You are so hot, honey! ඔයා හරිම සැරයි අනේ!


Chi
ඔබ මිරිස් මල් වලින් රොන් ගත්තු මි මැස්සන්ගේ පැණි කාල තියනවද? නැත්නම් ඔය නයි කුඹි බාගෙට කාපු කොච්චි කරල් කාල තියනවද? නැත්නම් මේ සටහන කියවන්න.

Floriade කියන්නේ කැන්බරා වල අවුරුදු පතා සැප්තැම්බර හා ඔක්තෝබර මාස වල තියන මල් ප්‍රදර්ශනයක්. වසන්තය උදාවීම සැමරීම සඳහා පවත්වන මෙය දැන් වසර 26ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එනවා. මේ මල් වර්ග පොලවේ වගා කර තියන ඒවා. බොහෝ විට අල වර්ග වලින් හැදෙන ශාක.

මේක නරඹන්න මුදල් අය කරන්නේ නැහැ. බොහෝ විට අපිත් මෙය බලන්න යනවා. අර ඇතුළුවීම නොමිලේ, පිටවීම රුපියල් දාහයි වගේ, මේ වගේ ප්‍රදර්ශන ඇතුලට ගියහම වෙන වියදම් තියනවා. කෑම-බිම හා ඔය පොඩි එවුන්ට තියන කතුරු ඔන්චිල්ල වලට අමතරව, කෘෂිකාර්මික උපකරණ හා කෘෂි නිෂ්පාදන විකුණන කුටි කිහිපයකුත් මේක ඇතුලේ තියනවා.

එහෙම ඒවායින් එකක් තමා මිරිස් වලින් හදපු සෝස් වර්ග තියන ලොරිය. මේකේ මිරිස් වර්ග වලින් හදපු විවිධ සෝස් වර්ග තියනවා. මිලදී ගන්න හෝ නොගන්න රස බලන්න පුළුවන්. ඔය පොඩි චිප්ස් කෑල්ලක් සමග.

මෙයා ගාව අංක එකේ ඉඳල පහළොව දක්වා දහයෙන් ලකුණු දුන්නු සෝස් වර්ග තියනවා. 15/10 යි කියන්නේ සැරම සෝස් වර්ගය. එය ඇතුළු අන්තිම තුන එළියෙන් කන්න තියල නැහැ. ඕනේ කෙනෙක් ඉල්ලුවොත් පමණක් ටිකක් දෙනවා. මා පසුගිය අවුරුද්දේ ඔය Scorpion Strike කියන සෝස් එක ඉල්ලුවහම, මිනිහා කියුවේ උඹ නිර්භීතයි කියල. මට ටිකක් දෙන ගමන් පරිස්සමින් තත්පර තිහකින් උඹට සෙට් වෙයි කියුවා. නමුත් මගේ කටට ඔහු කියපු තරම් සැරක් දැනුනේ නැහැ. හැබැයි විනාඩි තිහකින් පමණ උදරයට නම් සැර දැනුනා.

මා පසුගිය දවසක අපේ වැඩ කරන තැන ඉන්න දකුණු ඉන්දියන් කාරයෙකුට ගෙදර හදපු මිරිස් අච්චාරු ටිකක් ගිහින් දුන්න. මිනිහා ඒකට වහ වැටිලා. මා පොරොන්දු වුනා තව ටිකක් ගෙනිහින් දෙන්න. මේ සතියේ මගේ අච්චාරු බෝතයලය මිනිහට ගිහින් දුන්නා.

මා රුසියාවෙත් කාමරේ ඇතුලේ ජනෙල් පඩිය මත කොච්චි වැවුවා. ඒවා මුළු වසර පුරා කරල් දුන්නා. සමහර ශිෂ්‍යයන්ට ජනේලයෙන් එලිය කියන්නේ ශීතකරණය. ගමේ ගිහිං ගේන කාබනික මස් ටික සිලි සිලි බෑගයකට දාල, එළියේ තියන මේ ප්‍රිජ් එකට දානවා. ඔය මගේ මිරිස් ගස් තිබුනේ කාමරේ ඇතුලේ පඩියේ.

