ශිලා ලිපියක් වගේ!


අප ලංකාවේ ඉඳිද්දී, අන්තිමට ඔය උණ හෙම්බිරිස්සාවට බෙහෙත් ගිය පවුලේ දොස්තර යයි කියන්න පුළුවන් කෙනා අයිති වුනේ අර රාගම පටන් අරන් අන්තිමට රජයේ විශ්ව විද්‍යාලයට පවරා ගත්තු, ලංකාවේ ආරම්භ කරපු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පළමු සිසු කාණ්ඩයේ උපාධිධරයෙකු ගෙන්. ඔහු දොස්තර කෙනෙකු හැටියට පමණක් නොවේ, මනුෂ්‍යයෙකු හැටියටත් වරදක් කියන්න පුළුවන් කෙනෙක් නොවේ. එයිටත් අමතරව ඔහුගේ දේශපාලනික අදහස් සමපාත වුනේ, වාමාංශික පක්ෂයක් සමග.

අප රුසියාවේ ඉගෙන ගනිත්දී (සමහර විට එපාකරපු දෙයක් තමා) අපත් එක්ක හිටියා මධු පානයෙන් සහමුලින්ම වැලකී සිටිය පිරිමින් හා කාන්තාවන්. මා කියන්නේ ලංකාවෙන් ගිය අපේ සහෝදර සහෝදරියන්. මොවුන්ගෙන් සමහරෙකුට අප “ඥාන-සාරය” ලබා දෙන්න උත්සහ කෙරුවත්, එය නිරර්ථක කාර්යයක් වුනා.

පසුගිය ජනවාරියේ මට අහම්බෙන් වගේ ලංකාවේ තිබුන, අපත් එක්ක එකට රුසියාවේ (පැරණි සෝවියට් සංගමයේ) ඉගෙන ගත්තු කාණ්ඩයක සුහද හමුවකට සහභාගී වීමට ලැබුනා. මේ පිරිස අර මා කලින් සටහනක ලියුව අපේ පාසැලේ පරණ කට්ටියට වඩා වෙනස් වුණා හේතු කිහිපයක් නිසා. එකක් තමා තිබුන බෝතල් ගැන සංවිධායකට දොස් කියුව හෝ මේවා මදි යයි කටපත්ත අදින්න කිසිවෙකු නොසිටීම.

මට දකින්න ලැබුන තවත් දෙයක් තමා, “අද පමණක් නොවේ, අපට හෙටක් තියනවා” කියන එක අමතක කරමින් එදා අප සමග මධු පානයෙන් සන්තර්පනය වුන සමහර දෙනා අද, බිංදුවක් කටේ තියන අය නොවේ.

ඉහත කියපු එක කරුණකින් වත් සනාත කරන්න බැහැ, රාගම ඉගෙන ගත් සියල්ලන්ම හොඳයි හෝ නරකයි කියා. ඒ වගේම රුසියාවේ ඉගෙන ගත්තු සියල්ලන්ම “මුළු ජීවිතේම” කනමදයන් වගේ බොනවා හෝ නොබොනවා කියා. මාත් සමහර විට මේ වගේ ස්ටේරියෝ ටයිපින් කරනවා. නමුත් අද නම් හරි අඩුයි.

මෙයට වසර තුනකට පෙර මා සිංහලයෙන් ලියන්න පටන් ගන්න පෙර, කියවපු බ්ලොග් හා වෙනත් අන්තර් ජාල ප්‍රකාශන කිහිපයක් තිබුනා. මේවා පසුපස සිටින්නේ කවුද කියන එක එදා මා එතරම් දැනගෙන හිටියේ නැහැ. මේ ස්ටේරියෝ ටයිපින් නිසා, මා එදා සමහර බ්ලොග් කියවන්න කැමැත්තක් දැක්වුයේ නැහැ. මගේ මුල් සටහනේ මා කියවන සිංහල බ්ලොග් ලෙස සටහන් කෙරුවේ, අද මා නොකියවන බ්ලොග්.

