රජතුමා ගේ මෙන් ගැලවී නොවැටුන රියැනාගේ සීතාම්බරපට! It’s got to be lighter!


Rihanna

අපට කල්පනා කරන්නත් විවේකයක් අවශ්‍යයි. ගොඩක් වෙලාවට අපේ රැකියා දිවියේ නොලැබෙන දෙයකුත් තමා විරාමයන්. අද නම් නිවාඩුවක් දමල කළේ ගෙදර වැඩ වගයක්. එළියේ පට්ට හීතලයි. හිතුවටත් කලින් කළුවර වැටුනා. වැඩෙත් කෙළවර වුනේ නැහැ.

අපේ අම්මා නිර්මාංශ ආහාර වලට සීමා වුන කෙනෙක් නොවේ. ඇය මාළු හා කරවල කනවා. මස් හා බිත්තර කන්නේ නැහැ. හැබැයි අපට පොඩි කාලේ විතරක් නොවේ, අදත් බිත්තර තම්බලා හෝ බැදලා දෙනවා. ඒ කාලේ තාත්ත ගෙනාපු මස් ඉයුවේ ඇයයි (තාත්තා ඉයුවේ ඉඳ හිට). මේවා අකමැත්තෙන් නොවේ අම්ම කෙරුවේ. හැබැයි ඒවායේ රස වත් ඇය බැලුවේ නැහැ.

කලින් ලියා ඇති පරිදි මාත් කුඩා කාලයේ හරක් මස් කෑවේ නැහැ. මස් නොකා ජිවත් වීම අපහසු පරිසරයක මා ඕනෙම මසක් කන්න පටන් ගත්තේ, වතුරට බහින මිරිදිය මාළුවෙකු වගේ.

මගේ කලින් සටහන් වලත් ලියා ඇති කරුණක් තමා, අප බොහෝ විට අන්‍ය ජාතීන්ගේ කෑම, කන පුරුදු, කෑම පිළියෙළ කර ගන්න හැටි ගැන සිනහා වෙනවා. අන් අයත් අපට මේ වගේම සිනහා වෙනවා ඇති. අපේ ඔය සමහර ආහාර මෙහෙ ප්‍රසිද්ධ තැනක කන්නට බැහැ. අඩුම ගානේ කරවල උයාගෙන ගිහින් දවල්ට වැඩකරන තැන මයික්‍රෝවේව් උදුනට දැම්මොත්, අනික් කට්ටිය නැගිටලා යන්න ඉඩ තියනවා.

අපගේ ආහාර රටාව තීරණය කරන නොයෙකුත් සාධක තියනවා. සමහර ඒවා අපේ අතේ තියන දේවල්. අනෙක්වා අපට පාලනය කරන්න බැරි දේවල්.

දැන් බලන්න ලංකාවේ නම්, එළවලු හා පලතුරු අඩු වැඩි කාල කියා ඒවායෙහි මිලේ ‘මහා වෙනසක්’ වන්නේ නැහැ. අපේ නම් ග්‍රීෂ්ම කාලේ එළවලු හා පලතුරු වැඩියෙන් ලැබෙන විට, ඒවායෙහි මිල අඩු වෙනවා. සමහර වෙලාවට මිල ගොඩක් අඩුකරලා, මේ ගොල්ලන් වැඩිපුර ප්‍රමාණයක් විකුණා ගන්නවා. මොකද මේවා දීර්ග කාලීනව ගබඩා කර ගන්න බැහැ.

ලංකාවේ මෙවැනි කල් තබා ගන්න අමාරු එළවලු හා පලතුරු වල පසු-අස්වනු නාස්තිය ඉතා ඉහලයි. අනෙක මේවා වැඩිපුර විකුණලා ලාභ ගන්නවා වෙනුවට, හැමදාම එකම ප්‍රමාණයක් අර ඉහල මිලටම විකුණා ලාභ තර කර ගැනීමක් තමා වන්නේ කියා සිතන්න පුළුවන්. ඔය හැම කන්නයකම “වීසි කරන අතිරික්ත නිෂ්පාදන” ඇති වන්නේ එහෙමයි.

