ගෙවී ගිය තුන; They are not so “heavy” after all! (3)


මේ දිනවල කැන්බරා වල අගමැති ටෝනි ගේ ලිබරල් පක්ෂයට චන්දය දීපු කෙනෙක් හොයා ගන්න එක, අර කෙනෙක් නොමල ගෙයකින් අබ ඇට සොයනවා වගේ තමා. ඉස්සර දවසක පාඨකයෙක් මගෙනුත් කාරුණික ඉල්ලිමක කර තිබුනා, ඇත්තෝනි ග්‍රීන් ගේ බ්ලොගය කියවන්න දේශපාලනය ගැන දැන ගන්න කියා. ටෝනිලා කරන්න පුළුවන් දේවල් ගැන නම් හිතා ගන්න අපට වෙනම දේශපාලන දැනුමක් අවශ්‍ය නැහැ.

විද්‍යාව වෙනුවට, දෙවියන්ට තමන්ගේ තියන විශ්වාසය අනුව මුළු ජිවිතයම කටයුතු කරපු කෙනෙකුන් නායකත්වය දෙන රජයක් විද්‍යා පර්යේෂණ වලට වෙන් කරන්න නියමිතව තිබුන මුදල් කැපීම අමුතු දෙයක්ද? වශී බෝල මිරිකන මෙන්ම, මෙවැනි කට්ටියත් තමන්ගේ නායකයන් කර ගැනීම අපේ අතේම තියන දෙයක්.

සමාජයේ බහුතර පිරිසක් ඉහත ප්‍රශ්න ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඔවුන් නින්දෙන් අවදි වන්නේ කෙලින්ම තමන්ගේ පොකට්ටුවට දැනෙන යමක් සිදු වුනොත් පමණයි. අනාගත පරපුර වෙනුවෙන් ලෝකය රැකීම, දරුවන්ගේ අධ්‍යාපනය වැනි කරුණු ඉතා දුරස්ථ ඒවා.

මේ ලඟදි මට “සාමාන්‍යයෙන් හමු නොවන” කෙනෙක් මුණ ගැසෙන්නට අවස්තාව ලැබුනා. මා ලියන්නට සිතා සිටි සටහන මෙවැනි එකක් වූයේ ඔහු හා කළ ඒ දීර්ග කතා බහ නිසාමයි. ඔහු කීව එක කරුණක් තමා, ලෝකයේ රටවල් වල සමාජ වෙනස් වී තියෙන්නේ, ජරා පාලන ක්‍රම වල අන්තයටම ගිහින් මිනිසුන්ට එපා වීමෙන් කියා. එහි ඇත්තක් නැත්තේම නැහැ (බොරුවක්ම නොවේ). හැබයි නූතන ලෝකයේ උදාහරණ වලින් අපට පෙනෙන්නේ, මෙහෙම “වෙනස් වුන සමාජ”, අර කුණු වීමෙන් මිදෙන්න නොහැකි වී තිබෙනවා.

මහා වෙනස් කම් කර ගැනීමේ දිනයක් වෙනුවෙන් සමාජ ගරා වැටීම දෙස බලා සිටීම මගින්, කිසිදා වෙනස් කරන්න බැරි තරමට සමාජය ජරා වෙන්න හොඳටම ඉඩ තියනවා. එයට එක හේතුවක් ලෙස මා දකින්නේ, ලෝකයේ රටවල් අතර අන්‍යෝන්‍ය බලපෑම අද කවරදාටත් වඩා වැඩි එක.

අර අප ඉඟුරු දීලා මිරිස් ගත්ත කතාවේ, තව පැත්තක් තියනවා. මහල් ගොඩ නැගිල්ලක් සම්පුර්ණයෙන් ගිනි ගන්න වෙලාවක, උඩ තට්ටුවේ, කෙනෙක් ජනේලයෙන් පනින්නේ, තියන තර්ජනයෙන් ක්ෂනිකයකින් ගැලවෙන්න සහජයෙන්ම එන හුරුව නිසා. එතැනදී ඉන් එහාට වන්නේ මොකක්ද කියන එක සිතට එන්නෙත් නැතුව ඇති. පවතින විදිහ අසාර්ථකත්වයට අනිවාර්යයෙන් ගෙන යනවා කියල 100% විශ්වාස තත්වයකදී, 50-50% සාර්ථක වීමේ සම්භවයක් ඇති විසඳුමකට නොයාම මොන තරම් බුද්ධි ගොචරද?

