කැතින්ස්කියි රස්ත්‍රෙල් (1)


Roger_rogerson-630

ඉහතින් තියෙන්නේ සිඩ්නි නුවරදී සරසවි සිසු ජෙමි ගාඕ ගේ මරණය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමලත් පොලිස් පරීක්ෂකයෙකු වන රොජර් රෝජර්සන්ව අත්අඩංගුවට අරන්, වාහනයට නග්ග ගන්න මොහොතයි. දැන් රොජර්ව ක්වින්ස්ලන්තයේ කෙහෙල් පඳුරු අතරේ හංගා ඇති ආයුධ සොයන්න එක්ක යාවිද, යාරා ගඟේ මාංචු පිටින්ම පිහිනවන්න උගන්වන්න ගෙනියාවිද වැනි ප්‍රශ්න ගැන නම් තාම ප්‍රධාන මාධ්‍ය කතා කරලා නැහැ.

ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවේ සිදුවන මරණ පිලිබඳ තාමත් වාර්තා වෙනවා. විශේෂයෙන් උතුරු පැත්තේ. ඒ වගේම පොලිසියේ ජාතිවාදී හැසිරීම්, පමණට වඩා බලය යෙදවීම්, නොසැලකිලි කම නිසා අපරාධකරුවන් ගැලවී යාම් ගැන අදත් අසන්නට ලැබෙනවා.

මා වගේම සමාජයේ බහුතරයකට පොලිසිය අවශ්‍ය වන්නේ කලාතුරකින්. මා අන්තිමට පොලිසියකට ගියේ දැනට වසර කිහිපයකට කලින් මගේ සහතිකයක පිටපතක් සත්‍ය පිටපතක් බවට සහතික කර ගන්න. පිටපත සහතික කිරීම පැත්තක දැමුව ඇය, මගේ සහතිකය බලල කියුවේ, මෙවැනි “ලස්සන සහතිකයක්” ඇය මින් පෙර දැකල නැහැ කියලයි.

එහෙම වුනත්, පොලිසිය අපට අවශ්‍ය වුනොත් එය වැඩ කරන හැටියට, අපගේ ඉදිරි මුළු ජිවිත කාලයම රැඳී තිබෙන්න පුළුවන්. මෙය පෞද්ගලික ජිවිතයට පමණක් නොවේ, සමාජයේ පොදු පැවැත්මටත් එකසේ බල පවත්වන දෙයක්. එනම්, අපගේ “සාමාන්‍ය ජනජීවිතයේ” පැවැත්ම තීරණය කිරීමට, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය බෙහෙවින්ම බලපානවා.

පොලිසියත් සමන්විත වන්නේ සාමාන්‍ය ජනයාගෙන්ම නිසා, ඔවුන් අතරත් ජාතිවාදීන්, අපරාධ වලට නැඹුරුවක් තියන අය, මත්ද්‍රව්‍ය වෙළඳාම්කරුවන් හා ලිංගික පීඩකයන් යනාදී වශයෙන් නොයෙක් මිනිසුන් ඉන්න පුළුවන්. මේවට බඳවා ගැනීමේදී පුද්ගලයෙකුගේ ඉතිහාසය සෙවුවා වුනත්, මිනිසුන්ගේ චිත්තය ස්කෑන් කරාන්න ක්‍රමයක් සොයාගෙන නැහැ. එහෙම සොයා ගත්තත් වැඩක් නැහැ. මොකද මිනිසුන් වෙනස් වෙනවා.

හැබැයි පොලිසිය විතරක් නොවේ, වෙනත් එවැනි ආයතන වල ක්‍රියාකාරිත්වයට පොදු සමාජයේ මෙන්ටලිටි එක බලපානවා. එම මෙන්ටලිටි එක, සිවිල් සමාජයේ හා ජනමාධ්‍ය වල ක්‍රියා කාරිත්වය මගින් පමණක් නොවේ, ඔය කෝපී කඩේ ඕපදූප වලිනුත් පිළිබිඹු වෙනවා.

කොහොම වුනත් අර ප්‍රා කියුවා වගේ සමාජ පරිණාමය බොහොම හෙමින් සිදුවන දෙයක්. සමාජ නොවේ ඕනෙම පරිණාමයක් සිදුවන්නේ බොහොම හෙමින්. ඕස්ට්‍රේලියාවේ “සුදු පමණක්” සංක්‍රමණික ප්‍රතිපත්තිය සහමුලින්ම අත්හළේ 1973 වසරේදී. ඇමරිකාවේ තිබුන ජාතීන්/හම අනුව සේවා සැපයීමේ ප්‍රතිපත්ති/නීති නැති වුනේ පනහ හැටේ දශක වල කියන්න පුළුවන්.

