What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්!


ලියන්න අවශ්‍ය නැහැ කියල හිතමින් ඉන්න විට අර අපේ “නාමික ඇනෝ” මිත්‍රයා හොඳ ප්‍රතිචාරයක් දාල තිබුණා. එක අයෙක් තේරුමක් ඇතුව කියවන එක දහසක් දෙනා නිකම් කියවනවට කියවන එකට වඩා මා හැම විටම අගය කරනවා. මොකද කියවන එක මාත් කරන්නේ තෝරලා.

සරල ලෝකවල් වල හොයන බොහෝ දෙනා අර ඇනෝ කියන්න වගේ, තමන්ගේ අතින් නොවේ නම් යන්නේ, නිකම් තියන පත්තු වන බල්බයක් නිවන්නට වෙහෙසෙන්නේ නැහැ. ඉතිං අනෙක්වා ගැන කවර කතාද?

මා ලංකාවේදී ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ කුඩා ආයතනයක රැකියාවක් කෙරුවා. ඒ හින්දා සහ මගේ වෙනත් සිතුම් නිසා මා ප්‍රතිචක්‍රීකරණයට බොක්කෙන් කමිටඩ්.

ගෙදර එකතු වන, ප්‍රතිචක්‍රීකරණ බඳුනට දාන්න පුළුවන් සියලුම දේවල් එයට දානවා විතරක් නොවේ, එය අනෙක් අප ද්‍රව්‍ය සමග මිශ්‍ර නොවීම ගැනත් මා සැලකිලිමත් වෙනවා. ගෙදර අනෙක් අයත් එයට සහයෝගිතාවයක් දක්වනවා. ඒ වගේම වැඩ කරන තැන තියන ප්‍රතිචක්‍රීකරණ වැඩ සටහන ගැනත් මා කැමතියි. මෙයට වසර කිහිපයකට පෙර තිබුනේ කඩදාසි හා කාඩ් බෝඩ් විතරයි. දැන් එය අනෙක් සියලුම අප ද්‍රව්‍ය දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. කාබනික අපද්‍රව්‍යද ඇතුළුව.

ලයිට් නිවන එක, වතුර භාවිතාව ගැන සැලකිලිමත් වන එක වගේ දේවල් අපට ජීවන තත්ත්වයේ වෙනසක් ඇති කර ගන්නේ නැතුව කරන්න පුලුවන්. මා කියන්නේ ලංකාව ගැන නොවේ, වගේම තමන්ගේ අතින් වියදම් වන අවස්ථාවන් ගැනද නොවේ. ලෝකයේ කොහේ සිටියත්. ඒ වාගේම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහාත් අපට ජිවන තත්ත්වය වෙනසක් කර ගන්නේ නැතුව දායක වෙන්න පුළුවන්.

ලංකාව වැනි රටක් ගත්තොත්, කර තිබෙන සමීක්ෂණ වලට අනුව, (නාගරික) ගෘහස්ත අපද්‍රව්‍ය වලින් 80% ක් පමණ කාබනික ඒවා. දැන් මේ සරල ජිවිත ගැන කතා කරන අයියලාගෙන් කී දෙනෙක් තමන් නිපදවන අපද්‍රව්‍ය (කාබනික) ප්‍රතිචක්‍රීකරණය කරනවද? සමහරවිට එක කෙනෙක් වත් නැහැ. එයටත් නොයෙක් හේතු තිබෙන්න පුළුවන්.

නාගරික පරිසරයක ජිවත් වෙනවා නම් ප්‍රශ්න වැඩියි. මහල් නිවාස වල ජිවත් වන්නන්ට, තමන්ගේ කාබනික අපද්‍රව්‍ය තනිව ප්‍රතිචක්‍රීකරණය කර ගන්න නොහැකියි. ඒ වගේම ඉතා කුඩා ගෙවතු වලත් මෙය ප්‍රායෝගික නැහැ. හැබැයි යන්තමින් හෝ ගෙවත්තක් තියන, ඒකීය නිවාස වල ජිවත් වන්නන්ට එය පුළුවන්.

