එවිට අපද ඒ අකාබනික වූ ලොව වල්මත් වන්නේ! Heenatisation of Agriculture! (5) (අවසාන කොටස)


දැනට වසර තුනකට පමණ පෙර මා ගෝනෙක් මරාගෙන, මදි පාඩුවට කන්න කුරහන් පිට්ටු  ටිකක් හදා ගන්න ලංකාවේ කඩයට ගිහිං කුරක්කන් පිටි පැකට් එකක් ගෙනාවා. මේකෙන් පිට්ටු හැදුවාම තමයි තේරුනේ, ඒකෙ  පිට්ටු  කන්න තරම් කුරක්කන් නැහැ, ගෙයක් හදා ගන්න තරම් වැලි නැහැ. ඉතින් කුණු බක්කියට විසි කළා. ඕස්ට්‍රේලියානු තිරිඟු වලින් හදපු පාන්, ගෝන මස් හොද්ද එක්ක කෑවා. අද මා ලංකාවේ කඩයට යන්නේ බොහොම කලාතුරකින්. ඒ විතරක් නොවේ අර සුපර් මාර්කට් වල තියන ඩිල්ම මුදලාලිගේ තේ වුනත්, දැන් බාලයි. ඉස්සර රසය එන්නේ නැහැ.

ගොඩක් වෙලාවට මේ නිෂ්පාදකයන් කරන දෙයක් තමා මුලින් හොඳට හදල, වෙළඳපොල අල්ල ගත්තට පස්සේ, ටික ටික වැඩේ බාල කරනවා. ඩිල්ම කාරය කරන්නේ ඒකමද කියා මා දන්නේ නැහැ. නමුත් අප ලංකාවෙන් ගෙනාපු තේ මේවාට වඩා හොඳයි. ඒ කියන්නේ මොකක් හෝ පරහක් තියනවා. හැබැයි ඔවුන්ගේ ඉස්සර තේ හොඳට තිබුනා. ඒ අතින් අර කුරක්කන් කාරයා තමයි නරකම කෙනා. එයා පුදපු ගමන් කන යකෙක්.

මොවුන් දේශීය වෙළඳපොලේ ඕනෙම දෙයක් විකුනන්න පුළුවන් නිසාද කොහෙද මේ වගේ ජරා නිෂ්පාදන අපනයටත් හදනවා. පසුගිය කාලේ මහා ගෝෂාවක් කරලා, අතින් පාඩු කරගෙන (එනම් නිෂ්පාදන වියදමටත් අඩුවෙන් විකුණුව) මැදපෙරදිග රටකට යවපු හාල් ටික, ඒ රටින් ප්‍රතික්ෂේප කර තිබුනා යයි පුවතක් මා දුටුවා. මෙම පාරිභෝගිකයා ගැන කිසිම සැලකිල්ලක් නොදක්වන එක ගැන මා කලින් සටහනේ ලියුවා. එය ගොවිතැනෙත් තියන පණ්ඩමෙන්ටල් ප්‍රශ්නයක්.

නිෂ්පාදකයාත්-පාරිභෝගිකයාත් යන දෙදෙනාගේම ආකල්ප බඩුවේ ගුණාත්මක බවට බලපානවා. හැබැයි එතන තව දෙයක් තියනවා, එනම් පාරිභෝගිකයාගේ අතේ හැකියාව. ඔය හිතන එක නොවේ මා කියන්නේ මිලදී ගැනීමේ හැකියාව. අනික විකල්ප කියල දෙයක් තෝරා ගැනීමට තියනවද කියන එක. මේවා කිකිලියි බිත්තරෙයි  වගේ කතා තමා.

