කාසි දෙකක, එකම පැත්ත!


අර ප්‍රා කලින් සටහනේ කියුවා වගේ, බටහිර විරෝධය පාන්නන් හා ජාතික චින්තනකාරයන් ඇත්තම ජිවිතයේ කරන දේවල් හා සමාජයේ පතුරවන දේවල් අතර වෙනස නිසා, සැබෑවටම අමාරුවේ වැටෙන්නේ, එයාල නොවේ, එයාල පසුපස හරකුන් සේ යන අනුගාමිකයන් විතරයි. ඒකාධිපතියන් තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ ආශ්චර්යයන් කරනවා යයි කියන, තමන්ගේම රටවල නොවේ, බටහිර සුරක්ෂිත යයි හිතන තැන්වල. දරුවන් (මැටි මෝල්ලුන් වුවත්), ඉගෙන ගැනීමට යවන්නේ බටහිරට. අනෙක් හැත්ත බුරුත්තත් ඔය එම්බසි, මහකොමාසාරිස් කාර්යාල වල වැඩට එවනවා.

මහාචාර්ය නලින්ගෙන් මේක ඇහුවොත් කියන්නේ ඉතින් පශ්චාත් උපාධි කොහොමත් ලංකාවේ නැහැ නේ. ඒකයි දරුවා පිටරට යැවුවේ. නැත්නම් කියයි, මොකටද බටහිර අනුකාරකවාදීන්ගේන් ඉගෙන ගන්නේ, නියමම එවුන්ගාවට ගිහින් ඉගෙන ගන්න එක එයිට වඩා හොඳයිනේ කියා. අනෙක තමා දොස්තර ගුණදාස, නලින් විතරක් නොවේ, අනෙක් අවශේෂ අයියලා අඩුම ගානේ ඇමෙරිකාවට හරි ගිහින් ආචාර්ය උපාධියක් හෝ වෙනත් පස්තාච්චියක් කරන්න ට්‍රයි එකක් හරි දීල, ගිහින් තමයි ජාතික චින්තනයට සෙට් වන්නේ.

මෙයාල ගොඩ. හැබැයි, පස්සෙන් යන අය, බටහිර හොඳ නැහැ, ඉංගිරිසි වලින් වැඩක් නැහැ, බටහිර විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව කියන්නේ වැඩකට නැති දේවල්, අපිටත් විද්‍යාවන් තියනවා, අපේ රටේ ලෝකේ තියන ලොකුම සම්පත් ටික තියනවා, මේක කන්න තමයි හැමෝම බලාගෙන ඉන්නේ යනාදී වශයෙන් සිහින ලෝක වල අතරමං වෙමින් ඉන්න විට, නලින්ලගේ දොස්තර ගුණදාසලගේ දරුවන් බටහිර පශ්චාත් උපාධිත් නිම කරලා ඉවරයි.

මගේ මතය අනුව, මෑත ඉතිහාසයේ ලංකාවේ හරියටම සමාජගත කරන්න පුළුවන් වුනේ මතවාද දෙකයි. එකක් තමා ජාතික චින්තන කළු බළලා, අනෙක තමා කිසිවෙකුට හරියට පැහැදිලි කරන්න බැරි වුනත්, කොහේ හරි තියනවා යයි මිනිසුන් හිතන සමාජවාදය කියන ලාංකික චින්තනය. එයත් අරුම දෙයක්. මේ මතවාද වපුරපු අයගෙන් ටික දෙනෙක් බිනොවලන්ට් වෙන්න පුළුවන්. නමුත් බහුතරය, වෙනත් ජිවිත අපේක්ෂාවන් අනුව වැපුරූ මේවා නිසා, සාමාන්‍ය ජනතාව සිහින ලෝක වල වල්මත් වුණා පමණක් නොවේ, ඔවුන්ගේ ජිවිත කඩාකප්පල් වුණා.