මොකද කියනවා නම්, අපේ එළවලු පලතුරු කෑම ගොඩක් අඩුයි. මොකද මේවා කන්න බැහැ. මිල අධිකයි. හරි නම් ඔය කියන අතිරික්තය කිසිදා තියෙන්න පුළුවන් එකක් නොවේ. මේවා වෙනස් කිරීම අර මා කලින් කියුව තනිව පාලනය කරන්න බැරි දේවල්.

අනික් විසඳුම් පැත්තක දාල, එයාර් ලංකා සමාගම පරිපාලනය කිරීම (විකුනන්නත් අවශ්‍ය නැහැ) එය කරන්න පුළුවන් සමාගමකට දීලා, මචං ට මිලියන පහක හයක පින් පඩියක් දීලා ගෙදර නවත්වලා, මේ කරන අලාභය නතර කිරීමෙන් මා හිතන්නේ ලංකාවේ සියළු මිනිසුන්ට (අර මචංටත් එක්ක) එළවලු හා පළතුරු නිකම් ගෙදරම ගෙනත් දෙන්න පුළුවන් වේවි (ණය අරන් අලාභ කරන එක වෙනම කරුණක්).

අපේ අතේ හැකියාවත් (ඕක නොවේ, මිලදී ගැනීමේ හැකියාව) අපේ ආහාර රටාව තීරණය කරන තව දෙයක්. එයිට අමතරව අප කොයි කාටත් “දිවේ ආවේනික ප්‍රශ්න” හා ආගමික, සදාචාරාත්මක, දේශපාලන ආකල්ප ආහාර රටාව හා කන නොකන දේවල් මොනවාද කියල තීරණය කිරීමට බලපානවා. මේවට මැදිහත් වන්න අවශ්‍ය නැහැ. ඒවා පෞද්ගලික තේරීම්.

එවැනි තේරීම් වලටත් මැදිහත් වෙන අවස්ථා තියනවා. එනම් දුම් බිම, අධික ලෙස ආහාර ගැනීම වගේ දේවල්. එහෙම කරන්නෙත් පොදු යහපත තකා බහුතර එකඟත්වයකින්. විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය සේවය මහජන සේවාවක් නම්, මේවායින් ලෙඩ ඇතිකර ගෙන, ප්‍රතිකාර ගන්නට එන්නේ, ඒවාට නිසා. මෙම මැදිහත් වීම් වලින් පවා පෞද්ගලික තේරීම් වලට නොවේ වැට බඳින්නේ.

හැබැයි එක දෙයක් තියනවා. එනම්, තමන් කන්න කැමති නිසා හා තමන්ගේ වෙනත් ආකල්ප මත තෝරා ගත් ආහාර රටාව, අන් අය මතත් බලයෙන් පටවන්නට යාම, එකාධිපතිත්වයේ ඉහලම ලක්ෂණයක්. මොකද ආහාර කියන්නේ අපේ පැවැත්මට අවශ්‍යතම දෙයක් නිසා.

පින්තූරයේ කතාව

කාන්තාවක් අඩුවෙන් ඇඳීම හෝ සම්පුර්ණයෙන් නිරුවතින් යාමත්, ෆෙමිනිස්ම් පිලිබඳ ප්‍රකාශනයක් ලෙස අර්ථ දැක්වෙනවා. පිරිමින් ඇඳුම් නැතුව ගියහම මොකක්ද කියන්නේ? මොනවා වුනත් රියැනා නම්, පසුගිය මේ දිනවල හැම වෙබ් නිවුස් පිටුවකම හිටියා.

http://www.independent.co.uk/news/people/rihannas-practically-naked-dress-why-it-could-be-one-of-the-most-powerful-feminist-statements-the-pop-world-has-made-to-date-9485981.html

මෙන්න පිරිමියෙක් හෙළුවෙන් යන අවස්ථාවක්.
http://www.divaina.com/2014/07/16/provin09.html

පසුම පසු වදනක්
මිනිසාගේ මොළය නූතන අවධියට වර්ධනය වීම සීග්‍ර වුනේ, ඔවුන් සතුන් මරාගෙන කන්න පටන් ගත්ත පසුව කියල කියනවා. ආහාර උයා ගන්නට පටන් ගැනීමෙන් පසුව අපට ලබා ගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ ඉහල ගියා. පහල උපුටා ගැනීම මා ගත්තේ මගේ පෙර සටහනේ සිනමා පටයට අදාළ කතාවකින්. මේ සටහන් දෙකටම එම කතාව ගැලපෙන නිසා ඔබේ කියවීම පිණිස එකතු කරනවා.
“Fire appears to the key,” says Ray Hammond, a world-renowned futurologist and author of ‘The Modern Frankenstein’. ‘Cooking meat helps process protein much faster and this huge input led to the runaway growth of the mind, the development of language and that actually made humans the dominant species. If [apes] had the impetus of fire and were beginning to stand upright for long periods, they could develop and become the dominant species.”

