අඳුරෙන් බර ආකර තුල මැණික් තියෙනවා!


….අද එතැන් සිට….

කඩේට ගියේ “දෙවිපිහිටයි සඟරාවේ” පිටපතක් ගන්න. මිතුරාගේ බිරිඳත් අප හොඳින් හඳුනන අයෙක්. මගේ බිරිඳත් මා අඳුරනවානේ. ඉතිං මා අප ගැන පමණක් නොවේ සිතුවේ. කාන්තා පක්ෂය කැමති කියා මා දන්නා පැණි බීම බෝතල් කිහිපයකුත් මිලදී ගත්තා.

මේ කඩේ කවුන්ටරේ ඉන්න පිරිමින් හා ගැහැණුන් මා දන්නා හොඳම කස්ටමර් සර්විස් ප්‍රොවයිඩර්ලා. හිටිය පොර මට කියුවේ, මා වියදම් කරන ගානට අනුව, වට්ටමට මට අඩුවෙන් ගන්න පුළුවන්, එයාල කවුන්ටරේ අසල තියල තියන නොයෙක් වර්ගයේ බෝතල් වලින් එකක් ගන්න කියා.

මා මිනිහට කියුවේ උඹ නම් තිරසාර බිස්නස් දන්නේ නැහැ. එක දවසට වැඩිපුර විකුණුවොත්, මා අඩු වයසින් මැරෙනවා. එයිට වඩා හොඳ නැත්ද අපට ටිකක් වැඩිපුර ජිවත් වෙන්න දීල, වැඩි කාල පරාසයක් තුල වැඩි බෝතල් ගාණක් විකුණා ගන්න එක. මිනිහා ඒ කතාව බලාපොරොත්තු වුනේ නැහැ.

ඒ වගේම සමහර මිනිසුන්ගේ පුරුදු හරි අරුමයි. ඕනේ කෙනෙකුට තමන්ගේ කැමැත්ත අනුව (අනුන්ට කරදරයක් නැත්නම්) ජිවත් වීමට ඉඩ තියනවා. හැබැයි ගොන් පාර්ට් නැත්නම් වැඩිය හොඳයි. ගිය සතියට කලින් අප ගියා ඉන්දියන් කාරයෙකුගේ ගෙදර. පොර ගෙනත් තිබුනේ ඉහල-මැද රේන්ජ් එකෙන් බෝතලයක්. අපි නොදන්න ……මිනිහ ටිකක් විදුරු දෙකට දාල, බෝතලේ පෙට්ටිය ඇතුලට ආයිත් දාල කාමරේ ඇතුලට ගිහින් තියනවා.

පළමු වෙනි එක මං ගත්ත. ඉන්පසු තමා මට තේරුනේ, මේ යකා මේ කරන්නේ බෝතලේ පරිස්සම් කර ගන්න වැඩක් කියා. ඉන් පසු මා නෝ තෑන්ක්ස් කියල නිකම් හිටියා.

බොන්න දෙන්න ලෝභ නම්, “ගණන් බෝතල්” ගන්නේ මොකටද? ගත්තත් ඔෆර් කරන්නේ ඇයි? මින් පෙරත් මට මෙවැනි මිනිසුන් හමු වී තියනවා. මා නම් මේසය උඩින් බෝතලය තියන්නේ, අනෙක් කෙනා හෝ පිරිස මුළු බෝතලයම බීවත් කමක් නැහැ කියල හිතලා. එහෙම නැත්නම් මා බෝතල් මිලදී ගන්නේ නැහැ.

ඒ විතරක් නම් මදෑ. මේ කට්ටිය වෙජිටෙරියන්ලා. කොරේ පිටට මරේ කියන්නේ ඔන්න ඕවට. වෙජිටේරියන් වීම නරක දෙයක් නම් නොවේ. නමුත් ඉවිමේදී නිර්මාණාත්මක නැති කෙනෙක් ශාක භක්ෂක පමණක් වීම නපුරු සිහිනයක්.

අපේ ආසියානු සංස්කෘතියේ තියන දෙයක් තමා, “මධුපානෝත්සව” වලදී කාන්තාවන් අමතක කිරීම. “බෞද්ධ සංස්කෘතියේ ආභාෂය” නොලද ඉන්දියාව වැනි රටවල් වල කට්ටියගේත් මේ ගතිය තියනවා.

