අද සෙන්ටිමීටර දෙක තුනක් ගත්තට කිසි කෙනෙකුට වරදක් කියන්න බැහැ. ඊයේ ඊ මේලයක් ඇවිත් තිබුණා පුතාලගේ පාසලේ අද පොඩි ශ්‍රමදානයක් තියනවා කියල. උදේ මට මහා වැඩක් තිබුනේ නැහැ. පොඩි පුතා එයා අද කරන බාහිර වැඩකට දමල, මාත් ගියා පාසලේ වැඩේට.
මා යනවිට උදේ 8.30 ට පමණ ඇති. ඒ වන විටත් කට්ටිය වැඩ. දීප්තිමත් දවසක්. ගෙදරින් එලියට බහින විට උෂ්ණත්වය බින්දුවයි. දවල් වෙනවිට අංශක 18 ට විතර නැග්ග. කාලෙකට පස්සේ අපට යන්තම් රත් වුණේ.
මා පැය දෙකක් පමණ උදව් වුණා. කට්ටිය එක දිගට වැඩ කෙරුවා. ඇත්තටම නියම hard yakka . සමහරුන් ගියා, තවත් සමහරුන් අතරමගදී එක් වුණා. කොහොමත් එක විතර වෙනකම් ඉන්න කට්ටිය කතා වුණා.
මාත් නිතරම කරන වැඩක් නොවේ. නමුත් ඉඳ හිට හෝ කරන්න උත්සහ කරනවා. ගොඩක් වෙලාවට පුතාලගේම වැඩ නිසා තමයි වෙලාවක් නැතුව යන්නේ. මෙවැනි වැඩ කැප වෙලා කරන දෙමාපියන් පිරිසක් හැම පාසලකම ඉන්නවා. බොහෝ විට, ඔවුන් නිසා තමයි එක පාසලක්, අනෙක් ඒවායින් වෙනස් වනවා නම් වෙනස් වන්නේ.
මොකද පාසලේ වටා පිටාව විතරක් නොවේ, දරුවන්ට අවශ්‍ය අමතර පොත-පත, සංගීත උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ යනාදියටත් බොහෝ විට මුදල් ලබා ගන්නේ, එවැනි දෙමාපියන්ගේ කැප වීම නිසා.
මා කලිනුත් ලියා තියනවා, අදත් එතැන අපේ කට්ටිය අතරින් හිටියේ මා පමණයි. අනෙක් සියල්ලන්ම සුද්දන්. මොවුන් වැඩ කෙරුවේ, තමන්ගේ ගෙදර වැඩක් කරනවා වාගේ. ඉහත ලියුවා වගේ මාත් ඇතුළු අපගේ කට්ටිය, මෙවා එතරම් තකන්නේ නැහැ. අප හිතනවා සමහරවිට බදු ගෙවල තියන එකේ, තවත් වැඩ කරන්න යන්නේ මොකටද කියල. තවත් සමහරුන්, ගෙදර ඉඳල ආණ්ඩුවෙන් ගන්න පුළුවන් දේවල් ගැන සතේට ගණන් හදනවා.
ඒ අතින් අර මිනිසුන්ගෙන් අපට ඉගෙන ගන්න තියන එක දෙයක් තමා, තමන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන ආයතනයට ඇති කැප වීම. එය ඇත්තටම දරුවන්ගේ ආකල්ප වලට පවා බල පානවා. කවද හරි සමාජයේ වැඩිහිටියන් බවට පත් වන්නේ ඔවුන්.
මාගේ කලින් සටහනට අදාළ කතාවකට ගියොත්, අප කෙරුවේ පාසල් වත්ත සුද්ද කරපු එක. මේ වසන්ත කාලයයි. ඉහල යන උෂ්ණත්වය හා පසුගිය දිනවල වැටුණු වැස්ස නිසා ශීත සෘතුවේ නිද්‍රා ගතව සිටි හා පසුගිය ග්‍රීෂ්ම කාලයේ හැදුනු තණකොළ ඇට පැලවෙමින්, දළු දාමින් එන්නේ ඉරාකයේ IS කාරයන් ගම් බිම් විනාශ කරමින් ඉදිරියට එන්නා වගේ.
විශේෂයෙන් පැතිරිලා තිබුණ Couch grass ගලවන්නත් අමාරුයි. ඒ වගේම මේවා බහු වාර්ෂික තණ කොළ. ගොවි බිම් වල පවා “රවුන්ඩ් අප්” වලින් පවා නසන්නට අමාරු තණ කොළ වර්ගයක්. හැබැයි පසේ පෝෂක ගුණය අඩු සෝදා පාළුව වැඩි තැන් වල වැවීමෙන්, සෝදා පාළුව අඩු කර ගන්න පුළුවන්.
