කිකිළි බිත්තරය ගැන තවත් කතාවක්! (South African) general election, 2014


අද උදේම වැඩ කරන තැනදී හම්බ වුනේ දකුණු අප්‍රිකානු කාරයා. මිනිහත් හැමදාම ටිකක් පරක්කු වෙලා එන පොර. රේඩියෝවේ උදේ ගියා දකුණු අප්‍රිකානු මැතිවරණය හා එම රටේ ආර්ථික හා සමාජයීය තත්වය ගැන වාර්තාවක්. ඒ මතකයත් එක්ක හිටිය මං, විහිළුවට පොරගෙන් ඇහුවේ මොකද උඹ චන්දෙ දාන්න ගියේ නැත්ද කියල.

පොර ඒ කතාව සිරාවට ගත්තා. වැඩ නිසා යන්න වෙලාවක් නැතිවුනා කියල පොර කියුවා. ඇත්තටම පොර චන්දෙ දාන්න (එම්බසියට) ගිහින් නැහැ.

පොර කියපු කතාව දවසේ සිසිල් කතාව ලෙස මා ලියන්න තීරණය කෙරුවේ, ඔය හීනටි කතා වලින් ටිකක් විවේක ගන්න. මා ඇහුවහම මෙච්චර රැකියා විරහිතකම්, අපරාධ හා රාජ්‍ය දේපොළ කොල්ල කෑම ඉහල ගිහින් තියෙද්දිත් ANC මෙච්චර වැඩි චන්ද ගානකින් දිනන්නේ ඇයි කියල පොර දුන්න උත්තරේ තමයි මේක.

උඹ කියන්නේ කාටද මං චන්දෙ දෙන්නේ? මා දුන්නත් දෙන්නේ ඔය ANC එකට තමා. උඹ දන්නවද ඔය ඩිමොක්‍රටික් ඇලයන්ස් කියන්නේ මොක්කු වත් නොවේ “a bunch of disgruntled white people” ලා ටිකක් විතරයි. රටක රජයක් පිහිටුවන්න නම්, රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මේ කට්ටිය දඟලන්නේ ඉස්සර එයාලට තිබුන වරප්‍රසාද නැතිවුන ගැන එක මිසක්, රටේ ඉන්න කළු මිනිසුන්ට පිළිගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න නොවේ. කළු මිනිසුන්ගේ චන්ද ගන්නේ නැතුව මොන ආණ්ඩුද? ඉතින් කිසිදා ආණ්ඩුවක් පිහිටුවන්න බැරි ඔය විපක්ෂයට දෙනවාට වඩා, ගොඩක් මිනිසුන් කරන්නේ මා වගේම ANC එකට චන්දෙ දාන එක කියල.

මිනිහා සුද්දෙක්.

Advertisements

9 Comments

Filed under Opinion, Politics

9 responses to “කිකිළි බිත්තරය ගැන තවත් කතාවක්! (South African) general election, 2014

  1. පට්ට සුද්දෙක් නේ…

    • අර රේඩියෝවේ “දේශපාලන විශ්ලේෂකයාගේ” දේශනාව අහල හිටිය මාව එක පාරටම හොල්මන් වෙලා ගියා මාතලන්.

  2. ඒ… බලන් යනකොට දකුණු අප්‍රිකාවෙයි මෙහෙයි වෙනසක් නෑනෙ.ඈ….

    • මගේ නම, ඔබගේ මතකයට ආවේ කාවද? ඔය කලින් සතොස කාපු, දැන් කන්න නැති නිසා “කලුකෝට් දාගෙන ඉන්න disgruntled” අයව ඔබටත් මතකයට නැගුනාද?

      • මට සෙට් එකක්ම මතකයට ආවා,එක්කෝ මෙතන දාන්න ඕන නෑ,ඒක අපි බලන අයටම මවා ගන්න දෙමු.අර සින්දුවලට රූප දානවා වගේ නැතුව.

  3. ඩිමොක්‍රටික් අලයන්ස් වගේ කූල් නමක් තියන අනික සුද්දන්ගෙ පක්ෂෙකට ඔහොම අපහාස කරන්න ෂුවර් එකට ඔය සුද්දා ලිං මැඩියෙක් වගේ, පටු විදියට හිතන, ගෝත්‍රවාදී, ජාත්‍යන්තරේ ගැන වැටහීමක් නැති එකෙක් වෙන්න ඇති.

    • මූ නිකම් මැඩියෙක් නොවේ ඇනෝ, හෙන උස එකෙක්. ලිඳකට දැම්මත් බෙල්ලෙන් උඩ කොටස දැක ගන්න පුළුවන්!

  4. මචන් මේDA එකේ ලීඩර් ඉන්න සුදු ගෑණු කෙනා ගැන හෙණ වර්ණනාවක් කර මගේ SA යාළුවා. යාළුවා සුදුයි. මේ ලීඩර් ගෑණුකෙනා ඒ කාලේ ස්ටීව් බිකෝගේ මරණයේ ඇත්ත හෙලිදරව් කරන්න ජර්නලිස්ට් කෙනෙක් හැටියට ලොකු සේවයක් කරාලු. බොහෝවිට කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන හඬ නැගූ අයෙක්ලු.

    • මූ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස DA එක ගැන මචං. ඔය යුඑන්පී එක වගේම තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s