භෞමික අඛණ්ඩතාවයට අනතුරක් නොකර උණ්ඩුක පුච්ඡය ඉවත් කරන්නේ කෙසේද?*


මෙය මා කලින් ලියන ළද සටහනකට ඉන්දික විසින් එවන ලද ප්‍රතිචාරයකට, මා ලියුව ප්‍රති-ප්‍රතිචාරයක් නැවත පළ කිරීමකි. එහි අවසානය වෙනස් කර ඇති බව සලකන්න

මා නම් ඉන්දික, ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් “නරක” වුවත්, දැනට තියන හොඳම පාලන ක්‍රමය කියා පිලිගන්නවා. සමහර සමාජ තවම democracy-ready නැති වීම වෙනම කරුණක්. දැන් ඇමෙරිකාවේ පවා අර 46%** දෙනාට මේ සමාජයේ සිදුවන දේවල් ගැන කිසි වගක් නැති කට්ටියනේ. ඔවුනට තමා සෞඛ්‍යය, අධ්‍යාපනය වඩාත් අවශ්‍ය වන්නේත්, ඒ සඳහා වියදම් කරන්න මුදල් නැත්තෙත්, රැකියා නැත්තෙත්. ඇත්තටම ඔවුනට අවශ්‍ය නියෝජනය නැතිවී යන්නේ, ඔවුන් මේ ක්‍රියාවලියට සහභාගී නොවන නිසා. ලංකාවේ වගේම, මොවුන් වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින මිනිසුනට චන්දය ලැබෙන්නේ නැත්තේ, මේ පිරිස චන්දය නොදාන නිසා. එතැනදී අර ඒකීය අයියල සමග මා එකඟයි.

ලංකාව කියන්නේ ලෝකයේ “ප්‍රජාතන්ත්‍රවාදය” තියන රටවල් අතුරින් එකක්. ජිල්-මාර්ට් මේ ප්‍රතිඵල වෙනස් කරනවා කියන එක මා නම් බැහැර කරනවා. ජනාධිපතිවරණය පැත්තක තියන්න. මේ ප්‍රාදේශීය සභා වලට තේරී පත්වන අය දිහා බලන්න. යහපාලනය ගැන අපේ ජනතාවගේ තියන කැපවීම එතනින් පෙනෙනවා.

ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම කියන්නේ ජනප්‍රිය සටන් පාඨයක් විතරයි. ඇත්තටම යහපාලනයක් අවශ්‍ය නම්, එය පටන් ගන්න ඕනේ ගමෙන්. එහෙම ඉල්ලුමක් සමාජය තුල නැහැ. මේ අවුරුදු 70ක පමණ ගමන පෙන්නුම් කරන්නේ එයයි. පහල සිට උඩට ජනතාව විසින් ප්‍රමෝට් කරන්නේ දුෂණයයි, මංකොල්ල කෑමයි.

මහතිර්ල, සුහර්තෝල ගෙන ගිය ගජ මිතුරු පාලන ක්‍රම වල අවසානය අපට රහසක් නොවේ. මොවුන් ඇති කරපු “සංවර්ධනයේ” ඵල වලින් ගොඩ එන්න ඒ සමාජ අද උත්සහ කරනවා.

ඔබ කියන කරුණ 100% ක් ඇත්ත. ඇත්ත සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට මුලින්ම විරුද්ධ වනු ඇත්තේ, එවැන්නකින් ප්‍රතිලාභ ලබන ජනතාවමයි. මෙවැනි යටිමඩි ගහන ආර්ථිකයක් ගෙනියන එකට මුළු සමාජයම (සුළු කොටසක් හැරුන කොට) සහයෝගය දක්වනවා. ඇත්ත ප්‍රතිසංස්කරණ ඇතිකරන්නට වෙහෙසෙන රජයක් ගෙදර යවනු ඇත්තේ ජනතාව විසින්මයි. මොකද එවැනි තීරණ මගින් එක වර ප්‍රතිලාභ නොපෙන්වන නිසා.

දැන් කස්ත්‍රෝ දෙබෑයන් ගේ රජය ලෙජිටිමේට් නම්, රාජපක්ෂ සොහොයුරන්ගේ සමාගම එයිට වඩා ලෙජිටිමේට්. මොකද මොවුන් සියලු දෙනාම ජනතා චන්දයෙන් පත්වුණ අය. ගෝඨාභය වුනත් චන්දෙ ඉල්ලුවොත් උඩින්ම දිනන බවට සැකයක් නැහැ.

