An uncommon candidate as a common candidate; Slacktivism, activism and idiotism!


තමන් හිතල ලියනවා යයි කියන, නමුත් කිසිම තේරුමක් හෝ අදහසක් ගන්න බැරි ලියවිලි ගැන මා කලින් සටහනක සඳහන් කෙරුවා. වගේම, සමහර පරිවර්තන නම් මාර අංජබජල්. ඒ වගේම තමා ඔලුවේ මනස්ගාත තියාගෙන කරන පරිවර්තන. අද මට ඊ මේලයකින්  ආව පරිවර්තනයද මෙවැනි මනස්ගාත මගින් මුල් ලියවිල්ල විකුර්තියට ලක් කරපු එකක්. ඒ වගේ දේවල් ඇතුලත් කලාට කමක් නැහැ. හැබැයි අර මුල් කරුණු වලට ගාව නොගෙන. මේ වගේ දේවල් වලින් මනස්ගාත වලට නැති වටිනාකමක් ගන්නවා. මොකද කට්ටිය හිතන්නේ, අර වෘත්තීය ආයතනයක් විසින් පළ කරපු සටහනේ තියෙන්නේ මේ කරුනුමයි කියා.

මේ වචනය, Slacktivism ඔබ අහල තියනවද? “හාන්සිපුටු -ක්‍රියාකාරකම්වාදය” බව කියලත් අංජබජල් විදිහට කියන්න පුළුවන්. සමහරවිට මෝඩ ආතල් ගැනීමට අමතරව මේ බ්ලොග්, ෆේස් බුක්, ට්විටර් වගේ දේවල් වලින් කරන දෙයත් ඔය Slacktivism ඝනයට තමා වැටෙන්නේ.

මේවා එන්න කලිනුත් ඔය හාන්සිපුටු ක්‍රියාකාරීකම්  තිබුනා. ඒ කියන්නේ සෘජුව දායක නොවේ, ඒ කියන්නේ “ඇක්ටිව්ලි පාර්ටිසිපෙට්” නොවී, යමකට දායකත්වය දීම. මරණාධාර සමිතියේ සාමාජිකයෙක් වීම උදාහරණයක්. සාමාජික මුදල නැතුව සමිතිය දුවන්න බැහැ. හැබැයි සාමාජික මුදල දෙන හින්දාම නොවේ මේ සමිති දුවන්නේ. එහි ක්‍රියාකාරී වැඩ කොටස කරන දෙතුන් දෙනා නැතුව මේ සමිති වලට පැවැත්මක් නැහැ. හැබැයි අර සාමාජික මුදල් නැතුව, ඔවුන්ගේ වැඩ කොටස ඉටු කරන්නත් බැහැ.

කෙනෙක් අත්දැකීම් ඇසුරෙන් ජීවිතය ගැන කියන එකත් හාන්සිපුටු -ක්‍රියාකාරකම්වාදය අයිතියි. එයින් තව කෙනෙකුට හිතන්න ඉඩ ලබා දෙනවා. හැබැයි තමන් වත් කියන දේ නොකරනවා නම් එය නිකම් ලියවිල්ලක් විතරයි. එහෙම දේවල් ප්‍රේරණය කරන්න අමාරුයි. අපේ පුතාලට පිහිනුම් උගන්වන පුහුණුකරු ඉන්නේ ගොඩ. හැබැයි එයා පිහිනුම් දන්නවා. ගොඩ ඉඳන් පිහිනුම් උගන්වන්න බැහැ කියන්නේ බොරුවක්. අන්න ඒ වගේ.

හැබැයි ඉතිං ස්ලැක්ටිවිස්ම් මගින් ඔය ඇක්ටිවිස්ම් කියන දෙය සම්පුර්ණයෙන් විස්තාපනය නම් කරන්න හැකියාවක් නැතිය කියලයි මා හිතන්නේ

EgyptE

 

 

ඊජිප්තුවේ පසුගිය ජනාධිපතිවරණය හා ඉන්පසුව සිදුවුණ දේවල් පෙන්නුම් කරන කැටපතක් වගේ තමා විකිපීඩියා පිටුවකින් උපුටා ගත ඉහත වගුව. ඊජිප්තුවේ වසර හතලිහක පමණ දිගු ඒකාධිපති පාලනය නිමා වීම එක අතෙකින් හරිම යුනික් කියන්නත් පුළුවන්. එහි පෙරමුණ ගත්තේ හාන්සිපුටු ක්‍රියාකාරීන් නොවේ. ඔවුන් පාරට බැහැපු අය. ඒ වගේම ඒ අරගලය ඒ අවට අනෙක් රටවල් වල වගේ ආයුධ සන්නද්ධ එකක් දක්වා වර්ධනය නොවී, ගොඩින් බේරා ගැනීමට හේතු වුනේ ඇයිද කියන එකත් අප‍ට රහසක් නොවේනේ.

දැන් අවුරුදු හතළිහකට පමණ පසුව ලැබුන ඓතිහාසික අවස්තාව, එහි සිටිය ක්‍රියාකාරීන් ප්‍රයෝජනයට ගත්තු අයුරු තමා ඉහත වගුව පෙන්වන්නේ. ඊජිප්තුවේ මුබාරක් පාලනය අප දන්නා දේශපාලන පක්ෂ වලට සංවිධානය වන්නට ඉඩ දුන්නේ නැහැ. ඉස්ලාම් සහෝදරයන් දේශපාලන පක්ෂයකට වඩා ආගමික ව්‍යාපාරයක්. අඩුම ගානේ, ඒ වගේ ව්‍යාපාරයක් රටේ බලය ගැනීම කොයි වගේ පාලනයකට මග පාදාවිද කියන පටු කරුණ යටතේ වත් අනෙක් සියලුම “බලවේග” වලට එකතු වන්න තරම් හේතුවක් වුනේ නැති එක සරදමක් නොවේද?

