චෞරතන්ත්‍රවාදය හා චෞරප්‍රජා-තන්ත්‍රවාදය!


මුඅම්මර් ගඩාපිගේ හා ඔහුගේ ගජමිතුරන්ගේ බටහිර රටවල් වල ආයෝජනය කරලා තිබුන ධනය 2011 වසරේදී ගල් කරන විට එලියට ආපු ගණන් වලින් සමහරක් මෙසේයි. ඇමෙරිකාවේ ඩොලර් බිලියන 30 ක වත්කම්, කැනඩාවේ බිලියන 2.4 යි, ඕස්ට්‍රියාවේ ඩොලර් බිලියන 1.7 යි, එක්සත් රාජධානියේ බිලියන එකයි. හැබැයි කියවෙන්නේ මේ සුවල්පයක් පමණයි. මේ හා තවත් රටවල් වල ආයෝජනය කර ඇති නියම ගණන බිලියන 80 ක් විතර වෙන්නත් ඉඩ තියනවා කියල කියනවා.

සිරියාවේ බෂාර් අල් අසාද් ගේ ගජමිතුරන් ගේ ඇත්ත වටිනාකම කිසිවෙකු දන්නෙත් නැහැ. සිරියා ආණ්ඩුවේ හා රටේ සමාගම් වල ඉහල තනතුරු සියල්ල තියෙන්නේ ගජමිතුරන් අතේ කියලයි කියන්නේ. මෙයත් තාත්තාගෙන් පුතාට ආපු පාලනයක් නේ. පරම්පරා ගණනක් ගොඩ ගහපුවා නැති වෙන්න විදිහක් නැහැ.

අර ඊජිප්තුවේ පන්නපු මුබාරක්ගේ ගජමිතුරු පාලනය මෙයිට දෙවෙනි නැහැ. ඇමෙරිකානු ආශීර්වාදය සමග ගිය මේ පාලනය කෙළවර වුනේ අවුරුදු 30 කට පස්සේ. කොල්ල කාපු ධනය ඩොලර් බිලියන 70 ක් හෝ එයිට වැඩිවෙන්න ඉඩ තිබෙනවා කියල මා දැක්කා.

ඒ කාලයේම පන්නපු අලි අබ්දුල්ල සලේ කියන්නේ යේමනයේ හිටපු ඒකාධිපතියා. අවුරුදු 30 ක පාලනයෙන් ඔහුගේ මල්ලේ ඩොලර් බිලියන 32 ක් තියනවා කියල කියනවා.

ටියුනිසියාවේ හිටපු ශින් අල් අබිඩින් බෙන් අලි, රටේ ජනතාව කන්න නැතුව ඉන්න අතරේ යටි මඩි ගහගත්ත ධනස්කධය බිලියන 7 ක්. මෙයාගේ බිරිඳ රටින් පැන්නේ මිලියන 37 ක් වටින රන් පොලු (රන් පොලු වෙන කතාවකුත් මගේ මතකයට ආව) එක්ක කියලයි කියන්නේ.

සිම්බාබ්වේ රොබර්ට් මුගාබේත් නරකම නැහැ. රටේ තියන දියමන්ති ආකාර වලට පින් සිදු වෙන්න, ඔහුත් ඩොලර් බිලියන 5-10 ක් අතර ගානක් වටිනවා කියල ගණන් බලා තියනවා.

සමකගිනි (The Republic of Equatorial Guinea) රාජ්‍යයේ ජනාධිපති ටිඔදොරෝ ඔබීඔන්ග් එන්ග්වේම එම්බසෝගෝ ඔබිඅන්ග් බසොගෝ (tay-oh-DO-ro OH-bee-ong eng-GWAY-muh em-bah-SOH-go) බලය ඇල්ලුවේ 1979 දී. මෙයාගේ “වටිනාකම” ඩොලර් බිලියන එකකටා වැඩියි කියනවා. දැන් පුතා තාත්තගේ අඩිපාරේ යනවා. එයා ජෝගි නටන අතරේ තෙල් සම්පත් තියන මේ මධ්‍යම අප්‍රිකානු රටේ බහුතරයක් ජිවත් වෙන්නේ දිනකට ඩොලරයක අඩු ආදායමෙන්.

