මා කලින් සටහනෙන් කියන්න හැදුවේ, අපට නොයෙක් දේවල් විවේචනය කරන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වන්නේ අපට කොයි තරම් දුරට ප්‍රායෝගිකව මැදිහත් වෙන්න පුළුවන් ද කියන කාරණය. දේශපාලනයේදී, එදිනෙදා ජීවිතයේදී, ආගම් ඇදහිමේදී හෝ නොඇදහිමේදී, යන්ත්‍ර ගුරුකම් පස්සෙන් යාමේදී යන කාරණා වලදී මේ කියන විවේචනයෙන් එහාට ගොස්, ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ කුමක්ද කියන එක එලියට එනවා.
මා ජිවන විලාසිතාවේ තේරීම් කියන්නේ අන්න ඒ, අපට ඇත්තටම ජිවිතයේ කරන්න පුළුවන් දේවල් ගැනයි. කොම්පියුටරයක් ඉස්සරහා ඉඳන් මේ ලියන දේවල් ඉතා පහසුයි කියන්න පුළුවන්. නමුත් අප මේ කියන දේවල් වෙනුවෙන් සැබෑ ජිවිතයේ ඇත්තටම පෙනී ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නය සමහර වෙලාවට අපට සිතට නැගෙන දෙයක්.
පසුගිය දවසක මට ලංකාවේ එක්තරා කෙනෙක් හමු වුණා. ඔහු කවුදැයි හඳුනා ගන්න යමක් මා ලියන්නේ නැහැ. එහිදී මා තේරුම් ගත්ත දෙයක් තමා, සමහර ව්‍යාපාර ඵලදායි තත්වයට පත් නොවන්න හේතුව මොකක්ද කියල. අර ගොනා පසු පස එන ගැල මෙන්, අතීත පොට්ටනි කරගසා ගෙන යාමත් එයට එක හේතුවක්. මේ පොට්ටනි ඇත්තටම විසි කරන්න නොහැකිද, නැත්නම් විසි කරන්න අවශ්‍ය නැති නිසාද කර ගහගෙන යන්නේ?
ඒ වගේම අනුන්ගේ මන්තර ගුරුකම් ගැන හිනා වෙන අප, ඇත්තම ජිවිතයේ මේවා පස්සේ යන එක තමයි කරන්නේ. ඒ කියන්නේ කේන්දර, කුල, නැකත් යනාදී මෙකී නොකී ගුඨ විශ්වාස තමන්ගේ ජිවිතයේ කොටස් කර ගනිමින් ජීවත් වෙමින් තමා අර හිනා වෙන්නෙත්.
ගුඨ විශ්වාස බැහැර කරනවා යයි කියන බහුතරය (ආසියානු රටවල) තීරණාත්මක අවස්ථාවලදී, ඒ දේවල් එක්ක අනුකුලව කටයුතු කරනවා. උදාහරණයකට ගත්තොත් කේන්දර-නැකත් මා නම් තකන්නේ නැහැයි කියමින් ඉඳල, මෙන්න සහකරුවෙක් සොයන විට හෝ දරුවෙක් ඉපදුන විටක ඒවා පසු පස යනවා. ඒ ගැන ප්‍රශ්න කලොත් අර “මුගාබේගේ කේස් එක” වගේ තමා, “සමාවට කරුණු” බොහෝ තියනවා.
මේ වගේ පිරිස් තමන්ට කැමති දෙයක් කර ගත්තට, අපට පාන්ද කියල කෙනෙක් අහන්න පුළුවන්. ඇත්ත, ඕනේ මගුලක් කර ගත්තට අපට මොකෝ නේද? හැබැයි මෙහෙම දෙයක් මා දකිනවා. ඔය “සංවාද” වලදී මේ වගේ එකඟ වෙන පිරිස් වලින් ලෝකය පිරි තිබුනත්, අර කලින් කියුවා වගේ, ඇත්තම ජිවිතයේ ඔවුන් බොහෝ දෙනා වැඩ කරන්නේ, අර සංවාද වලදී “එකඟ” වෙන කරුණු අනුව නම් නොවේ.
