සැබෑ වුන සරණාගත සිහිනය! Miracles in a wonder island!


වසර දෙදහස් දොළහේ අග භාගයේ මා ලියුවා සටහනක්. එයට පදනම් වෙලා තිබුනේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් ආපු පකිස්තානු සරණාගතයෙකුගේ ආයාචනයක්. ඔහුගේ ආයාචනය වුනේ, අනේ අපට පිහිට වන්න, ඕස්ට්‍රේලියානු රජය වෙනස් කරන්න කියලා. මෙය ඉල්ලුවේ රේඩියෝවේ තිබුන සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියානු අසන්නන් ට කරපු ආයාචනයක් ලෙස.

එම සරණාගතයගේ ඉල්ලීමට කන් දීමක් ලෙස හෝ “වෙනයම් හේතුවක්” නිසා හෝ ඕස්ට්‍රේලියානු ජනතාව, පවතින රජය ප්‍රතික්ෂේප කර, වෙන රජයක් එම ආයාචනය කර ටික කලකට පසු පත්කර ගත්තා.

මේ දිනවල ඒ අලුත් ඕස්ට්‍රේලියානු රජය, එහෙම ආපු සරණාගතයන් නැවත පදිංචි කිරීම සඳහා තවත් රජයක් සමග සාකච්ඡා කරනවා කියල මා පුවත් පත් වල දුටුවා. දැනට මෙයාල වැඩි විස්තර කියන්නේ නැහැ. හැබැයි කියන දේවල් වල හැටියට, දැනට නරු දුපතේ රඳවාගෙන සිටින මෙහෙට බෝට්ටු වලින් ආපු පිරිසෙන් 1000 ක් පමණ දෙනා, මේ ගිවිසුම යටතේ එම රටේ පදිංචි කරන්නට ඉඩ තියනවා.

අනාගතයේ මෙවැනිම ගිවිසුම් යටතේ, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ශ්‍රී ලංකාව, ඉරානය, උතුරු කොරියාව වැනි රටවලත් මෙසේ ඕස්ට්‍රේලියාවට එන සරණාගතයන් “නැවත පදිංචි” කරන්නට තියන ඉඩ අපට බැහැර කරන්න නොහැකියි.

ඔන්න ඕකනේ කියන්නේ, සිහින කියන ඒවාත් සමහරවිට සැබෑ වෙනවා. අර ආයාචනය කරපු සරණාගතයා ඒ ගැන සිතමින් නරු දුපතේ ඉන්නවා ඇති.

ආ මට ලියන්න අමතක වුනා. අර රට තමා, අවුරුදු 30ක පමණ අඛණ්ඩ “ප්‍රජාතන්ත්‍රවාදී” පාලනයක් තියන, සමුර්දිමත් කාම්බෝජය (කම්පුචියාව).

Advertisements

6 Comments

Filed under Opinion, Social

6 responses to “සැබෑ වුන සරණාගත සිහිනය! Miracles in a wonder island!

  1. අර රට තමා, අවුරුදු 30ක පමණ අඛණ්ඩ “ප්‍රජාතන්ත්‍රවාදී” පාලනයක් තියන, සමුර්දිමත් කැම්බෝරියාව (කම්පුචියාව).//
    මේකෙන්ම හිතාගත්තහැකි ඒ රටේ තියෙන පෙජාතංතවාදී බව…
    ඔව් ඉදගෙන…
    ඇයි යකෝ ඔය කියන තරං පෙජාතංතවාදී නං සරණාගතයො ඉදීවියැ

    • මා හිතන්නේ මහේෂ් මේ පදිංචි කරන්න යන්නේ ඒ රටෙන්ම පනින කට්ටිය නොවේ. අදාළ නිර්ණායක යටතේ “සැබෑ සරණාගතයන්”. ලංකාවේ අය වුනත් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රටවලත් “සරණාගතයන්” ඉන්න පුළුවන් නේද? එකම වෙනස ඔවුන් රටින් පනින්නේ නැහැ.

  2. මේ යන විදියට කම්පූචියාවත් නරක නෑ. දැම්ම පට්ටාං ගන්ට ඕනේ බෝට්‍ටුවක් හදන්ට.

  3. කම්බෝඩියාවෙ රස්සාවල් මොනවද?