පසුගිය කාල වල මා පෝච්චි වල හා කුඩා ගෙවත්තේ වවපු නා නා ප්‍රකාර මිරිස් වර්ග වල ඇට වත් දැන් මා ළඟ නැති වීම කණගාටුවට කරුණක්. නමුත් ඒවා සැර වැඩි නිසා හා අපේ ගෙදර මා හැර කිසිවෙකු කන්නේ නැති නිසා, මා වවන එකත් අල්ලා දැම්ම. මේ අච්චාරු වුනත් ඉතාම සැරයි. මාත් කන්නේ නැහැ.

හැබැයි ඉතිං, දකුණු ආසියාවේ අප මිරිස් කන්න රුසියන්. ලුණු මිරිස් සමග ආප්ප කාල, සීනි දමපු කහට තේකක් බොන එක ඉස්සර අපේ යාලුවෙක් සමාන කළේ, අපාය දැක දැක දිවිය ලෝකේ යනවා කියල. මිනිසුන් වේදනාත්මක දේවල් වලින් රසයක් ලබන්නේ මොකද කියන එක ඇත්තටම හරි පුදුම දෙයක්.

අප මිරිස් ඇත්තටම කන්නේ ඇයි? මිරිස් සැර කියන්නේ රසක් නොවේ කියලයි කියන්නේ. මිරිස් වල තියන “Capsaicin” කියන රසායනය අපගේ දිවේ ස්නායු මත දවන විට දැනෙන අන්දමේ උද්දීපනයක් ඇති කරනවා. හැබැයි දවන්නේ නැහැ (පහත තියන සබැඳි වල තියන විස්තර මා සිංහලට පෙරලන්නේ නැහැ. ආසාවක් තියනවා නම් කියවන්න).

අපේ ශරීරයේ තියන සංවේදිතම අවයවයකට වේදනා දීමෙන්, සැපක් විඳීම එක අතෙකින් ටිකක් සිතන්නට වටින කාරණයක්. මෙය අනෙක් සත්වයන් අතර නැති දෙයක් කියලත් කියනවා. මෙයිනුත් මිරිස් හා ස්පයිසි නැත්නම් තුනපහේ ජාති වැඩියෙන් කන්නේ ග්‍රීෂ්ම රටවල් වල මිනිසුන්. එක හේතුවක් තමා මේවා වැවෙන්නේ ඒ රටවල් වල නිසා. ගස් වැල් පවා මෙවැනි රසායන නිපදවාගෙන තියෙන්නේ බාහිර සතුරන්ගෙන් ආරක්ෂාවට. ඝර්මකලාපීය රටවල් වල කෘමින් වැනි ශාක භක්ෂක සතුන් වැඩියි.

ඒ වුනත් දුම් දාගෙන මේ සැර ජාති කන එක, ග්‍රීෂ්ම පරිසරයක කරන්නේ මොකද? හරි නම් මෙහි අනෙක් පැත්ත නේ වෙන්න ඕනේ. එනම් සීතල පරිසරයක තමයි දුම් දාන්න කන්න ඕනේ. හැබැයි මෙසේ මිරිස් කෑම මගින් දාඩිය දැමීම නිසා රස්නේ පරිසරයක අපේ ශරීරයෙන් උණුසුම ඉවත් කිරීමට උදවු වෙනවා. අනික තමා රස්නේ පරිසරයේ කෑම, විශේෂයෙන් උයපු කෑම නරක් වීම ප්‍රමාද වීම, මේ තුනපහ වල තියන බැක්ටීරියා නාශන ගුණය උදවු වෙනවා යයි තවත් අදහසක් තියනවා.

මා මධ්‍යම ආසියානු රටක සැලකිය යුතු කාලයක් ගත කෙරුවා. එහි ග්‍රීෂ්ම කාලයේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේඩ් අංශක 50 ට යනවා. එහි මිනිසුන් රස්නය ඉතා අධික ගිම්හාන සෘතුවේ වැඩිපුර තේ බොනවා. සිනි නොමැති, කිරි නොමැති ඒ තේ පානය නිසා දාඩිය මගින් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම පහසුවක් වෙන්න පුළුවන්. අනෙක තමා පරිසරයේ හා ශරීරය අතර උෂ්ණත්ව පරතරය ටික වෙලාවකට හෝ අඩුකර ගැනීම මගින් දැනෙන අපහසු ගතිය මග හැරෙන්න පුළුවන්. අධික ශීත පරිසරයේ අයිස් ක්‍රීම් කෑමත් මේ වගේ වැඩක්. උස්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක සෘණ විස්ස වෙන වෙලාවල් වල පවා මොස්කව් වල අයිස්ක්‍රීම් විකුනවා. දවසක් මේ තියරිය අත්හදා බලන්න ගිහින් මට නම් සෙට් වුනා.

