තම්පලා කන චීනාට කියා දුන්න “my snake gourd recipe”!


මගේ වැඩිපුර සටහන් කුඩා කාලයකින්, වචන වලට හරවපු මගේ ක්ෂණික සිතිවිලියි. මේවා ගැනත් ඔබට වෙනස් අදහස් තිබෙන්න පුළුවන් කමත්, එකඟ වෙන්නට හෝ නොවෙන්නට හැකි වගත් මා අමතක කරන්නේ නැහැ.

කලින් සටහනක අපේ ප්‍රොෆයිල් ඇනෝ මිත්‍රයා යෝජනා කරලා තිබුනේ, මට අයිති සම්පත් සීමිත නම්, වඩා හොඳ “මේ දේවල්” සිංහලට සීමා කරන එක කියා. එය නරක අදහසකින් නොවේ කියා තිබුනේ. එතැනදී ඔහු “සම්පත්” ලෙස අර්ථ දැක්වූයේ මට සිතෙන අන්දමට මගේ දැනුමේ වපසරිය, මට ලඟා වෙන්න පුළුවන් පොත් පත් හා සඟරා, මට වැය කරන්න පුළුවන් කාලය යනාදී කරුණු ගොන්නකට වෙන්න පුළුවන්.

මගේ මාතෘකා වලින්ම මේ සටහන් වල තියන සරල බව තේරුම් ගන්න පුළුවන් යයි මා උපකල්පනය කරන දෙයක්. මේ ලිවීම් වල මුලික අර්ථයත් එයයි. එනම් සාමාන්‍ය මිනිසෙකුගේ සිතිවිලි, ජිවන විලාසිතාවේ සමහර තේරීම් ඇසුරින් ඉදිරිපත් කිරීමයි. හැබැයි ඉතිං සිංහලයෙන් ලිවිම දෙවන පන්තියට දැමිය යුතු හා සිංහලයෙන් ලියන්නා දෙවන පන්තියේ අයෙක්ද කියන දාර්ශනික ප්‍රශ්නය මගේ සිතට නැගුනා. මටත් සිතන්න අනුබල දෙන අදහස් වලට මා කවදත් කැමතියි.

මා සිංහලයෙන් “බ්ලොගයක්” ලියන්නෙත් විශේෂ හේතුවක් නිසා. මගේ බ්ලොගයෙන් ලෝකයේ සියලු දෙනාටම ආමන්ත්‍රණය කරන්නට මට වුවමනාවක් නැහැ. මුලින්ම අප තෝරා ගන්න ඕන ආමන්ත්‍රණය කරන්නට බලාපොරොත්තු වෙන පිරිස. එයිනුත් කි දෙනෙකුට ලඟා වෙන්න පුළුවන් වේද කියන එක ද්විතීය ප්‍රශ්නයක්.

ලෝක ජන ගහනයෙන් ඉතා සීමිත පිරිසක් කතා කරන හා තේරුම් ගන්න භාෂාවක් දැන සිටින එක එක අතෙකින් වරප්‍රසාදයක්. එම භාෂාව පමණක් දැන සිටීම අනික් අතින් විශාල කොටු වීමක්.

හැබැයි අද මගේ වැඩ කරන භාෂාව වන ඉංගිරිසියෙන් කියවීමට තිබෙන සියලු දේවල් සියල්ල හොඳ දේවල් ලෙසත් මා සලකන්නේ නැහැ. වෙන දේවල් ඕනේ නැහැ, මා සාමාන්‍යයෙන් ටික දුරක් ඉගෙන ගෙන තියන විශයයට අයත් “වල්පල්” යයි සැලකිය හැකි දේවල්, සමහර “වැදගත්” යයි කියන සඟරා වලම පළ වෙනවා.

අනික් කරුණ තමා ජිවිතයේ අපට ලඟා කරගත හැකි දැනුම කියන එකේ තියන සීමාව. විෂයයන් පවා අද කුඩා කොටස් වලට් කැඩිලා. මොකද ඒ තරමට කුඩා කොටසුත් විස්තීර්ණ වෙලා.

හැබැයි මා නිතරම ලියන දෙයක් මේ කිසිවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. දාර්ශනිකයන් ලෙස අප දේවත්වයෙන් සලකන පිරිසුත්, මහා දැනුම් සම්භාරයන් තියන අයත්, කියන සංකීර්ණ දේවල් හා කරන සරල දේවල් අතර මහා පරතරයක් තියනවා. මෙය අප වගේ සාමාන්‍ය මිනිසුන් අතරෙත් අඩු වැඩි වශයෙන් තියන දෙයක්.

මගේ කලින් සටහනක මේ ලිවීම් පතෝල හොදි වලට සමාන කරලා තිබීම ගැන මා ලියුවා. අද නම් පතෝල කරල් අපේ එළවලු කඩයෙන් ගන්න සෑහෙන මුදලක් ඕනේ වගේම, නිතරම ගන්න ඇත්තෙත් නැහැ.

මගේ ලිවීම් පතෝල වගේ සමාන කරන අනෙක් දෙනා කරන දෙයක් මා මේ අවුරුදු තුන ඇතුලත නිරීක්ෂණය කරලා තියනවා. එනම්, තමන් ලියුව දෙයකට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් යම් කෙනෙක් කියන විට, ස්තුතියි අදහසට කියා කටුව ඇතුලතට යනවා, නැත්නම් නොදැක්කා වගේ ඉන්නවා. ඒ වගේ හැසිරීමකට එක හේතුවක් හොඳටම පැහැදිලියි. හැබැයි එකම හේතුව එය නොවේ.

