One is right and the other one is right, too!


අපේ ජීවිත වලම තියන සංකීර්ණත්වය ඔබට අමුතුවෙන් කියල දෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ අපේක්ෂා භංගත්වය හා අසරණකම වැනි හැඟීම් වලින්ද පිරුනක්. ගොඩක් දෙනාගේ ජිවිත ඇතුලේ, පිටට නොපෙනෙන කතන්දර විශාල සංඛ්‍යාවක් තියෙන්න පුලුවන්.

මා ලංකාවේ ඉන්න විට මගේ චන්දය පාවිච්චි කල කිසි වරක මට දිනන පිලේ ඉන්න බැරි වුනා. මෙහෙත් දිනන පිල ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඒ කියන්නේ මා සුළුතර ගොඩට තමා මේ හැම අවස්තාවකදීම වැටිලා තියෙන්නේ. ඒ විතරක් නොවේ සංක්‍රමණිකයෙක් වශයෙනුත්, මා මේ සමාජයේ සුළුතර ගොඩට වැටෙන්නේ.

හැබැයි, අද ඉඳ හිට ලංකාවට ආවොත්, මෙහෙදී දැනෙන වට වැඩියෙන් සුළුතර හැඟීමක් ලංකාවේදී සිතට එනවා. කඩේදී බඩුවක් ගන්න කොටත්, පාරේ වාහනයක් එළවන විටත්, බැංකුවකට ගියත් ඉච්චා භංගත්වයට පත්වෙන අවස්තා, අසරණයයි දැනෙන අවස්ථා තියනවා.

ටික දිනකට නේද කියා මෙවැනි අවස්තා ඉවසීම හැරෙන්න, වෙන දෙයක් කරන්නේ නැහැ. මේවා සමග ගැටී, කර ගන්න ආපු වැඩෙත් වන කරගෙන, පිහි ඇනුමකුත් කාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඇත්තම කතාව ඒකනේ. හැබැයි ප්‍රා ලා ගේ ඉච්චා භංගත්වය එයට එහාට ගිය දෙයක්.

මහා සමාජය කොහොමද අප හදන්නේ, අපට තෝරා ගන්න පුළුවන් දේවල්ද අනුන්ට තෝරන්න දීලා නිකම් ඉන්නවා නම්. මා කලින් කොමෙන්ටුවක ජීවිතය සාපේක්ෂව පහසුයි කියුවේ, අර පොලිස් නිලධාරිනිය ලස්සනයි කියුව සහතික පත් වලින් ගත්තු අධ්‍යාපනය නිසා නොවේ. යකැදුරන්, ප්‍රේතයන්, කට්ටඩියන් පස්සේ නොයෑමට ලබා ගත් අධ්‍යාපනය නිසා. කේන්දර බලමින්, නැකත් සොයමින්, කුකුලන්ගේ බෙලි කපමින් ජිවත් වන්නට ඉගෙන නොගත් අධ්‍යාපනය නිසා. මෙලොවේ මෙච්චර ප්‍රශ්න තියෙත්දී, ඒවා පසෙක ලා පරලොවක් පස්සේ නොයෑමට ලබා ගත් අධ්‍යාපනය නිසා. තමන්ගේ දරුවන් කරන්නේ මොනවාදැයි නොසොයමින්, අනුන්ගේ දරුවන්ට හරි වැරදි කියා දෙන්නට නොඋගත්, අධ්‍යාපනය නිසා, අනුන්ගේ පවුල් වල ප්‍රශ්න විසඳන අතරේ, මහා මඩ ගොහුරුවක ජීවත්වන්නට නොඋගත් අධ්‍යාපනය නිසා.