ඔය මොනවා කියුවත්, කෑම වල රසය මරණ තුනපහ අධික ආහාර, කෑමෙන් පසුවත් එතරම් ප්‍රියදායක ගතියක් ඇති කරන්නේ නැහැ. හැබැයි, මිරිස් කියන්නේ අපේ අහාර වලට නැතුවම බැරි සංඝටකයක්. මිරිස් නොමැතිව සතියක් පමණ අහාර ගන්නා විට, එයට තියන අපේ ඇබ්බැහිය වැටහෙන්න ගන්නවා.

මිරිස් වල තියන කැප්සියිසින් කියන රසායනය අපව ඔය නිකොටින් හා කැෆෙයින් වගේ ඇබ්බැහියට යොමු නොකරන දෙයක් කියලයි කියවෙන්නේ. නමුත් මා නම් හිතන්නේ එය සම්පුර්ණ සත්‍යයක් නොවේ කියලා. මවු කිරි පවා ටිකක් මිරිසට බිවුව අපගේ දිව මිරිස් වලට ඇත්තටම ඇබ්බැහි වෙලා.

පසු වදන
ආහාර හා ආහාර පුරුදු කියන දේවල් රටක සංස්කෘතිය, ජනතාවගේ හා රටේ ආර්ථික තත්වය, රටේ යහපාලනය පමණක් නොවේ, ජිවිතයේ එක එක කාල වල අපේ වෙනස් වීමද පිළිබිඹු කෙරෙන දර්ශක කියලත් නම් කරන්න පුළුවන්. ඒ වගේම ආහාර කියන්නේ දේශපාලනයත් කෙලින්ම බැඳී තියන දෙයක්. පවුල් ජිවිත පවා සුනු විසුනු කර දැමීමටත් ආහාර හා ආහාර පිළියෙළ කර ගන්නා විදිහ බලපාන්න ඉඩ තියනවා. මගේ කලින් සටහනට නිතරම කියවන දෙතුන් දෙනා දාපු ප්‍රතිචාර වලින් මට පෙනුනා, ආහාරයක යටින් දුවන විස්තර වලටත් එයාලගේ තියන කැමැත්ත. එයත් හරිම අපුර්ව දෙයක්. ඒ වගේම ගොඩක් වෙලාවට අප නොහිතන දෙයක්. ජිවිතයට අත්‍යවශ්‍යම දෙයක් පිළියෙළ කර ගන්නට නොදැනීම ගැන කෙනෙකු හිතන්නේ කලාතුරකින්. එහෙම එකේ, එවැනි විස්තර දැන ගැනීම සඳහා ඇති කැමැත්ත ඇත්තටම සතුටුදායක දෙයක්.

Further readings

Why do we eat chilli?

Chilli study reveals why some like it hot!

Eating Fire

Why do people eat chili pepper?

Food bacteria-spice survey shows why some cultures like it hot

පින්තූරයේ ප්‍රභවය: http://www.abc.net.au/science/articles/2012/12/03/3646225.htm

Advertisements

38 Comments

Filed under Food

38 responses to “You are so hot, honey! ඔයා හරිම සැරයි අනේ!

  1. maheshrathnayaka

    ඇත්තට අපේ අය ඉන්දියන් අය වලේ දකුණු ආසියාතික අය තරං මිරිස්කන්නෙ නැතිවැති වෙන කවුරුවත් නේද…??
    අර ඔයා කීව වගේ පුලුවං නං අපේ අය මව්කිරි වලටත් ස්පයිසි දාල බොයි… ඒතරං…
    අපේ තාත්තට මට එතකොට තාත්තාගෙ සහොදරයන්ට (වැඩිපුරම පිරිමි අය) මිරිස් වැඩිපුර ඕන්.. ඒත් ලුණු වැඩිවුනොත් අපට කන්න අමාරුයි.. (පුරුදු වෙලා වෙන්න ඇති..)