අප ගලවාපු තණකොළ සේරම එක තාත්ත කෙනෙක් ගෙදර අරන් ගියා කුකුලන්ට කන්න දෙන්න. පොඩි ප්‍රමාණයක් නොවේ. මෙතනත් අපද්‍රව්‍යයකින් ප්‍රයෝජනයක් ගැනීම තමා සිදු වුණේ.
Pingback: Recycled සිතිවිලි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය
මං නං ගියා අද පොතක් දොරට වැඩුමක කතාවක් කරන්න.
ඒවාට නම් යන්න කලින්ම සෙන්ටිමිටරයක් දෙකක් ගන්න ඕනේ!
අද උඹේ බ්ලොග කියවලා උඹ කියන්න හදන දේ නෙවෙයි මම උකහා ගත්තේ hard yakka! ඇත්තෙන්ම කිව්වොත් මේ ඕස්ට්‍රේලියානු වචනය මම ඇහුවේ උඹෙන්. යකා කියලම තමයි ඇහෙන්නේ නේද? යකා වගේ වැඩ කිව්වමත් ඔය වගේනේ. යකා වගේ වැඩ කරලා සෙන්ටිමීටර් දෙක තුනක් දා ගත්තට වරදක් නෑ.
එතකොට අර කවුච් ග්‍රාස් නම් මචං ටිකක් ඉලුක්, මාන වගේ නේද. ඒ කියන්නේ බෝ වුනොත් වසංගතේ නමුත් ඒකේ යම් ප්‍රයෝජනේකුත් තියෙනවා.
උඹ ශ්‍රමදාන කියන වචනේ පාවිච්චි කරලා තිබුනා මම දැක්කා. ඕකට උඹලා ඔය රටේ පාවිච්චි කරන වචනේ මොකක්ද?
මේ සටහනේ උකහා ගන්න අලුතින් තියන කරුණු දෙක තමයි මචං, උඹ උකහා ගෙන තියෙන්නේ. අනික්වා මා කලින් ලියපුවා. මෙය ප්රතිචක්රිකෘත සිතිවිලි යනුවෙන් නම් කළේ ඒ නිසා.
ඕස්ට්‍රේලියානු ඇබෝරිජිනල්වරුන්ගේ භාෂා (ඔවුන්ට භාෂා විශාල ගණනක් තියනවා) වල සිංහලට සමාන/අහලින් යන වචන රාශියක් තියනවා. මේවා ඉන්දියානු මහද්වීපයේ භාෂා වලටත් නෑකම් ඇති. ලෝකයේ ගොඩාක් භාෂා වල සමාන මූලයන් ඇති වචන තියනවානේ. නමුත් ඔය යක්ක (යකා) වගේ වචන අපේ සිංහල වචන වලට ගොඩක් සමානයි. මා ලින්කුවක් දැම්මේ ඒ නිසා. මෙවැනි වචන ඇතුලත් සටහනක් මා ලියන්නම් වෙනම.
කුච් වඳ කරන්න අමාරු නමුත්, සමහරවිට ප්‍රයෝජනවත් තෘණ වර්ගයක්. බොහෝ දේවල් එහෙමනේ.
අර ශ්‍රමදානයට මෙහෙම වගේ ලියල තිබුණේ “There is a working bee on this….”
මෙන්න ඒ ගැන http://www.thefreedictionary.com/working+bee
බලපන් දැන් මේ සටහන හරියට කියවපු කෙනක් තමා උඹ! 🙂
ප ලි: සෙන්ටිමීටර් ගැන කියනවා නම් මචං ඒවා ඇත්තටම අවශ්‍ය වන වෙලාවක් තමා ඔය. 😀
Thanks Raigam. Just like spelling bee, huh?
Exactly! http://blog.dictionary.com/spelling-bee/ http://www.spellingbee.com/origin-term-spelling-bee http://www.phrases.org.uk/meanings/spelling-bee.html
ලන්කාවෙ තේ වතු වලත් ( විශේෂයින් up country ඕගැනික්) couch grass ප්‍රශ්නයක්
නාථ දෙවියන් එපා කියන රවුන්ඩප් ගැහුවත් සමහර විට වඳ වෙන්නේ නැහැ ප්‍රා. පැතිරෙන්නත් පොඩි මුල් කෑල්ලක් ඇති!
/මෙවැනි වචන ඇතුලත් සටහනක් මා ලියන්නම් වෙනම. /
මෙන්න මේක ලියනකම් බලන් ඉන්නවා
මෙය පොදුවේ ඔබ හා අනෙක් කියවන සියලු දෙනා වෙනුවෙන්!