Caged Minds! සිරවූ මනස්! (1)


tumblr_l7tdo6BSpN1qaalmuo1_500

මේ මට ලඟදි අහන්න ලැබුන කතාවක්. ඕස්ට්‍රේලියාවේ එක්තරා නගරයක ටික කලක් ජිවත්වුණ, අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නත් අරගෙන ආපසු ලංකාවට ගිහින්. මොකද දන්නවද? දරුවන්ට පාසලෙන් කිසි “ස්ට්‍රෙස් එකක්” ලැබෙන්නේ නැහැ කියලා. ඔව් ඒක තමයි වචනය. දැන් දරුවන් ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් යවනවලු. ස්ට්‍රෙස් ලෙවල් එක නම් කොහොමද දන්නේ නැහැ.

බහුතර දෙමාපියන්ගේ ජිවිතයේ කොටසක් වැය වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනුයි. මේ බටහිර දෙමාපියනුත් එසේමයි. බොරු කියන්න අවශ්‍ය නැහැ, අපත් දරුවන් ඉගෙන ගැනීම ගැන උනන්දුයි. ඒ වෙනුවෙන් ඔවුන්ට නිතරම මතක් කරනවා. පුළුවන් විදිහට හා අවශ්‍ය විටෙක එම ඉගෙනීම් වෙනුවෙන් උදව් ද කරනවා.

සංක්‍රමණික ජිවිතයේ මා දකින එක් හොඳ කමක් තමා දරුවන්ට, අප කැමති ආකාරයට ආසන්නයට යන පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න හැකි වීම. දේශපාලක ගොන් බලපෑම් අවමව හා ආගම් වල අනවශ්‍ය බලපෑම් වලින් තොරව, ටියුෂන් වලින් තොරව, අර අම්ම බලාපොරොත්තු වන ස්ට්‍රෙස් වලින් තොරව ලෞකික අධ්‍යාපනයක් ලබා දීමට හැකි වීම හොඳ දෙයක් නොවේද?

අර කලින් සටහනේ පුල්ලි කතාවට යලිත් ගියොත් මට තව දෙයක් මතක් වුනා. ලංකාවට ගිය වෙලාවේ, අපේ පාසලේ හිටපු දැනට මා ළඟ විස්තර තියන යහළුවෙකුට කතා කළා. ඔහු දවසකට පසු මට ආපසු කතා කරන විට කියුවේ, එදා අපත් එක්ක හිටපු කට්ටිය දෙතුන් දෙනෙක් පොඩියට සෙට් වෙනවා, පුළුවන් නම් වරෙන් කියා. මට ගමනාගමනය පවා මෙය සංවිධානය කරන කෙනා දෙන බව කියුවා. මේ කට්ටියගෙන් කිසිවෙකු, මා අපොස සාපෙන් පසුව හමු වෙලත් නැහැ. ඉතින් මාත් යන්න කැමති වුණා.

දැන් කට්ටිය එකතු වෙලා. මුලින්ම කට්ටිය කටපත්ත ඇද්දේ බොන ඒවා ගැන. සමහරුන්ට තියන “ගාණ” මදිය කියා මැවිසිලි නැගුවා. මේ කට්ටිය කතා කරන්න සෙට් වුණ විට තමා, මට තේරුම් ගියේ, ආපු මෝඩ කම කියා.

ඔවුන්ගේ ලෝකයේ විශාල කොටසක් තවම තියෙන්නේ පාසල ඇතුලේ. ගොඩක් දෙනාගේ දරුවන් ද දැන් යන්නේ එම පාසලටමයි. විදුහල්පති මාරු කරන හැටි, ගුරුවරුන් පාලනය කරන හැටි, උදේ රැස්වීමේදී දරුවන් ලවා හූ කියන කතා යනාදී වශයෙන් ඔවුනට ගැටළු බොහොමයි. කෙනෙකු කියුවේ වැඩේ වරද්දා ගත්තොත් ආණ්ඩුවත් කඩා වැටේවිය කියල.

මේ කතා අහගෙන හිටිය මට, අර මගේ පුල්ලි මාරු වීම කොතරම් ද කියා කල්පනා වුණා. මා ඉගෙන ගත්තු ආයතන පිලිබඳ මගේ විශාල බැඳීමක් තියනවා කියල කියුවොත් එය බොරුවක්. ඒ සියල්ල මගේ ජිවිතයට උදව් කර තිබුනත්, මේවට ඇලීම එතරම් තේරුමක් ඇති දෙයක් නොවේ. එයින් එකකටවත් මා දරුවන් යැවීමට බලාපොරොත්තුවක් ද නැහැ. මොකද කියනවා නම්, ඔවුන් අනාගතයේ කුමක් කරාවිදැයි කියා මා දන්නෙත් නැහැ.

