සංකීර්ණ ජිවිතයේ සරල කතා නැවතත්!


එක්දහස් නවසිය හතලිස් හතරේ නොවැම්බර මස දී, ඇමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට්, ඇමෙරිකානු විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (the US Office of Scientific Research & Development) අධ්‍යක්ෂක ගෙන් ඉල්ලීමක් කෙරුවා, පස්චාත්-යුධ ඇමෙරිකානු විද්‍යා ප්‍රතිපත්ති කුමක් විය යුතුදැයි කියා නිර්දේශ ඇතුලත් ඉදිරිපත් වාර්තාවක් ඉදිරිපත් කරන්න.

පශ්චාත්-යුද ඇමෙරිකානු විද්‍යා දියුණුව අප දැන් දන්නවනේ. ඔය අපේ අයියලා අද ඒකීය පුද්ගල යාන් හෑල්ලක් කියුවට, ඔවුන් දැන් ගිහින් ජිවත් වෙන ඇමෙරිකාව නැගී ආවේත් එවැනි විද්‍යාත්මක පර්යේෂණ තුලින්. මෙහි යටින් තිබෙන සංඛ්‍යා ලේඛන සහිත මගේ සටහන් මාලාවේ (Caged Minds) අවසාන සටහන ලියන්නට මට තවම වෙලාවක් නැතුව ගියා.

සරසවියේ අපේ ඉතිහාසය උගැන්වූ ගුරුතුමා මෙහෙම කතාවක් කියුවා. එනම්, යූරි ගගාරින් අභ්‍යවකාශයට ගියහම ඇමෙරිකාව කරපු දෙයක්. එනම් සෝවියට් අධ්‍යාපන ක්‍රමය ගැන ඉගෙන ගන්න කණ්ඩායමක් එහෙට ආව කියල. අද පවා ඇමෙරිකාව කියුබාව එක්ක, පර්යේෂණ සහයෝගිතා කණ්ඩායම් හුවමාරු කර ගන්නවා. ඉතින් මා අර කතාවත් බොරුවක් යයි හිතන්නේ නැහැ. කොහොමත්, අපේ ගුරුවරයා ඒ කතාව කියුවේ සෝවියට් ක්‍රමය උත්කර්ෂයට නංවන්න නොවේ.

සෝවියට් අධ්‍යාපනඥයෙක් වන විගොස්කිගේ ඉගැන්වීම් හා ඔහු ඉදිරිපත් කරපු මුලධර්ම අද බටහිර අධ්‍යාපනයේ බහුලව භාවිතා වනවා. විගොව්ස්කි කියන්නේ එක අයෙකු පමණයි. අපේ ඉතිහාස ගුරුවරයා කීවෙත්, ඔවුනට හැදෙන්න නම් සියලු දේ තිබුණා. නමුත් ඒ බොහෝ දේවල් වලින් අන්තිමට ඔවුනට වඩා, පිට හිටපු කට්ටිය ප්‍රයෝජන ගත්තා කියල.

මගේ මේ සටහන ඒවා මොනවත් ගැන නම් නොවේ. මේ සංකීර්ණ ජිවිතයේ සරල දේවල් මා ලියන්න කැමතියි. ඉස්සර මා හිතා හිටියේ ඔය ලියන්න, කියන්න, කතා කරන්න තියන නිදහස කන්නද, එයිට වඩා දේවල් තියනවනේ කියල. නිදහස කියන දෙයත් අනෙක් සේරම දේවල් වගේම සාපෙක්ෂයිනේ. හැබැයි, කෙනෙකුගේ නම පවා කියන්න, ලියන්න අනෙක් පිරිස භයයි කියන එක මහා භයානක දෙයක්. අර කවුද කියන්න වගේ, එයටත් රටේ ජනතාව කැමති නම්, මේ අහක ඉන්න අයියල හොට දාන්නේ මොකටද?

අද ලෝකයේ රටකින් මධ්‍යම පාන්තිකයන් වැඩියම ඉවත් වන සමාජය තියෙන්නේ කොහෙද කියා ඔබ දන්නවද? ඒ චීනයේ. හොඳට මුදල් තියන සමාජයේ යමක් කර ගන්න පුළුවන් අය, එම මුදල් සමග රටින් ඉවත් වෙමින් ඉන්නවා. චීනය විශාල ජනගහනයක් සහිත රටක් නිසා ඔය ටික දෙනෙක් ගියාට කමක් නැහෙනේ කියා අපට සිතෙනවා. එය එයිට වඩා සංකීර්ණයි.

අර තියාන්මන් චතුරශ්‍රයේ සිදුවුණ ශිෂ්‍ය නැගිටීම මර්ධනය කළ පසුව, ඇමෙරිකාව මෙහෙම දෙයක් කළා. එනම්, ඒ වන විට ඇමෙරිකාවේ ඉගෙන ගන්න හා වැඩිදුර අත්දැකීම් ගන්න ඇවිත් හිටපු සියලු චීන ජාතිකයන්ට ග්‍රීන් කාඩ් වලට ඉල්ලුම් කරන්න අවස්ථාව දුන්නා. පනස් හතර දාහක් දෙනා ඒ නිසා ඇමෙරිකාවේ ස්ථිරව පදිංචි වුණා. කැනඩාව හා ඕස්ට්‍රේලියාවත් මේ හා සමාන ක්‍රියා මාර්ග ගත්තා. මෙසේ නැවතුණේ, නැවත චීනයට යන්නට සිටි සමහර ක්ෂේත්‍ර වල හොඳම ශිල්පින් හා විද්‍යාඥයන්.

