, එනම් ජලාශ දියුණු කිරීම, පොහොර භාවිතය වැඩි කිරීම, පසේ ව්‍යුහය දියුණු කිරීම, විවිධ භෝග වලට පොදු වගා තාක්ෂනයන් ගොඩ නැගීම, වඩාත් ඵලදායී පලිබෝධ හා වල් නාශන උපයෝගී කර ගැනීම සහ වැඩි දියුණු කල භෝග ප්‍රබේධ භාවිතාව. මේ විකල්ප ක්‍රම අතුරින් සුපිරි දෙමුහුන් වී ප්‍රචලිත කිරීම තමයි ආර්ථික වශයෙන් වඩාත් ඵලදායි ක්‍රමවේදය කියා හඳුනා ගෙන තියෙන්නේ.

දෙමුහුන් වී අභිජනනය චීනය ආරම්භ කළේ 1964 වසරේදී. 1973 වසරේ ලැබුන ප්‍රථම සාර්ථක ප්‍රතිඵල වලින් පසු, මහා පරිමාණ නිෂ්පාදනය පටන් ගත්තේ 1976 දී. මෙම ප්‍රබේධ වල අස්වැන්නේ ඉහල බව නිසා අද වන විට චීනයේ හෙක්ටයාර මිලියන 16.7  ක්, ඒ කියන්නේ වී වගා කරන මුළු ඉඩම් වලින් 57% ක වගා කරන්නේ දෙමුහුන් වී. මේ වගාවන් වලින් ජාතික සහල් නිෂ්පාදනයෙන් 65% ක් ලබා දෙනවා. මෑත වාර්තා අනුව චීනයේ හෙක්ටයාරයකට ලැබෙන සාමාන්‍ය වී අස්වැන්න කිලෝ ග්‍රෑම් 6450 (ටොන් 6.5) ක් වෙනවා, ඒ කියන්නේ සම්ප්‍රදායික වී වලින් සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 6150 ක් ලැබෙන විට, දෙමුහුන් වී කිලෝ 7500 ක් ලබා දෙනවා. මේ දෙමුහුන් වී වලින් වැඩිපුර ලැබෙන අස්වැන්න මිලියන 70 ක් පිරිසක් සඳහා අතිරේකව ආහාර සපයනවා.

එක්දහස් නවසිය අනුහය වසරේ චීන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සුපිරි වී අභිජනන වැඩසටහනක් ආරම්භ කළේ නව සහශ්‍රකයේ ආහාර ඉල්ලුම් සපුරා ගැනීම සඳහායි. මෙහි පළමු අදියරේදී (1996-2000) හෙක්ටයාරයකට ටොන් 10.5 ක සාමාන්‍යයක්, දෙවන අදියරේදී (2001-2005) ටොන් 12.0 හා තුන්වන අදියරේදී (2006-2012) ටොන් 13.5 ක අස්වැන්නක් වාර්තා ගත කරන ලදී.

ඉහත අදියරයන්ගේ සාර්ථකත්වය මත චීන රජය විසින් සුපිරි වී අභිජනන ව්‍යාපෘතියේ හතරවන අදියර 2013 වසරේ අප්‍රේල් මාසයේ ආරම්භ කරන ලදී. මෙම අදියරේ ඉලක්කය වන්නේ ටොන් 15.0 ක ශක්‍යතාවයක් ඇති ප්‍රබේධයක්  අභිජනනයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනටම අභිජනනය කර ඇති “Y Liangyou 900” ප්‍රබේධය වාර්තාගත අස්වැන්නක්, එනම් හෙක්ටයාරයකට කිලෝ 14 821 ක් ලබා දෙන්නට සමත්ව තිබේ.

වී පැලෑටි වලට හිරු කිරණ වලින් 5% ක් කාබනික ද්‍රව්‍ය බවට තිර කිරීමට පුළුවන්. මෙහි මාධ්‍ය අගය එනම් 2.5% ක් තිර කරන්න හැකි ශක්‍යතාවය තියන ප්‍රදේශ චීනයේ තියනවා. එවැනි ප්‍රදේශයක හෙක්ටයාරයකට ටොන් 15 කට වඩා අස්වැන්නක් ලැබීමේ හැකියාව බැහැර කරන්න බැහැ.