තව දෙයක් තමා අධ්‍යාපනයේදීත්, වැඩපොලේදීත් මේ මතවාද නිසා අවැඩක්ම මිසක් වැඩක් වෙලා නම් නැහැ. නමුත් සමාජයේ හරි වටිනාකමක් තියනවා බොරු වචන වලට. ජේ ආර් පවා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විතරක් නම් කරන්නේ නැතුව, සමාජවාදයක් අස්සට රිංගුවේ ඒකයි. අන්තිමට දෙකෙන් කොයික වත් නැහැ. ඇත්තටම යම් සමාජවාදී ගුණාංග තියන රටවල් වල නම් වල මොකුත් සඳහනක් නැහැ. මොකද නම් ඕනේ වෙන්නේ, නැති දෙයක් බොරුවට උපුටල පෙන්නන් විතරයි. හැබැයි ඉතින් ජනතාවට එයත් ඇති.

අඟහරු ලොවේ හමු වුනත් සිංහල කතා කරන එක නම් නරක දෙයක් නොවේ, නමුත් නාථ හා විපස්සකල පස්සෙන් ගිහිං නම් මේ කපේදී අඟහරු තියා, කතරගම වත් යන්න බැහැ.

අපේ අතීතයේ පටන්ම තියනවා යයි කියනා මමත්වයෙන් තොර ජීවිතය කියන එක හරියට, ඔය නලින් මල පැනලා දෙන ටෝක් වගේම තමා. අපේ බුද්දාගම කියන්නේ, බුදුන් දෙසූ ධර්මයවත්, මමත්වයෙන් තොර කමවත් නොවේ. ඔය ගම් වල ඉන්න බොහෝ දෙනෙක් එහෙම ආසාවල් නසපු අපූරු මිනිසුන් නොවේ. නලින් වගේම තමා, මල පැනල ඉන්න ගමන්, මෛත්‍රීය වඩනවා. උදේ භාවනා කෙරුවය කියනවා. දවල් කුණුහරුපෙන් මලපන්නගෙන බනිනවා.

මෙයම තමා, අප සමාජවාදය ලෙස කරන්නෙත්. එනම් කියන්නේ එකක්, නමුත් කියන කෙනාවත් ඒ දෙයට ආසන්න ජිවන පැවැත්මක් ගත කරන්නේ නැහැ. පොඩි කාලේ දන්නේ නැති කමට මේවා පස්සේ යන පිරිස්, ඉගෙනීමත් කඩා කප්පල් කරගෙන, ජිවිතයේ පසු කාලයේ ඇරියස් සොයනවා. සීගිරි යන්න බැරි වුන නිසා, ඇමෙරිකාවේ ඩිස්නිලන්තයේ යනවා.

දැන් භාෂාවට ආවොත්, භාෂාවක පිරිසිදු කම රැක ගන්නවා යයි කියන්නේ හරියට, ගැහැණියෙක් හෝ පිරිමියෙක් ලිංගික සේවා සපයල මුදල් ටිකක් හම්බ කරන්න හිතන අතරේ, කන්‍යා භාවය රැක ගන්නේ කොහොමද කියලත් හිතනවා වගේ දෙයක්. මොකද පාවිච්චි කරන අතරේ, අනෙකත් රැක ගන්න බැහැ. එහෙම නම් මේවාට අත නොතබනු කියල, කැවුතුකාගාර වල තියන්න වෙනවා. එහෙම තිබ්බත් කන්ගැට්ටල වැඩේ දෙනවා.

භාෂාව කියන්නේ සන්නිවේදන කාර්යය සඳහා මිනිසා නිපදවා ගත් ප්‍රභලම මෙවලමයි. අප සිනාවෙන්, ඉඟි කිරීමෙන් හා තවත් ක්‍රම වලින් පවා සන්නිවේදනය කර ගන්නවා. ගස් වැල් පවා, රසායන ද්‍රව්‍යයයන් මගින් එකිනෙකා සමග තොරතුරු හුවමාරු කර ගන්නවා. අනෙක් සතුන් පවා නොයෙක් ක්‍රම මගින් සන්නිවේදන කටයුතු කර ගන්නවා. එසේ වුනත්, සත්ත්ව ලෝකයේ ඉහලම සන්නිවේදන හැකියාවන් අත්පත් කර ගත්තේ මිනිසායි.

