බර ලෝහ සහ සැහැල්ලු කතා! Heavy metal music for ‘Pura farmers!


TSP3

ආවර්ථිතා වගුවේ 117 ත් වන මූල ද්‍රව්‍යය සොයා ගත්ත එක තහවුරු කරලා ප්‍රවුර්තියක් අද තිබුනා. තාම නමක් දීල නැති මේ බර ලෝහය ලෙඩ් නැත්නම් ඊයම් වලට වඩා බරින් 40 ස් ගුණයකින් වැඩියි කියනවා. ප්‍රා කියන විදිහට අප මොකද හොඳටම දන්නා බර ලෝහ කියල කියන්නේ නැතුව බැර ලෝහ කියන්නේ කියන එක ටිකක් කල්පනා කරන්න ඕනේ දෙයක්.

මේ වගේ සරලව කියන්න පුළුවන් දේවල් ටිකක් ගැඹුරු කරන එක, ඒවාට යම් වටිනාකමක් දෙන්න කරන අවස්ථා තියනවා. ගොඩක් ඔය වාමාංශික හා අධික දක්ෂිනාංශික ලිපි කියවා තේරුම් ගන්න පුළුවන් සිංහල භාෂාවකින් ලියල තියනවා දකින්න අමාරුයි. ගොඩක් වෙලාවට භාවිතයේ නැති වචන ඔබලා,  සාමාන්‍ය පාඨකයෙකුට තේරුම් ගන්න බැරි විදිහට ලියන එකේ පොඩි හොර දෙකක් තියනවා කියල හිතන්න පුළුවන්. එනම්, මේ ලියන දේවල් ලියන කෙනාමත් හොඳට තේරුම් ගත්තු ඒවා නොවීම. අනෙක තමා කිසිම වැදගැම්මකට නැති ලිපියකට ඝාම්භිරත්වයක් මවා දීම.

දැන් මේ විද්‍යා හා අනෙක් කරුණු වලට නැවත ආවොත්, සරල ලෙස මේ කරුණු කියන්න පුළුවන් භාෂා වචන පමණක් නොවේ භාෂා ශෛලයක්ද ගොඩ නගා ගැනීම වැදගත්. දැන් අනුරාධපුරේ ඉන්න ගොවියට බැර ලෝහ කියුවට තේරෙනවා කියල හිතන්න බැහැ. මොකද අපටත් එම වචනය ආගන්තුකයි. එතකොට ෆොස්පරස් අඩංගු පොහොර අනිසි විදිහට පාවිච්චි කරන්න එපා. ඕවයේ බැර ලෝහ වැඩියි කියන කොට “අනේ මහත්තයෝ මගේ පෝර කොට්ටුරේ නම් ඔය මොන බැරක් වත් තිබුනේ නැහැ, පෝර ටික නම් යස අගේට තිබුනා, ඉතින් කොට්ට එකක් ගහන්න කියල තිබුනත්, මේ පාරවත් ගොඩ යන්න කියල, දෙකක්ම කෙලලා ඇරියා මහත්තයෝ” කියල කියාවි.

භාෂාව කියන්නෙත් සමාජයේ ආයුධයක්. ගොඩක් දෙනා මෙය පලිහක් විදිහටත් පාවිච්චි කරනවා. අද ගොඩක් සඟරා වල ලියන භාෂාව සරල වෙලා. එකක් තමා ලියන්නේ බොහෝ විට ඉංගිරිසි දෙවන භාෂාව වන අය. අනෙක් එක තමා ඉලක්ක කෙරෙන්නේත් ඔවුන්. මොකද සර්කියුලේෂන් එක වැඩි වෙමින් පවතින්නේ චීනයේ වගේ රටවල.

