දුටුවාද ඔබ සැබෑ සර්පයා?


36(109)

මේ සටහන විවේචනයක් නොවේ. ඉහත රූපයේ තියෙන්නේ යතිවරයෙක්ගේ මූලිකත්වයෙන් නයි දෙන්නෙක් කැලයට නිදහස් කරපු කතාවක්. ඔන්න දිගුව පහත තියනවා, කියවන්න අවශ්‍ය නම්. හැබැයි ඔබ දැනටම කියවලා ඇති. මේ පරණ කතාවක්.

මිනිසා විසින් පරිසරය, ගස් වැල් හා සතුන් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් එක්ස්ප්ලොයිට් කරන ආකාරය අපට හැම තැනම දකින්නට තියන දෙයක්. කලින් සටහනේ මා සඳහන් කරපු පරිදි, වානර මිනිසා, බිමට බැහැල මස් කන්න පටන් ගත්තට පසුව, අපේ සිතීමේ හැකියාව වෙනස් වුන වග කියවෙනවා. ඒ නිසාම තමයි අපට මේ දේවල් ගැනත් අද ටිකක් හිතන්න පුළුවන්.

ගස් වැල් පවා යම්කිසි ප්‍රමාණයකට යම් දේවල් තමන් අතරේ සන්නිවේදනය කර ගන්නවා. හැබැයි සතුන් කියන්නේ එයිට වඩා දියුණු ජීවින් කොට්ටාශයක්. ඔවුනට දියුණු ස්නායු පද්ධතියක් තියනවා. අප සතුන්ට කරන නරකම දේ තමයි උන්ව මරාගෙන කන එක. හැබැයි නොමරා මැරීම, නැත්නම් වධ දීම එයිටත් නරකයි කියා මා හිතන්නේ. ඉස්සර වගේ නොවේ, මැරීම වුනත් මේ සතුනට වේදනාත්මක නොවන, නැත්නම් අඩුවෙන් වේදනා දැනෙන අයුරින් කරන්නට ක්‍රමවේදයන් අද මිනිසා අනුගමනය කරනවා.

ඕස්ට්‍රේලියාව සතුන් ලයිව් එක්ස්පෝර්ට් කරන රටක්. මොකද සමහර රටවල් එහෙම ඉල්ලනවා. තව එකක් තමා මේක ලාභ දායකයි. මොකද මරල මස් යවන්න වියදම් වැඩි වගේම, කල් තබා ගැනීමේ ප්‍රශ්නය තියනවා.

හැබැයි මෙහෙම සතුන් නැව් ගත කිරීමම එතරම් “මානුෂික” කටයුත්තක් නොවේ. මේකුන් මේ නැව් වල මාස ගණන් දුක් විඳිනවා. එයට වඩා ප්‍රශ්නයක් මෙතන තියනවා. එනම් අර යවන රටවල් වලදී සතුන් මැරීමට අනුගමනය කරන්නේ නියන්ඩතාල් ක්‍රම. සමහර විට සිතා මතාම මේ සතුන්ට වධ දෙන ආකාරය පසුගිය කාලය මුළුල්ලේ අපට දැක ගන්නට ලැබුනා. මොනවා වුනත් ඕස්ට්‍රේලියානු හරක් වෙළඳාම කියන එක, මේවා නිසා නැවතෙන එකක් නැහැ.

දැන් ඉහත කතාවට ගියොත්, අර යතිවරයා රුපියල් දෙදහස් පන්සියයක් ගෙවලා, නයි නටවන කෙනෙකුගේ නයි දෙන්නෙක් කැලයට නිදහස් කරලා තියනවා. මෙය සත් භාවයෙන්ම කළ කටයුත්තක් වෙන්නත් පුළුවන්. නැත්නම්, ඔය පත්තරකාරයෙක් අල්ලාගෙන, පොටෝ ටිකක් ගහගන්න කරපු කටයුත්තක් වෙන්නත් පුළුවන්. ඒ දෙකම නරක නැහැ.