වැඩි දුර කියවන්න

Advertisements

19 Comments

Filed under Food, Opinion

19 responses to “රජතුමා ගේ මෙන් ගැලවී නොවැටුන රියැනාගේ සීතාම්බරපට! It’s got to be lighter!

  1. මං හිතං හිටියෙ එයාගෙ නම රිහ(න්)නා කියල..

    පසු අස්වනු නාස්තිය ගැන කියනව නං කියන්න තියෙන්නෙ…
    අපේ මිනිස්සුන් ගෙ දුප්පත් කමයි දුප්පත් නොවන එකාගෙ කුහක කමයි කියල තමා

    • නම් උච්චාරණය කරන හැටි ගැන වධ වෙන්න එපා මහේෂ්!
      කුහක කම දුප්පත් පොහොසත් කියා වෙනස් වෙන්නේ නැහැ. ඒ ගැන අප නොලියා ඉම්මු!

  2. Anonymous

    මම හරක් මස් කන්න ආසයි. ඒත් මෙහෙ slaughtering මෙතඩ් එක නිසා හිතට අප්සෙට්. එනිසා කලාතුරකින් තමයි. පිටරට ගිය කිහිප අවස්තාවලදී ආසාවෙන් කෑවා. ඉස්සර එලිෆන්ට් හවුස් ගොවිපල කලමනාකරුව හිටි vet කෙනෙක් මට කිව්ව ඩඩ්ලිගේ කාලේ abattoirs නවීන කරල වේදනා අවම කර්ම humane slaughter ගේන්න හදන කොට හාමුදුරුවරු විරුද්ද වුනාලු බෞද්ද රජයක් මරන තැන් දියුනු නොකලයුතුයි කියල

    • Sorry, the above comment is mine. Something went wrong and it went ano, That’s something I never do intentionally. sorry again.

      • ගණන් ගන්න එපා ප්‍රා! තාක්ෂණික හේතූන් නිසා ඔහොම වෙනවා. මාත් මොනම හේතුවක් නිසා හෝ මේ ඇනෝ යාමෙන් වැලකි ඉන්නවා. අපට සැඟවී ලෝකය හදන්න බැහැ. මගේ එහෙම උත්සහයක් නැති වුනත්, ලෝකය හදන්න යන බොහෝ දෙනාට, එහෙම එළිපිට පැමිණීමට ශක්තියක් නැති වීමම පැරඩොක්සිකල්.

        එවැනිම පැරඩොක්සිකල් දෙයක් ගැනම තමා ඔබත් මේ කියන්නේ. ලෝකයේ එදා මෙදා තුර සිටිය මහා චින්තකයෙකුගේ අනුගාමිකයන් කියන, මේ පිරිසේ තියන ඥාන-අසාර බවම තමා, ඔබේ කතාව සත්‍යයක් නම් කියන්න තියෙන්නේ. තර්කානුකුලව සිතන්න බැරි වීම, දෙපිට කාට්ටු බවට මුලිකම හේතුවයි.

        දැන් බලන්න ලංකාවේ විශ්ව විද්‍යාලයක ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් යයි කියන මගේ ලින්කුවේ ඇති මහත්තයා කියන ගොන් කතාව. මෙයාලද ප්‍රා විශ්ව විද්‍යාල වල උගන්වන්නේ? තරහ වන්න එපා මගේ භාෂාවට.

        මුලින් කියනවා කාන්තාවන් ඉහලට ගියත් මෝඩයි කියල. ඊළඟට කියනවා, කාන්තාවන්ට රූපවාහිනී නොබලා, පිරිමි දරුවන්ට උගන්වන්න කාලය යොදවන්න කියල. එතකොට මේ “මෝඩ කාන්තාවන්” ට කොහොමද උගන්වන්න පුළුවන් වන්නේ? ඇයි නුවණක්කාර පිරිමි තාත්තලට උගන්වන්න නොකියන්නේ? මෝඩ අම්මල ටිකට ටීවී බලන්න දුන්නහම ඉවරයිනේ.