ඔන්න ඔහොම මා බ්ලොග් ලියමින් ඉන්න විට, එක ඉරිදාවක මා උදේ හැම ඉරිදාවකම කරන කටයුත්තකට රිය පදවාගෙන යමින් ඉන්න විට එක දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ ගැන මා බ්ලොග් සටහනක් ලියා තියනවා.

විවිධ මිනිසුන් එකම පරිසර තත්ත්ව යටතේ වෙනස්ව පරිණාමය වෙනවා. වෙනස්ව ක්‍රියා කරනවා. වෙනස්ව හැසිරෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ හැකියාවන් හා ආකල්ප වෙනස්. මෙවැනි දේවල් වලට උපන් රටට, ඉගෙන ගත්තු පසලට හෝ ඉවර කරපු වෙනත් අධ්‍යාපනික ආයතන වලට වගකීම දමන්න නොහැකියි.

කෙනෙකු දන්නා එකෙක් දෙන්නෙකු ඇසුරින් හෝ අහපු එක කතාවකින් හෝ රටක් ගැන, පාසලක් ගැන හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක් ගැන සම්පුර්ණ චිත්‍රයක් මවා ගන්න එක එතරම් ඥාන-සාර වැඩක් නොවේ.

අප සියලු දෙනාටම පුළුල් කෙසේ වෙතත් පටු හෝ දේශපාලන දැක්මක් අවශ්‍යයි. එවැනි දැක්මක් නැති පිරිස් වල අදහස් පතෝල වැල් වගේ. පසුගිය දිනෙක මට එක කොමෙන්ටු සංවාදයක් “ලයිව්” කියවන්න හැකි වුනේ මාත් ඒ වෙලාවේ අන්තර්ජාලයේ පත්තර කියවමින් සිටි නිසා.

අප සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ, අන් අය මුලින්ම “හොඳ” වෙන්න ඕනේ, තමන්ට හොඳ වෙන්න ඉන් පසුව පුළුවන් කියා. බහුතරය මෙහෙම නිසා අපේ සමාජය කිසිදා හොඳ වන්නේ නැහැ.

ඕක නොවේ මා ලියන්න ගත්තේ. මෙන්න හරි කතාව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ලෝකයේ සෑම වසරකම මිනිසුන් මිලියන 3.3 ක් මිය යනවා මධ්‍යසාර භාවිතය නිසා. ලෝකේ හොඳම බොනයන් ඉන්නේ කොයි රටවලද කියා ඔබ සිතුවද? වයස අවුරුදු 14 න් ඉහල පිරිස් වලින් එක පුද්ගලයෙකු වසරකට බොන මධ්‍යසාර ලීටර ගණන මෙසේයි; රුසියාව 15.1, ඕස්ට්‍රේලියාව 12.2, දකුණු අප්‍රිකාව 11.0, එක්සත් ජනපදය 9.2 සහ මහජන චීනය 6.7 යි.

ගිය සතියේ සෙනසුරාදා රෑ කෑමට රුසියාවේ අපත් එක්ක ඉගෙන ගත්තු යාලුවෙක් ආවා. එදා දවල් දවසේ මා කඩයකට ගොඩ වැදුනේ මොකටද කියා දන්නවද?

ඉතිරි කොටස ඊළඟ සටහනින්……….

(රයිගමහන්දිය පාලුවට යන නිසා සරල කතාවක් ලියන්න සිතුනා. ලිඳ ගැඹුරු බැවින්ද, කඹය කොට බැවින්ද. ඉතිරිය හෙට හෝ අනිද්දා).

Advertisements

17 Comments

Filed under Opinion

17 responses to “ශිලා ලිපියක් වගේ!

  1. සෙන්කඩගල වැස්ස වගේ ඔබේ ආදරේ

    • මොකක්ද ඒ හරුපේ? ඔබ මේවා තාමත් කියවනවා ද ?

      • ශිලා ලිපි ≠ සෙන්කඩගල වැස්ස .