අපේ එළවලු කඩේ දකුණු අමෙරිකාවෙන් ගෙන්වන සුදු ලූනු තියනවා. ඕස්ට්‍රේලියාවේ වවන ඒවා තියනවා. චීනයෙන් ගෙන්වන ඒවා තියනවා. චීන සුදු ලූනු ග්‍රෑම් 250 ක මිලට ගන්න පුළුවන් අනික් දෙවර්ගයෙන් කොයික වුනත් ගෙඩි දෙකක් හෝ තුනක් පමණක් වෙන්න පුළුවන්. හැබැයි චීන සුදු ලූනු හොඳට බ්ලිච් කරලා සුදුවට බැබලි බැබලි තිබුනට, සුදු ලූනු වල ආවේනික රසය හා සුවඳ නැහැ. මා මෙක්සිකන් සුදුලූනු ගන්නවා, ඕස්ට්‍රේලියන් නැත්නම්.

මේවායේ නිෂ්පාදිත රට ගහල තියනවා. එය සිල්ලර වෙළෙන්දාගේ වගකීමක්. අමෙරිකාවෙන් ගෙන්වන මිදී හා දොඩම් වල ගාන සමහර විට ඕස්ට්‍රේලියානු ඒවායේ කවුන්ටපාර්ට්ලගේ මිලට සමානයි හෝ අඩුයි. එතකොට ගව් ගානක් දුර වවලා මෙහෙට ගෙනත් විකුණුවත් එකත් ලාභදායි වෙන්න ඕනේ. දැන් චීනය පැත්තකට දැමුවොත්, මේ ඇමෙරිකන් හා ඕස්ට්‍රේලියන් ඩොලර් දෙකේ වෙනස බොහොම අඩුයි.

දකුණු ආසියාවේ වී වලින් සාපේක්ෂව ඉහල අස්වැන්නක් ගන්න ලංකාවට සහල් අපනයනය ගැන තාම හිතන්නවත් බැහැ. මේවායේ නිෂ්පාදන වියදම අධික වීම එකක්. අනෙක පිටට දෙන්න තරම් කොලිටියක් නැහැ කියල අර ප්‍රතික්ෂේප වීමෙන් පෙනෙනවා. අනික තමා අප හොයන ඔය කාබනික හීනටි නොවේ, වෙනත් රටවල් වල දිව හොයන්නේ.

කෘෂි වාරිමාර්ග හා පොහොර වලට මහජන මුදල් මහා ධනස්කන්ධයක් දමල තියන අවස්තාවකත්, මෙහෙම වන්නේ මොකද කියන එක සොයා බලන්න ඕනේ නැත්ද? එය රජයටම කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. ගොවියෙකුට වුනත් පුළුවන් මොනවාද වෙනස් කළ යුත්තේ කියල හිතන්න. ප්‍රමිති, නීති රීති හා වැටලීම් වැනි දේවල් අවශ්‍ය තමා. හැබැයි කෘෂිකර්මයේ GAP නැත්නම් යහපත් කෘෂිකාර්මික භාවිතාවන් පහල ඉඳන් පටන් ගන්න පුළුවන් දේවල්. මාස ගණනාවක මහන්සිය, අවසාන අදියරේදී නොවේ ප්‍රතික්ෂේප කල යුත්තේ. වරද නිවැරදි කරන්න ඕනේ, මුල හරියේදී මයි.

මේවා කියුවට අමාරු දේවල් තමා. එහෙම එකේ සාමාන්‍ය ජනයාත් හුරේ දාන්නේ, දැනට දුප්පත්කමේ ඉන්න ගොවියා, ගොවියා තවත් දුප්පත්කමට දක්කන්න හදන කොට.

කුඩා පරිමාණයට නිපදවන කාබනික ආහාර කියන ජාති වලට වැඩි මුදල් ගෙවන්න පුළුවන් කට්ටියට ඒවා නිපදවීම ගැන මා සතුටුයි. මොකද ඒකෙන් අඩුම ගානේ ගොවීන්ගේ ආදායම වත් ටිකකින් වැඩි වෙනවා. දැන් බටහිර රටක නගරයක තට්ටු නිවාසයක ජිවත් වන මධ්‍යම පාන්තික මිනිසුනුත්, ලෝකය රකින්න කියා “කාබනික” ආහාර කනවා. එකම හොඳේ ඔය ඉන්දියාවේ හරි අප්‍රිකාවේ හරි ගොවියෙකුට කියක් හරි හොයා ගන්න අවස්තාව සැලසෙනවා. ලෝකය බේරා ගැනීම ගැන කියුවොත්, මේවා ගුවන් මගින් ගේන කොට කෙරෙන පරිසර දුෂණය මතක් කර ගන්න. අර ප්‍රේමදාස කාබනික ගොටුකොල කොළඹින් ගෙන්න ගත්තා වගේම තමා.