කඩදාසි, ප්ලාස්ටික් හා වීදුරු වැනි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ඒකීය පුද්ගලයට උඩින් ඉන්න ආයතනයක පිහිට අවශ්‍යයි. එය එක්කෝ මහජන මුදල් යෙදු ලාභ වලට වඩා, පරිසරය ගැන හිතල කරණ ව්‍යාපාරයක් හෝ පෞද්ගලික ධනය යොදා කරන ලාභ අපේක්ෂා කරණ එකක් වෙන්න පුළුවන්. එවැනි එකක් පෞද්ගලික ව්‍යාපාරයක් වුණත්, ඔවුනට පවා මහජන මුදල් ටිකක් යෙදවීම නරක දෙයක් නොවේ. මොකද එමගින් අපේ ජිවන තත්වය උසස් කරනවා. මොකද වඩාත් හිතකර පරිසරයක් එමගින් උදා කරන හින්දා.

මොනවා වුනත් ජනනය වන ස්ථානයේදීම (කාබනික) අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හා අනෙක් අපද්‍රව්‍ය වෙන් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා පිටත් කිරීම අවශ්‍යම දෙයක්. මේවා මිශ්‍ර වූ පසුව, වෙන් කිරීම ප්‍රයෝගික නැහැ, වියදම්කාරියි, පාරිසරික හා ආර්ථික වශයෙන්ද තිරසාරි නැහැ.

දැන් මේ අයියල කතා වෙනවනේ පාරිභෝගික සමාජයක්, උන්නතිකාමී සමාජයක් හා අධික පරිභෝජනයක් ගැන. අපත් ජිවත් වෙන්නේ එවැනි සමාජයක තමා. හැබැයි වැඩේ තියෙන්නේ, මේ ලෝකයේ තිරසාර පැවැත්මට අපේ ඒක පුද්ගල දායකත්වය කුමක්ද කියන එක. අපට දේවල් විවේචනය කරන්න පුළුවන්. පොහොර ගහන්න හොඳ නැහැ, කෘමි නාශක එපා, වල් නාශක එපා, කැලේ (මේ ගෙවතු වල කැලෑවල් නොවේ) කපන්න එපා, ඛනිජ තෙල් එපා යනාදී වශයෙන්. එහෙත් ජිවන තත්වයත් පහල නොදාගෙන, මේ දේවල් එක්කෝ අඩුවෙන් පාවිච්චි කරන්න නැත්නම් නැවත නැවතත් පාවිච්චි කරන්න ඒකීය පුද්ගලයන් කොපමණ දෙනෙක් කැමතිද? එවැනි දේවල් කරන්න පුළුවන් අවස්ථාවල කරනවද? මේවා අප, අපගෙන් අහගන්න අවශ්‍ය ප්‍රශ්න.

අර අනෝ මිත්‍රයා කියන්න වගේ හිරු එළිය තියනවා, හුළඟ තියනවා කියමින් බ්ලොග් ලියුවට හුලං තමා. මෙවැනි තාක්ෂණ ගොඩක් සමාජ වලට තවම දරන්න බැහැ. පුනර්ජනනීය බලශක්තිය යොදා ගන්න වාහනයක් ගැන තවම අපට සිතන්න බැහැ. හැබැයි මේ තාක්ෂණ දියුණු වෙමින් පවතිනවා. මෙයට වසර 5කට පෙර තිබුන තත්වයට වඩා දැන් ගොඩක් වෙනස්. තව අවුරුදු දහයකින් තවත් වෙනස් වේවි.

අප අර බනිනවනෙ බහුජාතික සමාගම් බෙහෙත් හොයල, අපට මිලදී ගන්න බැරි ගණන් වලට විකුණනවා කියල. අඩුම ගාණේ ඒවායේ පේටන්ට් කාලය ඉකුත් වුනහම හෝ අඩු ගාණට ගන්න පුළුවන්. කොහොමද කවුරුවත් මොකවත් හොයා ගන්නේ නැතුව ඉන්න එක? එය වඩා හොඳද?