රටේ දීර්ඝ ඒකාධිපති පාලනයකට පසුව පළමුවෙන්ම කරගන්න තිබුනේ, පොදු නායකත්වයක් තෝරාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් හදා ගැනීම කියා අර සහෝදරයන් හැරුනුකොට ඉල්ලපු මුල් හතරදෙනා එකඟ වුනා නම්, මේ තරඟය පළමු වටයෙන්ම උඩින්ම දිනන්න තිබුනා. ඒ වගේම එතැනදී අර පාරට ආපු ඒකීය පුද්ගලයන් කියන විසිරි ගිය පිරිසට කිසිම බලපෑමක් ඇති කරන්න හැකියාවක් තිබුනේ නැති වගත් අපට පෙනෙනවා. බිත්තරයකින් කුකුළු පැටවෙක් ලබා ගන්න පුළුවන්. හැබැයි බිත්තරේ ගන්න (සන්සේෂිත නොවුන හෝ) කිකිලියෙක් ඕනේ.

ඒ වගේම තමා ඕනෙම රටක ඔය සාමාන්‍ය ජනයා රාජ්‍ය පාලනයට දායකත්වය, එනම් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන ඇල්මැරුණ ස්වභාවය ඉහත වගුව අපට පෙන්නා දෙනවා. අවුරුදු හතළිහකට පසුව, තමන්ගේ නායකයා පත්කර ගන්න ලැබුන ස්වර්ණමය අවස්ථාවට සහභාගී වී තියෙන්නේ ඒ සඳහා සුදුසු කම් ලැබුවන්ගෙන් 50% කට අඩු ගාණක්. අන්තිම ප්‍රතිඵලයේදී රාජ්‍ය නායකයා පත්වී තියෙන්නේ 25% ක වගේ පිරිසකගේ කැමැත්තට (51% න් 51% ක්).

 

Advertisements

4 Comments

Filed under Opinion, Politics, Social

4 responses to “An uncommon candidate as a common candidate; Slacktivism, activism and idiotism!

  1. Pingback: An uncommon candidate as a common candidate; Slacktivism, activism and idiotism! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //අවුරුදු හතළිහකට පසුව, තමන්ගේ නායකයා පත්කර ගන්න ලැබුන ස්වර්ණමය අවස්ථාවට සහභාගී වී තියෙන්නේ ඒ සඳහා සුදුසු කම් ලැබුවන්ගෙන් 50% කට අඩු ගාණක්.//

    අර ෆිල්ම් එකක තියෙන්නේ දීර්ඝ කාලයක් හිරේ ඉඳලා නිදහස් වෙලා ගිය මනුස්සයෙක් එලියෙ රස්සාවක් කරද්දී ටොයිලට් යන්න කලින් හැමවෙලාවෙම තමන්ගේ බොස්ගෙන් අහලා තමයි යන්නේ… මේකට බොස්ට කේන්ති ගියපාර කියනවා මනුස්සයෝ මගෙන් අහන්න එපා චූබරනම් ටොයිලට් යනවා කියලා… ඒ මනුස්සයා කියනවා බොස් මම අවුරුදු 25ක් තිස්සේ අවසර නොගෙන එක චූබින්දුවක් එලියට හලලා නෑ කියලා…

    ඒ වගේ අවුරුදු 40ක් හොර චන්දම දැකපු මිනිස්සුන්ට හරියට චන්දයක් තියෙනවා කියලා එකපාර විශ්වාසකරන්න අමාරුවෙන්න ඇති… වෙඩි කන්න වෙයි කියලා වෙනදා පුරුද්දටම ගෙදර ඉන්න ඇති… 😀

    • Shawshank Redemption 🙂

    • ඔව් බිට්ල් එක කරුණක් වෙන්න පුළුවන් ඔබ කියන දෙය. අනික තමා මේ ප්‍රජාතන්ත්‍රවාදය දීර්ඝ කාලයක් ස්ථාපිත රටවලත් සමහර විට ඇල්මැරුණ ගතිය තියන සමාජ ප්‍රතිශතයක් ඉන්නවා. කොයිකා ආවත් එකයි. අපට වැඩක් නැහැ කියන. හැබැයි ගොඩක් වෙලාවට මෙයාලම තමයි, රස්සා නැහැ, බඩු මිල වැඩියි, බේත් ගන්න තැනක් නැහැ කියමින් විලාපත් ගහන්නේ.

      මේ කතාව සම්පුර්ණ වෙනවා ඉහත ලයිස්තුවේ කෙනෙකුගේ අඩුව තිබුනේ නැත්නම්. ඒ කවුද දන්නවද? මුබාරක්. ඔය පළමු වටයේ එයා හිටිය නම්, වැඩිම චන්ද ප්‍රතිශතය ගන්නේ එයා වෙන්න හොඳටම ඉඩ තිබුනා. එහෙම චන්දෙ දෙන සේරම එම පාලනයේ කටු කන්න හම්බ වුන කට්ටියම නොවේ. එම පාලනයෙන් පිඩා විඳපු සාමාන්‍ය ජනතාවගෙන් යම් ප්‍රතිශතයකුත් මුබාරක්ට චන්දය දෙන්න ඉඩ තියනවා. ඔබ අහල ඇතිනේ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය( http://en.wikipedia.org/wiki/Stockholm_syndrome) කියන එක. ගොඩක් රටවල ඒ සින්ඩ්‍රෝමය තියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s