Give me one good reason, Why I should never make a change!


ගිය සතියේ දවස් දෙකක් මා ගත කළේ නිව් සවුත් වෙල්ස ප්‍රාන්තයේ කුඩා නගරයක. ප්‍රධාන වශයෙන් ආර්ථිකය කෘෂිකර්මය පදනම්ව ඇති මෙවැනි කුඩා නගර වල ජීවිතය හරි වෙනස්. ඒ වගේම මේ කුඩා නගර කොලනි පාලනයේ මුල් අවස්තාවේ පැන නැගුන ඒවා. නගර මධ්‍යයේ තියන ගොඩනැගිලි වලට පවා ශතකයටත් එහා අතීතයක් හිමියි.

මා එහි ගියේ තවකෙකු සමග. අප දෙන්න නැවතුනේ නගරයේ තියන එක මෝටෙලයක. මේ වගේ නගරයක වරදින්නේ නැති පබ් එක තමා කෝකටත් තෛලය. ඒ කියන්නේ කන්න හා බොන්න. පුරුදු පරිදි, අප රාත්‍රියට කන්න ගියේ එයට.

කෑම ඇනවුම් කරපු අප දෙදෙනා බීර වීදුරුවක් බොමින් කතා කළේ, අපේ දරුවන් ගැන. ඇත්තම කියනවා නම්, ඒ සම්බන්ධයෙන් නම් ඔහුගේ සුදු හම හා මගේ තල එළලු හම කියා ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මොකද අපට කතා කරන්න තිබුන දේවල් හරි පුදුම අයුරින් සමපාත වුනා. ඒ ගැන මා පුළුවන් වුනොත් ලියන්නම්. මේ වගේ ග්‍රාමීය ප්‍රදේශ වල ආහාර වේල්, නගරයේ කඩවල් වලින් ගන්න පුළුවන් ඒවාට වඩා විශාලයි. අපගේ රාත්‍රී ආහාරය පසක් කෙරුවේ එයයි.

උදේට අප මෝටලයෙන් ඇනවුම් කළේ සියල්ල තියන පාතරාසයයි. උදේ හතහ මාරට ඇනවුම් කරපු මෙය, ආවේ හතයි හතලිහට වගේ. තිබුනේ මොනවාද දන්නවද? එක්කෝ අවශ්‍යත් නැහැ මේ කතාවට.

අප දවසම වාගේ ගත කළේ තිරිඟු යායක. සුළඟ සහිත, සීතල එම පරිසරයේ අප දවල්ට කෑම වශයෙන් ගත්තේ මිලිලීටර 500 ක කිරි බෝතලයක් විතරයි. අප කැන්බරා සැපත් වෙන කොට හවස 5 විතර ඇති. බඩ ගින්නක් කියල දෙයක් ඒ වෙන කොට වත් අප දෙදෙනාටටම තිබුනේ නැහැ.

මා කලින් සටහන ලියුවේ අරමුණක් ඇතුව. එයින් එකක් තමයි අප තවමත්, ලංකාවේදී කාපු, අපේ දිවට හුරු රොටි, ආප්ප, ඉඳි ආප්ප, ලුණු මිරිස්, සම්බෝල, කරවල, හාල් මැස්සන් කනවා කියන එක. අනික තමා එහෙම වුනත්, අපට මෙහෙ කෑමත් එකසේ පිළියෙළ කර ගන්ත් පුළුවන් වගේම, එක ලෙස රස විඳිනවා කියන එක. අනෙක තමා අපේ ජිවිත වෙනස් වුනා වගේ, අපගේ එක ආහාරයකින්, අනෙකට ක්ෂනිකයකින් යන්නට පුළුවන් වග. මගේ ලියවිලිත් අන්න ඒ වගේ කියන එක තමයි මට කියන්න අවශ්‍ය වුණ ප්‍රධාන දෙය.

ඇත්තම කියුවොත් ලංකාවේ අප කාපු දේවල් පිළියෙළ කර ගන්නේ විශේෂත්වයකට. එක හේතුවක් තමා මෙවැනි දේවල් සාපේක්ෂව මිළ අධික වීම. අනෙක තමා ප්‍රමිතියකට හැදුව අලුත් නිෂ්පාදන අවට තියෙත්දී ඔය බෙහෙත් ගසා තිබෙන්න පුළුවන් කරවල වගේ දේවල් කන්නේ මොකටද?

