මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නේ නෑ! You rock my world!*


Image (2)

හෙට තාත්තලාගේ දිනයයි. මේ දින ගැන අරහං කට්ටිය මෙය කියවන්න යන්න එපා. මාත් ඔය වාණිජ ලෝකය විසින් ප්‍රමෝට් කරන “දින” ගැන එතරම් තකන්නේ නැහැ. හැබැයි වෙන් කරලා තියන මේ වගේ දින ගැන වෙළඳ ලෝකයෙන් එහාට ගොස් සිතනවා. අපගේ උපන්දිනයත් මේ වගේ වෙන් කරපු දිනයක් නේ.

අපේ තාත්තා දැන් මෙලොව නැති නිසා, මා ගැනම මට ලියන්න සිතුනා. අපගේ දරුවන් වෙනුවෙන් අප නොකරන්නේ මොනවාද? ඊයේ පෙරේදා මා දරුවන් පාසලට දාන්න යන ගමන්, ලොකු පුතා සමග කතා කෙරුවේ, අප මූලික අධ්‍යාපනය කියන දෙය නිම කරලා, ජීවිතය අරඹපු හැටි ගැන. අපේ දරුවන් දැනටම ස්වාධීනව සිතන්න පටන් අරන්. ඔවුනට අනාගතයේ මොනවාද කරන්න ඕනේ කියල අපට කියා දෙන්න නොහැකියි. ඒ වෙනුවට මා කියන්නේ, අප දෙදෙනා දෙස බලා යමක් ගන්න පුළුවන් නම් අර ගන්න කියලා.

අර කවුද කියන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තලා දරුවන්ට ජෝගි නටන්න දෙනවා කියලා. එයින් පෙනෙන්නේ දරුවන්ගේ තියන වරදකට වඩා, ආඩම්බරයයි කියන තාත්තලාගේ ජිවන දර්ශනයයි. ඔවුන් දරුවන්ට නම්, ලෝකයේ හොඳම තාත්තලා. අපට එයින් පලක් ඇතිද? තවත් දරුවන් ලක්ෂ ගණනකගේ ජිවිත අදත්, අනාගතයේත් අනතුරට හෙලන, එවැනි පියෙකුගේ දාරක ප්‍රේමය මනුෂ්‍ය සංහතියට පොදුවේ වැඩක් තියනවාද?

ස්ටාලින්ගේ දුව ඇමෙරිකා ගොස් ලියුව හා කරපු සම්මුඛ සාකච්ඡා වලින් මතුවන එක කරුණක් තමා, ඇයගේ තාත්ත හා ඔවුන් අතර තිබුන සම්බන්ධතාවය. එය දරු සෙනෙහස නොමැති පියෙකුගේ චර්යාවක්ද, නැත්නම් එයින් එහාට ගිය දෙයක්ද? ස්ටාලින්ගේ පුතා, ජර්මානුවන්ට අසුවුණ විට, ඔහුගේ හැසිරීම කියන්නේ දාරක ප්‍රේමය නැති මිනිසෙකුගේ චෛතසිකයද? ලක්ෂ ගානකට මරු කැඳවුයේ එම චෛතසිකය නිසාද? එතන හැබැයි එක දෙයක් තියනවා. මහජන දේපොළ ස්ටාලින් විසින්, තමන්ගේ හෝ දරුවන්ගේ සුඛ විහරණය පිණිස යොදා ගෙන නැහැ.

ඉහත මා උපුටා දැක්වූයේ පියවරුන් දෙදෙනෙකුගේ අන්ත දෙකක්. මෙයින් වඩා හොඳ කොයි දාරක ප්‍රේමය කියලද ඔබ සිතන්නේ?