මේ ලිස්ට් එක තවත් ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඉහත රටවල් සියල්ලම සම්පත් (තෙල් හෝ වෙනත්) බහුල ඒවා. එම සම්පත් වලින් යටිමඩි ගැහීම් වලින් තමා ගොඩක් ධනය රැස් කරලා තියන වග පැවසෙන්නේ (සම්පත් බහුල නැති රටවල් වල පවා ඒකාධිපතියන් සල්ලි හොයන ක්‍රම සහ විධි හොයාගෙන තියනවා).

මේ සියල්ලන් සමගම විවිධ වකවානු වල බටහිර රටවල් ගනු-දෙනු කෙරුවා. ගඩාපිව පන්නන මොහොත වනවිටත් ඔහුගේ පාලනය සමග බටහිර රටවල් ගනුදෙනු කරමින් හිටපු අයුරු එලියට ආව. අනෙක් අයත් සමගත් එසේමයි.

ඉහත පාලකයන් ඒකාධිපතියන්. සමහරවිට මැතිවරණ තිබ්බත් ඒවා තනි අශ්වයාගේ රේස්. නිකම් පොත ලකුණු කරන්න තියන ඒවා. සමහරුන් නං එහෙම කරන්නට පවා වෙහෙසෙන්නේ නැහැ. මිලිටරි කෘමන්ත්‍රණ වලින් තමා මෙයාල ගොඩක් දෙනා බලයට ආවේ. හැබැයි මැතිවරණ තිබ්බත්, වෙනසක් වෙන්න ඉඩ තිබුනද කියන එක අපට unknown-unknown දෙයක්. එහෙම සැක සංකා උපදවන්නේ, සමහර රටවල් “ප්‍රජාතන්ත්‍රවාදය” යටතේම ඇවිත් තියන ගමන නිසා.

තවත් ප්‍රධාන පොදු සාධකයක් තමා මෙයාලගේ පුතුන් ජෝගි නැටීම. ගඩාපි, සදාම්, ටියෝදොරෝ යනාදින්ගේ පුතුන් නටපු නාඩගම් ප්‍රසිද්දයි.

අනෙක තමා මෙයාල සමහරුන්ගේ බිරියන් ගේ ජීවිකාව. ඒවාත් අති සුඛෝපභෝගී ජිවිත. සමහරුන්ගේ පටන් ගැන්ම හරිම සරලයි. පිලිපීන ඒකාධිපති මාකෝස් ගේ බිරිඳ ඉමෙල්ඩාගේ පසු කාලීන වාර්තා වැඩසටනක් මා නැරඹුවා. ඇය බුද්ධිමත් කාන්තාවක්. කලාව ගැන ඇගේ අදහස් අගය කරන්න පුළුවන්. ඇය මුල් කාලයේ රූප සුන්දරියක් වගේම, ගීත ගායනය ගැනත් පුහුණුව ලබා තියනවා.

මුගාබේ නම් විමුක්ති නායකයෙක්. ඔහුගේ මුල් කාලය හරිම විචිත්‍රවත්. මට දකුණු අප්‍රිකානුවෙක් කියුවේ, ඒ ජනප්‍රියත්වය අද පවා, සිම්බාබ්වේ ගම් වල තියනවා කියා. ඔහු චෞර රජෙක් වුවත්, ජන කැමැත්ත නැත්තටම නැති වෙලා නැහැ. ජනාධිපති වරණයේදී පොඩි ජිල්-මාර්ට් වලින් ගොඩ යන්න පුළුවන් කියා තමයි එයා කියුවේ.