මා කලින් සටහනට අදාළ කර ගත්තේ දේශපාලන කතාවක් වුවත්, එහි තියෙන්නේ, මනුෂ්‍යත්වයට අදාළ කතාවක්. එය දැනට අතුරුදහන් වී ඇති, තවමත් සොයන මැලේසියානු ගුවන් යානයේ සිටි පිරිසගේ ඥාතීන්ට ද ලොවපුරා වසන තවත් දහස් ගණනකටද අදාළයි. අර මා කලින් කියුවා වගේ මේ දේවල් වලට අපට කරන්න පුළුවන් දේවල් හරිම සීමිතයි. අඩුම ගානේ දෙන චන්දයත් තියෙන්නේ, සුළුතර ගොඩේ නම් තවත් මොන කතාද? ඒ චන්ද බහුතර ගොඩට ගියත්, අප බලාපොරොත්තු වන වෙනස් නොවෙන්න ඉඩ තියනවා. සුළුතර ගොඩට වැටුන නිසා අපට සිහින හෝ මවන්න පුළුවන්.

ප්‍රා ලියා ඇති පරිදි මා ජිවත් නොවුනත්, ලංකාවේ ජිවත් වන කොටසකගේ ජීවිතය dispersing කියා මටත් හිතන්න පුළුවන්. ඒ අය සුළුතරය කියල සිතන්න පුළුවන්. බහුතරය සිතන්නේ වෙනත් විදිහකට කියාත් උපකල්පනය කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ කෙරෙන දේවල් පවා සමහරවිට dispersing. නමුත් ලංකාවේ වගේ නම් වෙන්න බැහැ. හැබැයි මා අර කලින් ලියුව කාණ්ඩයේ ජිවිත ලෝකේ කොහේ හිටියත් වඩාත් dispersing.

අප ස්ටාලින්ගේ කුරිරු කම් විවේචනය කරන අතරේම, අප අවටත් ස්ටාලින්ලා, පොල්පොට්ලා හා හිට්ලර්ලා ගේ ලඟින් යන කට්ටිය හිටිය බවත්, තවමත් ඉන්නා බවත් අමතක කරන්නත් හොඳ නැහැ. එවැනි පිරිස් (එනම් ඒ බව අමතක නොකරන) වැඩි වුන දවසක සමහර විට, ප්‍රාත් මාත් දෙන්නම බහුතර පිලේ ඉන්නත් බැරි නැහැ.

අද මා මේ කතාව කියන්න තෝරා ගත්තේ පුවත් 3 ක්. එකිනෙකට බැඳී ඇති මේ පුවත් වලින් ලෝකයේ තියන සංකීර්ණත්වය හෙළි වෙනවා. එකක් තමයි පසුගිය මාසයේ මියගිය පෝලන්තයේ කොමියුනිස්ට් පාලනයේ අවසාන පාලකයා වුන ජනරාල් වොයිචෙක්හ් යරුසේල්ස්කිගේ මරණය.

අනික තමා පෝලන්තයේ ජිවත් වන සාමාන්‍ය යුවලකගේ ජිවිත වෙනස් වීම තොරතුරු කියවෙන පුවත.

අනික තමා පෝලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා 25 වසරක් පිරිම සමරන මොහොතේ, එම සටනේ නායකත්වය දැරූ දෙදෙනා වන ලේහ් වලෙන්සා හා ඇඩම් මිච්නික්ගේ අදහස්. මොවුන් බටහිර හා පල්ලියේ ඒජන්තයින් වශයෙන් නේ හඳුන්වන්නේ.