මා නම් එවැනි හැසිරීමකට වුවත් පතෝල හැසිරීමක් ලෙස කියන්නේ නැති වුවත් (මොකද පතෝල අප මිලදී ගන්න එළවළුවක්), ඇත්තටම “පතෝල ගතිය” එයම තමා. තමන් කියන දේ තව දුරටත් පැහැදිලි කරන්න හෝ එය වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම්, ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. ඒ වගේම මොන දාර්ශනික මතාන්තර අපට ඉදිරිපත් කලත්, ජිවිතයේ ඇත්ත භාවිතාව එය නොවේ නම් එයත් වැඩකට ඇති දෙයක් නොවේ.

මා මේ අදහස් කරන දෙය ඔය ආගම් දේශනා කරන පිරිස් වලටත්, සමාජ වාදයක් ගැන කියා දෙන්නට එන පිරිස් වලටත් බොහෝ විට තදින් ම අදාලයි.

ඔන්න පතෝල කතන්දරේට ආවොත්, ගිය සෙනසුරාද අපේ එළවලු කඩේ පතෝල විතරක් නොවේ, තම්පලාද තිබුනා. මා දෙවර්ගයම මිලදී ගත්තා. කවුන්ටරේ හාදයා පතෝල දැනගෙන හිටියේ නැහැ. පොරට ඒකට කියන නම විතරක් නොවේ, මට කලින් පෝලිමේ හිටිය චිනාට මගේ කුඩයේ පෙනෙන්නට තිබුන තම්පලා උයා ගන්නේ කොහොමද කියන එකත් මට පැහැදිලි කරලා දෙන්න වුනා. පොරත් තම්පලා අරන්. සුප් වලට දාන්න. මේ තම්පලා වලට ‘චීන නිවිති’ කියලත් ව්‍යවහාර වෙනවා. ඉතිං ඔවුනට තම්පලා අලුත් දෙයක් නොවේ.

ඒ මොක වුනත්, අප කන විදිහේ තුන් ආකාරයකට මේ තම්පලා උයා ගන්න හැටිත් මිනිහට මා කියා දුන්නා. මගේ විස්තරය කොතරම් මිනිහට අල්ලලා ගියාද කියනවා නම්, මා ගිහින් එන්නම්, කියලයි මිනිහා මගෙන් සමු ගත්තේ.

මා වෙන කෙනෙකුට කියා උයවා ගන්න එළවලු ගත්තා නම්, චිනගේ ප්‍රශ්නයේදී මා අමාරුවේ වැටෙනවා. බොරුවක් හදල කියන්න පුළුවන්කම තිබුනත්, අර තරම් සාර්ථක නොවෙන්නට ඉඩ තිබුනා. මේ කතාවත් මා ලියන සටහන් වලට ගාවා ගන්න පුළුවන්.

මා ජිවිතයේ කලින් විශ්වාස කරපු දේවල් විතරක් නොවේ, පෙනී සිටිය දේවල්ද ජිවත් වුන කාලය සමග වෙනස් වුනා. අතීතයේ කරපු සමහර දේවල් අද තියන අත්දැකීම් හා ඉගෙන ගැනීම් එදා තිබුනා නම් වෙනස්ව කරන්නට, වෙනස්ව මුහුණ දෙන්නට තිබුනා. මෙවැනි කල්පනා කෙනෙකුට අනන්‍ය වන්න පුළුවන්. ඒ වගේම එවැනි අදහස් අපට පොදු වන්නටත් පුළුවන්.

අද අපේ සිතුවිලි කියන්නේ අද ජිවත් වන කාලය සහ අවකාශය තුල සිතන අයුරු. එනම් ජිවත්ව සිටියොත් තව වසර ගණනාවකට පසුව, මේ ලියන දේවලුත් කොතරම් වෙනස් අයුරකින්, මාම නැවත කියවයිද කියන එක මටම දැන ගන්නට පුළුවන් වේවි.

Advertisements

36 Comments

Filed under Food, Lifestyle, Opinion

36 responses to “තම්පලා කන චීනාට කියා දුන්න “my snake gourd recipe”!

  1. හපොයි කෝ ඉතින් තම්පලා රෙසිපිය නෑනේ… 😀

  2. maheshrathnayaka

    හැක් චීනටත් තම්පල කන්න රෙසපිය දුන්න එහෙනං ඈ… ඒත් උන්නහේල වැඩිය මිරිස් කන අය නෙවී නේද… හූ කියයිද දන්නෑ

    තමන් ලියුව දෙයකට සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ අදහසක් යම් කෙනෙක් කියන විට, ස්තුතියි අදහසට කියා කටුව ඇතුලතට යනවා, නැත්නම් නොදැක්කා වගේ ඉන්නවා//
    ඔව් මේ වගේ අය ඉන්නව.. තමන්ගෙ අදහසට පහරක් වදිනකොට ඒකට විරුද්ධව තමන්නෙ මතය නොකිය ගොලුබෙල්ල කටුව ඇතුලට රිංගගත්තවගේ සේප් වෙන අය ඉන්නව.

    • අප දැන් පලා හදන හැටි වෙනස් මහේෂ්. ඉන්න මිරිස් ගැන මං ලියන්නම්.
      කටුව ඇතුලට යන අය නම්, අප හැමතැනම දකිනවනේ.