මිනිසුන් කතා කරන්නට පටන් ගත්තේ කවදාද කියල කියන්න හරියටම පුළුවන් වී නැහැ. පොසිල හා වෙනත් සාක්ෂි ඇසුරින් ඒ ගැන යම් තොරතුරු අත්පත් කරගෙන තිබුණත්, කතා කෙරුවේ කවදද හෝ භාෂා හරියට පැන නැගුනේ එක්තරා නිශ්චිත වකවානුවක යයි කියන්නට තවම අප සමත් නැහැ. හැබැයි එයට අඩුම ගන්නේ අවුරුදු ලක්ෂයක වගේවත් ඉතිහාසයක් තිබෙන්න පුළුවන්.

භාෂාවක තියන රීති අප හදාගෙන තියෙන්නේ, සන්නිවේදනයේ පහසුව සඳහාමයි. එකිනෙකා වෙනස් විදිහට එකම භාෂාවක් භාවිතා කෙරුවොත්, අන්තිමට එය තේරුම් ගන්න පුළුවන් වන්නේ ලියන හෝ කියන කෙනාට විතරයි. මේ රීති මගින් අතීත-වර්තමාන කාල වෙනස්කම්, ස්ත්‍රී-පුරුෂ බව, ක්‍රියාකරු තනි කෙනෙක්ද-කණ්ඩායමක්ද යනාදී වෙනස්කම් අපට තෝරා ගන්නට උපකාරී කරනවා.

මා ලඟදි පුස්තකාලෙන් ගෙනාවා චීන-ඇමෙරිකානු කතුවරියකගේ නවකතාවක්. එය ඕනෙකමින්ම ලියා තිබුනේ ඉංගිරිසි වල තියන ව්‍යාකරණ රීතින් නොසලකා. මට මුල් පිටු ටිකෙන් පසු කියවන්න එපා වුණා. ඇයි? අපගේ මනස දැනටම හැඩ ගැසිලා තියනවා යම් ක්‍රමයකට.

සිරි ගුනසිංහ හැටේ දශකයේ වගේ ඔය න,ණ, ල, ළ නොසලකා ලියුවා. හැබැයි එය සමාජයේ පොදු භාවිතාව කරන්න ඔහුගේ තනි ප්‍රයත්නය ප්‍රමාණවත් වුණේ නැහැ. හැබැයි විචාරක කියනවා වගේ, අද තියෙන්නේ නණ ලළ තියා මොකුත්ම නැති මහා කරච්චල් මාධ්‍ය භාෂාවක්. එය පැන නැගුනේ කෙසේද?

The earliest grammar system we know of were in Iron Age India,about the fifth century BC. The Greeks had a grammar system by 100 BC, and the Romans created a Latin grammar system following the Greek example. Some 272 grammars of English were published before the eighteenth century.

භාෂාව කියන දේ සමාජයේ අනෙක් දේවල් වලින් වියුක්ත කර, පිරිසිදුව තබා ගන්නා නොහැකියි වගේම, භාෂාවක් සමාජයෙන් වියුක්ත කර පිරිසිදුව තබා ගැනීමේ තේරුමකුත් නැහැ. අපේ තාත්තල පවා හෙළ හවුල්කාරයන්. හැබැයි හෙළ හවුලේ භාෂාව නිකම් බොරු ප්‍රයත්නයක් විතරයි. මොකද එය සාමාන්‍ය මනුෂ්‍යයාට තේරුම් ගන්නත් බැහැ, එයාලගේ ජිවිතයට එය අවශ්‍යත් නැහැ.

සමාජයේ අවශ්‍යතා අනුව භාෂාවක් වෙනස් නොවනවා නම්, එම භාෂාව වැඩකට නැතිවී කොහොමත් වඳ වී යනවා. It is in the nature of a living language to evolve, as new inventions require new words, foreign influences enliven the vocabulary and social changes give people more or less leisure to write at length. The monks who copied out medival texts invented short forms to save themselves time, which passed into the languaage as ligatures in words such as, funnily enough, mediaval, which we now deem archaic. දැන් අප කියනවනේ SMS භාෂාව තිබුනොත් හොඳයි කියල. ප්‍රවීනා, පේනවා නේද, මේවා මිනිස් ඉතිහාසයේ අමුතු දේවල් නොවේ.