දැන් මේ ‘සරල අයියල’ බනිමින් දක්කා ගෙන යන ලෝකය මෙයිට වඩා අන්ධකාරයි. මොකද ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් “තිරසාර” ඒවා නොවේ. අර බෙහෙත් (සුළං/සුර්ය බලය) දැන් ගන්න බැරි වුණත්, අනාගතයේ හරි පුළුවන්. මෙයාලගේ “විසඳුම්” වලින් අදටත් විසඳුම් නැතුවා විතරක් නොවේ, අනාගතයේ මේ තියන ප්‍රශ්න තවත් උග්‍ර කරන එක විතරයි වන්නේ.

Advertisements

12 Comments

Filed under Agriculture, Energy, Lifestyle, Opinion, Research & Development

12 responses to “What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්!

  1. Pingback: What to choose; an unknown or more of the same? පරමාදර්ශී, වෙනුවට තිරසාර ජීවන විලාසිතාවක්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. kathandarakaraya

    කවුද මේ කියන අයියලා?

    • කකා, ඒ අයියලා කියන්නේ නලින් ද සිල්වලගේ (හා අනුගාමිකයන් ගේ;අර ඇනෝ දාල තියන මා නොකියවන, බ්ලොග් එක ලියන ලින්කුවේ ඉන්න) ඉඳන් පරමාදර්ශී ජිවන විලාසිතා සොයන, කම්කරු පන්ති ආඥ්යාදායකත්වයක් ගැන සිහින මවන මහත්වරුන් ඉන්න විශාල පරාසයක්. මගේ කලින් සටහනේ ඇමුණුමේ ඉන්න කතාවට ප්‍රස්තුත මහතාත් (ලඟදි පරලෝ සැපත් වූ) ඉන් එක් අයෙක්. මේ ඕස්ට්‍රේලියාවෙත් එවැනි අය ඉන්නවා. ලෝකයේ වෙනත් රටවල් වලත් ඉන්නවා. ප්‍රතිශක්තිකරණය එපා කියන, කෘෂිකර්මයේ හා වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් එපා කියන, විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින් ඔප්පු කරලා තියන හා තාර්කිකව පිළිගන්න පුළුවන් සාධක සහිතව පෙන්වා දී තිබෙන දේවල් ප්‍රතික්ෂේප කරන, සියලුම දෙනා ඔය මා කියන “අයියලා” අතරට වැටෙනවා. (සොරි පිළිතුර දිග වුණා).

      • නලින් ගෙ අනුගාමිකයො කිව්වම මගෙ හිතේ broad spectrum එකක්. “ගුරා හිටගෙන හුජ්ජ කරන කොට ගෝලයො දුව දුව කරනවලු” වර්ගයේ අයත් ඉන්නවා, එතකොට මේ හොඳට ද්විකෝටික තර්කනෙන් තර්ක කරන් ඇවිත් ඇන ගත්තොත් විතරක් චතුස්කෝටිකේට ට්‍රැක් මාරු කරන අය ඉන්නවා (එහෙම කරල වාදයක් දිනන්න හෙම නෙවෙයි, අර බල්ලෙක් එලවන් යනකොට පූස ගහක් උඩට නගිනව වගේ බේරෙන්න), තව ඉතින් අර මම කියපු ජානක වගේ එහෙමට අවුලක් නැති ඩයල් නුත් ඉන්නවා.

