මහේෂ් මල්ලිට ලියුමක්!


මගේ පාඨකයෙක් වන මහේෂ් (මල්ලි) ඉල්ලලා තිබුණා අනේ අයියේ, ඔයා තේරෙන්නේ නැති දේශපාලන කතා විතරක් නැතුව, පොඩි සරල දේවල් ගැනත් ලියන්නකෝ කියල. මාත් කැමති අන්න ඒ වගේ කතා වලට.

මා ලඟදි පුස්තකාලයෙන්, ඕස්ට්‍රේලියානු පත්‍ර කලාවේදියෙක්, පත්තරේට ලියුව කොලම් ඇසුරින් පළ කරපු පොතක් ගෙනාව. එය නම්, My life as a father by Ross Campbell. රොස් මට මතක හැටියට කේම්බ්‍රිජ් එකේ ඉංගිරිසි හා සාහිත්‍යය කරපු ස්කොලර් කෙනෙක්. නමුත් ඔහුට මොනයම් හේතුවක් නිසා හෝ ඇකඩමික් ලෝකයේ රැකියාවක් හම්බ වෙලා නැහැ.

ඒ කතා එතරම් වැඩක් නැහැ. මේ පොතේ තියන කුඩා කතාන්තර ඔහු හා ඔහුගේ පවුලේ එනම් බිරිඳ හා දරුවන් සමග එදිනෙදා ජිවිතයේ වුණ කුඩා සිද්දි ඇසුරින් ලියවුණ විනෝදාත්මක පොඩි කතා. මාත් ඔය සමහර වෙලාවට ලියන්නේ. අන්න ඒ වගේ. මා වගේ නීරස නොවේ, ඔහු ඉතා කුඩා සිද්දි වලින් රස කතා ලියල තිබුණා.

ඔහුගේ එක මාතෘකාවක් තමා, අපේ නිවාස වල කුණු බඳුන අර සතියේ එක දිනයක පාර අද්දරින් තියන එක. එය නම් ඔහු කියන්නේ, ඔහුටම වෙන් වෙලා තිබුණා කියල. ඒ කියන්නේ, මලාට වත්, දරුවන් හෝ බිරිඳ ඒ කටයුත්ත කරලා නැහැ.

ඔය පොලිටික්ස් කතා මා ලියුවට ඒවා වැඩක් නැති වග දන්නවා. නිකම් ලියන්නේ. මහේෂ්ලා මේවා පිළිකුල් කරන එක මටත් තේරුම් ගන්න පුළුවන්. ගණන් ගන්න එපා මහේෂ්.

දැන් යමු පොඩි කතාවකට. අර ජර්මනියේ රංජන් අපූරු අදහසක් ලියා තිබුණා. එය නම් “ජර්මනියේත් ඒ වගේ තැන් අපවිත්‍ර කරන අය ඉන්නවා. බලපුවහම පේනවා ඒවා කරණ බොහොමයක්, අපි වගේ විදේශිකයෝ, විශේෂයෙන් ආසියාවේ සහ අරාබි රටවල උදවිය”. අවසාන සටහනේ ඉතාලියේ ඩිලන් ද මෙයට සමාන අදහසක් ලියා තිබුණා.

මෙය ඇත්ත කතාවක්. අපේ අය තමා ගොඩක් වෙලාවට මේ වගේ පොදු තැන් විනාශ කරලා යන්නේ.

අපේ වැඩ කරන තැන විවේක/කෑම කාමරයේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අපේ පවිත්‍රතා කරන්න බාහිර සමාගමක් මගින්. හැබැයි ඒ දෙයට ඔය පිඟන් හේදීම, සින්ක් එක හේදීම වගේ දේවල් අයත් වෙන්නේ නැහැ. එයාල හවසට එනවා. කුණු බඳුන් අස් කරලා, බිම අතුගාල වැකියුම් කරලා යනවා.

අර අපේ කෑම මේස ටිකක් පිහදා ගන්න, සින්ක් එක පවිත්‍රව තබා ගන්න, පිඟන් ටික නැවත රාක්ක වලට දමන්න වගේ දේවල් අපම කර ගන්න ඕනේ. ගොඩක් දෙනා මේවා කරනවා. නමුත් මේ වැඩ ටික සතියක් බලා ගන්න, අපට ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. එයට හයිරාකි එකක් නැහැ. කැමති අය හැමෝම ඉදිරිපත් වෙනවා.