තමන් ගෙන ගිය අරගලයකට මහත්ම කැප කිරීමක් කරපු කෙනෙක් තමා නෙල්සන් මැන්ඩෙලා. දශක තුනකට ආසන්න කාලයක් සිර ගෙදරක තැපලා, බලාපොරොත්තු වුන දෙය අතට ලැබුන විට, මැරෙන කල්ම එල්ලිලා ඉන්නනෙ තිබුණේ. නැහැ, ඔහු එහෙම කළේ නැහැ. වයස වැඩි නිසා කියල කෙනෙක් කියාවි. එතකොට, අවුරුදු අනූවක් වන මුගාබේ අයියා ඉන්නේ.

පෝලන්ත ලේහ් වලෙන්ස මේ වගේ දිර්ග අරගලයකින් රටේ නායකයා වුන කෙනෙක්. ඔහු ජනාධිපති පදවිය අත් හරින විට විතරක් නොවේ, අදත් ඒ රටේ ජනප්‍රිය චරිතයක්. ජිවිතයම බලයේ ඉන්න විදිහට ව්‍යවස්ථාවක් හදල, බලයේ ඉන්න පවා ඔහුට ඉඩ තිබුණා.

ඉහත දෙන්නම අරගලයක් කෙරුවේ, රටේ බහුතර පිරිසකගේ කැමැත්තට පිහිටවන රජයක් සඳහා. බලයට ඒම මෙන්ම, එය අතහරින එකත්, ඔවුනගේ අරගලයේම කොටසක්. මේ රටවල් දෙකේම, ඔවුන්ගෙන් පසු ඇතිවුණ පාලන ගැන අපට නොයෙක් ආකාරයට විග්‍රහ කර ගන්න පුළුවන්. නමුත් එක දෙයක් තියනවා, එනම්, මැතිවරණයකින් ඒ රටවල් වල පත්වන අයෙකුට ජනතා කැමැත්තට පිටිං, ජිල් මාර්ට් යොදා බලයේ ඉන්න අසීරුයි. මොකද අච්චර කැපවීමක් කරපු දෙදෙනෙකු දුන්න ආදර්ශය නිසා.

දැන් යලිත් තාත්තලාගේ දිනයට ආවොත්, දරුවන් ඇති දැඩි වන්නේ මාපියන් සමග නම්, ඔවුන් තරම් දරුවන්ගේ ජිවිතයට බලපෑම් කරන කිසිවෙකු මෙලොව නැහැ. ඒ බලපෑම මොන වගේද කියල පිටස්තර අය විවිධ ආකාරයට අර්ථ දක්වන්න පුළුවන්. නමුත්, මාපියන්ගේ පැත්තෙන් බැලුවොත්, බහුතරයක් ඔවුන් දරුවන්ට, තමන් සිතන ආකාරයට හා පුළුවන් විදිහට හොඳම යයි හිතන දේ දෙන්න වෙහෙසෙනවා.

දරුවන් වැඩිහිටියන් වූ පසුව පවා ඔවුනගේ ජිවිතයට ඇඟිලි ගසා වණ කරන දෙමාපියන් ලොව කොපමණ සිටිනවාද? ඒ වගේම තමන්ගේ ජිවිතයේ වැදගත්ම තීරණය තනිවම ගන්න බැරි වීම, කියන්නේ එම දරුවා හදපු දෙමාපියන් ගැනත් නේද?

  • මා මාතෘකාව යෙදුවේ ගීත වල තියන අර්ථයෙන් නොවේ. ඊයේ පෙරේදා කුඩා දරුවන්ව සුරතල් බස් දෙඩුව අය, අපටත් නොදැනී වැඩිහිටියන් බවට පත්වෙමින් සිටිනවා.

Image (3)
Image (5)

Advertisements

18 Comments

Filed under Anniversary

18 responses to “මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නේ නෑ! You rock my world!*

  1. Hello colleagues, how is the whole thing, and what you desire to say regarding this paragraph,
    in my view its truly awesome in support of me.