  3. //
    විෂයයන් පවා අද කුඩා කොටස් වලට් කැඩිලා. මොකද ඒ තරමට කුඩා කොටසුත් විස්තීර්ණ වෙලා.//
    Over-specialization නිසා විෂයන් පිලිබද දෑනුම ඉතා ගෑඹුරට දියුණුවෙලා තියන එක ඈත්ත.
    ඒත් ඒවගේ අයත් එක්ක කතා කරන එක සමහර වෙලාවට පුදුම කම්මෑලියි. එක දෙයක් විතරයි දන්නෙ සහ උනන්දු වෙන්නෙ.
    ඉස්සර කාලෙ වියතුන් පුදුම පරාසයක් අද්යනය කලා
    Check- Hugh Nevill, P E P Deraniyagala

    • දැනුත් ඉන්නවා ප්‍රා, වියතුන් කියන කට්ටිය. ලංකාවේ අධ්‍යාපනයට නම් මහා සංශෝධන එකතු වෙන්න ඕනේ.

  4. // හැබැයි ඉතිං සිංහලයෙන් ලිවිම දෙවන පන්තියට දැමිය යුතු හා සිංහලයෙන් ලියන්නා දෙවන පන්තියේ අයෙක්ද කියන දාර්ශනික ප්‍රශ්නය මගේ සිතට නැගුනා. //

    56 සම්බන්දයෙන් එහෙම රයිගම් ගේ අදහස් දන්නා නිසා රයිගම් මේ ප්‍රශ්නය වැරදි කොනෙන් අල්ලා ගන්නේ නෑ කියන එක නම් විශ්වාසයි. මම කියපු එක ගැන පොඩ්ඩක් කියනවා නම්, බත් ඇති තැනටම කොසුත් බෙදනවාට වඩා අලුත් රීඩර්ෂිප් එකකට මොකක් හරි මැටීරියල් එකක් කවර් කරන එක වටිනවා.

    කරුමෙ කියන්නෙ සිංහල රීඩර්ෂිප් එක යන්නෙ පිරිහීමෙන් පිරිහීමට. ලන්කාසීනිවුස් දිවයින වගේ පඩංගු වල තියන සමහර “නිවුස්” ඉංග්‍රීසියෙන් සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි උන් hoax එකක් හරි ජෝක් එකක් හරි සීරියස් අරන් ලියපුවා.

    // තමන් කියන දේ තව දුරටත් පැහැදිලි කරන්න හෝ එය වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම්, ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. ඒ වගේම මොන දාර්ශනික මතාන්තර අපට ඉදිරිපත් කලත්, ජිවිතයේ ඇත්ත භාවිතාව එය නොවේ නම් එයත් වැඩකට ඇති දෙයක් නොවේ. //

    මේකත් ඇත්ත. සමහර වෙලාවත නම් ජෙනුයින්ලි මොකුත් කියන්න අනවශ්‍යයි හෝ දිගට වාද කිරීම රවුමක යාමක් කියල හිතන නිසා වෙන්න පුලුවන්, නමුත් සමහරු නම් මේක කරන්නෙ නිවට විදියට. රූපවාහිනී වාද වලත් මම දැකල තියනව පොරවල් උන්ගෙ මතේ වැරදි කියල බිත්තියටම හේත්තු කරල කරුණු සහිතව පෙන්නුවට පස්සෙත් කියනව “හරි ඉතින් ඕක ඔබතුමාගෙ මතය, මේක මගේ මතය” කියල.

    නලින් ද සිල්වා වාද කරන විදියට මම කැමති නැති වුනත් පොර ඔය ගැන ඉන්ටරෙස්ටිං කතාවක් කිව්වා විදුසරේ ද කොහෙද. පෙරදිග සම්ප්‍රදායෙ වාද වල උත්සාහය උනේ ඇත්ත හෙවීම. ඉතින් වාදයක් බොහෝවිට ඉවර වෙන්නෙ, එක්කෙනෙක් අනික් එක්කෙනා කියන එක පිලි අරන් (දැන් බුදුන්ගෙ කාලෙ එහෙම කතා වල වෙන්නෙ එහෙම නෙ). බටහිර සංස්කෘතියෙදි ඕක ඩිප්ලොමැටික් වැඩක්. කන්ක්ලුෂන් එකකට ඇවිත් වාදයක් ඉවර වෙන්නෙ බොහොම කලාතුරකින්. බොහෝ විට වාදෙන් “පරදින” කෙනෙක් නෑ අදහස් හුවමාරුවක් මිස.

    • නලින් කියන්නේ වේස්ටඩ් ඔපචුනිටි එකක් කියලයි මා දකින්නේ ඇනෝ. නලින් සමග ප්‍රා කියන්න වගේ නාලකලා සසඳන්න බැහැ. නාලක සසඳන්න පුළුවන් එඩ්වින් ආරියදාස වගේ කෙනෙකු සමග. මාත් කොතරම් දොස් දැක්කත්, බුද්ධිමතෙකු වශයෙන් (අඩුම ගානේ ගණිතඥ්යෙකු හැටියට හෝ) නලින්ලා පඳුරක් ගානේ හොයා ගන්න බැහැ. එය මා මෙයට කලිනුත් ලියා තියන දෙයක්.