සමාජයේ බහුතර කැමැත්තට එරෙහිව සුළු පිරිසක් වඩා යහපත් යයි කියන ඒකාධිපති පාලන ක්‍රම පිහිටුවීම ඔවුන්ම කියන කෞශල්‍යතන්ත්‍රවාදයට පටහැනියි. අයියා, මල්ලිට දෙන ක්‍රමයක් කොහොමද කෞශල්‍යතාන්ත්‍රි වන්නේ? එවැනි ක්‍රම මගින් කෙටිකාලීන සිහින සමාජ ගොඩ නං වන්න පුළුවන්.

එක තැනකදී ඒකාධිපතිවාදයට පක්ෂ වෙන අතරේ, තවත් තැනක චන්දයෙන් දිගින් දිගටම පත්වෙන පිරිසකගේ “ඒකාධිපති” වාදයක් ගැන කීමම, පරස්පරයි. මොවුන් ප්‍රතික්ෂේප කරන දේවවාදයම නේද මේ ස්ථාපිත කරන්න දඟලන්නේ? එනම්, සමාජයේ පිරිසක් “සාස්තෘ” වරුන් වශයෙන් පහල වී, අනෙක් පිරිසට මග පෙන්වනවා කියන එක. මග පෙන්වන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් බලයෙන් අනෙක් අය මත පැටවීම ඔවුන් කියන දෙයටම ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන්න පුළුවන් පහල සිට ඉහලට මිසක්, ඉහල සිට පහලට නොවේ. කිසිම සමාජයක එහෙම වෙලා නැහැ.

අනෙක තමා ලංකාවේ බොහෝ දෙනෙක් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය විසින් වැඩපිළිවෙල “ඇප්‍රිෂියෙට්” කරනවා කියල මට කියුවේ ලංකාවේ කෙනෙක්මයි. ඔව්, එය මාත් විශ්වාස කරනවා. හැබැයි මෙවැනි “සංවර්ධන වැඩ”*** යම් දිනෙක පුස්ස බින්දා වගේ වෙනවා. සමාජයේ ආයතන හා ක්‍රමවේදයන් (systems) ස්ථාපනය නොකර කරන සංවර්ධනයන්ට වෙන්නේ මොකද කියා, අවුරුදු 70 කට පසු අප සෝවියට් දේශයේදී දැක ගත්තා.

සමාජ සංස්ථා ගොඩ නැගීමකින් තොරව, කරන ඒකාධිපති සංවර්ධන, ක්ෂණික නූඩ්ල්ස් වගේ, පොඩි වෙලාවකට බඩ ගින්න නිවනවා. දීර්ඝ කාලීනව කිසිම සුගතියක් නැහැ.

මං පොඩි උදාහරණයක් කියන්නම්. දැන් කැන්බරා වල විතරක් නොවේ, ඕස්ට්‍රේලියාවේ ගම්-නගර වල හදල තියන උයන් වල, ජනතාවට ඇවිත් ඉඳගන්න බංකු විතරක් නොවේ, මේසත්, යමක් පුළුස්සා ගන්න උදුනුත් බොහෝ වෙලාවට සවි කර තියනවා. අපත් ගොඩක් වෙලාවට දරුවන් සමග මෙවැනි තැනකට ගිහින් නිදහස් එළිමහන් පරිසරයේ වරුවක් හමාරක් ගත කරලා, යමක් හදාගෙන කාල එන්න යනවා.

මේ එන බොහෝ මිනිසුන්, ගැහැණුන් හා දරුවන්, කාලා-බීල ඉවර වෙලා, තමන් ජනනය කරපු කසල තැන තැන දමා යන්නේ නැහැ (ටික දෙනෙක් එහෙම ඉන්නවා. අති මහත් බහුතරය නැහැ). කසල දැමීම සඳහා ප්‍රමාණවත් කසල බඳුන් විතරක් නොවේ, ඒ සඳහා ජනතාව හුරු වෙලත් ඉන්නවා. මෙය එක දවසකින් ගොඩ නගපු දෙයක් නොවේ.