  2. අපේ දුවලා දෙන්නාට අපි දීලා තියන දැනුම් දීම මේකයි. කොල්ලෙක් වගේම හොඳ මහත්තයෙක් හොයාගත්තට අපේ තරහක් විරුද්ධත්වයක් නැහැ. ඒත් අපි අකමැතිනම් අකමැතියි කියලා කියනවා. ඔයාට අපි අකමැතිදේ කරගන්න නිදහස තිබෙන අතර අපේ ආධාරයත් දෙනවා. හැබැයි ඊටපස්සේ ඒ ජීවිතයේ වගකීම ඔයා අතේ. ඔයා කොල්ලෙක් එක්ක යාලුවෙන්න. යාළුවුන ගමන් අපිට කියන්න. අම්මයි මමයි තමා ඔයාගේ විශ්වාසවන්තම යාළුවො.

    • මට නම් ඇප්ලිකෙසෝන් එකක් දාන්න දැන් බැහැ විචාරක. හැබැයි මා දුටුවා කට්ටිය ඉල්ලුම්පත්‍ර සෙට් කොරගෙන ඉන්නවා. මොකද කියන්නේ? 😀

      අන්න එහෙම තමයි ඉන්න ඕනේ. අපට දුවෙක් සිටියා නම්, මා දෙන එක අවවාදයක් මෙතැන ලියන්න බැහැ. සමාජයේ කොටසක් අගතියට ලක් වෙන්න ඉඩ ඇති නිසා. 🙂

    • හපොයි ඉවානයා මේක දැක්කොත්

  3. හිරු

    දරුවන් වැඩිහිටියන් වූ පසුව පවා ඔවුනගේ ජිවිතයට ඇඟිලි ගසා වණ කරන දෙමාපියන් ලොව කොපමණ සිටිනවාද? ඒ වගේම තමන්ගේ ජිවිතයේ වැදගත්ම තීරණය තනිවම ගන්න බැරි වීම, කියන්නේ එම දරුවා හදපු දෙමාපියන් ගැනත් නේද?//

    අයියෝ…. කියල වඩක් නෑ…

    ජීවිතේ තීරණයක් ගනිද්දි අම්මල තාත්තලගෙන් උපදෙස් ගන්න එක හොඳ දෙයක්… ඒත් තීරණය ගන්න ඕනෙ තමන් මිසක් අම්මල තාත්තල නෙවෙයි… වැඩේ තියෙන්නෙ ගොඩක් දෙමවුපියො තමන්ගෙ තීරණය පිළිගන්න කියල නොකියා කියල, දරුවො අන්ත අසරණ කරනව… අම්මලට තියෙන ගෞරවයට සහ බෑ කියන්න බැරිකමට දරුවො ජීවිත විඳවනව… මම මේ කියන්නෙ පෙම් සම්බන්ධකම් ගැනම විතරක් නෙවෙයි…

    • මාත් කියන්නේ හිරු පෙම් සඹදතා ගැනම නොවේ. දැන් බලන්න සමහර වැඩිහිටි දරුවන් කන්න පවා ඕනේ අම්මල-තාත්තල කැමති හැටියට මිසක්, ඒ වැඩිහිටි දරුවන් කැමති ආකාරයට නොවේ. 😉

  4. මට නම් කියන්ට තියෙන්නේ මගේ අප්පච්චිට මම පණ වගේ ආදරෙයි. එයාට සුබ පියවරුන්ගේ ජීවිතයක් වේවා!!! කියලයි.

    ඔයාට ඉල්ලුම් පත්‍ර දාන්ට බෑ?…. පව් නේ? 😛

  5. 1995 අසනීපවී මියගිය මගේ තාත්තා මගේ හොඳම යාලුවෙක්. ඒ වියෝව අදටත් එදා තරම්ම ප්‍රභලව නැතත් අදටත් සෑහෙන තරමින් දැනෙනවා. විශේෂයෙන්ම ජීවිතේ වැදගත් කඩ ඉම් පසු කරන අවස්තාවල…

    මට විශේෂයෙන්ම කියන්න ඕනේ වුනේ. ඔහු පසු කල මග මා පසු කරන විට මම ඔහු ඒ ඒ අවස්තාවල ඒ ඒ දේ කලේ ඇයි කියන කරුණ වටහා ගනිමින් සිටිනවා.