ළමා කාලයේදී ඔහු මෙවැනි “ඒකාධිපතියෙක්” වෙනවා තියා පොලිටිශියන් කෙනෙකු වන ලක්ෂණ පෙන්නුම් කර නැහැ. මේ බලන්න විකිපීඩියා පිටුවෙන් ගත්ත එක ඡේදයක්: “….Mugabe was raised as a Roman Catholic, studying in Marist Brothers and Jesuit schools, including the exclusive Kutama College, headed by an Irish priest, Father Jerome O’Hea, who took him under his wing. Through his youth, Mugabe was never socially popular nor physically active and spent most of his time with the priests or his mother when he was not reading in the school’s libraries. He was described as never playing with other children but enjoying his own company.[14] According to his brother Donato his only friends were his books…”

ඒ විතරක් නොවේ, ඔහු පිනාචාර්ය කෙනෙක් නොවේ. වෙන අය විභාග වලට ලියුව කතා හෝ “විශේෂ පහසුකම්” ලබපු කතා අහන්නට නැහැ. නීතිය පිළිබද උපාධි දෙකක් අවසන් කර තිබෙන්නේ, සීත කාමර වල ඉඳන් නොවේ. සිර මැදිරියේ ඉඳන්. කලා උපාධියකින් පටන් ගත්තු ඔහුගේ තෘතිය අධ්‍යාපනය අවසන් කර තිබෙන්නේ විද්‍යාවේදී උපාධියකින්. හැමටම ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ උත්සහයක්, සමත් කමක් දක්වා තියනවා. මෙන්න ඒ ගැන කියන විකිපීඩියා කොටස: “…. He qualified as a teacher, but left to study at Fort Hare in South Africa graduating in 1951, while meeting contemporaries such as Julius Nyerere, Herbert Chitepo, Robert Sobukwe and Kenneth Kaunda. He then studied at Salisbury (1953), Gwelo (1954), and Tanzania (1955–1957). Originally graduating with a Bachelor of Arts degree from the University of Fort Hare in 1951, Mugabe subsequently earned six further degrees through distance learning including a Bachelor of Administration and Bachelor of Education from the University of South Africa and a Bachelor of Science, Bachelor of Laws, Master of Science, and Master of Laws, all from the University of London External Programme.[17] The two Law degrees were earned while he was in prison, the Master of Science degree earned during his premiership of Zimbabwe>…”

මා හිතන්නේ දැනට අනූ වියේ ඉන්න මුගාබේ මිය යනවා ඇත්තෙත් ජනාධිපතිකමේ ඉඳන්.

ඒ වගේම, පොත් වලින්/අන්තරජාලයෙන් කියවා තේරුම් ගන්න බැරි දේවල් ලෝකයේ තියනවා කියලා මා හැම විටම හිතන දෙයක්.

මුලාශ්‍ර

http://en.wikipedia.org/wiki/List_of_heads_of_government_and_state_by_net_worth

http://en.wikipedia.org/wiki/Mugabe

http://www.futurescopes.com/wealthy-dating/9159/10-richest-dictators-all-time

http://www.investopedia.com/financial-edge/0912/8-of-the-richest-dictators-in-history.aspx

සහ තවත් වෙබ් අඩවි.

Advertisements

21 Comments

Filed under Opinion, Politics

21 responses to “චෞරතන්ත්‍රවාදය හා චෞරප්‍රජා-තන්ත්‍රවාදය!

  1. Pingback: චෞරතන්ත්‍රවාදය හා චෞරප්‍රජා-තන්ත්‍රවාදය! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //මුගාබේ නම් විමුක්ති නායකයෙක්. ඔහුගේ මුල් කාලය හරිම විචිත්‍රවත්. මට දකුණු අප්‍රිකානුවෙක් කියුවේ, ඒ ජනප්‍රියත්වය අද පවා, සිම්බාබ්වේ ගම් වල තියනවා කියා. ඔහු චෞර රජෙක් වුවත්, ජන කැමැත්ත නැත්තටම නැති වෙලා නැහැ. ජනාධිපති වරණයේදී පොඩි ජිල්-මාර්ට් වලින් ගොඩ යන්න පුළුවන් කියා තමයි එයා කියුවේ. //