සාහිත්‍යය හා කලා වගේම පාසලේ පොත් වලින් පමණක් භාෂාවක් උගන්වන්න හෝ රැක ගන්න නොහැකියි. අනෙක භාෂාව කියන දේ අනෙක් විෂයයන්ගෙන්ද වියුක්ත කර උගන්වන්නටද නොහැකියි. පාසලෙන් එලියට බහින දරුවා, මහමගදිත්, බස් එකේදිත්, ගෙදරත් භාෂාව භාවිතා කරනවා. ඒ භාවිතාව එනම් සන්නිවේදනය සිදු වන්නේ සමාජයේ ඉන්න තවත් නොයෙකුත් දෙනා සමග, මාධ්‍යත් එක්ක. එතකොට සිංහල පීරියඩ් එකේ සුපිරිසිදු සිංහල කතා කරලා, ලියල එලියට බැස්සහම මොකද වෙන්නේ? සමාජයේත් ඔය කියන පිරිසිදුකම තියෙන්න ඕනේ.

දැන් ප්‍රශ්නේ තමයි විචාරකල ඉගෙන ගත්තු කාලේ තිබුණ ඒ සුපිරිසිදු බවට මොකද අප්පේ මේ වුණේ කියන එක. Anyone who has so much as run their eye over an Anglo-Saxon lament, a tale by Chaucer or a play by Shakespeare will see that the English in which they are written is very different from the way we write and speak today. Even a novel written as little as fifty years ago may differ from modern one in style, vocabulary and punctuation. The books of poor old Enid Blyton, most of which were written in the 1940s and 1950s, have already had to be revised for modern children because they were considered so out of touch-and not least because she had a propensity for naming her characters Fanny, Dick and so on. මේ කියන්නේ මා නොවේ. පෙනෙනවා නේද අප ඕල්ඩ් වික්ටෝරියන් ඉංගිරිසි වලට වඳින අතරේ, නූතන ඇත්ත ඉංගිරිසි ලෝකය යන විදිහ.

එතකොට මේ කලවම් සිංහලක් හදාගෙන කතාකරන එෆ් එම් ඉටිකිරිස් කෑලි (මල්ලිලා ද සමග), පත්තර වල ජරා භාෂාවක් ලියන අයියල කරන්නෙත් මේකම නේද? එනම් වෙනස් වන ලෝකයේ, වෙනාස් වුන භාෂාවක් භාවිතා කිරීම. වැඩේ තියෙන්නේ මේකයි; We cannot stop English changing-and only the most ardent dyed-in-the-wool pedants waste their time trying-but we can do our best to ensure that it does not become compromised along the way, and to preserve its best features. Since linguistic sloppiness often leads to ambiguity- which is one of the things that grammar rules try to avoid-a few rules are surely good thing. අමිල කියනවනේ සිංහල දන්නවා වුනත් සමහරුන් නොලියන්නේ මේ ව්‍යාකරණ හා අක්ෂර බැරි නිසා කියල. සිංහල දන්නවා කියන්නේ ව්‍යාකරණ හා අක්ෂර දන්නවා කියන එක. හැබැයි මාත් පිලි ගන්නවා, ව්‍යාකරණ හා අක්ෂර සංකීර්ණ වෙන්න, වෙන්න කරන වැරදි වැඩි වෙනවා. අද ලෝකයට එහෙම භාෂාවක් අවශ්‍ය නැහැ. ඇමෙරිකානුවන් ඉංගිරිසියට කරන්නේ එම වෙනස්කම්.

අර භාෂාවේ ස්ලොපිනස් කියන එක වැදගත්. ඒ කියන්නේ භාෂාව නොදැන කරන වෙනස්කම් හින්ද අන්තිමට වෙන්නේ අදහස් හරියට කියන්න බැරි වීම. එනම් සරල දේවල් විතරයි කියන්න පුළුවන්. වැදගත් කතාවක් කරන්න බැහැ. ඔය කිචි-බිචි ගාන එෆ් එම් ගිරවු වගේ. අනෙක භාෂාව වැදගත් භාෂාව ඉගෙන ගන්න පමණක් නොවේ, අනෙක් විශයයන් ඉගෙන ගන්නත්. ගණිතය පවා. භාෂාව දන්නේ නැති ගුරුවරයා, අනෙක් කිසිම විශයයක් (මේකත් විෂයයක් කියලත් ලියන්න පුළුවන්නේ. මේ වගේ අනවශ්‍ය සංකීර්ණ කිරීම් වැඩක් නැහැ) උගන්වන්න සමතෙක් නොවේ. මා ඒකයි කියන්නේ අපට එදා සිංහලෙන් නැතුව ඉංගිරිසියෙන් ඉගැන්වූවා නම්, අද අප ඉන්නේ කොයි ලෝකෙද කියල හිතන්නත් අමාරුයි.