      ඉංගිරිසිය නොදැනීම හොඳ දෙයක් ලෙස මා කියන්නේ නැහැ. ඔබ සමග එකඟයි. අද මේ පත්තර වල ඉන්නේ එක භාෂාවක් හෝ යන්තමින් වත් තේරුම් ගන්න හැකි පිරිසක් නොවේ. ඔය ඉන්ටනෙට් කියවලා වසු පැටවූ වගේ ලියනවා. මොනවාද මේ තියෙන්නේ කියා හරි අවබෝධයක් නැහැ. දෙයියෝ සාක්කි වලට නම් හොඳා.

      වාද නම් එතරම් ඵලදායක දෙයක් නොවේ. මේවා අපේ අවබෝධය පළල් කරන්න ඇති කරන බලපෑම සීමිතයි. මේවා හොඳයි ප්‍රතිරූප වර්ධනය කර ගන්න. ඒ මගින් වෙනත් දේවල් කළ හැකි නම්, වාද කර ප්‍රතිරූප වර්ධනය කර ගැනීම හොඳයි. ඔය බණ කියුවට නලින් ඉන්නේ හැම විටම මල පන්නගෙන නේ. ව්‍යවහාරික බුද්ධිමතෙකු හැටියට මා දකින අසාර්තකත්වයත් එයයි. ඔහුගේ දේශනා අපට ක්‍රියාවෙන් දකින්නට නැති වග එවෙලේම පෙන්නුම් කරනවා.

      ශාස්ත්‍රීය පර්යේෂණ හා දර්ශනවාද කියන්නේ පොදු ජනයාට ගෝචර වන දේවල් නොවේ.

      • නලින් ගෙ එක අවුලක් තමයි ඔය මල පන්න ගැනිල්ල. තමන්ගෙ සෙල්ෆ් කන්ට්‍රෝල් නැති වෙන එකෙන් කෙලින්ම වාදෙන් බාගයක් අවුල් වෙනව කියන එකේ පොරට ගානක් නෑ. පොර හිතන් ඉන්නෙ පිලිගන්න උන් පිලිගත්තම ඇති කියල. “පිලිගන්න උන්” ගෙන් සමහරු එක්කො ගිරව් නැත්නම් අර රජ්ජුරුවන්ගෙ කඩුව ගත්තු වඳුර ගෙ ටයිප් ගෝලයො කියල පොරටම තේරෙන්නෙ නෑ.

        • නලින් හා ගුණදාස බාන ගැන ලිවිම මට හෝ ඔබට හෝ වෙනයම් කෙනෙකුට ඇති වැඩක් නැහැ. නලින්ලා අපේ හරක් පැටවූ ටිකට නගුලක් අල්ලලා දුන්න. මේ බාන කරපු දේ ඔය බොකෝ හරාම් වගේ තමා. කිසි අධ්‍යාපනයක් නැති පිරිසකට බටහිර අධ්‍යාපනය වැඩක් නැහැ, අපි තමයි එදත් කෙරුමෝ අදත් කෙරුමෝ කියන මෝඩ චුන් ගන්න මේ දෙන්න අවස්තාව උදා කළා.

          එකක් තමා නලින්ට වාද කරන්න (ශාස්ත්‍රීය කරුණු-ජනතාවට අදාළ නැති) කෙනෙක් නැතුව ගියා. ඔහුව අසාධාරණ ලෙස විශ්ව විද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීම එක හේතුවක්. අනෙක ඔහුගේ මල පැනීම. අනෙක් කරුණ තමා ඔහු ගනිතඥය වුනත්, සමහර විට ලෝකේ පෙන්නේ එක සීමාවකට යටත්ව. එය ඔවැනි සමහර ප්‍රාඥයන්ගේ හැටියක්. සමහර විට ඕටිස්ටික් ගතියක් වෙන්නත් පුළුවන්. කවුද දන්නේ ඇනෝ?

          • නලින්ගේ අන්තවාදය සමහර ( දෑන් බොහෝ ) අවස්තාවලදී ඔහුගේ බුද්ධිය ඉක්මවා යනවා.
            උදාහරණ – කාල නිර්ණයට C 14 වෙනුවට දේශීය ක්‍රමයක් ඕනෑ වගේ හාස්යජනක දේවල්

            • මොකක් හරි වෙන පරහකුත් (මොලේ කචල් ගතියක්) ඔතන තියෙන්න පුළුවන් ප්‍රා!

  5. // තමන් කියන දේ තව දුරටත් පැහැදිලි කරන්න හෝ එය වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම්, ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. //

    මේ සිද්ධියේදී මට පුද්ගලිකව ලොකු ගැටලුවක් තියෙනවා තවමත් විසඳගන්න බැරිවුන… ඒ තමයි මම කතා කරන්නේ “මට හිතෙන හැටි” ගැන… ඒත් ඒක නිවැරදිද මමවත් දන්නේ නෑ… නිවැරදිදැයි හරියට නොදන්නා දෙයක් ගැන පෙනී හිටින්නේ කොහොමද…? ඒ හින්දා බොහෝ කරුණු වලදී වාදයකට යන්න මම ගොඩක් පැකිලෙනවා… 2+2=5 කියලා ක්‍රම ගනනාවකින් ඔප්පු කරන්න පුළුවන් ලෝකයක් මේක… නමුත් මෙහෙම හිතෙන්නට පටන් අරන් ලොකු කාලයක් නැහැ… දළ වශයෙන් දැනට වසර දහයකට විතර කලින් මම හැමවිටම වාද කරන්න කැමතියි… ඒත් දැන් මම වඩා කැමති අහගෙන ඉන්න… හිතලා කල දෙයක් නෙමේ ඉබේම වුන දෙයක්…

    • තමන්ටම පැහැදිලි නැත්නම්, නිකම් හොට බිම ඇන ගන්න වාද කරනවට වඩා හොඳයි ඔබ ඔය කියන විදිහ. 🙂

      • පැහැදිලි නැතිකම නෙමේ… නිවැරදිදැයි නොදන්නා කම… 🙂 ඒ දෙක දෙකක් නෙමේද? anyway forget it… 🙂

        • කේන්ති ගියාද බිට්ල්? එය විහිළුවක්. හැබැයි ඔබ ඒ කියන දෙකම එකයි.