ඒ වුනත් ජන්මෙට වඩා පුරුද්දනේ ලොකුයි කියල කතාවක් තියනවනේ. එය මෙතනට ගැලපෙන්නේ නැති වුනත්, සමහර පුරුදු වලින් මිදෙන්න අපට බැහැ වගේම, ඒ පුරුදු වලින් අවැඩක් නොවනවා නම් මිදෙන්න අවශ්‍යත් නැහැ. අප තාමත් කැමතියි කුඩා කාලයේ රස විඳි ආහාර කන්න. ඒ විතරක් නොවේ අපේ දරුවනුත් ඒවාට හුරු වෙලා (හුරු කරවලා). ඔවුන් වඩා කැමති මෙහෙ ආහාර වලට. හැබැයි කරවල වගේ දෙයක් කන්නේ ආසාවෙන්. කවදා හෝ අපෙන් වෙන්ව ගිය දවසක වුනත්, ඔවුන්ට පුරුදු කරපු මේ (අවැඩක් නොවන) දේවලින් මිදෙන එකක් නැහැ කියා මා හිතනවා.

බත් හා කරවල හෝ හැම් හා බේකන් හෝ කනවා කියා ආඩම්බර වීමට හෝ නිවට වීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. මා හැම විටම ජිවිතයේ තේරීම් ගැන ලියනවා. එනම් ජිවන විලාසිතාවේ තේරීම් ගැන. ආහාර ඉන් එකක්. අප කන ආහාර වර්ග නිසා නොවේ, ඒවා කන විදිහ අනුව අපේ සෞඛ්‍යය නම් තීරණ වෙනවා. ශරීර සෞඛ්‍යය, මානසික සෞඛ්‍යයට බලපානවා වුවත්, වම්බොටු හෝ බල මාළු කෑම නිසා මොලය වැඩෙනවා හෝ කන ආහාර අපේ සිතිවිලි තීරණය කරනවා වගේ ප්‍රාථමික සිතිවිලි වලට යන්න මා අදහස් කරන්නේ නැහැ. ඔබත් එහෙම සිතිවිලි වලට යන්න එපා. අවශ්‍ය වන්නේ වඩා යහපත් යයි සිතෙන ජීවන විලාසිතා තෝරා ගැනීමයි.

දින පතා මත්පැන් පානය, දුම් බිම, බුලත් විට කෑම හා මත්ද්‍රව්‍ය භාවිතය වගේ දේවල් අයහපත් ජිවන පුරුදු වුවත්, මේවට පවා ඇබ්බැහි වුන පිරිස් වලට නිග්‍රහ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි පුරුදු නැත්නම් ඇබ්බැහි වීම වලින් මිදෙන එක සරල කරුණක් නම් නොවේ. එවැනි මිදීම් වලට අත දීම අපගේ යුතුකමයි. හැබැයි කෙනෙකුට ඕනේ නැත්නම්, මේවායින් මිදෙන්න බැහැ.

මා කලිනුත් ලියා තියනවා, අනුන්ට ගැරඬි කනවා කියා සිනා වෙන අපට, සමහර විට ඒ වගේම, වෙන කෙනෙකුට පිළිකුල් ආහාර පුරුදු තියෙන්න පුළුවන්. විවිධ ආහාර පුරුදු ජිවිත කාලය තුල දුටු නිසා, ඉන් සමහරකට පුරුදු වන්නටත්, අනෙක්වා ඉවසන්නටත් මා පුරුදු වුනා. ඒ වගේම තමා මේවා කන විවිධ මිනිසුන්. ඔවුන් එකිනෙකාට වෙනස් කියා තේරුම් ගන්නට, එය උදවු වුණා. එය ජිවිතයේ ලබපු හොඳ පාඩමක්.

Advertisements

19 Comments

Filed under Agriculture, Food, Opinion

19 responses to “Give me one good reason, Why I should never make a change!