        මෙහෙම ඥාන-අසාර කථිකාචාර්යලා නම් ජේෂ්ඨ නොවේ මහාචාර්ය වුනත්, මෙයාලගෙන් ඉගෙන ගන්න දරුවන්ට අබ සරණම තමා ප්‍රා! මේ වගේ “ගොන්නුන්” විසින් පවත්වන “ආකල්ප සංවර්ධන වැඩසටහන්” කියන්නේ මොනවාද?

        අර සිවුරු දාගෙන නටන ඥාණ_අසාර පිරිස් නම්, රූකඩ මෙන් නැටවෙන කට්ටියක් කියා කියන්න පුළුවන්. මේ විශ්ව විද්‍යාල වල ඉන්න ඥාණ_අසාර අයියල මොකද මේ වගේ හැසිරෙන්නේ? මේ වැඩ සටහන් අර නම් වගේම තමා. ඥානයක් කියා දෙයක් නොමැති යයි පෙනෙන මිනිසුන් “ඥාණ සාර” ලෙස නම් දාගෙන ඉන්නවා. නියන්ඩතාල් යුගයේ ඉන්න මිනිසුන් කරන වැඩසටහන් වලට “ආකල්ප සංවර්ධන වැඩ සටහන්” කියනවා. මේ පින්මාලු වලේ ජබුන් ගහන අයියලා නේද?

        දරුවන් ඉගෙනීමට උනන්දු කිරීම සඳහා ලිංග බේධයක් ගාව ගන්න ඕනේ නැහැ. අනික් අතින් ගැහැණු මෝඩය කියමින්, මේ අයියලාගේ ගෘහ මූලිකකම නැති වීම ගැන කන් කෙඳිරි ගානවා. මේ වගේ ගොන් අයියලාගේ “ගෘහ-මූලික” කම නැති වීම පුදුමයට කරුනක්ද?

        තමන්ගේ තියන දුර්වලකම් වහ ගන්න වෙනත් පාර්ශවයකට බැට දීම මේ ඥාන_අසාර පිරිස් වල එකම කාර්යයයි. මෙවැනි මිනිසුන් උගන්වන සරසවි වලට නම් දරුවන් ගැහැණු, පිරිමි බේදයකින් තොරව නොයවන තරමට හොඳයි.

  3. හිරු

    අර ඇඳුම නං මරු.. මොකද්ද ඒ රෙදි ජාතිය රයිගම්… ඒ ගැන මොනාවත් තිබ්බද වෙබ් සයිට් වල….

    මස් මාළු කෑම ගැන කතා කරන්න යනකොට මේ දවස්වල මගේ ලේ ටික නරක් වෙන කේස් එකක් තියෙන්නෙ.. ඒක නිසා ඒ ගැන නං මුකුත් කියන්නෙ නෑ…

    අපේ රටේ පසු ඇස්වනු නාස්තිය එක්කම යන තව කේස් එකක් මතකද මං දවසක් ලිව්ව.. රයිගම් කිව්වෙ අල්ලපු වැටේ එකා බණ්ඩක්කා වවනවනං මෙහා එකත් ඒකම කරනව කියල… අන්න ඒකත් අපේ රටේ එළවලු පළතුරු ගනං යන්න සහ කාලෙකට විකුණගන්න බැරුව විසි කරන එකට ඒකත් එක හේතුවක්…

    • දන්නේ නැහැ හිරු. මොකද ඇඳුමක් වත් මහගන්න හිතුනද?
      ලේ නරක් කර ගන්න එපා. මොකද එතකොට, මස් මාළු නොකනවා නම්, තවත් අමාරු වෙනවා.

      මා දන්නවා හිරු. එහෙම දේවලුත් තියනවා තමයි. අර ඔබේ කේක් කඩේ බලාගෙන ගිහිං, අල්ලපු කඩෙත් කේක් දාන පිරිස් ඉන්නවා තමයි.
      එයින් එහා ගිය දෙයකුත් මෙතන තියනවා හිරු. ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් හදා ගන්න එකත් මෙයටම බැඳී පවතිනවා.