ඔය සිංහලයෙන් පමණක් කියවීමේදී මේවා ගොඩාක් වෙලාවට මග හැරෙනවා. දැදිගම වී රුද්‍රිගුගේ පරිවර්තන කියවන අතරම, රෝස පාර්ක්ස් ගැනත් කියවන්න අවශ්‍යයි. වෙන මොනවාවත් එපා, ආගමික හා අධ්‍යාපන සංස්ථා වල සිදුවුන ළමා ලිංගික හා වෙනත් අපචාර සොයා බල ඕස්ට්‍රේලියානු රාජකීය කොමිසම හමුවේ විවුර්ත වුන දේවල් සමහරක් ඉතා ඛේදනීයයි වගේම, ඒවා සමහරක් මේ මෑතක සිදුවුන දේවල්.

ලෝකයේ හැමතැනම ජරා වැඩ සිදු වුනා, අදත් වෙනවා. හැබැයි සමහර සමාජ මෙයට දශක දෙක තුනක් කලින් හිටියාට වඩා, මානව අයිතිවාසිකම්, අනෙකා ගැන සැලකිලිමත් වීම යන කරුණු වලින් ඉදිරි තැනක ඉන්නේ. ජාතිවාදයට එරෙහි වීම, ආගම් ඇදහීම හෝ නොඇදහිම පිලිබඳ නිදහස, ලිංගික ආකර්ෂණයේ නිදහස, ළමා අපචාර වලට එරෙහිව ගත්තු පියවර වගේ දේවල් උදා හරණ. හැබැයි තවත් සමහර සමාජ දශක කිහිපයකට පෙර හිටපු තැනින් එහාට ගිහින් නැහැ. මේ ඕනෙම සමාජයක ඉතාම ජරා ඒකීය පුද්ගලයන් ඉන්නවා. හැබැයි දෙවෙනියට කියුව ඒවායේ පොදු මතයම ජරා.

ඉදිරියට ගියපු සමාජ මා හිතන්නේ, ඔවුන් අතීතයේ කරපු වැරදි පිලි අරන් යන්තමින් හෝ නිවැරදි කර ගන්න උත්සහ කරපු අය. නීති, ව්‍යවස්ථා යනාදී ක්ෂේත්‍ර වල අවශ්‍ය පරිදි සංශෝදන හා වෙනස්කම් කිරීමෙන් තමා සමහර ප්‍රගති අත්කරගෙන තියෙන්නේ. හැබැයි අධ්‍යාපනයේ වෙනස්කම්, විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ වෙනස්කම් සමාජයේ පොදු ආකල්ප වලට වඩාත්ම බලපාන දෙයක්.

මිනිහෙක් වැඩිහිටියෙක් වුන පසු ආකල්පමය වෙනස් කම් සිදු වන්නේ ටිකයි. මා තරුණ අවධියේ වෙන රටක ගත කිරීමට ලැබීම නිසා, මා සිතන අයුරේ විශාල වෙනසක් වුනා. ඉන් පසු තවත් සමාජයකදී එය තවත් වෙනස් වුනා. මේ සියලු සමාජ වලදී හමු වුන ජරා මිනිසුන් හා සිද්දි මතක් කරන්න මට පුළුවන්. ඒ වගේම මාත් ජරා මිනිසෙකු ලෙස දැකපු පිරිසත් ඒ රටවල් වල ඉන්න ඇති. ඒත් එම සියලු සිද්දි වල සංකලනයක් ලෙස අද මා සිතන අයුරු හැඩගැසුනා.

එතකොට සමාජයක් වෙනස් කරන්නේ කොහොමද කියන එක ලොකු කොනන්ද්‍රම් එකක්. එයට කෙටි කාලීන හෝ ඒකීය පුද්ගල විසැඳුම් නැහැ. කෙනෙක් තමන්ගේ අදහස් හා කල්පනා ලියුවා කියල මොකවත් වෙන්නේ නැහැ. එය දීර්ග කාලීන, සෙමෙන් කෙරෙන හා කල යුතු කටයුත්තක්. හැබැයි ඉබේ වන්නේ නැහැ. මැදිහත්වීම් කරන්න පුළුවන්. එවැනි මැදිහත් වීම් සිදුවනු ඇත්තේ නම්, සමාජයේ ඒකීය පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මතම තමා.