මා සිංහල ලියන්නෙත් කලවම් විදිහට. මට සිංහල කියන්නේ විශාල විදිහට අවශ්‍ය දෙයක් නොවේ. ගෙදර කතා කිරීම හැරුන කොට සිංහල භාවිතා වන්නේ අඩු වශයෙන්. නමුත් මේ බ්ලොගය ලියන්නට ගත්තට පසුව සිංහල වල දැනීම මා අලුත් කර ගත්තා. හැබැයි මෙය කතා කරන භාෂාවකින් මා ලියන්නේ සිතාමතාමයි.

ඒ වුනත්, මෙවැනි භාෂාවක් භාවිතා කර පාසලක උගන්වන්න නොහැකියි. මොකද අවශ්‍ය දේවල් ඒ ආකාරයෙන්ම සන්නිවේදනය කරන්න හැකියාවක් නැහැ. අපේ පුතාලගේ අධ්‍යාපනයේදීත්, ඉංගිරිසි වලට ලොකු බරක් යෙදෙනවා. ඔවුන් වෙනම ව්‍යාකරණ ඉගෙන ගන්නේ නැහැ. අනික ඉංගිරිසි හා අනෙක් විශයය කරුණු අතර ගැලපීමක් කුඩා පන්ති වල ඉඳං තියාගෙන යනවා. සමෝධානික ඉගැන්වීමක්. කියවීමටත් විශාල තැනක් දෙනවා. ඔවුනගේ ලිවීම් වලදී sms භාෂාවක් භාවිතා කරන්නට ඉඩක් නැහැ. ව්‍යාකරණ හා අනෙක් රීතින් දැඩිව සලකා බලනවා.

භාෂාවක් නොදැනීම නිසා රීති කැඩීම හා කඩන්න අවශ්‍ය යයි සිතෙන නිසා රීති කැඩීම යයි කියන්නේ දෙකක්. බ්ලොග් එකක් වුණත්, සරල ව්‍යාකරණ පවා නොසලකා ලියල තියනවා නම්, තිත් හෝ කොමා නැත්නම්, වාක්‍ය අතර ඉඩක් තබා නැත්නම් මා කියවන්න වෙහෙසෙන්නේ නැහැ. ඇත්තටම කියවන්න අමාරුයි. අර චීන-ඇමෙරිකානු කතුවරියගේ පොත වගේ. සමහර තැන් වලදී මේවා මා පෙන්වා දෙන්නේ හොඳ හිතින්. ඒ මා දන්නා පාරාසය තුල.

හැමතැනම අප පුළුවන් ආකාරයෙන් මේ රීති රකින්න ඕනේ. බ්ලොග් කියා වෙනසක් නැහැ. මොකද කියනවා නම් අපට හරියට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ එමගිනුයි.

භාෂාව අදහස් ප්‍රකාශ කිරීමේ මෙවලමක් විතරයි තමා. නමුත් මේ මෙවලම හරියට නොදන්නා නිසා හිතු මතේ වෙනස් කිරීමෙන් එහි ප්‍රයෝජන එයාකාරයෙන්ම අපට ලැබෙන්නේ නැහැ. … one person’s unbreakable rule is another person’s insufferable pedantry. Knowing the rules-and breaking them because you feel like it, not because you don’t know any better- will make you a more confident, creative and entertaining writer and speaker.

අරූ කියල තියනවා වගේ කැඩිච්ච භාෂාවකින් දෙදෙනෙකු කොහොම හරි අදහස් හුවමාරු කර ගන්නවා කියන්නේ හා ආචාර්ය උපාධියකට නිබන්ධනය ලියනවා කියන්නේ දෙකක්. යන්තම් භාෂාව දන්නා කෙනෙකුට අර දෙවෙනි එක කරන්න බැහැ. නමුත් ආචාර්ය කෙනෙකුට වුවත් sms මෙසේජ් යවන්න, සරල භාෂාවකින් බ්ලොග් ලියන්න පුළුවන්. මෙතැනදී අප එකිනෙකා උසස් හෝ පහත් කර ගන්න අවශ්‍යත් නැහැ. අවශ්‍ය වන්නේ අප‍ට ජිවිතයේ ඕනේ කරණ තරමට භාෂා කුසලතාවයන් අත්පත් කර ගැනීමට වැඩ කරන එකයි.

