Caged Minds! සිරවූ මනස්! (3)


පෙඩරල් සෞඛ්‍ය ඇමති, ක්වීන්ස්ලන්ත මස්තිෂ්කය පිලිබඳ පර්යේෂණ ආයතනයේ (ක්වීන්ස්ලන්ත සරසවියේ) ඩිමෙන්ෂියා පර්යේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන නවයක ප්‍රතිපාදන ලබා දුන්නේ අද. මේ වන විට මේ රෝගී තත්වයෙන් පෙලෙන ඕස්ට්‍රේලියානුවන්ගේ ගණන ලක්ෂ තුනක් වෙනවා. ගණන් බලා ඇති අන්දමට 2050 වසර වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියනයක් ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙනු ඇති.

ආයතන අධ්‍යක්ෂක,මහාචාර්ය පෙරී බාර්ට්ලෙට් අද මාධ්‍ය වලට ප්‍රකාශ කෙරුවේ, තව වසර පහකින් ඔවුනට මේ ක්ෂේත්‍රයේ විශාල වෙනසකට යන්න පුළුවන් වේවි කියා.

අර කට්ටියක් ඒකීය මිනිසුන්ගේ ලෝකයක් ගැන නන් දොඩවනවනේ. ඔවුනගේ ලෝකයේ නැති දෙයක් තමා මහජන මුදල් මෙවැනි මූලික විද්‍යා පර්යේෂණ වලට යෙදවීම. මුලික විද්‍යා පර්යේෂණ කියන්නේ, යොදන ආයෝජන වල නැවත ලැබීම් එක වර තියා සමහරවිට කාලාන්තරයක් ගියත් ලැබෙන්න ඉඩ නොතිබෙන ඒවා. මනුෂ්‍ය ශිෂ්ඨාචාරය සඳහා මෙවැනි ආයෝජන වැදගත් ඇයි? එයට පිළිතුර මෙවැනි නන් දොඩවන සමහර ගොන් පිරිස්, දැන් ජිවත්ව ඉන්න රටවල් වලින්ම අපට සොයා ගන්න පුළුවන්.

මා කලින් සටහනේ ලියුවා වගේ ඇමෙරිකාව, අලුත් සොයා ගැනීම් කරන ලෝකයේ ප්‍රමුඛ රටයි. වසර 2011 දී ඇමෙරිකාව ඩොලර බිලියන 366 ක් පර්යේෂණ වෙනුවෙන් වැය කෙරුවා. මෙය මොන වගේ ගණනක්ද කියා සසඳන්න පුළුවන් මෙහෙම. ඒ වසරේ යුරෝපීය සංගමයේ සියලු රටවල් (27) පර්යේෂණ සඳහා වෙන් කළ මුළු මුදල ඩොලර් බිලියන 275 යි. ඇමෙරිකානු ආණ්ඩුව එහි කෙරෙන සියලු පර්යේෂණ වලින් තුනෙන් එකකටත්, මූලික පර්යේෂණවලට මුළුමනින්මත් ප්‍රතිපාදන සපයනවා.

එහෙම වුනත්, පර්යේෂණ සඳහා ප්‍රතිපාදන කපා දැමීම ඇමෙරිකාවෙනුත්, යුරෝපයෙනුත් හා ඕස්ට්‍රේලියාවෙනුත් පසුගිය කාලයේ අහන්නට ලැබුනා. වසර 2023 වන විට චීනය පර්යේෂණ සඳහා වැය කරන මුදල ඇමෙරිකාව අභිබවා යනු ඇතැයි කියනවා. The Economist සඟරාව ඇමෙරිකානු ප්‍රතිපාදන කපා දැමීම් ගැන මෙහෙම ලියා තිබුනා …..”But the real problem is absolute, not relative, and affects the whole world, not just America. R&D is a rare type of public spending that stimulates growth. Knowledge is cumulative, easy to share and generates benefits that spill rapidly across borders….”

මූලික පර්යේෂණ වලට පෞද්ගලික අංශයේ ප්‍රතිපාදන නොලැබෙන්නේ, මේවා අර කියුවා වගේ ක්ෂණික ලාභ උපයන්නේ නැති නිසා. Medicine is one of main beneficiaries (of American research funding අවධාරණය මගෙන්). America’s National Institute of Health (NIH) is the world’s biggest funder of biomedical research. It pays for risky basic science; companies pay for later stages of development. For example, the NIH supported early research into monoclonal antibodies. By 2010 such research underpinned five of America’s 20 bestselling drugs (The Economist,02 March 2013).