    මෙතන ටිකක් අපහැදිලි
    විශේෂයෙන් උයපු කෑම නරක වීම මේ තුනපහ වල තියන බැක්ටීරියා නාශන ගුණය නිසා උදවු වෙනවා යයි තවත් අදහසක් තියනවා.///
    මේ කියන්නෙ ස්පයිසි හිංද කෑම නරකි වෙනව කියලදනැත්තං ඒකෙ අනික් පැත්තද

    අර ඔයා කීව සෝස් කේස් එක කියද්දි මට එකක් මතක් වුණා…
    සුද්දන්ට බෙල් පෙපර් උනත් සැරයි කියල අපේ පුංචි කීව(කෙල්ලද දන්නෙ නෑ.. මොකද එයා ලංඩන් නෝනෙක් නෙ)
    මගෙ යාලුවෙක් ඉන්නව බුවාට මිරිස් කන්න බෑ.. කවදාවත් පොර මගෙ කෑම එක කන්නෙ නෑ… දවසක් අපි කන අතරෙ මිනිහ මහ අමුතුකතාවක් කීව( ඇත්තද කියල දන්නෙ ඌමයි) අපි සාමාන්‍යෙයන් මාළු මිරිස් හෝදල කපල නෙ ගන්නෙ අපට ඕන කාර්යට… ඒත් මුට සැර කන්න බැරි හංද කපල හෝදලලු දාන්නෙ… සාමාන්‍යෙයන් සලාදයක් වගේ එක්කට. අනේ මංද
    මාලු මිරිස් කියන්නෙ සැර දෙයක් නොවන හිංද අදටත් මේක මට සුවර් නෑ…
    මතක් වුණ හිංදයි ලීවෙ

    • //මේ කියන්නෙ ස්පයිසි හිංද කෑම නරකි වෙනව කියලදනැත්තං ඒකෙ අනික් පැත්තද//
      ගොඩක් තුනපහ දාල උයන කෑම නරක් වුනත් අඳුන ගන්න බැහැ! 😀

      අර කලින් කියල තියන එක මා හැදුවා. ඔබට තුති. එතනින් කියවෙන්නේ උයා තැබූ කෑම වලට තුනපහ එකතු කිරීම නිසා උණුසුම් පරිසරයේ තියන බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩු කිරීම මගින් සංරක්ෂණය වෙනවා කියා. මේවා 100% ක් තහවුරු කරලා නැහැ, මා දන්නා තරමට මහේෂ්!

    • // අපේ අය ඉන්දියන් අය වලේ දකුණු ආසියාතික අය තරං මිරිස්කන්නෙ නැතිවැති වෙන කවුරුවත් නේද…??//

      සිෂුවාන් ද කොහෙද චීනෙ පලාතක් තියෙනවා අපිට දැක්කොත් උන ගැනෙන ටයිප් එකට මිරිස් කන, උන්ගෙ සමහර මිරිස් කොච්චි වලට වඩා සැරයි. දාන එකත් දාන්නෙ අත දිග ඇරලා.

      ඒ පැත්තෙ උන්ගෙ හම ලස්සනයි කියලා චීනෙත් ප්‍රසිද්ද ලු. චීන වෙදකමට අනුවත් මිරිස් වල ඖෂදීය ගුනාංග තියෙනවා කියනව.

      • මෙහෙ ඉන්න මගෙ රුසියන් යාලුවෙක්ට ඉන්නව චයිනීස් වයිෆ් කෙනෙක්. ඒ මනුස්සය ගෙදර කෑම හස්බට උයල අයින් කරල ආයි මිරිස් දාල ගන්නව එයාගෙ කෑමට. මොකද මිනිහ ඒව කාල දවසක් දෙකක් ලේ ගිහින් පස්සෙන්. ඉතින් ඔය චීන ගෑණුකෙනා ලංකවට ගියා සතියකට නිවාඩුවකට. ඇවිත් මට කියනව “උඹලගෙ රටේ චීන කෑම චීනුන්ටවත් අන්න බැරි තරන් සැරයිනෙ, කොහොමද මිනිස්සු ඕව කන්නෙ” කියල 😀

  2. සැර නැතත් රසවත් ලියමනක්. රයිගම්ගෙ මම කැමතිම ස්ටයිල් එක. මිරිස් ලෝලියෙක් වෙච්ච මාත් කැමතියි මිරිස් සෝස් ටිකක් කන්න තිබුනනං. මෙහේ නෑ නෙව.

