ගජ මිතුරු කතාවක්! The Marlboro Man and High and Low Courts!


 

plainpack

 

කාලයක් තිස්සේ පුතා හදල දෙන්න කියා ඉල්ලපු පොඩි “arena” එකක් අද හදල දුන්න. ගිය ඉරිදා බඩු ටික සේරම එකතු කලත් පොඩි පරහක් හිටියා. එළියේ තද සිතල වුනත් පොඩ්ඩත් වැඩේට උදවු කරන්න ආවේ, ඉරිදා පැත්ත පළාතේ නාව එක ගැන මා දොස් කියපු නිසා. මේවා පොඩි කාලේ ඉඳන් බලල වත් නොතිබුනොත්, ලොකු වෙලා නම් ඉගෙන ගන්නේ නැහැ.

වෙළඳ ලෝකය ප්‍රවර්ධනය කරන භාණ්ඩ පසුපස හඹා යන ලෝකයක් කියුවට, අප දන්නා මිනිසුන් එහෙම හඹා යන පිරිසක් නොවේ. හැබැයි එක දෙයක් තියනවා, එනම් මෙයාල සමාජයේ සාමාන්‍ය නියැදියක් කියා ගන්න බැහැ. මා නම් අවශ්‍ය නොමැති කිසි දෙයක් ගන්නේ නැතුව විතරක් නොවේ, අනවශ්‍ය යයි සිතෙන දේවල් තියා ගන්නෙත් නැහැ.

හැම පාරිභෝගිකයෙක්ම එහෙම නැහැ. මෙය වෙළඳ ලෝකයක් තමා. මාත් මොකක් හෝ නිෂ්පාදනයක් කලොත්, විකුණා ගන්න දහන්ගැටයක් නොගහවිය කියා පොරොන්දු වෙන්න මට බැහැ. අද තියන වෙළඳ ප්‍රචාරණ නිලජ්ජිත ඒවා කියලත් කියන්න පුළුවන්. හැබැයි, දන්නා මිනිහා කොකා ඉගිලෙන්නත් කලින් දන්නවා. අන්න ඒක තමයි අප ඉහල නං වන්න ඕනේ. ඒ කියන්නේ දැනුවත් භාවය.

සෞඛ්‍ය සේවය මූලික වශයෙන් මහජන මුදලින් සපයන විට, එය තිරසාර ලෙස පරිපාලනය කිරීමේ වග කීමත් රජයට පැවරෙනවා. වැළැක්වීම ප්‍රතිකාර කිරීමට වඩා හොඳය කියලත් කියමනක් තියනවානේ. ඕස්ට්‍රේලියානු ඉහල උසාවියේ එක තින්දුවක (ඇමුණුම කියවන්න) මූලික හරය වුනේ, මහජන සෞඛ්‍යයට බලපාන දෙයකදී, වෙළඳ ලාංචන කියන දෙය දෙවනියට යනවා කියන එක.

මා කෘෂිකර්මයේ රසායන හා පොහොර භාවිතය ගැන ලියපු සටහන් පෙලේ එක ප්‍රතිචාරයක් තමා මේ බහුජාතික සමාගම් අපේ රටවල් වනසන්න යටි උගුල් අදින්න, වගාව නැති කරන්න කටයුතු කරනවායි කියන එක. වගාව කියන දේ සම්පුර්ණයෙන් නැතිවී ගියොත් මේ අයියලට කෘෂි රසායන විකුනන්න වෙන්නේ නැහැ. එහෙම නොවේ මේ වෙළඳාම් කරන්නේ. මොන්සන්ටෝ හා බේයර් ක්‍රොප් සයන්ස් වගේ සමාගම් කෘෂිකර්මයේ උන්නතියට සෑහෙන දායකත්වයක් සපයා තියනවා. ඒ වගේම අදත් මේ සමාගම් පර්යේෂණ වලට විශාල මුදලක් යොදනවා. ඒවායේ අන්තිම බලාපොරොත්තුව වගාව නසන එක නොවේ. වැඩිපුර එයාලගේ නිෂ්පාදන අලෙවිය.

මා කලින් DCD ප්‍රශ්නයේදී ලියා ඇති. මේ සමාගම් වල මවු රටවල් වල ක්‍රිමිනල් ඝනයේ යයි සැලකිය හැකි දේවල්, ඔය පොඩි රටවල කරනවා නම් කරන්නේ ඒ රටවල් වල ආණ්ඩුත් සමග සහයෝගයෙන්. ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේදී කිරි වලට ඩිසිදී එකතු කළා යයි කියන කතාව පිළිගන්න බැරි යයි මා කියුවේ හේතු ඇතිව. මේ ප්‍රශ්නය ආපු හැටියේම DCD විකුනපු සමාගම්ම ඒවා වෙළඳ පොලින් ඉවත් කර ගත්තේ, කිරි නොවිකුනොත් එයාලත් ඉඳල ඉවරයි නිසා.

මගේ අන්තිම සටහනට අරූ දමපු ප්‍රතිචාරයේ තියෙන්නේ, එංගලන්තයේ තියන නීති. මේවා දවසින් දෙකෙන් පහල වුන ඒවා නොවේ. මා එයට ලියුවේ මේ පරතරය වැඩි නොවේවා කියල. හැබැයි එහෙම දෙයක් නොවේ වෙන්නේ. මේ පරතරය තවත් වැඩි වෙනවා. සාමාන්‍ය ජනයා පවා, මේ සමාගම් වලට බනිමින්, හුරේ කියා ගජ මිතුරු පාලන ක්‍රම වලින් නවතින්නේ නැතුව, පවුල් පාලනයන් දක්වාම ඇදගෙන යන්නට චන්දය දෙනවා.