සාමාන්‍ය ජිවිතයේ ප්‍රශ්නත් මේවා වගේමයි. ප්‍රශ්න තියන වගත් දන්නවා. ඒවා ගැන කතා බහත් කරනවා. නමුත් ගන්න පියවරක් නැහැ. තමන්ගේ සනිපාරක්ෂාවේ සිට පවුල් වල ප්‍රශ්න දක්වා පරාසයක ගැටළු, අතීරණය නිසා තවත් වණ කර ගැනීමේ අප කාගේත් පොදු ලක්ෂණයක්. කුඩා ප්‍රශ්න වල සිට මහා ප්‍රශ්න ගැනද, කතන්දර වලින් එහාට ගොස් විසඳුමක් ගැන සිතීම, විසඳුමක් ලබා ගැනීමේ ආරම්භයයි.

මා දිගින් දිගට ලියන පරිදි, ලංකාවේ දිවියට බැන බැන ඉඳලා වෙන රටවලට සංක්‍රමණය අප බහුතරය කරන්නේ මොකක් ද? අර දිවියම තමන් සමග ගෙන ඒමයි. නිසරු ටෙලි නාට්‍ය බලමින්, දූ-දරුවන් ආපසු ටියුෂන් පන්ති වලට ගාල් කරමින්, වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙකු වීම (හෝ කිරීම) ජිවිතයේ ලැබිය හැකි පරම සතුට ලෙස දරුවන්ට කියා දෙමින්, ගත කරන්නට උත්සහ කරන්නේ “අර බැනපු” දිවියම නොවේද?

ලෝකේ සියලුම මිනිසුන් දොස්තරලා හෝ කොන්දොස්තරලා විය යුතු නැහැ. මේ සියලුම මිනිසුන්ට අගයක් තියනවා. එය ප්‍රායෝගික කිරීම අරඹන්න ඕනේ අපේ නිවසින්.

තමන් ගැන නොසිතන, රට ගැන සිතන මිනිසුන් කියන්නේ මායාවක් පමණයි. ඒ වගේම විකල්පයක් නැති නිසාම, අප විසඳුම් සොයන්නේ නැති වගත් සම්පුර්ණ ඇත්ත නොවේ. සංක්‍රමණිකයන් විකල්ප තත්ත්ව යටතේත්, තමන්ට හුරු ක්‍රමයේම ගැලිලා ඉන්නේ ඒ නිසා.

මා කලින් සටහන ඉවර කරපු ප්‍රශ්නයට යලිත් යමු. මහා ව්‍යාපාර වලට එලෙසම ඉඩ දෙන අතරේ, සාමාන්‍ය මිනිසුන් වශයෙන් අපත්, “උඩුගම් බලා පිහිනනවා” කියා රිපබ්ලිකන්වාදීන් සමග ජබුන් ගහන්න වුවමනා නැහැ. මේ රිපබ්ලිකන් කාරයන් කතා කරන්නේ ශිෂ්ඨාචාරයේ ආපසු ගමනකට. හොඳ වෙලාවට ලෝකයේ එයිට වෙනස්ව සිතන බොහෝ දෙනෙකු ඉන්නවා. ප්‍රතික්ෂේප කළ යුත්ත ප්‍රතික්ෂේප නොකර, තලු මැරීම නතර කිරීම තමාගෙන්ම ඇරඹිය යුතුයි. ලංකාවේ ජිවත් වුනත්, ඕස්ට්‍රේලියාවේ ජිවත් වුනත් එහි වෙනසක් නැහැ.