Picture source: Bing Images (http://www.bing.com/images/search?q=caged+birds+images&qpvt=caged+birds+images&FORM=IGRE#a)

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “Caged Minds! සිරවූ මනස්! (1)

  1. Pingback: Caged Minds! සිරවූ මනස්! (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මම දැකලා තියෙන ගොඩක් විවෘත මනසක් තියෙන මිතුරන්ටත් මේ පාසැල කියන කූඩුවෙන් මිදෙන්න බැරිවෙලා තියෙනවා… බිග්මැච් කාලෙට අනිත් ඉස්කෝලේ උන්ගේ හකු පන්නන්න මූනුපොතේ පුරසාරම් දෙසන හැටි කණ්නඩියකින් පෙන්නන්නට ඇතිනම්…

    සිරවූ මනස් ගැන මම ගත්ත ඡායාරුපයක් අනුසාරයෙන් කියන්න උත්සාහා කලා කාලෙකට කලින්…
    http://akurublog.blogspot.com/2012/02/48-caged-apes.html

    • දොස්තරලත් කෙල ගන්න කොට ඕවා ගණන් ගන්න දෙයක් නැහැ බිට්ල්. මේවා වැඩවසම් ලක්ෂණ.

      ඉස්සර අප මේවට ගියේ මෙරිට් එකෙන් නැත්නම් යම් කුසලතාවයක් පෙන්නලා. එහෙම ආපු එවුන්ම, මේවායේ ගෙවලයන් වගේ ලැගගෙන, තමන්ට ඕනේ හැටියට පාලනය කරන එකම වැඩවසම් යුගයේ ලක්ෂණ කියන්න පුළුවන්.

      මේක අතුරු කතාවක් විතරයි, මා ලියන්න උත්සහ කරන්නේ පියෙක් හා සාමාන්‍ය මිනිහෙක් හැටියට අධ්‍යාපනය මා දකින හැටි.කලින් ලියපුවාත්, නැවත එක තැනකට ගොනු කිරීමක් කියලත් කියන්න ඇහැකි.

  3. අධ්‍යාපනය ගැන කතා කරලා මට ඇති වෙලා මචං.

    බොන එක ගැන කතා කරමු.

    කට්ටිය එකතු වෙලා බොන එකේ මට අමාරුම දේ තමයි කලින් බීපු කයිවාරු අහගෙන ඉන්න එක. අනික එකට බීපු සමහරුන්ට ලයිසන් ලැබෙනවා ඕනේ දෙයක් කියන්න කරන්න බීලා නිසා. නමුත් ඒ ගානටම හෝ ඊට වැඩිය බීලා ඉන්න සමහරුන්ට සිද්ද වෙලා තියෙන්නේ අර හැසිරීම් ඉවසගෙන ඉන්න විතරයි.

    මේක අන්තිමට හෙන ලයබිලිටි එකක් වෙනකොට උඹට බීම එපා වෙන්නේ නැද්ද? 😀

    • බොන්න සහ ට්‍රිප් එකක් යන්න කවුරු හරි අඬගැහුවොත් මම අහන්නේ “කවුද තව ඉන්නේ” කියලා. හිතට අල්ලන සැට් එකක් එක්ක චාටර් ස්පොට් එකකට ගිහින් වතුර බිබී හිටියත් සැපයි.

    • මෙහෙමනේ හෙන්රි, එපා වෙන්නේ මේවා උගන්වන්න ගියොත්. මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ ලියන්නේ රිෆ්ලෙක්ෂන්ස්.

      අතන නම් වුණේ මචං , කතාව දෝලාවෙන් ගමන පයින් වගේ වැඩක්. අන්තිමට මේ ටික මදියි කියුවට, ගෙනාපු එකා බෝතල් ටික ගෙදර ගෙනිච්චා. 😀

  4. ලංකාවෙ ගොඩක් පාසල් වල වෙන නොයෙකුත් සිදුවීම් පිටු පස ආදී සිසුන් සිටින බව තමයි අහන්න ලැබෙන්නෙ …..

    • පිටුපස නොවේ කෙන්ජි, මෙයාල තමයි ඉදිරියෙන්ම ඉන්නේ. රජ පවුල් පාලන ගැන කතා කරන අප, සාමාන්‍ය මිනිසුන්ගේ මේ වගේ වැඩවසම් ලක්ෂණ අමතක කරනවා. මේවායින් ගැලවී ජිවත් වීමට ලැබුන එකම මට නම් ලොකු දෙයක්. අපේ ජිවිත කාලය තුල මේවා වෙනස් වීමක් බලාපොරොත්තු වන්න බැහැ.

    • kathandarakaraya

      ආදි සිසුවෙක් නොවන අයෙක් ඉන්නවා නම් ඒ ඉස්කෝලේ පස් පාගපු නැති එකෙක් වෙන්න ඕනෑ, නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s