    මුගාබේ බලය රැකගන්න යොදන ප්‍රධානතම උපක්‍රමය තමයි සිම්බාබ්වේ ජනතාවට තාම ඉතිරිවෙලා තියන අපාතයිඩ් (Smith’s ) හා අධිරාජ්යවාදීන් ගැන තියන සැකය හා වයිරය භාවිතා කිරීම. ඒවා වර්තමානයේ ප්‍රයෝගික ලෙස අදාල නොවුනත් මිනිස්සුන්ගෙ හැඟීම් වල ඉතිරිවෙලා තියන නිසා , හැඟීම්වල තියන මවාගත් දෙය චන්දදායකයන්ට ලොකුයි රටේ දියුණුවට තියන ඇත්ත බාධකය ( මුගාබේ පාලනය ) ට වඩා. මුගාබේ ට විරුද්ද හැමෝම අධිරාජ්යවාදීන්ගේ කුමන්ත්‍රණකරුවන් ලෙස පෙන්නනව. ජාත්යන්තරය රටට විරුද්දයි කියල පෙන්නනව.
    බ්‍රිතාන්යය මුගාබේට විරුද්ධවෙන තරමට මුගාබේට රට ඇතුලෙ වාසියි. ජාත්යන්තර විරෝධය නොතිබේ නම් මුගාබේටද පැවත්මක් නැත. රටෙන් පිට සතුරන් සිටීම රටේ පාලකයාට රටවැසියාගේ චන්දය ලබාගැනීමට ලොකු වාසියක්

    • හොඳ එකතු කිරීමක්. ප්‍රා ඔබ ඔය කියන දෙය, මුගාබේ පමණක් නොවේ, මෙතන කී හා නොකී බොහෝ ඒකාධිපති හා එසේ නොවන අය භාවිතා කරපු හා කරන ප්‍රභල ආයුධයක්. ගඩාපි පවා අවසාන මොහොත දක්වා දේශනා කෙරුවේ, ඔවැනිම ධර්මයක්.

      එක අවස්ථාවක, මෝර්ගන් වැන්ගරායි (මුගාබේගේ ජනපතිවරණ ප්‍රතිවාදියා) මැතිවරණ කාලයේ බ්‍රිතාන්‍යයෙන් ඉල්ලුවා, මුගාබේට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන්න එපා කියල. හැබැයි මුගාබේගේ පැවැත්ම ජාත්‍යන්තර විරෝධය සම්පුර්ණයෙන් නතර වුවත්, අවසාන වන්නේ නැතිය කියා මා හිතනවා. එය එක් කරුණක් විතරයි.

      මේ වගේ ලෝකයේ හැමතැනම ක්‍රියාත්මක ගජමිතුරු පාලන වලට පොදු කරුණු සොයා යන විට, ඒවායේ තියන පොදු බව විතරක් නොවේ, ජනතාව මේ ගජමිතුරු පාලන පවත්වාගෙන යාමට කෙලින් හා වක්‍රව සපයන දායකත්වයත් අපට පෙනෙනවා. මා “democracy-ready” නොමැති සමාජ යනුවෙන් හඳුන්වන්නේ මේවායි. කණගාටුවකට මෙන් සමහරවිට සිතෙන්නේ, මේවට ගැලපෙන්නේ මෙවැනිම මිනිසුන් නේද කියල.

      • kathandarakaraya

        මුගාබේ තම රට වෙනුවෙන් විදුලි පුටුවට වුනත් යන්න සූදානම්.

        • කොහොමත්, සිම්බාබ්වේ විදුලි බලය එච්චර නැහැ. ඔය විදුලි පුටු කියන්නෙත් නිකම් වයර් දෙකක් අල්ලපු, වේවැල් පුටු. 😉

  3. සීරියල් කිලර් කෙනෙක්ගේ අතින් සිද්ධවෙන අපරාධ ඔක්කොගෙම එක වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා වගේ, මේ හැම ඒකාධිපතියෙක් ළඟම තියෙන පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට ඇත්තට වඩා අපි ඇබ්බැහිවිල්ලට තමයි තැන දෙන්නේ. ඇත්ත දැක දැකත් අපි වෙනස් වෙන්න තියෙන අකමැත්ත. ලොකු වෙනසක් වෙන්න තමන්ට පුළුවන් කොටස තියෙද්දී, කවුරුහරි ගැලවුම්කාරයෙක් ඇවිත් ‘කරලා’ දීල යනකල් ඉන්නේ..
    මේක ලෝක ධර්මතාවයක්… ලෝකේ ගැන දන්නේ නැති දුපතක ඉන්න මැඩියෝ උනහම වෙන රටවල්වල වෙන දේවල් දන්නෙත් නැහැ, විවෘත මනසක් ඇති වෙන්නෙත් නැහැ. රාවණා කිය කියා නැති වන්සයක් නේ කබල් ගාන්නේ.. හික්..