අද වන විට මා පුරා වසර තුනක් මේ බ්ලොගය අඛණ්ඩව ලියාගෙන ඇවිත් තියනවා. ඒ කාලය තුල මා සාමාන්‍යයෙන් සතියකට සටහන් දෙකක් වන්නට ලියා පළ කර තිබෙනවා. ඒ වගේම දැන් තමා මතක් වෙන්නේ මේ බ්ලොගය ලියන්න අරන් තියෙන්නේ ඕස්ට්‍රේලියානු ශීත සෘතුවේ මැද හරියේදී.

අපට පොඩි කාලේ සරල ආශ්වාදය “නරක” දෙයක් ලෙසයි වටහා දුන්නේ. මේවා “කියාදීම” පාඩමක්, සදාචාරයක් තියන ළමා කතා වල සිට සිනමාපට දක්වා විහිදුනා. මගේ සටහන් නම් බොහෝ විට සරල දේවල් ගැනයි. මා ලියන දේවල් කියවන්නේ වැඩිහිටි පිරිස් යයි මා බලාපොරොත්තු වන නිසා, නියෝග දීමක් හෝ උපදෙස් දීමක් හෝ පරම සත්‍යය කියා දීමක් හෝ මේ සටහන් වලින් බලාපොරොත්තු වන්නේ නැහැ.

කුඩා දරුවන්ට මග පෙන්වීම් කරන්න පුළුවන් වුවත්, වැඩිහිටියන් කියන්නේ, තමන්ට අවශ්‍ය හා අනවශ්‍ය මොනවාද කියල තීරණය කරන්න හැකි හා එසේ තීරණය කරන පිරිස්. සරල ආශ්වාදය අපට අවශ්‍ය දෙයක් වගේම, ඉන් එහාට යන සිතිවිලි වලට යොමු කරන දේවල්ද කියවන්නට, ලියන්නට, බලන්නට හා අසන්නට අවශ්‍යයි.

අන්තිමට අප හැමෝම කොතරම් දේවල් වලට විවුර්ත වුවත්, උරා ගන්නේ අපට අවශ්‍ය දේවල් විතරයි. ඒ වගේම මිනිස් සමාජය කියන්නේ කණ්ඩායමක් ලෙස බුද්ධිමත්ව සිතා ස්වභාවික පරිසරයේ තියන නීති අතික්‍රමණය කරපු එකක්. අනෙක් සතුන් කණ්ඩායම් ලෙස වැඩ කළත්, ඔවුන්ට ඇත්තේ සහජයෙන් ලැබුන ඉව පමණයි.

අප එකිනෙකාට අනන්‍ය වූ කතාවක් තියනවා. ඒ අනන්‍ය බවේ සැඟවී තියන සියල්ලන්ටම පොදුකම මොකක්ද කියා සොයා යාම තමයි අපගේ අරමුණ විය යුත්තේ. මෙය තමා සාහිත්‍යකරුවන්, සිනමා කරුවන්, ගීත රචකයන් ආදීන් කරන්නේ. ගොඩක් දෙනාට, ජීවිතය දිහා ආපසු හැරී බලන්න විවේකයක් ලැබෙන, විට ඉතිරි වී ඇති කාලය ප්‍රමාණවත් නැහැ.

සියල්ල අනිත්‍ය (අරක්කු බෝතල් ද ඇතුළුව) යයි පැවසෙන මේ විශ්වයේ සිංහල භාෂාව කෙසේ වෙතත්, අන්තර්ජාලය වත් නිත්‍ය දෙයක් වේවිද කියා දන්නවා ඇත්තේත් “මැවුම්කරුවා” පමණයි. නමුත් මගේ සටහන් සියල්ල ‘සිංහල තේරෙන’ හැමටම කියවන්න, මෙහි (අන්තර්ජාලයේ) ඉතිරි කිරීම තමා මගේ අරමුණ.

පොඩි හෝ සපෝර්ට් බේස් එකක් නැතිව මොනම දෙයකට වත් පැවැත්මක් නැහැ. ජිවිතයේ අපට තියන මෙවැනි කුඩා හෝ පිලිසරණයන් නිසා තමයි අපගේ පැවැත්ම පවා යම්තාක් දුරට පහසු වන්නේ. එවැනි සහායයන් අගය කිරීමටත් අප කුඩා කළ සිටම පුරුදු විය යුතුයි.