මේ වැඩේ නිසා චීනයේ විද්‍යා දියුණුව අවුරුදු 5-10 ත් අතර ගානකින් ආපස්සට ගියා යයි කියවෙනවා. පසු කාලෙක ඩෙන් ශියාඕ පින්ග්, මේ පිරිසට නැවත රටට එන්න ආරාධනා කළා. ඔවුනගේ දේශපාලන මතාන්තර නොසලකන බවටත්, රටේ ඉහලම පර්යේෂණ ආයතන වල තනතුරු ඔවුන් සඳහා විවුර්ත වගත් ඔවුනට දැන්වුවත් යලි ගෙන්වා ගැනීම එතරම් සාර්ථක වුනේ නැතිය කියනවා.

එක හේතුවක් තමා, ඒ වන විට චීනයේ පර්යේෂණ සඳහා වෙන් කෙරුණ මුදල් ප්‍රමාණය ඉහල ගිහින් තිබුනත්, එම පර්යේෂණ ආයතන දරුණු ලෙස වියුහගත කර තිබීම. එනම්, පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ මොනවාද යන්න තීරණය කරන්නට නොහැකි වීම.

(දීර්ග සටහන් කියවන්නට අමාරු නිසා, මට කියන්න අවශ්‍ය කතාව ටිකින් ටික ලියන්නම්).

Advertisements

7 Comments

Filed under Agriculture, Research & Development

7 responses to “සංකීර්ණ ජිවිතයේ සරල කතා නැවතත්!

  1. Pingback: සංකීර්ණ ජිවිතයේ සරල කතා නැවතත්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. පොඩ්ඩක් ඉන්න රයිගම…..ඇමරිකාවෙ සිටිසන් අයියල දෙන්නෙක් ලංකාවට ඇවිල්ල කරන කතා කියන/කියපු ඒව හොයන ගමන්……… එන්නම්…….

    • පට් පට් කියල දාන්න කලින් කියවනවා වගෙයි. එහෙම සමහර සිටිසන් අයියලාගේ නම් පවා කියන්න බොහෝ අය භය නිසා මාත් අයින් වෙන්න හිතුවා. ….යන්නම් …..

  3. Dilan

    පොදුවේ ගත්තම විදේශිකයින්ගෙන් අපෙත් බහුතරය අපිරිසිදුයි තමා,,මේ දවස් වල සමර් නෙ,,ඉතාලියෙ මා සිටිනා පලාත මූද අසබඩ,,අපේ අයත් නාන්න යනවා නේ,,ගොඩක් යන්නෙ පාලු මූදු තීර වලට,,මොකද 35,38 රස්නෙ විස්කි බෝතලෙත් කඩා ගන්න,,,පහු ගිය දවසක මමත් ගියා,මූදට බැහැගෙන අපෙ සෙට් එකක් බියර් බොනවා,මුන් බීපු ටින් සේරම තලලා මූදටම විසි කලා,අන්තිමට මමයි යාලුවෙකුයි අරවා ආ කරපු එක කල්ව නාන ගමන්.

    • ඇත්ත ඩිලන්, මෙයට හේතුව කුමක්ද? කැලෑ වකට ගියොත් බොරුවට හෝ ගස් ගල් ටිකක් උස්සගෙන එනවා. හැබැයි කොහේ තියන්නද, සිටවන්නද දන්නේ නැහැ. මිදුලවල් කොහොමත් කැලේ.
      මාත් ඩිලන් අද පවා පරිසරයෙන් ඉගෙන ගන්නවා. අපට ආවේනික ත්රුම් ගන්න බැරි සමහර දුර්වලතා තියනවා. ඒවා කතා කරන්නේ, කිසිවෙකු පාච්චල් කරන්න නොවේ. අප හැමටම සිතන්න.
      ඔය බෝතල්, ටින් විසි කරලා එන එක විශාල ලෙස කරන්නේ අපේ අය තමා. 😦

  4. එතකොට රයිගම අය්ය කියල තියෙ විදියට චීනය එයාලගෙ පර්යේෂන වලට ප්‍රතිපාදන වෙන් කරනව වුණාට ඒ ඔක්කම ඉහලින් එන ඕඩර්ස් වලට වෙන්න ඕන කියන එක… ඒ කියන්නෙ පෙජාතංත වාදී චීනෙ එහෙම සෙද්දක් අත්තටම නැ කියනෙක… අර රුසියන් විප්ලවෙන් පස්සෙ රුසියාව වගේ එහෙමනෙ…