  1. Pingback: Give me one good reason, Why I should never make a change! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කබරයි මස් තලගොයි මස් කරන්නා වාගේ!

  3. ඔබේ සම ගැන … වද නොවන්න රයිගම…….!

  4. හ්ම්ම්….රයිගම කියනදේ හරි…….මගෙ දුවයි පුතයි වුනත් මා හදන පොල්සම්බලය සිට ලංකාවෙ කෑමත්……. ස්පැගටි …පස්ත වගේ අපට ආවේනික කෑම වුනත් කන්නෙ අහවල් තැන ට වඩා හරි රසයි කියමින්…..
    අහවල් තැන කීවෙ ජැකී අක්කිගෙ තැන නොවේ රයිගම….. හරිය….. 🙂 🙂
    ලංකාවට ගිය වෙලාවක කොහොම හරි යන්න ඔනී ආප්පයක් කාල එන්න…..

    • වෙනස් කරන්න බැරි දේවල් ගැන වද වුණ කාලය ගියා කෙන්ජි!

  5. මට පේන්නේ මෙයා සම්බෝලයි, බැටලු මසුයි හදන එක හිමීට අතාරින්ට හදනවා වගේ… 😀

    • මෙයාත් විහිළු අස්සේ මොනවා හරි හොයා ගන්නවා. බැටළු මස් කෙසේ වෙතත් සම්බෝල අතහරින එක ගැන තමා මුලින් හිතුවේ. 😀

  6. අනේ මංද රයිගං අය්යෙ අද නං කියන්න කිසි දෙයක් ඔලුවට එන්නෑ…
    ඇයි දන්නෑ නේහ්…
    මංඥං වෙනව මේ වගේ ගනං ගන්න එපා…

    • මල්ලි, සමහර වෙලාවට මටත් ඔහොම වෙනවා. දෙන්න එකතු වෙලා අර ayahuasca ටිකක් වත් ගම්මුද?

  7. දිගු කාලයක් පිටරට ඉන්නවනම් මාත් ඉතා ආසාවෙන් ලංකාවෙ කෑම හොයයි
    හැබැයි සුමාන 1 – 3 වගේ කාලයකට ගියහම නම් ආසම නැති දෙයක් තමයි ලංකාවෙ කෑම ලැබෙන එක. එක වේලක් වත් අලුත් දෙයක් රස බලන්න තියන චාන්ස් එක නැති වෙනවට කැමති නෑ

    • අපේ කෑමත් දැන් ලංකාවේ ඒවා වගේමයි කියන්න බැහැ ප්‍රා. මොකද පරිනාමය වෙලා. ලංකාවේ කෙනෙක් සමහරවිට හිතාවි මොන ජරාවද කියල. තුනපහ අඩුයි. මිරිස් නම් තියනවා. හදන හැටි වෙනස්. ඔන්න ඔය වගේ.

      ඕව් එහෙම රස බැලුවේ නැත්නම් වැඩකුත් නැහැනේ. අපි ලංකාව ආපුවහම විස්කි හොයන්නේ නැහෙනේ!

  8. // බත් හා කරවල හෝ හැම් හා බේකන් හෝ කනවා කියා ආඩම්බර වීමට හෝ නිවට වීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. //

    සිරාවට. සමහරුන්ට නම් තමන් කන කෑම නෙවෙයි අනුන් කන්න ඕන කෑම ගැනත් ප්‍රෙස්ක්‍රිප්ෂන් තියනවා. අපි නිතර දන්න ඒව නෙ “හරක් මස් කන්න එපා” වගේ ඒව. තව ඉන්නවා “X ඉන්න අය Y කෑම නරකයි” කියලත් ප්‍රෙස්ක්‍රයිබ් කරන අය. ගන්න සල්ලිත් තියෙනව නම්, කඩේ කෑමත් තියෙනව නම්, කන්න නිදහසක් නැති හැටි අප්පා 🙂

    // වම්බොටු හෝ බල මාළු කෑම නිසා මොලය වැඩෙනවා හෝ කන ආහාර අපේ සිතිවිලි තීරණය කරනවා වගේ ප්‍රාථමික සිතිවිලි වලට යන්න මා අදහස් කරන්නේ නැහැ. //