දැන් ලෝකයේ ප්‍රධාන රටවල් පර්යේෂණ හා සංවර්ධන (R&D) සඳහා දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට කොපමණ වියදම් කරනවද? පහත රූපසටහනින් පෙන්නුම් කෙරෙන්නේ තෝරා ගත් රටවල් කිහිපයක් එහෙම වියදම් කරන ගාණයි, එම රටවල් වල මිනිසුන් මිලියනයකට ඉන්න විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් ගණනයි අතර සහ-සම්බන්ධය.

F2_large
(උපුටා ගැනීම What’s So Special About Science (And How Much Should We Spend on it?), William H. Press, Science Vol 342 15 November, 2013/Memorial Institute and R&D Magazine, December 2011).

විලියම් කියන්නේ, මෙහි ඉහලින්ම ඉන්න රටවල් කිහිපය තමා ලෝකයේ තාක්ෂණ නියමුවන් කියල. පසුගිය වසර 50 හ ගත්තොත්, විද්‍යා හා තාක්ෂණයේ බලාගාරයන් වී තියෙන්නේ මේ රටවල්ම තමා. දෙවෙනියට එන්නේ ඔවුන් පසුපස යන කට්ටිය. ඕස්ට්‍රේලියාවත් අයිති වෙන්නේ මේ ගොඩට. පහලින් තියන තුන්වන ගොනුවේ ඉන්නේ දියුණු වෙමින් පවත්නා යයි කියන රටවල්. මේ කාණ්ඩයේ ඉදිරියෙන් ඉන්නේ චීනයයි.

මේ ඉහලින් ඉන්න ධනවත් යයි කියන රටවල් පර්යේෂණ හා සංවර්ධනයන් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම නිසා ඔවුන් ධනවත් වෙලාද? නැත්නම් ඔවුන් ධනවත් නිසා විශාල මුදලක් වෙන් කරනවද? එහෙමත් නැත්නම් මේ දෙකේ සංකලනයක් නිසා ද එහෙම වන්නේ? විලියම් කතා කරන්නේ ඒ ගැන.

මතු සම්බන්දයි

ප. ලි.
සුළු පිරිසක් කියවන මෙවැනි සටහන් වලට වැඩි බරක් යොදවන්න මට සිතෙන්නේ නැහැ. මෙවැනි සටහන් මගින් මා බලාපොරොත්තු වන්නේ, උවමනාවක් ඇති පිරිස් වැඩිදුර කියවාවි කියා.

ආගමික අදහස් දේශපාලනය හා කෙලින්ම සම්බන්ධ වීම බටහිර ලෝකයේත් පවතින දෙයක්. මෙවැනි දේශපාලකයන් ඔවුනගේ තීරණ සඳහා තමන්ගේ, ආගමික මතාන්තර යොදා ගැනීම අපට දකින්න පුළුවන්. විද්‍යා පර්යේෂණ වලට වෙන් කරන මුදල් කැපීම, ආර්ථික ගැටළු මෙන්ම මෙම තෝරා පත්වූ දේශපාලකයන්ගේ පෞද්ගලික ආගමික ස්ථාවරයන් හා බැඳී තිබීමත් අපට දක්නට ලැබුනා.

ඊයේ පෙඩරල් රැකිරක්ෂා ඇමති (ඕස්ට්‍රේලියානු) එරික් ඇබෙට්ස් කියුව, ගබ්සා කිරීම පියයුරු පිළිකා වලට හේතුවක් කියන එකත්, මෙවැනි ආගමික විශ්වාස මත මිසක් නූතන වෛද්‍ය විද්‍යා පර්යේෂණ සමග බැඳී තිබෙන්නක් නොවේ. මේ ලෙසම ඔර්ටිස්ම් කියන තත්වය, ප්‍රතිශක්තිකරණය මගින් ඇතිවනවා යයි කියුව, පසුව අංජබජල් “පර්යේෂණයක්” ලෙස ඉවත් කර ගත් ලිපියක් මත පදනම්ව, තාමත් ප්‍රචාරය කෙරෙන්නක්.

