බ්‍රෙට් ලී ගේ බැට් එක!


සංක්‍රමණ කටයුතු (ආගමන/විගමන) ඇමති ස්කොට් මොරිසන් පසුගිය දා ඉන්දියාවට ගියා. වෙන මොකට වත් නොවේ අර මා කලින් කියුව මිනිසුන් 157 ක් හිටිය සරණාගත බෝට්ටුව ඇවිත් තිබුනේ ඉන්දියාවෙන්. එහි සිටිය කට්ටිය මුහුදේ සිර කරලා තියෙත්දී තමා මොරිසන් ඉන්දියා ගියේ.

වෙන මොකට වත් නොවේ, මේ කට්ටිය ආපසු ඉන්දියාවටම පන්ගාර්තු කරන්න. මොරිසන්ලා කියන්නේ, ඉන්දියාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්, එහි ඔය කියන දේශපාලන අඩත්තේට්ටම් නැහැ, ඉන්දියාවෙන් මෙහි බෝට්ටු වලින් එනවා නම්, එන්නේ ආර්ථික සරණාගතයන් ඇත්තටම අර යූඑන්එච්සීආර් අනාත කැටගොරි වලටත් වැටෙන්නේ නැහැ. ඉතින් යලිත් පැමිණි රටට තමා යවන්නේ.

දැන් මේ බෝට්ටුවේ ලංකාවේ කට්ටියත් ඉන්නවලු. එයාලත් ඉන්දියාවේ ස්ථිර පදිංචි කරුවන් නම්, ඔවුනුත් ඉන්දියාව ගන්නවලු. මොරිසන්ලා කියන්නේ, ලංකාවේ දේශපාලන අනාථයන් වුවත්, ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා එහෙ යන එක තමා හොඳම දේ කියල. මෙච්චර දුර අවදානම් ගමනක් එන්නේ මොකටද? ඇත්ත නේ කතාව.

දැන් ඕස්ට්‍රේලියාවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක්. යහපාලනය කියන දේ සාපේක්ෂව තියන ලෝකයේ රටවල් අතුරින් එකක්. ඔන්න ඊයේ කැන්බරා උසාවියකින් මෙහෙ හිටපු පෙඩරල් කතානායක කැබ් වල ගිය ගමන් තුනකට, අයුතු ලෙස රජයේ මුදල් ලබා ගත්තා කියල වැරදි කාරය ලෙස තීරණය කෙරුවා. අවුරුද්දක් මහ උළු ගෙදර යන්න ඉඩ තියනවා. තවම ඒ තීන්දුව දුන්නේ නැහැ.

හැබැයි මොරිසන් අයියා ඉන්දියා ගිහින්, කතා බහ නැත්නම් ඩිල් එක නෙගොශියේට් කරන්න “secret weapon” නැත්නම් අප ඔය කියන්නේ ගතමනාව හැටියට, බ්‍රෙට් ලී හා ග්ලෙන් මැක්ග්‍රාත් දෙන්න අත්සන් කරපු ක්‍රිකට් පිති දෙකක්, ඉන්දියානු අභ්‍යන්තර කටයුතු හා බාහිර කටයතු ඇමති දේපොළට දීල කියල අද ප්‍රවුර්ති වල කියවුනා.

මහා රටවල් වල රටින් පිටත යහපාලනය ඔන්න ඔය වගේ.

දැන් මොරිසන් ලඟදි ලංකාවටත් ආවනේ. අපේ කට්ටියට නම් ඔය පිති දීල හරියන්නේ නැතිය කියා ඔබත්, මාත් දන්නවනේ. ඔබට ගෙස් කරන්න පුලුවන්ද මොනවාද දෙන්න ඇත්තේ කියා. මේක නම් අමාරු ප්‍රශ්නයක්.

(http://www.abc.net.au/news/2014-07-29/manager-says-brett-lee-unaware-signed-bat-bound-for-india/5632152)

Advertisements

14 Comments

Filed under Opinion

14 responses to “බ්‍රෙට් ලී ගේ බැට් එක!