හැබැයි ඉන් එහාට යන කතාව අප සිතනවද? බුදු හාමුදුරුවන්, ආනන්ද හාමුදුරුවන්ගෙන් සර්පයා දුටුවාද? කියා අහගෙන වැඩියා. හැබැයි තව පොඩ්ඩෙන් අර ගොවියා මැරුම් කනවා. මෙතැනදී නම් මේ හාමුදුරුවන් සර්පයා දුටුවාද කියල අහල නිකම් ඉඳල නැහැ. ඌව නිදහස් කරලා.

අර බුදුන් දවස කතාවේ වගේ, මේ සර්පයන් නටවන “ගොවියාත්” දුප්පත් මනුස්සයෙක් වග ඉහත රූපයෙන්ම පෙනෙනවා. හාමුදුරුවන්ට වුනත් පෙනෙන්න ඇති පෝෂණ තත්ත්ව වල වෙනස. මේ මනුස්සයාට බර වැඩක් කරලා නම් ජිවත් වෙන්න අමාරුයි. මේ වගේ කෙනෙකුට වෙන මොන රැකියාවක්ද හොයා ගන්න පුළුවන්?

දැන් රුපියල් දෙදහස් පන්සියයෙන් මාසයක් හිටියට පස්සේ, මොකද කරන්නේ? ඇත්තම කතාව එතනයි තියෙන්නේ. මිනිසෙකු වශයෙන් නයෙක් අල්ල ගෙන උගේ දත් කඩලා, කන්න දෙමින් ජීවිකාව සොයා ගැනීම මට නම් මහා නරක දෙයක් නොවේ. මේ නයි කොහොමත් එලියට බහින්නේ ගොදුරක් අල්ල ගන්න තමා. නැත්නම් ඔය හුඹහකට වැදිලා කම්මැලි කමින් කාලය ගත කරනවා (එහෙමයි කියා, මේකුන්ව අල්ලාගෙන, දත් කඩලා, පෙට්ටියක දාගෙන, කේන්ති ගස්වන එක මහා “සාධාරණ” ක්‍රියාවක් නොවේ). හැබැයි අප ඔය සල්ලි ගෙවා බලන්නට යන සතුන් වතු වල, ඉන්න සමහර සතුන් මෙයිට වඩා දුක් විඳිනවා.

මේ මනුස්සයාගේ ජීවිකාව මා නම් අංක එකට ගන්නවා. දරු මල්ලනුත් ඇති. නයාගේ ජීවිතය පැය විසි හතරම අර අඳුරු පෙට්ටියට සිර නොකර, ගෙදර ඉන්න විටදී වීදුරු පෙට්ටියක, වඩා පහසු පරිසරයක ගත කරන්නට ක්‍රමයක් හදල දුන්නා නම්, දෙන්නටම (නයාට හා මිනිසාට) හොඳයි.

අප අතර ඉන්න සැබෑ සර්පයා තමයි දරිද්‍රතාවය. මෙයාව තමයි කැලයට දක්කන්න ඕනේ. රැකියාවක් සොයා ගැනීමේ දුෂ්කර තාවය අප කවුරුත් අත්විඳ තියනවා. පරිසරය, ගස් වැල් සහ සතුන්ට සලකන අතරේ, මනුෂ්‍යයයා මුහුණ දෙන මේ සර්ප ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුම් සෙවීමටත් අප උත්සුක වෙන්න ඕනේ. දරිද්‍රතාවය වැඩි වනවා කියන්නේ, සත්ත්ව කරුණාව හා පරිසරය ගැන අපගේ අවධානය තවත් අඩු වෙනවා කියන එකයි.

පින්තූරයේ කතාව
http://www.lankadeepa.lk/index.php/top_story/242126

Advertisements

24 Comments

Filed under Opinion

24 responses to “දුටුවාද ඔබ සැබෑ සර්පයා?