    • මේ ලෝක ධර්මතාවයට එරෙහිව යන්නේ කොහොමද කියන එක R&D මගින්ම සොයා යා යුත්තක් උපේක්ෂා. ගොනා හැරෙන්නේ පොල් පැලේ පැත්තට කියල පෙනී යද්දිත්, කඹේ අතහරින එක මටත් සිතා ගන්න බැරි කරුණක්. පුදුමයි, ඒත් ඇත්තයි.
      ඔබ කියන වෙනස් වීමට ඇති නොකැමැත්ත ලොකු බලපෑමක් කරනවා. පෞද්ගලික ජීවිතය පවා ඔහේ ගලා යාමට ඉඩ හරින්නේ සමහර විට, වෙනසකට අපගේ තියන බය නිසා. පවතින විදිහ නරක වුවත්, වෙනසකට ගියොත්, එයිටත් නරක වෙන්න තියනවා කියමින් අප ගොඩක් වෙලාවට තර්ක කරන්නේ, අර යටි සිතෙන් එන තෙරපුම නිසා වෙන්න පුළුවන්.

      තරහ ගන්න එපා මා යලිත් උපුටා ගැනීමකට යන්නනම්. Science සඟරාවේ මේ ජූලි කලාපයේ එඩිටෝරියල් එකේ මෙහෙම කතාවක් මර්ශියා මැක්නට් ලියා තිබුනා …. I recall a study that I conducted years ago involving a global analysis of some oceanographic features that I was modeling to understand the rheology of oceanic plates on million-year time scales. I had only a handful of data points-perhaps a dozen or so-and the fit to my model failed a significance test. Clearly, throwing out a few of the data points by declaring them “outliers” would have improved the fit dramatically, and in fact I even recall a reviewer of the paper commenting: “Can’t you make the data fit the model better?” (Science, July 4 2014 Vol 345 Issue 6192).

      ඇය තව දුරටත් කියන්නේ කොහොම වුනත් එම පර්යේෂණය ප්‍රකාශයට පත් වුණා. අර අවුට් ලයර්ස්ල පසු කලෙක ඇත්තටම මුහුදු පතුල් වල දීර්ග කාලින පාවීම් ගැන හඳුනා ගන්න ප්‍රධාන වශයෙන් උපකාර වුණා කියල.

      එය මෙතනට ගැලපෙන්නේ මෙහෙමයි. අපත් ගොඩක් වෙලාවට අවුට්-ලයර්ලා කියා සිස්ටම් එකෙන් ඉවත් කරන්නේ යටි මඩි නොගහන, ස්ත්‍රී-ළමා අපචාර වල නොයෙදෙන, රාජ්‍ය දේපොළ මංකොල්ල නොකන, සේවය හරියට කරන මිනිසුන්වයි. මොකද මෙයාල අර “මොඩල්” එකට ගැලපෙන්නේ නැහැ. ඔවුන් ඉන්නේ පිටත. හැබැයි, ඔවුන් තමා මොඩල් එකේ හරි පොයින්ට් ටික. අප ඉතුරු කර ගන්නේ ඇත්තම අවුට්-ලයර්ලා.

  4. රුපියල් බිලියන සීයක් ඕනි ඩොලර් බිලියනයකට. ඩොලර් බිලියන දහයක් ලංකාවෙන් එකතු කරගන්නවා කියන්නෙ ලේසි වැඩක් නම් නෙමෙයි. යම් පාලකයෙක් තමුන්ට මාසිකව ලැබෙන ඩොලර් ප්‍රමාණය විවිධ ආකාරයෙන් එන්න එන්නම වැඩිකරගන්න උත්සාහ කරනවා නම් එතනදි රටේ ජනතාවට සැබැවින්ම වඩා හයපත් ජීවිත ලැබෙන්න හැකියාවක් තිබෙනවා..

