People want closure and they want it badly!


ලංකාවේ පසුගිය දශක හතර තුල සිදුවුණ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කියන්න තියෙන්නේ, “දන්නෝ දනිති” කියා. මෙම අපරාධ වලට වගකිව යුතු, දැනට ජිවත්ව ඉන්න සියලු දෙනාම නීතිය හමුවට ගෙන්න ඕනේ කියන එකයි, මගේ මතය. ඒවා සිදු වුනේ බටලන්දේද, එලියකන්දේද, අරන්තලාවේදීද, මුල්ලි වයික්කාල් වලදීද කියන එක නොවේ ප්‍රශ්නය. නමුත් එය නිකම් අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතාවක් වගේ පමණයි. මොකද සමාජයේ පොදු මතය හෝ වෙන්න පුළුවන් දෙයක් නොවේ.

ඇමෙරිකාවේ කොන්ග්‍රස් එක හෝ මේ පිළිබඳව ක්‍රියා මාර්ගයක් ගත්ත වුනත්, සමාජ වෙනස් කරන්න එයාලට බැහැ. එවැනි දෙයක් යන්තමින් හෝ ඵලදායි වනු ඈත්තේ දෙමල අරගලයේ අන්තිම හරියට පමණක් සීමා නොවී මෙය 1971 සිට කරපු අපරාධ දක්වා සොයා බලන එකක් වුනොත් පමණයි. එවැනි තැනකට යන්න ජනමතයක් තියනවා නම් පුළුවන්. එවැනි දෙයකට එරෙහි වනු ඇත්තේ අපරාධකාරයන් පමණක් නොවේ, සාමාන්‍ය ජනතාව පවා.

ලංකා සමාජයේ විශාල පිරිසක් ජිවත් වන්නේ ලොකු ඛේදවාචකයන් තුල. වෙන මොකවක් නොවේ, ජිවත් වන්නේ තමන්ගේ සමීප පිරිසට වුනේ මොකක්ද කියල දන්නේ නැතිව. මේ කඳුළු තිරස්චීන විදිහට ප්‍රයෝජනයට අරන් බලය ලබා ගත්තු ඩබලක් තමා විස්කි චන්ද්‍රිකා හා මංගල බාන. මේවා ගැන යන්තමින් හෝ හිතන සමාජයක් නම්, මේ පුද්ගලයන් දේශපාලනයෙන් දැනටමත් අතුගෑවී සිටිය යුතුයි. නමුත් එම අපරාධවලට කෙලින්ම අහු නොවුන පිරිස් වලට ඕවා මහා දේවල් නොවේ. එම නිසාම අපරාධ කාරයන්ට පවා ළමා මනෝ විද්‍යාව ගැන උපදෙස් දෙන්නන් ලෙසත් පෙනී ඉන්න පුළුවන්.

ඒ වාගේම යහපාලනය කියන්නේ මොකක්ද කියා කියා දෙන්න, ලංකාවෙන් බටහිරට ඇවිත් දේශනා තියන එක නොවේ කළ යුත්තේ, තමන් කරපු වැරදි හා අපරාධ පිළිගැනීමයි. හරි නම්, දේශනා කරන්න කලින් වියට්නාමය හා උතුරු කොරියාව හරහා පොඩි ටුවර් එකක් ගිහිං, ඉතුරු සල්ලි තියනවා නම්, බටහිරත් බලාගෙන යන එකයි තියෙන්නේ. එතකොටවත්, ඔය අවුරුදු පතා සිරිතක් වශයෙන් කරන පොටෝ උස්සන් යන එක සමහරවිට නවත්වන්න සිතේවි.

බුදු දහම අපේ හරය කියන නලින්ද සිල්වාගේ ජාතික චින්තනය යටතේ හැදෙන අපේ සමාජයේ සිතා ගන්න බැරි පිරිසක් සිටින්නේ තිරිසන් අවධියක. මේකෙන් මිදෙන්න ඇමෙරිකාවේ ගිහින් ආචාර්ය උපාධි ගත්තත් බැහැ. ගොඩක් එවුන්ට උදැල්ලක් දුන්නොත් ඇති. පසුගිය දා මාධ්‍යයට නිරාවරණය වුන චායාරූප මට නම් අමුතු දේවල් නොවේ. මේවා දකුණේත් කළා. එකම දේ, එදා මේ තරම් මොබයිල් ෆෝන් හා වෙනත් මාධ්‍ය තිබුනේ නැහැ.මේවා කරපු දේවල් වලින් ස්වල්පයක් පමණයි. ඒ වගේම ඕනෙම මොහොතක මේවා යලිත් වෙන්න පුළුවන්.

