නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්!


මේ පළමු ලෝකයේ දරුවන් තමන්ට ලබා ගන්න නොහැකි යුවලවල් සොයාගෙන තියන අලුත්මත් කියන්න බැරි ක්‍රමය තමා තෙවන, එනම් දියුණු වෙමින් පවතින රටවලට ගොස්, දරුවන් පිළිසිඳ ගන්න වයසේ ඉන්න කාන්තාවක් සොයාගෙන, පොඩි ගතමනාවක් අතමිට මොලවා, තමන්ගේම දරුවෙකු ලබා ගැනීම. ඉන්දියාවේ මේ වැඩේ ජයටම යනවා.

අද ඕස්ට්‍රේලියානු පුවත් වල මුල් තැන ගත්තේ මාස හයක් වයසැති මේ දරුවාගේ කතාවයි. මේ මාපියන් දෙන්නා තමන්ගේ ඉදිරි ජිවිත කාළය ගත කරන හැටි තමා මා මේ කල්පනා කරන්නේ.

http://www.abc.net.au/news/2014-08-01/mother-of-thai-baby-abandoned-by-surrogate-parents-struggles-to/5642478

Advertisements

12 Comments

Filed under Social

12 responses to “නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්!

  1. Pingback: නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඔව් අලුත් කියන්න බෑ තමයි. මොකද ඔය surrogate mother සංකල්පය මම අහලා දශක ගණනාවක් වුනා. ගර්භාෂය කුලියට දීම දැනට අමතක කලොත්, ඉන්දියාවෙ සිද්ද වෙන ශරීර අවයව මංකොල්ලය කොයි තරම් දරුණු එකක්ද?

    • අලුත්ම කියන්න බැහැ තමා හෙන්රි (ඒකනේ අරෙහෙම ලියුවේ). හැබැයි මේක ව්‍යාපාරයක් ලෙස සංවිධානාත්මකව පැතිරුනේ මෑත අවුරුදු හතර-පහ තුලදී. ඉන්දියාවේ හා මේ කියන තායිලන්තයේ මේකට ම වෙන් වුණ සායන පවා තියනවා. එය සංචාරක කාර්මන්තයේම කොටසක් ලෙසයි සලකන්නේ.

      මෑතකදී මෙහෙ රූපවාහිනියේ වැඩ සටහනක් ගියා. ඕස්ට්‍රේලියානුවන් මෙහෙම ඉන්දියා ගිහින් දරුවන් හදාගෙන එන එක පිළිබඳව.මොකද ඕස්ට්‍රේලියාවේ ගර්භාෂ කුලියට දීම නීති විරෝධීයි. දෙපාර්ශවයේ කැමැත්තෙන්, වියදම් විතරක් පියවන සරොගසි එහෙකට යන්න පුළුවන් වුවත්, මුදල් උපයා ගන්න එහෙම කරන්න බැහැ.

      දැනට මේ සඳහා ලාභම ඉන්දියාව යයි පැවසෙනවා. මේ සරොගසි අම්ම කෙනෙකුට ලැබෙන්නේ ඉතා සොච්චමක්. ඩොලර් 5000-10000 වගේ අතර ගාණක්. ගොඩක් වෙලාවට මෙයට වඩා ගාණක් මේවා සංවිධානය කරන කට්ටිය, අර සායන වල පොරවල් කඩා ගන්නවා.

      මේ නීති ලෝකේ විවිධ රටවල හරිම අංජබජල්. ඕස්ට්‍රේලියාවේ පවා ප්‍රාන්ත ආණ්ඩු අතර නීති වෙනස් කම් තියනවා.

      අර කියන ඒකීය මිනිසුන්ගේ කැමැත්ත, ඉල්ලුම්-සැපයුම් න්‍යාය, වෙළඳ ආර්ථික ක්‍රමය, තනි මිනිසාගේ බලය යනාදී ගොන් තර්ක අතරට මේවත් දාන්න පුළුවන් මචං. ගොඩක් ඒ තැන් වල වගේම, මෙතැනත් තීන්දු ගන්නේ නම් එයින් එක පාර්ශවයක් විතරයි.

  3. මේ කතාව ඛේදජනකයි. දෙපැත්තම පව්.