අවුරුද්ද මුලදී අප නම දුන්නහම, කෙනෙක් රෝස්ටර් එක හදනවා. අපේ ඉන්න පිරිස හැටියට සියලු දෙනා ඉදිරිපත් නොවුනත්, අවුරුද්දටම එක් අයෙකුට ලැබෙන්න සතියක් පමණයි. ඒ තරම් පිරිසක් අපේ ගොඩනැගිල්ලේ ඉන්නවා.

කොහොම හරි මේ රෝස්ටර් එකේ අහඹු ලෙස යෙදෙන නම් වලදී, පසුගිය මාසයේ පමණ සිටියේ අපේ තැන ඉන්න ඉන්දියන් පිරිමින් හා කාන්තාවන්. මේ සතිය මගේ සතිය. සඳුදා කෑම කන වෙලාවේ, කට්ටිය මාව බදා නොගත්තා විතරයි. විශේෂයෙන් සුදු කාන්තාවන්.

මොකද දන්නවද වුණේ? ඉන්දියන් එවුන්ගේ පවිත්‍රතා සංකල්ප පොදුවේ ගොඩක් වෙනස්. ඔවුන්ට ගොඩක් “පිරිසිදු” තැනක් කියන්නේ සමහර විට කසල ගොඩක්. අපේ සින්ක් එක කළු ගැහිලා තිබුනේ. මේස වල කහට පැල්ලම් හා වෙනත් කුණු ජරාව එකතු වෙලා. කරුමේ කියන්නේ, අහඹු ලෙස අරුන් මාසයක් පමණ එක දිගට “පවිත්‍රතා ලේඛනයේ” සිටියා.

පිරිසිදු කම කියන දේ අපේ සංස්කෘතිය සමග බැඳී තියෙන්නක්. දැන් අප කියනවනේ සුද්දන් නම් පස්ස හෝදන්නේ වත් නැති පිරිසක් කියල. ඉස්සර මාත් මෙහෙම හිතුවා. ඇත්තටම පස්ස පිහදා ගැනීම, හේදීමට වඩා සනීපාරක්ෂක ක්‍රියාවක්. මොකද කියනවා නම්, ඔය ලස්සන හෙදිමේදී සිදුවන සමස්ථ ක්‍රියාවලිය සනීපාරක්ෂක නැහැ. අපේ කීයෙන් කී දෙනෙක් වැසිකිලි හා කැසිකිලි කාර්යයන්ගෙන් පසු සබන් දා අත හෝදනවද? අඩුම ගානේ, නිකම්ම හෝ අත හෝද ගන්න හෝ පහසුකම් තියෙන්නේ කොතැනද?

දැන් යමු අර රංජන් හා ඩිලන් ගේ කතාවට. මෙන්න මගේ කලින් සටහනකට මගේ පාඨකයෙක් දමපු ප්‍රතිචාරයක්; “What you are saying is the bitter truth. Let me add some other interesting example to your list. While keeping own home and garden clear and extremely hygienic, you throw your garbage bag out of the walls or throw to the side drains of the street while driving”.

අප ඕස්ට්‍රේලියාවට ඇවිත් මුලින්ම කුලියට හිටපු කුඩා නිවාසය (unit) තිබුණේ, මෙහෙ හැම ප්‍රදේශයකටම පාහේ වෙන් කරලා තියන පිට්ටනියක් අසල. මා සෙනසුරාදට ඔය පිට්ටනියේ දුවන්න යනවා. එක තැනක, පිට්ටනියේ කොනක මහා කුණු ගොඩක්. පසුව, මා දැන ගත්තා එම කුණු ගොඩ සමග තියන වැට ගාව ඉන්නේ, මැද පෙරදිග රටකින් සංක්‍රමණය වුන පවුලක් කියා.

අප ඒ ප්‍රදේශයෙන් අන්තිමට එන කොට ගොඩක් වෙලාවට මහ පාර දෙපස කුණු පුරවපු කළු පොලිතින් මලු දැකීම සුපුරුදු වුණා. එවැනි ප්‍රදේශයකින් ඉවත් වුන එක ගැන අප සතුටු වෙනවා.