මෙවැනි ඩයිනොසර යුගයේ ඉන්න දේශපාලකයන්, අපගේ නියෝජිතයන් ලෙස පත්කර ගන්න ජනතාවත්, ගොඩක් වෙලාවට ඉන්නේ ඩයිනොසර යුගයේම තමා. මා සිරවූ මනස් ලෙස නම් කරන්නේ මෙවැනි පෙනෙන්නට තියන කරුණු අතහැර, මනස්කල්පිත ලෝක වල සැරි සරණ ලෝකයේ බොහෝ දෙනාත්.

වැඩිදුර කියවන්න හා නරඹන්න!
http://www.nsf.gov/statistics/infbrief/nsf10329/
http://www.usatoday.com/story/opinion/2013/09/30/cantor-gop-budget-science-spending-column/2896333/

මේ සේරම වැඩකට නැත්නම් අහමු මේ ගීතය

Advertisements

7 Comments

Filed under Education, Opinion

7 responses to “Caged Minds! සිරවූ මනස්! (3)

  1. Pingback: Caged Minds! සිරවූ මනස්! (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කොහොමත් මෙවැනි දිර්ගකාලින පර්යේෂණ වලට පුද්ගලික අංශය ප්‍රතිපාදන නොයෙදෙව්වට …….එම පර්යේෂණ වල සාර්ථක ප්‍රතිපල ලැබුණ වහාම …..එය ලොවට හදුන්වා දී විශාල ලාභ ලබන්නෙත් පුද්ගලික අංශය නේද රයිගම……..?

    • මට කෙන්ජි සමහර විට පුදුම හිතෙනවා ඔබ අන් තැන් වල දමන සමහර කොමෙන්ටු පිළිබඳව. 🙂

      හරිම හොඳ ප්‍රශ්නයක්. මා මේ සටහන් පෙළක් ලියන්න ගත්තේ එක කරුණක් වෙතට යන්නට. කිසිවෙකු නොකියවන නිසා, මා හිතන් හිටියේ අබ්රප්ට් අවසානයක් කරා ලඟා වන්න.

      මා අද කියෙවුවා වෙනත් තැනක තිබුන ප්‍රතිචාරයකට දීල තිබුන, ඇබ්සර්ඩ් ප්‍රති-ප්‍රතිචාරයක්. එනම් බ්ලොග් සටහන් ලිවිම, තමන්ගේ ක්ෂේත්‍රයේ පර්යේෂණ ලිපියක් ලිවීමට වඩා අමාරුයි. මොකද, මේවා කියවන්නේ විවිධ දැනුම් කාණ්ඩ වලට අයත් පිරිස් නිසා. තමන්ගේ සටහනකට යම් පාඨකයෙක් ප්‍රතිචාරයක් දාල, යමක් පැහැදිලි කර ගන්න හදන විට, බලන්න එය තර්කයෙන් සමතලා කරන හැටි. මෙවැනි ලිපි ලිවිය යුත්තේ එම “සාමාන්‍ය” පාඨකයාට තේරෙන පරිදි නේද? ඒවා කියවන්න (බලන්න නොවේ) එන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් නිසා නේද? මේ මහන්තත්තකම් අපගේ සමාජයේ පැතිරී තියන අධිකාරවාදයේම ප්‍රතිඵලයක්.

      දැන් බටහිර රටක මහාචාර්ය කෙනෙක් පත්තරේට කොලමක් ලියන්නේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් හැටියට තමා. මේවා පියර් රිවිව්ඩ් සඟරා නොවේ. එහෙම දෙයක නොතේරුම් තැනක් යම් කෙනෙක් ඇහුවොත් එය සරලව කියා දෙන්න හැකියාව එම ලියන්නට තිබෙන්න ඕනේ මොකද ඒවා ඔහුට ඒවා අතැඹුලක් වගේ වෙන නිසා.

      මේ ලියුවේ ඔබට නොවේ කෙන්ජි. මා කලින් ලියා ඇති විසංවාද කරුණු මා ගොඩක් තැන් වල දුටුවත්, මේවාට පැටලෙන්න යන්නේ නැත්තේ, එයින් කිසිම සුගතියක් අත් නොවන වග මා දන්නා නිසා.