    • කොහෙද රාජ්, සෝස් හදන්නේ? මේ වගේ කර්මාන්තශාලාවක් පටන් ගන්න කෙනෙක් ආවොත් Mr 20% ගේ ගානයි, අනිකුත් පගා ටිකයි, පුරවන්න තියන කොළ ටිකයි දැක්කහම කෙනෙක් නවතින්නේ නැහැ. බදු සහන දෙන්න ඕනේ ඒ වගේ කර්මාන්ත ශාලාවකට වුනත්, දෙන්නේ පුතාලට රේස් දුවන්න කාර් ගේන්න. ඉතිං ඔබල කොහොමද සෝස් කන්නේ?

      • මේක මතක් උනේ දැං. යමක් ලෝකයෙන්ම හොඳටම පාවිච්චි කරන තැන ඒව නිපදවෙන්න ඕන නේද? ලෝකයේ හොඳම සැර කන්නන් ඉන්න ලංකාවෙ මිරිස් සම්බන්ධ නිෂ්පාදන වෙන්නෙ නෑ කියන්නෙ කොච්චර විකෘතියක්ද?

  3. මිරිස් මගෙත් ඊට වඩා හාමිනේ ගෙත් ප්‍රියතම සබ්ජෙක්ට් එකක්. මේ දැනුත් තවන් දාපු කොච්චි පැල දෙකක් තියනව අත ලඟ තාම එලියට බැස්සුවෙ නැති. 😛

    මගෙ ඔසී යාලුවෙක් ගෙ අම්ම කෙනෙක් හිටියා ලංකාවෙ ටිපිකල් කිරි හොදි අල හොදි වගේ දේවල් වත් කන්න බෑ ටූ හොට් කියලා.

    • “පොස්” අම්ම කෙනෙක්ද ඇනෝ?
      බොරුවට නොවේ කියන්නේ ඇනෝ, ඔබ මගේ අච්චාරුව කෑව නම්, සැර කියන්නේ මොකක්ද කියා තේරේවි. මාත් සැර කනවා. ඒත් මේක මටත් කන්න බැහැ.

      • // “පොස්” අම්ම කෙනෙක්ද ඇනෝ? //

        අනේ නෑ හරිම ස්වීට් වයසක නේටිව් ඔසී ලේඩිස් කෙනෙක්. ක්වීන් මදර් වගෙයි පෙනුම සහ හැසිරීම, වයසත් 80ක් වත් වෙන්න ඇති. දුව බලන්න ආවම අපිට සෙට් වෙනවා.

        ලංකාවට වේලපු මිරිස් නම් පුරුදු වුනේ කේරලෙන් කියලයි කියන්නෙ. අමු මිරිස් කොහොමද මන්දා. ගම්මිරිස් නම් ඉස්සර ඉඳන් පාවිච්චි උනා ලු.

        • මමත් ඒ හැටි මිරිස් කන එකෙක් නෙමෙයි. අපේ හාමිනෙයි එයාගෙ මලයයි නං මිරිස් තලි තලි ගිලිනව. ඒ කාලෙ මම අපේ දුර නෑයෙක්ගෙ ගේකට ගිය වෙලාවෙ මිරිස් සැර හින්ද හූස් හුස් ගානව දැකල ඒ නැන්දගෙ ඉටිකිරිස් දූ කියපි “මෙයා සුදුත් නෑ, අහිංසකත් නෑ ඒ උනාට සැර කන්නත් බෑනෙ” කියල. වස ලැජ්ජාව. ඒත් ඉතින් ඒ නගාට අපෙ අම්ම කැමති උන්නැති නිසා මට මිරිස් කන්න පුරුදුවෙන්න බැරිඋනා 😀 😀

          • චීනුන් නම් මන් දන්නේ නැහැ ඉන්දික, ඔබ කියනවා වගේ අපේ කට්ටිය (ලංකාවේ) මාර මිරිස් හා සීනි කෑමක් කනවා. අපිත් මිරිස් දැම්මට හැම දේටම හා හැම වෙලාවෙම දාන්නේ නැහැ. දැන් කොච්ච්රය වුනත් හොඳටම අඩුයි කියල හිතෙන්නේ, ඔය ලංකාවේ කෑම කනවිට.
            අර දුව අන්තිමට කාවද බැන්දේ? නිකම් කුතුහලයට. 🙂 (සැරම සැර කෙනෙක්ද?)

            • සීනි වැඩිපුරම කන්නෙ අරබි ජාතිකයො වෙන්නැති. ඒ අයගෙ තේ වල සීනි නැති උනාට පුදුම රසකැවිළි තොගයක් කන්නෙ. අපි කෑවොත් කතා කරන්න බෑ තොල්පට ඇලිල.