ඇමෙරිකාවේ ගිහින් ලිබරල්වාදය හා යහපාලනය මාස ගණන් ඉගෙන ගත්තත්, ඇමෙරිකාවෙත් වන එක දෙයක් නම් ඉගෙන ගන්නේ නැහැ. එහි ජනපතිවරණයට එක පාරක් ඉල්ලලා පැරදුනොත්, ආයිත් නම් ඉල්ලන්නෙත් නැහැ, නොමිනේෂන් හම්බ වෙන්නෙත් නැහැ. එහෙම කෙනෙක්, මා ගිවිසුම් වලට අත්සන් නොකළ නිසා ඔය ජාත්‍යන්තර එකවුන්ටබිලිටි අපව අල්ලන එක බොරු කියුවත්, සාමාන්‍ය ජනතාවට වරදක් ලෙස හිතන්නේ නැහැ.

මේ තිරිසන් සමාජය වෙනස් කරන්නේ කොහොමද? මා ඉන්නේ වෙන රටක. මෙහෙත් වෙන සියලු දේවල් සමග මගේ එකඟත්වයක් නැහැ. හැබැයි, මට මගේ සිතිවිලි බෙදා ගන්න පුළුවන් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා.

ප ලි
තිරිසන්බව දෑසින් දැක, මනුෂ්‍යයන් වසයෙන් ජීවත් වන ලෝකේ සියලු දෙනා වෙනුවෙන් මා ලියුවේ!

Advertisements

12 Comments

Filed under Opinion

12 responses to “People want closure and they want it badly!

  1. උඹ දන්නවා නේ අපි ඔය ගැන කතා නොකරනවා නෙමෙයි. ඒත් අපිට ඕවා ගැන ලියන්න බෑ. මොකෝ මේවා රජගෙදරත් බලනවා කියලා අපි දන්න නිසා. ඉතින් තියෙන පොඩි නිදහසත් නැති කර ගන්න ඕන නෑ නේ.

    • මා දන්නවා මාතලන්, හැබැයි ඔය යන විදිහට ඒ නිදහසත් කොතරම් කල් පවතීද කියන එක සැකයි. අනික 60% ක වගේ පිරිසක් අනුමත කරනවා නම්, වෙන මොනවාද ඕනේ කරන්නේ?

  2. ‘යහපාලනය’ කියන්නෙ මොකක්ද කියල චන්දදායක්යන් බහුතරයක් නොදනී, ඔවුන් එය බලා පොරොත්තු නොවේ.
    සමහරවිට අපිට නිදහස තව අවු 30 ක් පමණ පසු ( ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සෑහෙන දුරට තේරුම් ගත් සහ වෑඩවසම් ආකල්ප අඩුවු සමාජයක් දියුණු වූ පසු ) ලෑබුනා නම් චන්ද දායන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වියහෑකිව තිබුනා.
    සර්වජන චන්ද බලයත් ඉක්මන්වුනා වෑඩියි.

    Democracy and good governance developed over a period of over 1000 years in England. Even 200 years ago things were quite bad in UK (eg rotten boroughs ). The government and the governed improved together gradually.
    In SL, partly due to foreign invasions, a fully local system did not have the chance to develop. (even from Magna Carta in 1215 , England had 800 years of continuous and uninterrupted social and democratic development )
    A’pura would have been quite advanced for the time, but it was downhill from there and the Sinhala kingdom in 1815 was an extremely backward system.
    Whatever you say about imperialism, a lot of British politicians ( not all but a fair number ) of the mid to late 19th and early 20th centuries were quite liberal and made genuine attempts to introduce democracy and good governance to the colonies.
    We did not have enough time to grasp the concept of universal franchise and democracy before we were given freedom to govern ourselves. You can’t blame only the politicians. Our people were/are backward and they get leaders they deserve!

