පුන් සඳ නැගුනෙත් අහස් තලේ……..; They are not so “heavy” after all! (1)


කලින් සටහනේ ඇත්තට අමතරව බොරුවකුත් තියනවා. වාහනය සර්විස් කරන්න දාපු කතාව ඇත්ත, අර පොලිස් කාරයන් මාව නිකම් යන්න ඇරපු කතාව ඇත්ත, බෝතලයක් ගත්තු කතාවත් ඇත්ත. හැබැයි එයින් ඇඟවෙන්න පුළුවන් දීර්ඝ සති අන්තය බීමෙන්ම ගත කළේ නැහැ. ඇත්තටම බෝතලය කඩන්න වෙලාවක් ලැබුනේ නැහැ. අර කොට විතරයි ගෙදර තියෙන්නේ කියන කතාව ඇත්තක්ම නොවේ. අතිශයෝක්තියක්.

මා කියන්න අදහස් කළේ, සියල්ල අනිත්‍ය මේ විශ්වයේ, මධ්‍යසාර පුරවපු බෝතල් විතරක් නිත්‍ය දෙයක් නොවේ. මේවා කබඩ් වල පුරවා ගැනීමට මිලදී ගැනීම මා නොකරන දෙයක්.

සති අන්තය කියන්නේ, සතියේ දවස් පමණටම නැතත් ටිකක් අවිවේකි දින දෙකක්. මා සෙනසුරාදා හා ඉරිදා සමහරවිට නැගිටින්නේ, සතියේ දවසකටත් වඩා වේලාසනින්. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන එක, මා අනුන්ට කියන පමණක් නොවේ, තමන් ද පිළිපදින දෙයක්. සිගරට් බීම කොහොමත්, පමණට වඩා මත්පැන් බීමත්, දිනපතා බීමත් සෞඛ්‍ය සම්පන්න දිවියකට අයත් නැහැ.

සති අන්තයේ කලින් නැගිටින එක දිවියේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකම් හා බැඳී තිබෙන්නක්. කලින්දා රෑ හොඳටම බීලා උදෙන්ම නැගිටින්න අමාරු විතරක් නොවේ, අමාරුවෙන් නැගිට්ටත් වැඩක් නැහැ.

මානව හිතවාදීන්, සමාජවාදීන්, කළාකරුවන් හා මෙකි නොකී “සුන්දර” යයි කියන පිරිස් බොහෝ විට කොණ්ඩා නොකපන, නියපොතු නොකපන, පෞද්ගලික සනීපාරක්ෂාව ගැන එතරම් නොහිතන පිරිසක් කියාත් සමහර සමාජවල මතයක් තියනවා. ඒ එවැනි අය ලෙස පෙනී සිටින සමහරුන්ගේ බාහිර පෙනීම හා චර්යා රටා නිසා. විශේෂයෙන් කොණ්ඩා හා රැවුල් වවා ගැනීම මාක්ස්වාදීන්ගේ පෙනුම යයි ලංකාවේ කලෙක සමාජ මතයක් තිබුනා. මෙය පර්යේෂණයක් මගින් තහවුරු කරපු දෙයක් නොවේ, සාමාන්‍ය මනුෂ්‍යයන් සලකපු විදිහ.

සමහර සමාජ වල, ඔය ලේඛකයන් හා වෙනත් කළාකාරයන් යයි අප සලකන සමහර අයද ඒ වාගෙයි. ඇත්තටම එයට හේතුව මා දන්නේ නැහැ. අර සමහරුන් කියනවා වාගේ, ඔවුන් උන්නතිකාමී නොවන, සරල දිවියක් ගත කරන නිසා වෙන්න ඇති. එය ඔවුන්ගේ තේරීමයි. එහි ඇති කිසිම වරදක් නොවේ මා ලියන්නේ. නෝනා නාන එක හෝ නොනාන එක, එයාගේ පෞද්ගලික තේරීමක්.