        • // පැහැදිලි නැතිකම නෙමේ… නිවැරදිදැයි නොදන්නා කම… 🙂 ඒ දෙක දෙකක් //

          බීට්ල් මම කියන්න යන්නෙ හැම තිස්සෙම තමන්ගෙ මතේ ඇදගෙන කොකු වලට යන්න ඕන කියන එක නෙවෙයි (එහෙම මිනිස්සු ඇත්තටම සෝෂලි හරි වාත). ඒත් තමන් හිතන දේ හරිද නැද්ද කියලා තමන්ටම ෂුවර් නැත්නම්, කතා නොකර ඉන්න ඔප්ෂන් එකට වඩා හොඳ නැද්ද ඒ මතේ කියල ඒකට එන උත්තර දැන ගන්න එක?

          ප්‍රශ්න අහනවා කියන්නෙයි වාද කරනවා කියන්නෙයි දෙකක් නේ.

          • @ඇනෝ

            ඔව්.. මේ ප්‍රශ්න අහලා ඒකට එන උත්තර දැන ගන්න එක මමත් එක පයින් අනුමත කරනවා… මම හැකි හැමවෙලාවෙම ප්‍රැක්ටිස් කරන්නෙත් ඒක…

            මට අවුල තියෙන්නේ තමන්ගේ මතය වෙනුවෙන් පෙනී හිටීම කියන කාරණයේදියි… දැන් රයිගම් ඇතුළුව අපි හැමෝම පිළිගන්නවා අපි විශ්වාසකරන සමහර දේ කාලයත් එක්ක වෙනස් වන්න පුළුවන් කියන එක… එහෙම වෙන්න පුළුවන් බව දැන දැනම “මතයක් වෙනුවෙන් පෙනීහිටීම” පුද්ගලිකව මට අවුලක් කියන එකයි මම කියන්න ට්‍රයි කලේ…

            මේක එච්චර දිගට යන්න දෙයකුත් නෙමේ වෙන්නත් ඇති… රයිගම්ගේ අර උඩ හයිලයිට් කල වාක්‍යය එක්ක මට දැනුන අපහසුවක් මම විස්තර කලා විතරයි… මොකද මමත් කාලයක් බ්ලොග් එකක් ලියනවා… ඒත් ඒකේ ලියන දේට මම පෙනීහිටිනවා කිව්වොත් මට ගිල්ටි ෆීලින් එකක් එනවා… “මේ මගේ මතය” කියනවට වැඩිය මට කම්ෆටබල් මේ “මට හිතෙන හැටි” කියද්දී… එතෙන්දී මේ කියන // තමන් කියන දේ තව දුරටත් පැහැදිලි කරන්න හෝ එය වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම්, ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ. // කියන වගකීමෙන් නිදහස් වෙනවා කියලා මට හිතෙන්නේ…
            (ඔතන තව දුරටත් පැහැදිලි කරන්න කියන කෑල්ල මට දිරවනවා… //එය වෙනුවෙන් පෙනී ඉන්න බැරි නම්, ඒ ලියවිල්ලෙන් වැඩක් නැහැ.// කෑල්ල දිරවන්න යද්දී තමයි මට බඩේ අමාරුව එන්නේ…) 😀

            මේ වාක්‍යයෙන් රයිගම් අදහස් කරන්නේ ශරීර සෞඛ්‍යයට නින්දේ ඇති වැදගත්කම ගැන පොරක් නිදිමරාගෙන බ්ලොග් ලියන එක වැඩක් නෑ වගේ සරල තේරුමක් නම් මම එකඟයි… මම කතාකරන්නේ ඊට උඩ ලෙවල් එකෙන්… උදාහරණයක් විදියට මට හිතෙන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම හොඳයි… අබාධිත දරුගැබක් ගබ්සා කිරීම හොඳ නෑ… ඒත් මම ඒ මත වෙනුවෙන් පෙනී ඉන්න ඕනෙද..? ඒක මට අමාරුයි මොකද ඊට එරෙහි ප්‍රතිතර්ක මගේ හිතේම ඇතිවෙනවා…

            වාද කරන්න තරම් පලක් ඇති දෙයක් නොවෙන හින්දා මම නිහඬ වුනාට රයිගම් උඩ මට උත්තරයක් විදියට කියලා තියෙන “ඔබ ඒ කියන දෙකම එකයි.” කියන අදහසටත් මම එකඟ නෑ… මට අනුව ඒ දෙක දෙකක්…

            ඔන්න හිතේ තියෙන සේරම කිව්වා… 🙂

            • මා සමහර කොමෙන්ටු වලට ලියන දිග පිළිතුරු, ඒ කොමෙන්ටු දමපු කෙනාම නොබලන වග මට තේරුණ නිසා දිග පිළිතුරු දීම සමහරවිට මග හරිනවා බිට්ල්. හිතේ තිබුන සේරම කියුව එක හොඳයි.