පසුගිය වසර තුන තිස්සේ අඛණ්ඩව මේ සටහන් කියවපු කිහිප දෙනාටත්, විටින් විට සටහන් කියවන කිහිප දෙනාටත් මගේ නොවක් ස්තුතිය පුද කරන්නේ, මෙතරම් කලක් ලියවුන දේවල් පළ කෙරුවේ ඔවුන් නිසාම හින්දා.
The End.

………………………බෑ කියන්න බැරි හින්දද මා හා ඔබ හිනැහී යන්නේ?…………………………

ජොන් සෙකාඩා ගේ මේ ගීතය වෙළඳපොළට ආවේ මා ශීත රටක ඉගෙන ගනිත්දී. එදා මෙදාතුර, එය මා සවන් දීමට කැමති එක ගීතයක්.

……..Trying to find exactly what I miss……….

Mornings alone
When you come home I breathe a little faster
Every time we’re together
It never be the same if you’re not here
How can you stay away, away so long?

Why can’t we stay together
Just give me a reason, give me a reason

‘Cause I, I don’t wanna say it
I don’t wanna find another way
Make it through the day without you

I, I, I can’t resist
Trying to find exactly what I miss
It’s just another day without you
It’s just another day

Ohh, making the time
Find the right lines to make you stay forever
What do I have to tell you?
Just trying to hold on to something
Give us a chance to make it, to make it

No, no, no, wanna hold on to never
I’m not that strong, I’m not that strong

I, I don’t wanna say it
I don’t wanna find another way
Make it through the day without you, no

I, I, I can’t resist
Trying to find exactly what I miss
It’s just another day without you, no

Why can’t you stay forever?
Just give me a reason, give me a reason

‘Cause I, I don’t wanna say it
I don’t wanna find another way
Make it through the day without you

I, I, I can’t resist
Trying to find exactly what I miss
It’s just another day without you

I, I don’t wanna say it
I don’t wanna find another way
Make it through the day without you

I, I, I can’t resist
Trying to find exactly what I miss
It’s just another day without you

Songwriter
Clark, Keith

ගීතයේ පද මාලාව ගත්තේ මෙතනින්.
http://www.metrolyrics.com/just-another-day-lyrics-jon-secada.html

Advertisements

29 Comments

Filed under Anniversary, Opinion

29 responses to “ගෙවී ගිය තුන; They are not so “heavy” after all! (3)

  1. kathandarakaraya

    ඔය සංක්‍රමණිකයින් ගැන මගේ අදහස නම් කැලේ මාරු වුණාට කොටියන්ගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියන එකට සමානයි.

    ඒ කියන්නේ රයිගම් හන්දියත් ලංකාවේ හිටියා වුණත් බ්ලොග් එකක් ලියමින් හිටියි අද තුන පිරෙන දවසේත්.

    ජයවේවා!

    • ඇත්ත, හැබැයි එකක් තියනවා මා ලංකාවේ හිටියා නම්, මට බ්ලොග් ලියන්න තරම් විවේකයක් තියේවි කියා නම් මා හිතන්නේ නැහැ. ඒ තියා අන්තර්ජාලය වත් ගන්න පුළුවන්කමක් තියේවිද කියන එකත් ප්‍රශ්නයක්.

      එතනම සෑහෙන පුල්ලි මාරුවීමක් තියනවා. මොකද මා ආර්ථික හෝ පවුල් ප්‍රශ්න වලින් “මිරිකී” නැතිය කියන එක. එයිට අමතර පුල්ලි මාරු කරන එක ගැන තමා අප කාටත් තියන පොදු ප්‍රශ්නය.

      අද ලංකාවේ හිටියත් ගන්න පුළුවන් අනෙක් විකල්පය මොකක්ද කියන එක තමා මේ සටහනේ (තුනේ) මතු කාරණා ප්‍රධාන කරුණ. එය මට තව පසක් වුනේඅර “නිතර හමු නොවන” කෙනා සමග කරපු කතා බහෙන්. මා කලිනුත් ලියා ඇති, එදත් මා හිටියේ සමාජයේ සුළුතර කාණ්ඩයේ. අද හිටියා නම්, වැල යන අතට මැස්ස නොගහවිද?