      දැන් යමු ඔබගේ ප්‍රශ්නයට. එයට පිළිතුරු මා මෙහි ඊළඟ කොටසින් ලියන්නම්. 🙂

  3. /සුළු පිරිසක් කියවන මෙවැනි සටහන් වලට වැඩි බරක් යොදවන්න මට සිතෙන්නේ නැහැ. /මට එපා වෙලා මේක කියවලා.

    මම ගොඩක් වෙලාවට යමක් දැනගන්න නෙට් සර්ච් කරද්දි,අවැසි දේ ගොඩක් වෙලාවට ලැ‍‍‍ෙබන්නේ බ්ලොග් වලින්,ඇතැම් ඒවා අවුරුදු ගානකින් අප්ඩේට් වෙලා නැ.නමුත්,කරුණු සොයන්නෙකුට වැදගත්.වටිනවා.
    මගේ බ්ලොගයේ කමෙන්ට් වලට උත්තර දෙන්නත් මමනම් ‍ෙහාරයි.
    මට කියවා කමෙන්ට් කර පුරුද්දක් නැ.නමුත්,මං හැමදාමත් මේක කියවනවා.
    /දැන් යමු ඔබගේ ප්‍රශ්නයට. එයට පිළිතුරු මා මෙහි ඊළඟ කොටසින් ලියන්නම්/
    මේ කාරණේ ඊළඟ කොටසින් ලියවිලා සම්පුර්ණ වන නිසා ප්‍රස්න අසන්න වුවමනා නැතිවග කියවා පුරුද්දෙන් දන්නවා.

    • නිදා ගන්න පෙර මෙයට පිළිතුරු ලියන්නේ මල්මි, ඔබ ඔය කියන දෙය මෙයට පැය කිහිපයකට කලින් මගේ බ්ලොග් සහුද්‍රයෙකු සමග කතා කරපු නිසා. මා කොමෙන්ටු ලොකුවට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් කියවන පිරිසක් බලාපොරොත්තු වනවා. මා ලියන්නේ කියවන පිරිසේ සංවේදී තාවය අනුවයි (අර ඔබට එපා වෙලා තියන කියමන මා ලියන්නේ, මට ඉන්න සාමාන්‍ය පාඨක පිරිසේ කඩා වැටීම් තියන සටහන් වලට 😦 ).

      අර කියන්නා වගේ, ඉල්ලුමට අනුව සැපයීමේ අදහසක් මට නැහැ. ඒ වගේම කිසිවෙකුට කියවන්නට නොසිතෙන දේවල් ලියන්නටද මට බලාපොරොත්තුවක් නැහැ. මට ලියන්න ඕනේ දේවල්, ඔබ වගේ ඒ දේවල් කියවන්නට කැමති ටික දෙනෙකුට කියවන්න කැමති ආකාරයෙන් ලියන එක තමයි මා කරන්නේ. එය සාර්ථකද හෝ අසාර්ථකද කියා මා තීරණය කරන්නේ, ඔබ වැනි පිරිස් ඉඳ හිට දමන මෙවැනි කොමෙන්ටු ඇසුරින්. 🙂

      • දිගින් දිගට සංවාද කිරීම මගේ පුරුද්දක් නෙමෙයි.නමුත් මේක කියන්නම්කෝ.ඔබට තරම් මට සිංහල බ්ලොග් වලේ අත්දැකීම්,පළපුරුද්ද නැතිවුනත්,මේ මා දකින විදිය.
        “බිස්නස් බ්ලොග්කාරයන් පැත්තකින් තිවුවම,
        එදිනෙදා /කියවන පිරිස/අතිබහුතරයක් බ්ලොග් කියවන්නේ සරල රසාස්වාදයට කියලයි මට සිතෙන්නේ.දවසේ මහන්සිය නිවාගන්න සවසට ටිවි එක ඉදිරියේ වාඩිවෙනවා වගේ.මම වුනත්,කියවන ලිපියක් බර නම් විවේකීව නිදහස්ව කියවිය යුතුයි සිතෙනවානම්,ලිපිය නොකියවා ඇදගෙන ගොස් ළග තබාගෙන නිදහස් විටෙක කියවනවා.ඇතැම් විට ගමනක් යන ගමන් පාරෙදි,අනික,කෙනෙකුගේ ලිපි කීපයක් එකතුවුනු පසුව කියවීමත් කරනවා.කියවිමේ පුරුදු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්.