    සමහර විට මේවගෙත් ඇත්තක් ඇති. බලමාලු කතාව නම් වීරවංස හදපු එකක් වෙන්න ඕන. ඒත් ඔය කෑම වල ගුනාගුන කියන එක දකුණු ආසියාවෙ වගෙම අග්නිදිය ආසියාවෙත් (Yin-Yang) තදේටම තියනව නේ. මම හිතන්නෙ ඔය කාටීසියන්/පෝලාර් කෝඩිනේට් සිස්ටම් වගේ කෑම වල ගුණාගුන කියන්නෙත් වෛද්‍ය විද්‍යා දැනුම හදන්න පුලුවන් එක බේසිස් එකක කෝඩිනේට් එකක්. හැම බේසිස් එකකම වාසි අවාසි තියනවා. ඊයෙ පෙරේද මම කියෙව්වා කෑවම ජීවිතේ වෙනස් කරන්න පුලුවන් කෑමක් ගැන 😀

    // People who have consumed ayahuasca report having spiritual revelations regarding their purpose on earth, the true nature of the universe as well as deep insight into how to be the best person they possibly can.//

    පේන හැටියට අපේ බෝතල් වල සීන් එකමයි හැබැයි ඉෆෙක්ට් එක දිගටම තියනවා.

    • මේකත් හරි සීන් එකත් තමා. ඇත්තටම ඇඟිලි ගහන්න ඕනේ දේවල් පැත්තක තියල, මෙවැනි පෞද්ගලික තේරීම් වලට හොට පෙවීම තේරුම් ගන්න බැහැ. හැබැයි ඕවා නිකම් සෝබනේට කරන ඒවා. යටි අරමුණු ඇතුව. හරක් මස් කාල, රෑට කසිප්පු ගහන ගමන්, උදේ බණ කියනවා.

      අරක නම් ඇනෝ මා කලින් අහපු නැති බිමක්/ආහාරයක්. මටත් ඔහොම අත්දැකීම් තියනවා. සමහර දේවල් කොන්සියුම් කළ හම, පාවෙන්න පුළුවන්කම තියන එකේ මොකටද පොලවේ ඉන්නේ කියන සිතුවිල්ලක් එනවා. 😀

  9. මට මතකයි මම පුංචි කාලේ බත් කද්දී සීයා උපදෙස් දෙනවා “යෝදයෙක් වගේ කන්න” කියලා 😀 කන්දක් විතර බත් පිඟානක් කන එක ඒ කාලේ ලොකු දෙයක් කියලා හිතාගෙන හිටියේ… ඒගොල්ලෝ වගේ හේනේ කුඹුරේ ඔට්ටු වෙන අයට ඒක අවුලක් නැති වුනාට දැන් අපේ ජීවිත පහසු වෙලා තියෙන විදියට යෝදයෙක් වගේ කෑවොත් ඉක්මණින් ලෙඩ වෙන්න පුළුවන් කියලා දැන් දන්නවා…

    ප්‍රොෆයිල් ඇනෝ කියලා තියෙන “X ඉන්න අය Y කෑම නරකයි” කියන යුනිවර්සල් නීති වලත් ගොඩක් මිත්‍යාවල් මම හිතන්නේ… අනික පර්යේෂන වලින් ඔප්පු වෙලා සිද්ධාන්ත විදියට සලකන දේත් සමහරවිට ඊලඟ පර්යේෂනයෙන් ප්‍රශ්න කෙරෙනවා නේද…? මම ලඟදී දැක්කා සැචුරේටඩ් ෆැට් කලින් විශ්වාස කළ තරම් නරක නොවෙන බව දැන් හුඟදෙනෙක් තර්ක කරනවා…

    මම විශ්වාස කරන දේ තමයි හොඳ කෑම කියලා දෙයක් මේ ලෝකේ නෑ… ඕනෑම කෑමක් අවශ්‍යය ප්‍රමාණයට වඩා කෑවොත් දීර්ඝකාලීනව ශරීරයට අහිතකර විදියට බලපානවා… අවබෝධයෙන් පමණ දැන කනවා නම් නරක කෑම කියලා ජාතියකුත් නෑ…කෑම වලට වඩා අපිට වෙන්න පුළුවන් නරකම දේ තමයි physically active නොවීම… ඒක හදාගන්නේ නැතුව ලෝකේ තියෙන healthyම කෑම කෑවත් වැඩක් නෑ… අනිත් වැදගත් දේ හැම කෑම වේලටම පිෂ්ඨය, මේදය, විටමින් ඛණිජ වගේ දේවල් ලාවට හරි බැලන්ස් කරගන්න පුළුවන්නම් මාර වටිනවා…

