පින්තූර හා කතන්දර! myreadonlymemories!


මා කලෙක පටන් සිතාගෙන සිටියා, එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථාවල ගත්තු පින්තූර කුඩා අවකාශයක හෝ බෙදා ගන්න. කලකට ඉහත ෆ්ලිකර් ගිණුමක් ආරම්භ කළත්, එය යාවත්කාලින කරන්නට වෙලාවක් නැතුව ගියා. ඒ වෙනුවට මෙවැනිම බ්ලොගයක එම චායාරූප පළ කිරීම ලෙහෙසි යයි මට සිතුනා.

පින්තූර ඇඳීමත් අපගේ ආදී වාසීන් විසින්, විවේක අවස්ථාවලදී කරපු කටයුතු වලින් මුල්ම දෙයක්. ඉස්සර මුළු දිවියම ගත කරන්න වුනේ, කෑම සොයා ගන්න. ගොවිතැන හා මෙවලම් තනා ගැනීම නිසා ජීවිතය පහසු වෙන්න ගත්තා. එහිදී තමයි ඔය කියන විවේක කාලය අපට ලැබුනේ. අද කියවෙන කරුණක් තමා, මිනිසුන්ගේ ජීවිතය සංකීර්ණ වෙලා, වෙලාවක් නැහැ ආදී වශයෙන්. අනික් අතට, ලෝකෙට පේන්න විනෝද ක්‍රියා වල යෙදෙනවා කියලත් තව පිරිසක් කියනවා.

ඒ දෙකම ඇත්ත වෙන්න පුළුවන්. නමුත් විවේක කාලය කියන දෙයක් අපට ලැබුනේ, අපේ ජිවිතයේ සිදුවුණ වෙනස්කම නිසාමයි. එම විවේක කාලයේ විනෝද ක්‍රියා වල යෙදුනේ නැත්නම්, මොකටද විවේක කාලයක්.

වැඩේ තියෙන්නේ බොහෝ දෙනාගේ ජිවිත තවමත් අර මිනිසා සතුන් පසුපස දුවල ගිහින් දඩයම් කරපු කාලයේ වගේමයි. දවස පුරාම, සතිය පුරාම, අවුරුද්ද පුරාම ජීවන අරගලයේ පමණක් නොවේ, තමන් විසින් නිපදවා ගත්තු පෞද්ගලික ප්‍රශ්න වලද කර වටක් ගිලිලා.

මෙයින් අර මහා සමාජය විසින් අපට උරුම කරන ප්‍රශ්න වලට, වෙන් වෙන්ව විසදුම් සොයා ගන්න බැරි වුනත්, අප විසින්ම නිපදවා ගන්නා පෞද්ගලික ප්‍රශ්න නම්, නැවත සිතීම මගින් විසඳුම් සොයා ගන්න උත්සහ කරන්න හෝ පුළුවන්.

myreadonlymemories!

Advertisements

2 Comments

Filed under Lifestyle, Opinion

2 responses to “පින්තූර හා කතන්දර! myreadonlymemories!

  1. maheshrathnayaka

    හ්ම් අපිත් ගියා ඔන්න වැරදි අඩුපාඩුත් තිබ්බ තව කල් යද්දි ඕව හරියයි..
    ජයවේවා

    • ඔව් මහේෂ් මා දුටුවා. මෙය ලියල වෙලාවක් ලැබුනොත් තමා එය නඩත්තු කරනු ඇත්තේ. ඒ නිසා වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. බ්ලොගර් කියන ප්ලැට්ෆෝම් එකම මට අලුත්. ඔබට ස්තුතියි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s