හැබැයි විහාරමහාදේවි උද්‍යානය ගන්න. එදාට වඩා හරි ලස්සනයි, පිළිවෙලයි. මා කියෙව්වා බත් පැකට් එකක් ලෙහාගෙන කන්නවත් බැහැ කියල. අර මහත්තයාගේ අයියල බලාගෙන ඉන්නවා. ඇත්තනේ, අපේ අයියලා කොලේ ඔහේ විසි කරලා යනවා. මේ ලස්සන කොතරම් කලක් පවත්වාගෙන යන්න හැකිද?

මෙතන කරුණු කිහිපයක් තියනවා. එනම් මේ ලස්සන කිරිල්ල (කුරුල්ලාගේ ගෑනු සතා නොවේ) “ජනතාව” උදෙසා නොවේ. ඒකනේ බත් කන්න දෙන්නේ නැත්තේ. අනෙක ජනතාවගේ ආකල්ප වර්ධනයට ක්‍රමවේදයන් ස්ථාපනය නොකර (පුද්ගල බද්ධ නොවූ) කෙරෙන සංවර්ධනයක් තිරසාර නැහැ. බහුතර එකඟත්වයෙන් පොදු යහපත සඳහා ඇතිකර ගත්තු නීති, දීර්ග කාලයක් තිස්සේ ක්‍රියාත්මක වීම ආකල්ප වෙනස් වීමේ එක මාර්ගයක්. අනෙක ජනතාවගේ අධ්‍යාපන තත්වය.

නීති-රිති අවශ්‍ය වගේම, රටේ තියන නීතිය හැම විටදීම සියලුම දෙනාට එක හා සමානව ක්‍රියාත්මක වීම තුලින් තමා අර ජනතා සංවර්ධනය ඇති වන්නේ. බත්කාල කෙහෙල් කොලේ ළඟ තියන කසල බඳුනට දාල (අනෙක මේවත්, එනම් කුණු දාන්න තැන් තියෙන්නේ ඕනේ) ඉඳගෙන හිටපු තැනත් පිහදාල යන පිරිසක් බිහිකරගන්න පුළුවන් එවැනි දේ මගින් මිසක්, මැෂින් තුවක්කු අරන් ඉන්න සොල්දාදුවන් දාල නොවේ. නිතිය බැලූ බැල්මටම ක්‍රියාත්මක වන වගත් ජනතාවට තේරෙන්න ඕනේ. තෝරා ගත් පිරිස් විටින් විට කෙහෙල් පඳුරු බලන්න එක්ක යාම කියන්නේ හුරේ දාන්න පුළුවන් දෙයක් නොවේ.

ඒ වගේම ක්‍රිමිනල් නොවන සරල වරදවල් වෙනුවෙන්, දෙන දඬුවමද ජන ජීවිතය අවුල් කරන්නක් නොවිය යුතුයි. පාරේ වේගයෙන් වාහනයක් පැදෙව්වොත් එයට ගෙවන්න වන දඩයට, තමන්ගේ නිවස උකස් කරන්න වෙනවා නම්, එතනින් යහපත් සමාජයක් බිහි වන්නේ නැහැ. ඒ වගේම එම දඩය ගෙවීමේ ක්‍රමය නිසා තමන්ගේ එදිනෙදා ජිවන කටයුතු සියල්ල පසෙකට දමන්න සිදු වනවා නම්,එතනිනුත් යහපත් හෝ සංවර්ධිත සමාජයක් බිහි වන්නේ නැහැ.

මෙවැනි “ඒකාධිපති ක්‍රමයන්” හෝ එය ක්‍රියාත්මක කරන කෙනා යම්කිසි දිනෙක ගිලිහුන/විසිවුන විටෙක අර ලස්සන තව දුරටත් පවතින්නේ නැහැ. ලෝකයේ නොයෙක් රටවල මේවා අත්දැක තිබෙනවා. ඒ නිසා අර “ඇප්‍රිෂියෙට්” කරන පිරිසගේ සුබවාදී බලාපොරොත්තු ගැන මට නම් කනස්සල්ලක් පමණයි දැනෙන්නේ.