තමන් ගැන නොසිතන මිනිසෙක් පොදුවේ, මහා සමාජය වෙනුවෙන් කැපවෙනවා කියන එක මට නම් ටිකක් දුරස්ථ සිතිවිල්ලක්. මහා බඩවල් එක්ක පෙනී සිටින දේශපාලකයන් ගැන මා විස්වාසය තබන්නේ නැතුවා වගේම, පෞද්ගලික පිරිසිදුකම ගැන නොසලකන, පැය විසි හතරේම අරක්කු බොමින්, ගංජා ගසමින් දෑහිත කාමී ගීත කියන, පොත් ලියන මිනිසුන්ගේ, දෑහිතකාමී වගත් මා විශ්වාස කරන්නේ නැහැ.

ඔවුන්ගේ විනෝද ජීවිතය හැරුණු කොට, අනෙක්වා නම් එතරම් තකන්න නොහැකියි. මෙවැනි කෙනෙකුගේ දරුවෙක් හෝ සහකරුවෙක් හෝ සහකාරියක් වීම තරම් නරක දෙයක් මේ ලෝකේ ඇතැයි මා සිතන්නේ නැහැ. එමෙන්ම මෙවැනි අයගෙන් මුළු ලෝකය පිරී ගියොත් ඔවුන් ගයන හා ලියන “සුන්දර ලෝකය” කොහොම එකක් වේ දැයි ඔබට සිතා ගන්නට පුළුවන්.

ජීවිතය කියන්නේ විනෝද විය යුතු දෙයක් වගේම, ඒ ජීවිතය සමාජයට හා අප අවට ඉන්න අනෙක් පිරිසට කරදරකාරී නොවන අයුරින්ද පවත්වාගෙන යාම, යහපත් ජිවිතයක් ගත කරන අයෙකුගේ වග කීමයි. වලක්වාගත හැකි රෝග හා ජිවන විලාසිතාවේ තේරීම් නිසා ඇති කර ගන්නා රෝග වලින් ඈත් වී සිටීමත් එහි එක් අත්‍යවශ්‍ය අංගයක්. වර්චුවල් ලෝකයට වෙනම ජිවන විලාසිතාවක් මවා පෑම වැඩකට ඇති දෙයක් නොවේ.

සිංහල බ්ලොග් ලෝකය නම් වර්චුවල් චරිත වලටම යටවී ගිය එකක්. මා පසුගිය දවස් වල තැන් කිහිපයකදී දැක්කා අපූරු මිනිසුන්. සමහරුන් ලංකාවේ ඉපදිලා ලෝකේ රටවල් ගණනාවක කරක් ගසපු අය. තව සමහරුන්ගේ උපතම හරි විචිත්‍රයි. තාත්තා සිංහල, අම්මා චීන. ඒ අතරේ දෙමල හා යුරෝපීය කලවමකුත් තියනවා. ඒ කියන්නේ අම්ම තාත්තා රති කෙලියේ යෙදෙන විට පැදුරු එලලා දීම හෝ ඇඳ මෙට්ට කවර දාන වැඩේ කරන්න ඇත්තේ අර අනිත් කලවම් ජාති වල පිරිස් වෙන්න ඇති. මාර විචිත්‍ර චරිත. මල්ටි කල්චරල් විතරක් නොවේ, එත්නිකලිත් ඩයිවර්ස්. අර ලෝකයේ කරක් ගහපු කට්ටිය හා මෙවැනි විචිත්‍ර චරිත කොතරම් පිරුණු මිනිසුන් වෙන්න ඕනෙද?

හැබැයි නමක්, ඉන්න තැනක් නොමැතිව මේ අවකාශයේ සැරි සරණ මොවුන් ගේ ඇත්තම හැටි ඊළඟ මොහොතේ ඔවුන්ම හෙළි කරනවා. එනම් පටු ජාතිවාදී දෙපිටකාට්ටු වර්චුවල් ලෝකයටම හදාගත් මනස්කල්පිත චරිත. අර මුලින් කතා මොවුන්ගේ ඇත්තම හැටි වසා ගන්න යොදා ගන්න ප්‍රයෝග විතරයි. ලෝකය පුරා ඇවිද්දා නම් දෙනෙත් වසාගෙන එසේ කර ඇත්තේ. ඇත්තටම මෙහෙම ලෝකය දැකපු, මා දන්නා පිරිස් මෙයිට වඩා වෙනස්. ඒ වගේම වෙනස් ජාති වලට අයත් මවුපියන්ගේ දරුවන්, වෙනස් සංස්කෘතීන් දන්නා පිරිස් සාමාන්‍ය ජීවිතයේත් ගොඩක් වෙලාවට අනෙක් මත, වෙනස් මිනිසුන් ඉවසන පිරිස්.