              මිරිස් වලින් නං අපි ඉස්සරහින් ඉන්නව. චීන්නුත් ඇති, මොකද උන්ගෙ එක එක පලාත් වල එකකට එකක් වෙනස් කෑමනෙ.

              අර ළමය අහින්සක ඩොකෙක් බැන්දෙ. ඔය ගැන කතාකරපු දවසක වෙලාවටලු මං රට ආවෙ කියලයි අපේ මලය එහෙමනං කියන්නෙ. but she’s really hot 😦

  4. මමත් මිරිස් ලොලියෙක්… මිරිස්වලට වඩා රසවත් ඔබේ ලිවිමේ ශෛලිය. ඒ වගේම ලින්ක් ‍ටික නිසා බොහෝ තෙරතුරුත් හොද රිසිපි ටිකකුත් ලැබුණා ස්තුතියි. මිරිස් කන්න ඇති ආසාව ගැන නම් ඇත්තටම මටත් වැටහීමක් නෑ ඒ ඇයි යන්න ගැන.

    • මිරිස් ගස් දිගේ නගින්න බැරි වුනත් මුරුංගා ගස් වල යන්න පුළුවන්. ඔබට ස්තුතියි නලින්. 🙂
      ඔබ දන්නවා ඇතිනේ, බැදපු මිරිස් සමග මොනවාද බොන්න ඕනේ කියලා. 😀

  5. //තේ පානය නිසා දාඩිය මගින් ශරීරයේ උෂ්ණත්වය අඩු වීම පහසුවක් වෙන්න පුළුවන්//

    අරාබි අය ඉස්සර ( AC වලට පෙර ) ඉදන්ම තේ සෑහෙන්න බොන්නෙ ඒ නිසාද?

    • වෙන්න පුළුවන් ප්‍රා. ඔය අරාබි ඇඳුමේත් පොඩි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියනවා.

  6. උයන එක රයිගම් ගෙ විනෝදාංශයක් ද?

    // මගේ කලින් සටහනට නිතරම කියවන දෙතුන් දෙනා දාපු ප්‍රතිචාර වලින් මට පෙනුනා, ආහාරයක යටින් දුවන විස්තර වලටත් එයාලගේ තියන කැමැත්ත. //

    මම නම් කනවට වඩා ආස ඔය බැක්ග්‍රවුන්ඩ් වලට තමයි. රයිගම් ගෙ පෝස්ට් මොකේ උනත් ටොපික් එක පලලට වඩා ටිකක් ගැඹුරට හෑරෙනවා නේද?

    • විනෝදාංශයක්ම කියන්න බැහැ. හැබැයි අපේ ගෙදර වැඩිපුර උයන්නේ මා වෙන්න පුළුවන්. මගේ කෑම වල තියන පර්ටිකුලර් (කෑමට හා ඉවීමට දෙකටම) ගතියත් ඒකට හේතුවක්. අනික මගේ කෑම සමහරක් අපේ ගෙදර අනෙක් අයගේත් තේරීමයි. අනෙක තමා මා නිතර උයන විදිහ වෙනස් කරනවා.

      ඔබට එහෙම තේරෙනවාද? ලොකු දේවල් නැහැ. හැබැයි නැත්තෙත් නැහැ. මුරුංගා ගස් කොච්චර හයියද?

  7. රයිගම්….You are so hot , Baby…කියල කියන්නෙ මොකද එතකොට? හෙහ්,හෙහ්,

    අවුරුදු විසිපහකට වගෙ ඉස්සර මටත් බොහොම මිරිස් ඕන. වෑංජන සැර නැත්තං අමු මිරිස් කරක් දෙක තුනක් වත් කනව බත් එක්ක. පරස්තාව කරගත්තට පස්සෙ එව්ව ඔක්කොම ඉවරයි.” ඔහොම මිරිස් කෑවොත් හොඳට තියෙයි.” ..ප්‍රියම්බිකාව එහෙම කියල ” මිරිස් නැතුවම කන්න පුරුදු වෙනව වහාම ” කියල නියෝගයකුත් කලා. ඊට පස්සෙ එහෙම පුරුදු වෙල මට දැන් ඔය ස්පයිසි කෑම කන්නම බෑ.

    සබැඳි වලට බොහොම ස්තූතියි, බොහොම නොදන්නා දේ දනගත්තා.