    කැලෑ වැදිලා තිබුන සිලෝන් කියන ලස්සන දූපතක් පාරවල් හදලා දුම්රිය දාලා රටක් මට්ටමට ගත්තෙ සුද්දො. එහෙම කලේ එයාල හැම දෙයක්ම වාණිජමය මුහුනුවරකින් දැක්ක ිනසා. මම දැකපු වාර්ථා අනුව සුද්දෝ යුද්ද වලට ගිය වියදම් පවා ඉතාම සාර්ථක ලෙස උපයාගන්න කටයුුතු කලා. ඔවුන් මේ රටේ වැව් අමුණු හැදුවා. පාරවල් හැදුවා, කලා ශිල්ප සංරක්ෂණය කලා. ඒ විදියෙ බොහෝ දේවල් කලේ රාජසිංහ රජතුමාගේ ඉතිරිවෙලා තිබුන නිධානෙ හොරකං කරල ඒ සල්ලි වලින් නෙමෙයි. ඔවුන් රට හරහාම වතුවගාවන් සහ විවිධ කර්මාන්තයන් වලින් හම්බ කරපු සල්ලි වලින්..

    ආන්න ඒ විදියෙ පුළුල් අර්ථයක් සහිත ව්‍යාපාරික ඥාණයක් සහිත යම් පුද්ගලයෙක් දේශපාලනයට ආවෝතින් මීට වඩා සාර්ථක රටක ්ඇතිවේවි කියලා මම සිතනවා. ඒ වගේ කෙනෙක්ට ඉතාම ලේසියෙන් ලොකු මුදලක් හම්බ කරගන්නත් පැවැත්ම ආරක්ෂා කරගන්නත් හැකි වෙනවා..

    එක අතකින් මෙහෙ හෝටල් හදලා පාරවල් පලල් වෙද්දි අනික් පැත්තෙන් සුද්දියො දූෂණය කරන අයට දඩුවම් නොදී කර අරින එක හොඳම ජාතියෙ විහිළුවක්. ඒවා මට අනුව බිස්නස් නෛමයි..නිකං අපි පොඩි කාලෙ සෙල්ලං කඩ දානවා වගේ සංදර්ශනාත්මක දේවල් විතරයි.

    • //යම් පාලකයෙක් තමුන්ට මාසිකව ලැබෙන ඩොලර් ප්‍රමාණය විවිධ ආකාරයෙන් එන්න එන්නම වැඩිකරගන්න උත්සාහ කරනවා නම් එතනදි රටේ ජනතාවට සැබැවින්ම වඩා හයපත් ජීවිත ලැබෙන්න හැකියාවක් තිබෙනවා//

      ඉහත ප්‍රකාශය මා කියන කරුණ එක්කෝ සම්පුර්ණයෙන් බොරු කරන එකක්, නැත්නම් මහා මුලාවකින් කියන එකක්.

      මේ ලෝකේ තියන විස්තර වලින් නම් අපට් පෙනෙන්න්නේ ඉන්දික ඔබ ඔය කියන දෙය වෙන්නේ නැහැ කියල. වර්තමාන ලංකා පාලනය යටතේ ජිවත් වන ඔබට සමහර විට එහෙම දැනෙනවා නම්, “මේ ඇක්ස්පෙරිමෙන්ට් එක” සාර්ථක බවයි මට කියන්න තියෙන්නේ.

      ඉහත කියපු හා මා සඳහන් නොකරපු සියලුම ඒකාධිපති පාලකයන් තමන්ට ලැබෙන ඩොලර් ප්‍රමාණය එන්න එන්නම වැඩි කර ගත් පිරිස්. බලයේ තවමත් ඉන්න අය, මේ වැඩි කර ගැනීම නතර කරලා නැහැ. බලයෙන් පහ වුන හෝ මිය ගිය අයත්, අන්තිම මොහොත දක්වා, එකතු කිරීම නම් අත්හැර තිබුණා කියල දැන ගන්නට කරුණු නැහැ. මේ රටවල් වල කුඩා පිරිසකගේ හැර, බහුතර ජන ජීවිතය එන්න එන්නම අගාධයට ගියා, සමාජයීය හා ආර්ථික වශයෙන්.