        නාථ ගැනත් මගේ මතය කියන්නම් ෆෝ ද රෙකෝඩ්: දැන් නලින් ගේ ඔරකල් එක කැඳ බිස්නස් පටන් අරන් දෙය්යො පල් වෙලා හින්ද මේක අදින එකෙත් තේරුමක් නෑ. ඒත් ideologically, ආසනික් සිද්දියේ දී නාථ ගැන කතාවට මගේ විරුද්ධත්වයක් නෑ. (මට මතක විදියට කාලෝ ෆොන්සේකත් හිටියෙ මේ මතයෙ මයි.) උපකල්පන, පර්යේෂන, නිරීක්ෂන, නිගමන in order තියනව නම් inspiration එක ආවෙ චාට් එකක් බලලද දෙවියො අංජනමකින් කියලද කියන එක විද්‍යාවට අදාල කාරනයක් නෙවෙයි.

        • හැබැයි උපකල්පන (hypothesis) සහ න්‍යායයන් අතර මහා වෙනසක් තියනවා ඇනෝ. අපට ඕනෙම හයිපෝ එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් එය තහවුරු කරන්න අවශ්‍යයි පර්යේෂණ ඔස්සේ. මෙයාල නම් කොහොමත් ඒ පර්යේෂණ මාර්ගයත් ප්‍රතික්ෂේප කරන කට්ටිය හින්දා, ඔය දේවල් අතරින් තෝරා ගන්නේ මොන ඒවාද කියල මා දන්නේ නැහැ. මේ ආසනික් වැඩෙත් නාථ ඉදිරිපත් කරපු හයිපෝ එකක් විතරයි. “දෙයියෝ” තමා ඇත්ත දන්නේ.

          • kathandarakaraya

            ඇයි බෙන්සීන් අනුවේ ව්‍යුහය සොය ගත්තේ හීනයක් දැකලානේ? ඒකත් නාථ වැන් සම්‍යක් දෙවියෙක් පෙන්නූ එකක් වෙන්න බැරිද?

            • කකා, ඔය කේකුළේගේ සිහිනය ගැන මේ ගැන සඳහන කරන විට කලිනුත් කවුදෝ කියල තියනවා මා දැක්කා.

              මට නම් මෙතන තියෙන්නේ හයිපොතිසිස් එක පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය බැලූ බැල්මට පර්යේෂණ කළ යුතු හයිපොතිසිස් එකක්. නමුත් මෙයාල පටන් ගන්නේ ග්ලයිපොසෙට් තහනම් කරලා. හීනටි වවන්න පටන් අරන්. මොනම දෙයක් වත් තවම සහසුද්දෙන් ඔප්පු කරලා නැහැ. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල නාථ කියල තියනවා. නමුත් ඇත්ත හේතුව සම්පුර්ණයෙන්ම වෙන දෙයක් වන්නත් පුළුවන්. නලින්ලා ප්‍රතික්ෂේප කරන විද්‍යාත්මක ක්‍රම වේදය තුල එය සොයා ගන්න හැකි බවයි මගේ අදහස. දෙවියන්ගෙයි, මිනිසුන්ගෙයි වෙනස තියෙන්නේ එතනයි.

              එහෙම සොයා ගැනීමකට ඇමෙරිකානු බහුජාතික සමාගම් එන්නේ නැහැ. තමන් මුහුණ දෙන ප්‍රශ්න මොනවාද කියල ජනතාවම දන්නෙත් නැත්නම්, නාථ පිහිට හැර වෙන පිහිටකුත් නැහැ. 😦

  3. ලංකාවෙ මාරයෙක් වගේ පෙන්නන Round Up මෙහෙ විකුනන්නෙ ගහලා වේලුනාම පොඩි උන්ටත් ආරක්ෂිතයි කියලා. හැබැයි ඒ මාත්‍රාවෙන් ගැහුවම ගහ මැරෙන්න සති දෙකක් විතර යනවා.

    මුන්ටත් වෙන ප්‍රශ්න තියනවා ඉතින් කැලෑ මල් වඳවීම වගේ.

    • මේවා ඇනෝ, ඇත්තටම කනගාටුදායක කතන්දර. මා කලිනුත් ලියා තිබෙනවා. බ්ලොගයක කාර්යයට එහාට යන එව්වා. අලේ මන්දන්නෑ, කල්ලත් නෑ, බොල්ලත් නෑ !

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s