මෙහි විරුද්ධ දෙයත් සිදු වෙනවා අපට දකින්න පුළුවන්. එනම් පුහු ඝාම්භිරත්වයක් එකතු කිරීම. සිංහල ලියන විටත් මෙයම කරනවා. මෙමගින් නැති ගරුත්වයක් මෙම ලිවීම් වලට ආරෝපණය කරනවා. ඇත්තටම බලාපොරොත්තු වන්නේ වැඩි දෙනා කියවල තේරුම් ගන්නා එක නොවේ, වැඩි දෙනා කියවුවත් කිසිවෙකු තේරුම් නොගැනීම. එතකොට තමයි කියන්නේ එකඟ වෙන්න බැරි වුනත්, හොඳ ලියවිල්ලක් කියලා. තමන්ට වත් නොතේරෙන හා එකඟ වෙන්න බැරි දේවල් හොඳයි කියන්නේ කුමන මිනුමකින්ද?

විද්‍යාත්මක ලිවිම ගැන අත්පොතක් ලියපු ඩේවිඩ් ලින්ඩ්සේ එක තැනක මෙහෙම ලියනවා ….If it is vague, it is not scientific writing; if it is unclear or ambiguous, it is not scientific writing and if it is long winded and unnecessarily discursive, it is poor scientific writing. But do not sacrifice precision or clarity in order to be brief…..”  මෙය අප එදිනෙදා ලියන විටදීත් එක සේ වලංගුයි කියා මා නම් හිතන්නේ. මොකද මා කියවන තව පොතක තියනවා වගේ …. Language is as much a part of how you present yourself – and how other people react to you…

මා මේ සටහන ලියුවේ පසුගිය දිනවල ලියපු දේවල් වලට ලැබිච්ච ප්‍රතිචාර අනුවම නොවේ. කෘෂිකර්මය විතරක් නොවේ, රටේ ආර්ථිකය හා දේශපාලන කරුණු වුනත් සාමාන්‍ය ජනතාවට සන්නිවේදනය කරන එකේ අඩුවක් මා දකිනවා. විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල. එයට හේතු රාශියක් තියනවා. හැබැයි එක හේතුවක් තමා, මෙවැනි කරුණු ලියන කට්ටිය වෘත්තිකයන් වීම. එනම් ඒ ලියන දෙයින් ජිවත් වීම. එවිට සන්නිවේදනය නොවේ වැදගත් වන්නේ. ගාණක් හොයා ගැනීම. සරලව ලිවීමෙන් එය සමහර විට කරන්න බැහැ. සරලව ලියා ප්‍රතිරූප ගොඩ නගා ගන්නත් බැහැ.

*පින්තුරය ට්‍රිපල් සුපර් ෆොස්පේට පොහොර උරයක දත්ත ඇතුලත් ලේබලයකි.

Advertisements

7 Comments

Filed under Opinion

7 responses to “බර ලෝහ සහ සැහැල්ලු කතා! Heavy metal music for ‘Pura farmers!

  1. Pingback: බර ලෝහ සහ සැහැල්ලු කතා! Heavy metal music for ‘Pura farmers! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Pingback: බර ලෝහ සහ සැහැල්ලු කතා! Heavy metal music for ‘Pura farmers! | Syndi.us

  3. creative article…just thinking…..

  4. රයිගම්…..මේ භාෂාව ගැන කියලා තියෙන දේ නම් හරි. කාටවත් නොතේරෙන විදිහට ලියලා ලබන සතුට මොකක්ද? මම ආස කරන සමහරක් විෂයන් ගැන ලියවෙන ලිපි තේරුම් ගන්න උත්සාහ කරනවාට වඩා හොඳයි, ඒ විෂයට දක්වන ඇල්ම නැති කරගත්තා නම්. සමහර දේශපාලන, සාහිත්‍ය, සිනමා විචාරකයෝ ලියන දේවල්වලට වඩා පහසුවෙන් නිර්මාණය තේරුම් ගන්නත් පුළුවන්, අපිට රස විඳින්නත් පුළුවන්. අර ගොවියාගේ කතාව වගේ තමයි.