    ළමෙක් හදාගන්න බැරි දෙමාපියෝ එහෙම හරි ළමයි හදාගන්න එක අසාධාරණයි කියන්න බෑ නෙව. ඒත් ඒක භාන්ඩයක් මිළට ගන්න ක්‍රමය විතරයි කියන්න පුළුවන්ද? surrogate mother ගේ පැත්තෙන් මට පොඩි අවුලක් තියෙනවා ඒත් ඒ දුගීබවට ඒකත් තාවකාලික විසඳුමක් නෙව එයා කියන විදියට.
    මේ වගේ වුනාම නීතිය පැත්තෙනුත් වැඩි ඉඩක් ඇත්තේ වන්දියක් ලබාදීල මවට ළමයා ලබා දෙන එක වෙන්නෝන. අනේ මන්දා මම තවම මෙතන ඒ සිදුවීම කල්පනා කරනවා… 😦

    • දැන් තායි රජය නීති ගැන නැවත සලකා බලමින් ඉන්නවා කියලයි කියන්නේ. ඉන්දියාව පවා නීති වෙනාස් කළා ගිය වසරේදී. දැන් එහෙ බැඳපු නැති යුවලවල් වලට, තනි පුද්ගලයන්ට මේ වගේ ගර්භාෂ කුලියට ගැනීම නීති විරෝධියි. අනෙක් රටවල් ගැන මා දන්නේ නැහැ. ඉන්දියාව ගැනත් ටිකක් දන්නේ කියවල නොවේ, මෙහෙ ගිය රූපවාහිනී වැඩසටහනක් බලලා.

      මේ දරුවා “ඩවුන් සින්ද්රොම්” වලට අමතරව හර්දය වස්තුවේ ප්‍රශ්නයකිනුත් පෙලෙනවා. ප්‍රතිකාර වලින් තොරව ජිවත් නොවනු ඇතැයි කියා කියන්නේ. බැංකොක් නුවර ඕස්ට්‍රේලියානු එම්බසිය දැනට මැදිහත් වෙලා තියනවා මුදල් හොයන්න. එයිට අමතර දැන් වෙනත් සංවිධානත් මෙයට අත ගසා තියනවා.

      මේ ලෝකේ ඉන්න මෙවැනි දුක් විඳින දරුවන් දශ ලක්ෂ ගණනින් එක් අයෙක් පමණයි නේ රංගි. “ඕස්ට්‍රේලියානු” දරුවෙකු වුණ නිසා මේ තරමින් වත් අවධානය ලැබුනා (රජයේ හා ජනතාවගේ). අර බඩ පිරුන කතාව මෙතනටත් අදාලයි. සංවර්ධිත සමාජයක විතරයි මෙවැනි ප්‍රශ්නයකට අවධානයක් යොමු වන්නේත්, යමක් කරන්න පුළුවන් වන්නේත්.

      ඒ වගේම ඩවුන් සින්ද්රොම් විතරක් නොවේ අප අවට තියන ප්‍රතිකාර නොමැති නොයෙක් රෝග, වෙනත් සමාජ ප්‍රශ්න, තාක්ෂණික ගැටළු, පරිසර ප්‍රශ්න යනාදියට විසඳුම් සොයන්න පුළුවන්, උන්නතිකාමී මිනිසුනට හා සමාජයකට පමණයි. අපේ දියුණුව මෙයින් ඇති කියා අත-පය අකුලාගෙන සරල ජිවිත ගත කරන්නත් පුළුවන්. හැබැයි මා විශ්වාස කරන්නේ එහෙම නොවේ අප කළ යුත්තේ.

      ක්වීන්ස්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසින් අප්‍රිකාවේ දරුවන්ගේ විටමින් ඒ ඌනතාවයට පිළියමක් ලෙස නිපදවපු රන්වන් කෙහෙල් වල මිනිස් අත්හදා බලින් ලඟදි ආරම්භ වනවා. මෙය සාර්ථක වුවොත්, ලක්ෂ ගණන් වන අප්‍රිකානු දරුවන් පිරිසකගේ අන්ධවීමේ ප්‍රශ්නයට විශාල විසඳුමක් ලැබෙනු ඇති දැනට ගණන් බලා තියනවා. මා හිතන්නේ මුදල් ආයෝජනය කරන්නේ ලෝකයේ අංක එකේ ව්‍යවසායකයෙක්, ධනපතියෙක් හා මානවවාදියෙක් වන බිල් ගේට්ස්.