ඔබට මේවා වැඩක් නැහැ කියා සිතෙනවා නම් කියවන්න එපා. සෝවියට් වරුන්ගේ අත්අඩංගුවේ සිටිය යරුසේල්ස්කි අන්තිමට ඒ ක්‍රමය පවත්වාගෙන යන්නම දායක වීම, නිකම්ම සරල කරුණක් නොවේ. ඔහුගේම වචන වලින් කියුවොත්, යුද්දයට පෙර ඒ රටේ තිබුන තත්වයත් එයට හේතු වුනා. ඒ විතරක් නොවේ, නාසීන්ගේ ක්‍රියාකාරිත්වයත් හේතුවක්. හැබැයි බලය මාරු වීමේදී ඔහුගේ භූමිකාව පොසිටිව් එකක් කියල කියන්නේ ප්‍රතිසංස්කරණ වල පුරෝගාමී ඇඩම් මිච්නික් කියනවා “Jauzelski’s role was positive, during the Round Table and after it,” Mr Michnik said. “He was a very loyal president toward the democratic changes that were taking place.” කලක් ප්‍රතිවාදීන්ව සිටියත්, යරුසේල්ස්කිගේ අවමගුලට ඔවුන් සහභාගී වන්නට ඇත්තේ ඒ නිසාම වෙන්න පුළුවන්.

ඒ වගේම තමා අර සාමාන්‍ය යුවල කියන කතාව. එනම් ඔවුනගේ ජිවිත වෙනස් වීම ගැන ඔවුනගේ අදහස්. සියලු වෙනස්වීම් ඔවුන් හිතුව ආකාරයේ ඒවා නොවේ. එකයි ඔවුන් මෙහෙම කියන්නේ. But they don’t view all change as progress. They see a new a worship of money that is eroding a traditional focus on family and culture. They don’t like how commercial Christmas has become. Their isolation behind the Iron Curtain seemed to deepen friendships and create more time for human interaction, something they miss. අප පවා ඉගෙන ගන්න කාලේ, තුනී ජැකට් කෑල්ලක් දාගෙන පාරේ ගියොත් “සිනොක් (පුතේ), ඔහොම ගිහිං ලෙඩ වෙන්න එපා” කියපු ආච්චිලා හිටියා. ඔවුනගේ තරුණ විය ලෝකයේ කුරිරුතම යුද්දයට සේදී ගියත්, මනුස්සකම නම් නොසේදී තිබුන වග මේ පොඩි දෙයින් වුනත් පෙනෙනවා.

ඒකයි අර යුවල කියන්නේ “It’s hard to say if things are better now,” said Alicja. “We weren’t less happy then.” කියා. The couple also feels that, in the birthplace of Lech Walesa and his Solidarity movement, too many people have become politically disengaged. They are particularly dismayed that fewer than 24 percent of Polish voters took part in the May 25 elections for the European Parliament.

අපත් සමහරවිට මේ ඝනයටම අයිති වෙනවා “People complain that the prime minister is bad, the president is bad,” Cezary said. “They just complain, but they don’t vote.”

ලෙහ් වැලෙන්සා කියන පරිදි “The mistake that I made, damn it, was handing victory to bureaucrats and politicians. And they do things their own way,” he said. “This is not the Poland that we fought for.” කියන එක මුළු නැගෙනහිර යුරෝපයටම පොදුයි කියා මා හිතනවා. ඒ අවුරුදු විසි පහකට පසුව.

වැලෙන්සා ජනාධිපති පදවිය දැරුවේ අවුරුදු පහයි. රට බේරා ගත්ත කියා මුළු ජිවිත කාලයම රජකම නොගැනීමට, ඔහු මනුස්සයෙකු හැටියට හිතපු හැටි විතරක් නොවේ, ඒ සමාජය හිතන හැටිත් හේතු වන්න ඇති.

ඒ විතරක් නොවේ ඒ සමාජක්‍රමය වෙනස් වීම සාපේක්ෂව මටසිලිටුව සිදු වුනා. Despite such problems and 11 percent unemployment, Michnik says the social cost of Poland’s democratic transition has been “very low.”

“Have you ever seen such a huge historical change without social costs? Our costs were exceptionally low: no gallows, no civil war, no barricades.”