ඒ වගේම තමා ඇත්තටම නොමිනිස්කම් වලට භාජනය වුන, දුක් වේදනා විඳපු, නොමිනිස්කම් ඇසින් දැකපු බොහෝ මිනිසුන් වයිරක්කාරයින් ලෙස ඉතුරු ජීවිතය ගෙවන්නේ නැහැ. මා දැකපු සමහර අයගෙන් ඔවුනගේ අතීතය ගැන හැඟීමක් හෝ ලබා ගන්න නොහැකියි. බොරු කතා කියමින් වර්චුවල් ලෝකයේ සැරිසරන ජාතිවාදීන්, ආගම් අන්තවාදීන් හා මොලේ කචල්කාරයින් ඇත්තටම, ඔවුන්ම ඇතිකරන ප්‍රශ්න වලින් බැටකාපු පිරිස් නොවේ කියා උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම මොවුනට ඇත්තටම ඔය දාමරිකකම් කරන්න පණක් තියන අය ද නොවේ.

හැබැයි එකක් තියනවා, මෙවැනි කට්ටිය වර්චුවල් ලෝකයේ සැරිසරනා අතරේ ඔවුනගේ මතවාද ඇත්තම සමාජයේ ක්‍රියාත්මක කරන සබ්-හියුමන් පිරිසකුත් සමාජයේ ඉන්නවා. ඔවුන් නම් ඕනෙම දෙයකට සුදානම්. නිකමට උදැල්ලක් දීලා බලන්න. මෙයාල සබ්-හියුමන් කීවේ ශිෂ්ඨාචාරයේ තාම ඔවුන්, ගොවිතැන් කරන යුගයට වත් ඇවිත් නැති නිසා. ඉතින් පොලව කොටන්න නොවේ ඔවුන් දන්නේ.

ලංකාව ගැන යමක් ලියුවොත්, එහි ඉදිරි වසර කිහිපයේ පාලන ක්‍රමය ගැන දැනටම වැටහීමක් ඇතිකර ගන්න පුළුවන්. මේවා විදේශිකයන් කියුවට, ඉංගිරිසියෙන් ලියුවට ඇති වැඩක් නැහැ. මොකද එවැනි දේවල් තීන්දු ගන්න පිරිස් වලට (සාමාන්‍ය ජනතාවට) බලපෑමක් නැහැ. හැබැයි යන ක්‍රමය ගැන යන්තමින් හෝ වැටහීමක් ඇත්තේ සුළු පිරිසකටයි කියාත් උපකල්පනය කරන්න පුළුවන්.

මා කොහේදී හරි කියෙව්වා, මේ රජ පවුල විසින් රට කුණු කර ඉවරයි කියා. කුණු වුන ඇපල් ගෙඩියේ ඉන්නා පණුවන් මෙන් මොවුන් රටත් කා, එයින්ම යැපෙන අතරේ, විනාශය කරා යනවා කියා. මෙවැනි දෙයක් ප්‍රශ්න කලොත් කියන්නේ, ඉස්සර බියෙන් සැකෙන් ජිවත් වුන හැටි අමතකද කියා? ඔවුන් අමතක කරන කාරණයක් තමා, එහෙම කියන බොහෝ පිරිස් ඇත්තටම එදා සිදුවුණ දේවල් වලින් කෙලින්ම බැට කාපු අය නොවේ. හරියටම බැටකාපු අය ලොවෙත් නැහැ. තවත් සමහරුන් ලොවි ගහෙත් නැහැ. අදත් මේ පිරිස් බයෙන් සැකෙන් නොවුන්නාට, සමාජයේ තවත් පිරිසකට ඒ නිදහස නොමැති වගත් ඔවුන් එක්කෝ දන්නේ නැහැ. නැත්නම් ඒ ගැන වගක් නැහැ.