අර කාලයක් සහෝදර වරුන් ගමේ කසිප්පු කාරයන්, ස්ත්‍රී දුෂකයන් මරල, තාවකාලිකව ගොඩ නගපු “යහපත් සමාජයද” මෙවැන්නක්. ඔවුනගේ “විප්ලවය” සාර්ථක වුනා නම්, එහි දිග පිටපත අපට (ජීවත් වෙන්න වාසනාව ලැබෙන මාළු පැටවුන්ට) දැක බලා ගන්න තිබුනා. සාමාන්‍ය ජනතාව කියන පිරිස් මී හරක් වෙන්න පුළුවන්. අප සේරම මී හරක් තමා. හැබැයි, අපව සහභාගී කර නොගෙන කෙරෙන ක්ෂණික සංවර්ධන මල් වෙඩි වගේ.

කැන්බරා උද්‍යානයක පැවැත්ම අද ඕස්ට්‍රේලියාවේ “උද්‍යාන හා කෙලි සෙල්ලම්” අමාත්‍යංශයේ ලේකම් කවුද යන්න මත රඳා පවතින්නේ නැහැ. එවැනි සමාජයකට යන්න පුළුවන් කොහොමද? අර මනෝරාජික (එංගල්ස්ලාටත් පෙර සිටිය) සමාජවාදීන් වගේ අප එකිනෙකා යහපත් දිවියන් ගත කිරීමෙන් එවැනි සමාජයක් බිහි වේවිද?

කලින් සටහනක ප්‍රතිචාරයක්, ප්‍රතිචක්‍රීකරණය කරන ලදී!

*මෙය සටහනට එතරම් අදාළ නැති ටයිටලයක්!
**පසුගිය ඇමෙරිකානු ජනපති වරණයේදී චන්දය දුන්න මුළු පිරිස, චන්දය දෙන්න පුළුවන් වයසේ සිටින මුළු ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් 54% කි.
***යටිතල පහසුකම් දියුණු කිරීම්, වෙනත් ආදායම් අවස්ථා වැඩිකිරීම් වලට දායක නොවන විටෙක, ඒවා නඩත්තුව කළ හැකි එකම ක්‍රමය තවත් ණය ගැනීම පමණයි.

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “භෞමික අඛණ්ඩතාවයට අනතුරක් නොකර උණ්ඩුක පුච්ඡය ඉවත් කරන්නේ කෙසේද?*

  1. මේ ප්‍රාදේශීය සභා වලට තේරී පත්වන අය දිහා බලන්න. යහපාලනය ගැන අපේ ජනතාවගේ තියන කැපවීම එතනින් පෙනෙනවා.//

    මේක කියවන්න පටං ගත්ත හම මම හිතුවෙ මේක සීරියස් ජෝක් නෝට් එකක් කියලබැලින්නං අන්තම අන්තිම වෙන්න පට්ට සීරයස් වෙලා කොයිතරං සීරියස්ද කියනව නං අබ ඇටේක දෙයක් තේරුනේ නෑ…
    ඒකෙ පුදුම වෙන්න දෙයක් නෑ… මට දේශපාලනේ කේමත් තෙරෙන්නෙ නෑනෙ…
    ඇයි රයිගං අය්ය ඉද හිටල වත් රිලැක්ස් නෝට් එකක් දාන්නෙ නැත්තෙ මේ වගේ දේසපාලු සීරියස් ආතල් අපිට තේරෙන්නෑනෙව

    • මහේෂ් මල්ලි, මේ සටහනේ සීරියස් flaws තියනවා. මොකද පරණ ඔලුවකට අලුත් වලිගයක් හයි කළ නිසා. බලමු රාත්‍රියට එය හදන්න.
      කොහොමද මල්ලි කරන්නේ, මෙයත් අසන්නන්න්ගේ ඉල්ලීම් තමා!

  2. Pingback: භෞමික අඛණ්ඩතාවයට අනතුරක් නොකර උණ්ඩුක පුච්ඡය ඉවත් කරන්නේ කෙසේද?* | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. මේ අදහස් එක්ක 100% එකඟ වෙන්න සිද්දවෙන්නේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

    මට තියෙන අවුල, පීඩනය දැනෙන මිනිසුන් තමුන්ගේ තත්වය තේරුම් නොගැනීම වගේම වගකීමකින් තොරව ඊට ප්‍රතිචාර ඡන්දය වශයෙන් භාවිතා කිරිල්ලයි. යමක් කවුරුන් විසින් හෝ විත් ‘කර දී’ යනතුරු සිටින්නේ අපි රාවණා බලයේ අය හින්ද වෙන්නත් ඇති..