ඊයේ මා පත්තරේ කියවපු උද්‍යාන පිලිබඳ විශේෂාංග ලිපියක මෙහෙම තිබුනා; A garden is never complete. It is a work in progress. දැන් භාෂාවක් කියන්නෙත්, භාෂාවක් ඉගෙනීම කියන්නෙත් a work in progress ම තමා.

මා කතාවක් කියන්නම්. මා දන්නා කෙනෙක් ඕස්ට්‍රේලියාවේ උපාධි දෙකක් නිම කර තිබෙනවා. නමුත් ඔහුට/ඇයට තාම ස්ථිර පදිංචි විසා සඳහා ඉල්ලුම් කර ගන්න බැහැ. මොකද IELTS අවශ්‍ය ලකුණු සමග ගොඩ දා ගන්න බැහැ. මෙතනිනුත් මා කියන්න අදහස් කරන්නේ භාෂාවක් අපට අවශ්‍ය වන ආකාරයයි. එය යම් තරමින් හෝ දැන සිටීම හා දැනගන්නට උත්සහ කිරීම සන්නිවේදනයට පමණක් නොවේ, අපේ එදිනෙදා ජිවිතයට ද වැදගත්. තමන් තමා තීරණය කරන්න ඕනේ, කොච්චර දැන ගත්තොත් ඇතිද කියා.

….. when you’re chatting among friends, it may not much matter how you express yourself, but what about when you are applying a job or compiling a report or trying to write a introduction for a book like this? Language is as much a part of how you present yourself-and how other people react to you-as the way you dress. if we alwez rote howeva we pleazed itd b like turning up 2 an interview in ript jeanz n a cruffy t-shirt, y’know?

And one wouldn’t dream of doing that, would one?

සියලුම දෙනා පළ කරපු අදහස් වලට මගේ දීර්ග පිළිතුර මෙයයි. ලංකාවේ අධ්‍යාපනය හා සිංහල වලට වුණ දෙය ගැන මගේ අදහස මෙතන මට ලියන්න අවශ්‍ය නැහැ. මොකද එය මේ කතාවට අදාළ නොමැති නිසා.

ඉංගිරිසියෙන් සඳහන් කරුණු “My Grammar and I, Caroline Taggart and J.A.Wines, Michael O’Mara Books Limited, 2011″ යන කුඩා අත්පොතේ හැඳින්වීම ලෙස “A very brief history of English grammar” යයි ලියා ඇති කොටසින් ගෙඩි පිටිං උපුටා ගන්නා ලද ඒවාය. මෙම කුඩා පොත ප්‍රයෝජනවත් එකක්. මගේ සටහන භාෂාව පිලිබඳම නොවුනත්, එම විස්තර ඇතුලත් කෙරුවේ, මා භාෂා විශේෂඥයයෙකු නොවන නිසා.

(මෙය කලින් සටහනේ ප්‍රති-ප්‍රතිචාරයක් නැවත පළ කිරීමකි).

Advertisements

6 Comments

Filed under Education, Opinion, Social

6 responses to “කාසි දෙකක, එකම පැත්ත!

  1. Pingback: කාසි දෙකක, එකම පැත්ත! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    යුගයට ගැලපෙන විදිහට ලියනවනම් එකෙන් සාමාජයට බරපතල බලපෑමක් කරන්න පුළුවනිනේද? 70 – 80 දශක වල මිහිර පත්තරය, නවයුගය, රුසියන් ළමා කතා, අපේ මනස ගොඩ නැගුවා, තරුණි පත්තරය කිති කැව්වා. හැබැයි සෝවියට් දේශය සගරාව, සහ ඇත්ත පත්තරය කරපු දේ වෙන්න ඇති අපි විඳවන්නේ.
    sms වලට ව්‍යාකරන ටිකක් හදා ගන්න බැරිවෙයිද කියල පොඩිහාදයත් එක්ක playcodemonkey කරන කොට හිතුනා.