              අර නිදි මරණ උදාහරණයත් සමග මා එකඟයි. මා කියන කතාව එම සරල කරුණු වල ඉඳලා ඉහලට යනවා. මේවා ගැන මා ලියා තියනවා. මා කියන අදහස් පරිනාමය වීම, විධි කිහිපයකින් වන්නට පුළුවන්. මෙය හරියට ලියන්න මට පිටු කිහිපයක් යාවි. හැබැයි ඔබ පරිස්සමින් කියවුවොත්, මේ සේරම සටහන් යටින් ඇදෙන දෙයක් තමා අපේ වෙනස් වීම ගැන කියවීම.

              ආගම ඇදහීමේ හෝ නොඇදහීමේ අයිතිය, ගබ්සාව ගණිකා වෘත්තීය, සමලිංගික විවාහ කියන සරල කරුණු වලින් ඉවතට ගිහින් කුඩා බාලචන්ද්‍රන් මරා දැමීම කියන කොන්ට්‍රවර්ෂල් කරුණ ගනිමු. මේ සම්බන්ධව මා ලියපු සටහන (පරමාදර්ශී ජිවන විලාසිතා සොයා යන වඳ පීදුන කෙසෙල් ගස්) කියවන්න. ඔබට පෙනේවි ඔය සිතිවිලි වෙනස් වීම ගැන මා කියන දේ. අනාගතයේ දී අපරාධ කාරයන් වනු ඇතැයි කියා/උපකල්පනය කර කුඩා දරුවන්, වඳ පීදුන කෙසෙල් මොටෙයියන් මෙන් උගුලා දැමිය යුතුයි කියන තාත්තා කෙනෙකුගේ, දරුවෙකුත් ඔහුත්(එනම් එම තාත්තා) අනාගතයේ කරයි යයි සැක කරන්න පුළුවන් වරදක් වෙනුවෙන් මරා දමන්නට හැකි පරිසරයක් ඇති වුනොත් කොහොමද වැඩේ? එතැනදී රුසියාවේ සාර්ගේ පුතාද? හිට්ලර්ගේ පුතාද? මගේ පුතෙක්ද කියන එක අදාළ නැහැ.

              දැන් මේ වගේ දෙයක් ගැන ඔබට නිරවුල් අදහස් නැත්නම් (පැහැදිලි නැත්නම්/හරියට දන්නේ නැත්නම්) කතාවට යන එකේ තේරුමක් නැහැ. ඒ වගේම නිකම් ඒ ගැන ලියල, ඇත්ත ජීවිතයේදී, ඕකුන්ට ඔහොම නොවේ දෙන්න තිබුනේ කියනවා නම්, ඔබ ඒ ලියල තියෙන්නේ බොරුවට.

              • දවස් දෙකක් අන්තර්ජාලයෙන් ඈත් වෙන්න වුනා… ස්තූතියි පිළිතුරට රයිගම්… ඒකෙන් මේකෙන් පරමාදර්ශී ජිවන විලාසිතා පෝස්ට් එක ආයෙත් කියවන්න් ලැබුණා…

                අර කොන්ට්‍රවර්ෂල් කරුණ ගැන මම දැලිපිහියෙන් කිරි කන්න ගත් උත්සාහයක් කියවන්න වෙලාවක් ඇතොත් මෙතන තියෙනවා… අමාවකට පසු…

                • දෙපිටකාට්ටු සමාජයේ ඔවැනි අදහස් වලට තැනක් නැහැ බිට්ල්. ඔබ මා ලියපු Yet another fishing trip that went horribly wrong කියන සටහන කියෙවුවද? එම කම්පුචියානු පොරගේ පවුලේ සියලු දෙනා එක දා එකම තැන මරල තියෙන්නේ. ඔය අපේ සුන්දර කවි කතා ලියමින් අරුන්ව මරමු කියන මිනිසුන් ඇත්තටම මෙවැනි අත්දැකීම් ඇති අය නොවේ. හිට්ලර්ගේ හොලිකොස්ට් එකෙන් ජීවිතය බේරා ගත් ගොඩක් මිනිසුන් ලෝකය ගැන වයිරි විදිහට බලපු අය නොවේ.

                  අර ඇමෙරිකාවේ ලිංගික වහලියන් ලෙස දශක දෙකකට ආසන්න කාලයක් කැස්ත්‍රෝ කියන නරුමයෙක් තියාගෙන හිටිය කාන්තාවගේ සම්මුඛ කතාවක් ගිය සතියේ ගියා. අර යකා එල්ලිලා මැරුණා කියල ඇය සිනාසුනේ නැහැ. මේවා බිට්ල් සමාජ සංවර්ධනයේ සංදිස්ථාන. සමහර රටවල් එතනට එන්න තව වසර සිය ගානක් යාවි.

  6. //////////////මා ජිවිතයේ කලින් විශ්වාස කරපු දේවල් විතරක් නොවේ, පෙනී සිටිය දේවල්ද ජිවත් වුන කාලය සමග වෙනස් වුනා. අතීතයේ කරපු සමහර දේවල් අද තියන අත්දැකීම් හා ඉගෙන ගැනීම් එදා තිබුනා නම් වෙනස්ව කරන්නට, වෙනස්ව මුහුණ දෙන්නට තිබුනා. මෙවැනි කල්පනා කෙනෙකුට අනන්‍ය වන්න පුළුවන්. ඒ වගේම එවැනි අදහස් අපට පොදු වන්නටත් පුළුවන්.