    • I know Pra, it is hard to live without your “mother tongue” ? 😀
      Even 40 years ago things were bad. oya ape nangilaa amerikave gihin bayila liyanne, because people fought for a change. They (nangila) can sing bayla, because of that.
      ඔබ දන්නවද ස්වභාවික වරණය. එහිදී වන්නේ මේකයි. දැන් ගහණයක ඉන්න සතුන්ගේ යම් ලක්ෂණයක්, එයාලගේ පැවැත්ම සඳහා අන් සතුනට වඩා වැඩිපුර උදවු වෙනවා නම්, කාලයක් යනවිට උන් ගහණයේ ප්‍රමුඛයන් බවට පත් වෙනවා. ඒක වන්නේ මෙහෙමයි. අර විශේෂ ලක්ෂණය තියන පිරිස් එන්න එන්න ගහනයේ වැඩි වනවා. මොකද අනෙක් එවුන්ට වැඩිකල් ඉන්න බැහැ. මැරිලා යනවා. දෙවන පරම්පරාවේ දෙමාපියන් අතර ප්‍රමුඛ ලක්ෂණය ආයිත් වැඩියි. මොකද මවත් පියත් දෙන්නටම අර ලක්ෂණය තියනවා. කෙමෙන් කෙමෙන් එම ලක්ෂණය නැති පිරිස් නැතිවී යනවා. දැන් DDT වලට ප්‍රතිරෝධයක් නැති මදුරුවන් මැරිලා යනවා. ඉන්න දෙතුන් දෙනා ආයිත් වර්ගයා බෝ කරනවා. උන් ඉතුරු වන්නේ, උන්ගේ ප්‍රතිරෝධී ගතිය නිසා. මෙහිදී සතුන් අහඹු ලෙස තෝරා ගැනෙන්නේ නැහැ.

      දැන් දශක හයකින් පසු දේශපාලනයේ ඉතිරිවී ඉන්නේ, මානව වර්ගයට එරෙහි අපරාධ කාරයන්, කුඩු කාරයන් හා ස්ත්‍රී දුෂකයන් විතරක් කියනවා නම්, එයටත් අර ඉහත තේරීම් ක්‍රියාවලිය අදාලයි. මෙතැනදී අහඹු තේරීමක් නොවේ. මිනිසුන් විසින් තෝරා ගැනීමක්.

  3. තේරීම් ක්‍රියාවලිය නිසා ලන්කාවේ පාලනය නරක් වෙන විදිහට අනෙකුත් රටවල් බහුතරයක නොවෙන්නේ ඈයි?

    • ලංකාවේ අප තෝරන්නේ ඉන්න පුළුවන් ජරාම කට්ටිය නිසා. මිනිසුන් සංවේදී නැහැ. වදකාගාර නොවේ, මිනි මස් කෑවා කියුවත්, අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මහජන මුදල් ගසා කන බව, ඇස් පනාපිට පේන්න තිබෙද්දී, එයාලටම ගහනවා. එක පාරක් බොරු කියල, බලයට ඇවිත් පිස්සු නැටුවත්, ආයිත් වෙන බොරුවක් කියලත් චන්ද ගන්න පුළුවන්.

      මෙහෙ මා කලින් සටහන් දෙකක ලියුව, ගණිකා මඩම් වල වෘත්තීය සමිති මුදල් වලින් කරක් ගහපු හාදය, උසාවියෙන් වරදකරු වෙන්න කලින්ම, ජනතාව ප්‍රතික්ෂේප කළා. ස්වාධීනව ඉල්ලපු ඔහුට ලැබුන චන්ද ප්‍රතිශතය 2% යිද කොහෙද. ලංකාවේ මේ වගේ එකෙක්, වැඩිම මනාපයෙන් පත් වෙනවා.

      මා වචනයට පෙරලුවේ, ලංකාවේ දැනුවත් චන්ද දායකයෙකුගේ සිතිවිලි කියන්න පුළුවන්. දැන් බලන කොට කොතරම් දුර මේ ක්‍රමය ඇවිත්ද කියනවා නම්, පොදු අපේක්ෂකයා ලෙස විමල්ව තමා තොර ගන්න වෙලා තියෙන්නේ. ඒකම චන්ද දායකයෙකු ලෙස ඉච්චා භංගත්වයට කරුණක් නොවේද ප්‍රා?

  4. ප්‍රශ්නෙ තියෙන්නේ ඔබ පතනා ලොව මේ රටේ නම් කවදාවත් හැදෙන්නේ නෑ. හැදෙන්න දෙන්නෛත් නෑ. ඒ ජන්ද දායකයා කියන අප මයි. ඉතින් ඔබ කියනා රටකට ඇවිත් ඉන්න වීසා ලැබෙන්නෙත් නෑ. ඉතින් අපට කාගේ පිහිටද?

    • හරි ඇත්ත නලින්. ඔබ කියන දෙයම මට තව කෙනෙකුත් කියුවා. මා හිටියා නම්, ඔය සිතිවිල්ලම ඇති වේවි. පෙනෙන තෙක් මානයක, ජාතික නායකයෙක් (අඩුම ගානේ මන්තර ගුරුකම් නොකරන) නැහැ. 😦

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s