මා නාසීන් හා සෝවියට්වරුන් එක මල්ලට දමා නොලියන්නේ, එහි ඉගෙන ගත් නිසාම නොවේ. ඒ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නැතුවා පමණක් නොවේ සස්ටෙනබල් ද නැහැ. හැබැයි සාමාන්‍ය මිනිසුන්ගේ සමාජයේ අපට තේරුම් ගන්නට අසීරු මනුස්සකමක්ද තිබුනා.
He did not turn against the Soviet Union because he said he met kind and caring people there and was attracted to an ideology that seemed to address the social injustices he witnessed in pre-war Poland. යරුසේල්ස්කි කියන්නේ ඔවුන් ගැන වෙන්නත් පුළුවන්.

http://www.theaustralian.com.au/news/world/polands-wojciech-jaruzelski-dies-at-90/story-e6frg6so-1226931441109

http://abcnews.go.com/International/wireStory/poland-bids-farewell-communist-leader-23924009

http://www.nbcnews.com/id/55292596/ns/world_news-europe/t/polands-walesa-kneels-prayer-funeral-mass-former-foe-jaruzelski/#.U40pp1Z-99M

http://www.ajc.com/news/ap/top-news/poles-reflect-on-life-before-and-after-1989/ngBdB/

http://news.yahoo.com/authors-polish-democracy-see-good-bad-side-074335839.html

Advertisements

18 Comments

Filed under Opinion

18 responses to “One is right and the other one is right, too!

  1. පොලන්තයේ වැලෙන්සාට සිතුනු දේම වෙන්න ඇති නේද, ද.අප්‍රිකාවේ මැන්ඩෙලාට හිතෙන්නත් ඇත්තේ. බලය අතහැරපු මිනිසුන් සහ බලය අතනොහරින්නට නොයෙකුත් අංචි අදින අයගේ වෙනසට හොඳම උදාහරන,

    • ඔව්. මැන්ඩේලා මෙන්ම F W ඩි ක්ලර්ක් ද වීරයෙක්. බලය හොදම විදිහට මාරු වෙන (smooth transition of power) විදිහට බලය අත හැරීමත් ලොකු වීර කමක්

      • ඔව් අරූ, ඔබගේ සැසඳීම් හරිම හරි. මේ දෙදෙනාම බලය ලබා ගන්න මහත් කැප කිරීමක් කරපු දෙදෙනෙකු, වුවත් ඔවුන් බලය ඇත හැරියේ බලාපොරොත්තු වුන ලෝකය ගොඩ නගන අරමුනින්මයි. එය එක්තරා දුරකට සාර්ථකයි. බලන්න දකුණු අප්‍රිකාව කියන්නේ මැතිවරණ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. සමාජ හා ආර්ථික තත්වය හොඳ නැහැ තමා. නමුත් බලය අත් නොහැර අල්ලාගෙන ඉන්න සිම්බාබ්වේ සීයාගේ රට හා සසඳන්න. අන්න එතකොට මැන්ඩෙලාගේ අගය ඔබට තේරෙනවා.

        ඒ වගේම තමා පෝලන්තය. නැගෙනහිර යුරෝපයේ බලය මාරු වුන රටවලින් වඩා හොඳින් මැතිවරණ ක්‍රියාත්මක වන රටක්. ඔය පැරැණි සෝවියට් රටවල් බොහොමයක තාමත් ඉන්නේ, කොමියුනිස්ට් පක්ෂයේ හිටපු අයගේ ඒකාධිපති හා දුෂිත පාලකයන්. බෙලරුසියාව,කසාක්තානය, උස්බෙකිස්තානය, තජිකිස්ථානය යනාදී රටවල් ඉන්නේ පරණ කොමියුනිස්ට් යක්කු. මෙකුන්ව පන්නනත් බැහැ. දුෂණය අතින් මහා රජා වගේම තමා. උක්රෙනයේ හිටිය දුෂිත යක්කු හින්දා තමයි අද ඒ රටේ සිවිල් යුද්දයකට මග පාදෙමින් තියෙන්නේ. රුසියානු බලපෑම දෙවෙනි එකක්.