    • ඇනයාණනි, මා ලියන්න උත්සහ කරන්නේ යුගයට ගැලපෙන අයුරින්. කිසිවෙකු කියවන්නේ නැති කම වෙනම කරුණක්.
      එකම සඟරාවකින් හෝ පත්තරයකින් එහෙම දෙයක් වුණා යයි සිතන්න එපා. එය එයිට එහාට ගිය දෙයක්.

      පාසල් අධ්‍යාපනයට වෙනස්කම් කෙරුවොත් අපට අනාගතයේ මෙයිට වඩා වෙනස් ප්‍රතිඵල ගන්න පුළුවන් වේවි. එය අප වගේ විදේශිකයන්ගේ කාර්යයක් නොවේ. ඉන් මෙපිට අපට සිතන්න පුළුවන් දේවල් ගැන අපි සිතමු. ලංකාවෙන් පිටවෙලාත් ටියුෂන් මාර්ටර්ලාම පසුපස යන පිරිස් ඇති පමණ ඉන්නවා ඇණයෝ.

      පොඩි දරුවන් සමග ගේම් ගහල, පැරදුනා කියල අඬා ගෙන එන්න නම් එපා! 😀

  3. kathandarakaraya

    ඇඩෝව්! ඉන්දියන්. ග්‍රීක්, රෝමන් ග්‍රැමර් විතර නෙමේ අපේ සිදත් සඟරාවත් ක්‍රි.පූ. නේද ඩෝ?

    • ශොරි දොරේ, මේක උපුටා දැක්වීමක් විතරයි. ඒ ….. පුතාල සිංහල දන්නේ නැතුව ඇති.

      • The earliest Sinhala inscriptions are found in 200 B.C. Classical prose and poems are written in Sinhala Language. It has a long history more than other Indo-Aryan languages. Dhampiya Atuva Getapadaya, Sikha valanda and Sikha valanda vinisa,Jathaka atuva Getapadaya are ancient Sinhalese texts. These are glossories and Dictionaries for Pali cannan texts. Sidath sangarava is the ancent Sinhalese Grammar book. It was written around 1330 A.C. Sinhala has its own Grammartical and Lexical system. Sanskrit, Pali ,Tamil and Sinhala Languages could be consider as Classical Languages in South Asia.
        (http://djayasinge.blogspot.com.au/)
        සිදත් සඟරාව නම් වූ ප්‍රසිද්ධ ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ පතිරාජ පිරිවන් හිමියන් විසින් දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාවෙන් සිදත් සඟරාව ලියූ බවයි. ඒ අනුව ප්‍රතිරාජ පිරිවෙන, දේවපතිරාජ අමාත්‍යයා විසින් කරවන ලද්දක්‌ බවත් සමකාලීන පොදු පිළිගැනීම අනුව ස්‌වකීය නාමය ඒa සඳහා සම්මත වූ බවත් පිළිගත හැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි පතිරාජ යන්න සංඥා නාමයක්‌ නොව පදවි නාමයක්‌. දේවප්‍රතිරාජ අමාත්‍යවරයා පිළිබඳ පැරණිම සඳහන් හමුවන්නේ දඹදෙණි යුගයේදියි. මේ නිසා සිදත් සඟරාවේ කතු හිමියන් දඹදෙණි සමයෙහි විසූ වේදේහ හිමියන් යයි සාමාන්‍යයෙන් පිළිගන්නවා. එමෙන්ම රසවාහිණිය, සමන්තකූඨ වර්ණනාව යන ග්‍රන්ථයන්හිද අග ගාථාවල සඳහන් අනුව ඒවා ද මෙම හිමියන්ගේම කෘතීන් යෑයි පොදු පිළිගැනීමක්‌ තිබෙනවා. මෙකී කෘති දෙකෙහිදීම වේදේහ හිමියන්a, සිහළ සද්ද ලක්‌ඛණ නමින් ග්‍රන්ථයක්‌ කළ බව දැක්‌වෙනවා. මේ සඳහන් සද්ද ලක්‌ඛනය සිදත් සඟරාව නොවන බව පරණවිතාන මහතාගේ නව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.
        (http://mahawansa.wordpress.com/2013/01/30/%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B6%AD/)

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s