    අද අපේ සිතුවිලි කියන්නේ අද ජිවත් වන කාලය සහ අවකාශය තුල සිතන අයුරු. එනම් ජිවත්ව සිටියොත් තව වසර ගණනාවකට පසුව, මේ ලියන දේවලුත් කොතරම් වෙනස් අයුරකින්, මාම නැවත කියවයිද කියන එක මටම දැන ගන්නට පුළුවන් වේවි.////////////

    මම එදා නිවැරදි යැයි කියා සිතු සමහර මතයන් හෝ විශ්වාසයන් කාලයා සමග වෙනස්වෙලා තියෙනවා වෙනත් මතයන්වලට. එසේ වෙන්නට ඇත්තේ මගේ ලෝකය පුළුල්වීම සහ මම වයසින් මුහුකුරා යෑම නිසානේ. නමුත් මගේ වෙනස්වීමට හේතුන් මට පහදාදිය හැකියි. ඒත් සමහරුන් කාළයා සමග වෙනස්වීම අනුමත කරන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර බ්ලොග් වාදවලදී බොහෝ කාලයකට පෙර තම ප්‍රතිවාදියා දැක්වූ අදහස් පවා උපුටා දක්වමින් එහෙම කිව්වා මෙහෙම කිව්වා ආදී වශයෙන් තමන්ගේ මතය සනාථ කරගන්න හදනවා. මම අහන්නේ එහෙම මිනිස්සුන් මතවාදීව හෝ වෙනස්වීම වැරදිද කියා.

    • // බ්ලොග් වාදවලදී බොහෝ කාලයකට පෙර තම ප්‍රතිවාදියා දැක්වූ අදහස් පවා උපුටා දක්වමින් එහෙම කිව්වා මෙහෙම කිව්වා ආදී වශයෙන් තමන්ගේ මතය සනාථ කරගන්න හදනවා. //

      මචන් අරූ

      මිනිස්සු කියන කරන දේ වෙනස් කරන එක එක විදි තියෙනවා. සමහර විට තමන් ඉන්න ආස්ථානය වෙනස් වුනාම (පට්ට රිලිජස් පොරක් ආගම අත අරිනවා). සමහර විට අවස්ථාවාදය (පක්ෂ මාරුකරපු ගමන් හිටපු පක්ෂෙ නායකය හොරෙක් වෙනවා) සමහර විට අනුන්ට බණ කිව්වට තමන් පිලිපදින්න ලේස්ති නැති නිසා. (අල්පේච්ඡතාවය ගැන බණ දෙසන එකා පෝෂ් එකක් අරන් ඒක ගැන ලොරි ටෝක් දෙනවා) සමහර විට තමන්ගෙ දර්ශනේ තමන්ටම අවුල් නිසා. (ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන කතා කරන ගමන් රටට ඕනෙ ඒකාධිපතියෙක් කියනවා).

      ඕවයින් මුල එක ඇරෙන්න අනික් ඒව මට නම් ප්‍රශ්න කරන්න ෆෙයා ගේම්. මිනිහෙක් ගෙ මතයක් විකාරයක් හෝ බොරුවක්, එහෙම නැත්නම් ඒ මිනිහ ඒ මතේ සම්බන්දයෙන් අවංක නෑ කියල පෙන්නන්න තියන ලේසි සහ එතිකලි ඇක්සෙප්ටබල් ක්‍රමයක් තමයි පොර ගෙම කතා වල කන්ට්‍රැඩික්ෂන්ස් පෙන්නන එක.

    • වෙනස් වීම තමා අරූ මේ ලෝකයේ තියන නොවෙනස් වන එකම දෙය. එය අපගේ සිතුම් පැතුම් හා ආකල්ප වලටත් අදාලයි. හැබැයි මචං එක සීමාවකට යටත්ව තමා මෙය වන්නේ. මා දිගින් දිගටම ලියන්නේ මේ ගැනම තමා. හැබැයි ටිකක් වෙනස්ව ලියන නිසා සමහරවිට මට කියන්න තියන දේ කෙලින් ලියා නැහැ. අනුන් කියුවා නිසා මත දැරිම කියන්නේ අර බිට්ල් කියනවා වගේ එතරම් විස්වාස නැති නිසා. එනම් ඉන්නේ වැට උඩ.

      මතවාදීව වෙනස් වීම වරදක් ලෙස අපට යෝජනා කරන්න නොහැකියි. හැබැයි මේවා ප්‍රසිද්ධ ජිවිතයේ මිනිසුන් කරන්නේ ගොඩක් වෙලාවට ලාභ ප්‍රයෝජන වලට. එය මත වාදී වෙනස් වීමක් නොවේ. ඔය වාසු දේව වගේ අයියල.

      සාමාන්‍ය මිනිසුන් වන අපත් වයසින් මුහුකුරා යන විට අප වැටෙන් එක පැත්තකට පනිනවා. එයින් පසු අපගේ ආකල්ප වෙනස් වන්නේ සීමිතව, එක්තරා රීතියකට යටත්ව.

      ඔය ප්‍රසිද්ධ පුද්ගලයන් කලින් දරපු අදහස්, ප්‍රසිද්ධියේ වෙනස් කරලා තියන වග කියලා නැත්නම්, ඒවා තවමත් දරනවා කියල යමෙකු උපකල්පනය කර යමක් ලිවීමේ වරදක් මා දකින්නේ නැහැ.