      අනෙක් මානුෂික ප්‍රශ්නය නම් සදාතනික එකක්. එනම් මේ යුවලගේ ක්‍රියාකලාපය. දැන් ඒ ගොල්ලනුත් මේක රූපවාහිනියෙන්, අන්තරජාලෙන් හා පත්තර වලින් දකිනවා ඇති. ඒ දකිමින් අර අරන් ගිය දරුවා සුරතල් කරනවත් ඇති.

  4. කොහොමත් හෙන්රි කියල තියෙනව වගේ මේව කලක පටන් කෙරෙන දේවල්…..
    ඕස්ට්‍රේලියා වගේ රටක වුන නිසා අර දරුවට ප්‍රතිකාර කරන්න/ජිවත් කරවන්න මැදිහත් වෙලා ඉන්න එක සතුටක් රයිගම…….
    අපේ රටවල වගේ වුනානම් අබ සරණයි……..
    >>දැන් ඒ ගොල්ලනුත් මේක රූපවාහිනියෙන්, අන්තර ජාලෙන් හා පත්තර වලින් දකිනවා ඇති. ඒ දකිමින් අර අරන් ගිය දරුවා සුරතල් කරනවත් ඇති.<<……. මේක තමා ඉතිං සැබෑව…….
    නමුත් ඔය රටේ ඔවුන්ට විරුද්ධව යමක් කල නොහැකිද?.

    • ඔවුන් දෙපොල ඕස්ට්‍රේලියානු නීතියක් කඩල කියල දැන ගන්නට නැහැ කෙන්ජි!

  5. ලංකාවේ මේ ගැන හදපු පරණ මුවී එකක් තියෙනවා නේද? ‘සුරබි දෙන’ කියල. මම ලඟදි බැලුවේ. තාමත් ඒ කම්පනය මගේ ඔලුවේ තියෙනවා. දෙගොල්ලොම පව්. දරුවෙක් නැතුව දුක් විදින අයත්, දරුවන් හිටියට උන්ට කන්න දීගන්න බැරි අයත් කියන මේ දෙගොල්ලෝ කොහොමද එක තැනකට එන්නේ?

    • මා නම් එහෙම සිනමා පටයක් නරඹල නැහැ උපේක්ෂා.

      ඔබ කියන්නේ වෙනම පැත්තක් නේද? එම ප්‍රශ්නය මෙහි කතා කෙරෙන දෙයටත් එපිටට යනවා. මට අද ලියන්න වෙලාවක් නැහැ.

      මේ දරුවාගේ ප්‍රශ්නය නම්, මිනිසුන්ගේ මනුස්සකම කියන දේ නිර්වචනය කරන ආකාරය අනුව වෙනස් වෙන්න ඉඩ තියනවා. මෙතැනදී නිවුන් දරුවන් දෙන්නෙකු ගෙන් නිරෝගී දරුවා තෝරාගෙන, ජාන වල ප්‍රශ්නයක් නිසා ඩවුන් සින්ද්රොම් හා හර්ද ප්‍රශ්නයක් සමග ඉපදුන එකා දාල ඇවිල්ල. මේක කඩෙන් බඩු ගන්නවා වගේ වැඩක් නේ.

      වැදුව මවගේ එම දරුවට ඇති ආදරය අකලංකයි. හැබැයි වැඩේ තියෙන්නේ ඇයට මේ දරුවා ජිවත් කරන්න පුළුවන් වේවිද කියන එකයි.

      මේක මේ ධනවාදී සමාජයේ ප්‍රශ්නයක් නොවේ. මොකද මේක ගැන දැන් ඇදිල ආපු කතාව හුඟක් දුර ගිහින්. මේ දරුවා හදා ගැනීමට කැමති අය දැන් ඉදිරිපත් වෙලා තියනවා. ඔහුට, ලෝකේ රටවල් සියල්ල ගත්තොත්, ජිවත් වීමට හා අප වගේ සාමාන්‍ය දිවියක් ගත කරන්න හැකි රටවලින් ඕස්ට්‍රේලියාව මුලින්ම ඉන්නවා කියල මට සැකක් නැතුව කියන්න පුලුවන්.