ඉහතින් තියෙන්නේ Rice Science, Vol 21 Number 1 January 2014 සඟරාවේ Development of Hybrid Rice to Ensure Food Security (p1-2) කියන ලිපියේ කොටසක චායානුවාදයක්. මෙය මා මසකට පමණ කලින් කියවන ලද්දක්. එය දමන්න හිතුනේ ලෝකයේ වෙන රටවල කරන දේවල් වල හැඩ තල දක්වන්න.

මහජන චීනය පමණක් නොවේ ලෝකයේ තරඟකාරී කෘෂිකර්මයේ යෙදෙන රටවල් සියල්ලම නව බිජ වර්ග නිපැයුම සඳහා නිරන්තරයෙන් කටයුතු කරනවා. බිජ වර්ග පමණක් නොවේ කෘෂිකර්මයේ වෙනත් තාක්ෂනයන්ද වැඩි දියුණු කිරීම තුලින් පමණයි ඔවුන්ට වෙළඳපොලේ රැඳී ඉන්නට හැකි වෙලා තියෙන්නේ. අද වනවිට මෙවැනි පර්යේෂණ වලට මහජන මුදල් වල දායකත්වය අඩුවෙමින් යන අතර, පෞද්ගලික ආයෝජන තමා වැඩි වෙමින් යන්නේ.

එහි, එනම් පෞද්ගලික දායකත්වය වැඩි වීමේ හොඳ වගේම අයහපත් අංගත් තියනවා. ඉරිඟු භෝගය ගත්තොත්, එහි අද අත්කරගෙන තියන අභිජනන දියුණුව සම්පුර්ණයෙන්ම වගේ පෞද්ගලික ආයෝජන, විශේෂයෙන්ම ඇමෙරිකානු. එය වෙනම ලියන්න හැකි කරුණක්.

අඩු අස්වනු දෙන පරණ වී වලට නැවත ගිහින් නම් තිරසාර කෘෂිකර්මයක් තියා, එදා වේල කන කෘෂිකරමයක්වත් වැඩි කල් ගෙනි යන්න බැහැ. ලෝකයේ බොහෝ ප්‍රශ්න (කෘෂිකාර්මික පවා) විසඳාගෙන තියෙන්නේ ඉදිරියට ගිහින්. කෘෂිරසායන භාවිතාව පවා වඩාත් සුරක්ෂිත කරන්න පුළුවන් අතීතයේ අත්දැකීම් තුලින් ඉදිරියට යාමෙන් පමණයි. මේ වගේ කරුණු වලින් ඒකීය පුද්ගලයා ඉගෙන ගන්න ඕනේ මොකක්ද?

 

Advertisements

15 Comments

Filed under Agriculture

15 responses to “ලියද්දේ තියන ගල ඉවත් කරන්නේ කෙසේද? A subtle difference between lenders and borrowers!

  1. අගනා ලිපියක්. මෙය අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්නන්ගේ ඔලුගෙඩි ඇතුළට යා යුතු කරුණක්. පාරම්පරික වී ප්‍ර බේද රැකගත යුතු සේම රටක ආහාර අවශ්‍යතාවට අනුව නවීතත්වයට අනුගත නොවුනොත් එහි විපාකත් රටවැසියාටම ය.

    • ස්තුතියි නලින්, වෙනදා වගේම ඔබවත් එහෙම කියපු එකට! 🙂
      එහෙමම හිතන්න එපා නලින්, ප්‍රතිපත්ති සම්පාදනය වන්නේත් මිනිසුන්ට අවශ්‍ය නම් විතරයි. අරාබි ක්‍රමයට අග සිට වත් පටන්ගමු. ඇත්තටම මිනිසුන් සිතන අයුරු අපේ සමාජයේ අන්තිම ජානමතය මොකක්ද කියන එක තීරණය කරනවා. උටෝපියානු ලෝක ගැන සිහින මැවීම කෘෂිකර්මයේත්, රට පාලනයේත් නරක දෙයක්. මේ ඔබට නොවේ කියන්නේ. සාමාන්‍යයෙන් අප හැමෝම හිතන හැටි.