    රයිගම් – ඔබ මාව පොළඹවනවා මගේ දේශපාලන අදහස් ලියවන්න. නොලියා ඉන්නම තමයි තවත් උත්සාහය. ලියන්න වෙයි, මොකද මමත් මේ ක්‍රමයේ ඉන්න කෙනෙක් හින්ද යුතුකමක් හැටියට. බලමු

    • අප අතීතය විවේචනය කරන්න ඕනේ, අද කල යුත්තේ කුමක්ද කියා සිතන්න මිසක්, වෙන තලු මැරිල්ලකට නොවේ. මේවා යුතුකම් නොවේ. මා කරන්නේ ඒකීය පුද්ගලයන්ට වෙනත් ආකාරයකින් දකින හැටි පෙන්නීම විතරයි.

      අප එක පියවරක් ඉදිරියට තියල, පියවර දෙකක් පස්සට ගියහම ඉන්නේ කලින් හිටියටත් වඩා පියවරක් පිටි පස්සේ.

      ලෝකේ කොහේ හිටියත් අපට ඕනේ කරන ආකාරයේ පාලනයක් බිහිකර ගැනීමට, එක මිනිසෙකුට ඇති හැකියාව බින්දුවට සමානයි. නමුත් අපට ඕනේ ආකාරයට අහලින් යන දෙයකට අපට කැමැත්ත දෙන්න පුළුවන්.

      මට තේරෙන හැටියට නම්, ලඟදි තියන ඌවෙ පළාත් සභා වරණයෙන්, ජවිපෙ ජය ගන්න ඕනේ. ඇත්තටම අප “හරක්” නොවේ නම් ලැබෙන්න ඕනේ ප්‍රතිපලය එයයි. දැන් බලන්න වෙන දේ.

      ලෝකයේම මේ වගේ. ඊජිප්තු අයියලට දුන්න චන්දෙ දාන්න වසර 40 කට පසුව අවස්ථාවක්. ඔය කොලේ. දැන් බලන්න යුක්‍රේනයේ, රුසියාවේ වෙන දේවල්.

      සුද්දා, ජාතික චින්තන හබල් ගාමින් කැලේ හිටපු අපට, පාසල් පද්ධතියක්, අධිකරණයක් (නීති පද්ධතියක්), රාජ්‍ය සේවය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනාදී වශයෙන් හදල දීල ගිය සමාජ සංස්ථා ටිකට, අපේ අයියල 48 ටේ ඉඳන්ම කළේ මොකද? මේවා, ශක්තිමත් කිරිල්ල පැත්තක තියල, එකින් එක කඩා බිඳ දැම්මා. අන්තිමට රටේ අග විනිසුරු “රැයේ හමා ආ බොල් සුළඟකින්” පහවුණා.

      ඔන්න බලන්න සරත් සිල්වා කියන කතාව. එදා කැලේ වීසි කරපු සුනාමි නඩුව ගැන, පසු කාලේ මෙහෙම කියනවා. එතන බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබුනා තමයි. හැබැයි මං විසි කරපු නිසා තමයි, එතුමා ජනාධිපති වුණේ. මෙවන් වහන්සේලාගෙන් අපට තේරුම් ගන්න පුළුවන්, සුද්දන් වහන්සේලා හදල දුන්න දේවල් ඇත්තටම තාම අපට අවශ්‍ය දේවල් නොවේය කියන දෙය.

      පවුල් පිටින් රට කමින්ම, තවත් කන්න දෙන්න කියල ඉල්ලන කොට උඩ පැනගෙන ගිහිල්ල කතිරේ ගහන “ජාතික චින්තනය” තමයි අපගේ ඇත්තම චින්තනය.

  4. ම්ම්ම්….. පොඩ්ඩක් තව සැරයක් කියවල එන්නම්……. මචෝ…… බර වැඩි……ද මන්ද…..හෙක්…හෙක්….

    • ඇයි මචෝ අවුල්ද? ටයිටලේ නම් මන් දන්නා බර වචන දාල හැදුවේ!