    • අන්න හරි මචං. නිර්මාණයක් විවේචනය කරනවා කියන්නේ, එහි තියන සාමාන්‍යයෙන් කෙනෙකුට බැලූ බැල්මට නොපෙනෙන, නොදකින, නොඅසන දේවල් මොනවාදැයි කියා පෑම. උඹ කියනවා වගේ මේ මිනිසුන් එයාලටත් නොතේරෙන වචන ඔබල මේවා සංකීර්ණ කරන්නේ, එයාලට යමක් ආරෝපණය කර ගැනීමට මිසක් රසිකයා ගැන හිතල නොවේ. දැන් බලපන් පොත කියවපු නැති කෙනෙක් පවා මේ වගේ වැදගැම්මකට නැති “විචාරයක්” කියවලා (ඇත්තටම තමන්ටත් ඒ කියන්නේ මොකක්ද කියා තේරෙන්නෙත් නැති නිසා වෙන්න පුළුවන්) අන්න, මරු විචාරයක් කියනවා. දැන් එහෙම කියන්නේ කොහොමද? ඇත්තටම ඒ වගේ විචාර සියුම්ව අරගෙන බැලුවොත් වචන ගොඩක් විතරයි. මේවා මචං අර අපිට කලින් අය, කරපු නිසා ඉදිරියටගෙන යන නිකම් මස්තබාල්දු ඇස්බැන්දුම් විතරයි.

  5. maheshrathnayaka

    ගොඩක් ඔය වාමාංශික හා අධික දක්ෂිනාංශික ලිපි කියවා තේරුම් ගන්න පුළුවන් සිංහල භාෂාවකින් ලියල තියනවා දකින්න අමාරුයි. ගොඩක් වෙලාවට භාවිතයේ නැති වචන ඔබලා, සාමාන්‍ය පාඨකයෙකුට තේරුම් ගන්න බැරි විදිහට ලියන එකේ පොඩි හොර දෙකක් තියනවා කියල හිතන්න පුළුවන්. එනම්, මේ ලියන දේවල් ලියන කෙනාමත් හොඳට තේරුම් ගත්තු ඒවා නොවීම. අනෙක තමා කිසිම වැදගැම්මකට නැති ලිපියකට ඝාම්භිරත්වයක් මවා දීම//////

    මේ කාතවට නං මං සීයට සීයක් එකගයි…

    හුගක් පාරිභාෂික වචන ඒ විශය ක්ෂේත්‍රෙය් ඉන්න අයවත් දන්නෙ නෑ එකයි ඇත්ත… වැඩිපුරම දේශපාලන කතා… එතන මට හිතෙන විදියට හුගක් වෙන්නෙ නැති සිංහල වචන මවන එක…
    සයන්ස් වල කොමස් වල තියෙන සමහර පාරිභාෂික ශබ්ද වලට සරල තේරුමක් විනා ඒ වචන වෙනස් කරල දෙන්න පුලුවං වෙයිද… මට හිතෙනව එහෙම වුනොත් අවුලක් වෙයි කියල… මතකද ඩික්ටේටර් පිල්ම් එක ඒකෙ මුල හරියෙ වගේ තැනක තියෙනව රෝග වලට ඇලඩින් එයාගෙ නම එකතු කරල. එතන රෝගියත් පොඩි ව්‍යාකූල ගතියක් පෙන්නව නෙව.. ඒ හිංද කියන දේ නිසි තැනට සුදුසු විදියට කීව නං හරි කියලයි මට හිතෙන්නෙ…
    කියන දේ කියන්නෙ ක්ෂේත්‍රයක පරිණතයෙකුට නං කියන දේ ඒ විදියටම කීවට ප්‍රහ්නයක් නෑ… ඒත් ඔයා කීව වගේ කියන්නෙ ගොවියෙක් වගේ කෙනෙක්ට නං ඒ කියන කෙනා අදාල පුද්ගලයට ගැලපෙන විදියට කියන්න දැනගන්න ඕන…

    හුගක් අය සිංහල භාවිතයේ ව්‍යාකූලත්වයක් පෙන්නනව.. සමහරක් ඒකෙ අනික් පැත්ත නැති වචනත් මවල පොර ටෝත් දෙන්න හදනව… ඒ වගේ උං හිංද තමා මං හිතන්නෙ ඔය ප්‍රශ්න එන්නෙ…
    සමහර වෙලාවට සටහනක් ලියද්දි සමහර වචන ගැලපෙන විදිහට යොදන්න වෙනව… ඒත් ලියන එකා දැන ගන්න ඕන ඒකට ගැට පද විවිරණයක් දෙන්න

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s