  1. Pingback: දුටුවාද ඔබ සැබෑ සර්පයා? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඉන්දික උපශාන්ත

    නයා හාමුදුරුවන්ගේ බව පැහැදිලිය. නැත්තන් දෙදාස් පන්සීයෙ පින්කම පත්තරේ නොදා ඉන්නැයි කියා සිටීමට බැරි කමක් හාමුදුරුවන්ට නොතිබෙන්නට නොහැක. අනෙක් අතට මේ මිනිසාද නයි නිදහස් කිරීමේ ව්‍යාපෘතියකට බැස තිබෙන්නට ඇත. එසේ නොමැති නම් මිනිහා තවත් නයෙක් හෙට අනිද්දාට සොයා ගනු ඇත.

    අවසානයේ දුක් විඳින්නෙ තම සතුරන්ට ප්‍රහාර එල්ල කල නොහැකි, කලක් තිස්සේම දඩයමක නොයෙදුනු කම්මැලි නයාය.

    • මේ මනුස්සයා ආයේ නයි අල්ල ගන්නේ නැතුව මොනවා කරන්නද ඉන්දික. මා මේක නරක වැඩක් නොවේ කියුවේ, මිනිහට දෙදහස් පන්සියයක් අතට එන එකයි, පත්තර කාරයට ලියන්න දෙයක් හම්බ වෙන එකයි නිසා. හාමුදුරුවන්ගේ ජීවිකාව සහතිකයිනේ.

      මා කියුවේ මේ වගේ වැඩක තියන සුපර්ෆිෂල් ගතිය. ආගම පැත්තෙනුත්, සමාජය පැත්තෙනුත් හා ආර්ථික පැත්තෙනුත්.

      ඇත්තටම ඕකුන් දෙන්නම, මේ මිනිහා නැවත අල්ල ගන්න ඇති. අපේ අයියල දන්නවනේ. එහෙම කෙරුවත් මා නම් වරදක් දකින්නේ නැහැ. හැමෝම ගොඩ නිසා.

      නයාගේ විෂ දත් නැවත එනවා. ඒ නිසා සර්වයිව් වේවි. 🙂

  3. kathandarakaraya

    සමහරවිට අර අහුකුණ්ටිකයා වෙන්න ඇති මේ කැමරාකාරයාවයි රිපෝටර්වයි අරගෙන ආවේ!

    ඒක නොවෙයි, ඕස්ටේ‍ර්ලියාවේ හරක් විතරද පටවන්නේ? නයි?

    • එහෙමත් වෙන්න පුළුවන් කකා. නමුත් සුපර්ෆිෂල් ආගම් ඇදහිල්ල මෙහි මුලික කරුණ වෙන්න ඉඩ තියනවා. මිනිසා අඩුම ගානේ බන්දුල ගුණවර්ධන තියරියට අනුව, මාසයක් ජිවත් වන්න ගානක් හොයා ගත්තා. සමහරවිට නයි නැටුම් බලන්න දැන් මිනිසුන් ආවත් සල්ලි නොදී යන නිසා වෙන්න ඇති (නයි නැටුම් වෙන තැන් වලත් තියන නිසා ?), වෙන ක්‍රම සොයා ගන්නේ.

      (censored for the sake of kids)!

  4. HALO, MACHO UMBA DAN KOHEDA BAN INNE, KIYAPANKO

  5. මට රයිගම මේ ගොන් බිජු සාධුලාගේ වැඩ නම් පික්ෂුය …..
    පොර නැවත නයි දෙන්නව අල්ල ගන්න ඇති අර සල්ලි වලින් කෂිය ෂොට් එකක් ගහල බව නම් බුධු සුවර්ය……..

    • කෙන්ජි, මෙතුමා නම් අර “ඥාන_අසාර වහන්සේලා” වගේ නොවේ කියා මා විශ්වාස කරනවා (ෆොටෝ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්; ඒ වුනත් අරයල තරම් නරක නැහැ).