      ස්තුතියි.

  2. Pingback: ගෙවී ගිය තුන; They are not so “heavy” after all! (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. >>ගෙවී ගිය තුන<< අම්බෝ….. මං බය වෙච්චි තරමක්…. ඒ වචන තුන දැකල…..
    ලිපිය සම්පුර්ණයෙන් කියවල අහවර වුනාමයි ඇගට ලේ ඉනුවෙ රයිගම අයියීට මොකුත් කරදරයක් නැති බව……. 🙂 🙂
    තෙවැනි වර්ෂ පුර්ණයට මගේ හද පත්ලෙන් සුභ පැතුම් රයිගම සහෝදරය'''''!

    • kathandarakaraya

      මටත් හිතුනේ ඔය ගෙවී යාමට හේතඔව ඝර්ෂණයවත් ද කියලායි. එය එසේ නම් ලිහිස්සි තෙල් යෝග්‍යයි!

    • කෙන්ජිට නම් බොක්කෙන් ස්තුතියි කියන්න පුළුවන්. කෙන්ජි මේ බ්ලොගයේ මුල පටන් හිටපු, වගේම යමක් දිගටම ලියපු පාඨකයෙක් හා රසිකයෙක් නිසා . 🙂

      මොකද ඔය තමන් “කැමති කතන්දර විතරක් ලියන පුල්ලි මාරු කළා යයි හිතන අනෙක් අයියලා”, ඇත්තටම හීන් නූලෙන් අනෙක් අයට කියන්නේ එයාල කැමති කතන්දර ලියන්න කියල. 😀

  4. තුනට සුබ පැතුම්!!! 😀

    • හෑ ……………………..?????????????????

    • ස්තුතියි ඔබට, ගෙවී ගිය දේවල් ගියා ප්‍රවීනා! ඉදිරියේ තියන දෙක (අවුරුදු) ගැනයි දැන් බලන්න ඕනේ! 😀

  5. එල සින්දුවක්…… thnx …….

  6. සුබ පැතුම්!!!

  7. තෙවසරක මෙහෙවරට බොහොම ස්තුතියි රයිගම්. ඒ වගේම සුබ පැතුම්…

    • ස්තුතියි නලින්. මොන මෙහෙවරක්ද? මා සිතන හැටි ලියුවා. ඔබට මේවා කියවන්න පුළුවන් වීම ගැන සතුටුයි.

      ඒ වගේම මේ වසර තුන ඇතුලත මාත් කොතරම් වෙනස් වෙලාද කියා අද හිතෙනවා. (අඩුම ගානේ එදා වසර ගණනාවකට පසුව ලියන්න ගත්තු සිංහල වත් තරමක් දුරට යථා තත්වයට පත් වෙලා). බ්ලොග් ගැන නොවේ මා කියන්නේ. අපේ පෞද්ගලික ජීවිතයත්, සිතුම් පැතුම් ආදියත්. එයින් කොටසක්, මේ බ්ලොගයෙන් ලෝකයට පෙනෙන්නේ නැහැ.

      කකා කියල තියනවා වගේ ලංකාවේ හිටියා නම්, මා බ්ලොගයක් ලියමින් ඉන්නවා ඇති කියන යෝජනාවේම, මා මෙතෙක් ලියමින් හිටිය වෙනස්වීමේ කතාව තේරුම් අරන් නොමැති වග පෙනෙනවා. මා දිගින් දිගට උත්සහ කෙරුවේ, මේ දීර්ඝ ගමනේදී මගේම වෙනස් වීම කියන්නයි. ලංකාවේ හිටියා නම්, මට බ්ලොග් ලියන්න නොවේ, එයිට වඩා ප්‍රශ්න ඕනෙවටත් වැඩියෙන් තියෙන්න පුළුවන් බව අනුමානයෙන් හිතා ගන්න පුළුවන්.