  2. Pingback: ලියද්දේ තියන ගල ඉවත් කරන්නේ කෙසේද? A subtle difference between lenders and borrowers! | Syndi.us

  3. Pingback: ලියද්දේ තියන ගල ඉවත් කරන්නේ කෙසේද? A subtle difference between lenders and borrowers! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  4. maheshrathnayaka

    දෙමුහුන් නැතිනම් හයිබ්‍රිඩ් බෝග වගාව සදහා අපේ ගොවියන් පරිපුර්ණව දැනුවත් නෑ.. නැතහොත් ඒ සදහා සැලකිල්ලක් නෑ… හුගක් පරණ ගොවියන් පරණ සාමුප්‍රදායිකබීජවලටම වැඩි නැඹුරු තාවක් දක්වන්නෙ ඒවායේ තියෙන පළිබෝධ වලට දක්වන ඉහල ක්‍රියාකාරීත්වය නසා… මොකද හයිබ්‍රිඩ් බීජ වල අස්වැන්න ඉහල වුණාට ඒවයෙ පළිබෝධ ප්‍රතික්‍රියාකාරීත්වය දුරුවලයි… ඉතිං වැඩි මිලක් අවශ්‍යයි පළිබෝධ නාශක යොදන්න.. ඒ කරලත් කන්න වෙන්නෙ වස නෙව කියල තමා හුගක් අය සාම්ප්‍රධායික වී වගාවට යොමුවෙන්නෙ…
    මොකද හුගක් සාමුප්‍රදායික වී වර්ග වලට කාබනික පෝර දානව ඒ විතරක් නෙවී…
    ඒවයෙ තියෙන ප්‍රතික්‍රියාව ශක්තිමත්

    • //මොකද හයිබ්‍රිඩ් බීජ වල අස්වැන්න ඉහල වුණාට ඒවයෙ පළිබෝධ ප්‍රතික්‍රියාකාරීත්වය දුරුවලයි//
      මෙහෙම ජෙනරලයිස් කරන්න නම් බැහැ මහේෂ්. ඒ ගැන තමා මා ලියන්නේ.

  5. සේරුවක් ඕන ගෙදරකට හුන්ඩුවක් ගෙනාවා වගේ වැඩක් නේ නිශ්පාදනය අතින් බැලුවොත්. පාරම්පරික වී නිශ්පාදනය රැකගනිමින් නව තාක්ෂනයත් එක්ක ඉදිරියට යන්න අදිමදි කරනවා නම් සිද්ධ වෙන්නේ ගොවීන්ට ලැබෙන ආදායම් ගැන හිතලා වී ගොවිතැන නවත්වන්න. එහෙම බැලුවොත් මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් ලොක්කෝ 😀

    • අයිය කැමති නැත්ද එම්බසියක් ගාව උපවාස කරන්න එන්න. ලෙමන් පෆ් නොමිලේ කන්න නම් සෙට් කරන්න පුළුවන්. අනික්වත් පොඩියට හරි සෙට් කරලා දෙන්න බලන්නම්! 😀

  6. Hope you don’t mind me writing in English ; I’m a bit pressed for time.
    This is something I’ve given some thought to.
    Do you think the way forward is large scale farming? Large farms would have better financing and ability to weather a lean period, ease of mechanized harvesting etc. and better soil conservation.
    Also, the use of chemicals could be better controlled and monitored in a large farm run by a Corporation or a co-operative than in small individual gardens. However, I have been told that the recent thinking is that micro is better than macro which confuses me.