අප නගර සභාවට රේට්ස් කියා දෙයක් ගෙවනවා. එයට ලැබෙන එක සේවාවක් තමා, අපේ නිවෙස් වල එකතු වන අප ද්‍රව්‍ය බැහැර කරනට උදවු දීම. එනම්, අපට දීලා තියනවා කුණු බඳුන් දෙකක්. එකක් කුණු ජරාව වෙනුවෙන්. ඔය කාබනික හා අනෙක් අප ද්‍රව්‍ය වෙනුවෙන්. මෙය සෑම සතියකම වෙන් කරපු දිනයක එකතු කරනවා. අනෙක ප්ලාස්ටික්, විදුරු හා කඩදාසි වැනි ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුලුවන් අපද්‍රව්‍ය වෙනුවෙන්. මේක එකතු කරන්නේ සති දෙකකට වරක්. ඕනේ නම් වැඩිපුර මුදල් ගෙවල, කාබනික අපද්‍රව්‍ය වෙනුවෙන් වෙනම කුණු බඳුනක් ගන්න පුළුවන්. එයත් සති දෙකකට සැරයක් එකතු කරනවා.

දැන් ඕනෙම ගෙදරක එකතු වන කුණු අර එක බඳුනකට දාල, අදාල දිනයේ පාර අද්දර තියන එක විතරයි අප කරන්න අවශ්‍ය. අර පිට්ටනිය අද්දර පවුල එයටත් කම්මැලියි. ඔවුන් කරන්නේ දින පතා කුණු ටික තාප්පයෙන් එහාට, එනම් පිට්ටනියට විසි කිරීමයි.

මෙන්න අර විහාරමහාදේවි උද්‍යානය සමග මගේ “සංකීර්ණ” කතාවේ සරල සම්බන්ධය. මෙහිත් ඉතිරි කොටස අනාගතයේ ලියන්නම්.

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “මහේෂ් මල්ලිට ලියුමක්!

  1. මම තරමක් පිරිසිදු කම තකන්නෙ නැති කෙනෙක්. සතියක් කාමරය අතුගාන්න නැතුව වුනත් මට අවුලක් නැතුව වසත හැකි. නමුත් මගේ මිතුරාට එසේ නැහැ. ඔහු ඉන්න දවසට හොදට අස් පරස් කරනවා. මම කරන්නෙ ඔහු අස් කලාම කුනු බාල්දිය අරං ගිහින් විසි කරන එක විතරයි. කන්තෝරුවෙ වුනත් ඔය සිද්දිය ඒ විදියමයි. පිරිසිදු කරන යුවතිය ඇවිත් මේසෙ පිහිදාල මගේ බඩු පිලිවෙලට තියලා යනවා.
    ඔය මේසෙ ඒ පිරිසිදු කරන යුවතිය නැත්නම් මම පිහිදාන්නෙ අවුරුද්දටම එක දවසයි ඒ අපේ කන්තෝරු අස්පරස් කරන වාර්ශික දිනය.
    හැබැයි අපි හුරුවෙන්න අවශ්‍ය දේවල් කිහිපයක් නම් ඉතිං තියනවා. අපේ කන්තෝරුවෙ තේ වතුර හදාගෙන බොන්නෙ. අපි අපේ කෝප්ප ටිකමැදගෙන හෝදගෙන එකිනෙකා මාරුවෙන් මාරුවට වගේ සුලු කෑම ගෙනැවිත් කන්තෝරුවෙම තේ හදාගෙන බොනවා. එතනදි තේ දාන එක..වතුර කේතලේ ගහන එක. කෝප්ප හෝදන එකට කස්ටිය පත් කරල නැහැ. අපි අපිම වැඩේ ගානට බෙදාගෙන කරගන්නවා.

    • පිරිසිදු කම කියන සංකල්පය සාපේක්ෂ එකක් අමිල (ඇත්තටම මේ අමිලයි, ඉන්දිකයි අතර තියන සම්බන්ධය මොකක්ද? 😀 )
      මට නම් ගෙදර තුලත් මිදුලත් රීසනබලි පිරිසිදුව තියෙන්න ඕනේ.