      ලංකාවේ දේශපාලනය ගත්තොත්, ඔය යුඑන්පි හා ජේවීපිය තමන් අතීතයේ කරපු අපරාධ (ඒවා කළේ දැන් ඉන්න කට්ටිය නොවුනත්) පිලි අරන් නැති නිසා, මා උපකල්පනය කරනවා, ඔවුන් තවමත් ඒවා අනුමත කරන වග. අන්න ඒ වගේ.

      • @Ano.. ////කතා වල කන්ට්‍රැඩික්ෂන්ස් පෙන්නන එක.////ඔව් එහෙම වුනාම නම් සංවාදයක් ගෙනියන්න අමාරුයි.

        • නැහැ අරූ, අපේ ඇනෝ කියන්නේ වෙන දෙයක් නේද? දෙපිට කාට්ටු කම පෙන්නලා දීම වරදක් නොවේ. එය තමා කෙරෙන්න ඕනේ. කවුරු හරි දෙපිටකාට්ටු නම් එතනින් එහාට මොන සංවාදද?

  7. kathandarakaraya

    තම්පලා රෙසිපි තුනත් ලියා පළ කළා නං තමයි හොඳ!

    • චාග්! කවුද දන්නේ ඕනේ කියලා. වැඩිය විච්චුර්ණ නැහැ. අප දන්නා විධි තමා. රයිගම් ට්විස්ට් සමගින්!

  8. මම උඹේ මාතෘකාවෙන් පිට නමුත් මට අදාල දෙයක් අහන්නද?
    තම්පලා වලට චීන නිවිති කියලා කියනවා කියලා ඇහුවමයි. ඒ කියන්නේ චයිනීස් ස්පිනෑෂ් කියලද? ඇත්තටම ඕකට ඉංග්‍රීසි වචනයක් තියෙනවද? මම මේ ලඟදි කිලෝ එකකට $5කට විතර ගෙවලා කොස් ඇට වගයක් ගත්තා. ඒක හදන්න තම්පලා හොය හොය ඉඳලා ඊයේ හම්බවුනා. මුල් ටික හිටවලා හිටියා ඔක්කොටම ඉස්සෙල්ලා.

    • මචං චයිනීස් උන් ස්පිනෑෂ් කියලා උයන්නෙ එක ජාතියක් නෙවෙයි හැබැයි නිවිති වලට වඩා අපේ තම්පලා වලට සමාන දෙයක්. කොල නිවිති වගේ පොලිෂ් නෑ, රවුම් නෑ, කඳ හීනියි. ඔයින් එක ජාතියක් අපේ තම්පලා ම ලාවට ගලවල වගේ.

    • මෙන්න තම්පලා වලට කියන අනික් නම්:

      http://nittygrits.org/thampala

      ඔය ලිස්ට් එක දෙමල කඩේකට අරන් ගිහින් ඉල්ලල බලපන්.

      පේන හැටියට Amaranth තමයි ටෙක්නිකල් නම!

      • මේවා ගැන කියන්න මට පොත් බලන්න අවශ්‍ය නැහැ හෙන්රි. ඇමරන්ත් නැත්නම් ඇමරන්තස් නැත්නම් ඇමරන්තුස් කියන්නේ තම්පලාවලට කියන පොදු නාමය. දකුණු ඇමෙරිකාවේ හා ආසියාවේ මේවායේ කොළ කෑවට, මේවායෙන් ගන්න ඇට වලිනුත් කෑම හදනවා. රුසියාවේ අප කියුවේ ඇමරන්තුස් කියා. මේවා වැවුවේ හරකුන්ට. හැබැයි අපි තරම් හරක් ලෝකේ නැති නිසා, අපි නම් ලජ්ජා නැතුව උයල කෑවා. ඔය අපිත් එක්ක බිවුව රුස්සොත් මේවා කෑවා, අපිට හිනා වේවි.

        චීන ස්පිනිච් (chinese spinach) (ස්පිනිච් – ඕස්ට්‍රේලියානු උච්චාරණය) කියන්නෙත් අප කන තම්පලා වලට (හැබැයි කන බොහෝ කොළ වර්ගය වලට චීන නිවිති කියලත්, ඔය චීන්නු කියනවා. අර අපේ/ලංකාවේ නිවිති වලටත්. අප කන ඕස්ට්‍රේලියාවේ තියන නිවිති කියන දෙය හා යුරෝපයේ තියෙන්නේ ලංකාවේ/ආසියාවේ තියන නිවිතිම නොවේ). එදා කඩේ (එය චීන කඩයක් නොවේ) ඇමරන්තස් කියන නම එයාලගේ සිස්ටම් එකේ තිබුනේ නැහැ. අල්ලපු කවුන්ටරේ හිටපු චීන-ඕස්ට්‍රේලියානු තරුණිය තමයි “චීන නිවිති” කියල අපට නම කියුවේ. උද්භිද විද්‍යා නාමයන් සමග වෙනත් විස්තර මා තම්පලා රෙසිපි සමග දවසක ලියන්නම්. අද නම් වෙලාවක් නැහැ බං.

        කොස් ඇට වලට ඩොලර් පහක් ගෙවුවද ඩෝ? මචං ලංකාවට ගිහින් කොස් ඇට රට පටවන එක හොඳ නැත්ද? 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s