හැබැයි සමස්ත සමාජය ගැන හිතිමේදී, ප්‍රධාන ගොවිතැන් ක්‍රමය ලෙස මේවට හුරේ දමන කට්ටිය කරන්නේ සියතින් වල කපා ගැනීමක්. දැනටත් කන්න බඩු ටික ගන්නේ අමාරුවෙන් කොට, මෙයිටත් වඩා ගානක් දෙන්න වුනොත් කොහොමද වැඩේ. විශේෂයෙන් දැන් ලංකාවේ යම් ප්‍රමාණයක හොඳ අස්වැන්නක් ගන්න වී ගොවියන්, තව දශකයකින් විතර මේ හීනටි වගාවට සම්පුර්ණයෙන් ගියොත්, ඔවුනගේ දුප්පත්කම තවත් වැඩි වේවි. මා කලින් ලියල ඇති, බඩගින්නේ ඉන්න කෙනෙකුට විල්පත්තුවේ මුවන් ගේ සෞන්දර්යය බල බල ඉන්න නොහැකි වග.

දැනටත් කෘෂිකර්මයේ ගොවියන් කරන නොයෙකුත් අපයෝජන වලට එක හේතුවක් තමා දැනුම නොමැති වීම, අනෙක් කාරණය සමාජය පුරා තියන නොමිනිස්කම හා නිතිය බිඳ වැටීම. ඒවාටත් ඉහලින්, එම හේතුත් නිසා උපදින දුප්පත්කමත් මෙයට හේතු වෙනවා. වඩාත් හොඳ ක්‍රමවේදයන් අනුගත කර ගන්න පුළුවන් වන්නේ, ඔවුනගේ ආර්ථිකය ඉහල යනවා නම් පමණයි.

අඩු අස්වනු වගා නිර්දේශ කරන අයියලා හා ඒවාට හුරේ දමන සාමාන්‍ය ජනයා විසින් ඇත්තටම මේ දුප්පත්කම තවත් වැඩි කර ගැනීමෙන්, වස විස කෑමත් තවත් වැඩි කර ගන්නවා ඇත.

ප ලි

මේ සටහන පළ  නොකරන්න හිතුනත්, අද ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රධාන පුවතත් සමග මෙය පළ කිරීම උචිත යයි හැඟුනා. මා කලිනුත් ලියා තිබෙනවා. නීති රීති හා අධීක්ෂණය කරන ආයතන අවශ්‍යමයි. හැබැයි සමානුපාතිකව ජනතාවගේ අධ්‍යාපනයත් ඉහල නැංවිය යුතුමයි. මේ දෙකෙන් එකක් විතරක් තියන තැනක ප්‍රතිඵලයක් ගන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ රජය ලෝකයේ ප්‍රථම වරට, සිගරට් දවටන සේරටම පොදු සරල දවටන නිතියක් ගෙනාවේ මෙයට වසර එකහමාරකට දෙකකට පමණ පෙර. මේ ගැන මා ලියූ විට සමහරුන් කියා තිබුනා, ඕවයින් වැඩක් නැති වග. වැඩක් නැති වන්නේ නීති ගෙනත් නිකම් හිටියොත් පමණයි. දුම්පානයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම් හා මේ නීති නිසා අද දුම් පානයේ අඩුව හොඳටම බලා ගන්න පුළුවන්. ඒ ගැන කරපු ප්‍රථම සමීක්ෂණයෙන් කියවුනේ එය බලපාන දෙයක් බවයි. එංගලන්තය මේ අලුත් නිතිය ගැන සලකා බලමින් ඉන්නවා.