      මා කියන්න හැදුවේ කෙන්ජි, ගිහි ලොවෙන් ඈත් වූ මෙවැනි යතිවරුනට, අප මුහුණ දෙන සැබෑ ප්‍රශ්න ගැන ඇත්තටම අවබෝධයක් නැහැ. නයා කැලේට ඇරලා මේ මනුස්සය කන්නේ කොහොමද, හවසට දවසේ ආතතිය යන්න කසියා ටිකක් බොන්නේ කොහොමද කියන ප්‍රශ්න, එතුමන්ලාගේ සිතට එන්නෙත් නැතුව ඇති.

  6. කරාපිටිය ඉස්පිරිතාලෙ අධ්‍යක්ෂ තුමත් එක පාරක් ඔය වගෙ වැඩක් කලා ඉස්පිරිතාල භූමියෙ හිටපු බල්ලො අල්ලල ඒ කිට්ටුව කැළෑ රොදකට ගිහිල්ල අතෑරිය…:)

    • ඒ බල්ලන්ට දඩයම් කරගනු පිණිස, හාවුන්, මිවින්නන් වැනි සතුන් බෝ කරන ව්‍යාපෘතියකුත් පටාන් ගත්තා නම් හොඳයි රවී!

  7. මම මිනිස්සුන්ට වඩා සතුන්ට කැමති කෙනෙක්. ඒකියන්නෙ සතෙක් නරකයි කියල ඔප්පුවෙනකම් හොඳයි කියල හිතනව. මිනිහෙක් හොඳයි කියල ඔප්පුවෙනකම් එහෙම හිතන්නෙ නෑ. අවුරුදු 30 තිස්සෙ බල්ලො ඇති කරනව. පුලුවන් විදිහට ඒවට අදාල සංවිධාන්වලට උදව් කරනවා. මගෙ බල්ලන්ට ලමයින්ට කිට්ටුවෙන තරමට සලකනවා. ඒත් Anthropomorphism ( මිනිස් සිතුවිලි හා emotions එලෙසම සතුන්ටත් ඇතැයි සිතීම ) .උදා. ගොඩක් අය හිතනව බල්ලන් වන්ධ්යාකරණය පවක් කියල. ඒ මිනිස් ගැඟීම් බල්ලන්ට ආදේශ කිරීමේ වැරද්දෙන්.
    හොඳට ඉඩ හා සැලකීම් තියන සත්තුවත්තක (San Diego and many more US and European (SA too) zoos and safari parks – දෙහිවල නම් කොහෙතත්ම එහෙම නෑ ) ඉන්න සත්තු කැලෑ සත්තුන්ට වඩා සතුටින් ඉන්නව. නිදහස කියන එක ගැන මිනිසුන්ට තියන හැඟීම සතුන්ට එහෙමම සතුන්ට ආදේශ කරන්න බැහැ.Gerald Durrell ගේ zoos ගැන මතය කියෙව්වොත් පැහැදිලිවෙයි

    • සතුන් වතු කොයි වගේ වුනත්, ඒවායේ ඉන්න සතුන් ප්‍රීතියෙන් ඉන්නවයි කියල අපට යෝජනා කරන්න බැහැ. මෙතැනදී කොහොමද අප ඒ ප්‍රීතිය මනින්නේ. සමහර සතුන් වතු කෙලින්ම වධකාගාර. බටහිර මේ තත්වය වෙනස් කරලා තිබුනත්, මේවා ස්වභාවික පරිසර නොවේ.

      සතුන්, ගස්-වැල් සහ මිනිසා ගැන මගේ මතය මේ ලිපි සෑම එකකින්ම මා ඉදිරිපත් කර තියනවා ප්‍රා! {කොටින් කියනවා නම්, මා මාංශ භක්ෂකයෙක්, ඒ වගේම ගස් වැල් අපට අවශ්‍ය ආකාරයෙන් වැඩි දියුණු කිරීම් වෙනුවෙන් පෙනී ඉන්නවා, අපේ කුඩා හතර මායිමේ ඉන්න අහිතකර සතුන් (පලිබෝදකයන්) මා (සමහරවිට වෙනත් අයෙකුගේ සහයෙන්) මරා දමනවා. අපේ නිවසේ කැරපොත්තන්, කුඹින්, මකුළුවන් සහ වෙනත් කෘමින් බෝ වන්නට ඉඩ දෙන්නේ නැහැ}.