    • මැක්කා පාර නිසා තාත්තලාගේ කතාව යට ගියා. මේ දිනවල මැක්කා උඩට එනවා වැඩියි වගේ නේද?
      //ඔහු පසු කල මග මා පසු කරන විට මම ඔහු ඒ ඒ අවස්තාවල ඒ ඒ දේ කලේ ඇයි කියන කරුණ වටහා ගනිමින් සිටිනවා// මෙය මචං අප බොහෝ දෙනෙක් අත් දකින දෙයක්. ඇත්තටම මටත් ඕනේ වුණේ ඔය වගේ දෙයක් කියන්න. කොහෙද රජපවුල පෙරට ඇවිත්, වැඩේ කැවුනා.

  6. ගොඩක් පියවරු දරුවන් ගැන දරන්නේ ලිහිල් මතයක් සහ පැවැත්මක්. මම ඒ සංකල්පයට ආසයි. මගේ අප්පච්චි පිටින් මෘදු නොවුනත් ඇතුලතින් අපි ගැන හිතපු කෙනෙක් කියල අපිට (මට) තේරෙනකොට මම ගොඩක් උස්මහත් වෙච්ච කෙල්ලෙක්. ඒත් මම හිතන විදියට අපිට අපේ දෙමවුපියෝ ගැන වෙනම ලියන්න ඕනේ නැහැ..

    නමුත් අපි දෙමවුපියෝ උනහම ඒ විදියටම දරුවන් කෙරෙහි ආකල්ප තියාගන්න එක එතරම් ඔබින නැහැ කියල මගේ නම් අදහස. මොකද ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට දරුවන්ගේ විෂන් වෙනස් වෙනවා, ඒකට අනුගතවෙන/නොවෙන දෙමවුපියෝ කියල දෙකොටසක් මිසක් ඉස්සර අපි දැකපු විදියට දරුවන් වැඩෙනවා නිකන් බලන් ඉන්න දෙමවුපියෝ ළමයින්ට දරන්න අමාරුයි. ඒ හින්ද දරුවන් යොමුකරනවා විනා පාලනය කරන්න ගියොත් වෙන්නේ සාමාන්‍ය සමාජයේ ‘අමුතු සතෙක්’ දරුවෙක් විදියට හදල නොගැලපෙන පරිසරයක් මවල තියෙන්න පුළුවන්.

    තාත්තෙක් කියන්නේ අඩුවෙන් දරුවන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් (සාපේක්ෂයි) නම් මේ හැමදේකටම අනුගත වෙන කෙනෙක් වෙනවා. දැනට තමන්ගේ දරුවන්ට මෙහෙමයි නිදහස දෙන්නේ කියල පාරම්බාන දෙමවුපියෝ ඇත්තටම එහෙම තත්වෙකදී හැසිරෙන විදිය බැලුවම, ඇත්තටම අපි එහෙම සුදානමක් නැති කොටසක් කියල තමයි පේන්නේ. මොන තර්ක කිව්වත්, අන්තිමට ලංකාවේ දෙමවුපියෝ වැඩිදෙනෙක් කරලා තියෙන්නේ සමාජය දිහාවට පිටිපස්ස හරවල ළමයි හදල, අන්තිමට සමාජයට දොස් කිවිල්ල තමයි. සුක්කානම තියෙන්නේ අම්මා අතේ උනාට, ඇත්තටම කැප්ටන් වෙන්නේ තාත්ත. නැව ගිලෙනකල් බලන් ඉන්නෙක කැප්ටන් කෙනෙක් හැටියට වරදක්! හි.. හි..

    මොකොම උනත් දරුවන් ගැන කැක්කුම කියල අපි හිතන් ඉන්නේ වැරදි දේකට කියල කියන්න ඕනේ…

    Happy fathers’ day!