http://www.theguardian.com/world/2014/may/08/accc-recalls-childrens-and-womens-clothing-over-carcinogenic-fabric-dye

Ban on glyphosate lifted

 

Advertisements

12 Comments

Filed under Agriculture, Food, Opinion

12 responses to “එවිට අපද ඒ අකාබනික වූ ලොව වල්මත් වන්නේ! Heenatisation of Agriculture! (5) (අවසාන කොටස)

  1. Pingback: එවිට අපද ඒ අකාබනික වූ ලොව වල්මත් වන්නේ! Heenatisation of Agriculture! (5) (අවසාන කොටස) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ කිසිදු අදහසක් බැහැර කළ නොහැකියි. මන්ද යත් ඔබ පෙන්වා දෙන සියලු කාරණා එකිනෙක දාමයක් සේ බැඳී ඇති බැවිණි.
    දුප්පත්කම ශල්පීය :ඥානය, නවින තාක්ෂණය මේ සියල්ල එක සේ බලපානවා. ගොවිතැනට පෙර සමස්තය සැලසුම් කොට නිසි ක්‍රමවේදයකට කටයුතු වුවොත් යම් තාක් දුරකට හෝ අපට ද පැමිණිය හැකියි. අස්වනු එන කාලයට ඒවා අළෙවි කර ගන්න නිසි ක්‍රමවේද නෑ. නිසි මිල ගණන් නැහැ. වැවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ ගණනය කිරීම් හරියට නෑ.ඒත් මේ දේවල් සැලසුම් කරන්න ක්ෂේත්‍රෙය ඇවිදිමින් උපදෙස් දෙන්න දහස් ගාණක් නිලධාරීන් නම් ඉන්නවා. ඒත් ඒ කිසිවෙක් කාමරයෙන් එළියට යන්නේ නෑ(බහුතරය). සමස්තයක් ලෙස රටම හොර ගුහාවක් වූ කල දියුණුවක් කෙසේ ලබන්නද? විශේෂයෙන්ම නිලධාරීවාදය ගොවිතැන කියන දේත් වෙලාගෙන අහවරයි මේ වන විට. ඒත් පුද්ගලික ව්‍යවසායකයෝ මේ කඩ ඉම් ජය ගෙන ඇති අවස්ථාද අපේ රටේ නැතුවා නොවේ. ඒ සාර්තකත්වයට හේතුව නිසි පරිපාලනයයි.

    • සමස්තයක් ලෙස රටම හොර ගුහාවක් වූ කල දියුණුවක් කෙසේ ලබන්නද?
      මෙන්න නලින් ඇත්ත කතාව. එතනින් මෙහා කතා කරන දේවල්, අනාගතයේ මේ හොර ගුහාවෙන් මිදීමෙන් පස්සේ කරන්න තියන දේවල් විතරයි.

      • මේ ගීතය හා රූප රාමු අතර මට එතරම් ගැලපීමක් නැති වුනත්, අර කාල බිලා නිදලා කාලේ ගෙවයි කියන තැන රාමුව නම් ටක්කෙට ගැලපෙනවා. අනික තමා අපේ විමල් සින්දු කියන තැන. එයට අමතරව පසුගිය කාලයේ සිදුවුන දේවල් අපූරුවට මතකයට නං වනවා.

  3. Ramal

    මෑත කාලයේ සින්හල බ්ලොග් එකක මා දැකපු හොදම ලිපිපෙලක්.මා ලිපි ටික එකතු කර ගත්තා පසුව නැවත කියවන්නට.