    රයිගං අය්යට මතකද දන්නෑ මේ ළගදි මරණ දණ්ඩනයට ලක්වුණ චීන ජාතික ව්‍යෘපාරිකය…
    චීනෙ රාජ්‍ය බැංකු වලට පිටිං තැන්පතු අනං මනං මූල්‍ය සංසිද්ධි නොවෙන බව දන්නවනෙ ම් ව්‍යාපාරිකය(නම මතක නෑ මතක කෙනෙක් කියත්වා) තමන් ළග වැඩි පොළියට සල්ලි තැන්පත් කරගෙන ඒවගේම නිසි පිළිවෙලට ගණුදෙනු කරල තියෙනව..ඒ කියන්නෙ වංචාවලින් තොරව…
    මිනිස්සුත් මෙතන මුදල් තැනපත් කලා විස්වාසය හන්ද..
    චීන ආණ්ඩුවෙ යම්කිසි නිළධාරියෙක් ගෙ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කලාට මේ ව්‍යාපාරිකය ගැන රජයට පැමිණිළි කරල..
    චීන ආණ්ඩුවට අනුව මේ වගේ මූල්‍ය ආයතන පවත්වාගෙන යාම වරදක්…
    හොදම දේ ආණ්ඩුවෙ ඉහළ නිළධාරිනුත් මේකෙ මුදල් ආයෝජනය කරල තියේ…
    ඒත්
    අර නිළදාරියගෙ ඉල්ලිමට පයහපත් ප්‍රතිචාරයක් නොදක්වපු හන්ද ඒ ගැන පැමිණිළි කරා…අන්තිමට චීන ආණ්ඩුව මූලෘ වංචා යටතේ නඩු දාල හොද මොළ කාරයෙක් මරල දැම්ම…

    ඒකාධිපතිත්වයට වඩා එතන දෙයක් තියේ කියලයි මට හිතෙන්නෙ
    (කතාව සත්‍ය වනඅතර මේ සිද්දිය සිදුවූ කාලය හෝ නම් හෝ මතක නැති කම දුර්වලතාවයකි. ඒට උරණනොවන්න)

    • මා ඉහත කියුවේ දැනට දශක කිහිපයකට පෙර තත්ත්වය. පසුගිය දශක දෙකක වගේ කාලය තුල චීනය වෙනස් වුණා. තවත් වෙනස් වෙමින් යනවා. විශේෂයෙන් සෝවියට් දේශයේ කඩා වැටීම ඔවුනට පුර්වාදර්ශයක් වුණා.

      මෙය දේශපාලන කතාවක් කර ගන්න මා බලාපොරොත්තු වෙන්නේ නැහැ මල්ලි.
      චීනයට ආවේණික ප්‍රජාතන්ත්‍රවාදයක් කොමියුනිස්ට් පාක්ෂයේ තියනවා. කිම් ඉල් ජොං වගේ පැරෂුට් වලට ජනාධිපති වෙන්නට නොහැකියි. ඒ වගේම ජනාධිපති පදවිය අවුරුදු දහයකට සීමා කර තිබෙනවා. පාටියේ ඉහල නගින්න පුළුවන් සෙමින්. මේ ගැන ටිකක් ලියන්න මට පුළුවන්. අද නම් බැහැ.

      අර රටින් පනින මධ්‍යම පන්තිකයන් යන එක හේතුවක් තමා පසුගිය කාලය තුල සිදුවුන, තාමත් සිදුවන පරිසර දූෂණය. එතනත් පොලිටිකල් කරුණක් තියනවා. ඇත්තම දේශපාලන නිදහස නැති වීමත් එක කරුණක්.

      පර්යේෂණ ගත්තොත් මල්ලි, (මා බොරුවට මල්ලි දාන්නේ, ඔබට පුළුවන් මහේෂ් මට නිකම් ඔය දාල තියන ව්‍යාජ නමෙන් අමතන්න), 2023 වර්ෂය වෙන විට චීන රජය පර්යේෂණ වලට යොදන මුළු මුදල, ඇමෙරිකා එක්සත් ජනපදය ඒ වන විට යොදන මුදලට (දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන්) වඩා වැඩි වේවි යයි ගණන් බලා තියනවා. ඒ වගේම අද වන විට බටහිර රටවල් සමග වඩාත් සහයෝගිතා පර්යේෂණ කරන්නේ චීනයයි. චීන රජය මුදල් යොදවල විශාල පශ්චාත් උපාධි ශිෂ්‍ය සංඛ්‍යාවක් බටහිරට ඉගෙන ගන්න එවනවා. ඒ වගේම චීන පර්යේෂකයන් විශාල පිරිසක් වැඩිදුර පුහුණුවට බටහිරට එනවා. වෙන වෙලාවක ලියන්නම් ඔබ‍ට අවශ්‍ය නම් මගෙත් අදහස් .

      මරණිය දණ්ඩනය ගත්තොත් මහේෂ්, එක අයෙක් නොවේ කතන්දර ගොඩක් තියනවා. චීනයේ දූෂණය වැහි වැහැලා කියල අපත් එක්ක කතා කරන චීනුන් කියනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s