  5. //භෞමික අඛණ්ඩතාවයට අනතුරක් නොකර උණ්ඩුක පුච්ඡය ඉවත් කරන්නේ කෙසේද?//
    බාරයක් වෙලා, බෝදි පූජාවක් තියල, සාස්තරයක් අහල, අන්ජනන් එලියක් යවල, පිරිත් කඹයක් බැඳල, යන්තරයක් එල්ලල……………….. මෙහෙ ඕන ප්‍රශ්නයකට දේශපාලකයෙක් පිහිට නැත්නම් ඕව තමයි.
    තව fool කියල proof එක ලැබෙන ක්‍රම තියනව. ඕනැද?
    //මෙය සටහනට එතරම් අදාළ නැති// කමෙන්ට් එකකි 😀

    • හෙක් හෙක් හේ! දැන් කොතනටද නාථ දෙවියන් පටලවන්නේ? 😀
      ඔබගේ කොමෙන්ටුවට අදාළ නොමැති උත්තරයකි!

      • සර්ව විදේශීය විරෝදී නාථ දෙවියන් අදාල, අදාල නොවන ඕනැ තැනක පටලවන්න පුලුවන් දේශහිතයිෂී හීන වලින්

  6. අපි මෙහේ ඉන්න දූෂීත නිළධාරියෙක් ගත්තොත් ඒ දූසිත නිළධාරියා මාසයක් තිස්සෙ කරන සියළු දූෂිත වැඩ හරහ ාගන්න සමස්ථ මාසික ආදායමම දියුනු රටක ඉන්න දූෂිත නැති ඒ මට්ටමේ සාමාන්‍ය නිළධාරියෙක් ලබාගන්නවා.
    මම ඒක කියන්න ලිපියක් ලිව්වා. http://ansathudinapotha.blogspot.com/2014/09/blog-post.html
    කොහොම වුනත් මට අවසානෙට කියන්න ඕනි වුනේ මෙහෙ දූෂිත නිළධාරින් සහ වැරදි විදියට සේවය කරලා මුදල් උපයන අය (චැනල් දොස්තර, ටියුෂන් හොරු,කොමිස් නිළධාරි) කියන්නෙ මුදල් උපයන පිරිසක් විතරයි. එයාලට ජීවිතයක් නැහැ. තිබුනත් සරල නැහැ. කොටින්ම ඒ අපේ රටේ ගන්න ආදායම වෘත්තිය මට්ටමේ ජීවිතවලට සමාන දියුනු රටක තිබෙන ජීවිතයක තිබෙන බොහෝ දේවල් ඔවුන්ට නැහැ. ඔවුන් අවසානයේ ඔවුන්ගේ දූෂිත බව නිසාම වලට වැටෙනවා.
    ගොඨා වැඩ ගැන කියනවා නම් ඒ හැම වැඩේම මට පේන්නෙ වෙන රටක ඔය මට්ටමේ නගරාධිපති නෙනෙක් විසින් කරන වැඩකටයුතු වගේ. කොළඹ නගරසභාව හරියට සුද්ද කරලා ආදායම් ගන්නවා නම් ඔ්‍ය වගේ ව්‍යාපෘති නගර සභාවෙන්ම කරන්න තරම් ලොකු මුදලක් නගර සභාවට එනවා. උද්‍යාන හදන ගෙවල් කඩන නගර අලංකරනය වෙනුවෙන් කැපවුන ආරක්ෂඛ ලේකම් වරයෙක්.. බැලූ බැල්මට මේකෙ මට විහිළුවක් වගේ. ඒත් ලංකාවෙ ගොඩක් අයට ඒක එහෙම නෙමෙයි. එයාල හිතන්නෙ මුඩුක්කුවක් අයින් කරන්නත් හමුදාව නැතුව බැහැ කියලා.

    • ඇත්ත, මේ නගරසභා හා මහා නගරසභා තියා පළාත්සභා වලින් ඉටු වන්නට අවශ්‍ය දේවල් කෙරෙනවද? එයට වැඩ පිළිවෙලක්, එනම් යහපාලනය ස්ථාපිත කරන්න අදාළ ක්‍රියාමාර්ග ගන්නේ නැතුව, කරන මේ නගර සැරසිලි, නිකම් වෙසක් සැරසිලි වගේ තමා. ඔය කට්ටිය යනවාත් එක්ක, ඔය සැරසිලිත් නැතුව යනවා.