    අර උඩ කිව්ව නොයෙක් පර්යේෂන වලින් ඊයේ විශ්වාස කල දේ අද බොරු වෙන බව දැකලා තියෙන හින්දා දැන් මේ වෙලාවේ මගේ තියරිය අර ප්‍රසිද්ද කියමන පොඩ්ඩක් කස්ටමයිස් කරගෙන හදාගත්ත සරල එකක්… Eat anything you like, but in moderation. Be physically active. Die anyway..

    වයසට යනකල් ජීවත් වුනොත් වෙනස් වේවිද මන්දා… 😀 අද මම ගොඩක් ආසා මාතෘකාවක් නිසා කමෙන්ටුව දිග වුනා…

    • එව්රිතින් ඉන් මොඩෙරේෂන් කියන එක භයානක දෙයක් බිට්ල්! මොකද එය වැරදි අවස්තා තියනවා.
      වයසට යන්න යන්න කෑම ප්‍රමාණය අඩුවෙන්න ඕනේ. මොකද වැය වන ශක්තිය අඩු වෙන නිසා. නැත්නම් ඒ ගාණට කමින්, ව්‍යායාම වැඩි කරන්න ඕනේ. දැන් ඔය ඉගෙනීම වගේ දේවල් වලට ශක්තිය වැය වන එක තරුණ කාලේ වැඩියි නේ.

      අලුත්ම පර්යේෂණයක් කියන්නේ මේද රහිත ආහාර පමණක් ගැනීම, ජිවිත කාලය කෙටි කරනවා කියල. එය සොයා ගත්තොත් මා දාන්නම්!

      “දැන කෑවොත් කතරගම, නොදැන කෑවොත් අතරමග” කියල හිමාලයේ ඉරිසිවරුත් කියල තියනවනේ! 😀

  10. උඹ දන්නවද මචං ඔය කෑම වල තියෙන පෝෂන ගුණය, ආණ්ඩුවත් එක්ක වෙනස් වෙන බව? ඔන්න එක ආණ්ඩුවක් තියෙනකොට සෝයා බෝංචි වල අම්බානක ප්‍රෝටීන් තියෙනවා. ආයේ ඒකට ගහන්ඩ සුපිරි කෑමක් නෑ. ඔන්න වෙන ආණ්ඩුවක් එනවා. අම්මට සිරි යකෝ මෙන්න චක්‍රලේඛයක් මගින් සෝයා බෝංචි වල ගුණයඔක්කොම දඹල වලට ආදේශ කරනවා. එද ඉඳලා දඹල තමයි පෝෂණ දෙයියා

    • ඔය මිහින්ලන්තයේ විකුර්තියක්. හැමතැනම ඔහොම නැහැ බං. මේවා ගැන දැනුම බිට්ල් කියුවා වගේ එන්න එන්නම වැඩි වෙනවා/වෙනස් වනවා. ජනතාවගේ අවබෝධය පුළුල් කිරීමට ජනමාධ්‍ය වලට උදවු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අන්‍යෝන්‍ය අවශ්‍යතා තියන පරිසරයක විතරයි (ජනමාධ්‍ය හා ඒවා කියවන/බලන පිරිස අතර).

  11. එව්රිතින් ඉන් මොඩෙරේෂන් කියන එක භයානක දෙයක් බිට්ල්! මොකද එය වැරදි අවස්තා තියනවා.

    සම්පුර්ණයෙන්ම එකඟයි… මම පුද්ගලිකව අවදානම හොඳින් දැනගෙන කරන “ප්ලීස් ඩෝන්ට් ට්‍රයි දිස් ඇට් හෝම් ” වර්ගයේ ස්ටන්ට් එකක්… 🙂