    • හයියෝ මේ මොකද වුනේ? කොච්චර හොඳට හිටිය මනුස්සයද? 😀

      ඇයි රවී, දැන් ප්‍රියම්බිකාව ළඟ නැහෙනේ. දෙන්න බැරිය ඇට්ටි හැලෙන්න (විහිළු). අන්න එක තමා මා කියන්නේ ආහාර පුරුදු වල වෙනස්වීම කියලා. ලෝකය තේරුම් ගැනීමටත් එය උදව්වක්.
      {නෝනට පෙන්වන්න අර ඇනෝ කියල තියන මිරිස් කන, ලස්සන හමක් තියන චීන ලඳුන් ගැන කතාව. හැබැයි, මට දොස් කියන්න එන්න එපා, ඔබට මිරිස් වත්තක් ගන්න වුනොත්)}.

  8. අපොයි ඔය ෆ්ලෝරියාඩ් එකේ තියෙන (ඟෙක්සිකන්?) මිරිස් සෝස් නං මතක් කරන්න එපා.

    අංක 1 සිට 10 ට රේට් කරලා තිබුණු සෝස් දැකලා, මං කෝකටත් කියලා කෝන් චිප් එකකට අංක 7 ටිකක් දාගත්තා. වෙළඳ කුටියේ මිනිහා මට අනතුරු ඇඟවීමක් කළත් මං නොවෙයි ගාණකට ගත්තේ.

    කාලා තත්පර කීපෙකින් තමයි මට ඇත්තටම තරු පෙණුනේ.

    මට මතකයි හෝමර් සිම්සන් ඔය වගේ මෙක්සිකන් මිරිසක් කාලා දවසක් සිහි ණැතුව හිටියා.

    තවත් ඔය වගේ ඉහමොල රත් වුණු දවසක් තමයි මුලින්ම ජැපනීස් වසාබි සෝස්. හොටු ගලාගෙන ආවා නාහෙන් වතුර වගේ! දැන් කන්නේ මොනවද කියා දැනගෙන නිසා අුවුලක් නෑ!

    • ඔන්න කාපු හාදයෙක්. මා ගෙදර ගෙනාවේ 10/10 ඩ්‍රැගන්ස් බ්ලඩ් කියන බෝතලය. අවුලක් නැහැ.
      වසාබි වල තියන දේ තමා මොලයටම යන එක. අර අබ සෝස් වලත් ඒ ගතියම තියනවා නේද?
      රසික, හම ලස්සන වුනේ නැත්ද, කැන්බරා ගමනෙන් පස්සේ?

      • හම ගහගන්න නොවෙයි, අපි කැන්බරා යන්නේ.

        අපේ අපේ සල්ලිවලින් පඩි ගෙවලා හදාවඩා ගන්න පිරිස් දැක බලාගෙන එන්නයි.

        එයින් 16,000 ක් දෙනෙකුට ජෝ හොකියා බස්ටිය දෙන්න යනවා කියා ආරංචියි!

        • බලාගෙන පුතේ, එයින් කීප දෙනෙක් හරි ඔහෙත් ඉන්න බැරි නැහැ!

      • ඩ්‍රැගන්ස් බ්ලඩ් කාල පස්සෙන්දටත් අවුලක් නැද්ද? රතු මිරිස් වල ඒක තමා අවුල.

        වසාබි සහ අබ (සහ ගෝවා) ඇත්තටම එකම ෆැමිලි එකේ පැලෑටි නේද.

        ඉංග්ලිෂ් උන් හෝස්‍ රැඩිෂ් කියලා කන ඒ ෆැමිලි එකේම ස්පයිස් එක වසාබි තරම් සැර නැහැ ඊට වඩා අපේ රස නහර වලට ප්‍රසන්නයි.

        • ඩ්‍රැගන් බ්ලඩ් බොහොම පොඩ්ඩයි කන්න ගන්න පුළුවන්. නිතරම කන්නේ නැහැ. මේවා නිකම් ආසාවට ගන්න ඒවා.