        අනික,මෙ‍්ම දෙයක් තියෙනවා,අපි යම් විෂය ක්ෂේත්‍රයක් තුල ඉන්න විට අපිට එම විෂය ක්ෂේත්‍රය වගේම එහි පාරිභාෂික වචනත්,වචන යොදන ආකාරයත් අපට සාමාන්‍ය වෙනවා.කුඩා උපසංස්කෘති !වාණිජ කරන පාසල් ළමයි පරණ ගැල්ලමයට කියන්නේ “ආවස්ථික පිරිවැය “ කියලා.

        පර්යේෂණ නිබන්ධනයක් ලියනවට වඩා “සාමාන්‍ය බ්ලොග් එකක් ලියන්න අමාරු මේ නිසයි. 😀
        අයින්ස්ටයින් “සාපේක්ෂතාවාදය “ එක එක පුද්ගලයින්ට පහදා දුන් වෙනස් ආකාර ගැන රසවත් කථන්දර ඔබ මට වඩා දන්නවා ඇති.අසල්වැසි ගැමියන්ට එය රත්වු යකඩයක් මත විනාඩියක් සිටිමත්,වෙන මොකක්ද රසවත් දේක විනාඩියකුත් අතර වෙනස විදියටත්,තරුණ මාද්‍යෙව්දිනියකට ,හැන්ඩ්සම් කොල්ලෙකුගේ උකුලේ ගතකරන විනාඩියකුත්,තව මොකක්ද එකකුත් වගේ කථන්දර ගොඩක්නේ.

        අයින්ස්ටයින්ගේ කථාත්,ෂාරසාද් බිසව පණ රැකගන්න ෂාරියර් රජුට කිවු අරාබි නිසොල්ලාසයේ (එක්දාස් එක් රැය)කථාත් වෙනස් (ද?)

        • මා ඔබ ලියන දේවල් කියවන්න ගත්තේ, මෙහි ඔබ කොමෙන්ටු දැමූ පසුව, මේ කවුදැයි සොයන්න ගිහින්. මා කැමතියි දේශපාලනයක් එක්ක ලියන ගෑල්ළමයින්ට හා පිරිමි ළමයින්ට. නැත්නම් මේ දේවල් වල වැඩක් නැහැ.

          මා ඔය සමහර දේවල් ලියන්නේ මටම මතක් කර ගන්න. යම් සටහනක් කියවපු පිරිස (සාපේක්ෂව මගේ සටහන් කියවන පිරිසෙන්) අඩු නම්, එහි මගේ වැරැද්දකුත් තියනවා. ඒකයි සමහර දේවල් ලියාගෙන ගිහින්, අතරමගදී වෙනස් කරන්නේ.

          අපට කුණු-ජරාවම ලියන්න අවශ්‍ය නැහැ. ගාණින් කුඩා වුවත්, වෙනස් දේවල් වලට කැමති පිරිසක් කොයි සමාජයේත් ඉන්නවා. මේ සිහල බ්ලොග් සමාජය එක්ෂේප්ෂන් එකක් නොවේ. කුණු හරුප නොලියා, වෛරී භාෂාවක් භාවිතා නොකර, අම්මල-තාත්තල මතක් නොකර ලියන්න පුළුවන් විතරක් නොවේ, එවැනි දේවල් කියවන පිරිසක්ද ඉන්නවා.

          ගණනින් එම පිරිස කුඩා වෙන්න පුළුවන්. නමුත් අප හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ, එවැනි පිරිස් තෝරා ගත යුතුයි (තෝරා ගන්නේ කියවන පිරිස් තමා, නමුත් ඔවුන්ව හිතේ තියාගෙන අපට ලියන්න පුළුවන්). ඒ වගේම සාමාන්‍ය පාඨකයාට ලියන එක අමාරු වන්නේ, නොදන්නා දේවල් ලියුවොත්. මා ලියන්නේ ගොඩක් වෙලාවට සිතිවිලි.

          මා කියවන්නෙත් තෝරා ගෙන. අන් අයද එසේ වීම ගැන මට කොහොමත් පුදුමයක් නොවේ. අපට අන් අයව හදන්න බැහැ. මා පවා වෙනස් වන්නේ මට ඕනේ නම් විතරයි. එයත්, මා නිතරම සිහි තබාගෙන ලියන්නේ.

          ඔබටත් ලියන එක වෙනස් කරලා හොඳ තැනකට එන්න උපදෙස් ලැබුනා නේද? 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s