        ඉතිං මැන්ඩෙලා හා වැවෙන්සා දෙදෙනාම වඩා හොඳ පාලකයන් කියා අපට කියන්න පුළුවන්.

        ප්‍රා, මා ක්ලාර්ක් හා යරුසේල්ස්කි, වීරයන් ලෙස නම් කරන්නේ නැහැ. ඔවුන් පවතින යතාර්ථය හමුවේ, රටේ ජනතාව ගැන වැඩියෙන් හිතපු මිනිසුන්. මේ රටවල් දෙකේම බලය මාරු වීමේදී ශෝෂල් කෝස්ට් එක අවම වුනේ, ඔවුන් දෙදෙනාගේම දුරදර්ශි හා තමන්ගේ රටේ ජනතාවට තිබුන සැබෑ ආදරය නිසා කියන්න පුළුවන්.

  2. මගේ කමෙන්ට් එක කොහෙද ගිහින්.

    • “අවුල් වන්නට පෙර” ලියන්න කියන්නෙ ඕක නිසා තමයි 😀

  3. රයිගම්, ඔබ බහු/සුලුතර ගැන ලියා ඇතිනිසා මට තව එකක් මතක් වුනා.
    ලන්කාව වගේ රටවල සුලුතර කොහොම වෙතත් තනි පුද්ගලයෙක්ට තියන බලය අයිතිවාසිකම් (individual freedom/ individual rights) ඉතා සීමිතයි. කාව හරි දන්නවනම් හෝ පිරිසකට අයිති නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් ලබා ගන්න බැහැ.

    • මටත් ඒ ගැන ගිල්ටි ෆීලින්ස් තියනවා. මොකද අපත් ඔය සම්බන්දකම් උපයෝගී කර ගන්නවා. ලංකාව ආපුවහම මා කැමතියි කොහෙවත් යන්නේ නැතුව කාමරේකට වී ඉන්න. අප මෙහෙත් නීති කඩනවා. සිතලාම නොවේ. කැඩෙනවා. නමුත් ජිවිතයට නයිට්මෙයාර් එකතු වන්නේ නැහැ. ඒ සම්බන්දකම් තියන හින්දා නොවේ. ලංකාවේ එහෙම කරලා ජිවත් වෙන්න බැහැ. මා නම් පාරට බහින්නේ, ඔය වගේ හිතවත්කම් තියනවා නම් විතරයි.

      මගේ බ්ලොගය පාලුවට යැවුවොත් නරකද ප්‍රා?

  4. //මගේ බ්ලොගය පාලුවට යැවුවොත් නරකද ප්‍රා?//

    Sorry, didn’t get it. Too many comments from me?

    • No, not at all. You (including others who comment here) are my motivation. It is just my feeling that these stuff (what I have been writing) are not relevant to Sinhala Blogosphere!

  5. Well, relevancy depends on the reader. There are no set rules, guidelines, or even a survey done, to say what’s relevant and what’s not. You should write what YOU like to write, and those who like to read what you write will read.
    But, if you think readership is insufficient (or you are tired of this stuff ) then you should try a bit of lighter stuff too.

    • Thanks Pra, much appreciated!

      • Sorry, I was in a hurry, before. Your thoughtfulness is appreciated!
        Yes Pra, there are ways to gauge the relevance. Ever shrinking readership is a good indication. These are the problems of the first world. Aren’t they? 😀
        have you seen this blog

        • “Ever shrinking readership”, up to a point, could be indicative of selective readership too. Depends on who you target in in your writing.

          OK, if you are unhappy about the shrinking, I’ll make some frank suggestions (mind you, I’m not complaining myself but trying to offer a solution to YOUR complaint !). You can make the posts more concise and, if necessary, break one into several. Also, you might also either introduce some humour in your posts (say what you want to say in a witty, sarcastic or humourous way) or write some entirely humourous posts once in a while.
          My tastes in reading are catholic. I read serious, not so serious and downright silly ! Also, I am very individualistic, I hate to identify myself in a group or any stereotype of religious, racial, national nature. Yes, always in a minority that way (much more so in a country like SL) but that’s who I am.
          I know the blog is sparsely populated 😀 , but I shouldn’t fill it up with my writing. If you want any more of my views I can send you an email (if you don’t mind ) sometime when I’m free.