  1. Pingback: බ්‍රෙට් ලී ගේ බැට් එක! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. kathandarakaraya

    මොරිසන්ට නං දීලා තියෙනවා හොඳ නොරිටාකේ ටී සෙට් එකක්.
    ඒකේ වටිනාකම අනුව භාණ්ඩාගාරයට යැවිය යුතුි.
    නමුත් පොර (අර යර්ස් මිනිස්ටර් එකේ තිබුණු ආකාරයට) අඩු තක්සේරුවක් දාලා, පොඩි ටැක්ස් එකක් ගෙවලා ඒක තියාගෙන!
    http://www.thedeadlynewt.com/tag/scott-morrison/

    !!!

    • දැන් ඉතින් ක්‍රිකට් ගහල තේ බොන්න පුළුවන් නේ කකා. මොනවාද කන්නේ? කුණු ජරාව කනවද? නැත්නම් රොටියක් වත් පුච්ච ගමුද?

  3. ම්ම්…. මොන කතා ද රයිගම…… ඔය රටේ උන්ටත් දෙන කප්පං …..අඩුව තක්සේරු කොරනවා නම්….

    • මොනවා කියනවද කෙන්ජි. මෙයාල ලෝකේ වටේම මේ වගේ තමා.

  4. අර නානවහන්සෙට වීසා දීල රයිගම්ලටත් අබ රස බලන්න සලසයි

    • ඔන්න එකක්. අර ටී සෙට් එකත් නරකම නැහැ වගේ නේද? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන්නෙත් නාන වහන්සේ ට නාන්න කඹය හදල දෙන්නේ රජ පවුලය කියල. බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා එක්සත් ජනපදය නාන වහන්සේට විසා ප්‍රතික්ෂේප කරන විට, මේ කොහෙවත් ඉන්න ඕස්ට්‍රේලියාවක් විසා දෙන්නේ නිකම්ද?

  5. අල්ලස හැම තැනම වැඩ කරනවා කියන එකට හොදම උදාහරණයක්නේ මේක…

    • දේශපාලනය කියන්නේ, සමාජයේ දූෂිත මනස් සහිත අයට කාන්දමක් වගේ. හැබැයි නලින් ඔය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී හා රාජ්‍ය නායකයන් අතර මේ වගේ තෑගී හුවමාරු කර ගැනීම අමුතු කටයුත්තක් නොවේ. ඒ විතරක් නොවේ, මෙහෙ රාජ්‍ය සේවයේ පවා කෙනෙකුට කුඩා තෑගි ගන්නට ඉඩ තියනවා. ඒ වගේම මොරිසන්ලට මෙවැනි තෑගී බාරගෙන ඒවා ප්‍රසිද්ධ කරලා, අර සීමාවෙන් පිටට ගියොත් වැඩිපුර ගාණ ආණ්ඩුවට ගෙවන්න ඕනේ.

      මේ රටවල් වල දූෂණය හා අල්ලස නැතුවා නොවේ. ඉහලම තලයෙහත් මේවා වෙනවා. හොඳම උදාහරණය පසුගිය කාලය තුල නිව් සවුත් වේල්ස ප්‍රාන්ත රජයේ ICAC එනම් දුෂණයට එරෙහි ස්වාධීන කොමිසම හමුවේ හෙළිවුණ කරුණු. මේවා දිගට ලියන්න හැකියි. ඔබලාට ප්‍රයෝජනයක් නැහැ.

      මේ රටවල් වල යහපාලනය පවතින්නේ, පුද්ගලයන්ගේ හොඳකම නිසා නොවේ, ආයතන වල ශක්තිමත්කම නිසා. එම ආයතන නම්, ජනමාධ්‍ය, උසාවි, අර වගේ කොමිෂන් හා සිවිල් සමාජය (ඒකකයක් වශයෙන්) යනාදියයි.