    • කියන්න අමතක උනා…

      ඔය සින්දුව මම තාමත් පිස්සු වට්ටන සින්දුවක්…. දැන් මගේ වැඩටික කරගන්න නම් හිත සන්සුන් කරගන්න වෙනවා.. හි.. හි..

    • Thanks for wishes & for your comment!
      ඇත්තම කියනවා නම්, උපේක්ෂා දරුවන්ට මගේ තියෙන්නේ “lackadaisical approach” එකක් නම් නොවේ. මෙයාලගේ වැඩ ගැන තමා මේ ලියන මොහොතේත් මා සිතන්නේ. අප ජිවිතයේ අනෙකුත් ජීවන විලාසිතා තේරීම් කර තියෙන්නේ, මෙයාලගේ ජීවිතයේ පහසුවත් සිතලා. සමහර දේවල් පසුපස හඹා නොගොස් තියනවා, එයාලගේ ජීවිතය පහසු නොවේවි යයි හා ඉගෙනීම් වලට අනර්ථයක් වේවි යයි සිතලා. හැබැයි ඉතින් අන්තිමට, අපට කරන්න පුළුවන් දේ සීමිතයි. තමන්ට මොනවාද අවශ්‍ය යන්න තෝරා දෙන්න අපට නොහැකියි.
      පරම්පරා වෙනස කියන දේ තිබුණත් උපේක්ෂා, අපිත් මේ ලෝකේ වෙන්නේ මොනවාද කියල දන්නවනේ. එයත් මා හිතන්නේ වැදගත්. සමාජයට දොස් කියනවා තියා, අනුන් කරන දේවල් දෙස බලා අපවත් ජිවත් වෙන්නේ නැති කොට, දරුවන් නම් ඒ විදිහට බලා හදන්න බලාපොරොත්තුවක් නැහැ. කොහොමත් දැන් එවැනි දෙයකට පරමාදත් වැඩියි.

      • ලියන්න අමතක වුණා….

        පික්ෂු හැදෙන සඳ කියුවලු! අම්මලා උපේක්ෂාගේ ප්‍රථම ප්‍රේමයට වැඩේ දුන්නා නේද? 😦

        • හ්ම්ම්… ඔව් මම මේ ලියනකොටත් ඔබ කියපු දේ ගැන හිතනවා… මම ගොඩක් ලිව්වේ ‘ලාංකික’ දෙමවුපියෝ ගැන. පිටරටක හිටියත් ‘ලාංකික’ වෙන්න උත්සහ කරන අයත් ඇතුළුව !

          හි.. හි… එව්වා කොහෙද මේ මාත් එක්ක!
          අම්මට ඉතුරු කරේ නෑ … මමම මගේ පලවෙනි ප්‍රේමෙට වැඩේ දීගත්ත !! හි.. හි.. හි.. ආයේ මොකටද ඕවට අම්මල ගාවාගන්නේ… හි හි..

          අනේ මන්ද මම මේ සින්දුවට පුදුම ආසාවක්….! කොහොමත් මේ මගේ ප්‍රියතම ගායකයෙක්. පදමාලාව එතරම්ම සරලයි, එතරම්ම ගැඹුරුයි…. මේ හිත විසිරෙනවා ඒ පදමාලාවෙයි , හඩෙයි තියෙන මොකද්දෝ එකකට… පරණ එකක් වෙන්නැති! හි.. හි…

          • ඔව් අර කතාවට කියන්නේ පෙර කරුම වලක්වන්න බැහැ කියල. ඒ වගේම පෙර කරපු පිනුත් ඒ වගේමයි. “අරයා” පෙර ආත්මෙක ලොකු “පිනක්” කරලා ඇති! 😀

            මේ ගීතයට මාත් කැමතියි. සුකී ලා ලා තමයි. නමුත් විශේෂයෙන් මෙහෙම “හද වෙණෙහි සත්සර” අම්මලාගේ-තාත්තලාගේ වැඩ නිසා “සදා ගොළු වුණ” පිරිස් ලංකාවේ විතරක් නොවේ, ලෝකයේ අන් රටවලත් ඉන්නවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s