    • Mav bhaashavata thana denna one nisaa obagen patan gannam! 🙂

      This is my opinion Pra and nothing else. You can adopt the technology and farming practices according to the size of the farm. In real terms, there are no large farms in Sri Lanka. We also can’t afford the advanced machinery which is being used in large farms in Western or Eastern countries and we don’t have to. However, we can use improved crop varieties. We can improve farming practices in order to minimise soil degradation or even to improve it. As previously pointed out, people like my dad can be benefited by using new practices because they would deliver better output with the same input. We have to understand how plants work and what soil is. Our backyard gardening also can be revamped by understanding the basics.

      In Sri Lanka, there is a misperception that a linear increase in agrochemicals can linearly increase crop yield. This is totally wrong and do more harm than benefit not only to the crop but also to environment. Exponential use of fertilizers can lead to soil saturation and crops would not respond to any further application of fertilizers. Both overuse and inadequate use result in lower production.

      There are terms like non-responsive rates, responsive rates (of fertilizers) for a particular soil or farm. These need to be carefully considered. It is the challenge; how to deliver the message to the farmer. The farmers in Western countries are equipped with knowledge, technology and most of them are concerned about the sustainability of not only their livelihood but the environment in general. They are proud of the quality of the produce they put into the market. Farming is hard anywhere in the world. Agriculture in North America and in the Europe is heavily subsidised which makes it even harder for developing countries.

      Blogging can do certain things but farming Pra. Anyway, I will write more of these as a few people are interested in.

      This is what I read a day before.

      http://www.abc.net.au/news/2014-05-01/qch-nepal-visit/5423156inb

      • Thanks.
        Yes there aren’t really big farms in SL. But I was wondering whether it wouldn’t be better if farmers’ co-operatives are organized, where possible, to have some uniformity.
        //In Sri Lanka, there is a misperception that a linear increase in agrochemicals can linearly increase crop yield//
        How true! I met an ex-farmer couple of years ago and he was under the impression that unless ” thel ” (mind you this is not fertilizer but pesti/weedicides ! ) five times one will not get a good harvest of pumpkins.

  7. අපේ කුරුසි කරුම ඇමතිතුමා කියන දේවල් ඇහුවම බැලුවම එදා ඇනස්ලි සැමුවෙල් බර්ටි කරපු විහිලුත් විහිළුද කියලා හිතෙනවා.

    • ගල ඉවත් කරන එක තමා ප්‍රශ්නය. අතීතයේත් බොරු කතා වලට රැවටුනා, මෑත කාලයේත් ඇට අටට, නැති-බැරි අය ඇති හැකි කිරීම, ආශ්චර්යමත් ලංකාව වැනි දේවල් වලට රැවටුනා. ගල හෑමදාම එතන. මෙතන තව දෙයක් තියනවා විචාරක.

      උතුරු මැද තියන වකුගඩු රෝගය එම පළාත් වල තියන පළාත් සභාවරණයේදී වත් කතා වෙනවද? මේවා ගැන චන්ද දායකයනට මොන වගක් වත් තියනවාද? මිනිසුන් 40,000 ක් මෙයින් හානියට පත් වෙලා කියල තිබුනා. දැන් හතලිස් දාහක් දෙනාගේ පවුල් කියන්නේ කොතරම් ජනගහනයක්ද? මේවා ඇයි ජනමාතයෙන් නොපෙනෙන්නේ? එතැනදී අප කෘෂිකර්ම ඇමති ගැන කතා කිරීමෙන් ඇති ප්‍රතිඵලයක් නැහැ. මොකද ඔවුන් පත් කර තියෙන්නේ මේ හතලිස් දහස් ගණන් දුක් විඳින, නමුත් තමන්ගේ ප්‍රශ්න මොනවාද කියා නොදන්නා මිනිසුන්. එය වෙනස් කරන්න පුළුවන් දවසට, එනම් තමන්ගේ ප්‍රශ්න හඳුනා ගන්න දවසට, එම ප්‍රශ්න වලට විසදුම් සොයන පාලන තන්ත්‍රයකුත් ලැබේවි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s