හැබැයි සමහර අපේ කාන්තාවන්ගෙන් මොනවාද බොන්නේ කියල ඇහුවහම, නිකං යකෙක් දැක්ක වගේ බලනවා. ඉස්සර අප මේ වගේ කට්ටියට කියුවේ “බොරු හිලවල්” කියල. බොරු හිල කියන්නේ සේක්සිස්ම් අර්ථයෙන් නොවේ. ස්ත්‍රී-පුරුෂ ඕනෙම කෙනෙකුට බොරු හිල කියන්න පුළුවන්. බොරුවට මවාපාන සුචරිතවාදීන්. නොබොන හෝ බොන එක නොවේ මා  කියන්නේ.

අධ්‍යාපනය කියන්නේ ‘එ ග්‍රේට් සෝෂල් ලෙවලර්’ එකක් කියනවානේ. “දාර්ශනික කෝණයෙන්” බැලුවහම මධු පානය කියන්නෙත් ඒ වගේ දෙයක්. සමාජවාදය පටන් ගන්න පුලුවන් අඩියක් ගහලම තමා. අප අතර තියන “අයිය-මල්ලි කම්”, වෙනත් කොන් කිරීම් හා අසමානව සැලකීම් මෙම ගින් අප යම්තාක් දුරට ඉවත් කර ගන්නවා. කොටින්ම වෙනස් භාෂා දෙකක් දන්නා දෙදෙනෙකුට වුනත් “කොමන් ලැන්වේජ්” එකක් මෙමගින් හොයා  පුළුවන්.

පටන් ගැන්මේ දීම බෝතලේට ලෝභ කරන පිරිස් සමග බොන්න පටන් ගත්ත කියල වැඩකුත් නැහැ.

දැන් අර ඉන්දියන් කාරයාගේ අඳුරු වලාවේ තිබුන රිදී රේඛාව මොකක්ද දන්නවද? ඔහු මුලින්ම මගේ බිරිඳ ගෙන් ඇහුවා මොනවාද බොන්නේ කියල (නැහැ සෝඩා එපා).

මෙවැනි අත්දැකීම් ඔබටත් අනන්ත ඇති. නැත්ද මං අහන්නේ?   😉

My face above the water
My feet can’t touch the ground,
Touch the ground, and it feels like
I can see the sands on the horizon
Everytime you are not around

I’m slowly drifting away
Wave after wave, wave after wave
I’m slowly drifting (drifting away)
And it feels like I’m drowning
Pulling against the stream
Pulling against the stream

I wish I could make it easy
Easy to love me, love me
But still I reach
To find a way
I’m stuck here in between
I’m looking for the right words to say

I’m slowly drifting, drifting away
Wave after wave, wave after wave
I’m slowly drifting (drifting away)
And it feels like I’m drowning
Pulling against the stream
Pulling against the stream

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “අඳුරෙන් බර ආකර තුල මැණික් තියෙනවා!

  1. තනියම එක ඩ්‍රින්ක් එකක් ගැනීම කීපදෙනෙක් එක්ක කිහිපයක් ගන්න එකට වඩා එන්ජෝයි කරන අවස්තා දැන් වැඩියි.
    ඇන්ටි-සෝෂල් ගතිය වැඩි වෙලාද, නැත්නම් ඩ්‍රින්ක්ස් ගැන (මගෙ ප්‍රියතම එකක් දෙකක් ගැන) connoisseur කෙනෙක් වීගෙන එනවද තාම දන්නෙ නෑ 😀

    • අපේ අදහස් සමපාත වීම එන්න එන්න වැඩි වෙනවා ප්‍රා! 😀

  2. kathandarakaraya

    මේ වගේ කේස් ගැන නම් මාසයක් පුරා බ්ලොග් ලියන්න කතන්දර තියෙනවා!

    • ඕක කියන්නත් දෙයක්ද? හොඳ බොනයන්ට කතා ලක්ෂයක් විතර තියනවා කියුවත් මා නම් පුදුම වෙන්නේ නැහැ.
      ලඟදි වයින් පාරක් වත් ගැහුවේ නැත්ද කකා? 😉

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s