      ඔබ දෙවනියට කියන කරුණ මේ සමග පටලවන්න එපා. ආර්ථික කළමනාකරණය හා පවුලක් එකතු වෙලා සල්ලි යටි මඩි ගැහීම යනු දෙකක්. අනික තමා ඒකාධිපති පාලන කඩා වැටුණ රටවල් අපට පෙන්නා දෙන්නේ “benevolent” ඒකාධිපතියන් හෝ ක්‍රම කියා දෙයක් නොමැති බවයි. එය ලංකාවේ අන්ත (වම හා දකුණු) දෙකේම ඉන්න ඒකාධිපති පාලන ක්‍රම ගැන සිහින මවන සාමාන්‍ය ජනතාව තේරුම් ගන්න ඕනේ වැදගත්ම කරුණයි.

      • kathandarakaraya

        ඩොලර් හොයන්නේ ඩොලර්වලින්මයි. රුපියල් exchange කරළා නොවෙයි.

        • එතකොට ඔය චයිනීස් ණය, යුආන් වලින්ද දෙන්නේ කකා? පිටකොටු යන්න එපෑ මාරු කර ගන්න. පව් වැඩේ. බලන්න මහජනතාව වෙනුවෙන් කැපවන තරම.

    • යුද්ධය දිනල දුන්න අපේ මාමි……… විති තුන……
      අපිට ආඩම්බර යි නේද……. හෙක්…හෙක්…….හේ……

      • කෝ මේ ප්‍රභාකරන් එතකොට? ඇයි එහෙනම් ප්‍රේමදාස වත් දාන්න පුළුවන්නේ.
        හයියෝ ඩයස්පෝරා මෝඩ ආතල්!
        හෙක්…හෙක්…. හේ….

        • kathandarakaraya

          මේ ලයිස්තුව නම් යෝජනා කරලා චන්දේ දෙන එකක් නේද?
          අපිත් නම් දාමු.

  5. ම්ම්ම්ම්…… ගැටළු තමයි….. මටත්,,,,, දැන ගන්න හිතල තමයි දැම්මෙ ….. 🙂

  6. ඔයාට තරහ ගිහිල්ලද …මයින්ද මාමි ලිස්ට් එකේ ඉන්න එකට……
    රනිල්වත් දාන්න කියමුද…..හෙක්…හෙක්… 🙂 ????

    • නැහැ අනේ, මට තරහා ගිය වෙලාවට මේ ලැප්ටොප් වලට කොට කොට ඉන්නේ නැහැ! 🙂 හෙක්… හෙක්…. හේ………..!

      මං කියුවේ කෙන්ජි, මේවා ගොන් පාර්ට් කියල. එක පාරක් ඔය මහින්ද මාමිම, ලෝකයේ මොස්ට් ඉන්ෆුවන්ෂල් මිනිසුන් 50 හද කොහෙද අතරට ඇවිත්, ඒ අයියලට තරඟයේ නීතිත් වෙනස් කරන්න වුණා.

      රනිල් මාමි ව ඔය ලිස්ට් වලට දාල කොහොමෙයි? බලන්න මොකා වුනත්, සුද්දන් පුහුණු කරලා ගිය පරපුරෙන් හොඳට හෝ නරකට ඉන්නේ ඒ මාමි විතරයි. ඉදිරියේ තියන ජනපතිවරණයෙන් ඒ මාමිව ගෙදර යවන්න හිතාගෙන ඉන්න හැම මාමිලටම අබ සරණයි!

      කෙන්ජි, ඔය ලිස්ට් වලට නොවේ අප පෙත්සම් ගහන්න ඕනේ මෙන්න මේ ලිස්ට් හදන විද්වත් මාමිලටයි; http://democracyranking.org/wordpress/?page_id=738 ලංකාව කොහොමද අංක එකට නාවේ? ලංකාව තරම් මැතිවරණ පැවැත්වෙන රටක් ලෝකයේ වෙන තියනවා නම්, මේ මාමිලට කියන්න කියා අපි පෙත්සම් ගහමු. ඒ විතරක් නොවේ, මැතිවරණ කියන්නේ රටේ දල ජාතික නිෂ්පාදනයට වැඩිපුරම දායක වන ප්‍රමුඛතම “කර්මාන්තය” වන රටත් ලංකාවයි. එහෙව් රටක රෑන්ක් එක මෙච්චර පහලට ගියේ කොහොමද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s