      • හිරුට මස් මාළු ටිකක් කන්න තිබ්බ ඉඩ ඇහිරිලානේ රයිගම් ඒකය් මේ කේන්තියෙන් ඉන්නේ.

        • මගේ කතාවත් ඒකයි නලින්! 😦
          අර වගේ “ජේෂ්ඨ කථිකාචාර්ය ලා” “ආකල්ප සංවර්ධන වැඩහටහන්” තියන රටක මේවා පුදුමයට කරුණක් නොවේ. මුලින්ම පලවා හැරිය යුත්තේ මෙවැනි ගොන් වහන්සේලාවයි. දෙවනුව අපට ආකල්ප සංවර්ධනය කර ගන්න පුළුවනි.

  4. මා නම් ඉස්සර හරක් මස් කෑව ….
    දැන්නම් නොකමි…….
    ඒකත් අයියෙ ….. ලොකු කාලෙ ඉදල පොඩි වෙන ලක්ෂණයක්ද…. 🙂 ?

  5. >>මචං ට මිලියන පහක හයක පින් පඩියක් දීලා ගෙදර නවත්වලා, මේ කරන අලාභය නතර කිරීමෙන් මා හිතන්නේ ලංකාවේ සියළු මිනිසුන්ට (අර මචංටත් එක්ක) එළවලු හා පළතුරු නිකම් ගෙදරම ගෙනත් දෙන්න පුළුවන් වේවි (ණය අරන් අලාභ කරන එක වෙනම කරුණක්).<< …. හෙක්… හෙක්…..
    පික්ෂුද අයියෙ ……එයාට පිං පඩි ලෙසට ෂල්ලි විතරක් නෙමේ…. නාරි මාංශ පවා……

  6. අම්මා දියමස් විතරයි කන්නේ. ගොඩමස් කන්නේ නෑ නේ? 🙂

    ආහාර රටාවට බලපාන්නේ පරිසරයනේ. දැන් මෝල්ඩිව්ස් වල මාලු තමයි ප්‍රධානම ඩිෂ් එක. දුප්පත් පෝසත් බේදයකින් තොරව හැම එකාම හැමදාම මාලු කනවා. එලවලු කියන්නේ ලක්ෂරි එකක්. ලංකාවේ ඕකේ අනිත් පැත්තනේ.

    ඕකේ ගැටලුව තියෙන්නේ මෙහෙ ඉඳන් ලංකාවේ විදියට කන අපිටයි. වියදම අධිකයි.

    • අපේ අම්ම විතරක් නොවේ, ලංකාවේ බොහෝ දෙනෙක් දිය මස් විතරයිනේ කන්නේ. එක හේතුවක් මාළු පහසුවෙන් ලබා ගන්න පුළුවන්කම.

      ට්‍රොපිකල් රටක් හැටියට හා මිනිසුන්ගේ අදායම් හැටියට, ලංකාවේ එළවලු හා පලතුරු වල මිල අධිකයි මචං. ඒ වගේම මේවා සාපේක්ෂව වැඩියෙන් කනවා කියන එක සත්‍යයක් නොවේ.

  7. kathandarakaraya

    කොහොමද අත්තනායක ගේ ආකල්ප සංවර්ධනය?

    • මේ වගේ අයියල හය-හත් දෙනෙක් හිටියොත් ආකල්ප සංවර්ධනය කරන්න බැරිය ඇට්ටි හැලෙන්න!

  8. මම මචං උඹේ අබ සරණයි පෝස්ට් එකටත් මේ කමෙන්ට් එක දැම්මා. ඒක මෙතනටත් කොච්චර අදාළද දන්නේ නැහැ.
    /////Fusion cooking….fusion thinking /////

    • මෙයාගේ “පැටිකිරිය” මා අද දැන ගත්තා මචං. පුදුමය මේයාලාව “ආකල්ප සංවර්ධන වැඩ සටහන්” වලට ගාවා ගන්න අනික් අයියලා ගේ ආකල්පය..
      මෙයා අර පටලව ගත්ත යයි උඹ කියපු අකුර නම් කරන්න දක්ෂයෙක් වගයි ශිලා ලිපි වලින් පැවසෙන්නේ

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s