      ඔබලාට තියන ප්‍රශ්න ගොඩාක් වෙනස්. ඒ වගේම ඉදිරි වසර දෙක තුන තවත් නරක අතට යන්න තියන ඉඩ වැඩියි.

      • ඔබ පෙන්වා දෙන කරුණ ඉතාමත් පැහැදිලියි රයිගම්. නිතර කමෙන්ට් නොකළත් මා ඔබේ ලිපි සියල්ලම පාහේ කියවනවා. මටද ඇති යම් යම් භාධක හේතුවෙන් කමෙන්ට් කිරීමෙන් වැළකී සිටිනවා ඇතැම් ලිපිවලදී. ඔබට යළත් සුබ පැතුම්..

        • No worries at all නලින්! මට සියල්ල තේරෙනවා. ජිවන මාර්ගය කියන එක අපට අහසින් පහල වන්නේ නැහැ. වඩා පහසු අනාගතයක් ගැන අපි සිහින හෝ දකිමු! එතැනදී මා ඔබ සමගයි!

  8. තුනක වෙනස…..තුනට ජයවේවා….තුනට තුන් සරණේ පිහිටයි. පරිස්සම් කරගනින්!!

    • තුන ගෙවී ගියා මචං! 😀

      මචං මා මේවායින් උපදෙස් දෙන්නේ නැති වුනත් සමහර විට “කාරුණික අවවාද” දෙනවා. මා මගේ සටහන් කියවනු ඇතැයි බලාපොරොත්තු වන්නේ, නලින්, උඹ වැනි ඒවා (සටහන්) ස්වකැමැත්තෙන් (තමාට අවශ්‍ය යයි සිතෙන නිසා, නමුත් සියල්ලට එකඟ බව නොවේ මා මේ කියන්නේ) කියවන හා එසේ පිළිගන්නා පිරිස පමණයි.

      මේවා කියවලා මෙහෙම ලියපන් කියලා මාව වෙනස් කරන්න එන අය නිෂ්ඵල ක්‍රියාවකයි නිරත වන්නේ. මේකම නේද බොහෝ තැන් වල වන්නේ? එනම් බැන, බැන නැවත නැවතත් කියවීම. පොතක් නම් සල්ලි දීල ගත්තට පස්සේ ජලා හුටා! බ්ලොග් යනු ස්වකැමැත්තෙන් පැමිණිය හැකි හා වරක් කියවූ පසු, අනවශ්‍ය නම් යලිත් කියවීමට යන්නේ නැතුව නිකම් ඉන්න පුළුවන් ඒවා නේද? //ප්‍රතික්ෂේප කළ යුත්ත ප්‍රතික්ෂේප නොකර, තලු මැරීම නතර කිරීම තමාගෙන්ම ඇරඹිය යුතුයි// මෙය මගේ බ්ලොගයටත් අදාලයි..

      දිගටම සිටියාට උඹට ස්තුතියි. අපි බලමු ඉදිරිය!

  9. සුභ පැතුම් රයිගම්… !!!

    ඔපීසියේ කැන්ටිමට දවල්ට කන්න ගියාම ඔය බුෆේ එක පැතිරිලා තියෙනවානේ නානාප්‍රකාර කොටස් වලට…අනිත් තැන්වල වගේ කලබලයක් නැති, නිතරම එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරක් ගැවසෙන එක ඒරියා එකක් තියෙනවා එතන ගහලා තියෙන්නේ “healthy food” කියලා 🙂 මට මතක්වෙන්නේ රයිගම් හන්දිය බ්ලොග් එක…

    නිතරම එතනින් කන අපි දෙතුන් දෙනෙකුට හරි බයක් තියෙනවා උයනවටත් පාඩුයි කියලා කැන්ටිමේ මැනේජරයා කොයිවෙලේ හරි ඒ සෙක්ශන් එක ගලවයිද කියලාත්… 😀

    • Good on you, Beetle and thank you!
      ලෝකයේ ආධිපත්වකාරයන් වැඩිවෙමින් ඉන්න අතරේ ඔබගේ කොමෙන්ටුවට ඉතාමත් ස්තුතියි. රටවල් වල මල් පිපෙන උණ පඳුරු තියන අතරේ, මේ බ්ලොග් හා සමාජ ජාල වලත්, නියෝග දෙන්න හදන මල් පිපුණු බට පඳුරු වැඩිවෙමින් පවතිනවා. මා හැම විටම එවැනි පිරිස් නොසලකා ලියන්න උත්සහ කරනවා.