The High Court and the Marlboro Man: the plain packaging decision

ප ලි

නාථ කෝ ඕතර් කෙනක් ලෙස ලියපු “පර්යේෂණ” ලිපියක් (ඇත්තටම නාථ ලියුවේ නැතිය කියා එම ලිපියේම තියනවා, එයා තමයි අදහස දීලා තියෙන්නේ) නිසා හදිසියේ තහනම් කරපු ග්ලය්පොසෙට් සර්ව වල් නාශකය යලින් ලංකාවේ පාවිච්චි කරන්නට ඉඩ දීලා . අර නින්දෙන් ඇහැරුනා වගේ කිසි පදනමක් නැතුව මෙවැනි තහනම් නියෝග දුන්නත්, මේ අයියලා හා මේ සමාගම් අතර තියන ගජමිතුරු සම්බන්ධතාවය, සමහර උසාවි තීන්දු වලට බල නොපානවා යයි ඔබට සිතෙනවාද?

Ban on glyphosate lifted

 

Advertisements

9 Comments

Filed under Opinion

9 responses to “ගජ මිතුරු කතාවක්! The Marlboro Man and High and Low Courts!

  1. Pingback: ගජ මිතුරු කතාවක්! The Marlboro Man and High and Low Courts! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. හැමදෙයක්ම එකිනෙක බැඳිලා තිබෙන්නෙ. අපේ අය දැනුවත් වෙන්න ඕනි දැනුමෙන් සන්නද්ධ වෙන්න කැමැති වෙන්න ඕනි. එහෙම නැතුව ආන්ඩුවට විතරක් බැනලා බැනලා ආන්ඩු මාරු කරලා හැම දේම වෙනස් කරාන්ඩ බැහැ නෙව.

    • ඔව් අමිල, ආණ්ඩු මාරු කරන්න විතරක් නොවේ, ඉල්ලන පිරිසෙන් සාපේක්ෂව හෝ හොඳ යයි සැලකෙන පිරිස තෝරා ගැනීම සඳහාත් අපේ අය දැනුවත් වෙන්න ඕනි.හැමදෙයක්ම එකිනෙක බැඳිලා තිබෙන්නෙ.

  3. >>මා නම් අවශ්‍ය නොමැති කිසි දෙයක් ගන්නේ නැතුව විතරක් නොවේ, අනවශ්‍ය යයි සිතෙන දේවල් තියා ගන්නෙත් නැහැ.<<
    අවශ්‍ය යයි කියලා හිතිලා ගත්ත, නමුත් ගත්තට පස්සෙ එහෙම නෑ කියලා හිතිච්ච දේවල් නැද්ද උඹේ ජීවිතේ?

    • ඒක තමයි මචං අනෙක් පැත්තට මෙහෙම කියුවේ.”අනවශ්‍ය යයි සිතෙන දේවල් තියා ගන්නෙත් නැහැ”. වැඩියම අපේ නිවාස කුඩා නිසා මේ වගේ දේවල් තියා ගත්තොත් අපට ඉන්න වෙන්නේ එළියේ. හැබැයි මචං මේක පුරුද්දකට ආවේ රුසියාවේ කාමරේක ජීවත්වුණ අවුරුදු ගණනාව නිසා.

  4. රයිගම්…..මම උඹේ මේ ලිපිපෙල ගැන ලංකාවේ රේගුවේ වැඩකරන ඉහළ නිලධාරියෙක් (මිතුරෙක් )එක්ක කතාකලා. (මොහු ඉතාමත් අවංක මිනිහෙක්. ඔවුන්ගේ ජීවිත අනතුරක තියෙන බව කීවා යම් යම් කේසස් නිසා. ඒවා කියන්න බැහැ ) මේ පොහොර සමාගම් සහ ඒ අයුතු ගණුදෙණු ඔවුන් දන්නවා. මේවා අති පිලිකුල්. කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවෙන් මේ පරීක්ෂනවලට උදැල්ල දානවාලු.

    මම එයාට කිව්වා මේ ලිපිපෙල අර මගේ යාළු කෘෂිකර්ම ඩිරෙක්ටර්ට යොමු කරන්නද කියා. හිනාවෙලා කිව්වා කෝල් එකට වියදම් කරන සල්ලිත් අපරාදේ කියලා. අපි තුන්දෙනාම පාසැල් මිතුරෝ. අර කෘෂි යාළුවා ගැන හොඳට දන්නවා. ඒ මිනිස්සුන්ට මේවා වැඩක් නැහැ.

    • මං කලින්ම කියුවේ සාමාන්‍ය ජනතාව නොදන්නා මේ කරුණු, කෘෂිකර්ම නිලධාරින් දන්නවා මචං. අර අමිල කියන්න වගේ මේ සේරම එකට බැඳිලා තියෙන්නේ. මා නලින්ටත් කියුවේ මේකයි. මේවා කවදා හෝ මේ හොර ගුහාවෙන් මිදුන දවසට හිතන්න ඕනේ දේවල්. අඩුගානේ එවිටවත් සිතන්නට හා එවැනි තැනකට යන්නට මේ වගේ කරුණු දන ගැනීම අවශ්‍යයි. නැත්නම් මේ සේරම වරද මේ සමාගම් මත දමලා මෝඩ ආතල් එකේ ඉන්න පුළුවන්. මේ සියලු සමාගම් කරන්නේ දේසේ හැටියට බාසේ කියන පිරුල අනුගමනය කිරීම පමණයි. නැත්නම් ඔවුන්ටත් පැවැත්මක් නැහැ බං.