        • තාම ටියුබ් ලයිට්?

          • පස්සෙ කියන්නම්. 🙂

          • kathandarakaraya

            ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
            ඔබේ ආදරේ
            දෙවනපෑතිස් රජ දවසේ
            ශිලා ලිපියක් වගේ
            ශිලා ලිපියක් වගේ

            අව් වැසි වතුරින් කීරි ගැහී
            බීඳී පැළුනු තැන් අකුරු මැකී
            කියවා ගන්නට බෑ
            වටහා ගන්නට බෑ

            ඔබේ ආදරේ
            දෙවනපෑතිස් රජ දවසේ
            ශිලා ලිපියක් වගේ
            ශිලා ලිපියක් වගේ

            මහ වන වදුලේ අසරණ වී
            සියවස් ගනනක් නටඹුන් වී
            ඉස්පිලි පා පිලි නෑ
            බෙදුනු වදන් වැකි නෑ

            ඔබේ ආදරේ
            දෙවනපෑතිස් රජ දවසේ
            ශිලා ලිපියක් වගේ
            ශිලා ලිපියක් වගේ

  2. Pingback: ශිලා ලිපියක් වගේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ලියවෙන්නැති පෑන වගේ ඔබේ ආදරේ නිදියන් නැති දෑස වගේ මගේ ජීවිතේ..විඳවන්න ද මෙවන් දුකක් මෙමට හිමි කලේ..ඇයි රත්තරනේ ‍මගෙන්ම පලි ගන්නෙ මේ වගේ…

    2004-2006 කාලෙ ක්ලාස් යනකොට බස් එකේ ඇහුනු සිංදුවක්. කෝතතු තාලෙට වුනත් කිංස්ලි ඇදලා පැදලා කියනකොට සිංදුව ඇගට දැනෙන ගතියක් තියෙනවා. අරක්කු ගැන කතාකල නිසා මට පොඩි අදහසක් දක්වන්න සිතුනා..

    අද ලංකාවෙ උත්සව බොහොමයක් එතනෝල් වලින් වැහිල. මනුස්ස ජීවිතේ සෑම අවස්ථාවකටම සහභාගි වෙන පොදු සාධකයක් බවට අරක්කු පත් වෙලා..ට්‍රිප් එකක්. මගුලක්, මරණයක්, එකතුවක්, සාදයක්, පොඩි සිද්ධියක් වුනත් සමරන්න අරක්කු යොදාගන්නවා.

    බොහෝ අයට මේක සාමාන්‍යකරනය වෙලා. ඒත් මට හිතෙන්නෙ ඒ ජාතියෙ බොහෝ ඉවන්ට් වල තියෙන විවිධත්වය අඩුවෙලා හැම සිද්ධියම පැතලි එකම රාමුගත විදියට අපිට දකින්න ලැබෙනවා මේ බීම නිසා. පිරිතක්, පිංකමක්, පොඩි උත්සවයක් වුනත් මීට විසි තිස් වසරකට එපිට තිබුනාම තිබුන කල එළිය නැතිවෙලා බොහෝ දෙනා ීඋත්සාහ කරන්නෙ වැඩේ හරියට කරනවාට වඩා මොනවාහරි කරලා එතනෝල් එක්ක එකතුවෙන්න..

    ට්‍රිප් එකක් ගියත් බොහෝ දෙනා යන්නෙ කොහ්ද මොනව කරනවද කියලා හිතාගන් බැරිවෙන්නම ගහලා වැනි වැනි යන්නෙ.. මං එතනෝල් බොන කෙනෙක්. එ්ත් ජීවිතයේ වැදගත් අවස්ථාවල තියෙන සෞන්දර්යය නැතිකරලා විවිධත්වය නැතිවෙලා එක පැතලි රටාවකට අනුගත කරන්න එතනෝල් වල තියෙන හැකියාවට මම ආස නැහැ. මම කිව්වෙ ලංකාවෙ මම වගේ මැද පන්තියෙ අයගේ උත්සව සමාජ ජීවිතයට එතනෝල් හරහා වන සමාජිය බලපෑමෙ සුළු කොටසක් පමණයි..