      ලෝකයේ දියුණු රටක දශකයක් පමණ ගත කරපු කෙනෙක්, මේ වගේ හැසිරීම, කියන්නේ අර මා කලින් ලියපු අපේ Cultivated minds කියන එක සනාත කිරීමක්.

      මේ ලඟදි මා දැක්කා චන්ද්‍රිකා, අන් සාන් සුකී හමු වුණ චායාරුපයක් සමග, මේ ටයිටලය; ප්‍රජාතන්ත්‍රවාදයට කැපවුණ නායිකාවන් දෙදෙනෙක්. අම්මපා? චන්ද්‍රිකා-මංගල බාන 94 දී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කෙරුව නම්, අද ලංකාව වෙනස් රටක්. අපට එහෙම ජාතික නායකයන් ලැබුනේ නැහැ. දිගටම අපට ලැබුනේ හරක්. සුද්ද හදල දුන්න ටික, ටිකෙන් ටික මේකුන් කෑවා.

      අන් සාන් සුකීට වුණා වගේ, ජනතාව විසින් පත් කරපු රජයක් ලංකාවේ ගෙදර යවලා නැහැ හමුදාව විසින්. අපේ අයියල තමයි, රටකාපු පිරිස් වල ගෑනු, මිනිස්සු, අම්මල-තාත්තල-පුතාල-බාප්පල යලි යලිත් පත් කෙරුවේ, අදත් පත් කරන්නේ. මෙය අප කොතරම් කතා කෙරුවත්, කණගාටුවකට වගේ කඩන්න අමාරු මානසික තත්ත්වයක්.

      ඌවෙ වුණත්, අඩුම ගානේ ජනතාවගේ ප්‍රාදේශීය ප්‍රශ්න ගැන කතා කරන්නේ හෝ ජවිපෙ පමණයි. අනෙක් එවුන් උදලු තල බෙදමින්, කුලල් කා ගනිමින් බේබිලා සමග තේ බොනවා. චන්දෙට කලින් තමන්ගේ ප්‍රශ්න කතා කරන්නේවත්, නැති පිරිසක් කිසිදා ඒ ප්‍රශ්න විසඳාවිද?

      උතුරු මැද 40,000 ක් වකුගඩු රෝගයෙන් පිඩා විඳිනවා කියනවා. ඒවා කතා කරපු අයට චන්දෙ ලැබුනද? නැහැ. උදලු තලයක්, අරක්කු කාලක්, වතුර බෝතලයක්. ඔන්න ඕවා වලින් වැඩේ ශේප්. ඇත්තටම මා මෙහෙම ලියන්න කැමති නැහැ. නියම හරක්.

  7. Germanyeth,ewage then apawithra karana aya innawa balapuwama penwa ewa karana bohomayak Api wage wideshikayo,wishesayen Asiyawe saha Arabi ratawala udawiya.

    ජර්මනියේත් ඒ වගේ තැන් අපවිත්‍ර කරන අය ඉන්නවා. බලපුවහම පේනවා ඒවා කරණ බොහොමයක්, අපි වගේ විදේශිකයෝ, විශේෂයෙන් ආසියාවේ සහ අරාබි රටවල උදවිය. (http://www.google.com/inputtools/try/)

    • Very true Ranjan!
      මා ඔබේ කොමෙන්ටුවට පොඩි එඩිටින් පාරක් දැම්මා. හැබැයි ඔබට කැමති භාෂාවකින් මෙහි ලියන්න පුළුවන්, එනම් ඉංගිරිසි, සිංගිරිසි හෝ සිංහල වලින්. එහි ගැටලුවක් නැහැ.
      ඔය කතාව මේ කොයි රටවල් වලටත් අදාලයි. අපේ අයියල තමයි, මෙහි ස්ථාපිත හොඳ ක්‍රමවේදයන් කන්නේ. ඇත්තටම මේ සතියේ මට මුහුණ දෙන්නට වුන දෙයක්, අර මහේෂ් කියන්න වගේ සරල කතාවක් ලෙස ලියන්න උත්සහ ගන්නම්.

  8. Anonymous

    Please dont relegate things life is not that simple

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s