      ලංකාවේ ලක්ෂරි දිවියනේ, අර කිරි-කිරි කාර වගේ තමා. අපේ ඔය මේස පිහදා ගන්න සුන්දර යුවතියන් එන්නේ නැහැ. අපම තමා පිහදා ගන්නවා නම් පිහදා ගන්න ඕනේ. 🙂

  2. කැමතියි…..අපිට ඒ සුවද වගෙ රස ට කන්න ඕනී කියල…..”
    “සිම්පල් දුව….. මම කියන විදියට හදන්න…. කියල දෙන්නම්.

  3. //සඳුදා කෑම කන වෙලාවේ, කට්ටිය මාව බදා නොගත්තා විතරයි. විශේෂයෙන් සුදු කාන්තාවන්.// 😀 😀

    මටත් අපිරිසිදුකම , අපිළිවෙල අල්ලන්නේ නෑ. සිංහල මිනිස්සු ගොඩක් පිරිසිදුකම අගය කරන කොටසක් බව තමයි මාත් හිතාගෙන ඉන්නේ. ඉන්දියානුවන්ගේ ලොකු ගෙවල් ලස්සණට තියෙනවා ඇතුලේ වැසිකිළිවලට ගිහින් බලන කල්. මෙහෙම ලියන්ට හොඳද දන්නේ නෑ. ඒත් එයාලා එහෙමයි.

    • අමිලට කියුවා වගේ ප්‍රවීනා, මට බතුයි සම්බෝලයි (කරවලයි) කාල, පැදුරේ නිදා ගන්න පුළුවන්. හැබැයි උයන කුස්සිය, උයන මිනිහා, වලං – පිඟන් විතරක් නොවේ, වටාපිටාවත් සෑහෙන්න පිරිසිදුව තියෙන්න අවශ්‍යයි.

      අර ඔබ ඉන්දියානුවන් ගැන කියන කතාව අපේ සිංහල පිරිසේ බොහෝ දෙනෙකුටත් අදාලයි. ඔය හුචක්කු මහාචර්යලා මහා කට පත්ත ඇද්දට එයාලගේ ගෙවල් වලද තත්වය අප දන්නේ නැහැ.

      මෙගේ මීළඟ සටහන අදාල මේ කතා වත් ලියන්නම්. අපගේ දිවිය හරි මොඩස්ට්. අප අනුන් කරනවට කිසි දෙයක් හඹා යන්නේ නැහැ. යන්නත් බැහැ. ඕනේ කමකුත් නැහැ. අපේ කුඩා නිවාස වල අපට අවශ්‍ය මුලික දේවල් ටික විතරක් තියන ඒවා. ඒ වගේම අපගේ “කාබන් පා සටහන” අඩු කර ගැනීමටත් පියවර අරන් තියනවා. ඔය සරල දිවියට යමුයි කියන ලක්ෂරි ජිවිත ගත කරන අයට අප ජිවත් වෙන හැටි ආදර්ශයට ගන්න පුළුවන් 😀 .

  4. ඉන්දියන් අය ගැන විතරක් නෙවී අරාබි අය ගැන විතරක් නෙවී අපේ රට ඇතුලෙ වාසය කරන සමහරුන් පවා පිරිසිදුතාවයට දක්වන්නෙ වැඩි අකමැත්තක්… අනේ මංද ඇයි කියල… සමහර ගෙවල් වලට ඩෙංගු චෙකර් ල ආවහම ගහල පන්නනගන්නව හේතුව තමා අර චෙකර්ල එයාලට දඩ ගැහැව්වොත් ගෙවල් පවා උගස් තියලයි දඩ ගෙවන්න වෙන්නෙ…
    අනික් අය තමා මුස්ලිම් අය ගේ ඉස්සරහ විතරයි හොද එතනිං එහා ගන්න දෙයක් නැ…
    ඒත් සමස්තයක් විදියට බොහෝ ද්‍රවිඩ ජාතිකයන් පිරිසිදුවට ඉන්න කැමතී… විශේෂයෙන්ම යාපනයේ වෙසෙන්නන් සහ ඉන් සංක්‍රමණය වූවන්… මං ඒක බොහෝ විට අත්දැකල තියෙනදෙයක්…