      මේ සටහනේ ඇත්තම කතාව මගේ චායාරූපයකට සම්බන්දයි. එය ඒ සමග ලියන්නම්.

      • අපිට ප්‍රීතිය මනින්න බෑ උන්ට කතා කරන්න බැරි නිසා. හැබයි උන්ගේ හැසිරීමෙන් අනුමාන කරන්න පුලුවන්. කෑලේ සත්තුන්ගෙත් behaviour එක අනුව තමයි.
        සතුන්ගෙ ප්‍රධාන අවශ්යතාව කෑම ඉන් පසුව ආරක්ශාව.
        අපිට දකින්න බැරි වුනාට කැලේ සතුනුත් සෑහෙන්න දුක් විඳිනව (lack of food, predators, wounds, maggots, parasites, illness, no care in old age etc.) . හොඳ zoo එකක සත්තු කෑලේ සත්තුන්ට වඩා ජීවිත කාලය 50%සිට 100% දක්වා වැඩියි. මම කියන්නෙ කැලේ පරිසරයට ඉතා කිට්ටුවෙන් යන zoo ගැන. අපි හිතන තරම්ම පරිසරය ස්වාභාවිකම වෙන්න ඕනෙ නැහැ කෑම, ව්යායාම සහ ක්‍රියාකාරකම් තියනව නම්. ( සමහර zoo වල විලෝපිතයා අසල උගේ ගොදුරත් සමහර වෙලාවට දානව දැලෙන් වෙන්වෙලා. උන් දෙන්නටම mental and physical activities !! ) කොහොමත් Durrell කියවල බලන්න interested නම්

        • මේක නම්, ප්‍රා ඇත්තටම දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. මේ සතුන් කියන කොට්ටාශයේත් කාණ්ඩ තියනවානේ. දැන් ගැඩවිල්ලන් වැනි සතුන්ගේ (ඇමිබාවන්ට නොයමු) ස්නායු පද්ධතිය “දියුණු” එකක් නොවේ. මේ සතුන්ගේ “ප්‍රීතිය” වෙනස්. ක්ෂිරපායින්ට එනකොට, උන්ට “තේරෙන” දේවල් වැඩි තමා.

          නමුත් මා කියන්න හදපු මූලික කාරණය සතුන් වතු කියන්නේ කොච්චර “ස්වභාවික” වුනත්, ඒ අපේ මැදිහත් වීම්. දැන් සියලු වනාන්තර වල ඉන්න එවුන් මෙහෙම සතුන් වතු වල දාල උන්ට අපට ප්‍රීතිය දෙන්න පුළුවන්. එහෙම මැදිහත් වෙන්න වුවමනා නැහැ. මේ සතුන් වතු ඇත්තටම හදල තියෙන්නේ අපේ, එනම් මිනිසාගේ ප්‍රීතිය සඳහා. අර නයි නටවන මිනිසා කරන්නෙත් මෙවැනිම දෙයක් නේ!