    • මෙය ඉන්දික අප ඇත්තටම කතා කරන්න අවශ්‍ය මාතෘකාවක්. මේ සම්බන්ධව අපේ ආකල්ප, අනෙක් ඒවා වගේම පසු ගාමීයි.

      එතනෝල් කියන්නේ මිනිස් ශිෂ්ටාචාරයත් සමග එන දෙයක්. මෙහි භාවිතාව (හෝ අව භාවිතාව) අප මත රඳා පවතින දෙයක්.

      ජිවිතයේ වෙනත් විනෝද අවස්ථා ඇහිරිලා හා අහුරලා තියන විට, එතනෝල් වලට ඇති තැන වැඩි වෙනවා. හරියට, වෙනත් විනෝදාංශ කරන්න නැති අවස්ථා වල කරන එකම දෙය, රති කෙලිය (හා උපත් පාලන ක්‍රම නොදැනීම හා ඒවාට අවශ්‍ය “ප්‍රතිපාදන හා යටිතල පහසුකම්” නොමැති වීම නිසා) හා දරුවන් හැදීම වගේ!

  4. kathandarakaraya

    /* ගිය සතියේ සෙනසුරාදා රෑ කෑමට රුසියාවේ අපත් එක්ක ඉගෙන ගත්තු යාලුවෙක් ආවා. එදා දවල් දවසේ මා කඩයකට ගොඩ වැදුනේ මොකටද කියා දන්නවද? */

    බුදුසරණ පත්තරේ ගන්න නේද?

    • මේ මහත්තයට විතරයි කතාව තේරුණේ! 😀

      ඒ එක්කම අර සෝම හාමුදුරුවන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කොට පළ කරපු කවි පොතකුත් ගත්තා !

    • Anonymous

      Столичная?

  5. අර සංඛ්‍යලේඛන දැක්කාම මට පුදුම හිතුනා. අවුරුද්දකට ඔච්චරද බොන්නේ කියලා. මේ නොබොන මිනිස්සුත් එක්කම අරන් හදපු සාමාන්‍යය වෙන්නැති.
    මඳ පමණින පානය කිරීමත් සෞඛ්‍යයට හොඳයි නේද?

    • ඔව් මචං බොන (හොර අරක්කු/බියර්/වයින් නොවේ) මුළු ප්‍රමාණය ජනගහනයෙන් බෙදල ආපු ලීටර ගණන. හැබැයි ලීටර 15 ක් කියන්නේ පොඩි ප්‍රමාණයක් නොවේ. මේ 100% ඇල්කොහොල් ප්‍රමාණය. බියර් නම් බෝතල කීයක්ද හිතා ගන්න පුළුවන්නේ.

      මද පමණින් නරක නැතිය කියුවත්, ඇල්කොහොල් වල නරක ගතිය තමා ඇබ්බැහිකරන එක. එයට ප්‍රතිරෝධය දක්වන්න හැමටම බැහැ. ඒ නිසා මේවා ප්‍රචාරය කරන්නට නොහැකියි.

  6. ඔන්න මම නම් වැඩිය බොන්නේ නැහැ මචන්. ඊයේ පොඩ්ඩක් බිව්වා රුසියාවෙන් ආපු දෙන්නෙකු හා ලංකාවෙන් ආපු දෙන්නෙක් එක්ක. කිසි අවුලක් නැහැ. ගානට තාම බිව්වේ. අපි වැටෙන්න බොන්නේ නැහැ. සින්දුවක් කියා ගන්න ගානට තමා බොන්නේ.

    • හරි බං, මාත් අද බිවුවේ ටිකයි. ඒකත් ඊයේ හැන්ග්ඕවර් යවා ගන්න. හෙට ආයිත් බොන්න වෙනවා, අද හැන්ග්ඕවර් යවා ගන්න. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s