    අර අරාබි කාරයන්ටදඩ ගහන්න වගේදෙයක් වුන් නැද්ද… අර විදියට කුණු දැම්මට.. එයාල සාමාන්‍යයෙන් අනික් අය ගැන හිතන අය කොට්ටාසයක් නෙවී නෙ නේද… ඒත් ඕට්ටේලියාවෙ හිටිය කියල අරාබි ඉට්ටැයිල් එකට ඉන්න බැ කියලතේරුං කරන්න කෙනෙක් හොයාගන්න නං වෙයි

    පරක්කු වුණාට සොරි ඈ… මේ දවස් වල බිසී

    • මා අර හෙන්රිගේ කතාව කලින් දුටුවා. කලින් කියවල තියන නිසා පහලට කියෙව්වේ නැහැ. ඔය වගේ “කුණු කතා” ඕස්ට්‍රේලියානු ලේඛකයන් කතන්දර වලට අරන් තියනවා. රොස්ගේ කතා වලත් එය එක මාතෘකාවක්. රොස්ගේ කාලේ අද තියන මේ රෝද බඳුන් (http://www.wheeliebins.co.uk/blog/the-history-of-wheelie-bins/) http://www.duck66.com/WBHQ/history.html නොවේ සිලින්ඩරාකාර යකඩ බඳුන් තමා තිබිල තියෙන්නේ. ඉතින් මේක උස්සගෙන යන්න කිසිවෙකු ඉදිරිපත් නොවීම ඔහුගේ විනෝද කතා වලට පාදක කරගෙන තිබුණ.

      අර හෙන්රිගේ පරිවර්තනයේ ප්‍රතිචාර ලෙස, ප්‍රවීනා හා තිසරත් ඕස්ට්‍රේලියානු කුණු එකතු කිරීම ගැන ලියා තියෙනවා. එයට මා යමක් එකතු කලොත්, අපට කුණු ජරාව සඳහා ධාරිතා දෙකකින් එකක් තෝරා ගන්න පුළුවන්. වැඩිපුර ඉන්න පවුලකට වැඩි ධාරිතාවයක්ද, පුංචි පවුලකට අඩු ධාරිතාවයක්ද. ඉතින් මෙය සතියක කුණු එකතු කරන්නට ප්‍රමාණවත්. අර ප්‍රතිචක්‍රීකරණ බඳුන් විශාලයි. ඉතිං එය සති දෙකකට හොඳටම ප්‍රමාණවත් (අප ආපු දවස්වල අපට දීල තිබුනේ හතරැස් ප්ලාස්ටික් පෙට්ටියක්). මේවා පාර අයිනේ තියන එක විතරයි අප කරන්න ඕනේ. මා මේ විස්තර ලියුවේ, කෙනෙකුට ගෙදර ජනනය වන කුණු ඉවත් කර ගන්න එක මහා ප්‍රශ්නයක් නොවේ, කියන එක පැහැදිලි කරන්නයි. අර මා කියුව පවුල දිගටම කරගෙන යන්නේ, ඔවුන් කලින් හිටපු රටේ පුරුද්ද පවත්වාගෙන යාමයි.

      නගර සභාවට ඔවුන්ට එරෙහිව පියවර ගන්න පුළුවන්. ඒ වගේම ගෙදරත් වත්ත තුලත් අනවශ්‍ය අයුරින් කුණු ගොඩ ගසා ගැනීමට එරෙහිව නගර සභාවට පියවර ගන්න පුළුවන්. නිවස ඉදිරිපිට තණ තීරුව නඩත්තු කරන එකත් ගෙහිමියගේ වගකීමක්. අනෙක කුණු වුවත් පාරෙන් තිබ්බට පසුව (බඳුන් වල) එය තව දුරටත් පෞද්ගලික දේපොලක් නොවේ. එහි අයිතිය නගර සභාවටයි.