    • අතේ ඇඟිලි පහට වඩා තියන වග දැනගැනීමත් සතුටක් රමල්! 🙂

  4. රයිගම්…..ඇත්ත තමයි නීති ගෙනාවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනවාද කියලා සෝදිසියෙන් ඉන්න ඕන. මම රිටේල් ට්‍රේඩ් එකේ කාලයක් හිටිය නිසා දන්නවා, මේ නීතිවලට සුපර් මාකට්/පොඩි කඩ පවා කොච්චර බයද කියලා. ලයිසන් අවලංගු කරන්න පුළුවන්. වැඩ කරන අය හරිම විමසිලිමත්. 18ට අඩු අයට සිගරට්, අරක්කු විකිනීම බෙල්ල ගහලා යන වැඩක්. ඒ වෙනුවෙන් ඒ ඒ කවුන්සිල් විසින් ටෙස්ට් පර්චසින්ග් එවනවා එක එක එවුන්. ID එක අහන්නම ඕන වයස සැක නම්. දඩ/හිර දඬුවම් අහුවුනොත්.

    දැන් ඒංගලන්තයේ ලොකු සුපර් මාකට්වල සිගරට් ඩිස්ප්ලේ කරන්න බැහැ. ඒ කබඩ්ස් වහලා සිගරට් නොපෙනෙන්න කවර් කරලා තියෙන්නේ. හැම විනාඩියකම සිගරට් විකිනෙනවා. සේවකයින්ට මලවදේ. ඒත් කරන්න දෙයක් නැහැ. අරිනවා, පැකට් එකක් ගන්නවා,ආපහු වහනවා, ආපහු අරිනවා. දැන් පටන් ගන්න යනවා පැකට් එකේ බ්‍රෑන්ඩ් නේම් ඒවා මේවා මුකුත් ප්‍රින්ට් කරන්න බැරි නීතියක්. ලූස් කොහොමත් විකුණන්නේ නැහැ.

    අනිත් කෑම බීම ඇතුළු හැම දෙයක්ම සම්බන්ධව දැඩි නීති රෙගුලාසි තියෙන්නේ. ලූස් පලතුරු, එලවළු විකුණනවානම්…ඒ මොන රටෙන් ගෙනාපු ඒවාදැයි සඳහන් කර ඩිස්ප්ලේ කලයුතුයි. මේවා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්වෙනවා. Due Diligence Book/Records කියලා එකක් සෑම වැඩකටම පාවිච්චි කරනවා, මේ නීති නිසාම.

    ඔය පේස්ට්‍රි ශොප්ස්වල තියෙන චෙක් කිරිලි ලියන්න ගියොත්, කොහොමත් පිස්සු මට පිස්සු ඩබල් වෙනවා.

    • මචං කවදා හෝ මේ තරමට හෝ එන්න ලෝකයේ සියලුම රටවල් වලට හැකි වේවායි පතමු. ඒ වගේම දැනට තියන පරතරය තවත් වැඩි නොවේවායි පතමු!

  5. “දැනට වසර තුනකට පමණ පෙර මා ගෝනෙක් මරාගෙන”
    ඔස්ට්‍රේලියාවෙ? එල්ක්, සාම්බර්, මූස් එකෙක්වත් එහෙ නෑහෑනෙ

    • මුව (කෙහෙල් නොවේ) ෆාර්ම් ගැන අහල නැත්ද ප්‍රා?

      • ඒ ෆාම් වල කොහොමද වෑඩ කෙරන්නෙ? තෝරල මරා දෙන්න කියනවද? මම හිතුවෙ කඩවලට සප්ලයි කරනව විතරයි කියල

        • විහිළු ප්‍රා! ඒවත් ඔය සමහර කඩවල තියනවා. ඔය සටහනේ තියෙන්නේ බොරුවක්. මා ඉල්ලලා මරා ගන්නේ නැහැ. කඩෙන් මස් ගන්නවා විතරයි.අපේ වැඩ කරන තැන ඉන්නවා බැටළුවන් ඇතිකරන සමහර කට්ටිය. ඔවුනුත් කරන්නේ වෘත්තීය මරණ කෙනෙකු ලවා මරවා ගැනීමයි. ඔය ගම් වල නම් මිනිසුන් තමන්ම මරාගෙන කනවා කියා අහල තියනවා වුනත්, ඒවා ඇසින් දැක නැහැ

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s