කේන්දර පැත්තකින් තියමු. දැන් බලන්න යහ පාලනය ගත්තොත්, රාජ්‍ය පාලනයේ දූෂිතබව ගැන අපට පිටු ගණන් ලියන්න පුළුවන්. අවුරුද්දේ තුන් සිය හැටපස් විසින් වැඩි කාලයක් මුගාබේට බැන බැන ඉන්න සමහර පිරිස්, ඇත්තටම ඔහුට එරෙහිද? නැහැ, එහෙම විරුද්ධ යයි කියන පිරිසෙන් විශාල කොටසක් ඔහුට ඇත්තටම පක්ෂපාතියි. ඒ තීරණය සාධාරණීය කරන්නත් කලින් බැන්නට වඩා ඔවුනට කරුණු දක්වන්න හැකියි. මේ වගේ එක දෙයකට පෙනී ඉන්නවා වග බාහිරට පෙන්නමින්, තවෙකක් කරන පිරිස් තමා මා හිතන්නේ the worst of the worst කට්ටිය.
සමහර රටවල් වල ආණ්ඩුත් මෙහෙම දේවල් කරනවා. එනම්, විපක්ෂයත් ඉන්නේ ආණ්ඩුවේ. ඒ විතරක් නොවේ විපක්ෂය කියන්නෙත් ආණ්ඩුවමයි. ඒවා ඇත්තම විරෝධතා කියල විශ්වාස කරන මිනිසුන් අර දෙහි ගෙඩි අරන් යන පිරිමින් වාගේ. මොවුන්ගේ සැබෑ ස්වරූපය තේරෙන්නේ “දෙහි ගෙඩි” අරන් ගොඩක් දුර ගියහම.
මාධ්‍ය අරක්ගෙන ඉන්න “ප්‍රවීන දේශපාලන විචාරකයන්” කියන කට්ටියද ඔය දෙහිගෙඩි අපේ අතට දෙන අයියලා. සමාජ ජාල වලද මෙවැනිම අය ඉන්නවා. රජ පවුල් රැකීම මොවුන්ගේ ඇත්තම රැකියාවයි. මේ දෙහිගෙඩි අතට ගන්න ඔබත් සුදානම්ද?
ඒ වගේ කපටි වැඩ මොහොතකට අමතක කරමු. මහා සමාජ ජීවිතය පැත්තකින් තැබුවත්, අපේ පෞද්ගලික කරුණු වලදී වත් අප පෙනී ඉන්න කරුණුයි, ඇත්තටම කරන දේවලුයි අතර යම් ගැලපීමක් කරා ලං වෙන්නට උත්සහ කිරීම මා හිතන්නේ අපට අවශ්‍යම දෙයක්. එය කොතරම් අමාරු කාරණයක්ද කියල නිකමට සිතා බලන්න. (03.10.2014)
http://www.divaina.com/2014/10/03/provin03.html
http://www.news.com.au/national/breaking-news/spiritual-healer-on-another-40-charges/story-e6frfku9-1227088896429
http://www.news.com.au/national/spiritual-healer-charged-with-sex-and-indecent-assault/story-fncynjr2-1226883944063
http://www.news.com.au/national/breaking-news/gold-coast-spiritual-healer-feared-killed/story-e6frfku9-1226827522638
ප ලි
හතරේ පංතියට වත් පාස් වෙන්න කලින්ම, සැබෑ බ්ලොග් කට්ටක අවසානයක් කරා යන ප්‍රවනතාවයක් තිබෙන නිසා, මේ කලින් ලියපු සටහන පළ කරන්න සිතුනා. මගේ බ්ලොගය පවත්වාගෙන යාම සඳහා තිබිය යුතුයි කියුව කරුණු දෙකෙන් එකක් ශුන්‍යව යනවා. නමුත් අනෙක තවම තිබෙන නිසා බලමු පුනර්ජීවනයක් ගන්න.