      අර පළාතේ මහේෂ්, පොදුවේ පිරිසිදුකම බල්ලට ගියා. මොකද ඒ පළාත සංක්‍රමණිකයන්ගෙන් පිරි ගියා. සුද්දන් ඒ වගේ පැති වලින් ඉවත් වෙනවා. මතකද මහේෂ් මා කලින් සටහනක් ලියුවා මේසයක් ගැන. එහිදීත් මා ලියුව දෙයක් තමා අපේ අයියලා ක්‍රමයෙන්, මෙහි තියන සමහර හොඳ දේවල් තමන්ගේ නරක මගින් විස්තාපනය කර ගන්නවා. එවැනි නරක අපගේ “ජාන” වලම තියන දේවල්.

      කෙනෙකුගේ පිරිසිදුකම පෞද්ගලික දෙයක් කියන්න පුළුවන්. නමුත් සමාජයක ඉන්න කොට එය පෞද්ගලිකම කියන්න බැහැ. ඔබ කියනවා වගේ, වත්ත කැලෑවට තියා ගැනීම ලංකාවේ ඩෙංගු වලට ආධාර කරන එක, ඉන් එක අවස්තාවක්. ගෙදර එකතු වන කුණු/විදුරු කටු පාරට විසි කිරීම, අල්ලපු වත්තට දැමීම තව මේ වගේ ජරා පුරුදු. ගෙදර හා වත්තේ කුණු ජරාව විතරක් නොවේ නොයෙක් අනවශ්‍ය දේවල් එකතු කර ගැනීම මගින් තමන්ගේ ජීවිතය නිකම් අවුල් වෙනවා. අපේ අල්ලපු ගෙදර ඉන්න පිලිපින් පවුල ටිකක් මේ වගේ. මා යමක් විසි කරන්නට පෙර මිනිහගෙන් ඇහුවොත් කිසිදා එපා කියන්නේ නැහැ. වත්ත පුරා එක එක කුණු ගොඩවල්. මේ වගේ අයගෙන් අසල්වැසියන්ටත් කරදරයි.

      අර මගේ සටහනට කෙනෙක් දාපු කොමෙන්ටුව වගේ, ලංකාවේ නම් තමාගේ වත්ත සමහරවිට පිරිසිදුව තියාගෙන අනුන්ගේ වත්තට කුණු ටික විසි කරනවා. නැත්නම් පාර අද්දර තියනවා. එතැනදී නගරයක නම් හරිහමන් කුණු කසල එකතු කිරීමේ සේවාවක් නැති කම එක ප්‍රශ්නයක්. අර නම කියන්න තහනම් කෙනා විසඳුම් දෙන්නේ එවැනි දෙයකටනේ. ගම් වල ප්‍රමාණවත් ඉඩ තියන පරිසරයක පවා, කුණු ටික අල්ලපු වත්තට විසි කිරීම දකින්න පුළුවන්. එය කියන්නේ මිනිසුන්ගේ ආකල්ප විතරක් නොවේ, හැදියාවයි.

      නමුත් ලංකාව වැනි රටක තිරසාර නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් නැති වීම දෛවයේ සරදමක්. ඒ වෙනුවට මත්තල වැනි ගුවන් තොටුපොළවල් හැදීම ජනතාවගේ ද කැමැත්ත නම් අපට එහි වරදක් කියන්න නොහැකියි.

  5. මෙන්න හෙන්රි අය්ය ලියපු කුණු කතාවක්… මේක පොඩි පරිවර්තනයක්…
    කැමති නං කියවල බලන්න..

    http://bluejeansntshirts.blogspot.com/2014/07/119-trash-part-1.html

    2 කොටස
    http://bluejeansntshirts.blogspot.com/2014/07/120-trash-part-2.html

    • ස්තුතියි මහේෂ්. ඇන්ඩි කියන්නේ ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. මා ඔය කතාව කියවා තියනවා. එහි කොමෙන්ටු ටික දැන් කියෙව්වා. ඔය ඉන්නේ ඕස්ට්‍රේලියානුවන් එතැන. 🙂

      අපේ කුණු ලොරියකට වැටුනොත්, පණ ඉතිරි වෙන්නේ නැහැ. කුණු වැටෙනවත් එක්කම, ඒක තද කරනවා. පොඩි වාහනයක වැඩි කුණු ප්‍රමාණයක් ගෙනියන්නේ එහෙමයි. ඔබගේ කලින් කොමෙන්ටුවට මා වෙන වෙලාවක උත්තර ලියන්නම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s