          • You are generous! //…. but that’s who I am…//That is the whole point Pra. This is the way I think and write. I have come to a point in my life where I do not want to follow anyone. I am extremely happy with who I am and what I have achieved in my life so far. Those are partly because we (both me and my wife) did not try to copycat. What I was saying before is that people have a little or no interest in these things. It is OK by me. So let’s have a break!
            In the meantime, Pra you can start a Blog (when you have “that free time” of course)! 😀

  6. මම පාරේ වාහනයක් එලවද්දි අනිත් එවුන් කරන වැරදි වලට මෝඩකම් වලට කේන්ති ගන්නවා. සමහරුන්ට හරි ක්‍රමය කියාදෙන්න නොනිත් ආශාවක්හිතේ පහල වෙනවා. නමුත් පස්සේ කල්පනා වෙනවා ඒක කරන්න හැකි වැඩක් නොවන බව. කලයුතු දේ අනිත් උන්ට පාඩම් උගැන්නීම නොව තමන්ගේ හෝ අනුන්ගේ වරදින් තමන් අනතුරක් කරනොගෙන යහතින් ගෙදරට ලඟාවීම බව පසුව ගෙදර ඉඳගෙන නිවිසැනසිල්ලේ කල්පනා කරන විට වැටහී යනවා. ඒක තමන්ගේ රථයේ ගමන් කරන අනිත් මගීන්ටත් හොඳයි.

    සමාජය හැදීමත් ඔය වගේ කියලා මා හිතනවා.

    • මොනවා කියනවද මචන්? පාසල් දරුවන් කොහොමද කියා උඹ හොඳටම දන්නවා ඇතිනේ. මේ වැඩිහිටියන් ගැන කවර කතාද? ඔය නොතිත් ආශා කෙසේ වෙතත් බන්, ඉස්සර ඔයා පස්ස අලවාගෙන එන එවුන්ව තරහා ගස්සන්න මා මෙහිදීත් පුළුවන් තරම් හිමින් යනවා ඒ වෙලාවට. දැන් නම් පුතෝ, තනි තීරුව තිබුනත් උන්ට ඉස්සර කරන්න දෙනවා. පරිනත වීම කියන්නේ ඕකට කියලයි මා හිතන්නේ. 🙂

      මෙන්න මචං මේක ලියන්න ගත්තු මුල් දිනවල ආපු කොමෙන්ටුවක් දැන් මේ මහතා හරි මහත්මිය හරී මා කියල දුන්න නම් කරයි. අනේ මචං මේවත් කියවන්න එන්නේ උඹලා අර දරුවන්ට උගන්වනවා වගේ කියල දෙයි කියලා හා කියා දෙන්න ඕනෙයි කියල හිතාගෙන. එහෙම සමාජ හදන්න පුළුවන් නම් ටොයිස් නේ. පාසලකට එන දරුවන් පවා, ගෙදරින් හා සමාජයෙන් කොතරම් ආකල්ප පොඩි බැඳගෙන එනවාද? උඹල දන්නවා ඇතිනේ සමහර එවුන් එක්ක වැඩ කරන්නත් තියන අමාරුව. අප පවා කොතරම් අත්දැකීම් හා විවුර්ත වීම තුලින්ද මේ තත්වයට ආවේ. කෙනෙක් කියුවා හෝ නොකියුවා කියල අපිත් වෙනස් නොවෙන කොට මචන්, අනුන් ගැන මොන කතාද? මා ඔය විවාද වලට සහභාගී වන්නේ නැත්තේ, කිසි වැඩක් නැති නිසා. කොමෙන්ටුව දිග වුනා. කපමුද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s