          ඔව් බ්‍රසිකාසියේ පවුලට අයිති පැලෑටි. මෙන්න කියවන්න නරක නැති විකිපීඩියා ලින්ක් දෙකක්‌. මා කලින් මොලයට යනවා කියුවේ, මිරිස් හා වසාබි හා අබ සෝස් වැඩ කරන්නේ වෙනස්ව. ඉස්මොල්ලේ යන හැඟීම එන්නේ ඒ නිසා. ඔබලත් එක්ක යමක් ලියා පිරිමහන්න බැහැනේ. ඇත්තටම ඔබ කලින් කියුව ආගම් ගැන කෙසේ වෙතත් ආහාර හා භෝග පිලිබඳ මේ විස්තර සිංහලටත් පෙරලන්න ඕනේ. 🙂
          http://en.wikipedia.org/wiki/Wasabi
          http://en.wikipedia.org/wiki/Horseradish

          • මමත් මුලින්ම වසාබි අන්ඩර් එස්ටිමේට් කරපු දවසේ ඔය පොල්ලෙන් ගහන ෆිසිකල් සෙන්සේෂන්න් එක තමයි ආවෙ. ඒක කියන කොට මට මතක් උනේ, අපේ පොලිසියට බැරිද දන්නෑ ඔලුවට පොල්ලෙන් ගහනවට විකල්පයක් විදියට වසාබි ඉන්ට්‍රොඩියුස් කරන්න.

  9. මට මතකයි එක ටෙලිනාට්‍යයක බැලුවා, ගමේ ආරච්චිට ලැබෙන හොර දඩමස් පංගුව ගෙදර හාමිනේට හොරෙන් ආරච්චි යවනවා ගමේ ඉන්න වැන්දඹු ගෑනු කෙනෙක්ගේ ගෙදරට… ඒක ගෙනියන සේවකයට කියන්නේ “මිරිස් ඩිංගක් ඉස්සර කරලා උයන්න කියපං” කියලා.. ඊට පස්සේ ආරච්චිත් රෑට අර ගෙදරට ගාටන්නේ වලව්වේ හොට් නැත්තේ කෑම විතරක් නෙමේ හින්දා… 🙂

    • ඔතන නම් බිට්ල් දෙන්නගේ කැමැත්තෙන් කන කෑමක්. හැබැයි ඔය වලවූකාරයන් හා ආරච්චිලා කියන්නේ සමාජයේ පිඩිත මිනිසුන්ව තවත් පිඩිත කරපු මිනිසුන් කොට්ටාශයක්.

  10. රයිගම්…..මම ආසකරන සබ්ජෙක්ට් එකක්. දැන් ගොඩක් පරක්කුයි. දැන් එකතුකරලා වැඩක් නැහැ.මිස් වෙච්ච එක ගැන ඇත්තටම දුකයි. මම කෑම උයන්නේ කැමත්තෙන් සහ උනන්දුවෙන්.

    • චෙෆ්ට හිතෙන දේ ලියුවා නම් හොඳයි. මේවා කියවන මිනිසුන් නැවත බලන්නට එනවා. මේ දිනවල ලියපු සියල්ල පළ කළා. උඹට මග හැරුනේ ඒ නිසයි. මාත් ඔය ලියපුවා නැවත කියවනවා. ඒවායින් සමහරක් උඹලාට පෙනෙන්නෙත් නැහැ. මේවායින් ලෝකය වෙනස් කරන්න බැහැ. ඒක නිසාම තමයි මේ වගේ ඔය කෑමක් ගැන ලියන දෙයක් වැදගත් වන්නේ. අඩුම ගානේ පෞද්ගලික ජිවිතයට හෝ යමක් ඉගෙන ගන්නවා. 🙂

  11. මමත් සැරට කන්න ආස කෙනෙක්..ගෙදර අනිත් අයට වඩා තාතතයි මායි සැරට කන්න කැමතියි.. රයිගම් ගෙ අච්චාරුව කාලා බලනන් හිතුනා.. මෙහෙ තියන ගොඩක් දේවල් මට නම් සැර මදි.. දැන් නම් ඒ ගතියට හුරු වෙලා

    ආසාවට වාසාබිත් කාලා බලන්න දුන්නා මට මල්ලි.. 🙂

    • ඔබ සැර කෙනෙක් කියල මට හිතුනා!
      නිම්නි ළඟක නම් ඉන්නේ, අච්චාරු බෝතලයක්ම දෙන්නම්.

      • අනේ මම විහිලුවට කිව්වේ රයිගම්..ඔබට කරදර කරන්න හිතුවේ නැ……

        • කෙරුවේ විහිළුවක් නොවේ, ඉන්නේ ළඟ නම් බෝතලයක් දෙන්නම්. මා කොහොමත් බංග්ලාදේශ එකෙකුට එක බෝතලයක් දෙන්න පොරොන්දු වූවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s