මුළු රටේම උසස් අධ්‍යාපන ආයතන ගැන ප්‍රතිපත්ති සම්පාදන ප්‍රධානියා, කෙලින්ම තම තනතුරේ පංගුකාරත්වය හා ගැටෙන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තනතුරක් බාර ගෙන, එහි කිසිම වරදක් නැතැයි පම්පෝරි ගැහීම තුල තිබෙන්නේම සමාජයේ සමස්ත පරිහානියයි. අනාගත උසස් අධ්‍යාපන ඇමති වරයාත්, පෞද්ගලික සරසවි හිමිකරුවෙක් වීම මෙහි ඉදිරි පියවරයි.

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “කැතින්ස්කියි රස්ත්‍රෙල් (1)

  1. maheshrathnayaka

    පොලිසිය නේ….
    අපේ පොලිසිය ගැන මොනා කියන්නද…
    ඕට්ටේලියාවෙ පොලෝසියත් ඔහොමවෙච්චි කොට නේ…
    මං හිතන්නෙ ඔය කළු සුදු පුස්නෙ නෑ නෑ කීවට හැම රටකම තියෙනව කියල…

    • මහේෂ් please don’t jump to hasty conclusions! ඔය ප්‍රා පහතින් කියල තියෙන්නේ. අප මේ සංසන්දනය කරන්නේ, ගින්දරයි, වතුරයි.

  2. හෑම රටකම පාහේ අපරාධ, සමාජ විරෝධී ක්‍රියා, දේශපාලන හා පරිපාලන දූෂන වෙනවා. වෑදගත් වෙන්නෙ ජනගහණයට අනුව ඒවාගේ ප්‍රතිශතය, ඒවා වෑලෑක්වීමට ඈති යන්ත්‍රණවල කාර්යක්ෂමතාව ඒවාට ඈති සන්වේදීත්වය ආදිය.
    උදාහරණයක් වශයෙන් ලන්කාවෙ අය කියනවා බටහිර රටවලත් දූෂිත දේශපාලකයන් ඉන්නව කියල.
    ඇත්ත, ඉන්නව . ඒත් ප්‍රතිශතය මොකක්ද, දඩුවම් ලෑබෙනවද, ඉල්ලා අස්වෙනවද? චන්දෙ පරදිනවද, මිනිස්සු ගණන් ගන්නවද, ඒවා හොයා බලනවද, හොයා බලන ආයතන ස්වාධීනද, යාන්ත්‍රණ කාර්යක්ශමද කියන ඒව සලකල ලන්කාවත් එක්ක සන්සන්දනය කලහම ලන්කාව කොතනද තියෙන්නෙ කියන එක පේනව.
    (Hey, Raigam,
    See, I did it without the “mother tongue”, mate ! )

    • ලංකාවේ තියන ගජමිතුරු/පවුල් පාලනය මේ රටවල් වල තියන ප්‍රජාතන්ත්‍රවාදය සමග ඔබ කියනවා වගේ සංසන්දනය කරන්න බැහැ. අර මා කලින් සටහනේත් ලියුවේ අන්න එක. ඔබත් කියුවේ ඒක. ඔය ගෑනියි, මිනිහයි දෙන්න පන්ගුකාරත්වය ගැටෙන තනතුරු දෙකක ඉන්න අතරේ, දැන් ගෑනි තවත් පන්ගුකාරත්වය ගැටෙන තනතුරක් අරගෙන. එතැනින්ම පේනවා ලංකාව හා එහි උගත්තුන් කියන මිනිස්සුත් කොතරම් නියන්ඩතාල් ද කියා.
      I was kidding before. I don’t mind in what language you write (as far as I can understand it , of course)! 🙂
      මගේ බ්ලොගයේදී භාෂාව ඔබට කියන්න ඕනේ දේ නොකියන්න බාදාවක් කර ගන්න එපා. මාත් ලියන්නේ කලවම් භාෂාවකින්. එය තමා වඩා ප්‍රායෝගික හා කියවන්නට ප්‍රිය ක් උපදවන්නේ කියා මා හිතනවා.

  3. Anonymous

    // ඕනේ දේ නොකියන්න බාදාවක් කර ගන්න එපා//
    ඒකියන්නෙ “කියන්න බාධාවක්” 😀
    Sorry, I just couldn’t help the quip !
    Anyway, Living in SL, it’s not good for mental health to be serious all the time, eh?

    • I wanted to say something else. 😀
      ඔබට ඕනේ දේ භාෂාව බාදාවක් කරගෙන නොකියා ඉන්න එපා කියන එකයි මට කියන්න ඕනේ උනේ.
      හැබැයි අරකෙත් ඒ තේරුම ටිකක් තියනවා තියනවා වගේ නේද?
      Irrespective of the country (of living), we all need to have a sense of humour. 🙂