          සතුන් මැරීම හොඳ වැඩක් නොවේ. නමුත් අපේ පැවැත්ම, බිල්ලට දෙන්න අපට ඕනෙද? නැහැ. මොකද අප වැඩ කරන්නේ සතුන් මෙන් නොවේ, සිතල බලල. මා කියන්න හදපු අනික් කරුණ එයයි ප්‍රා. හැබැයි මරණ එක වධ දීමකින් තොරව කරන්නෙත්, අපට සිතන්න පුළුවන් නිසා. මා වීඩියෝ වක් දැක්කා, අෆ්රිකාවේ වඳුරන් වර්ගයක්, පොලවේ ඉන්න මීවින්නෙක් අල්ලන්, ගහක කනවා. දැන් සතා පණ පිටින්. මූ කකුල් කඩ කඩ කනවා (සොරි, ග්‍රැෆික් තමා). අෆ්රිකාවේ ගෝරිල්ලන්, පසමිතුරු කණ්ඩායම් වල එවුන් (ගොඩක් වෙලාවට පැටවුන්) අල්ලාගෙන මරල, කණ්ඩායම අතරේ බෙදාගෙන කනවා, ම තවත් වැඩසටහනක දුටුවා. අප එහෙම කරන්නේ නැත්තේ, අර මා කියුව සිතන්න පුළුවන් කම නිසා. ඒත් අප සියලුම මිනිසුන් එහෙම නැහැ. අපගේ වානර හා තිරිසන් ගති තාම තියනවා. සතුන් විතරක් නොවේ, තමන්ගේම එවුන්, වදදී මරන්නේ, වදදී බලා සතුටු වන්නේ ඒ නිසා. මේ මානසික තත්ත්ව පවා විග්‍රහ කර තියනවා.

  8. මේ වැඩේ හරියන්නේ නෑ මචං. මාත් පට් ටාං ගන්ට ඕනේ පබ්ලිසිටි ස්ටන්ට් එකක්

    • බලාගෙන බන්, ගන්න පොටෝ ග්‍රෆර් ව හොඳට සිතල බලල අර ගනින්.

  9. Anonymous

    සතුන් ලයිව් එක්ස්පෝර්ට් කරන එක ඕස්ට්‍රේලියාව නවතලා ආයිත් පටන් ගත්තානේද ගොවිපල හිමිකරුවන්ගේ බලවත් ඉල්ලීම නිසා. ඒ නැතිවුණු
    ඉන්දුනිසියානු ඉල්ලුමේ තරම!
    තාම දැකපු හොඳම ක්‍රමේ අර ගාමිණී අයියා ලියාපු ඉරුලා ගෝත්‍රිකයෝ. තුන් පැත්තම ගොඩ.
    //දරිද්‍රතාවය වැඩි වනවා කියන්නේ
    තුන්වේලක් නොකා ඉන්නවුනොත් මොන මෛත්‍රීද රයිගම්

    • ඔව් ටික කාලයයි නවත්තල තිබුනේ ඇනෝ. ආයිත් පටාන් ගත්තා. හරක් ගොවිපල හිමියන්ගේ විතරක් නොවේ මධ්‍යම ආණ්ඩුවේද අවශ්‍යතාවය එයයි. මේ හරක් හැදීමත් ලෙහෙසි කටයුත්තක් නම් නොවේ. විශේෂයෙන් වියලි කාල ගුණයත් එක්ක.
      ඉන්දුනීසියාව පමණක් නොවේ මැදපෙරදිගටත් යවනවා.
      ස්තුතියි ලින්කුවට.
      මා ඒ කතාව හැමදා ලියන එකක්. ඕනෙම සමාජයක මිනිසුන්ගේ ජිවන තත්වය ඉහල යන කොට තමා පරිසරය හා සතුන් පිලිබඳ අවධානය හා සංරක්ෂණය ඉහල යන්නේ. මිනිසා බඩ ගින්නේ ඉන්න විට මොන පරිසරද ඇනෝ? අර බඩ ගින්නේ ඉන්න විට මොන ධර්ම දේශනාද? කියන්නේ. අන්න ඒ වගේ තමා!

  10. සාධුට මුචලින්ද මතක්වෙලා. 2500 ඉවරවුනාම අර යකාට නයිය පටවන්න වෙන්නේ…

    • @ අරූ ,
      හෙහ් හෙහ්. අරූ ගේ too polite භාවය තියෙන්නෙ අරූගෙ බ්ලොග් එකේ විතරයි නේ? 😀

      • ගෙදරින් එලියට පැන්නාම අමු වනචරයා…..

        • අරූ, කකාට ලියපු උත්තරේ කෑල්ලකුත් මා කපා හැරියා. අඩුම ගානේ මචං මාසයක් ඉඩ තියනවනේ (රු 2500), වෙන කුසලතාවයක් ලබා ගන්න!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s