මා කැන්බරා වල සුන්දරකම ගැන ලියපු සටහනකට ආපු එක ප්‍රතිචාරක් තමා, කොළඹ තව ටික කාලෙකින් කැන්බරා වලටත් වඩා සුන්දර නගරයක් වෙන බව. ඒ අර කාටවත් “නම කියන්න තහනම් එක්කෙනා” හිටියොත්. එක පවුලකගේ පාලනය තව දශකයක් හෝ දීර්ඝ වුනොත්, නගරයේ සුන්දර මං මාවත් වල ව්‍යායාමයට ඇවිදින මධ්‍යම පාන්තික සිහිනය බොඳවී යාම නිසැකයි කියන්න පුළුවන්. ලෝකයේ ඕනෙම රටක බලය කේන්ද්‍රගත වීම නරක දෙයක්. එයිනුත් එක පුද්ගලයෙක් හෝ එක පවුලක් අත බලය ගොනු වීම තවත් නරකයි. හැබැයි එක පුද්ගලයෙක් හෝ පවුලක් අත දීර්ග කාලයක් බලය ගොනු වීම නරකෙත් පට්ටම එකයි.

ජේ ආර් පප්පගේ ලොවෙත් නැති ඒකාධිපති ව්‍යවස්ථාවේ තිබුන, එකම හොඳ ජනපති පදවිය, එකෙනෙකුට දෙපාරකට වඩා දරන්න නොපුළුවන්කම. පප්පගේ ගණන් හැදීම් පොඩ්ඩක් වැරදුනා.

නගර හෝ රටවල් සුන්දර වන්නේ ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ගේ ජීවිතය උසස් වුනොත් පමණයි. ආගම්, ජනවර්ග වලට කෙල ගන්නා, දුප්පත්කම නැති කිරීමට පියවර ගන්නවා වෙනුවට, දුප්පතුන් අන්තර්ධාන කරන සමාජයක් කිසිදාක සුන්දර වන්නේ නැහැ. එක පිරිසක් බියෙන් සැකෙන් ඉන්නා පරිසරයක් කිසිදා සුන්දර වන්නේ නැහැ. තමන්ට අවශ්‍ය අපරාධ කරුවන් සන්තර්පණය කරන අතරේ, කලින් ප්‍රයෝජන වුන, නමුත් දැන් එපා, තෝරා ගත් පිරිසක්, තිරිසන් ආකාරයට කෙහෙල් පඳුරු බලන්න එක්කං යන සමාජයක් කිසිදා යහපත් හෝ සුන්දර වෙන්නේ නැහැ.

මේ සේරටම වඩා රටේ නීතියක් නැති සමාජයක් කිසිදා සුන්දර වන්නේ නැහැ. මේ නීති කියන ඒවාත්, පවුලක් අර්ථකථනය කරන නීති නොවිය යුතුයි. පවුල් විසින් අර්ථකථනය කරපු නීති සහිත දීර්ග ඒකාධිපති පාලන ක්‍රම තිබුන රටවල් වලට වෙන සංගෙදි අදට වඩා හොඳින් බලා ගන්න වෙන කාලයක් තිබුනේ නැහැ.

රටවල් වල සිදුවන දේවල් වලට සාමාන්‍ය මිනිසෙකුගේ දායකත්වය කුඩා වුවත්, එයද ධනාත්මක හෝ සෘණාත්මක වෙන්න පුළුවන්. ජීවිතය ගැන තෘප්තිමත් නොවන ඕනෙම කෙනෙකුගෙන් ධනාත්මක දායකත්වයක් ලැබීමේ ඉඩකඩ අඩුයි කියා මා සිතනවා.

To be continued……

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “පුන් සඳ නැගුනෙත් අහස් තලේ……..; They are not so “heavy” after all! (1)

  1. Welcome back Raigam !

    මට හිතෙන විදිහට රටක් වශයෙන් ලන්කාවට වැඩියෙන්ම ආදරේ ඇත්තෙ මෙහෙ දේශපාලකයන්. මේරට තමයි දෙශපාලකයන්ට හොදටම සලකන රට- බලය, වරප්‍රසාද, වැඩ අඩු ඒසියලු අතින්ම.
    ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී රටවල මෙහෙම ලැබෙන්නෙ නැහැ. ඒවගෙම කෙලින්ම ඒකාධිපති රටවලත් මෙහෙම දේශපාලකයන් රොත්තක් නැහැ. මේ රට හොදම දේශපාලකයන්ට, එනිසා මේරටට කැමතිම සහ ආදරේම දේශපාලකයන් වෙන්න ඕනැ.