      දැන් බලන්න නිව් සවුත් වේල්ස හිටපු මහ ඇමති ගෙදර ගියේ මේ වගේ කරුණකට. එයා මහා ඇමති ලෙස දිනුව දවසේ ව්‍යාපාරික “යාළුවෙක්” ඩොලර් තුන් දාහක වයින් බෝතලයක් තෑගී දීලා. දැන් මෙය ඩික්ලෙයා කරන්නත් ඕනේ, ගාණත් වැඩි නිසා එක්කෝ රජයට දෙන්න ඕනේ, නැත්නම් වැඩිපුර ගාණ රජයට ගෙවන්න ඕනේ. අර යහළුවා ගේ හවුල් ව්‍යාපාර වල වැඩ ගැන අර කොමිසමේ විභාග වුන විටෙක තමා මේ වයින් බෝතලයේ කතාව ආවේ. දැන් මහ ඇමැතිටත් සාක්කි දෙන්න වුණා. එයා කියුවේ මට ඔහොම වයින් බෝතලයක් ලැබුන වග මතක නැතිය කියා. ඔහු සාක්කි දීල ගෙදර ගියා.

      ඊළඟ දවසේ, කොමිසම ඉදිරියේ තැබුණේ අර මහා ඇමති ලියුව පොඩි චිට් කැබැල්ලක්. එහි තිබුනේ, ඔබේ වයින් බෝතලයට ස්තුතියි, එය අප හොඳට එන්ජෝයි කළා වගේ පොඩි පණිවුඩයක්. කාටද? අර ව්‍යාපාරිකයාට.

      එදාම දවල් මහ ඇමති ඉල්ලලා අස් වුණේ කලින් දවසේ සාක්කිය අර චිට් කැබැල්ල නිසා ප්‍රතික්ෂේප වීම හින්ද. ඔහු කියුවේ මතකය මග හැරුනා කියා. මට නම් ඔහු දේශපාලකයෙකු ලෙස නරක කෙනෙකු නොවේ. ඔන්න කතාව.

  6. මිහිකතයි,රත්නදීපයි ලංකාවට ගෙනත් දුන්නෙත් මෙයාම නේද….එනවා වැඩියි මේ පැත්තේ. ලොකු ලෙඩක් දාගෙන තමයි නවතින්නේ : D

    • ඔන්න පත්තරේ තිබුනා, ලංකාවට බැට් හරියන්නේ නැති නිසා සද්ධර්ම රත්නාවලියේ පිටපතක් හොයමින් හිටියා කියල.
      මිහිකතයි, රත්නදීපෙයි දෙකම දැන් මහ මුහුදේ නේද බං? 😀

      • /////මිහිකතයි, රත්නදීපෙයි දෙකම දැන් මහ මුහුදේ නේද බං? /////
        ඔව්…..රත්නදීපය අත ඇරලා මුහුදෙන් යන එවුන්ව අල්ලන්න ඩියුටි.
        ඔය නම් දෙක දාලා තියෙන්නෙත්MR සෙට් වෙන විදිහට. දැම්මට කමක් නැහැ….ඒ මදිවට ස්කොට් මොරිසන්ට ඒක පැහැදිලි කරා එකෙක් උත්සවේ අස්සේ. ලජ්ජාවේ බැහැ අපේ එකා කියපු හැටියටයි. ඔසියා දාපු නක්කල් හිනාවටයි.

  7. නිකං

    //කැබ් වල ගිය ගමන් තුනකට
    චිහ් මේ යෝදයව ලංකාවට පටවන්න තියෙන්නේ හරියට හොරකං කරන හැටි ඉගෙනගෙන වරෙන් කියලා.ඕන් ලංකාවට විදේශ විනිමය උපයන්න ක්‍රම !

    • මෙන්න නියම ව්‍යවසායකත්ව සංකල්ප! මොකට නිකම් චීන ණය ගන්නවද මන්දා?