      • පරණ චිත්‍රපටියක්. හරියටම මේකට මැච් වෙන්නේ නැති උනත් මුලික කාරණේ එකයි.

        ඔතනදි නේද වැදූ මවගේ ආදරෙත්, හැදූ මවගේ ආදරෙත් වෙනස් වෙන්නේ… එක වේලාවකදී වැදූ මවත්, අනික් වේලාවකදී හැදූ මවත් (හුණුවටයේ කතාව වගේ) දරුවාට අකලංක ප්‍රේමෙන් බැඳෙනවා.

        මේ වගේ දෙකදී නම් කඩෙන් බඩුගන්නවා වගේ තමයි හැසිරෙන්න වෙන්නේ. මොකද ඉමොෂනලි විසදන්න බැහැ. අහල තියෙනවද කතාවක් අර තාත්ත කෙනෙක් තමන්ගේ දරුවාගේ අයිතිය තමන්ගේ බිරිඳට උසාවියේදී තේරුම් කරන විදිය? අර කොකාකෝලා වෙන්ඩින් මැෂින් එකකට කොයින් එකක දාල ගන්න කෑන් එක කාගේද අහනවා වගේ….. ලොජිකලි ඇත්ත වගේ.. ඒත් ඒ ඇත්තමද?

        ලංකාවේ මම අනේක කතා අහල තියෙනවා තමන්ගේ දරුවා උපතිම ආබාධිත නිකන්ම නිකන් දර කොටයක් වෙලත්, දරුවට අවුරුදු 40 පැනලත් ඒ දරුවාව ඇඳේ තියාගෙන බලාගන්න අම්ම්මල.. ගොඩක් වෙලාවට ඒ අම්මලාව තාත්තලා දාල යනවා. ඔය අතරේ ඉපදුනු ගමන්, මෙලෝම ආබාධයක් නැති ළමයි කුණුගොඩට විසි කරලා යනවා. අන්ත දෙකක්. අනිවාර්යෙන් ලංකාවට, ඉන්දියාවට වඩා එහෙම ළමයි ගැන ඔස්ට්‍රේලියාව වගේ රටවල් කැපවෙනවා.

        • අන්න ඒකයි මා කියුවේ මේක සමාජ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ, මනුෂ්‍යත්වයේ සදාතනික ගැටලුවක් කියා. මේ අන්ත දෙකේ අය කොහෙත් ඉන්නවා. නමුත් සමාජයේ පොදු මතය මොකක්ද කියන එකත් වැදගත්. එතැනදී සමාජය පරිනාමය වෙලා ඉන්න තැන හා පොදුවේ තියන සංවර්ධන තත්වය බලපානවා. මෙතැනදී අප අපගෙන් අහගන්න ඕනේ, මේ වගේ අවස්ථාවක් ලදොත්, ඔබ එක දරුවෙක් තෝරාගෙන, අනෙකා මැරෙන්න දාල එනවද කියන එක?

          මේක ඉමොෂනලි තමයි විසඳන්න ඕනේ. අප මනුෂ්‍යයන් කියන්නේ ඒකනේ. ඔය වඳුරු කණ්ඩායම් වල, පිරිමි දරුවෙක් ඉපදුනොත්, අර අන්තඃපුරය පවත්වාගෙන යන මහා එකා, ඌව අම්මගෙන් උදුරලා කාල බිමට දානවා. අප එහෙම නොවේ නේද?

          ලංකාව වගේ රටක තියන ප්‍රශ්නය නම් ඔය වෙන මොනවාත් නොවේ. ඒකාධිපති, වැඩවසම් පාලන ක්‍රමයයි. තාත්තල, ලොකු අයියල, මල්ලිලා, මචංල, එයාලගේ ඉටිකිරිස් කෑලි සමගින් කෙරෙන මේ පාලනයට සමාජයේ බහුතර කැමැත්තත් තියනවා. බලන්න ලිස්ට් වල මනාප ගන්න පළමු කිහිප දෙනා දිහා.

          එතැනදී, මෙවැනි ළමුන් ගැන මොන කතාද?

  6. Reblogged this on raigamahandiya and commented:

    ?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s