    • Thanks Pra!
      ලංකාව කියන්නේ දූෂිත දේශපාලකයන්ට පාරාදීසයක් කියන්න පුළුවන් ප්‍රා. මොකද ජනතාවත් සලකන්නේ දූෂිතයන්ට නිසා. ඒ වගේම මෙතරම් ධනයක් නීති මාර්ගයෙන්ම මේ දේශපාලකයන්ට උපයා ගන්න, වැඩ සලසා තියන රටක් තව තියනවා නම් ඒ ස්වාසිලන්තය පමණයි.
      මහජන ධනය මංකොල්ල කෑම, මිනිස් වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රඥයප්තියට ඇතුළු විය යුතුයි. මෙවැනි චෝදනා (නීතියෙන් ඔප්පු නොවුන පවා) තියන අයට හා ඔවුන්ගේ පවුල් වල අයට විසා ලබා ගැනීමේ පහසුකම් තවත් සීමා විය යුතුයි. කොහෙද මහා බලවතුන්ට ඔවුන්ගේ වෙනම ඇජෙන්ඩා තියනවානේ ප්‍රා!

  2. Pingback: පුන් සඳ නැගුනෙත් අහස් තලේ……..; They are not so “heavy” after all! (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. රයිගම්…කාලෙකට පස්සේ. සැහැල්ලුවෙන් ලිව්වාට පස්සේ අදයි දැක්කේ.

    ඉතින් මට කියන්න තියෙන්නේ මේ ලිපියේ අවසන් ඡේදය ඉතාම නිවැරදියි කියලා. තමන් තෘප්තිමත් නැති තැනක කිසිම ක්‍රියාවලියකට ධනාත්මක දායකත්වයක් දෙන්න බැහැ කියලා මම හිතනවා.
    ////ජීවිතය ගැන තෘප්තිමත් නොවන ඕනෙම කෙනෙකුගෙන් ධනාත්මක දායකත්වයක් ලැබීමේ ඉඩකඩ අඩුයි කියා මා සිතනවා.////

    හෙණ රොමැන්ටික් සින්දුනේ දාන්නේ වීක් එන්ඩ් එක කිට්ටු කරලා.

    • ඔව් මචං පසුගිය සති තුනේ හිත වෙන දෙයකට පූර්ණ කාලිනව යොමු කරන්න අවශ්‍ය වුනා .
      මේ සටහන “එකතරා අවස්තාවක්” උදෙසා ලියුවේ. ඉතා දිග වුන නිසා කැඩුවා. උඹ හරි මචං, මා මේකත් දිගට ලියන්නේ කියවන කුඩා පිරිස පිලිබඳ මගේ තෘප්තිමත් බව හින්දා. ඒ වගේම ජීවිතය ගැනත් මා තෘප්තිමත් හින්දා. එවැනි අවස්තාවක් අප හැමෝටම නොමැත්තේ, ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් නොවන නිසා වගත් මතක් කර ගමු. එය නම් කනගාටුවට කාරණයක් තමා.

      උඹගේ ජිවිත කතාව කියවන විටදී මා කලින් මතක් කළේ, අතීතයේ කරුණු වලින් දැන් උඹ පිඩා නොවිඳින නිසා හා ඒවා මත උඹගේ ජීවිතය තව දුරටත් තීරණ නොකරන නිසා උඹට, උඹගේ ජීවිතය දෙසම, තුන්වැනි මිනිහෙක් ලෙස අද නැවත බලන්න පුළුවන්කම ලැබී තියනවා.

      රටවල් වල තිබුන ප්‍රශ්න දෙසද අපට මෙහෙම නැවත බලන්න පුළුවන්, ඒවායින් ගැලවී ඇත්නම්. ඒ ප්‍රශ්න මතම තව දුරටත් ඉන්න අතරේ, කරන්න පුලුවන්, තුන් වන පාර්ශවයක් ලෙසින් ඒවා දෙස බැලීම නොවේ, වෙනත් කොහේ හරි ඉන්න තුන්වැනි පාර්ශවයකට තඩි බෑමයි.