      කුඩා පාරිභෝගිකයන් පිරිසක් වුවත්, ඔවුන්ගේ පැමිණීම ස්ථිර නම් මැනේජරයා සෙක්ශන් එක ගලවන එකක් නැහැ. 😀

      එහෙම තමා ඉන්න ඕනේ. මේ ලෝකයේ වැරදි ආහාර රටාවන් නිසා ලෙඩ වැඩි කරගන්නා ප්‍රමාණය ඉහල යමින් පවතින්නේ, ලෝකයේ කොටසක් කන්න නැතිව සිටිද්දී. නමුත් මන්දපෝෂණය අභිබවා, ස්ථුල තාවය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස අද ලෝකේ ඉදිරියෙන් තියනවා.

      අද මේ ජෝගි නටන සිවුරු දරා ගත් පිරිස්ද, මේ ළමා අපචාර වල යෙදෙන පාදිලියන්ද, ලෝකයේ වෛරය වපුරන ඉමාම්ලාද මෙසේ වී ඇත්තේ වෙනකක් නිසා නොවේ මා සිතන්නේ. මොවුන් සියල්ලක්ම පාහේ ව්‍යායාම් නොකරන, පිනට රසමසවුළු කමින් ජීවත් වන අපතයන් පිරිසක්. මුලින්ම කල යුත්තේ මොවුන්ට යෝගා වැනි ව්‍යායාම් ක්‍රමයක් උගන්විමයි (ක්‍රිකට් සෙල්ලම් හරියන්නේ නැති නිසා). දෙවනුව හෙල්දී ඊටින් ගැන කියා දීමයි. තුන් වනුව තමාගේ වෙහෙසකින් ජිවත් වීමට ක්‍රමයක් හොයා ගන්න කීමයි. ව්‍යායාම් නොකර, තෙල් වැඩි ආහාර කමින් ඉන්න විට කය විතරක් නොවේ, සිතත් දූෂිත වෙනවා.

  10. නිකං

    ගෙවුනු තුනට සුබ පැතුම් රයිගම්!!
    තව තිස්තුනක් ලියන්න විවේකය ශක්තිය ලැබේවා

    • කවුරුවත් එහෙම ලියුවේ නැහැ. ඔබට හද පතුලෙන් ස්තුතියි නිකං. 🙂
      ඔබට මෙම සටහන් කියවීමට හැකි බව ලිවිම, මෙහි තිරසාර බවට ලොකු බලපෑමක් කරනවා.

  11. Reblogged this on raigamahandiya and commented:

    ඔබ Back to the Future සිනමා පට පෙළ නැරඹුවාද ? කොහොම වුනත් කමක් නැහැ අලුත් අවුරුද්දේ මෙයත් කියවන්න.

  12. කුරුටු ගෑ ගී පවුර

    තුන දැකලා හිතට මාර සතුටක් දැනුනේ…………………….

    හදවතින් ම සුභ පැතුම්………….. තුන හතර පහ වෙලා දහය විස්ස විදිහට දිගු කලක් වැජඹෙන්නට අවස්ථාව උදා වේවා……… ජයවේවා

    • Happy New Year Doc Brown . Is the car ready?

      • “It means your future hasn’t been written yet. No one’s has. Your future’s whatever you make it. So make it a good one, both of you!”

        http://i.imgur.com/jdXSLtY.jpg?1

        Happy New Year to you my friend. yes, the car is ready, this is the first one of the series!

        Marty, your future’s whatever you make it. So make it a good one this time! hi… hi…. 🙂

    • තුන දුටු විට සතුටක් නොදැනෙන්නේ කාටද කුරුටු! ගෙවී ගියත් වටිනාකමේ අඩුවක් නැහැ. හදවතින්ම තුති. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s