      අප පාසලේ ඉගෙන ගත්තු විදිහ එතරම් හරි නැතිය කියා විවේචනය කරන්නේ, එයින් වෙනස් මාර්ග අපේ දරුවන්ට සොයා දිමට මිසක්, තලු මරන්න නොවේ. අතීතයේ හෝ වර්තමානයේ වැරදි කියා අප හදා ගත් පොදු නීතියට පිටින් වැඩ කරපු අයට දඬුවම් දෙන්නේ, අර ඇනෝ කෙනෙක් මට උගන්වන්න ආපු ආකාරයට, වෛරය පැතිර වීමට නොවේ. එයින් තමා ඒ වැරදි කරුපු එවුන් හා කරන්න බලාපොරොත්තු වන අනෙක් අය අනාගතයේ ඒවායින් වැලකි ඉන්නේ. එයින්ම තමා වින්දිතයාට, ජිවත් වීමට යම් වටිනාකමක් දෙන්නේ.

      මේ ගීතය ප්‍රේමවන්තයන්ගේ මෙන්ම, රජ පවුල් වලද ගීතයයි. මේ ලෝකේ සියල්ල (අනෙක් මිනිසුන් පවා) “මැවී තියෙන්නේ”, තමන්ගේ සුඛ විහරණය පිණිස යයි සිතන කාණ්ඩයක් මේ ලෝකේ ඉන්නවා!

  4. හ්ම්ම්……කිවයුතු සියල්ල එක හුස්මට ලියල නොවැ රයිගම…….
    කියවගෙන යද්දී කමෙන්ට් එහෙකින් කියන්න හිතන දේ පහළ කොටස කියවද්දි තිබෙනව ……..
    හොදම දේ තමයි මෙන්න මේ ටික…….
    >>ලෝකය පුරා ඇවිද්දා නම් දෙනෙත් වසාගෙන එසේ කර ඇත්තේ. <<
    කේන්ති ගිහිල්ල ලියපු ලිපියක් නෙමේ නේද…. 🙂 🙂

    • Welcome back කෙන්ජි!
      මෙය එක හුස්මට ලියවුනක් නොවේ. මා කලාතුරකින් කරන, දෙවෙනි කියවීමත් කරලා සංස්කරණය කරපු එකක්. ඒත් වැරදි තියනවා කියල දැන් දැක්කා! 😀
      කේන්ති ගිය වෙලාවට කවුද කෙන්ජි බ්ලොග් ලියන්නේ? 🙂

  5. Anonymous

    /මෙවැනි කෙනෙකුගේ දරුවෙක් හෝ සහකරුවෙක් හෝ සහකාරියක් වීම තරම් නරක දෙයක් මේ ලෝකේ ඇතැයි මා සිතන්නේ නැහැ./
    කණේ මි පැණි වැක්කෙරුවා වගේ මේ ටික…!

    ජාතිවාදි වෙන්න බැරි විචිත්‍ර ජිවිතවලට කියන්නේ “අච්චාරු කුක්කෝ “කියලා.
    අච්චාරු කුක්කෝ ගැන “පරල් එස් බක් “තරම් ලියු කෙනෙක් නැ මම සිතන්නේ.

    රවින්ද්‍රනාත් තාගෝර් ලියනවා “ගෝරා“ කියලා පොතක්,පිරිසිදු රුධිරය ඇතැයි සිතාවුන් අච්චාරු කුක්කෙක් ගැන.

  6. Anonymous

    අච්චාරු ඇනෝ මම.
    මල්මි

    • කෝ මල්මි දෙවෙනි පාරත් ඇනෝ නේ.
      කණේ මී පැණි වක්කරනවා කියන්නේ, කියන කොට හරිම මිහිරි දෙයක් වුනත්, ඇත්තටම ඕක කලොත් නම් එතරම් මිහිරි දෙයක් වන එකක් නැහැ. 😀
      බක් ගේ කතා මා කියවල තියනවා (යට ගිය දවස) ඔය ගෝරා නම් කියවා නැහැ. අහල තියනවා. දැන් මා කියවන්නේ වෙනස් දේවල් නිසා සාහිත්‍යයට යොමු වීම අඩුයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s